නෙලාගත් අස්වැන්න - අටුව

Saturday, September 22, 2018

113. එන්න මා හා තනිවන්න !














                                               






                                                   එන්න මා හා තනිවන්න !               

                                                     හිම වැටෙන දිගු රැයක
                                                     නිදා නොනිදා ඉන්න . . . . . . .
                                                     ඔබෙන් මා - මගෙන් ඔබ
                                                     නිබඳ උනුසුම් වන්න . . . . .
                                                     මා ළයේ හිස තබා
                                                     සුවෙන් දොඩමළු වන්න . . . . . .
                                                     ඔබේ ලැම අතරමා
                                                     ඇස් පියා ගොළුවන්න . . . . . . . .
                                                     ඔබට මා - මෙමට ඔබ
                                                     තුරුළුවී ගුලි වන්න . . . . . . .

                                                     එන්න මා හා තනිවන්න !



















13 comments:

  1. ගව් ගනන් දුර වුවත් එකම මග ඇවිදින්න
    කව් රුවත් නොමැති තැන නුඹේ පෙම විඳගන්න
    තව් තිසාවන් කුමට ඔබ ලගින් තුටු වෙන්න
    ඔව් මමත් එමි හනික නුඹ සමග තනිවෙන්න....

    ලස්සනයි අයියේ.
    ජයවේවා!!!

    ReplyDelete
  2. දෙදෙනෙක් සිටින තැන තනිකමයි කොයින්ද.

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ එහෙනං කොහොමද "තනි අලි රංචු" ගම් වදින්නේ? ඒක නිකං හයිඩ්‍රජන් වර්ණාවලීය වගේ. එකෙකුට වඩා හිටියත් ඉන්නෙත් එකා වගේ.පේන්නෙත් එකා වගේ!! කොටින්ම එක්ස් රේ එකකටවත් අහුවෙන්නේ නෑ!

      Delete
  3. හිම වැටෙන දිගු රැයක උණුසුමක් මට දෙන්න.
    ගිනි උඳුන ළඟ ඉඳන් උණු කෝපී හුඟ බොන්න.
    තනිකමක් නොදැනෙන්න තුරුලු වී හිනැහෙන්න.
    ආදරේ ගැන කියා එන්න මා සිප ගන්න.

    අඩ හඳක්වත් ඇතිය අපිට එලි විහිදන්න.
    තරු මලින් හැඩ වෙච්ච රෑ අහස යට ඉන්න.
    ලස්සනම දවස් තව ඉදිරියේ අත වනන.
    යමු හනික අප දෙදෙනා දෑතැඟිලි බැඳ ගන්න.

    කඳුලු පිරි දවස් අපි ගෙව්වෙ හරි එකමුතුව.
    දුකක් නොලබා සොඳුර සිනහ වෙන්නේ කොහොම.
    පසුකරපු දවස් වුව සුභ පැතුවේ අපෙ පෙමට.
    කවුරු වුව පුදුමෙකින් නොබලනු කෙලෙසින්ද.

    සංසාර සාගරේ නෞකාව නුඹ වෙන්න.
    මට හුඟක් ඉඩ දෙන්න ඔබේ ළඟ තනි වෙන්න.
    හිම කඳුත්, කුණාටුද , මහ වැසිද තිබුනේද
    දුරැර ඒ බාධා එන්න අපි තනි වෙන්න.


    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! පෝලියෝ රොගීන්ගේ පාපන්දු තරඟයට පැමින විසිල් ගැසුවාට!!

      Delete
  4. ගොඩක් දේ මතක් කරපු ලස්සනම ලස්සන ගෙත්තමක් අය්යේ .

    -මතක-
    https://magelokaya01.blogspot.com/2018/07/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. ඔබගේ පෝස්ටුව යටින් මා ලියන ලද කමෙන්ටුව මෙතැනද පල කරමි. ස්තූතියි ඔබේ අගයීමට!

      අප අපගේ ලිවීම් තුල, කතා කිරීමේදී,කෙතරම් අචාරශීලී, සදාචාරාත්මක උවත්; මෙවන් සුන්දර කතා කියැවීමෙන් සිත තුල නිදිගත් රස මතක අවදි වීම හෝ නො එසේනම් සිත තුල නිහඬව අවදිවීමට අවකාශයක් සොයමින් වෙහෙසෙන හැඟීම් වලට අත් තටු ලැබීම අතිශයින්ම සාධාරණ කරුණකි. ඇත්තෙන්ම එය සුන්දර කථාවක්. පුහුදුන් ඕනෑම පිරිමියකු විඳීමට පෙරුම් පුරණ අත්දැකීමක්.ඒ සුන්දර අත්දැකීම මස් කඩයක් නොකල ඔබගේ ලිවීමද මම බෙහෙවින් අගය කරමි. ගැරෙජ් බාස්ලා එන්ජිමක් ගැලවූ විට අත කටේ සහ එකී නොකී මෙකී සියළු අවයව වල මජං පෙරාගත්තද ශල්‍ය වෛද්‍යවරයෙකු හදවතේ සැත්කමක් කරණ්නේ ඇඟ පුරා ලේ පෙරා ගෙන නොවේ. කලා කෘථියකින් මතුවන රස භාවයන් යනු දෙකේ දෙකේ පොල්ලකින් ඔළුවට ගැසීමක් නොව කුරුලු පිහාටුවකින් යටි පතුල කිති කැවීමක් වූ තරමට එය වඩාත් සුන්දර වේ.පොල් අතු වලින් වටකල ගනිකා නිවසක ඇතුලත රහසේ නරඹා කෙරෙණ විස්තරයකට වඩා වටිනා කමක් චැටර්ලි ආර්යාවගේ පෙම්වතාට හිමිවන්නේ එසේ හෙයිනි. ඔබ රසවිඳ ඇතිද සමන් ජයනාත් ජිනදාස ගයන "බිසරු ලියන් . . ." ගීතය? මේ ගීතය පුරාවට ශෘංගාරය දෙගොඩ තලා යන බවක් මා හට දැනුනා! අවාසනාවකට එහි ගීත රචකයා මාහට සඳහන් කල නොහැකි වුවත් එම් ගීතය තුල එහි වචන වලට වඩා වැඩි දුරකට ශ්‍රාවකයා රැගෙන යන; ගායකයාගේ හඬ පෞර්ෂය බේද බින්න නොකරණ අතිශය ලගන්නා සුලු මියැසි රටාවක් මැවූ නවරත්න ගමගේද එම ගීතයේ වචන ඇමුණූ රසවතා සේම ගීතය එම තැනට පත් කරලීමට අනර්ඝ උර දීමක් සිදුකොට තිබේ. එම ගීතය පුරා විචිත්‍ර වූ අත් දැකීම "පැදුර එලන් බලා සිටිමි!" කියනවාට වඩා අතිශයි සියුම් ලෙස ස්‍රාවකයාගේ රස නහර පුබුදුවා ලයි. රූකාන්තගේ "රේණු රේණු . . .' ගීතය? එඩ්වඩ්ගේ "හද මුක්තා ලතා . . ." කිත්සිරි ජයසේකරගේ "මී පැනි රහසක් . . ."පණ්ඩිත් අමරදේවයන්ගේ "කුමරියක . . ." මේ සෑම ගීතයක්ම සදාතන කලා කෘථි ගනයට වැටෙන්නේ මෙනිසාය. වරක් ලන්ඩන් නුවර ඇල්බට් ශාලාවේ පැවති ගීත ප්‍රසංගයකට මොහමඩ් රෆි; මාගේ ආදරණීය ගායකයා සහභාගීවී ක්‍රිෂ්ණා මුකර්ජී සමග ගීතයක් ගායනා කරණවා. ගීතය "සව් සාල පෙහෙලේ . . "! ඔබ යූ ටියුබයෙන් රස විඳින්න රෆි ගේ ආදරණීය හඬින් ක්‍රිෂ්ණා මුකර්ජීව ගීතය තුලින් අමතන හැටි. හිංඳි නොතේරුනද එම හඬේ ඇති ලයාන්විත බව අපව මොහොතකට ආදරණීයයන්, පෙම්වතුන් බවට හරවනවා. ලිවීමක්, ගැයීමක්,නාද සංකළණයක් යනු සරම ඔසවා පෙන්නීමක් නොවේ. එය අතිශයින් සුන්දර හැඟීම් ජනනය කරවන එකක් විය යුතුය.අකුරු දැන ගත්තාට වචන තනන්න බැරිය. වචන දැනගත් පලියට වැකි ලියන්නට බැරිය. වැකි ලියන්නට හැකිවූ පමණින් රචනා ලියන්නට නොහැක. රචනා ලියූ පමණින් ඒවා කියවන්නට හැකි ඒවා බවට පත් කිරීම ඊටත් එහා ගිය කටයුත්තකි.
      වචන පමනක් දැන ලියන කවිද,පබදන ගීතද කලින් කලට විවිධ මාධ්‍ය තුල සැරිසරණු ලබයි. "රම්බරි කියපන් නුඹෙ නොම්මරේ . ." බිහිවන්නේ මේ තත්වයන් තුලය. ඔබ ඊට බොහෝ ඉහලින් සුනදර ශෘංගාරය අප සමග බෙදා හදා ගනියි. එකම එක දෙයක්! ඔබගේ ලිවීම මා සිත තුල දෙවරක් ඊර්ෂ්‍යාව ජනිත කලේය!වරක් ලිවීමටය අනෙක අත්දැකීමටය!

      Delete
    2. බොහොම ස්තුතී තට්ට මහත්තයා ඔබතුමාට මේ වටිනා අදහසට ඒ වගේම රන් මෙන් වටිනා ප්‍රසන්ෂාවට .
      ඔබකිව්වා වගේ මම ලිවීම තුල අව්යාජ වෙන්න තමයි උත්සාහා කරන්නේ හැම මොහොතකම . ඒක තුලින් බිහිවෙන නිමැවුම සුන්දරයි .

      කියවන්නා තුල අවසානයේ පසුතැවීමක් නොවන ලියවීම් කරන්නට මම පුළුවන් තරම් වෙර ගන්නේ ඔය නිසාම තමයි .

      Delete
  5. ස්තූතියි බොහොමත්ම!

    ReplyDelete
  6. රිදීවන් අහස් කුස
    කලාසොලස පිරි
    සදේ රැස් ගෙන
    එළිය දී ඇති රැයක

    ළග ඉදන් තුරුළු වී
    උරතලේ හිස තියන්
    දැනෙන ඒ දුක් සුසුම්
    මට කියන්න හැකි නම්........

    ReplyDelete