Monday, May 27, 2019

140. කළු ගඟ දිගේ . . . . . 5

සදා අපවෙත පතල මහා කරුණාවෙන් . . .!
 රත්නපුර මහ සමන් දෙවාලය වාහල් කඩ

මගෙ මේ  බ්ලොගය කියවන කොමෙන්ටු දාන නොදාන සියළු දෙනා සමග මා නිරණ්තරයෙන් සංවාදයක යෙදෙමි. 
බොහෝ දෙනා මුවින් නොබැන කියවා යන සේයාවකි.

 මා භාවිතා කරණ බස් වහර වෙනස්ය.
 මාතෘකාවට අවතීර්ණ වන හැටි වෙනස්ය. ඒ සියල්ල ඔබ හා වඩාත් සමීප වන අටියෙන්ය.

මීට එක් පෝස්ටුවකට පෙර මා දැක්වූ පෝස්ටුවේ හෙඩිම හෙවත් සිරස්තලය වූයේ 
"පොඩි අවුලක් වෙලා ඇත . . . !" යනුවෙනි. 
ඒ හදිසියේ මාගේ අත පසු වීමකින් නියමිත අවස්ථාවට පෙර පෝස්ටුවක් ප්‍රසිද්ධ වීමය. එය මා "ආපසු කැඳවා" නැවත නියමිත කලට වේලාවට  නියමිත පරිදි ප්‍රසිද්ධ කලද ඒවා සින්ඩි වල නියමාකාරයෙන් දැක්වූයේ නැත.!

 මෙවර "කළු ගඟ දිගේ 4 " ටද එම විනැම්බෑසියම විය! 

එම පෝස්ටුව දෙවරක් මවිසින් ප්‍රසිද්ධ කරණ ලදී. මෙහි පලමු ප්‍රසිද්ධ කිරීමට කොමෙන්ටු වක් ලියන සෑම් මහතා: 

"One Life! Live It !!" This remind me of that famous quote by "Snoopy"; in "Peanuts".  "One day we will die; True, But on all the other days we will not!" 
පස්වෙනි කොටසෙන් නම් කළු ගඟට බහීවි.
 අර මිනී මැරුමක් ගැන කියැවෙන්නේ වයිට් හවුස් මහත්තයාවද? 
ඊළඟ කොටස එනකම් බලා ඉන්නවා. ස්තූතියි! 

යැයි ලියා තිබුනි. මා එයට පිළිතුරක් ලියමින් . . . . . . . .

 " මිනී මැරුමනම් හරි වගේ. 
ඒකත් ටිකක් ලියන්නම්. 
ඔබටත් මතක් වෙන දේවල් සෑම් මහත්තයා!
 කෝ ඔබ තුමාගේ බ්ලොග!?" 

යනුවෙන් ලියා තැබුවෙමි.

පොරොන්දුවූ පරිදි මේ එම කථාවේ සංක්ෂිප්ත සම්පින්ඩනයේ සාරාංශය ය!
 (අහන්න කැමතියි නේද?)

අශ්වබල 10 යේ සැලූන් වර්ගයේ ඔස්ටින් මෝටර් රථයක්

ජෝන් එඩ්වින් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතා රක්වානේ මාදම්පේ වතුයායේ කලමණාකාරතැන වූවේය.
 මාදම්පේ වතුයායේ කම්කරුවන්ගේ පඩි සඳහා සාමාන්‍ය වශයෙන් මසකට රුපියල් 35000 ක පමණ මුදලක් අවශ්‍ය විය. 
 අනේ 35000 ද කියලා හිතන්න එපා. තිස්පන්දහසක් තමයි; මේ වර්ෂ 1948 දී. 
1948 අප්‍රේල් 9 වනදින කොළඹ "චාටඩ්' බැංකුවෙන්  මුදල් ලබා ගත් වයිට් හවුස් මහතා; ඔහුගේ බිරිඳත් ෂොට්ලන්ඩ් මෙනෙවියත් හෝල් මෙනෙවියත් සමගින් උදෑසන 10.00 ට පමණ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයෙන් පිටත් විය.

 අශ්වබල 10 යේ සැලූන් වර්ගයේ ඔස්ටින් මෝටර් රථයේ ලාච්චුවේ පතරොම් පුරවන ලද රිවොල්වරයකින්ද සන්නාහ සන්නද්ධව  අවිස්සාවේල්ල තෙක් රිය පැදවූ වයිට් හවුස් මහතා එතැන් සිට රිය පැදවීම තම බිරිඳට පවරා වම් පස අසුනට පැමිණියේය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මෙම මුදල මංකොල්ල කෑමට බලා පොරොත්තුවූ පිරිසක් කොළඹ සිට මෙම රථය පසුපස අංක Z 4476 දරණ මෝටර් රියෙන් ලුහුබඳින්න විය.
 එම සොර කණ්ඩායමේම අනෙක් පිරිස අංක X 3025 දරණ මෝටර් රියෙන්  පැමිණ කුරුවිට අසල රැඳී  සිටියේය. 

පසුව එම මෝටර් රථ දෙක රත්නපුර හිදැල්ලනට ආසන්න පනුකැරෑපිටිය පාලම අසලදී පාර හරස් කර වයිට් හවුස් මහතා රැගෙන ආ මුදල පහැර ගැනීමට උත්සාහ කොට ඔහුට වෙඩි තබන ලදී.

වයිට් හවුස් මහත්මිය වහාම රථය එතැනින් ඉදිරියට ගෙන පාම්ගාඩ්න් තේ කර්මාන්ත ශාලාව වෙතට රිය පදවාගෙන ගිය අතර එහි තිබූ ලොරි රථයකින් වයිට් හවුස් මහතාව රත්නපුර රෝහලට ගෙනගියද ඒවන විටත් ඔහු මියගොස් සිට ඇත. 

වෙඩි උන්ඩය වැදී තිබුනේ ඔහුගේ මුවටය. මුවට වැදුණු උන්ඩය ගෙලේ දකුනු පසින් පිටව ගොස් තිබුණි.

මේ පිළිබඳව විමර්ශණ කටයුතු භාරව ක්‍රියා කොට ඇත්තේ පොලිස් අධිකාරී සී.සී දිසානායක විසින් වන අතර සිද්ධිය වන අවස්ථාවේදී; ඒ අසළින් පියෙකු හා  නාන්නට යමින් සිටි කුඩාදරුවකු මිනී මරුවන් පැමිණි එක් වාහනයක අංකය මතකයේ රඳවාගෙන පැමිණ තම පාසැල් අභ්‍යාස පොතක ලියා තබා පසුව පොලීසියට ලබා දෙන ලදී.

අප්‍රේල් 12 වනදා වන විට පොලීසිය සැක කරුවන් 12 දෙනෙකු අතඩංගුවට ගෙන තිබුනු අතර1948 නොවැම්බර් 22 වන දින නඩු විභාගය ඇරඹීය.

විත්ති පාර්ශ්වයට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ජේ ඇෆ් ඒ සොයිසා, කේ සී ද සිල්වා හා චාල්ස් ජයවික්‍රම යන නීතීඥ්ඥයින් පෙනි සිටි නමුදු 1948 දෙසැම්බර් 10 වනදා පස්වරු 12.55 ට රැස්වූ ජූරියේ ඒකමතික තීරණයෙන්  හල්පෙ මාටින්, කොටි ඇල්බට් නොහොත් ලෑතර බාස්,තෝමස් අප්පුහාමි නොහොත් සුරබියල්ද යන අය මංකොල්ලකෑම,මංකොල්ලකෑන සඳහා නීති විරෝධී ලෙස රංචු ගැසීම,මිනී මැරීම හා මිනී මැරීමට අනුබල දීම  යන චෝදනා උඩ වරදකරුවන්  තීරණය වූයේන් ඔවුන් එල්ලා මරණ ලදී.

මෙම පාලම පැවති ස්ථානය (පසුගිය පෝස්ටුවේ මැදුර යැයි සඳහන්ව ඇත්තේ අතපසුවීමකින්ය!) එදින රාත්‍රී මගේ සගයින් වෙත පෙන්වීමට මාහට  අඳුර හරස් විය.

මෙය කියවන සෑම් මහතා ඇතුළු කිසියම් කෙනෙක් මේ පිළිබඳව තව තව කාරණා දන්නේනම් මෙය පෝෂණය කරණු මැනවි.

යළිත් අපගේ පැරණි කතා බහට! කළුගඟ දිගේ . . . . !



මල පැන්න ඇස්! කරුණාසේන ජයලත්ගේ "ලස්සන ඇස්" නව කතාවේ දෙවන කොටස !

වටා පැතිරී ඇති දැඩි ඝනඳුර කපාගෙන වොට් 200 ක ධාරිතාවයකින් යුත් හැලජන් බල්බ  තිඹිරි ගෙය කර ගත් ප්‍රධාන ලාම්පු නිදිබර දෑසට මග කියයි.

පසිඳුටත් ඇනෝපිලිස්ටත් ඉදිරියේ එතෙක් පසුබා සිටි නිදිමත කිසිදු අවහිරයකින් තොරව මා වෙත අනුකම්පා විරහිතව පහර දෙමින්ය.

දෙපස කෝපි ගස් අතරින් විසල් ඇල්බීසියා කඳන් හා මහෝගනී කඳන් ප්‍රධාන ලාම්පු එළියෙන් යාන්තමින් හඳුනා ගත හැක්කේ පුරුද්දට මෙනි.

ගං ඉවුරේ සිට මෙම ගල්තාර යොදා තිබුනු ඉතා පටු මගේ මා වේගයෙන් පදවමින් ය.
මාර්ගය ඒ මේ අත හැරි හැරී අවසානයේ කුඩා නැග්මක් අවසානයේ රත්නපුර සිට පානදුර දෙසට දිවෙන මාර්ගය යැයි සිතිය හැකි කාපට් ඇතිරූ මාර්ගයකට ට්‍රක් රිය ගොඩ වුනි.

මහ සමන් දේවාලයේ වාහල්කඩ තුලින් අතුළු වී වන ගත වූ ට්‍රක් රිය යළිදු සභ්‍යත්වයට පත්වී ඇත්තේ ඊට ටික දුරක් පානදුර දෙසට වන්නටය. පාරේ බලු බල්ලෙක් නැත. 
ඔවුන්ද කොහේ හෝ අගු පිලකට වී නිදි සුව විඳිමින් විය යුතුය.

ඉදිරි පසින් වාහනයක් පැමිණියද වාහනයට පෙර මා හමුවන එහි විදුළි එළිය මාගේ දිශානතිය නිවැරදි කලේය. නින්ද පලවා හැරිය හැකි එකම ආයුධය බුලත් විටය. මෙය සෑම සියළුදෙනා හටම පොදු මෙවලමක් නොවිය හැක. මේ මට ගැලපෙන අයුරුය.

යුද්ධය පැවති සමයේ උතුරේ සිට එන සමහර හමුදා රියැදුරණ් ඇස්  කොනේ යාන්තමින් සිද්ධාලේප ආලේප කරගෙන ආ බව මා අසා ඇත. සිද්ධාලේප මගින් දෙනෙත තුල  ඇතිකරණ දැඩි දැවිළි ස්ව්භාවය නිදිදෙව්දුව නොව මෝහිණී පවා එළවා දමන්නට සමත් වන්නට ඇත.

මෙවන් සුව හසක් කැපකිරීම් කොට රැක ගත් මගේ මව බිම!

නිදි මතට කෝපි හොඳ බෙහෙතක් බව නොදන්නේ කව්ද? කෝපි වල අන්තර්ගත කැෆේන් නිදිමතට එරෙහිව නිබඳ සටනේ යෙදේ.

රාත්‍රී රියැදුරණ් බොහෝ විට කෝපි කෝප්පයක් බී බුලත් විටක් හපමින් සිගරට්ටුවක් උරමින් නිදිමත පලවා හරිණ්නට උත්සාහ ගනී.

මේ සියළු සේවා සපයන ස්ථානයක් සොයමින් මා අඩ නින්දේ තවත් වේගය වැඩිකරමින් ට්‍රක් රිය මෙහෙය විමි.
මන්ද අධික වේගය මරුවා කැඳවීමට කලින් මඳ වේගය; මා මරුවා වෙත කැඳවාගෙන යන බව අත්දැකීමෙන් මා දන්නා බැවිනි. වේගය සමග මොළයේ පරිකල්පණ වේගය වැඩි වීම නින්දට බාධා පමුණුවයි.

මා කිලෝමීටර ලක්ෂ දෙකකට වඩා පැදවූ රියැදුරෙක්මි. මා රියැදුරු බලපත්‍රය ලබා ගත්තේ 1993 වසරේදීය. මා පුරුදු පුහුණු වූයේ මා මිළට ගත් පැරණි ෆියට්  රථයකිනි.

 රිය පැදවීමේදී මා සොයා ගත් මගේ කුඩා කුඩා ක්‍රම වේද මා අනුගමනය කරයි.
ඉන් එකක් වන්නේ මම මගේ දකුණු පාදයේ විළුඹ තබා ගන්නේ තිරිංග පාදිකය හෙවත් බ්‍රේක් පැඩලය හා එක එල්ලේය.
ඇක්සලේටරය පාගන්නේ පාදය දකුණු පසට අඹරවා නො එසේනම් කරකවාය. මෙනිසා ඕනෑම හදිසි තත්වයකදී පාදය ඇක්සලරේටරයෙන් ඉවතට ගෙන බ්‍රේක් පෑගීම සඳහා අමතර වෙහෙසක් ගැනීමට මා හට සිදු නොවේ.
මන්ද පාදය ඉහිල් කල වහාම එය බ්‍රෙක් පැඩලය මත එය කෙළින් ඉබේම පිහිටීමයි.

මෙසේම නින්ද සමග සටන් කිරීමට  මට ගැල පෙන ක්‍රමවේදයන් අතර තරමක වේගයෙන් ධාවනය, කෝපි + බුලත් +සිගරට් ත්‍රිත්වය, අධික හඬින් ගීත ඇසීම හෝ ගායනය  වැනි  ද්‍රව්‍ය හා කටයුතු මූලිකත්වය ගනී.

මුල් කාලේ කොහොමට ඇත්ද?.
 (තාම කට්ට එනවා . . !)

අළුතින් යොදන ලද 32 X 11.50 X 15 ටයර ට්‍රක් රිය මහ පාරට අල්වා පරාල ඇන ගැසුවා සේ ස්ථායී තාවයක් දක්වයි. (අළුත් කියන්නේ මට අළුත්!)
වංගුවට අවතීර්ණ වෙන වේගයම පවත්වා ගනිමින් ට්‍රක් රිය; වංගු කෙළින් කරමින් ඇදී යයි. ගතවන සෑම විනාඩියක් විනාඩියක් පාසාම, පසුවන සෑම කිලෝමීටරයක් කිලෝමීටරයක් පාසාම නින්ද මා යටපත් කරමින්ය.

මා මීට පෙර පාවිච්චි කල TOYOTA BJ 60 රථයේ අසුන් ගැනීමේදී මුළු පාදයම දිග හැර ලීමට ඉඩ ඇති අතර ඇක්සලරේටරය පෑගීමේදී පාදය පහතට තෙරපිය යුතුය. එහෙත් ලොරි පොඩ්ඩාගේ රියැදුරු ආසනය වඩාත් ලංව අසුරුණු  ස්වභාවයක් ගන්නා බැවින් එහි අසුන් ගැනීමේදී පාදය තරමක් නවාගෙන සිටින්නට සිදුවේ.

BJ 60 කියන්න වදන් නෑ !

එනිසාම BJ 60 පදවන අවස්ථාවේදී හදිසියේ නින්ද ගිය විට එතෙක් උත්සාහයෙන් තෙරපාගෙන සිටි ඇක්සලරේටරය අත හැරෙණ අතර ලොරි පොඩ්ඩා පැදවීමේදී හදිසි නින්දකදී එතෙක් නවාගෙන සිටි පාදය නිරායාසයෙන් දිග හැරීමෙන් ඇක්සලරේටරය තදින් පෑදීම සිදුවේ. මෙය මරණීය තත්වයකි.

මෙනිසාම කෝපි + බුලත් +සිගරට් ත්‍රිත්වයෙන් එකක් හෝ හනික ලබා ගැනීමේ අටියෙන් මා පදවමින් විය. හදිසියේ වංගුවකින් ඔබ්බෙහි වූ කොළ පැහැති ලයිට් පොල්ල හිනෙන් මෙන් දිටිමි.
 වහා එහි නවතා ඒ වන විටත් දුම් දමමින් තිබුනු පොල් රොටියක් මැදට කොල පැහැති ලුණු පිරිස් තලියක් සැන්ඩ්විච් කොට කන්න පටන් ගතිමි.

පොල් රොටියේ දුම මොන දුමක්ද? මගේ ඉහින් කණින් දුම් දමන්නට විය.
එය; නයි කොච්චි අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන සෑදූ C4 හෝ නයිට්‍රෝ ග්ලිසරීන්  පල්පයකි!
 පෙර මා සඳහන් කල රණවිරු රියැදුරු මල්ලිලා හට මේ අනුපානය තිබ්බානම් සිද්ධාලේප වෙදමහත්තයා පසුපස යන එකක් නැත !
කෝපි කෝප්පයක්ද බී බුලත් විටක් ගෙන බුලත් කොලයක් හා පුවක් කැබැල්ලක් මුව රුවාගෙන අනෙක් අවශේෂ අඩු පාඩුද මග අරවා ගෙන නැවත ධාවනය ඇරඹිමි.

රත්නපුර සිට කළුතරට කිලෝමීටර 80 කට ආසන්න දුරක් පවතී. මේ වන විට මා කිලෝමීටර 20 කට 30 කට වඩා දුරක් ගමන් කොට නැතිව ඇති.
 නැවත රියැදුරු අසුනට පැන යලිත් කාලය හා සටනට පිවිසියේය.

මගේ එකම බලා පොරොත්තුව කඩවත සිට තෙශාන්ත සමන්දේවාලය අසලට ගොඩ බසින  වෙලාව ආසන්නයේම කළුතරට ගොස් නැවත බසයක පැමිණීමය!

මා කෙතරම් වේගයකින් ගියා දැයි මා හට දැනීමක් නොමැත. මන්ද ලොරි පොඩ්ඩා ඒ අතින් ගොළුවෙකි. වේග මානය, ඉන්ධන මානය, ඇතුළු කිසිදු මානයක්  තබා අවමානයක් වත් ක්‍රියා කරණු මා කිසිදා දැක නැත!

ඒවා සියල්ල ගොළුවන් බිහිරණ් සේ නිසොල්මනේය!! කෙසේ හෝ මා පාන්දර 3.45 - 4.00 වන විට කළුතර දකුණ පොලීසිය පසුපස වෙසෙන විෂ්ව ධර්මදාසගේ නින්දට කෙළා වදාරණ්නට හැකියාව ලදිමි.

වාහන විෂ්වගේ මිදුලේ ගාල් කල මා එතැන් සිට එක දිගට කිලෝ මීටරයක එක හමාරක පමණ දුරක් හැල්මේ දිවැවිත් නැවත ගාළු පාරට පැමිණ මා පසු කර යන කාර් ලොරී බර කරත්ත වෑන් ත්‍රී වීල් මෝටර් සයිකල් ආදී එකී නොකී මෙකී සියල්ලටම අත අල්ලමින් ලයිට් එලියට දෙහි මූනක් නො එසේනම් දුක්බර; මල ගෙවල් මූනක් දමාගෙන සිටියෙමි.

මුළු මහත් රාත්‍රියක් නිදිවරා, ඇස් රතු කරගෙන, රැවුළ එහෙන් මෙහෙන් ඇදුණු මුහුණෙන්ද, ඔළුව පුරා හමක් මිස කෙසක් නැති තට්ටයකින්ද යුතුව පාර අයිනේ සිට වාහන වලට අත ඇල්ලීම කෙසේ වන්නට ඇත්දැයි සිතා ගත හැකි නොවෙද?

වන්නුපථ ජාතකයේ දිය රකුස් මෙන් වන්නට ඇතැයි මේ මොහොතේ මට සිතේ. (ජාතකේ හරි නේද?)

කෙසේ හෝ තවත් විනාඩි 20 කින් පමණ දෙනියායේ සිට පැමිණි යානාවක නැගී මාහටද පියාසර කිරීමට හැකිවිය. ඒ පානදුරටය. පානදුරට පය තබනවාත් සමගම අසන්නට ලැබුනු ආරංචිය කන්තක අස්සයාගේ රෙකෝර්ඩ් එක මා අතින් බ්‍රේක් වන්නට ඔන්න මෙන්න විය.

ඒ නේරංජනාවෙන් එතෙරට පැනීම නොව හද පැලී මියයාමය!

"අර යන්නේ පානදුර බස්සෙක තමයි. ඉක්මනට එන්න එපායැ . . . !"

"$#@%#$^%&((+_))&&%%#%#@RF{)*ණ්>Mඝ්U^%(*))_"

ඊළඟට බස් එක පිටත් වන්නේ පාන්දර 4.50 වැනි කැඩිච්ච වෙලාවකට ය.

ඒක එසේ මෙසේ බස් රියක් නොවීය. පානදුර - අම්පාර වාගේ මතකය.
රියැදුරා උස් ද්‍රවිඩ ජාතිකයෙක් විය.
ඔහුට බස් රිය විහිළුවක් වාගේ විය.
පානදුරෙන් නික්මී ස්වල්ප වේලාවකින්; ඔහු බස් රිය උඩු සුළඟේ පාකර හැරීය.

 අශොක් ලේලන්ඩ් යානය ඉතා පහලින් පියාසර කලේය. ඉඳ හිට එය පොලොවේ ගැටිණි. ඒ  බස් නැවතුම් පොලවල් අසලදීය!

නිවෙසින් පිටත් වූ තැන් පටන් රාත්‍රිය පුරාවට නිදිවර්ජිතව මා කිලෝමීටර 170 ක දුරක් රිය පදවා; කිලෝමීටර 250 ක දුරක් ඒවන විට ගමන් කොට තිබුනි!

උදෑසන 6.00 වන විට මා නැවතත් මහ සමන් දේවාලය අසල විය. මා බසයෙන් බැස්සේ කුඩා බේකරි කඩයක දොර කඩටය.
 එතැනින්; ළමා ළපටින් හට සීනි සම්බෝල පාන් හා බිත්තර පාන්ද ගෙන නිකමට මෙන් තෙශා ඇමතීමි.

"මචං තෙශා උඹ කොහේද ?"

" මෝනිං මචං! මම මේ සමන් දේවාලය ලඟින් බැහැලා අරුං ඉන්න තැනට යන ගමන්! උඹ කොහේද?"

"මාත් ළඟ ළඟම . . . "

මම පාර පැන තී වීලරයකට නැග ගත්තෙමි.

"මල්ලි ඔහොම යං !" විධානය දුනිමි.

ත්‍රී වීලරය ප්‍රධාන පාරෙණ් හැරී රබර් රුප්පාවක් අතරට වැටිනි. මීටර 100 ක් පමණ දුරක් යන විට දන්නා කියන රුවක් පාර අයිනේ අපට පිටුපා යමින්ය.

"මල්ලි අන්න අර බුවාත් අරණ් යං . !

"අඩෝ තෙශා නැගපං !" තෙශාගේ මුහුණ කිරි හට්ටියක් මෙන් විය! (කිරි සහිත)

යාන්තමින් වැළි තොටු පොළට යන පාර සොයාගෙන ඉසව්වට පැමිණියෙමු. අප එතැනට යන විට පසිඳුත් ඇනෝත් කයාක මත අපගේ බඩු බාහිරාදිය කිසියම් පිළිවෙලකට අතුරා තිබුනි.

"කොල්ලනේ මෙන්න කාපල්ලා . . . .!"

"අම්මට සිරි මෙන්න ඩබලම ඇවිත් . . . . !"

"තෙශා මෙන්න මූ තමයි ඇනෝ - මල්ලි මූ තමයි තෙශා . . !"

"එළ . . . . !"

"එළ . . . . . . . . !!"

"එළම එළ . . !"

මුද්දා හෙවත් ඇනෝ ගේ සෙල්ෆි සටහන !
මනට අපිට කලින් කයාක් සූදානම්ව!


තවත් ගමන් ගහක මුල් !


දැං කොහෙද බං යන්න තියෙන්නේ? මෙතනින් මෙහාටද? මෙහාටද?

එහෙනං දැන් යන්න තමයි තියෙන්නෙ! 

හරි එහෙනං යන්න සෙට මෝල් වෙමු! 

එළ!


ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම - කළුතරට !


62 comments:

  1. පිඹගෙන ගිහින් මටත් හති වගේ...
    අර බස් එකේ driver ගේ පැටිකිරිය නම් සැක සහිතයි. මීටර් ; සංඥා වැඩකරන්නේ නෑ කියනවට වඩා බුම්මාන ඉන්නවා කියන එකත් එක්තරා කලාවක් තමයි. ( මෙයාගේ මේ ලොරි පොඩ්ඩාගේ ලොකු කම් අහල දැන් ඇතිවෙලා තියෙන්නේ... ගඟේ ගියත් කයාක් වලට වඩා මේකේ තෝරන් විස්තරේනේ තියෙන්නේ.. හ්ම්ම් හ්ම්ම් ඒකත් තට්ට මෙතඩ් එකක් වෙන්න ඇති..)

    අදත් තාම ඉවුරේ.. අනේ මන්ද අපිව මුලා කරනවද කියල.

    ReplyDelete
  2. එළ, අම්පාර නෙවි උඹ ආවේ මඩකලපුව බස් එකේ.. මම අවෙත් ඒ වගේම උඩින් යන මොනරාගල එකක...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන එකසිය ගානට! ඒකනේ බොරු කියලා බේරෙණ්න බෑ කියන්නේ. අම්මපා උන්ගෙ එලවිළි තමයි එලවිළි.

      Delete
  3. මෙවැනි ගමන් වලදී මළපහ ආදිය කරන්නේ, ශරීර පිරිසිදු කිරීම ආදිය කරන්නේ කෙසේද මහත්මයා? පෝටබල් ලැට් එකක් රැගෙන යනවාද?
    කෑම බීම, අරක්කු, සිගරට්, මුදල්, ආදිය කොහොමද රැගෙන යන්නේ? වනජීවී දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය වගේ ආයතන වලින් අවසරය ගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. නෑ! සියළුම ශරීර සුවතාවයන් පිරිමසා ගන්නේ; එඩ්වඩ් ජයකොඩි කියනවා වගේ " ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ - සයුරු මායිමේ පුළින තලාවේ... //" තමයි. හැබැයි අපි ඒ සඳහා පෝටබල් ටොයිලට් එකක් ගෙන නොගියාට ඕනම තැනක් ටොයිලට් එකක් කර ගන්නට හැකි කුඩා පෝටබල් සවලකුයි අරණ්; ලැජ්ජාව ගෙදර තියලායි යන්නේ. ඒ පෝටබල් සවලෙන් කුඩා වලක් හාරා ගත හැකියි පහසුවෙන්ම. එක් අයෙක් හාරා වැසූ වලක් තව එකෙකු විසින් හෑරීමට යෑම වලකා ලීමට අපි පුරුද්දක් ලෙස පොඩි කෝටු කෑල්ලක් හිටවනවා. සියළු පවිත්‍රතා කටයුතු සිදුවන්නේ ගලනා ජලයෙන්ම තමයි. අනවසරයෙන් වැලි ගොඩ දමන, මැණික් ගරණ, ඉල්ලං හෝදන ගංගා ඇල දොළ පද්ධතියක් ඇති රටක ඒ මතුපිට යාත්‍රා කරණ්නට මේ වන තෙක් අපට ප්‍රශ්නයක් උනේ නෑ!

      Delete
  4. පට්ට !

    අම්මෝ BJ 60 තියෙන ගැම්ම . මාලිගාවේ කරඩුව වඩම්මන ඇතා වගේ .

    BJ 60ත් එක්ක අපේ බීම බට වෙසක් කූඩු දකිද්දී හිනා යනවා .අයියේ !

    ReplyDelete
    Replies
    1. කොල්ලො ඒක නෙවෙයි මම මේ ඊයෙ පෙරෙදානේ උඹේ අර හුලං කපොල්ලෙ හොල්මං බංගලාවෙ සීන් එක දැක්කෙ! කොර උනා එහෙම පිටින්ම!
      ඔව් මල්ලි කොල්ලාව රට යවන සීන් එකට BJ 60 ය දිවි පිදුවා! ඒක හරිම දුක්ඛ දායක සමු ගැන්මක්! ඒකෙ තිබ්බ වින්ච් එක ගලවා ගත්තා! එළ!

      Delete
    2. තුතී වේවා අයියේ ! කියෙව්වා ට.

      ඇත්තටම කොහොමද එහෙම දෙයක් වෙන්නේ TRJ150W එකකට .

      වොරන්ටි පීරියඩ් එකේ හින්දා කොලබ ආපු ගමන් ම කරේ ටොයෝටා ලංකා දාල බලවපු එක. බ්ලැක් බොක්ස් රීඩ් කරලා බැලුව අවුලක් නෑ කියනවා . ෆ්රන්ට් කැමරාව ගත්ත වීඩියෝ එවිඩන්ස් සුදු පාට වෙලා තියෙනවා කියල කිව්වේ . එක පුදුමයි කියල කිව්වා . ඒකේ ඒ වෙලාවේ අවුලක් ඇති කියල ඒක දාල දුන්නා.

      Delete
    3. සමහර ඔවැනි දේවල් වලට හේතු නෑ. අපේ බොහො පඬිතුමන්ලා ඔය වගේ සීන් දකින්නේ එක්කෝ නිව්ටන්ගේ ඇහෙන් නැත්නම් රදර්ෆර්ඩ්, ජේ ජේ තොම්සන්, වගේ එකෙකුගේ ඇහෙන්. ෆිසික්ස් වලට කෙමෙස්ට්‍රි වලට අහුනොවෙන දේවල් සියල්ල බොරු කියලායි හිතන්නෙ. ඔයාට මම හොඳ දෙයක් කියන්නම් අත් විඳින්න. අද උනත් බලන්න. හරියටම රාත්‍රී 12 ට අවට පරිසරයම වෙනස් වෙනවා. එක්කෝ වහින්න පටන් ගන්නවා. නැතිනම් නවතිනවා. හුළඟ හමන්න පටන් ගන්නවා. කුමක් හෝ වෙනසක්!

      Delete
    4. ඔව්, ඔබතුමා කිව්වා වගේ හැමදෙයක්ම විද්‍යාවෙන් සාධනය කරන්න බෑ . අනික අපේ ගොඩ දෙනෙක් කථාකරන විද්‍යාව මම දකින්නේ ඉතිහාසය විදියට. සියවස් දෙකකට වඩා පැරණි සමහර සිධාන්ත මත ඉදගෙන කථාකරනවා . ඒක කොතරම් දුරට පදනම් විරහිතද ?

      අන්වීක්ශය හොයාගන්න පෙර සිටම කුෂ්ද්‍රජීවීන් හිටියා. උන් බලාගන්න අපිට අන්වීක්ශය හදනකන් ම ඉන්න උනා . ඔය වගේ තමයි හැමදෙයක්ම. මම හිතන විදියට අපි ත්‍රිමාන ලෝකයේ තනි වෙලා. එහෙම නැත්තම් කොටු වෙලා. අපි කථා කරන්නේ හැම දෙයක් ම යම් ඉතිහාස ගත පදනකම ඉදලා.

      කෙටියන් ම කියන්නවනම් අපි හැමෝම ජීවත් වෙන්නේ සංකල්පීය ලෝකයක. කල්පිත එක්ක .

      Delete
    5. /// කොල්ලො ඒක නෙවෙයි මම මේ ඊයෙ පෙරෙදානේ උඹේ අර හුලං කපොල්ලෙ හොල්මං බංගලාවෙ සීන් එක දැක්කෙ! කොර උනා එහෙම පිටින්ම! ///

      ලින්ක් ප්ලීස්...

      Delete
    6. http://magelokaya01.blogspot.com/2017/12/blog-post_20.html?m=0

      Delete
    7. හොයාගෙන ගිහින් බැලුවා, කලින් මිස් වෙලා තිබ්බ බ්ලොග් එකක්...
      රෝලට ඔබා ගත්තා...

      Delete
    8. මාත් කියෙව්වෙ දැං

      Delete
  5. මං හිතුවෙ ලක්ශ දෙකට වඩා හුඟක් ඇති කියල. හුඟක් බයිසිකලේ පාවිච්චිය නිසා වෙන්න ඇති අඩු වුනේ

    ReplyDelete
    Replies
    1. මේ දාන්නේ කින්ඩිය එහෙම නොවෙයි නේද ම්ගෙ උගත් මිත්‍රයා?

      Delete
    2. නෑ. ඇයි එහෙම ඇහුවෙ?. මං මේ ගිය අවුරුදු දෙකකට විතරක් 55,000 km ක් පමණ නිසා, මං ඇත්තටම හිතුවා ඔබතුමා 200,000/- වැඩිය ඇතියි කියලා. ඒත් මං බයිසිකලේ, කැනූ, කයෑක් නොකරන නිසානෙ. ඔබතුමා රෝද 4, 2 සහ නැති තුනම එකතුව මිලියන් එකක් විතර ඇති

      Delete
    3. ඇත්තටම එහෙම කිව්වේ යටි අරමුණක් ඇතිව. කිලෝමීටර ලක්ෂ දෙකක් ඩ්‍රයිව් කලාට පස්සෙ තමයි පලපුරුදු රියෙදුරෙක් බිහිවන්නේ කියලා පිළිගැනීමක් තියෙනවා. මම නොකියා කිව්වේ ඒකයි! මමත් සෑහෙන්න ඩ්‍රයිව් කරලා තියෙනවා කෑලි හැලෙන ඒවායින්! හි! හි!!

      Delete
  6. අම්මෝ ගල් පාන්දර රත්පුර පානදුර පාර කියන්නෙ ඉතින්.

    මම නම් කරන්නෙ මද වේගෙන් යන වාහනයක නැට්ට වෙන එක නැත්තම් කං අඩි පැලිල මැරෙන්නෙ සීතලට

    ReplyDelete
  7. අපි එහෙම බිල්ලට එකෙක් තියාගෙන යන්නේ හයි ස්පීඩ් යන කොට පොලීසියට මාට්ටු වෙයි කියලා! එළ! ඔව්
    බං මේක රෝගයක් බේත් නැති!😂😂😂

    ReplyDelete
  8. මම තවම "කළු ගඟ දිගේ 5'' සම්පුර්ණයෙන් කියෙව්වේ නැහැ. මුලින් තියන 'වයිට් හවුස් මිනි මැරීම' කොටස පමණක් කියවලායි මේ ප්‍රතිචාරය ලියන්නේ. මුළු කතාවම රස විඳිමින් කියෙව්වොත් පිළිතුරක් ලියන්න වෙලා මදි වෙනවා. ඒක ගැන හෙට පිළිතුරක් ලියන්නම්.

    මම බොහොම පුංචි කාලේ වයිට් හවුස් මිනී මැරුම ගැන අහලා තියනවා. මම එතකොට දැනගෙන හිටපු එකම වයිට් හවුස් එක හයි ලෙවල් පාරේ නුගේගොඩ බලපොකුණ පාර ළඟ තිබුන වයිට් හවුස් නම්වූ ලොකු, සුදු තට්ටු දෙකේ ගෙයයි. මම එකල හිතාගෙන හිටියේ ඒ ගෙදර සිදු වූ මිනී මැරුමක් වයිට් හවුස් මිනීමැරුම ලෙස ප්‍රසිද්ධව ඇති බවයි. නමුත් මට ටිකක් දැනුම් තේරුම් ඇති කාලේ (70 දශකයේ) නිතරම වගේ මම තාත්තාත් සමග රත්නපුරය/මාදම්පේ/ රක්වාන හරහා බුත්කන්ද දක්වා ආවා ගියා. අපි බස් එකෙන් යනකොට වයිට් හවුස් පාලම, මාදම්පේ වතුයාය ආදී තැන වලදී තාත්තා ඒ ඒ සිදුවීම් සහ ඒවාට අදාළ ස්ථාන මට පෙන්වා දී තිබුනා. ඒ මතකයෙන් තමයි මම ඔය මිනීමැරුම වයිට්හවුස් මහතාගේ නේද කියා ඇසුවේ .

    වයිට් හවුස් මිනීමැරුම එතනින් ඉවර උනේ නැහැ. ඒකේ මූලික විත්ති කාරයෙක් වෙච්ච A . R . පීටර් පෙරේරා හෙවත් 'ලෑතර බාස්' ව මිනීමැරුම් නඩුවෙන් බේරා ගන්න මුදල් හොයාගන්න එයාගේ මස්සිනා වන ජේමිස් සෙනෙවිරත්න තවත් ගේමක් දුන්නා. හාර ලක්ෂෙ මංකොල්ලය හෙවත් සිලෝන් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය/ ජෝන් සිල්වා මිනීමැරුම යන ලංකාවේ ප්‍රසිද්ධම මංකොල්ලය / මිනීමැරුම ලෙස සැලකිය හැකි අවාසනාවන්ත සිද්ධිය ඇති උනේ එහෙමයි.
    පළමු මංකොල්ලය නිසා ජෝන් වයිට්හවුස් වෙඩි තබා ඝාතනය කල අතර ලෑතර බාස් , හල්පේ මාටින්, සුරබියෙල් , කොටි ඇල්බට් එල්ලා මැරුවා. දෙවන මංකොල්ලයේදී ජෝන් සිල්වා ගෑස් මාස්ක් එකක් දැමීම නිසා මියගිය අතර ජේම්ස් සෙනෙවිරත්න,ජයනන්ද ප්‍රේමලාල් ,වර්ලිස් මුණසිංහ, විජේදාස පෙරේරා එල්ලා මැරුවා . අන්තිමට දහ දෙනෙකුට ජීවිත අහිමි උනා. මේ අතුරු කතා කළු ගඟේ වීර චාරිකා වල රස වින්දනයට බාධාවක් නොවේ යැයි සිතමි. කළු ගඟ දිගේ 5 ට හෙට පිළිතුරක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. හිතාදර සෑම් මහතාණෙනි,

      මොන පිස්සුද? මෙහෙම තමයි කයිවාරු ගහන්නේ!? කථා මැද තවත් කථා ! අතුරු කතා!! කොයිතරම් සුනදරද අපි මේ පරණ කථාන්දර කියව කියවා ගඟේ යන ගමන?

      ඔබ කිව්වා හරියටම හරි. ටර්ෆ් ක්ලබ් එකේ හාර ලක්ෂේ මංකොල්ලේ කෙරුණේ මේ අය බේරා ගන්නට සල්ලි හොයා ගන්නට ගිහින් තමයි.
      ටයිටස් තොටවත්තයන්ගේ අධියුරුවමින් එය ලංකාවේ ප්‍රථම ඇක්ෂන් චිත්‍ර පටය ලෙස එය එලිදැක්වෙනවා. ඇත්තටම මම හිතන විදියට එය පළමු වගේම අවසාන එක කියලයි.
      අපි ලියා තබමු මේ සයිබර් අවකාෂයේ මේ දේවල්. කවදා හරිඔ කවුරු හෝ කියවයි.
      //ලක්ෂ හතරක් හොරකම් කරගෙන - ජීවිතයත් නැතිකර ගෙන . . . . . // ඇන්ටන් ජෝන්ස් ගැයුවේ මේ ගැනයි.

      සුන්දරයි මෙවැනි මතක මතක් වෙන කොටත්!

      Delete
    2. 5 වැනි කොටස සම්පුර්ණයෙන්ම කියෙව්වේ අදයි. රස වෑහෙන ආකාරයට ලියලා තියනවා. අතුරු කතාවල් නිසා පස්වෙනි කොටසෙනුත් වතුරට බහින්න බැරි උනානේ.
      නිදිමතේ එලවන එක නම් නොකරන තරමට හොඳයි. ඒ වාගේම ලංකාවේ 'වෘත්තීය නොවන' රියදුරෙක් කිලෝ මීටර් ලක්ෂ දෙකක් දිව්වා කියන්නේ ආඩම්බර විය යුතු දෙයක්.
      මීට පහලින් තියන ඇනෝ ගේ කොමෙන්ට් එකට ඔබතුමා දීපු පිළිතුරේ අංක 5 යටතේ තියන කාරණය ගැන මම ටිකක් පැහැදිලි කරන්නම්. ඕස්ට්‍රේලියාවේ ට්‍රක් රියදුරන්ට දිනකට එලවන්න ඉඩ දෙන්නේ සීමිත දුරක් පමණයි. ඔවුන් ලොග් පොතක් පාවිච්චි කල යුතු අතර ඒ පොත සෑම මොහොතකම 100% නිවැරදිව තබා ගත යුතුයි. ට්‍රක් රියදුරෙකුගේ දිනක උපරිම සේවා කාලය පැය 14 යි. එයින් වාහනය එළවීමට අවසර ඇත්තේ පැය 11 ක් පමණයි. ඉතිරි කාලය ලොග් පොතේ සටහන් තබා විවේක ගත යුතුයි. ප්‍රධාන මාර්ග වල බර වාහන ධාවනය නිරීක්ෂණය කිරීමට ඒ සඳහාම විශේෂිත වූ කැමරා (national safety camera network) සවිකර තියනවා.( විස්තර මෙහි තියනවා https://www.nhvr.gov.au/safety-accreditation-compliance/national-compliance-information-system )හරකුන්, බැටළුවන් වැනි සතුන් ප්‍රවාහනය කිරීමේදී පමණක් කලින් ලබාගත් අවසරයක් මත වැඩි වෙලාවක් රිය පැදවීමට අවස්තාව ලබා දෙනවා. නමුත් ඉන්දියාවේ/ චීනයේ වගේ එක දිගට දවස් ගණන් නොකඩවා එලවන්න කොහොමවත්ම ඉඩ ලැබෙන්නේ නැහැ. කුඩා වාහන වලට නම් සීමාවක් නැහැ. නමුත් අඩු දුරකදී උනත් රිය පැදවීමට නොහැකි තරම් මහන්සිය (fatigue) සහිතව රිය පැදවීම දඬුවම් ලැබිය හැකි වරදක්. මං වගේ පිස්සෝ නම් (පිස්සන්ට හැතැක්ම නැහැනේ ) දවසට 1500 එලවපු අවස්ථාත් තිබුනා. නමුත් ඒවා තරුණ කාලේ කරපු මෝඩ කම් . ඉස්සර northern territory එකේ ප්‍රධාන නගර සීමා වලින් පිට වේග සීමා තිබුනේ නැහැ. නීත්‍යානුකුලවම තමන් කැමති වේගයකින් යාමට අවස්තාව තිබුනා. දැන් එහි වේගය 130 ට සීමා කරලා නිසා ඒ කාලේ ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත එක ගැන සතුටුයි.
      කළු ගඟ දිගේ ඊළඟ කොටසෙනුත් මොකක් හරි සංවාදයක යෙදෙමු. ස්තුතියි.

      Delete
    3. අතිශය සුන්දර විස්තරයක්. මාහට කමෙන්ට් ලියන විජේබාහු මහත්තයත් ඉන්නේ කැන්ගරු දේශයේ මයි නේද? ඔබ තුමන් දෙපල පටන් ගන්නකෝ බ්ලොගයක් අපිට නුහුරු නුපුරුදු දේ ගැන කියවා බලාගන්නත් එක්කම.

      Delete
  9. ලංකාවේ ඉන්නේ මොන ලපටි රියදුරන්ද. කාන්සියට බාබුල් කමින් දිවා රාත්‍රී දින ගණන්, හැතැම්ම දහස් ගණනක් ඉන්දීය බෝඩරය හරහා චීනය වෙත රිය පදවන ඉන්දීය ලොරි රථ රියදුරන් ගැන බලන්න.

    එයාලා දකුණු ඉන්දියාවේ සිට උත්තර ප්‍රදේශ් හරහා නේපාල රටේ දුෂ්කර කඳු තරණය කරමින් චීනය දක්වා ඉපැරණි ඇති දුෂ්කර සේද මාවතේ අධි බලැති ටර්බෝ ඩිසල් එන්ජිම සහිත ලොරි රථ ෆුල් ලෝඩ් කරන් යන්නේ. එක දිගට දින හතර පහ එන්ජිම ස්ටාර්ට් එකේ. වාහනේ ඇතුලේ කෑම සාදාගැනීමට අවශ්‍ය භාජන, ගෑස් ලිප්, නිදා ගැනීමට අවශ්‍ය මෙට්ට, ඇඳුම්, වතුර, කෑම බිම සියල්ල රැගෙන යන්නේ. එක දිගට කිලෝමීටර් හය හත්සිය රිය පදවනවා.

    දකුණු ඉන්දියාවේ සිට එක දිගට කිලෝමීටර සිය ගණන් ඇති වගාවන් පහු කරමින්, දුෂ්කර හෙල්ගිරි අතරින්, නේපාල බෝඩරය පහුකරන්, හිමේ ගමන් කරනවා එක දිගට.

    ලංකාවේ මාතර ඉදන් යාපනේට ගියත් කිලෝමීටර් 400 යි. ඕක ඉන්දියානු ට්‍රක් රථ රියදුරෙක් එක දිගට නොනවත්වා යන ගමනකින් භාගයක් වගේ. ලංකාවේ රියදුරෙක් ඔය මාතර ඉදං යාපනේ ගියා නං හතර පස් පොලක නවත්තලා ලත වෙයි. ඒ තියා මේකේ එක දිගට කිලෝමීටර් 170 ක් රිය පදවා, තවත් කිලෝමීටර් 250 ක් ගිය එක ලොකුවට ලියලා. මොන බබ්බුද මේ? පොඩ්ඩක් මේ ළිදෙන් එලියට ගිහිං බලන්න. ලංකාවේ කොළඹ ඉදං බදුල්ලට දුම්රිය පාරේ දිග කිලෝමීටර් දෙසිය ගානක්. ඕකවත් හරියට දුවාගන්න බෑ ලංකාවේ තොත්ත බබාලට. හැබැයි ඉන්දියන් රේල්වේ සර්විස් එකේ එකදිගට කිලෝමීටර් 1800 යන දුම්රිය තියෙනවා. දවස් ගණන් මෙව්වා නොනවත්වා දුවනවා.

    ගුඩ්ස් කැරියර්. ඕල් ඉන්ඩියා පර්මිට්. බ්ලොව් හොර්න්. යුස්‌ ඩිපර් ඇට් නයිට්... විතවුට් ට්‍රක්ස් ඉන්ඩියා ස්ටෝප්ස්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මූන නැතිව හරි කමෙන්ට් කලාට.

      1. මා වෘතීය රියදුරෙක් නොවන්නෙමි.

      2. ඔබ පවසන ඔය සිරා රියැදුරන් නොව ඕනෑම අයෙකු බිහි වන්නේ ඔහුට අති අවශ්‍යතා මතය. කුමාර් ආනන්දන් තනි කකුලෙන් සිට ලෝක වාර්ථාවක් තැබූ පලියට අප තනි කකුලෙන් ඉන්නට අවශ්‍ය නොවන බව මාගේ හැඟීමයි.

      3. බාබුල් ඇරෙන්නට කිලෝමීටර් සිය ගනනක් ඇතුලත යමක් ගන්නට කඩයක් තබා කඩ තට්ටුවක් වත් නොමැති රටක සේම මාතර සිට යාපනයට යන රියෙදුරෙකුත් නොකා නොබී යා යුතුද? අනෙක ඉන්දියාවේදී ඔවුන් ලබන සොච්චම් වැටුපට බාබුල් එකක් ඇරෙන්නට වෙන යමක් කන්නට නොහැකි බව මා සිතමි.

      4. ඉන්දියාව ආදර්ශයට ගඇනීමට ගියහොත් ඔවුන් දුම් රිය සේවාව තම එදිනෙදා වැසිකිළි කැසිකිළි කටයුතු සඳහා යොදා ගන්නා ආකාරයත් වාර්ථා ගතයි. එහෙත් දෙයියනේ කියලා තමන්ටම නො එසේ තමා ජීවත් වන වටාපිටාව තුල වැසිකිළියක් ඇති අප ඉන්දියාවේ රෙකෝඩ් ගැන කල බල විය යුතු නැත.

      5. ට්‍රක් රියැදුරණ් ගැන උදාහරණ දෙනවා නම් එයට ඉන්දියාව බාල වැඩිය. මා සිතන පරිදි දීර්ඝතම ගමන් වාර වල යෙදෙන ට්‍රක් රියැදුරන් සිටින්නේ ඕස්ට්‍රේලියාවේය.

      6.කිලෝමීටර 170 ක පැදවීමක් හෝ 250 ක ගමන් වාරයක් නිදිවර්ජිතව කිරීම ලොකු දෙයක් නොවේ; පසුවදාට නිදා ගැනීමට හෝ අවම වශයෙන් පුටුවක වාඩිවී වත් සිටින්නට ඇත්නම්. පසුවදාට කල යුතුව ඇත්තේ කිසිදා නොදන්නා ගඟක යාත්‍රා කිරීමටයි.

      7. මා ලියන සෑම මෙවන් පෝස්ටුවක් තුලදීම අප විඳි කරදර, ගැහැට ලියන්නේ ඒවා ඉතා සාමාන්‍ය දෙවල් බව කියා පෑමට විනා පොර ටෝක් එකක් ලෙසට නොවේ. ඕනෑම සාමාන්‍ය අයෙකු මෙවන් දේ කරණ්නට යෑමේදී මුහුණ දෙන අතිශය සාමාන්‍ය අවුල් වියවුල් වලට අපටද මුහුණදුන් බව පසක් කිරීමට විනා "මේවා අපි කලාට වෙන කාටවත් හිතන්න වත් බැරි දේවල් යැයි කියා පෑමට නොවේ.

      8. මාගේ මිත්‍ර "අටමා" තමාගේ බ්ලොගය තුල බොහෝ වාර ගනනාවක් මහන යන්ත්‍ර අළුත්වැඩියාව ගැන ලියා තබා ඇත. ඒ ලියා ඇත්තේ මේ ලෝකේ මහන යන්ත්‍ර හදන්නට දන්නා එකම කෙනා ඔහු පමනක් වන බැවින්ද? එසේම ඔහු ඒ ලියා ඇත්තේ තවත් "මිකෑනික් පකීර්" කෙනෙකුට දැක "අයියෝ මොනාද මේ විකාර කියා" කියන්නටත් නොවේ. ඔහු ඒ ලියා ඇත්තේ ඒ ගැන උනන්දුවක් ඇති අයෙකු හට අත්වැලක් වනු පිණිස විය යුතුය. තමාට එය නොගැලපේ නම් හෝ; තමාට තරම් නොවේ නම් කලයුතු දේ මොකක්දැයි කියා මා නොකීවාට ඔබ දන්නවා ඇතැයි සිතමි.

      9. මේ පෝස්ටුව අත්තෙන්ම ලියා ඇත්තේ බබාලට කියා ඔබ සිතනවා නම් ඇත්තෙන්ම මා අතින් සිදුවී ඇති කාරණය ගැන මා උදක්ම සතුටු වන්නෙමි.
      මන්ද බබාලා වෙනුවෙන් ලියැවුනු එකම බ්ලොගය මෙය වන බැවින්.

      Delete
    2. ඉන්දියන් දුම්රිය සේවය ගැන කියපු දේවල් වලට හැර අන් සියල්ලන්ටම එකඟයි.
      ප්‍රේඩි සිල්වා නැතත් ඉස්සර නන්දන වින්දන විලය ගිය සින්දුවක් මතක් උනා
      පාන්කිර්ත්තා තක්කිට තරිකිත උඩ පැන පැන නටතෙයි.............
      තට්ටයා අන්කල් අයියාට තේරෙන්න ඇතැයි සිතමි

      Delete
    3. ඉන්දියාවේ ටිකක් ඇවිදපු එකෙක් ගෙන් අහන්නකෝ ඒකත් බොරුද කියා? උදේට ගෑනු මිනිස්සු බලාන ඉන්නවා ස්ටේශන් වල දුම්‍ රියක් එන තුරු. ඊට වහා ගොඩවී වැසිකිළිය පාවිචියට. මා දින හතක් ඉන්දියාවේ හිටියා 1994 දී. ඇත්තටම උන් මරු පොරවල් ය.

      Delete
    4. Reality in Indian train: http://ambalangodakatha.blogspot.com/2016/07/5.html

      Delete
    5. උදාර මල්ලි මෙන්න මේක කියවලා බලාන්නකෝ. http://ambalangodakatha.blogspot.com/2016/07/5.html දැන් වත් පිළිගන්න ඔය සිරා රටේ තත්වය. මිනිහෙක් කිලෝමීටර 50 ක දුරක් ගෙවාගෙන රස්සාවකට යන එකයි කිලෝමීටර 20 ක් ගෙවාගෙන පාං ගෙඩියක් ගන්න යන එකයි එක සමාන නෑ. මම මේ චාටර් එක කන්නේ මගේ විනෝදාංශය වෙනුවෙන්!

      Delete
    6. බොහොම සුන්දර චාරිකා සටහනක්! ස්තූතියි ඔත්තුව සැපයූවාට!

      Delete
  10. හාරලක්ෂේ මංකොල්ලෙ චිත්තරපටියෙ කොටසක් මාත් බලල තියෙනව ටීවියෙකේ. ඒ 1994-1995 වගේ කාලෙදි. ඒක නං හැබෑම ක්‍රියාදාම චිත්‍රපටියක් කියල දැන් තමයි තේරුම් යන්නෙ. ඒ දවස්වල මං බලල තිබුණෙ චිත්‍රපටි 2ක් 3ක් වගෙ හින්දා ඊට වඩා ඒ ගැන කියන්න දැනුමක් තිබ්බෙ නෑ.

    නින්දෙං එලවීම නං අනුමත කරන්න බෑ මාමෙ. ඔන්න දවසක් අපි දෙන්නයි අපේ ඔපිස් එකේ කෙනෙකුයි අපේ නැන්දම්මලෑ ගෙදර ගියා. එදා රෑ නිදාගත්තෙ 10 ත් පහුවෙලා. ඒත් නිදාගන්න හැටියක් නෑ අපේ මාමණ්ඩියා මොකද්දෝ ලබ්බක් බලනව ටීවියෙකේ (ඒ යකාගෙ හැටි එහෙම තමා. අනුං ගැන හිතිල්ලක් නෑ.) අන්තිමට මට රෑ එළිවෙනකම්ම නින්ද ගියෙ නෑ. පහුවදා එත්දි අවුව මූනට වැටෙනකොට නිදිමතයි. මගදි සිකරැට්ටෙකක් බීලත් බැලුව ඒත් හරිගියෙ නෑ. හරියටම හල්දුම්මුල්ල පහුවෙනවත් එක්කම තියෙන තැන්නෙදි මට අඩනින්දෙන් වාහනේ වමට කැපුනා. ඒ එක්කම පාර අයිනෙ ගෑනුලමෙක් හිටියා මතකයි. මහ හයියෙං “ඩෝං“ ගාල සද්දෙත් එක්ක මාව ඇහැරුණා. මං හිතුවෙ ඒකි යටවෙලා මලා, මං හිරේ ගියා කියල. එහෙම්මම නැවැත්තුවා. ඒ ගමන පාරෙ හිටි කෙනෙක් කිව්වා “ඔහොමම යන්න අවුලක් නෑ“ කියල. බැලුවම උන්දැ කුඩේ ඉහිලන්න ගිහිං කුඩේ මිට තමයි ඉස්සරහ වමේ තහඩුවෙ වැදිල තියෙන්නෙ. එදා බයවෙච්චි පාර අද තවටත් නින්දෙං වාහන එළවන්නෙ නං නෑ.

    අර ලොරියෙ ඔය හැත්ත බුරුත්තම දැම්මෙ කොහොමද? සීට් පේලි දෙකද?

    ReplyDelete
    Replies
    1. යකඩෝ සුරංග මල්ලියේ බලාන ගියාම උඹ මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්නෙ! කොහොමත් රෑට නිදිමත හැදුනට වඩා දවල්ට නිදිමත් හැදුනම ප්‍රථිපලේ දරුණුයි. දාවල් 2.00 ට විතර ඉර තාර පාරට වැටිලා ඒක දිලිසෙන කොට නිදිමත්ක් ආවොත් නම බඩුම තමයි!

      යනකොට ගියේ මායි මුද්දයි (ඇනෝපිලිසුයි) පසිඳුවයි විතරනේ!

      Delete
  11. එළ! අතිශය සුන්දර චාරිකා සටහන් දෙකක්! ඇත්තෙන්ම ‍Y60 යනු මගෙත් කාලෙක එක් සිහිනයක්. ඒත් මා මේ ලොරිය භාවිතා කරණ්නේ බහු විධ කටයුතු රාශියකට. ඒත් කාලෙකදි පුළුවන් කමක් තිබුනොත් TD42 එන්ජිමක් නම් මේකට තියා ගන්න හිතක් තියෙනවා. ස්තූතියි චාරිකා සටහන් වලට පාර කිව්වාට! එළ!

    ReplyDelete
  12. Gaga yanakota minissunta atha wanana bane?

    ReplyDelete
  13. මහවැළිය හැරුණාම් අනෙක් ගංගා ජනා කීර්ණයි!

    ReplyDelete
  14. Keep this going please, great job!

    ReplyDelete
  15. Well, still on land (never mind that).

    Driving alone in the dead night is not for me (not recommended to anyone), however I will not fall asleep on the wheel. Once I had to drive 1700km in one go due to an approaching cyclone.

    If the plan is to go down the river, what is the map for?

    Man in the check-kotu-kotu shirt must be the Anopheles, other are more like potatoes.

    ReplyDelete
  16. කොටු කොටු තෙශාන්ත. නිලපාට අත්දිග පසිඳු. රැවුලා ඇනෝපිලිස්. තට්ටයා = තට්ටයා!

    කිලෝමීටර 1700 ක් සිරානෙ. ලියමුකෝ ඔය දේවල් ගැන!

    මැප් එකක් ඕන වෙන කාරණා කීපයක් තියෙනවා.
    1. අපි ඉන්න ඉසව්ව නිමානය කරගන්න.
    2. ඉදිරියේ තත්වය ගැන අදහසක් ගන්න.
    4. හදිසි අවස්ථාවකදී ගොඩබිම හා සහ සම්බන්ධ වීමට

    ReplyDelete
    Replies
    1. Yako me bada ta Anopheles kyala nama damma ekata Noble price eke denna one.

      Driving in AUS is not fun like in Sri Lanka, people call it big flat nothing.

      In Sri Lanka when we drive (or even kayaking) we see people and their daily life, changing landscape and so many other things.

      Once I was in Port Douglas (QLD) with my family, cyclone panic set in. Best thing was to stay put till cyclone pass.
      But my panicked wife insisted to go due to two small kids. Airport closed, only option is to get a 4x4 and drive without looking back. As you drive south cyclone was tracking south, we both drive and stop only to get food/water and go to toilet. All of the above is available in petrol stations, after 1700km we are in Brisbane.
      Cyclone tracked south with us for about 1200km and hit area called Gladstone, so much for trying to escape.

      Delete
    2. ඇනෝපිලිස් පටන් අරන් තියෙනවා ඉස්සර බ්ලොග් එකක් - ඇනෝපිලිස් කියලා. ඒකෙ තියෙන්නේ එකම එක පෝස්ට් එකයි "සිගරට්" කියලා. එහෙමයි ඌ ඇනෝපිලිස් උනේ. ඌ ම තමයි ඌට ඔය නම දාගෙන තියෙන්නේ
      ඔව් ඔසී වල තරමක් ඒකාකාරී තමයි. ඒත් පිටින් ගිය අපි වගේ සංචාරකයින්ට බලන්න දේවල් හා ඉගෙන ගන්න දේ අපමනයි.
      මම මීට අවුරුදු දෙක තුනකට කලින් ඔය දේශයට ඇවිත් Great Ocean Road එකේ පැදෙව්වා. ඒක සදා අනුස්මරණීය මතකයක්.
      ඔබ තුමාට එසේ කිමි 1700 ක ගමනක් යම් පීඩනයක් යටතේ ධාවනය කිරීමට සිදුවීමම පොඩි ත්‍රිල් වැඩක් කියලයි මට නම් දැනෙන්නේ.
      මොකද සුනාමිය වෙලාවෙ මම එවන් ගමනක යෙදුනා කිමි. 100 ක විතර! ස්තූතියි! ඔය විස්තරේ ලියමුකෝ දිගට සවිස්තරව!

      Delete
  17. හිතවත් තට්ටයා මහතා...ඔබගේ ලිපි කියවලා හෙන මෙව්වා එකක් අපි ගන්නවාය..ඒ ගැන මගේ හද පිරි මෙව්වා එක භාර ගන්න...පෝස්ට් වලට අදාල නැති උදව්වක් ඔබගෙන් උවමනාය...අපේ ගෙදර පරණ කැඩිච්ච ග්‍රැම්ෆෝන් එකක් තිබුනාය, අපේ කොලූ කොහොම හරි දරි ගහලා ඒක ගොඩ දැම්මාය.. ඒ උනාට හුරහකට තියෙන්නෙ " තැටි " හොයාගන්න නැති කමයි. ඇහැක් නම් පරණ තැටියක් දෙකක් හොයා ගන්න උදව්ව්ක් කරනවාද...

    ReplyDelete
    Replies
    1. හිතවත් රොෂාන් මමත් හොයන්නම්. මේක දැකපු අපේ පාඨකයෙක් වෙතොත් උදව් කරයි!

      Delete
  18. ඇනෝවව අහුල ගත්තේ කොහෙන්ද...
    කෝ ඉතින් ගඟේ විස්තර අදත් නැහැ නෙවැ...

    ReplyDelete
    Replies
    1. ගෙනියන්න එකෙක් නැතිව බල බල ඉන්න කොට ඇනෝව මතක් උනා! එළ. ලබන සඳුදා ගඟට බහිනවා!

      Delete
  19. කයාක් එක කෝම උනත් දැන් නිසාන් පැස්ටෝල් එකයි ටුවින් ටෝබෝ ලේලන් එකයි ඒ මදිවට ඉන්දියන් ඉලෙක්ට්‍රික් කෝච්චියි ඔක්කොම සීන් එකේ. කන්‍යාකුමාරි ඉඳල ඇසෑම් යන විවේක් ඇස්ප්‍රස් එක මයේ හිතේ කිලෝමීටර් හාරදහකට එහා යනවා දවස් හතරක් විතර එක දිගට.1800 එව්වා දවස් දෙකේ කෝච්චි.
    ඉන්දියන් ලොක්ක සෑර් දන්නේ නැතුව ඇති මහනුවර ඇල්ල කෝච්චිය ලෝකේ ලස්සනම ට්‍රේන් රයිඩ් එකක් කියල. එව්වා අල්ලදාන්ඩ සෑර් මේවනේ කෝච්චි.
    අපිත් ඉතිං එච්චචරම කලු නෑ සෑර්, ඔය යන එන ගමං ටැට්ටරයක්හෙම දැක්ක කියල හරි ලියන්ඩ ඈ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මල්ලි අපිලා ගාව කලු ශුදු බේද නේ අරිද?
      ඇත්තටම මම කියවලා තියෙනවා ලෝකයේ හොඳම ගනයේ දුම්‍ රිය සේවාවක් තිබුනු අපරටේ උඩරට දුම්‍රිය ගමන ලෝකයේ දෙවන සුන්දරම දුම්‍ රිය ගමන ලෙස රේට් කරලා තිබුනු බවක්. අපිට ඉන්දියාව සුළුකොට තකන්න බෑ. ඒත් අපේ රටේත් වැඩ්ඩෝ නැත්තෙම නෑ!
      ට්‍රැක්ටර්- සත්තකින්ම මා කැමතිම මාතෘකාවක්. ඇත්තටම ලියමු!

      Delete
    2. ආ මම මේ ලින්කුව දිගේ ගියා. අම්මට සිරි!

      Delete
  20. "මල්ලි ඔහොම යං !" විධානය දුනිමි.

    ත්‍රී වීලරය ප්‍රධාන පාරෙණ් හැරී රබර් රුප්පාවක් අතරට වැටිනි. මීටර 100 ක් පමණ දුරක් යන විට දන්නා කියන රුවක් පාර අයිනේ අපට පිටුපා යමින්ය.

    "මල්ලි අන්න අර බුවාත් අරණ් යං .//
    යකෝ මරල වීල් එක උස්සයි කියල ඒ මනුස්සය බය උනේ නැති එක පුදුමයි.

    කොහොමත් ඔය ටයිම් එකට දුර යන බස් 6 වෙනි ගියර් එකේ තමයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඌ ටික වෙන්න කොර වෙන්න ඇති. ඒ "මුං කවුද? මොනවද මේ කරණ්නේ? " කියලා. මම මහ රෑ ගම
      මැද්දෙන් ඇවිත් මහ පාරට දාන කොටම බලා ගත්තා පොඩි මං සළකුණක් ආපහු එන කොට පාර හොයා ගන්න. වැඩේ කියන්නේ ඒ පාර දැන ගෙන හිටියේ මං විතරයි. පහුවෙනිදා උදේ මම මහ සමන් දේවාලය ලඟින් බැහැලා එතැනින් ත්‍රී වීල් එකක් මන්දො කරගෙන ත්‍රී වීල් මල්ලිට අර පාරේ මං සළකුණු කියාගෙන යනකොට අර යකා ඉස්සරහින් බලා හිටියා වගේ යනවා කියහංකෝ. ඇත්තටම කොර උනේ මම! මට අදටත් අහන්න බැරි උනා උගෙන් "උඹ කොහොමද අච්චර මාර්ග ජාලයක් තිබිලා හරියටම මේකෙන් ආවේ?" කියලා!

      Delete
  21. It is the best time to make some plans for the future and it is time to be happy.
    I have read this post and if I could I wish to suggest you some interesting things or suggestions.

    Perhaps you can write next articles referring to this article.
    I want to read more things about it! I’ve been browsing online more than three hours today, yet I never found any interesting article like yours.

    It is pretty worth enough for me. Personally, if all site owners and bloggers made good content as you
    did, the web will be much more useful than ever before.

    I’ve been surfing on-line more than 3 hours as of late, but I never discovered any attention-grabbing article like yours.
    It’s beautiful worth sufficient for me. Personally, if all site owners and bloggers made good content material as you did, the net can be a lot more
    useful than ever before. http://Nestle.com

    ReplyDelete
  22. රූස්ස කැලේ පාරවල් හොයාගන්න මට ගඟ අයිනේ පාරක් හොයන එක අමාරු උනේ නැ. වැලි තොටුපොළක් හොයාගෙන ආවේ මම. නමුත් ෂුවර් නැතිව ආවේ, නැත්නම් අපහු ඇවිත් කෝල් එකක් දෙනවා කියලා හිතාගෙන. වෙලාවට ඔයත් ආවා.

    ReplyDelete
  23. There are numerous what to know prior too going
    ahead and signing a lewgal contract which
    has a security alarm company. To reduce the chance of false alarm, Weight & Sizee perceivers may also be introduced.
    In 2003, there have been 14 million thefts of property,and also these, 83% were home and business burglaries.

    ReplyDelete
  24. If you want to obtain a great deal from this post then you have to
    apply these strategies to your won webpage.

    ReplyDelete
  25. What's up friends, how is all, and what you would like to say on the
    topic of this paragraph, in my view its genuinely amazing in favor of
    me.

    ReplyDelete
  26. I conceive you have noted some very interesting details, thanks for the post.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...