Saturday, February 16, 2019

125. සැඟව ගිය දින . . . . !



                               
                                           ලියන්නට
                                           සිතෙහි වී
                                           මැකී ගිය
                                           කවිය සේ . . . . . . . . . ;
                                           මතකයක
                                           මතකයක් 
                                           පමණි එය 
                                           නෑ සිතේ . . . . . . . . . !
                                           සඳ සොඳුරු
                                           බව දුටිමි
                                           සැඟව ගිය 
                                           පසු නුබේ . . . . . . . . !
                                           මිහිරි නද
                                           ඇසෙනු ඇත
                                           බිඳුනු 
                                           වීනා තතේ . . . . . . . . !




10 comments:

  1. ලස්සනයි ඒක...❤
    ඇත්ත, නැති උනාම තමා අගේ දැනෙන්නේ.

    ReplyDelete
  2. ස්තූතියි අනේක වාරයක් කුළුඳුලේම ලිව්වාට!

    ReplyDelete
  3. Once you get going, you could go a long way. I am sure you know about how Clarence Wijewardana started writing songs.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම අප තුටින් විඳිනා බොහෝ දෙ පිටුපස ඇත්තේ කඨුක වියෝගයක්.

      "සොවින් පිරි මගේ හදවත . .", "එදා මෙදා තුර . . . ", "සිංහල සින්දු කියන . . . " මේ මට මේ මොහොතේ මතක් වන මම වඩාත් කැමති ගීත කිහිපයක්. මේ සියල්ල පිටුපස ඇත්තේ දුකම තමයි. ~ ස්තූතියි

      Delete
  4. Replies
    1. ~ස්තූතියි. ඔබගේ ලිපි මා කියෙව්වා. මා වින්දා ඒත් ලියන්නට සිතට යමක් ආවේ නෑ. ඒ රසාලිප්ත බවේ අඩුවක් නිසා නොවේ. ඒක එහෙම තමයි. මම උදාහරණයක් දෙන්නම් මෙහෙම. පැණි බූන්දි කාලා රස විඳලා යමක් ලියන්නට කිව්වොත් ලියන්න දෙයක් හොයා ගන්න අමාරුයි නේද? ඒත් නෙල්ලි ගෙඩියක් පිළිබඳව ලියන්නට බොහෝ දේ සිතට එනවා. ආන්න ඒ වගේ. (බූන්දි, මස්කට්,පුහුල් දෝසි මගේ ප්‍රියතම කෑම. ඒ වෙනත් වින්දනයක අනුපාන හෝ කටගැස්මක් විදියට නොවේ. මා එතරම්ම පැණි රස ප්‍රේමියෙක්)

      Delete
  5. ඒක පට්ට.. ඉරිසියා හිතෙනවා උත්තරයක් කවියෙන් ලියාගන්න බැරිකොට.. :D :p

    ReplyDelete
    Replies
    1. අන්න අන්න කාලෙකින් ආවා බොරුවකුත් කියාගෙනම. ඔබගේ කවි මා කොතෙකුත් විඳ ඇත. අනේ ඉතින් ඒ මට ලියපුවා නම් නොවේ. වෙන වෙන ඇත්තන්ට ඇත්තියන්ට ඇතින්නියන්ට ලියපුවා! මේ ලඟදි දවසක අපෙ "කවි ලියන දුමී" ටත් මම කිව්වා ඔබේ කවීත්වය ගැන!

      Delete
  6. Replies
    1. ට්‍රැක්ටරයක් කතා කරයි ! ටර් ටක ටක ටක !!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...