03. ගෝඨා - 2020 ට . . . . . . . . . . ! (සුදුස්සාගේ නුසුදුසුකම්)

1989 ජුනි 5 - තියනන්මෙන් චතුරශ්‍රය චීනය

මම දවසක්ම ට්‍රයි කලා ඒ ෆිල්ම් එකේ නම හොයා ගන්න. හොයලා හොයලා අන්තිමට අපරාදේ කියන්න බෑ හොයා ගන්න බැරි උනා සමාවෙන්න ඕනේ!
මාගෙ මතකය නිවැරදි නම් ඒක පෝලන්ත ෆිල්ම් එකක්. නම " ටෑන්ක්" ද කොහෙද! කතාවෙ ප්ලොට් එක තමයි පොඩි එකෙක් ඉන්නවා. ඌ වැඩියෙන්ම කැමති සෙල්ලම් බඩ්ඩ තමයි යුද්ධ ටැංකිය! ඉතින් මේ පොඩී එකා ෆුල් ට්‍රයි එකක් දෙනවා සෙල්ලම් යුද්ධ ටැංකියක් ගන්න. දවසක් මේ දරුවා උදේ ජනේලේ ඇරලා බලන කොට මෙන්න ජනේලේ ළඟම තියෙනවා මෙන්න සයිස් ජර්මානු යුද්ධ ටැංකියක්! හිට්ලර්  පෝලන්තය ආක්‍රමනය කරලා!  එතකොට තමයි මේ දරුවාට තේරුම් යන්නේ යුද්ධ ටැංකියක් කියන්නේ මොනතරම් විනාශකාරී යන්ත්‍රයක්ද කියල.
ඇත්තම ඉතිහාසය තුල ලියැවිලා තියෙන කරුණු වලට අනුව; ජර්මනිය ඔස්ට්‍රියාව ආක්‍රමනය සමග හිට්ලර් ඔස්ට්‍රියාවට ඇතුළු වෙද්දී එරට වැසියෝ බැනර් උස්සගෙන කෑ ගහන්නේ  "ඔස්ට්‍රියාව  යටත් කරගනු!" කියලා .ඒකාලේ ඒ අහිංසක මිනිස්සු අපේක්ශා කලේ  හිට්ලර්  ජර්මනිය ඔස්ට්‍රියාව යටත් කරගැනීම  නොවෙයි. ජර්මනිය; ඔස්ට්‍රියාව ඈඳා ගනීවි;  ආදරයෙන් වැළඳ ගනීවි  කියලයි. ඒත්  අන්තිමට මොකද්ද උනේ කියන එක ඉතිහාසයේ රතු ලෙයින් සටහන් වී තියෙනවා.
"නට්සින්ගේ කතාව - ඉතිහසයෙන් අනතුරු ඇඟවීමක්" නමැති පොතෙන් සකච්චා වී ඇත්තේ මේ තරම් යුදෙව්වන් සමූල ඝාතනයකට හිට්ලර්ව කෙන්ද්‍රවූ  නො එසේ නම් හිට්ලර් වටා ගොඩනගෙන්නේ කෙසේද? යන්න විමසීමටයි. මගේ මතකය නිවැරදිනම් බීබීසී ය කරණ ලද ගවේශනයකට අනුව ලියැවුනු පොතක් ඒක.හිට්ලර් තම යුදෙව් විරෝධී ආකල්පය එළිදක්වන්නේ; යුදෙව්වන් කෙරෙහි බුර බුරා නැගෙන වෛරයේ ගිනි දළු පිරුනු ජර්මනු සංදර්භයක් , සමාජයක් තුලටයි.හිට්ලර් සාමකාමි ලොවේ " පොරක්" වන්නෙ ඒ නිසයි. (මේක හරියට පහුගිය කාලේ අපේ සිංහල බෞද්ධ සමාජය තුල තිබුනු මුස්ලිම් විරෝධය වගේම එකක් කියලයි මට පෙනෙන්න.
පවතින රජය කෙරෙහි ඇති විශ්වසනීයත්වය නැතිවුනු විට (විශේෂයෙන් පෙර පැවති දැඩි පාලන තන්ත්‍රය පෙරලා දමා පිහිටුව්න්නාවූ රජයක් කෙරෙහි ඉච්චාභංගත්වයට පත්වූ විට) සමාජය තුල ඇතිවන්නවූ නායකත්වයේ රික්තය විසින් මුලු මහත් සමාජයම හෝ එහි ඉතා විශාල නො එසේ නම් ඉතා විශාල වැදගත් කමකින් යුත් පිරිසක් මුලා කිරීමකට ලක් කිරීම හෝ දිනාගනීම ඉතා සරල හා සාම්න්ය තත්වයකි. හිට්ලර් ජර්මනියේ බලයට පත්වන්නෙත් 1971 දී මෙරට තරුණයන්  රෝහණ විජේවීර වටා  ඒකරාශි වන්නේත්, ප්‍රභාකරන් උතුරට නායකත්වය දෙන්නේත් එකම සන්ධර්භයක් තුල යනු මගේ පෞද්ගලික වැටහීමයි.
මේ  නිසාම ගෝඨා ඉදිරියේ බලයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතී. නමුත් එය අර මා මෙම කයිය පටන්ගත් මොහොතේ කී  ෆිල්ම් එකේ පුන්චි එකා වගේ අප බල පොරොත්තුවෙන සුන්දර ලෝකය වෙනුවට මුලුමනින්ම මිල්ටේරි කරණය වුනු රටක් බිහිවීමේ ඉඩකඩක්ද ඇති බව ඔය ආචාරි මහාචාරි තුමන්ලාට නොපෙනුනාට අපහටනම් හීනෙන් මෙන් පෙනෙයි.
ගෝඨාගේ මිල්ටෙරි නායකත්වයම සුදුසුකම්සේ  දකින පෙනෙන  ඕනෑම අයෙකු හිට්ලර්, බොකසා, ගඩාෆි, ඉඩි අමීන්, බැටිස්ටා, ජොර්ජ් බුෂ්, එර්ෂාඩ්, සදාම් හුසේන්, කිම් ජොන්ග් උන්, කිම් ජොන්ග් ඉල්, කිම් ඉල් සුං, සියා උල් හක්, මර්කෝස්, මුසෝලනී  වගේ නම් දරාපු අය්යලා සියල්ල මිලිටේරි කෙළි කාරයන් බව මතක තබා ගන්නේ  නම් මැනවි. (මේ අපිට මතක උන්නැහැලා කිහිපදෙනෙක් පමනි.)
අපි කැමති උනත් අකමැති උනත් ප්‍රර්ජතන්ත්‍රවාදය අභිබවා යන සමාජවාදයක් තුල "පත්කිරීමේ මෙන්ම ඉවත් කිරීමේ" බලයක් සිවිල් ජනතාව වෙත තිබිය යුතුය. මිලිටරි ජුන්ටාවක නැත්තේද මෙයමය. වර්තමාන ජනාධිපතිට හෝ හිටපු ජනාධිපතිට අම්මා මෝ නැතිව බැන වදින ඕනෑම අයෙකු මතක තබාගතයුතු යථාර්තය වන්නේ හිටිය ඒකා එපාවුනු විට ගෙදර යැවීමට අපට පුලුවන් වුනු සේම ඉන්න එකාට තව අවුරුදු කීපයකින් "සැලකීමට" අපට අවස්තාවක් සිකුරටම එන බවය.
රජපක්ශ පවුලේ තියෙන හෝ තිබුනු අවුල් වියවුල් ගැන නම් කියන්නට ඇත්තේ "දකුනේ උන්ගේ පවුල් කචල් තියෙන්නේ පිට එකෙක් අතදාන කම් විතරයි!" කියාය. මෙච්චර කෙළවිල්ලක් කෙළවිලාත් රාජපක්ෂ පවුලේ එකෙක් වත් තව එකෙකුට ප්‍රසිද්ධියේ කට හෙල්ලුවා මටනම් මතක නැත. ඉදිරියේද එය එසේමය.එකෙකු කොක්කක් ගැසූ ගමන් අනිත් උන්නැහැලා ඉන්න තැන ගැන හිතාගැනීම තම තමන්ගේ නැණ පමනින් සිතා ගත යුත්තකි.අපේ වගේ ගෙදරක මේ වගේ සීන් එකක් උනා නම් "අනේ අපේ බප්පා තමයි තාත්තාව කෑවේ ! " කියා අපි අපේ රෙදි කරට ගන්නේ ජනවාරි 9 වන්දා ඉඳන් මය!
ජෙප්පන්ට දොස්තරුන්ට අන්තරේට කෙලවන්න මිල්ටේරි ජුන්ටාවකට රට භාර දීම මා දකින්නේ " ගෑනිට පාඩමක් උගන්නන්නට (මේකෙන් නේ උම්බ ආතල් ගන්නේ, හිටපිය තොට හොඳ කෙළවිල්ලක් කෙළවන්න කියා සිතාගෙන) තමන්ගේ අහවල් අවයවය තමන්ම මුලින්ම කපා දා ගත් බුවාගේ කථාවය! අපි කැමති උනත් අකමැති උනත් මේ අපි වටා ඉන්න සමහර සමහර අපේ මිතුරු තොමෝ  තමන්ගේ ජීවිතයේ වැදගත් තීන්දු තීරණ ගනිද්දී අපේ අදහස් ගුරුකොට ගනිති. ඒ නිසාමයි අපි අපේ අදහස්  ප්‍රාකශ කරණ කොට උදහස් නොවී කරන්නට ඕන වෙන්නේ! ඒ නිසාම පෞද්ගලිකව අපි දරණ මතයක් උනත් සමාජ ගත කරද්දී තරමක් පරිස්සම් වෙන්න ඕන කියලයි මගේ අදහස නම්! හැබැයි අර වොල්ටෙයාර් ද කවුද කිව්වා වගේ "මා ඔබගේ අදහසට එකහෙළාම විරුද්ධ උනද ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මා දිවි හිමියෙන් කැපවෙමි! එහෙත් මිල්ටරි ජුන්ටාවක් යටතේ  බොහෝ ඔබ - අප වැනි නිදහස් මතධාරීන්ට බොහෝ විට සිදුවන්නේ තමන්ගේ හෝ වෙනෙකෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් දිවි කැප කිරීමට මය!

සෙස්ස පස්සට ! තට්ට්යා

10 comments:

  1. We have two choices,
    1) Appoint (or vote) next guy in line from the same lot like Ranil, Mangala, Ravi, Ranwaka, Premadasa etc etc. Knowing very well its going to be worse than this.

    2) Appoint (or vote) Gota and hope for the best. He has some track records being a person who can get things done. Who knows, he could be our Lee Kuan Yew. I know there are so many unproven allegations about Rajapaksa lot, they are no different to allegation about Ravi.

    ReplyDelete
    Replies
    1. මහත්මයානෙනි, මේ ලැයිස්තුවේ ඉන්න එකෙක් ගැනවත් විශ්වාසයක් තැබිය නොහැකිබව ඔබ සේම මමද විශ්වාසකරමි. ගරු ඝොඨාභය රාජපක්ෂ මහතාගැන මාතුල ඇත්තේද විශාල ගෞරවයකි. එතුමා වැඩකල හැකි සේම වැඩක් කිරීමට උවමනාවක් ඇති අයෙකු සේ පක්ෂ විපක්ෂ සියල්ලන්ගේම විශ්වාසය දිනාගත් නායකයෙකුය . මා මෙහිදී මතු කරණ්නට තනන්නේ ඝොඨාභයට වඩා හොඳ නායකයකු මතු කිරීමට හෝ නම් කිරීමට නොවේ. මාහට එවැන්නෙකු නම් කිරීමට නොහැකි වීම ඝොඨාභයමහතා නුසුදුසු යැයි පැවසීමට බාධාවක් නොවන බව ඔබ තුමාට තේරුම් යනවා ඇත. මෙහිදී අප සාකච්ඡා කලයුතු වන්නේ ඝොඨාභය නමැති සාධකය පිළිබඳව නොවන බවයි මගේ වැටහීම. මිල්ටේරි නායකයකු අතට රට භාර දීම ගැනයි මෙතන ඇති ගැටළුව. මහත්මයානෙනි, සිංගප්පූරුව තුල අදටත් මුහුණ පුරා රැවුල් වවා ගත්තවුන් දක්නට නොමැත . වරෙක ලී ක්වාන් යූ මහතාගේ පුත්‍රයා විදෙස් රටක සංචාරය කොට ආපසු සිංගප්පූරුව බලා පැමින ඇත්තේ මුහුන පුරා වවාගත් රැවුලකින් සැරසීය. ඒ මොහොතේ ගුවන්තොටේ සිටි නිළධරයෙකු ; ලී ක්වාන් යූ මහතා අමතා මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ " ඔහුට කියන්න රැවුල කපාගෙන රට තුලට එන්න ; නැතිනම් පැමිණි රටටම ආපහු යන්න කියන්න !" කියාය. මෙවැනි තීන්දුවක් අපට බලා පොරොත්තු විය හැකි නයකයකු අපගේ ඇස් පෙනෙන මානයේ සිටිත්ද? දිනක් මා උදෑසන කොළඹ කොටුවට එනවිට නාවික හමුදාවේ සොල්දාදුවන් වැලි මුට්ට කරගසමින් මාර්ඝ අයිනේ වංගු වල අයිනී බාධක දමති. ඒ මොඅටර් රථ ධාවන තරඟ පැවැත්වීමටය! එම තරග පිටුපස සිටියේ කවුරුන්ද? අපට නිවැරදි නායකයකු නොමැති අඩු පාඩුව උදෙසා දුර්වලයෙකු පත්කර ගැනීමෙන් රට සිදුවන හානිය අප අත් දකිමින් සිටිමු! එහෙත් ඒ වෙනුවට ප්‍රභලයෙකු පත් කරගැනීමේ ආදිනව දැකගන්නට ලොව පුරා ඕනෑතරම් අත් දැකීම් ඇත! දුර්වලයා පලවාහරින්නට ක්‍රම සහ විධි රාශියකි. එහෙත් ප්‍රභලයා හමුවේ අපට කිරීමට ඇත්තේ සැඟවෙන්නට පමනි. අපට ඇවැසි වන්නේ ප්‍රභලයෙකි; මානව හිතවාදී මෙන්ම සර්වසාධාරණවූ. ඍජු විය යුතුය සැමට! 2020 ට තව කල් ඇත! මාගේ පෞද්ගලික විශ්වාසය වන්නේ නම් ඝොඨාභය මහතාට රටේ නායකයා වීමේ වැඩි ඉඩකඩක් ඇති බවය! ඔබතුමාගේ පිළිතුරක් මා ගෞරවයෙන් අපෙක්ෂා කරමි. මබගේ කොමෙන්ටුවට හ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මා හිසනමා ආචාරයකරමි!

      Delete
    2. Anonymous
      //he could be our Lee Kuan Yew.//(Gotabaya)

      sure....

      Delete
  2. කාටිසීයJuly 29, 2017 at 1:46 AM

    w3 පාර කිව්වේ.....ගිහින් එඤ්ඤං ඈ..

    ReplyDelete
  3. ඔබ හරි මේ නායකත්වය දුර්වල තමයි. ඒත් එයට විසදුම කිසිසේත්ම මිලිටරි පාලනයක් නෙවෙයි. ඝෝටා යම් යම් කටයුතු ඉටුකිරීම් පිලිබදව ගෞරවය ලබාදුන්නද, ඔහු පොලිසිය හමුදාව පාලනය කල අන්දම අර විමල් වීරවංශ උද්ඝෝෂනයක් අතර තුර ඝෝටාගෙ දුරකතන ඇමතුම පොලිස් නිලධාරියෙකු සමග සම්බන්ධ කල වෙලාවෙ ඔහු කතා කල විධියෙන් හොදට හිතාගන්න පුලුවන්. ඒ නිසා මේ ප්‍රජතන්ත්‍රවාදී නිදහස අපේ හුගක් අයට තේරෙන්නෙ නෑ. ඔවුන් එය වල්බූරු නිදහසක් කරගෙන රජයට කිසිම දෙයක් හරියාකාරව කරගෙන යන්න ඉඩ නොදෙන තත්වයක් ඇති කරලා. හැබැයි මේවගේ මිනිසුන්ට ඉල්ලගෙන කන්න ඝෝට එන එකත් හොදයි. ඊට පස්සෙ අර පොලිස් නිලධාරියා වගේ "සර්" "එහෙමයි සර්" කියාගෙන ඉන්න පුලුවන්නෙ.

    ReplyDelete
  4. Is the movie you are talking about "Life is beautiful" There is a little guy his dream is having a tank but his whole family is in Nazi concentrating camp. His father convince him they are playing a game and if they win a game he will get tank. Anyway it is on Netflix.

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න කල් ගියාට! බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුනාට; කියෙව්වාට; අදහස් දැක්වූවාට; මතක් කර දුන්නාට!

      Delete
  5. Replies
    1. බොහොමත්ම ස්තූතියි! පසුගිය කාලය පුරාවට ගෝඨාභය මහතා පිළිබඳ කිසියම් කැමැත්තක් වැඩි කර ගන්නට සමත් වූවා. එහෙත් ඔහුගේ මෑත කාලීන දෙශපාලන ජවණිකාව තුල නැවතත් හිටපු තැනටම තල්ලු කර දැමුණා. මේ සෑම කෙණෙක්ම තමන්ගේ කථා තුල "ගොවියන්ට ඉඩම්", "ශිෂ්‍යයන්ට පාසැල්", "ගඟවල් වලට පාලම්", "නිකමුන්ට ආධාර" වගේ ජනප්‍රිය අදහස් තමයි වපුරණ්නේ! ඒ සඳහා මුදල් ලබා ගන්නේ කොතැනින්ද? කෙලෙසද? කෙසේද? කියන දේ නොපවසන්නට පරිස්සම් වෙනවා. මට මේ සියල්ල පෙනෙන්නේ "ධර්මිෂ්ඨ සමාජයක්", "හඳෙන් හාල්" වගේම තවත්; හැම උදේකම අපේ කටින්; දන්නා නොදන්නා හැමෝම ඉදිරියේ කියැවෙන "ගුඩ් මෝනිං!" වගේ කියමනක් ලෙසයි.
      අපේ රටට අවශ්‍ය සටන් පාඨ විනා ක්‍රමෝපායයන් නොවේ.

      බිංදු හතක් ගහලා එලියට යන්න ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෙකු උනත් අසර්බයිජානයට හරි ලකුණු 10 - 15 ක් ගැහුවානම් ඔහුගේ අතීතය අමතක කරලා හුරේ දාන රටක් මේක. මුලු සංචාරයක්ම අනාගෙන හරි අන්තිම තරඟයේදී 300 ක් ගහලා පරාද උනත් විසිල් ගහන පිරිසක් ඉන්නේ.

      ඒ නිසාම පොරොන්දු වලට වැඩි වටිනාකමක් දෙන්න අපි පුරුදු පුහුණු වෙලා තියෙනවා. දෙකයි දෙකයි හතරයි කියන අපේක්ෂකයාට වඩා "මම බලයට පත් උනොත් එදා ඉඳන් දෙකයි දෙකයි පහයි කියලා සම්මත කරණවා!" කියන අපෙක්ෂකයාට වැඩි නැඹුරුවක් දක්වනවා!
      ස්තූතියි!

      Delete
  6. බොහොම හොඳ නිරීක්ෂණ නිගමන ටිකක්,අනික අර පොදු ප්‍රශ්නයක් බාහිර සතුරා වෙත ප්‍රක්ෂේපණය කරනවා කියන එක නියමෙට පැහැදිලි කරලා තියෙනවා👌

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...