Monday, March 25, 2019

130. රජයේ වැඩ බිම



උදේ නො එති
දවල්ට එති
පොතේ ලියති
අට ම දාති

කහට ගසති
බුලත් හපති
බීඩි උරති
රේස් දමති

ඕමි බලති 
කයිය ගසති 
දෙකක් දමති 
කාලා නිදති

හවස නාති
ගෙදර දුවති
පිකට් කරති 
පඩි ඉල්ලති


29 comments:

  1. ෂොට් එකක් දාලා දවල්ට කන එකත් කොහොම හරි මේකට ඇතුල් කලානම් මරු .
    මට දැන් මොහොතකට කලින් ඔබව මතක් උනා. ලංකාදීප පත්තරේ 'රසවිත' කොටසේ කළු ගඟේ පාරු පැදවීම පිලිබඳ ලිපියක් තිබිලා ඒක කියවනකොට.

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කේ මේ ඉරිදා. පස්සෙ ටිකක් මහ්න්සි වෙලා පහුගිය පලමු කොටසත් හොයා ගත්තා. අද කියවන්න ඕන. පෝස්ට් එකට අදාල පොත් පත් තවම මේසෙ උඩ. තව දවස් 4 - 5 ක් දෙන්න. පත අට එකට සිඳෝලා පෝස්ටුව දෙන්නම්. ස්තුතියි!

      Delete
  2. ඔහොම උං ඉන්නව නගර සභාවෙ

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකින්.මේ වගේ එවුන් කොහෙද නැත්තේ? පාලමක් හදන තැනක් දැකලා තමයි අංකුරය හට ගත්තේ! ස්තුතියි!

      Delete
  3. Replies
    1. ආයෙ දෙකක් නෑ! ඔන්න එකතු කලා! එළ!

      Delete
  4. Godaaaaaaak kaalekin ayye.

    Jayaveevaa!!!

    ReplyDelete
  5. කයිවාරු එපා දැං කවද්ද අපි එන්නෝන?

    ReplyDelete
  6. ඉලෙට්ටිසිටි බෝඩ් එකේ එහෙම අයියල ඉන්නවා වැඩ කරන්න පටන් ගන්නේ අතිකාල වෙලාව අල්ලලා.. :))

    ReplyDelete
    Replies
    1. මේක අදාල එවුන්ගේ ලිස්ට් එක ලියනවට වඩා බොහොම ලේසියෙන් අදාල නොවන එවුන්ගේ නම් දෙක තුන ලිව්වහැකි! ස්තූතියි මිත්‍ර!

      Delete
  7. I think this is written about 'Bathttamulla Pradesheeys Sabawa' They come late, sign the book, grab a string hopper pack from the bag, go up to lunch room, back to office in 45 minutes. Meanwhile KKS (office assistant) asking me why wait? I will get your plan registered in one day for 25,000. I said I am not in a hurry, I have all the time in the world. (True story)

    ReplyDelete
  8. සත්තකින්ම කොතනත් මෙහෙම තමයි විජේබාහු මහත්තයා !

    ReplyDelete
    Replies
    1. Well, I remember Mr R Premadasa era where govt servants were scared to idle. They said his people are spying everywhere. I do not like most of what Mr Premadasa did, but he did some good things (much better than current 'Wal Buru Nidahasa' where govt minister can call President 'Para Balla' and still be a minister)

      Delete
    2. සත්තකින්ම ඕකෙ ඇත්තක් තියෙනවා. ප්‍රේමදාස මහත්තයා එයාගෙ ඇමතියන්ට දාලා තිබ්බා එක නීතියක් දවල් දවසේ මොන "මගුලක" ගියත් රෑට ගෙදරට ගාල් වී රෑ පහන් කල යුතුය! කියලා. මොකද උන්නැහැට නින්ද යන්නෙ නැතිව හරි මොනයම් දේකට ඇමතියන්ට කතා කරණ්න රැස්වීම් තියන්න වෙලාවක් කලාවක් නොතිබූ නිසා. ඒ නිසාම ඇමතියෝ සෑහෙන දෙනෙක් මොක නැතත් "හවසට ගෙදර" ප්‍රථිපත්තියේ හිටියා. ඒ වගේම අනිත් කාරණේ. 1956 බණ්ඩාරනායක උන්නැහැ බලයට පත් උනාමත් මේ වගේමලු! අවුරුදු තුන් හාරසීයක් යටත්ව හිටි අපේ එවුන්ට මහ ලොකු නිදහසක් භුක්ති විඳින්න දන්නේ නෑ. ඒකමයි මම කියන්නේ සරත් ෆොන්සේකා වගේ බිත්තරෙන් කණට ගහන එකෙක් නොහිටින්න හමුදාවක් ඒ වගේ ඉලක්කයකට ඒකාත්මික කරණ්න බෑ කියලා. ස්තූතියි!

      Delete
    3. Since you remind SF, I have no doubt about his military leadership. However he is proven his political inability (imagine if he was elected to president)

      See what is happening today with MS, MS was not even in people's imagination as a President. MS is a result of Rajapkasa hate created in people's psyche by UNP+JVP (mostly with disinformation with unimaginable numbers)

      This same trick will be done to Gota in 2020, anything is possible in our fools paradise. Hope people will remember, we were tricked.

      Delete
    4. ඝෝඨා තවම පෙන්නුවේ නෑ ඔහු මේ රටේ මෙතෙක් කල් සිදුවූ වංචා අපරාධ ආදියෙන් ව්‍යුත්පන්නව ගමනක් යන සේයාවක්. ඔහු කෙරෙණ් එවන්නක් පිළිබිඹු වුවහොත් මම මගේ වචන හසුරුවාවි ඔහුගේ ජය වෙනුවෙන්!

      Delete
  9. මේක පට්ට අයියේ !

    ReplyDelete
  10. ස්තූතියි එකසිය ගානට!

    ReplyDelete
  11. මේකෙ මාතෘකාව "රජයේ වැඩබිම" ලෙස වෙනස්උනා නං වඩාත් හොඳයි වගේ ...

    අයියා .. කලු ගඟ දිගේ බෝට්ටුවෙන් ගියා කිව්ව නේද ..??
    ඒ ගැන ලියන්නෙ ඒම නැද්ද ..??

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කොළුවො උඹ ඉන්නවා නොවැ!?!? ලියමු ලියමු කාගෙ කාගේත් පැටිකිරිය එළි දකින්න. ආන්න හෙඩිම වෙනස් කලා!

      Delete
  12. එතකොට නාන්නෙත් ඔෆිස් එකෙන් ද?

    ReplyDelete
    Replies
    1. Hey Pra, Nanne? Kawda? Thattaya nanne ne. Nala thami konde okkoma giye.

      Delete
    2. ප්‍රසන්න ඔයා දන්නවානේ. මම ගිය තැන නාන බව!? ස්තූතියි දෙදෙනාටම!

      Delete
  13. මම කොහොමත් සයිකලෙන් ආ දාට මෙහෙන්ම නාලා තමයි දවස පටන් ගන්නේ!

    ReplyDelete
  14. හම්මෝ ඒ..........ක

    ReplyDelete
  15. ඇයි අවුල්ද? නිදහසට කාරණා ඇත්නම්
    ලියන්න! එළ!

    ReplyDelete
  16. කවියො නේ අප්පා. ඉතින් තවත් මොන කතාද

    ReplyDelete
  17. Incredible! This blog looks just like my old one!
    It's on a completely different suubject but it has pretty much thee
    same page layout and design. Superb choice of colors!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මොකද්ද ඔබෙ පරණ එක?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...