02. ෆෝ වීල් නැත්නම් වාහනයක් නොවෙයි 01 . . . . . . . . ! (රෝද හතරක් වාහනයක් වන හැටි!)

හ්ම්ම්! හ්ම්ම්!!

මල පනින්න එපා! මේක මේ මගේ සොමි අදහසක් විතරයි. ත්‍රී වීල් කරකෝන අයියලාට ස්කූටි පදින නන්ගිලාට මෝටර් සයිකලේ යන එන මල්ලිලාට මේක අදාල නොවේ. වාහනයක් කියලා කර්, වෑන්  ගන්නා බුවාලටයි මේ ප්‍රකාශය වලංගු වන්නේ. " මම නම් කෑල්ලෙන් කෑල්ල ගියත් ගන්නේ කාර් මයි; ඔය කැබ් ජීප් මට අරහං! මෙහෙම කියන බුවාලා ගැන නම් බොක්කෙන්ම දුකයි නෙවෙයි දුකායී!!
සුද්දා කියලා තියෙනවාලු මිනිහෙක්;  සම්පූර්ණ මිනිහෙක් වීමට නම් කරණා හතරක් සම්පූර්ණ වෙන්නට   උවමනා බව අපේ තාත්තා නිතරම මට කිව්ව කතාවක්.
ඒක තමයි වන් වයිෆ්, ටූ චිල්රන්, ත්‍රී රූම්ස් ඇන්ඩ් ෆෝ වීල්ස්!
මෙතන ෆෝ වීල්ස් කියන්නෙ රෝද හතරක කාර් එකක්ද  නැතිනම් ෆෝ වීල් ඩ්‍රයිව් වාහනයක් ගැනද කියන එක කාට අවුල් උනත් මට නම් සුපිරියටම පැහැදිලියි.
මම නම් කියන්නේ අතේ සල්ලි ඇති නැති ඔනෑ කෙනෙක් රෝද හතරක් ගන්නවා නම් කාර් එකකට වෑන් එකකට යනවාට වඩා ජීප් එකකට කැබ් එකකට යන එක හොඳ යැයි කියාය."අනේ පලයං බන් යන්න!" කියන්න්නේ නැතිව දිගටම කියවා ගෙන යමු

ජීප් 
ජීප් කිව්වාට හැම ෆෝ වීල් තියෙන වැටකොළු මැස්සම ජීප් නොවේ. ඇත්තටම ජීප් කියන්නේ ඇමරිකවේ නිෂ්පාදිත ක්‍රයිස්ලර් ජීප් එකටය. දෙවන මහ ලෝක යුද්ධයට භාවිතව සඳහා නිර්මිත  රථය ජීප් රථ වල ආරම්භික සාමාජිකයාය. එතැන් පටන් සී ජේ7 සී ජේ 8 යනදී වශයෙන් අද දක්වාම නිශ්පාදනය කෙරේ.
බොහොමයක් කාර් වල පවතින්නේ පෙට්‍රල් එන්ජින්ය. පෙට්‍රොල්  එන්ජින් යනු සැපට හැදුනු ගැනු දරුවකු වාගේය. සිලින්ඩරය තුල ගිනි ගැනීමට පෙට්‍රොල් වාතය සමග මිශ්‍ර කොට සැපයිය යුතුය. ඉන්ධන වායු මිශ්‍රනය 1:14 ට ආසන්නව තිබිය යුතුය.  නමුත් එන්ජිම රත්වන්නට පෙර එය පන ගන්වන විට මේ අනුපාතය වෙනස් විය යුතුය. කන්දක් අදිනවිට බරක් පටවා ගෙන යන විට එන්ජිමට සැපයිය යුතු ඉන්ධන වායු මිශ්‍රනය වෙනස් වේ. මේ සියළු  ගේම ගහන්නේ පැරණි වාහන වල නම් කාබියුරේටරයෙනි, ආදරේට කියන්නේ" කාබ්"එක කියාය.
පෙට්‍රොල් මිශ්‍රනය එහේ මෙහේ උනොත් ලෙඩක්ය!  අරක්කුයි  කොකා කෝලයි වගේ අඩු වැඩි උනාම අනිත් එකින් මත්‍රාවක් දමා බැලන්ස් කරගැනීමට ඉඩක් නැත.සන්නිය  හැදුනු ගානට "මිස්" කරන්නට පටන් ගනී. පෙට්‍රොල් ටැංකියේ තිබුනු කුඩා රොඩු කෑල්ලකට වහනයේ මුළු ගමනටම කෙළා වදාරන්නට පුළුවන!
කබියුරේටරය යනු වාහනයේ හදවතය!  හදවත යනු තෙල් කෑවත් ලෙඩවෙන, මස් කෑවත් ලෙඩ වෙන, ලුනු කෑවත් ලෙඩවෙන,  වැඩි පුර මහන්සි උනත් ලෙඩ වෙන නිකන් හිටියත් ලෙඩවෙන ගැජබිට් එකක්ය. මේ හුරතල් කාබ් එකට වාහනයේ හදවත කියන්නේ; මන්චි ක්‍රීම් ක්‍රැකර් වලට "සුපර්" කියනවා වාගේම හේතුවක් ඇතිවය!
කාබ් එක ලෙඩ දෙන කොට ඒක ටියුන් කරන්නට ඕන බව කියන බාස්ලා මෙය මස් කරති! විශේෂයෙන් තෙල් වැඩ කරන්නේ නැතිවිට  මේ ටියුන් වැඩේ කල යුතුමය.
කාබ් ගලවන අපේ බාසුන්නැහැලාබොහෝ විට මේවා චූන් කරන්නේ කනටය! මේ වැඩේ  හරියට කෙරිලා නැති බව දැනුනු විට  බාස් ගෙ කනටම කෙළින්න සිතෙන්නේ මේ නිසා විය යුතුය. කනට ටියුන් කරනවා යනුවෙන් අදහස් කරන්නේ "හඬට" සීරු මාරු කිරීමය. 
කාබ් එක දෙතුන් වතාවක් ගැලවීම; ගෑනියෙක් දෙතුන් විටක් සීසර් කර්නවා හ සමානය.
දැන් එන වාහන වලට කාබ් නොමැත.ඒ තැන ගෙන ඇත්තේ ත්‍රොට්ල් බොඩි නම් කොටසය.බොහෝ විට මෙම කොටස ඉලෙක්ට්‍රොනික   පද්දතියකින්  හෝ සෙන්සර් මගින් පාලනය වන කොටසක්ය. මේ කැල්ලක් අවුල් උනොත් ගොඩ දාන්නට ඇන්ජිම විකුනනට සිදු විය හැක.
පැට්‍රොල් නිකන් තිබුනාට ගිනි ගන්නේ නැත. එයට  ගිනි තැබිය යුතුය. ඒ කටයුත්ත කෙරෙන්නේ පුලිඟු පේනුවෙනි. සිංහලෙන් කියනවානම් ස්පාක් ප්ලග් එකෙනි. මේවායින්ද ලෙඩ පැමිනිය හැක. ප්ලග් එකට අධි වොල්ටීයතාවයකින් යුත් විදුලි සැරය ලබා දෙන්නේ ඉග්නීශන් කොයිල් එකෙන්ය. පහු පහු වෙනකොට කොහුකොහු වෙන කසාදය හැරුනුකොට අනෙක් උපාන්ගය ලෙස මේ කොයිල් එක ඇද නැතිව දැක්විය හැක. පහු වෙනකොට එය රත් වූ විට ලෙඩ දෙන්නට පටන් ගනී.  ඒ කාලෙට දුර ගමන් යද්දී තෙත රෙදි කෑල්ලක් කොයිල් එකේ ඔතාගෙන යන්නේ මේ අවුලෙන් බේරීමටය. මේ කොයිල් එකෙන් එන විදුලි සැරය එක් එක් ප්ලග් එකට නියමිත වේලාවට වෙන්කර බෙදා හැරීමට තවත් හුට්ටප්පරයක්; කොයිල් එකත් ප්ලග් එකත් අතර මැද සවි කොට ඇත, මෙය ඩිස්ට්‍රිබුටරයයි, පරන බුවාලා" ඩැල්කො" කියා ආදරයෙන් අමතන්නේ මේ මගුලටමය.!මෙයද කරකවා නිවැරදිව සීරු මාරු කොට තිබිය යුතුය. වැඩි පුර කැරකැවූ විට එන්නේ ඇඩ්වන්ස් නොක් එකක්ය. පස්සට ගත්තොත් රිටාඩ් වේ. දෙකෙන්ම සිදු වන්නේ ඇන්ජිමේ උපරිම බලයට කෙළවීමය.
මේ ඔනෑම  ගැජට් එකකට වතුර එකක් වදුනොත් අබ සරණය! කොටින්ම බඩුමය! පැට්‍රොල් ඇන්ජිමකට වතුර පාරක් හරියට වැඩුනොත් "ජල සන්නිය" හැදීම අනිවාර්යය. කේස් එක දරුණු වන්නේ අපට වාගේ ඉඟුරු කොත්තමල්ලි  ටිකක් රේඩියේටරයට දමා දෙහි කොල දුම් ටිකක් අල්ලා සිද්ධාලේප ගෑ පමනින් ගොඩදා ගැනීමට නොහැකි වීමය. වැහි කාලෙට පොඩි පොඩි  කාර් කෑලි පාර අයිනේ නතර වී තිබීමට ප්‍රධාන හේතුව මෙම ජලභීතිකා රෝගයයි.

අපේ ඩීසල් ඇන්ජිමට ඉහෙන් බහින රෝගයක් නොමැත. මේ ගැන ලියැවුනු ලස්සන ගීතයක් මේ මොහොතේ මගේ මතකයට එයි.

"එන්ජිම ටාටා - එන්ජිම ටාටා
එන්ජිම ටාටා

වෑල්වයෙන් වායුව ලැබුදා - පීඩිත කර ඩීසල් සපයා
ඉන්ජ්ක්ටරයේ පහස ලබා - කැරකෙමි ඩීසල් තිබෙන තුරා

එන්ජිම ටාටා - එන්ජිම ටාටා
එන්ජිම ටාටා

පිස්ටන් අත් කැරකෙමින් සැලේ - දඟර කඳට ඉන් බලය ලැබේ
සිලින්ඩරය තුල වායු දැවේ - සයිලන්සරයම දුමෙන් පිරේ

එන්ජිම ටාටා - එන්ජිම ටාටා
එන්ජිම ටාටා"

(අපේ සංගීත පකීර් කෙනෙක් මේ සින්දුව කොපි කරලා; එයාගේ දූ සිඟිත්ත ගැන  "දූ අනුරධා" කියලා සින්දුවක් කියනවා කියලා ආරංචියි!)

මේක මේ ජර්මන් ටෙක් එකේ කොල්ලන්ගේ ස්වතන්ත්‍ර නිර්මණ්යක් කියලයි හැඳින්වෙන්නේ. ඩීසල් ඇන්ජිමක නොනැවතී දුවන ගැම්ම් මේ ගීතයෙන් හොඳින් පිලිබිඹු වෙන බවක් කව්දො තද බුවෙක් "දොරමඬළාවට" ඇවිත් කිව්වා මට මතකය.  " දැන් බලන්න හසන්ත මහත්ත්යෝ...............  පෙට්‍රොල් ඇන්ජිම ඔය තරම් කෙළි කාරයෙක් නම්  මේ ගීතය ලියැවෙන්නට තිබුනේ  ' ඇන්ජිම ටාටා ' වෙනුවට 'ඇන්ජිම පැට් රල් ' කියලනේ.....! "  ආදී වශයෙන් කිව්වේ ඇඳගෙන සිටිය ආරිය සිංහල සූට් එකෙන් කඳුළු පිසදමමින් බොහෝ හැඟීම් බරවය.

"ඇත්ත වශයෙන්ම හසන්ත මේ ගීතය රචනා කොට ඇත්තේ නිකම්ම ගීත රචකයන් පිරිසක් නොවේ.මේ පිරිස මේ නිර්මණ්ශීලි කටයුත්තට පාදක කොට ගෙන ඇති ප්‍රස්තූථය  අපට නිකම්ම නොසලකා හරින්නට පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේ මගේ සිත මගේ ළමා වියට දිව යන්නේ මටත් නොදැනීම. අපි නුවර කළාවියේ මිනිස්සු හසන්ත. අපි පොඩි කාලේ ඔය හුන්නස්ගිරිය කන්ද මුලදි ටාටා බස් එක සෙකන්ඩ් එකට ගැහුවාම කන්ද උඩට ඇවිත් තමයි තර්ඩ් එකට කඩන්නේ.  ඒ කලෙ මට මතකයි තව ලස්සන ගැමි කවියක් තිබුනා "සුදු ඩීසල් පාර ඉන්ජෙක්ටරෙන් විදින - දහන කුටීරෙදි ගිනිගන්න  . ඕනා.." කියලා  ඒ විද්වත් මණ්ඩලයේම හිටිය මහාචාරිය කෙනෙක් පැවසුව මට මතකය.



ඉතින් මම් පෙර කී; පෙට්‍රොල් ඇන්ජිමට  ඇති පීනස, ඇදුම, ජල සන්නිය ජල භීතිකාව වැනි කිසිදු ජලයෙන්  වැළඳෙන රෝගයක් සෑදීමේ ඉඩ කඩ බෙහෙවින් දුර්ලභය. ඩීසල් ටැංකියේ සිට සිලින්ඩරය  දක්වා ගලන්නේ සංවෘත පද්ධතියක් මාර්ගයක් තුලින්ය. ඒ නිසාම එන්ජිමට උවමනා වාතය  හා ඉන්ධන සැපයුවහොත් මුහුද යට හෝ ඩීසල් ඇන්ජිමක් ක්‍රියා කරවීමට පුලුවන. ඩීසල් වහනයකට දියේ කිමිදෙන්නට උව පුලුවන. අවුලක් වන්නේ නහයෙන්ම වතුර ඇතුල්ට ගියොත් පමනි. ඒනිසාමයි බොහෝ ජීප්, කැබ් වලට නහයක් වෙනුවට අලි හොඬයක් ස්වි කොට ඇත්තෙ. මේකට කියන්නේ  එයාර් ස්නෝකල් කියාය. මේ ගැජට් එකේ ඉඳන් හෝස් පයිප්පයක් කෙලින්ම එයර් ක්ලීනරයට සම්බන්ධ කොට ඇත. මේ නිසාමමේ වගේ වාහනයක බොනට්ටුවට උඩින් වතුර ගියත් තමන්ගේ පාඩුවේ ගමනේ යන්නට පුලුවන. එතකොට වාහනය එලවගෙන යන එකාගෙයි අනිත් පැත්තේ වාඩිවෙලා යන  උගේ ඇඹේණියගෙයි කලිසම තෙමෙනවා නේද කියල නොසන්ඩාල ප්‍රශ්නයක් කාට උනත් අහන්නට හිතට ආවත් මට කියන්න තියෙන්නේ ගෙදර ගිහිල්ල දෙන්නත් එක්ක  කලිසම් දෙක ගලවලා වැලේ දා වේලා ගනිල්ලා කියලාය.
මේ එයර් ස්නොකල් එක නිසා සිදුවෙන තවත් සිද්දියක් වේ.  ඒ එන්ජිම අතුලට පිරිසිදු සිසිල් වාතය ඇතුලු වීමට ඉඩ හැරීම. අප්පට සිරි ඒ මොකෑ කියලා හිතෙන්න පුලුවන්ය. පිරිසිදු කම නම් කෝකටත් හොඳයි නේ. ඒ සෞඛය පිළිබඳ ප්‍රශ්නයක්ය. එතකොට සිසිල් වාතය කේස් එක මොකද?  දැනට හොඳම දේ තමයි ඒක එහෙම තමයි කියලා හිතා ගන්න එකය.   වෙලා තියෙන වෙලාවක ටර්බෝ චාර්ජරයත් එක්කම මේ ගැන කයියක් ගහමු. සුපර් චාර්ජර්, ඉන්ටර් කූලර් ගැන සොමි ටෝකක් දාමු පස්සෙන් පහු!

බොහෝ ෆෝවීල්  වාහන වල ඇත්තේ ඩීසල් ඇන්ජින්ය. ඒ කට කාරණා කිහිපයක් පවතී.එකක්  ඉහත දැක්වූ කරුණ එක් හේතුවකි. අනෙක් කරුණ වන්නේ සමාන ධාරිතාවයකින් යුත් පැට්‍රොල් ඇන්ජිමකට වඩා ඩීසල් ඇන්ජිමක ඇති "ටෝක්" එක වැඩිය. (මේ ටෝක් යනු පොර ටෝක්  එහෙම නොවේ). මේ ටෝක් කියන්නේ ව්යවර්ථය හෙවත් කරකැවීමට, ඇඹරීමට ඇති   හැකියාව, ගැම්ම, ගාය  කිව්වොත්  හරි.  ඉතින් ඩීසල් අඇන්ජිමක් තියෙන  ෆෝ වීල් එකකට ගහේ ගලේ උනත් යන්න පුලුවන් වන්නේ මේ නිසාමය.
මේ ෆෝ වීල් එකක ඇති එක  වටිනාකමකි.

මෙම ෆෝ වීල්  අන් වාහන මෙන් බිම දිගේ බඩගාන්නේ නැත. උත්පත්තියෙන්ම  ෆෝ වීල්  රථවල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක වැඩිය. ඒ නිසාම  කාර් මෙන්; පාරෙ අරක්කු මූඩියක් දුටු පමනින් යට වදී කිය බියවී බ්‍රේක් ගසන්නට උවමනා නැත. මන්ද  උස බියර් කෑන් එකක් උනත් මැදි කොට ගොස් එම බියර් කැන් එක නිරුපද්‍රිතව  ඇහිඳගෙන  බී චිල් වන්නට ෆෝ වීල්  රථයක් ඔබ පදවන්නේ නම් ඔබට පුලුවන.





මේ නිසාම වැහිකාලයට වාරි මාර්ග වන කොළඹ නගරයේ කිසිම ගින්නක් නැතිව යන්නට පුලුවන. අල්ල්පු ගෙදර බුවා  දනක් ගංවතුර නිසා  එලියට බහින්න බැරිව විරව පට්ටම් ගහගෙන ඉන්නකොට ඔබට් ආඩම්බරෙන් ඌට පෙනෙන්ට යන්නට හැකිවන්නේ ෆෝ වීල්   එකක් ඇත්නම් පමනි.(පස්සෙන් පහු බුවාව හමු උනාම" ඒකනේ මම ෆෝ වීල්   එකක් ගත්තේ....!"කියා පොරව පදිරි කරන්නටත් හැකිවීම ඔබට ලැබෙන අමතර වාසියකි.) අඩි 2-3 වතුරේ කිසිදු අපහසුවකින් තොරව මේවාට ගමන් කල හැකි වන්නේ ඒව නිපදවා ඇත්තේම නහය නො එසේ නම් එයර් ක්ලීනරය ඇන්ජිම මත  සවි වන සේය. (වෑන් වල බොහෝ විට ඇත්තේ ඉතා පහලින් පොලොවට ආසන්නයේය.)
එසේම රතයේ හොම්බ බිම ඇනිලා ද නැත.
මේ කට තේරෙන  හින්ගලෙන් කියනවා නම්  ඇප්ප්‍රෝච් ඈන්ගල් එක කාර් එකක වාගේ නොව විශාල අගයක් ගනී. වාහනයේ ඉදිරිපස බෆර් එකේ යට ඉඳන් ඉස්සරහ ටයර් එකේ පොලොවේ ගෑවෙන තැනට ඉරක් ගැහුවොත්; ඒ ඉරයි පොලොව නැතිනම් මහ පාරයි අතර කෝනය තමයි මේ කියන්නේ.  උදහරණයක් විදියට ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි එකේ මේ කෝනය අංශක 37ක් වෙනවා.  තවත් විදියකට කියනවානම් අංශක37ක නැග්මක් තියෙන ගැට්ටකට  උනත් හොම්බ තලා ගන්නෙත් නැතිව ගැට්ට කඩා ගන්නෙත් නැතිව මේ වාහනයට සුපිරියටම නැගගන්න පුලුවන්ය. මේ වගේම පිටිපස්සට බලපාන කෝනයක් තියෙනවා ඩිපාචර් ඈන්ගල් කියලා. මේවා කාර්වල වගේ හුරතලේට නෙවෙයි ෆෝ වීල් එකක තියෙන්නේ. හරියට ශෝටක් ගහගෙන ඉන්නවා වාගේය. ඔනෑ කොටුවකට දෙපාරක් නොසිතා පනින්නට පුළුවන්ය. (එළ නේද?)
ඕනැම ලිස්සන සුළු මාර්ගයක පහසුවෙන්, ප්‍රවේශමෙන් එසේම විශ්වාසයෙන් යුතුව ගමන් කල හැක. හදිසියේ රෑ පානකදී වහනයේ රෝදයක් දෙකක් කානුවකට වලකට වැටුනද; අහල  පහල ගෙවල්වල දොයියා ගෙන ඉන්න උන් ඇහැරවා කුනු හරුප අහ ගන්නේ නැතිව ගෙදර ඇවිත් නිදා ගන්නට පුලුවන් වන්නේ ෆෝ වීල්   හිමි ඔබට පමනි.
රෑ පානේ ඔබ ඔබගේ බිරිඳ හා කුඩා දුවා දරුවන් සමග පාලු පාරක  ගමන් කරණවයැයි  සිතන්න. එක්වරම  ඔබගේ රථයේ පහන් එලියෙන් දකින්නේ පාර හරහා දමා ඇති කොටයකි.  තවත් මොහොතකින්  ඔබව මංකොල්ල කෑමකට ලක්වන අතර ඔබගේ බිරිඳ සමූහ දූෂනයකට ලක් වීමට  ආසන්නවය.  ඔබ එක්වරම රථය අදාල වේගයට අඩු කොට ගෙන ෆෝ වීල්   දමා ගනී. ඊලඟ නිමේශයේ ඔබ කොටය මතින් රථය පහසුවෙන් පදවා ගෙන යයි. ගෙදර පැමිනි සැනින් බිරිඳ තම දෙමව්පියන්ට යාළු හිත මිත්‍රාදීන්ට බටහිර චිත්‍ර පටයක් සේ කථාන්ඩරය දිගහරියි. " හොඳ වෙලාවට මෙයා හිටියේ! නැත්නම් අපි ඔක්කොම ඉවරයි!!" කියද්දී කාටද ආඩම්බර?
90% ෆෝ වීල්  රථ වලට චැසියක් පවති. ( ඉතිරි 10% කාර් බේස්  ෆෝ වීල් රථ හෙවත් මොනොකෝක් ගනයට වැටේ) ඒ නිසාම  වාහනයේ බොඩිය මුළුමනින්ම  දිරා පත් උනත්  රථයට අංශභාග රෝගයට  ගොදුරු වන්නේ නැත.
හදිසියේ  ඔබ ගමනක් යන විට සුන්දර යුවතියක් තම රථය වලකට ඇලකට හෝ සප්ත මහා සාගරයට වැටී තිබෙනු දකී. ඔබ සතු කුඩා ලනු කෑල්ලේ පිහිටෙන් ඇයට උදව්වක් කිරීමට ඔබට හැකියාවක් ලැබේ.( හිතුවත් සනීපයි නේද?)
කාර් එකක මෙන් බිම ඉඳ ගෙන් වාහන එලවීමට ඔබ  ෆෝ වීල්  රථයක් පදවන්නේ නම් සිදු නොවේ.  ලඟින් යන කාර් එකේ යන් එකාගේ  එකීගේ කලිසමේ පාට උනත් කියන්නට උනත්  ෆෝ වීල්  රථ  එකේ එකාට පුළුවන.
සිංහල  අවුරුදු කාලෙට නත්තල් කාලෙට මහ පාර අයිනේ ඇති ඕනෑම පේමන්ට් එකක් උඩ පාර්ක් කරන්නට පුලුවන් වන්නේ වෙන කාටද?
වෙසක් කාලෙට ඕනෑම දන්සැලක් තියෙන තැනකට තැන නොතැන නොබලා අයින් කරන්නට පුලුවන්  කටදැයි කියන්නටත් ඕනෑද?
හදිසියේ ගෙදරට සිමෙන්ති කොට්ට 3-4 ගෙන්න ඕනෑ විට ලැන්ඩ් මාස්ටර් කාරයන්ට පියජියො  ත්‍රී වීල් කාරයන්ට ඔලුව් කසන්නට ඕනෑ නැත.
කන්තොරුවේ මළ ගෙදරක යන විට 2-3 හලන්නට සිදුනොවේ. මළ ගෙදරට ගිය විට අන්තිම ටික එරෙන නිසා සපත්තු ගලවා ගෙන යන්නට සිදු නොවේ.
වාහනය හෝදද්දී බය නැතිව විහිළුවට වාගේ හෝස් පයිප්පෙන් වතුර ටිකක් ඇන්ජිමට අල්ලනට පුලුවන් වන්න්නේ ඔබට ෆොවීල් එකක් ඇත්නම් පමනි.
මේ සියල්ලටම වඩා අනුරාධපුර - කොළඹ දුවන ඩී එස් ගුනසේකර බස් එකක් වුවද ෆෝවීල් එකකට ඇඹරෙයි. හදිසියේ බ්‍රේක් නැති නොසන්ඩාලයකු හොම්බට දමල ඇන්නාසේ මූනට පත බෑ උනද කාර් එකක් පැදවූ කලෙක මෙන්  නම පසුදින පත්තරේ යන්නේ නැත.
දැන් ඉතින් ෆෝ වීල් කියූ  ගමන් ටොයෝටා  ලෑන්ඩ් කෲසර් V8, නිසාන් පැට්‍රොල්  Y60, මිට්සුබිෂි මොන්ටෙරෝ. ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වගේ වාහන  ගැන හිතලා මොලේ උළුක් කර ගන්න ඕනේ  නෑ. ටොයෝටා ලෑන්ඩ් කෲසර් BJ 40 / 43 / 45, BJ 60,  නිසාන් පැට්‍රෝල් 160 එතකොට ප්‍රසිද්ධ මිට්සුබිෂි J 44/24 (කවුරුත් දන්නා පරිදි 4DR5 දිග මොඩල්  කොට මොඩල්) ලෑන්ඩ් රෝවර් 88/109 වගේ මේවාද ෆෝ වීල් ම වේ.
ලෑන්ඩ් කෲසර් BJ 40/43/45 වලට ආවේ B, 2B හෝ 3B ඇන්ජින්ය.2997cc වලින් උඩය. සුපිරිම වාහනයකි. ගස් වල පොල් කඩන්න උනත් පුලුවන. ඒ එම වාහනය සතු ගහේ ගලේ උනත් යාමට ඇති හැකියාව නිසාය. අන්තර් ජාලයටගොස් ලොකයේ හොඳම  ෆෝ වීල්  රථ 10 සෝදිසි කල හොත් මෙම රථය ඕනෑම පේජ් එකක දක්වා ඇත. නිසාන් 160 යට ඇත්තේ සිලින්ඩර 6 කින් සමන්විත  SD33 -3300cc ඇන්ජිමය. මෙම ඇන්ජිමේ ඇති එකම වැරැද්ද වන්නේ මෙහි ඇත්තේ මේන් බෙයාරිං 4 ක් වීම නිසා ක්‍රැන්ක් ෂාෆ්ට් එක කැඩීමට වැඩි සම්භාවිතවක් පවතී. එම එන්ජිමේම දියුනු කල ඒන්ජිම වන TD 42 අන්ජිමට හෙන වත් නැත! මෙහි එන්ජිමේ ධාරිතාව ඝන සෙන්ටි මීටර් 4200කි!  මේ හා සමාන ටොයෝටා එන්ජිම  වන්නේ ලෑන්ඩ් කෲසර් HJ 60 යට (සමහරු මෙයටත් BJ 60 ම කියති!) එන 2H එන්ජිමය.  බොහෝ විට BJ 60 යට එන්නේ 3B -3400cc එන්ජිමය. වගේ වගක් නැති  අන්ජිමකි. මිට්සුබිෂි ජීප් එකට එන්නේ 4DR5 එන්ජිමය.  ගොනාමය. මැරෙනකල්  නොව මතු ආත්ම භවයේද වැඩ ගැනීමට හැකි; ජපනාට  වැරදීමකින් සාදන ලද එන්ජිමක් බවට විශ්වාසයක් පවතී.
සල්ලි ටිකක් තියේ නම් LN 106 ටොයෝටා වැනි කැබ් එකකට යමට පුලුවන. එයට ඇත්තේ ඩොල්ෆින් වෑන් එකට එන 3L එන්ජිමය. පලාත් සබා පජේරෝව, පරණ ටෲපර් එකද සුපිරිම වාහනවේ.
ඉතින් තව කියනවානම් එකසිය ගානට කියන්න දේවල් ඇත්තේය. මෙච්චර කට කැඩෙන කං කියන්නේ ගෙදර පාවුලයි ලමයි ටිකයි නැත්න්ම් යාළුවෝ මාළුවෝ ටිකයි එක්ක ඕන ගමනක් ගිහින් තනි කෑල්ලට එන්න පුළුවන් වාහනයක් ගැන  අක්මාවටම දෙන්න මිසක මගේ ලඟ ඇති දහිරි වාට්ටුව ඔය මහත්වරුන්ගේ ඇඟේ ගසන්නට නොවන බව මොලයක් කියලා එක ලූනු බිකක් තරම් එකක් ඇත්නම් තේරෙනව ඇති.
 "ඩීසල් වාහන වල වියදම් වැඩී", "ඕවයේ ලෙඩ ආවොත් ඉවරයි ...!" වගේ අහස පොලොව නුහුල්ලන; පපුව පැලෙන  වැල් බයිලා වලට නොරැවටෙන්න! ඩීසල් ෆෝවීල රථයක සාඩම්බර හිමිකරුවකු වන්න!
සෙස්ස පස්සට - තට්ටයා

12 comments:

  1. Me dannathi hinda ahanne ayye, 107 hilux cab eka honda nedda ?

    ReplyDelete


  2. තෙශා! මචං මම දන්නවා හොඳටම මෙහෙම අහන්නේ උඹ මාව පදිරි කරන්න කියලා. මගේ නම් විශ්වසය ෆෝ වීල් වැඩනම් ත්‍රී වීල් ඒකක් උනත් කමක් නැහැ කියන එකයි!


    ReplyDelete
  3. අම්මෝ...මගෙ 4DR5 එක ගැන මාර ගැම්මක් ආවේ....අපරාදේ කියන්න බෑ, මගුලද , දානෙද , කැලේද, ගොඩද මඩද...මී හරකා වගෙම තමා....ස්තූතියි 4WD අගය කිරීම ගැන...

    ReplyDelete
    Replies
    1. අහා! සතුටුයි! සතුටුයි!! ෆෝ වීල් නැතිනම් වාහනයක් නොවෙයි! ඒක තමයි ඇත්ත!

      Delete
  4. 4DR5 එක විකුනපු එක මතක් වෙලා ඇඬුණා කියහන්කො

    ReplyDelete
    Replies
    1. මේකෙ මේ සොමි වැකි වලින් ලිව්වාට මගේ ඇත්තම ඔපීනියන් එකත් මේකම තමයි මචං! "ෆෝ වීල් නැත්නම් වාහනයක් නොවේ" ම තමයි. ඒ වාහනයක් සාමාන්‍ය කාර් එකකින් වෙන් වෙන්නේ බොඩි ශේප් එකෙන් හා රෝද හතරම එන්ජිමෙන් කර කැවෙන එකෙන් පමණක්ම නොවෙයි. චැසි, සස්පෙන්ශන්, ගියර් පෙට්ටි, ස්ටියරිං සිස්ටම් වගේ මෙකී නොකී හැම දේකින්ම ඒවා බල ගන්වලා තියෙන්නේ මොන බාධකය ඉස්සරහ වත් ඇඹරෙන්නේ නැතිවෙන්න. ඩිෆරෙන්ශල්, ප්‍රොපෙලර් ශාෆ්ට් මේ හැම දෙයක්ම. කොටින්ම එයා ක්ලීනරේ පවා හයි කරණ්නේ බොනට්ටුව ඇතුලේ පුළුවං උපරිම උඩින්! ස්තූතියි ඕකෙ දෙවන කොටසකුත් ලිව්වා. බලන්න!

      Delete
  5. “ ඩීසල් වාහන වල වියදම් වැඩී" , "ඕවයේ ලෙඩ ආවොත් ඉවරයි ...!" වගේ අහස පොලොව නුහුල්ලන : පපුව පැලෙන වැල් බයිලා වලට නොරැවටෙන්න! ඩීසල් ෆෝවීල රථයක සාඩම්බර හිමිකරුවකු වන්න!“
    මට කියන්න තියෙන්නෙත් මේකම තමයි. මම මගෙ පජෙරො එක ගද්දි මිනිස්සු ඔවා කිව්ව. ගෑනි මුල් ටිකෙ වාහ්නෙ නැග්ගෙත් ලැජ්ජාවෙන් කැතයි කියල. දැන් අවුරුදු දෙකහමාරක් වෙනව ගෑනි වෙන වාහන වලට ආස නෑ මේක විකුනන්න දෙන්නෙත් නෑ. වෙලාවට තෙල් වතුර බලලා සර්විස් කරන්න විතරයි ඔනෙ. ගස් ගල් දිගෙ යන්නේ...
    ඔක්කොමටම වැඩිය පාරෙ සැනසීමෙන් ගිය හැකි මොකද බස් ලොරි උනත් මේවගෙන් ගේම ඉල්ලන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හහ්! හහ්! හා! එළම එළ!! "ප්ජේරෝ" ඔව් ඒක සුපිරිම වාහනයක නමක්! 4D56 කියන්නේ හොඳම එන්ජිමක්! මල්ලි ඕකෙ චැසිය ගැන ප්‍රවේශමෙන්! ටිකක් දිරණ්න බලනවා.

      Delete
    2. දැනට නම් පේන්න අවුලක් නෑ. මම සවිස් එකේදී යටට තෙල් පාරක් අල්ලනව කොහොමත් තියන දෙයක් ගැලවිල යන්න. ස්තුති උපදෙසට..!

      Delete
  6. පැට්‍රල් 4 වීල් එකක් ද, ඩීසල් 4 වීල් එකක් ද, ඇල්ටෝ එකක් ද ඇත. ඒ තුන තුන් විදිහකට භාවිතාවේ දී පහසු අපහසුකම් සපයයි. එබැවින් අහවල් එක හැර වෙන කිසිවක් හොඳ නැත කියන්නේ නැත. RRF

    ReplyDelete
    Replies
    1. කොළඹ නගරයේ තිබෙන ගැටලුව වතුරට යටවීම පමණක් නොවෙයි. ඒ යටවන ප්‍රදේශයේ ඇතිවන මාර්ග තදබදය ලොකු ම ගැටලුවයි. එවැන්නක දි වාහනය වඩා කුඩා වීමේ යම් වාසියක් තිබේ. ඊට අමතර ව පාසල් අසල ඇති සීමිත ඉඩකඩෙහි වාහන නැවතීමට, හැසිරවීමට ආදී කාරණා වලදී ද යම් පහසුවක් කුඩා වාහන නිසා ඇති වේ. ලිපියේ ටෙක්නිකල් කරුණු වාහන ලැදියන්ට මහත් සතුටක් ගෙන එනවාට කිසි සැකයක් නැත. RRF

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...