Saturday, October 16, 2021

220. ප්‍රියයන් ගෙන් වෙන් වීම දුකකි . . !



මගේ ලෝකයෙන් ;

ඔයා යන්නම ගිහින්!

අපිට  ඕනම වෙලාවෙ; ආයෙත් නො එන්නම!

වචන ලක්ෂ ගනනක් ලියා ඇති මට වචන එන්නේ නැති තරම් - ඔයාට සමු දෙන්නට . . .

අන්තිම වශයෙන් කියන්නට ඇත්තේ  . . . . . . . . . . . . . . . . . . . . ;      

"මල්ලි ඔයා එළ කොල්ලෙක් - ජීවිතය විඳපු!"

මොනවා කිව්වත්; ඔයා ඉතිං නෑ නේ!?




32 comments:

  1. සොයුර, ඔබට නිවන් සුව.........

    ReplyDelete
  2. සොයුර, ඔබට නිවන් සුව.........

    මමත් කලණගේ බ්ලොග් සටහන් එකක් නෑර කියැවූ රසිකයෙක්. ඔහුගේ චාරිකා සටහන් වගේම කතන්දර හරිම රසවත්. හමුවී කතාකර නැතත් ප්‍රතිචාර සහ විද්‍යුත් තැපෑල මගින් මම ඔහු හා ගනු දෙනු කලේ ඔහුගේ කතන්දර 4ක් ඩිජිටල් මාධ්‍යයෙන් ශ්‍රව්‍යගත කල නිසයි.

    ඔබ සදහන් කර ඇති සේම ඔබ පටන් ගත් අළුත් බ්ලොග් රැල්ලේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විය යුතුව තිබූ කෙනෙක් .

    මෙය කියවන අයට වරදවා වටහා නොගන්නා ලෙස ඉල්ලමින් ඒ නිර්මාණ ඇතුලත් මගේ බ්ලොග් යොමු දෙක මෙහි අමුණන්නේ ඔහු සතුටු වූ ඒ නිර්මාණ දායකත්වයට උපහාර පිණිසයි.

    http://ahasgawwenehalokaya.blogspot.com/2019/02/blog-post_9.html

    http://ahasgawwenehalokaya.blogspot.com/2020/02/blog-post.html

    අප කාගේත් හෙට දවස ගැන කාටවත් අනාවැකි කියන්නට බැරි නිසා හැකි පමණින් එකිනෙකාගේ නිර්මාණ බෙදා හදා ගන්නට එක්වෙමු .
    කලණ ඔබේ අහිමි වීම පවුලේ අයට සේම බ්ලොග් රසිකයින්ටත් මහත් පාඩුවක් .

    ReplyDelete
  3. මගෙත් ප්‍රියතම බ්ලොග් රචකයෙක්. දැන් ඉතිං ආටියත් "හිටපු" බ්ලොග් ලිස්ට් එකේ.😒😢
    සුභ ගමන් නොදුටු මිත්‍රයා, ඔහෙ ආපු දවසක සෙට් වෙමු.🥂

    දැන් ගිහින් පෝස්ට් එක අප්ඩේට් කරන්නම්, එයාගෙ ලස්සන පෝස්ට් දෙකකුත් එක්කම.

    ReplyDelete
    Replies
    1. දකින්න හිටියෙ කෝවිඩ් නොවුනානම් සහ කෝවිඩ් ඉවර වුනාම. ඊට ඉස්සෙල්ල දැක්ක බැනර් එක අහම්බෙන්. ලොකු ශොක් එකක්.

      Delete
    2. මට තේරෙනවා. Everything is in flux.🤔😒😢

      Delete
    3. මේ වගේ දේවල් අහනකොට life su--s කියලමයි හිතෙන්නෙ.

      කළණගෙ පෝස්ට්ස් කීපයක් මමත් කියවලා රස විඳලා තියෙනවා. ඔහුට සුබ ගමන්.

      Delete
  4. ආගිය තැන්- foto විස්තර දකින කොට
    පෙනෙයි කලණ දිවි ගෙව් බැව් මනා කොට
    විඳවන්නේ නැතිව විඳ - ජීවිතයේ සතුට
    කලණ කියා දෙයි 'අනියත බව' අපට!

    සුබ ගමන්- නොදුටු මිතුර!

    ReplyDelete
  5. ජීවිතං අනියතං, මරණං නියතං. සුබ ගමන්!

    ReplyDelete
  6. බොහොම කනගාටුදායක පුවතක්.

    (බ්ලොග්) ලෝකයට අහිමි උන ඔබා, ඉලන්දාරියා, විචාරක වැනියවුන් අතරේ "ආටියා" ත් අපේ හිත වල සැමදා රැඳේවී.

    නිවන් සුව!.

    ReplyDelete
  7. මොනවා? ආටියාට මොකද උනේ ? නිවන් සුව මචන් Wijebahu

    ReplyDelete
  8. සුභ ගමන් මිත්‍රයා:(
    ජීවිතේ ගැන ආයෙ හිතන්න වෙනවා.

    ReplyDelete
  9. සුභ ගමන් අදරණිය ආටියා.........

    ReplyDelete
  10. සුබ ගමන් ආටියා මල්ලි.

    ReplyDelete
  11. හපොයි දෙවියනේ මොනවා වෙලාද...කවදාද කොහෙද ...කළණගෙ මහ ගෙවල් මඩපාත නේද අපේ ගෙවල් පහු කරන් යන්නේ අනේ ඒත් මම දැනගෙන හිටියේ නෑනේ

    ReplyDelete
  12. මම මෙහි දැමු කොමෙන්ටුව අයින් කරාද මංජු මහතා/

    -රංග තේනුවර-

    ReplyDelete
    Replies
    1. මම දුටුවා මේ නමින් ම කොලොම්පුරේගේ පෝස්ටුවට යටින් කොමෙන්ටුවක් දමා තිබෙනවා! මම ඊට පිළිතුරු එහි,අ ලිව්වා! ඔබට අදාල නම් පමණක් එහි ගොඩවී බලන්න!~~

      Delete
  13. http://podisadugeliyamana.blogspot.com/2021/10/blog-post_17.html?m=1

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සුබ ගමන් ආටියා.😢😒

      Delete
    2. සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොණේ
      කාලය විසින් හෑරුව බ්ලොග් එකක බෙ‍ණේ
      අපහාසයෙ, වයිරයෙ පෙර ලකුණු පෙනේ
      මීයෙක් වත්දැ, මට මී ගඳ සැරට දැනේ

      බ්ලොගක් නොලියා බ්ලොග් අතරේ ගැවසී ම
      ලියන අයට, කිසි දිරියක් නොම දී ම
      ආවෙ මාළු බාගන්ට දැයි හිතුනා ම
      කිසිම සුගතියක් පෙනුනේ නෑ තා ම

      Delete
  16. Api kawadahari nawatha warak muna gahewi.

    ReplyDelete
  17. සුබ ගමන් මිත්‍රයා.. 😓😓

    ReplyDelete
  18. තට්ට මහත්තයා, අලුත් අයව "සිතුවිලි" සිංඩියට(https://sithuvili.net) ගන්නවා කියල, එහි ඇඩ්මින් කියනවා.

    https://balunakuta.blogspot.com/2021/10/blog-post_18.html?showComment=1634791830508#c4212547307108510237

    ReplyDelete
    Replies
    1. හිතාදර ටොමියෝ බැරිද ඔය yapanepemwathi.blogspot.com magadhigata yapane.blogspot.com raviscolumn.blogspot.com කියන දෙක තුන ඔය සින්ඩියට දාගන්න

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...