Tuesday, April 7, 2020

166. සිම්ප්සන් කතර තරණය -1962


පට්ට අවුවේ කට්ට කමින් විවේකය විඳවීම . . !
                                                                                                                                                                                                                                                                     
                                                                                                                                                 ඕස්ට්‍රෙලියාවේ වෙසෙන Nissan Patrol පමනක් නොව සියළුම ෆෝවීල් ඩ්‍රයිව් ලෝලීන්  හට 2012  ජූලි 24 අනුස්මරණීය දිනයක් විය.
ඒ ඕස්ට්‍රේලියාවේ සිම්ප්සන් කාන්තාරය අතික්‍රමණය කල නො එසේනම් තරණය කිරීමට වසර 50ක් ගත වීමේ සංවත්සරය එදිනට යෙදී තිබුණු බැවින්.
මෙම වීරචාරිකාවේ යෙදී ඇත්තේ දිවංගත දකුණු ඕස්ට්‍රේලියානු භූගර්භ විද්‍යාඥ්ඥයෙකුවූ හා ගවේශකයෙකු වූ රෙජී ස්ප්‍රිග් Reg Sprigg, ඔහුගේ බිරිඳ ග්‍රිසෙල්ඩා Griselda  සහ ඔවුන්ගේ දරු දෙදෙනා වන ඩග්ලස් Doug හා මාග්‍රට් Marg ය.
මෙම දරු දෙදෙනා එවකට අවුරුදු7 හා 10 යන වයස් වල සිට ඇති අතර මෙවර එම ගමනේ 50 වන සංවස්තරය සැමරීමට එක්වී සිටියහ.
මාග්‍රට් ස්ප්‍රිග්  පවසන ලෙසට  මේ වන විටද එම ප්‍රථම ගමන පිළිබඳව විචිත්‍ර මතකයන් පවතින බවය.
"ඔයා; ඔයාගෙ ගිණි පෙට්ටිය ගත්තාද  අපට මොනවා හරි උනොත් ?සෑම දිනෙකම මව විමසුවාය. මම මොනදේ  නොකලත් මම ගිණිපෙට්ටියක් ගත්තා! ඇය වැඩි දුරටත් කියයි!"
එම වීර චාරිකාවේදී අත්දකිණු ලැබී බිහිසුණු මතකයන් ඇය ආවර්ජනය කරයි                                                                                                                                                                                                                                                                                                                                                             
දැක්කාම බඩ පිරෙන වැල්ල . . . !

"වරක් අපගේ රථය මහා රාවණ රැවුල යෝධ පඳුරක් මැදි කරගෙන හිර වෙනවා. රෝද තුනක් හෝ හතරම බිමෙන් ඉහලට එසවී. මෙයින් ඉවත් වීමට ගන්නා උත්සාහයේදී අධිකව ගිනියම්ව පිටවන දුමෙන් වියළි පඳුරු සෙමෙන් ගිනි ගන්නට පටන් ගන්නවා. මෙහි වඩාත් භයානක බව වන්නේ ඒවන විට ඉන්ධන ලීටර200ක් වාහනයේ පැවතීම!"
ඒ වුනත් ඒ බොහෝ මතකයන් බොහෝ සතුටු දායක ඒවා!"
"වැලි කඳු මුදුනට පැමිණි විට අනෙක් පස පෙනෙන වැලිතලා වල තිබුනේ චමත්කාරයක්!"
"සෑම රාත්‍රියක්ම සුන්දර එකක් වුනා!"
අමෙරිකානු මහාචාර්‍යවරයෙකු වෙනුවෙන් කටුස්සන් හා බුල් ඈන්ට්ස් නම් කුහුඹුවන් මර්ග් ස්ප්‍රිග් එකතු කොට ඇත.
"සෑම දිනයකම මම එළියට ගොස් වැල්ල හාරා ලබා ගන්නා අහිංසක බුල් ඈන්ට්ස් කුහුඹුවන් ෆෝමලින් කුප්පියකට එකතු කලෙමි. ඊළඟ දිනයේ තවත් කුප්පියකි!"
"කිලෝමීටර 30ක් තුල විවිධ ප්‍රබෙධ ගනනාවක් කුහුඹුවන් තුල හමුවුනි!"


මෙන්න පළමු ගමන . . !

සිම්ප්සන් කතර යනු කුමක්ද?
දකුනු ඕස්ට්‍රේලියාවේ උතුරු  ප්‍රාන්තයේ පිහිටි කාන්තාරයකි. වියළි රතු වැළි වලින් සැදි තැනිතලා හා වැටි වලින් සමන්විත මෙය ඕස්ට්‍රේලියාවේ හතරවන විශාලතම කාන්තාරය වේ. මෙය වර්ග කිලෝමීටර 176500ක් එනම් වර්ග සැතපුම් 68100 ක් පුරා පැතිරී ඇත.


Nissan to Celebrate 50th Anniversary of First Simpson Desert Vehicle Crossing - 2012

සිම්ප්සන් කාන්තාරය; වාහනයක් මගින් තරනය කිරීමේ 50 වන සංවත්සරය 2012 ජූලි මාසයේදී; පළමු ගමනට සහභාගී වූ දෙදෙනෙකු සමගින් සැමරුණි.
1962 වසරේදී සිදුකොට ඇති මෙම චාරිකාව ඇන්ඩාඩෝ ස්ටේශන් සිට බ්‍රිඩ්ස්විල් දක්වා; Nissan Patrol Short wheelbase G60 රථයකින් සිදු කොට ඇත.
මෙම මුළු ගමන සඳහා පුරා දින 12ක් ගත්වී ඇත.
50 වන සංවත්සරය සඳහා සහභාගී වූ ඩග්ලස් ස්ප්‍රිග් සහ මාග්‍රට් ස්ප්‍රිග් පදවන ලද්දේ  1962 දී මෙම මුල්චාරිකාව සඳහා භාවිතා කල නිසාන් රථයම විය.
මෙම රථය ප්‍රථම චාරිකාවෙන් පසු ඕස්ට්‍රේලියාව තුල අස්ථාන ගත්වී තිබුණු අතර ඕස්ට්‍රේලියා නිසාන් සමාගම විසින්; 50 වන සංවත්සරය සඳහා සොයාගනු ලැබ තිබුණි, 
රෙජී ස්ප්‍රිග් විසින්; දරුණු කාන්තාර මංපෙත් සඳහා  මෙම රථය  තෝරාගෙන තිබුනේ එහි ඇති ශක්තිමත් භාවය හා යෝග්‍යතාවය කරණ කොට ගෙනය. ඒ නිසාන් ඕස්ට්‍රලියා සමාගම 1966 දී පටන් ගැනීමටත් පෙරදීය!
Short Wheel Base රථ 1951 දී නිර්මාණය කර තිබුනේ හමුදාමය කාර්‍යයන් සඳහාය. ඝන සෙන්ටි මීටර 3956 ඕවර්හෙඩ් කෑම් ස්ට්‍රේට් සිලින්ඩර හයක පැට්‍රෝල්  ඇන්ජිමකින්,වේග තුනේ ගියර් පෙට්ටියකින් හා High-Low Range  ෆෝවීල් ට්‍රාන්සර් පෙට්ටියකින් එය සමන්විත වී තිබුනි. ඉදිරිපස හා පසුපස දුනු මිටි හතරකි.
මෙම දින 12 තුල ඔවුන් වැලි වැටි 1100 පමන තරණය කර ඇති අතර නියමිත මාර්ගයක්, GPS නොව අවම වශයෙන් රේඩියෝවක්වත් තිබී නොමැත.
1962 දී මෙම චාරිකාව සඳහා ගමන් කල වේගයේ සාමාන්‍යය පැයට කිලෝමීටර 5 කි!

එම ප්‍රථම චාරිකාවේ 50 වන සංවත්සරය වෙනුවෙන් යොදාගත් රථය පැදවූවේන් ප්‍රථම ගමනට සහභාගී වී දැනට ජීවත්ව සිටින ඩග්ලස් හා මාග්‍රට් දෙදෙනාය. එම සාංවත්සරික ගමනට සම්බන්ධ පිංතූර හා වීඩියෝව මෙතැන් සිට:

යමු . ! ‍යමු . . !!

නාකි උනාට නොහැකි නෑ . . !

මෙන්න අවුරුදු 50 කට පසු ගමන . . !

ජය දද නංවා . . ආ . .ආ . .ආ . . . !

ගලේ කෙටුව විශ්වාසය !

1936දී ටෙඩ් කොල්සන් E.A (Ted) Colson දින 36කදී ඇබොර්ජිනී සහයක Peter Ains හා ඔටුවන් 5 දෙනෙකු සමගින් මෙම කතර තරණය කොට; මෙම කථර තරණය කල ප්‍රථම විදෙශිකයාලෙස ගෞරවයට පාත්‍ර වී ඇත. 

කොහොම අමාරුවක් තියෙන්න ඇතිද?

කඳුල නෙතු පිය අතර තෙත් වුව - දුටුව විට රුව නැගෙන හස රැළි . . !

26 comments:

  1. කතරක
    ගමනක්
    කෙලෙස තියේවිද
    පවුලේ අය හා?

    හිතන්න නොහැකිය
    නිම් නැති කරදර
    කෙඳිරුම් අඬහැර
    අපේ වගේ නම්!

    ReplyDelete
    Replies
    1. අපිට ගමන යනවා තබා පටන් ගන්නවත් බැරිවෙයි අර කසාද බැන්ද කොලොම්බස්ට උනා වගේ!

      Delete
  2. දිවංගත දකුණු ඕස්ට්‍රේලියානු භූගර්භ විද්‍යාඥ්ඥයෙකුවූ හා ගවේශකයෙකු වූ රෙග් ස්ප්‍රිග් මහතාට නිවන් සැපසම්පත් පාර්ථනා කරමු.

    එසේම මේ වන විට කොරෝනා සෑදී රෝහල් ගතව සිටිනා එක්සත් රාජධානියේ අගමැති ධුරන්දර තැන්පත් ශ්‍රීමත් සර් බොරිස් ජොන්සන් මැතිතුමාට තුරුණුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියා පාර්ථනා කරමු.

    එස්ම තට්ට්යාගේ කොලම අන්තර්ජාල බ්ලොග් අඩවිය අයිති තට්ටා මහතාටද තුරුණුවන්ගේ පිහිටෙන් ලෙඩක් දුකක් කරදරයක් නොවී මෙම දුෂ්කර කාලය ගත කිරීමට හැකිවේවා කියා පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. ඔබටත් අප සැමටත් යහපතක්ම වේවා!

      Delete
  3. ඇත්තටම දැනගෙන නොසිටි දෙයක් ඉගෙන ගත්තා.මේ වගේම මම අහල තියනවා ඉන්දියවේ මිනිස්සු වගේම විදෙශිකයොත් යන්න පුරුදු වෙලා ඉන්නවා "Hindusthani Ride" කියල එකක්.ඒක යන්නෙ යකඩයෙක් වගේ ඉන්න "Royal Enfield " Bike එකක. ඒ ගැන මමත් ලියන්නම් වෙලවක. ඒ වගේම එම ගමන යන එක මගෙ Dream එකක් කිව්වොත් නිවැරදි.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔයගෙ බ්ලොග් එකේ ලිඅයන්න. අපිත් බලන්නම්!

      Delete
  4. වාහනේ දැක්කම ටිකක් දැකල පුරුදු ගතියක් දැනුනා.
    හොයං යනකොට ඉන්දියන් මිලිටරියේ Jonga කියල දුවන්නෙත් මෙව්වා තමා සෑර්.
    රෙජි අංකල් කාන්තාරේ තරණය කරපු එකයි කතාව. එත් යපිල බලාන්නේ මොකක්ද යන්තරේ කියල. හදන්ඩ බෑ සෑර්. හැදෙන්නෙත් නෑ.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මම උනත් ඉස්සෙල්ලාම බැලුවේ වාහනේ මොකක්ද කියලාම තමයි!

      Delete
  5. මේ ජාතියේ පරන වාහන මම ඉන්න හරියෙත් තාම පාවිච්චි කරනවා කාන්තාර සවාරි යනකොට. විලිලැජ්ජැවේ සන්තෝසේ බෑ කියන්නේ අලුත් 4 වීල් වාහනයක් වැල්ලේ එරුනහම මේ වගේ එකක, පරන ටොයොටා පික් අප් එකක එන පලපුරුදු කෙනෙක් උදව් කරන්නේ වාහනේ ගොඩ ගන්න. අලුත් වාහනේ එලවන පලපුරුද්ද අඩු එකාට ඉතින් හොල්මන් වගේ.
    මදැ යාන්හෑල්ලක් වගේ ඇති කියලා කියවන්න ගත්තා. බොහොම සුට්ටයිනේ තියෙන්නෙ. වීඩීයෝ ටික පස්සෙ බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අහා ඒකනෙ කියන්නේ "නාකි උනාට නොහැකි නෑ!" කියලා.

      Delete
  6. අයියේ .... ඔබගේ බොහොමයක් ලියවිලි මා පිස්සු වට්ටන සුළුයි . මෙයද තවත් එවැනිම ලියවිල්ලක් . සරළ වූ තරමට ජීවිත ලස්සනයි . මෙය හොද පාඩමක් .

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔයා මෙරටද නොරටද? කොරෝණා කේස් නෑ නේද ළමයෝ ඔයාලට?

      Delete
    2. අපි ලංකාවට ආවා අයියේ ..... අපි හැමෝම පරිස්සමෙන් ගෙදරටම වෙලා ඉන්නවා .

      අයියලාත් වසික පුතාත් හොදින් නේද ?

      Delete
    3. අනේ කොයිතරම් දෙයක්ද? ඔව් එයා තාම හොඳින්.

      Delete
  7. පසුගිය පෝස්ට් දෙකක් විතර කියවලා ගියා මිස පිළිතුරක් ලියන්න ලැබුනේ නැහැ.

    අදත් වෙනදා වාගේම බොහොම ඉන්ටරෙස්ටිං පොස්ට් එකක් ලියා තියනවා.

    අද කාලේ වාගේ GPS නැතිව, සැටලයිට් ෆෝන් නැතිව මේවායේ ගිය මිනිසුන් නියම වීරයන්. ඒ වගේම ඒ කාලයේ තිබුන වාහන වල උනත් ඉලෙක්ට්‍රොනික් වැඩ කෑලි මුකුත් නැති නිසා ලෙඩ දෙනවා අඩුයි. ලෙඩක් දුන්නත් හොඳ මිටි පාරක් ගහලා හදාගන්න පුළුවන්.
    ඇබෝරජින් මිනිස්සු මේවායේ ජීවත් උනේ කොහොමද කියලා හිතාගන්න බැහැ. දැන් නම් කාන්තාරේ ජීවත් වන ඇබෝලා නැත්තටම නැති (කරලා) වෙලා. අවසානයටම කාන්තාරයේ හිටපු ජෝඩුවක් ගැන බොහොම අනුවේදනීය වාර්තා වැඩසටහනක් තියනවා The last of the nomads කියලා. ඒක නොගැලපෙන විවාහයකට තම ගෝත්‍ර (Tribe) වලින් අවසර නොලැබීම නිසා Gibson desert එකට පැනලා ගිහිල්ලා මුළු ජීවිතයම එහි ගතකරපු ජෝඩුවක්, ඔවුන්ගේ ජීවිත වල අවසාන කාලයේදී නැවත ජනාවාසයකට රැගෙන ඒම පිළිබඳවයි.
    සිම්සන් ඩෙසර්ට් එකත් මගේ to do list එකේ තියනවා. 2000 හෝ 2001 දී ඒ ආසන්නයට (Finke හරහා Chambers piller කියන පුංචි සිගිරියක් වගේ හිරි ගල් කන්දක් බලන්න ) ගිහින් තියනවා.
    මේ අවාසනාවන්ත කොරෝනාවක් නිසා හෙටින් ඇරඹෙන පාස්කු නිවාඩුවටත් "ස්කොට්ලන්තේ" යනවා ඇර වෙන කොහෙවත් යන්න ලැබෙන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ සෑම් මහත්තයා මම හරිම විස්සෝපෙන් හිටියේ ඔබතුමා කෝ කියලා. විජේභාහු මහත්තයානම් ඇනෝ ඇවිත් හරි ලියලා; ආපු වග දැන්වූවා. ඔව් මේ කොරෝණා නිසා සියල්ල පසුපසට ගිහින් නොපෙනෙන දුරකට. කොහොම හරි බකට් ලිස්ට් එකේ තියෙන හැම දේම ඉටු කරගන්න ලැබෙන්න කියලයි ප්‍රාර්ථනාව. ඔබ කියපු අර කථාව බලන්න හිතුනා! බොහොම ස්තූතියි නිරෝධායනේ අස්සෙම ගෙට ගොඩ උනාට. මොකද කියන්නේ උණුවෙන් ඉඟුරු කොත්තමල්ලි ටිකක් බොනවැයි?

      Delete
  8. Replies
    1. තඩියා ..... ගොඩ කාලෙකින් හෙළ බ්ලොග් බලන්න ඇවිල්ලා .......

      Delete
    2. තඩියා මහතා ඇත්තෙන්ම බොහොම කාලෙකින් තමයි. තාම සේන්දු උනේ නැද්ද මෙහාට?

      Delete
  9. Replies
    1. ස්තූතියි! මේ ඔබ පැමිණි දෙවන වතාව වෙන්න ඕන!

      Delete
  10. ow ow wena wada karanda widihakuth na ne dan

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්න එපා! වෙන වැඩ නැතුවටද අප්පා අපේ ඒවා බලන්න එන්නේ?! කමක් නෑ එහෙම හරි ආවානේ!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...