06. බීම නවතා ඩ්‍රින්ක් එකක් ගමු . . . ! (බල්ලාට මචං නොකීම).



ඊයේ 25 වනදා. පඩි දවස. දිනපොතේ තියෙනා විදියටම රෙස්ටුරන්ට් බාර් වලට ඇඟිල්ලක් ගහන්න බැරිතරමට ජනාකීර්ණ්වී තිබුනි. බීම ජීවිතයේ අනිවාර්ය අංගයක් නොවුනත් එය; ලංකාවේ ප්‍රධාන ආහාරය වන "පරාටා" කෑම තරමටම අපගේ සාමාන්ය ජන ජීවියට සමීප වී හමාරය.
1920 සිට 1933 දක්වා කාලය තුල ඇමරිකාවේ ඇල්කොහොල් නිපදවීම, ගෙන්වීම,  බෙදාහැරීම, විකිනීම සම්පූර්නයෙන්ම තහනම් කල කාලයක් තිබුනි. 80 දශකයේ ජනප්‍රිය චිත්‍රපටියක්වූ; ෂෝන් කොනරි හා කෙවින් කොස්නර් හා රොබර්ට් ඩි නීරෝ රඟන "The Untouchables"  චිත්‍රපටියේ කථාව ගෙවී ඇත්තේ මෙම කාල වකවානුව තුල කැනඩා දේශ සීමාව හරහා කෙරෙන විස්කි ජාවාරම පිළිබඳවය.     
දකුනු ඇමරිකාවේ දියුනු ශිෂ්ඨාචාරයක් සම්පූර්නයෙන්ම විනාශ වී ගියේ ස්පාඥ්ඥ ජාතිකයින් විසින්; ස්වදේශිකයික ජන සමාජය තුල මත්පැන් පැතිර වීමත් සමගය.
ඉංග්‍රීසින් මෙරට නතු කර ගැනීමත් සමග මෙරට මත්පැන් පැතිර වූයේ; ඔවුන් ගේ ඕනෑ එපාකම් පිරිමසා ගැනීම  සඳහා සමාජය තුල එතෙක් පැවති තූලනය අකා මකා දැමීමට විය යුතුය.
අද වන විට ඕස්ට්‍රේලියාවේ තත්වයද  මේ හා සමාන බව පෙනී යයි. එරට මුල් පදිංචි කරුවන් වූ ඇබොර්ජිනීස් වරුන් ගෙන් බහුතරයද බේබද්දන් වී හමාරය!
සුද්දාගෙන් අප ඔරලෝසුව බඳින්න කලාව කොපි කලාට  වෙලාවට වැඩ කිරීම  උගෙන ගත්තේ නැත. මෙසේම "අරක්කු බොන්නට" පුරුදු වුනාට "ඩ්‍රින්ක් එකක්" ගන්න හැටි පුරුදු උනේ නැත.
ලංකාවට  සංචාරය  පිණිස එන පිරිසෙන් 95% ම හවසට මධුවිතක් තොලගානු ඇත. එහෙත් ඒ දිනය අවසානයේ විවෙකයක් සඳහා මිස ඩෝප් වී කවුරු කවුරු සමග හෝ කුණුහරුප කියාගන්නට නොවන්නේය. ගෙදර ගොස් ගෑනිට කෙළාවදාරන්නට බඩු මුට්ටු පොලොවේ ගසන්නට හෝ නොවන්නේය. මහ දවාලේ කරටි කැඩෙන්නට ගසා කන සාක්කුවේ දමාගෙන යන සුද්දෙකු ඔබ කවරදාකවත් දැක ඇතිද?                      එහෙත් අපරාදෙ කියන්නට බැරිය. අපේ අය  සිරී පාදේ  යන්නේ බොන්නය. කතරගම යන්නේ බොන්නය. මඩු යන්නේ බොන්නය. බෝ පත් ඇල්ලේ යන්නේ බොන්නය. හොර්ටන් ප්ලේන්ස් යන්නේ බොන්නය. යාල යන්නේත්, විල්පත්තු යන්නේත්, නකල්ස් නගින්නේත්, පේරදෙනියේ යන්නේත්, හක්ගල යන්නේත්, යාපනේ යන්නේත්.  නුවර එලිය යන්නේත් මල ගෙදරක යන්නෙත්, මගුලක යන්නේත්, කැම්පින් කරන්නේත් ඕනෑම හොඳ නොහොඳ තැනකට  යන්නේ බොන්නය. දරුවන්ගේ උත්සවයක්ද, පන්සලේ පල්ලියේ දෙයක්ද , ශුභ දෙයක්ද, අශුභ දෙයක්ද වැඩේ පටන්  ගන්නේ සුපිරියටම ගසලාය!
මේ යෝජනා කරන්නට යන්නේ නොබොනා, නොකනා, නොනාන සමාජයක් හදමු කියන්නට නම් නොවේ.
ඩ්‍රින්ක් එකක් එන්ජොයි කරනවා විනා  බීමෙන් (රඹටි හැලෙන්න ගැසීමෙන්) වලකින ලෙසය!
මන්ද ඩ්‍රින්ක් එකක් එන්ජොයි කරන්න්ට තැනක්, නොතැනක්, ක්‍රමයක්, වටාපිටාවක්, වෙලාවක්, අවේලාවක්, අවස්ථාවක් තිබෙන නිසාය. එහෙත් බොන්නට   වෙලාවක්, කලාවක්, තැනක් නොතැනක්  නැති බැවින්ය.

 සෙස්ස පස්සට - තට්ටයා

1 comment:

  1. සම්පුර්ණ ඇත්ත. අපෙ ගොඩක් උන් බොන්න දන්නෙ නැ. එකෙන් වෙන්නෙ පොකට් එක එම්ටි වෙන එකයි,අනුන්ට චා වෙන එකයි,ගෙවල් වල උන්ට දුක් විදින්න වෙන එකයි තමයි. අන්තිමට ලෙඩ වෙලා අනන්ත දුක් වින්දල තමා කූරියා ගහන්න. මෙක කවුරුත් කතා කරන්නෙ නැති සමාජ ප්‍රශ්නයක්.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...