05. පවුලගේ පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී . . . . . . . . . . . . . ! (පොකට් ගැසීමක්!)




මචන්ලා මේක අහලා අවුල් වෙන්න එපා!
අර්ථ පූර්න ගීතයක් විදියට හොඳ සින්දුවක් තමයි ඔය "පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී" කියන ගීතය.
මට මීට අවුරුදු 30 කට විතර ඉස්සර හමු උනා පොරක් වසන්ත කුමාර ඇල්ලේගම කියල අහින්සක කෙට්ටු කෙන්ඩෑරි උස තරුණැ‍යෙක්.
මෙකාගෙ ගෙවල් තිවුනේ වැළිමඩ පැත්තේ.
අපි ටික කලක් ඇසුරු කලා හොඳින්ම.
මේ යකා ඉස්කොලේ යන කාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබුනා "ගීත බැන්කුව" කියලා පොඩි වැඩ සටහනක්.
මටත් ඔය සීන්ස් එක මතකයි.
මේකට අරූ ලියලා යවලා තියෙනවා උගේ තාත්තා ගැන පොඩි කවි පන්තියක්.
මෙන්න යකෝ තවත් කාලයකට පස්සේ  සුපිරි සින්දුවක් රේඩියෝ එකේ යනවලු  ; තමන්ගෙ පවුල ලියලා දුන්නා කියමින්  "පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී............." කියලා අර කයියෙම වචන ටිකක් එහේ මෙහේ කරලා!
මේ කතාව බොරුවක් ම කියමුකො!
කෝ මල්ලී ඔය රචිකාවිය ලියපු  ගීත එහෙමට නෑ නේද.....?
හැබැයි ඔය වගේ දෙයක් මේ ලංකාවේ වෙන්නම බෑ කියලා හිතනවද?
වසන්තයා වත් ගායක ඇඹේණියවත් මේක ලියනවා මම නොදැක්ක නිසා සීයට සීයක විශ්වාසෙන් කියන්න බෑ.

හැබැයි මට වසන්තයා බොරු බයිල කාරයෙන් නොවේ කියන එකනම් එකසිය ගානට විශ්වාසයි.

සෙස්ස පස්සට - තට්ට්යා

6 comments:

  1. හුට්ටප්පරේ ,,,එතකොට ඒකත් එහෙමද ?

    ReplyDelete
  2. මා දකින තරමින් සියල්ල ඇත්ත! මේ වසන්ත කුමාර ඇල්ලේගම අන්තිමට සේවය කලේ නුවර එළියේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ!

    ReplyDelete
  3. ඔය ප්‍රබුද්ධ කියන උන් කරන වැඩ තමයි.

    ReplyDelete
  4. අතීතය සිහිනයක් පමණයි ගීතය මගේ මිතුරියක ලිව්වේ. ප්‍රචාරය වෙන්නේ කාගේ නමින්ද බලන්න. ඒ ගැන ලියු ලිපියක කමෙන්ට් එකක් දිගේ මේ ආවේ

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම බුද්ධිමය දේපල කොල්ල කෑම සමාජය දැන ගන්නේ; ජනගතවූ බුද්ධියක් කොල්ල කෑ විටදි පමණි. මෙවන් අහිංසකයින් සතුදේ කඩා වඩා ගත්තාම සමස්ථ සමාජය තබා උන් වටේ ඉන්න අපිවත් පිළිනොගන්නා තත්වයකට වැටෙනවා. අපි උනත් අපේ එකෙකුට එහෙම උන ගමන් පලවෙනියෙම්ම කියන්නේ "අනේ පලයං බං යන්න! උඹයි මායි ලියන සිංදු!?" කියලයි. ඉතින් තවත් මොන කතාද? ඔබට කියන්න සිංහබාහු හෝ මනමේ පසුපසත් ඔවැනි අඳුරු තැනක් තියෙනවා. ඔය නාට්ටි දෙකෙන් එකක පරණ අත් පිටපතක් මම දැකලා තියෙනවා ප්‍රවීන පුවත්පත් ලේඛක සුගත් පී කුලතුංග ආරච්චිගේ අයියා ලඟ තිබිලා!?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...