10. දිගාමඩුල්ලේ ආශ්චර්‍යය . . . . . . !(මායා රංජන් දැකීම)



සේනානයක සමුද්‍රමින් සැරිසරමින් ලියමින්, සැරිසරමින් නැවත ලියමින්, නැවත නැවතත් ලියමි - ඉඟිනියාගල

මෙම ජල කඳට යටව ගිය සුන්දර බිම් කඩෙක ආශ්චර්යය; මතු අනාගත පිරිසකට ගෙන එන්නට ; දිවි දෙවෙනි කොට, යහළුවන් තනාගෙන, බත් මලු බැඳගෙන, කැලෑ කුට්ටි  පසු කරන් දිවිය කැපකල  මායා රංජන් නමැති ගුරුතුමාට; ලේඛකයාට, දිගාමඬුල්ලේ සුන්දර වන පියස තුල මා ගෙනගිය ගමන් සගයා වෙත . . . . . . . !



හැඳිනවුම

පැරැණි දිගා මඬුල්ලට අයත් පෙදෙසක්  වූ වැව් ගම් පත්තුවට මා පළමු වරට පැමිණියේ වර්ෂ 1948 දී ය.
එකල එය අලි වලස් ආදී නොයෙක් වන සතුන් ගහණ මහ වනයෙකින් වැසුණු, තැන තැන පිහිටි හෙල් සහිත තැනිතලා බිමෙක් විය. එහි හෙල් මුදුන්වල  සිට ගං ඉවුරු තෙක්, සතරැස් සැත්පුමකට දෙක  තුන බැගින් තිබුණු ආදි කර්මාන්තයන්හි නට බුන් මට පෙනී ගියේ, දිගා මඬුල්ලේ අතීත සභ්‍යත්වය පිළිබඳ අලංකාර ස්වප්නයක් ලෙසිනි.
මේ මහා වනය මැද තැනින් තැන පිහිටි කුඩා ගම්, සාගරයක් මැද වූ පුංචි දිවයින් රැසක් බඳු විය. එහි විසූ මිනිසුන් ගේ දිවි පැවැතුම් ද, ගති ගුණ, සිරිත් විරිත් සහ භාෂාව ද, කොළඹ කරයෙන් පැමිණි මට ආශ්චර්‍යයක් මෙන් පෙනුණේය. ඉන් කුහුලට පත් මම ද යහළුවන් තනාගෙන, බත් මලු කර බැඳගෙන, වනය පුරා ත්, වැව් ගම් පත්තු යටි පළාතේ  සියලු ගම් වලත් සැරිසැරුවෙමි. ඒ ගමන් වල දී අසන්නට සහ දකින්නට ලැබුනු ආශ්චර්‍යය, මෙසේ පොතක් වශයෙන් ඔබ අතට පත් කෙරෙමි.
ජල කර්මාන්ත්ය උදෙසා රජය මගින් “ගල් ඔය සංවර්ධන යෝජනා ක්‍රමය”ඇරැඹුණේ ද 1948 පමණේ දී ය. (ගල් ඔය යයි ප්‍රසිද්ධව ඇතත් මෙයට ප්ළාතේ ව්‍යවහාර නම ගල ඔය යනුයි) ගල ඔයේ වතුර වැව් ගම් පත්තුවට ඇතුළු වන සීමාව අසල “ඉඟිනියාගල” වෑ කන්ද බැඳ “සේනානායක සමුද්‍රය” කරවන්නට  ඇමෙරිකානු “මොරිසන් නඩ්සන් ඉන්ටර්නැෂනල්” සමාගමේ යෝධ යන්ත්‍ර පැමිණියේය. ඒ යන්ත්‍ර මහා ඝෝෂාවෙන් මහ වනය දෙදරවමින් රූස්ස ගස් වැල් ඇඩ හෙළද්දී දුවන්නට වූ වන සත්තු, ඇතට ගොස් නතරව මෙපිට බැලූහ. අද වැව් ගම් පත්තුවෙන් අඩක්, පැරණි දිගා මඬුල්ලේ නවේන ඡායාවක් බඳු අලුත් ගොවි ජනපදයෙකි .අනෙක් අඩද අඩ වශයෙන් එළිව ඇත්තේය. පාරේ යන බස් වලට පෙනි පෙනී “අඹර” (අම්පාරෙයි ) වැවේ දිය කෙළින වල්  අලි අද ත් දැක්ක හැකි නමුත්,
මේ පොතින් විස්තර කෙරෙන ආශ්චර්‍යය, තවත් සීමා සහිත කාලයෙකින් අන්තර්ධාන වන්නේ ය!  දිගා මඬුල්ලේ මිනිසුන් පමණක් නොව අලි වලස් ආදී වන සතුන් ගැනද මම ලීවෙමි. අදත් ජීවත් වන ඇතැම් මිනිස් පින්වතුන් පිළිබඳව මා නොයෙක් දේ ලියා ඇත්තේය. එහෙත් ඒ සියල්ල සත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ පිරිසිදු  චේතනාවෙන් මිස , කිසිවෙකුට හිංසාවක් හෝ නින්දාවක් හෝ කරන අද්හසෙකින් නො වන බව සුධීහු සලකත් වා ! නව කතාවක් මෙන් ඔබට මිහිරි නො විය හැකි වුවත්, මෙහි එන තොරතුරු සියල්ල සත්‍ය බවට සහතිකයි .
සියලු සත්වයෝ සුවපත් වෙත් වා !
මයා රංජන්
පළමුවැනි  මුද්‍රණය -1957  සමන් මුද්‍රණාලය -මහරගම




6 comments:

  1. මේ පොත තවමත් පොත් කඩවල ගන්න තියෙයිද ?මගේ දෝනිට කියවන්න අරගෙන තියන්න ඕනේ.එයාට තේරෙන කාලෙක මේ පොත කියවද්දී හිතෙයි මේ පුංචි රට කොච්චර ලස්සනට තිබ්බ රටක්ද කියලා

    ReplyDelete
    Replies
    1. මගේ ගාව තියෙනවා පැරණිම පොතක්. කියවන්න දෙන්නම්!

      Delete
  2. කියවා නැතතත් කියවිය යුතුම පොතක් කියල හිතුනා.ලංකාවට පැමිනි විගස කෙසේ හො සොයා කියවිමට අදිටන් කරගතිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක අතිශය සුන්දර පොතක්! මෙරටට පමිණි විටෙක කියන්න. පොතක හොයා දෙන්නම් කියවන්න!

      Delete
  3. මෙ පොත කියවිමට සොයාගතහැකි තැනක් තියෙනවද?

    ReplyDelete
  4. පොත තියෙනවා මරදානේ සුරස එකේ

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...