Thursday, May 21, 2020

175. සාංකාව . . . . !







ඉර    මුවාවී කන්ද නොපෙනී යන වෙලේ අත ගැටුනු;       ගෙල බැඳි
දුර    කතර මං මුලාවන වනයෙක ගියද  සිත පුරා               තෙද බැඳි
වර    නගන සාගරේ රැළි දැක සිත නොබිඳ සවි               ගත පුරා රැඳි
කර  වටා වර සිඳී නැත; කොටි දත කොහිද රිදියෙන්      සොඳින් බැඳි 







.

8 comments:

  1. මටනම් විකාරයක් ඔය කොටිදත් පළඳින සින් එක :))

    ReplyDelete
    Replies
    1. මේක මේ ඔයා හිතන තරං සුළුවෙන් ගන්න පුළුවන් කොටි දතක් නෙවෙයි; කරේ දාගෙන හිටිය ලනුව තියෙද්දි ගිලිහී ගිය එකක්!

      Delete
  2. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...