Sunday, February 10, 2019

124. "ෆෝ වීල් නැත්නම් වාහනයක් නෙවෙයි . .! " 02






වයසට ගියත් හවසට ගෙදර . . . . !
(යන තිදෙනෙක්)
ප්‍රෙෂර් ලෙඩ්ඩුන්ට දෙන්න හදාපු ව්යාග්‍රා පෙත්තට වුනු දේමයි මගෙ "අතර මග" පෝස්ටුවටත් උනේ. පෙත්ත මාකට් වූයේ ප්‍රෙෂර් කාරයන් අතරට වඩා "ජෝන්" ලා අතරය!
ඇත්තෙන්ම මම ඒක ලිව්වේ මග තොටේදී ඇස දුටු අපූරු සිදුවීම් දෙකක් බෙදා හදා ගන්න. ඒත් උනේ හිතපුම නැති එකක්. ඒ කතා බහට පූර්විකාව විදියට ලියාපු නිසාන් පැට්රෝල් ලොරි පොඩ්ඩා ගැන ලියාපු මුල් වගන්තිය ගුරු තන්හී තබාගෙන නිසාන් පැට්රෝල් ගැනයි වෙනත් ජීප් ගැනයි බොහෝ සෙයින් කතා කර තිබුනා. ඒ නිසාම හිතුනා තව ටිකාක් මේ ගැන කතා කරමුය කියලා.

මේ කතිකාව පටන් ගන්න කොටම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලියන බොහෝ දේවල් මගේ අත්දැකීම් හා මතකය මත පිහිටා ලියන බැවින් පොඩි පොඩි අඩු පාඩු හා වෙනස් විය යුතු තැන් තිබිය හැකි වන අතර සමාව භාජනය කර; සදොස් තැන් කොමෙන්ටු මගින් නිදොස් කර ගෙන ඉදිරියටම යමු.

කලින් පෝස්ටුවේ කිව්ව විදියටම රෝද හතර කර කැවෙන හැම වැටකොළු මැස්සටම අපේ රටේ අයියලා කට පුරා "ජීප්" කීවාට ජීප් කියන්නේ අමෙරිකාවේ ක්‍රයිස්ලර් කොම්පැනියේ හදන ඒවාට පමනකි.

 1943-1953 දක්වා විලීස් ඔවර්ලෑන්ඩ් සමාගමද, 1953 - 1970 තෙක් කයිසර් - ජීප් සමාගමද 1970 - 1986 තෙ ඇමරිකන් මෝටර්ස් සමාගමද 1987 සිට ක්‍රයිස්ලර් සමාගමද මේ වන විට ෆියට් ක්‍රයිස්ලර් ඔටෝමොබයිල්ස් සමාගමෙන්ද මෙම වාහනය නිපදවනු ලබයි.

Jeep  කියන වචනය බිඳී ආවේ General Purpose Vehicle  යන්නෙන් බව සමහරු කියති. General පටන් ගන්නේ J එකෙන්ද කියා කවුරු හෝ ඇසුව හොත් කියන්නට ඇත්තේ සුද්දා ජෙනරල් කියන එක හිංගලෙන් ලියලා බලලා එහෙම කියන්නට ඇතැයි කියාය.
මේ වන විට Jeep යන්න ශබ්දකෝෂ වචනයක් වුවද  General Purpose යන්න කෙටිකර හැඳින්වීමට, දැක්වීමට GP යන්න මුල් කාලයේදී භාවිතා කල අතර ඒය කලකදී Jeep විය. අදවන විට කුඩා ෆෝවීල් රථ සඳහා "Jeep" යන්න පොදුවේ යෙදීම බහුලව සිදු කෙරේ.

දෙවන ලෝක යුද්ධයට කලින් තිබුනු ජීප් එකක් නැත. එහෙත් අද අප ජීප් කියන කුඩා එන්ජිමෙන් රෝද හතරම බලගැන්වෙන නොහොත් තේරෙණ සිංහලෙන් කියනවා නම් ෆෝ වීල් ඩ්‍රයිව් කුඩා රථ ඊට කලින් තිබී ඇත. එහෙත් මේ කුඩා ෆෝවීල් ඒකකය මෙතරම් සාමාන්‍ය මිනිසුන් අතරට පැමිනියේ දෙවන මහා ලෝක යුද්ධයෙන් පසුවය. ඒ 1945 න් පසුවය.


" The Jeep, the Dakota, and the Landing Craft were the three tools 
          that won the war "-- Gen. Dwight D. Eisenhower

මිත් හමුදාවන්ගේ එකාබද්ධ අනදෙන නිළධර ඩ්ව්යිට් ඩී අයිසන් හවර් Jeep එක තැබූවේ මෙවන් ස්ථානයක 
"ජීප්, ඩැකොටා (එනම් අහස් නැව) හා  ලෑන්ඩින් ක්රාෆ්ට්ස් (වෙරළ අසලටම යාත්රා කොට විවර කරණු ලබන දොරක් ඔස්සේ සෙබලුන් හට භූමිය වෙතට කඩා වැදීමට හා වාහන වෙරළ වෙතට යොමු කල හැකි යත්රා ) යුද්ධය ජය ලැබීමට ඉවහල් වූ මෙවලම් විය"

මෙම සෙනෙවියාගේ තවත් කියමනක් මා මෙතනම ලියා තබන්නම්.
"We will accept nothing less than full victory!"
ඔව් සත්තකින්ම !

මුල් කාලයේ නිපදවන ලද මෙම රථ වල තිබූ මිල්ටේරිමය උපක්‍රම රාශියක් විය. රිම් සකසා තිබුනේ පලු දෙකටය. කාට කාටත් තෙරෙණ ලෙසින් පවසනවා නම් අදකාලේ භාවිතා වන ත්‍රී වීල් රිම් ආකාරයෙනි. පලු දෙක ගැලවීමට හා එක් කිරීම පහසුවෙන් කල හැකි වීම නිසා ටයරයක්  රිම් එකෙන් ගලවා මාරු කිරීම පහසු කට යුත්තක් විය. එසේම රෝදය වාහනයෙන් ඉවත් නොකර පිටින් ඇති පලුව පමනක් ඉවතට ගලවා එය පුංචි කෝච්චිය හෙවත් Narrow Gauge Railway රේල් පාරේ ගමන් කල හැකිව තිබුනාලු.



සෙල්ලංද කොල්ලෝ . . . !
ඉස්සරහින් කෝච්චියක් එහෙම ආවොත්?

 එසේම මුල් කාලයේ පැමිනි රථ වල කාබියුරේටරය හා  එක්ස්සෝස්ට් මැනිෆෝල්ඩය ආසන්නව සමන්විත වීමෙන් කාබියුරේටරය තුලට එන ඉන්ධන ඉක්මනින් වාශ්ප වීම සිදුවේ. මෙනිසා පෙට්‍රොල් වෙනුවට භූමිතෙල් යොදා රථය භාවිතා කිරීමට හැකියාව ලැබේ. 
එසේම සමහර මෙම රථ වල ඉදිරිපස ප්‍රධාන පහන් සමනළ ඇනයක් මගින් බුරුල් කොට අහසට යොමු කිරීමටත් එමගින් අහස් යානා වලට සංඥා නිකුත් කිරීමට හැකියාව තිබුනි.
සමනළ ඇනයක් ! 
වැරදි අර්ථකථන දෙයි කියලා බයටමයි පෙන්නුවේ.
 "උවමනා පමනට - අතේ ඇති හයියට 
පමන දැන නැතුවට - තද කරත හැක හිතු මනාපෙට ! "

 මෙවන් ඔරිජිනල් තත්වයේ ජීප් රියක සාඩම්බර හිමි කරුවෙකුව සිටි මීරිගම නුවන් එය කලකට පෙර වෙනත් කරදර කාරයෙකුට විකුණා දමා ඇත්තේ කරදරයෙන් බේරීමටමය ! මෙහි මුල් අයිති කරු වූයේ අග්‍රාමාත්ය ඩඩ්ලි සේනනායක මහතාය.



පිලිපීනයේ රැමෝන් මැග්සේසේ සතුව තිබූ ඔරීරිරීරී.......මජිනල් Jeep රිය ! 
අනේ ඉතින් . . . !


මුල් කාලයේ බිහිවූ ලෑන්ඩ් රෝවර් Series 2, 2A රථ වල ඉදිරිපස ග්‍රිල් එක පහසුවෙන් ගැලවීමට හැකි අයුරිණ්  සවිකොට තිබුනි. ඒ එය BBQ ග්‍රිල් එකක් ලෙස භාවිතා කිරීමටය.

දෙවන මහා ලෝක යුද්ධයට ලෑන්ඩ් රෝවර රථ සහභාගී වූවේ නැත. මන්ද ලෑන්ඩ් රෝවර් රථයක් පලමුව එලි දකින්නේ 1948 අප්‍රේල් 30 වන දින ඇම්ස්ටර්ඩෑම් රථ ප්‍රදර්ශනයේදී වීමය. මේ මාගේ ජීවිතයේද සුවිශේෂී දිනයකි!
සූර පප්පාහි කියන ලෙසට "ෆෝ වීල් කිව්වාට සියල්ලම ෆෝ වීල්ම නොවේ!" 


4X4 යනු : "රෝද හතරකි. හතරම එන්ජිමෙන් දිවවේ !" යන්නය.

4WD  යනු : Off Road  එනම් රළු මං පෙත්හි ධාවනය සඳහා සකසා ඇත. එන්ජිමෙන් රෝද හතරම දිවවෙන අතර එහි යාන්ත් වාසිය  (Mechanical Advantage) වඩාත් වැඩි ගියර රටාවක්ද (Low Speed Gear Ratio) පවතී. යාන්ත වාසිය යනු එන්ජිමෙන් ලැබෙන බලය මගින් වඩාත් වැඩි මට්ටමකට ගෙන ඒම සඳහා ගියර පෙට්ටිය තුල සකසා ඇති ක්රමවේදය ලෙස තේරුම් ගන්න. කුඩා දැති රෝදයක් මගින්  සාපේක්ෂව වඩාත් විශාල දැති රෝදයක් දිවවන අවස්ථාවේදී කුඩා දැති රෝදය කරකැවෙන වේගයට සාපේක්ෂව වඩාත් සෙමෙන් දෙවැනි එනම් විශාල දැති රෝදය කර කැවෙන මුත් වඩාත් වැඩි ශක්තියක්බලයක්ව්යවර්ථයක් ඉන් ලැබේ. මෙහිදී සාපේක්ෂව වේගය එනම් ප්රවේග අනුපාතය පහත වැටී ඇති අතර යාන්ත් වාසිය ඉහල ගොස් ඇත
ඉහත රූප සටහනට අනුව ;

 යාන්ත්‍ර වාසිය                 =   දිවැවෙන රෝදයේ දැති ගනන 
   (Mechanical Advantage)                       දිවවන රෝදයේ දැති ගනන                                                                                                     
                                         = 60 / 40
                                         = 1.5

මින් අදහස් කරණ්නේ යොදන බලයට වඩා වැඩි කාර්ය්‍ය ප්‍රමාණයක් කලහැකි බවයි.
 (මාගේ "තල් අරණ . . !" පෝස්ටුවල මේ ගැන තවත් කතා කොට ඇත !)

වාහනයක් නවතා තිබී ගමන් ගන්නා අවස්ථාවේදී, වඩාත් වැඩි බරක් ගෙන යාමේදී, කන්දක් හෝ වෙනයම් බාධාවක්  ඔස්සේ ගමන් කිරීමේදී රථයට වඩාත් වැඩි ව්යවර්ථ්යක්, බල ඝූර්ණයක්, ශක්තියක් ඇවැසි බැවින් සඳහා අප තෝරාගන්නේ පළමු ගියරයයි. පලමු ගියරයේ සිට ඉහලට යත්ම යත්ම ප්රවේග අනුපාතය ඉහළ ගොස් ඊට ප්රථිලොමව සමානු පාතික ලෙස යාන්ත් වාසිය අඩුවී යයි.
සාමාන්යය ෆෝවීල් රථයක ඉදිරි පසට ගියර 4 ක් හෝ පහක් පවතී. ඉහත දක්වා ඇති පරිදි 4WD රථයක  "වඩාත් වැඩි ගියර රටාවක්" යනු  Low Range  එකක් නොහොත් සාමාන් තත්වයට වඩා වඩි යාන්ත් වාසියක් ගෙන දෙන දැති රෝද රටාවකි.

මෙම High හා Low  ගියර සැකැස්ම මගින් ගියර සංඛ්යාව දෙගුනයක් වේ. එනම් ඉදිරියට ගියර 4 ක් සහිත රථයක  ප්රවේග අනුපාතය වැඩි ගියර හතරක් (High Range) හා යාන්ත් වාසිය වැඩි ගියර ගියර හතරක් (Low Range) ලැබේ. සාමාන් ධාවනයේදී භාවිතා කරණු ලබන්නේ ප්රවේග අනුපාතය වැඩි (High Range) ගියර පද්ධතියයි. High හා Low තොරා ගැනීම සඳහා සාමාන් ගියර ලිවරය අසලම සුට්ටං ගියර ලීවරයක් දකින්නට ඇත.




ඔය පොඩියට තියෙන්නේ කියපු එක තමාය!

එමගින් රථය ධාවනය  වෙන මාර්ගයේ ස්වරූපය මත High හෝ Low තෝරා ගත හැක. බොහෝ ෆෝ වීල් රථවල ප්රවේග අනුපාතය වැඩි එනම් High Four Wheel මෙන්ම High Two Wheel  ලෙස ක්රමවේධයන් දෙකක් තෝරා ගත හැකිවන අතර Low ගියර සැකසුම යෙදිය හැක්කේ  Four wheel යොදනවා නම් පමනි. මන්ද Low  සැකස්මේදී ලැබෙන අධික ව්යවර්ථයට  (Torque) ඉදිරිපස හෝ පසුපස එක් රෝද කට්ටලයක් මත පමනක් ක්‍රියා කලහොත්; එම රෝද දිවවෙන ඇක්සල් වැනි කොටස් වලට හානි සිදු විය හැකි නිසාය.
මෙම High - Low සැකස්ම හා  Two Wheel – Four Wheel  ක්රම වේදයනට ඇවැසි ගියර  වීල් හා වෙනත් උපක්රමයන් සමන්විත වෙන්නේ ප්රධාන ගියර පෙට්ටියට අනුබද්ධිත ට්රාන්ස්ෆර් ගියර පෙට්ටිය (Transfer Gear Box / Transfer Case) තුලය. ගියර පෙට්ටිය හා ට්‍රාන්සර් පෙට්ටිය ඇත්තේ එක ඒකකයක් ලෙස එකට සවිකොටය! 

එය; වාහනයේ සාමාන්‍ය ගියර පද්ධතියෙන් ලැබෙන යාන්ත්‍ර වාසියට අමතරව එක් කොට ඇති සුවිශේෂී  සැකැස්මකි. මේ උපක්‍රමය සඳහා අමතර ගියර වීල් සැකැස්මක් (දැති රෝද කට්ටලයක් හා ඊට අදාල ස්ලීව්/හබ් බෙයාරිං හා තවත් උපාංග) එක් කොට ඇත. මේ සියල්ලටම අමතරව ඇවැසි මොහොතට පමනක් ක්‍රියාත්මක කල හැකි ෆෝ වීල් යෙදුම සඳහා ක්‍රියාත්මක වන යාන්ත්‍රික කොටස්, උපාංග හා උපක්‍රම සියල්ල එකලස් කොට ඇත්තේ ගියර පෙට්ටියටම අනු බද්ධිත ට්‍රාන්ස්ෆර් පෙට්ටිය තුලය.

ගියර පෙට්ටියට පසුපසින් දැක්වෙන්නේ එම කොටසයි. ඉදිරි පස හා පසුපස ඩිෆරෙන්ෂල් නැතහොත් ඇක්සලයන්හට බලය සම්ප්රේෂණය කරණු ලබන ප්රොපෙලර ෂාෆ්ට්  (Propeller Shaft) විහිදෙන්නේ ට්රාන්ස්ෆර් පෙට්ටියේ සිටය.



ඔය කිරි ටොයියා වගේ සුදු පාටට ඉන්නේ ට්‍රාන්ස්ෆර් කේස් එක!? (සුදට හිටියොත් කේස් එකක්මනේ !?) කළු පාටට ඉන්නේ ප්‍රධාන ගියර පෙට්ටිය. ඉසරහට දික් කරගෙන ඉන්නේ ටොප් ශාෆ්ට් එක. ඒක තමයි ක්ලච් ප්ලේට් එක මගින් එන්ජිමේ කරකැවිල්ල ගියර පෙට්ටියට ගෙන එන්නේ. මේ ප්‍රධාන ගියර පෙට්ටියයි එන්ජිමයි අතර තියෙනවා නිකන් අඩිය නැති බාල්දියක් වැනි කොටසක්. ඒකට තමයි බෙල් හවුසිම කියන්නේ. මේ බෙල් හවුසිමේ හීන් කොන ඇන මගින් ගියර පෙට්ටියට හයි කරලා තියෙන්නේ. පලල් පැත්ත එන්ජිමට හයි කරලා තියෙන්නේ. ක්ලච් ප්ලේට්, ප්‍රෙෂර් ප්ලේට් හෙවත් ක්ලච් කවරෙ ෆ්ලයිවීල් ආදී සියල්ල  විළිලැජ්ජාව නිසා සමාජයෙන් වහගෙන වහන් කරගෙන් ඉන්නේ බෙල් හවුසිම
.


විළිවසා ගත් ගියර් පෙට්ටිය එන්ජිම හා එක්වීමට මොහොතකට පෙර !
ඉදිරියෙන් අයිස් ක්‍රීම් ක එකක්, බාල්දියක් ලෙසින් පිහිටන්නේ බෙල් හවුසිමයි.එහි පහල කෙලවරේ මැදින් ඇති කළු පටියෙන් බෙල් හවුසිම හා ගියර පෙට්ටිය වෙන්වේ.

ඩිෆරෙන්ෂලය තුලදීද යාන්ත් වාසිය වැඩිවන ලෙස දැති රෝද පෙල ගැස්මක් ඇත. එතැනදීද පීනියන් රෝදය (Pinion) මගින් ක්රවුන් වීල් (Crown Wheel) දැති රෝදය කර කැවීමේදී මෙම යාන්ත් වාසි වැඩි වීම සිදුවේ.




ආන්තර එකලස හෙවත් ඩිෆරෙන්ශලය ! 
1900 කැඩිලැක් රථයට යොදා ගත් පසු අද වනතුරු කැපී පෙනෙන වෙනසක් කිරීමට සමත් වූ අයෙක් නොමැත!

ලෑන්ඩ් රොවර් Series 2 රථයක ගියර අනුපාතයන් පහත දැක්වේ.

Differential Ratio                                                                                      4.7 : 1

Main Gear Box                                       Top                                                1 : 1
                                                                Third                                      1.377 : 1
                                                                Second                                   2.043 : 1
                                                                First                                        2.996 : 1
                                                                Reverse                                  2.547 : 1

Transfer Gear Box                                  High Range                            1.148 : 1
                                                                Low Range                             2.888 : 1

Overall Ratio (Final Drive)
                                                                In High Range                    In Low Range
Top                                                         5.396 : 1                                 13.578 : 1
Third                                                      7.435 : 1                                 18.707 : 1
Second                                                  11.026 : 1                                27.742 : 1
First                                                      16.171 : 1                                40.688 : 1
Reverse                                                 13.745 : 1                                34.585 : 1


Low Range සැකස්මට ට්රන්ස්ෆර් පෙට්ටිය සකසා ප්රධාන ගියර් පෙට්ටිය පලමු ගියරයේ අමුනා ධාවනයේදී එන්ජිමෙන් ලැබෙන බල ඝූර්ණය මෙන් 40 ගුණයක් ලැබෙන අයුරු ඉහත වගුවෙන් පෙනෙනවා නොවෙද?

(2.996 x 2.888 x  4.7 = 40.688)


ට්රන්ස්ෆර් ගියර් මාරු කිරීමේදී භාවිතා කල යුතු ක්‍රම වේධය

H2 (හයි රේන්ජ් ටූ වීල් ඩ්‍රයිව් ) :  
   සාමාන්ය මාර්ග මත ධාවනය.
H4 (හයි රේන්ජ් - ෆෝ වීල් ඩ්‍රයිව් ) :
   ඕෆ් රෝඩ් භාවිතයන් සඳහා. වැළි, හිම, හෝ ලිස්සන සුළු මාර්ග සඳහා. 
L4 ( ලෝ ෆෝ වීල් ) :
  උපරිම ඝර්ෂනය (ඇත්තෙන්ඝර්ෂනයම නොවේ ) / උපරීම බලපෑම       සඳහා.

සටහන
H4 සිට L4 හෝ L4 සිට H4 වෙත ගියරය මාරු කිරීමේදී ;මුළුමණින්ම රථය නවතන්න. නැතිනම් වේගය පැයට කිලෝමීටර 8 කට අඩු කරණ්න.   



සාම්ප්‍රදායික 4WD රථයක  

එන්ජිමේ සිට රෝද තෙක් එලවුම දිවෙන අයුරු !





සාමාන්‍ය රථයක එළවුම !

AWD : යනු එන්ජිමෙන් රෝද හතරම දිව වෙන මුත් එම රථ රළු මාර්ඝයන්ගේ ගමනා ගමනයට සුදුසු නොවේ.

Soft Roaders :  Low Range Gear Ratio එකක් නොමැති Off Road වාහන මේ නමින් හැඳින්වේ.

මේ මගේ හිතු මනාපෙට කියන දෙයක් නොව 4WD Glove Box Guide පොත් පිංච ලියා වැදෑරුව රොබර්ට් පෙපර් ගේ කට පුපුරු ගසන අදහස්ය!

මීට කාලෙකට ඉස්සර අපේ රටේත් පොදුවේ අමෙරිකානු මහද්වීපයේ ජනප්‍රියව තිබූ ෆෝ වීල් රථයක් වුනු International Harvester Scout රථයේ සවිකර තිබුනු බැජ් එකේත් ලියා තිබුනේ All Wheel Drive කියලා වගෙයි මතක. 


 Scout

මේ වාහනේ වගේම තවත් සුපිරිම වාහනයක් ඒ කාලේ තිබුනා ඉන්ටර්නැෂනල් හර්වෙස්ටර් 1210 Side step cab කියලා. අද ඒවා පාරෙ දකින්න ලැබෙන්නේ හරිම කලා තුරකින්. මේ වාහනේට ආවේ ඉන් ලයින් සික්ස් පෙට්‍රොල් ඇංජිමක්. මේකෙ විශෙෂත්වය තමයි ගියර් පෙට්ටියයි ට්රාන්ස්ෆර් කේස් එකයි තියෙන්නේ වෙන වෙනම. ගියර් පෙට්ටියේ සිට ට්‍රාන්ස්ෆර් කේස් එකට බලය සම්ප්‍රේශණය වෙන්නේ කුඩා ෂාෆ්ට් එකකින්. මේ නිසාම ඕනෑම එන්ජිමක් ගියර් පෙට්ටියක් තිබ්බත් ෆෝවීල් වැඩ.



International Harvester 1210 Side Step Pick Up.

ලෝකයේ වැඩිම දෙනෙක් වාහනයක් ලෙස පලමුව දැක වාහනය; රථය ලෑන්ඩ් රෝවර් රථය කියා පිළිගැනීමක් පවතී. අපේ රටට ලෑන්ඩ් රෝවර් පලමුවෙන්ම අලෙවි කලේ කොලෝනියල් මෝටර්ස් සමාගම. මුල්ම කාලේ ආවේ සීරීස් 1 රථයයි. ඉන්පසුව සීරීස් 2 , 2A, ඊළඟට සීරීස් 3 ! අවසන් සැබෑ ලෑන්ඩ් රෝවරය ලෙස පිළිගැනුනේ මේ සීරීස් 3 ලෑන්ඩ් රෝවරයයි. ප්‍රථම වතාවට ප්‍රධාන ලාම්පු හෙවත් හෙඩ් ලයිට් ෆෙන්ඩර් මත සවිකොට පැමිණියේ සීරීස් 3 මොඩලයේය.


Series I


Series II

Series II A


Series 3

                                     Series 3 Light Weight 

ලෑන්ඩ් රෝවර් රථයේ කොට (Short Wheel Base) හා දිග (Long Wheel Base)  කැන්වස් වහල (Soft Top) හා හාඩ් ටොප් (Hard Top) සින්ගල් කැබ් (Single Cab) යනාදී බොහෝ මාදිලි වලින් නිමවේ. මීට අමතරව දිග මාදිළියේද දොර තුන හා දොර පහ යනාදී වශයෙන් විවිධ අවශ්‍යතා මත වෙනස් වෙනස් බඳ සහිතව නිපදවේ. මීට කලකට පෙර "මැළේරියා මොඩල්" ලෙස අනවර්ථ නාමයෙන් හැඳින් වූයේ  Series 3, Hard Top, Three Door මොඩලයය. අපේ රටේ ලෑන්ඩ් රෝවර් ලෝලීන් මෙම රථය ඒ නමින් බෞතීස්ම කරණු ලැබුවේ ඒවා ප්‍රථමයෙන් මහා පරිමානයෙන් මෙරටට ගෙන එනු ලැබූවේ මැළේරියා මර්ධන ව්‍යාපාරයට වන බැවින්ය!


ලෑන්ඩ් රෝවර් සීරීස්රථය පැමිණි එන්ජිම 2052CC කි. පසුව සීරීස් 3 වනවිට සඳහා 2250CC එන්ජිමක් භාවිතා කොට තිබුනි

ලෑන්ඩ් රෝවර් මුල් කාලයේ පැමිණියේ ඉදිරි පස රෝදයේ කේන්ද්‍රය හා පසුපස රෝදයේ කේන්ද්‍රය අතර දුර එනම් Wheel Base එක අඟල් 80 වන පරිදිය. ඉන් පසුව එය 86, 88, 107 හා 109 දක්වා වර්ධනය විය. ඩිෆෙන්ඩරයේ කොට හා දිග මාදිළි පැමිණියේ පිළිවෙලින් 90 හා 110 ලෙසය. ඒ Wheel Base එක අඟල් වලිනි!

ලංකාවේ දැනට ධාවනයේ පවතින ලෑන්ඩ් රෝවර් රථ 10 ක් ගෙන බැලුව හොත් ඉන් 9 කටම සවි කොට ඇත්තේ 4DR5 එන්ජින්ය. 4DR5 යනු ජපානයේ මිට්සුබිෂි කෝපරේෂන් ආයතනයේ නිපදවූ බහු කාර්‍යය එන්ජිමකි. එය ඇමරිකාවේ විලීස් සමාගමට යටත්ව  (Under Licence) ) 1953 සිට නිපදවූ මිට්සුබිෂි ඩීසල් ජීප් රථයට බොහෝ කාලයක් සවිකල එන්ජිමකි. මෙම එන්ජිම සතු අවම නඩත්තුව, ඉන්ධන පිරිමැස්ම, සරළ සැකැස්ම, ප්‍රශස්ථ මට්ටමක පවතින ව්‍යවර්ථය, බලය හා වේගය වැනි කරුණු කරණා හෙතු කොටගෙන එය මෙරට වඩාත්ම ජනප්‍රිය ඩීසල් එන්ජිම යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.



මොන්ටිසෝරි යන කාලෙ ගත්තු ඡයා රූපයක් !


"කොට මොඩල් ලඟ පිකප්" කිව්වේ මේක දැකලා වෙන්න ඕන !



මිට්සුබිෂි ජීප් ප්‍රෙමීන්ගේ වැලන්ටයින් - J 44 

අද දවසේ උවද ඉහල ඉල්ලුමක් ඇති රියකි. සමස්තයක් ලෙස අවම නඩත්තුව හා විශ්වසණීයත්වය නිසාම එහි අගය වසරක් පාසා ඉහල යනවා විනා අඩු වන බවක් පේනතෙක් මානෙක නොපෙනේ. මෙම රථයේම ස්පොර්ට්ස් මොඩලයට සවිකොට ඇත්තේ 4DR6 එනම් ටර්බෝ එන්ජිමක්ය.


අදත් අපේ රටේ බොහෝ දෙනා සිතන්නේ 4DR5 යනු ජපනාට වැරදිලා හදපු එන්ජිමක් කියාය. එය ඒතරම්ම පාවිච්චි කරණ්නාගේ සිත සුව පිණිස හැසිරෙණ නිසා වියයුතුය.4DR5 එන්ජිම  2659 CC ධාරිතාවයකින් යුතු එන්ජිමකි. මිට්සුබිෂි; තම ජීප් රිය පාරට දාන්නේ 1951 අවුරුද්දේ.  ටොයොටා තම ප්රථම ලැන්ඩ් කෲසර් රිය පාරට දාපු කාලෙම වගේ!
ටොයොටා ලෑන්ඩ් කෲසර් රියේ ආදිමයා එලි දකින්නේ 1951 වසරේටොයෝටා නිපදවූ එම රිය ලෑන්ඩ් කෲසර් ලෙස බෞතීස්ම ලබන්නේ 1955 වසරේ.  එහි විකාශනය BJ 20  වලින් පටන් ගැනෙනවා.



BJ 20/30

 එහි අප රටේ  පලමුවෙන්ම වෙලඳ පොල ආක්රමණය කරණ්නේ BJ 40 රථයයි. එය සමන්විත වන්නේ B, 2B හා 3B එන්ජින් වලින්. මෙම එන්ජින් සියල්ල 4DR5 එන්ජිමට නොදෙවිනි කල්පැවැත්මකින් හා ව්යවර්ථය, බලය අතින් හා ඊට ඉදිරියෙන්  සිටින සේ නිපදවා තිබුනා. හි කුඩාම එන්ජිම වූ B එන්ජිම පවා 2971CC ධාරිතාවයකින් යුක්ත වූවාලොව හොඳම 4WD රථ 10 අතර නොවෙනස්ව තම ස්ථානය රැක ගැනීමට පහුගිය කාල වක වාණුව පුරා BJ40 යට හැකියාව ලැබී තියෙනවා. BJ 40 කාණ්ඩයේ  රථ  BJ43 හා BJ45 යනුවෙන් දිග අනුව තවත් අනු කාණ්ඩ තුනකට බෙදී යනවා.



BJ40
මෙන්න වාහනේ ගන්නවා නම් ! හිතන තැනට එක්ක යයි !!

BJ45

BJ45 Truck


BJ55

3B එන්ජිම ඊළඟට ව්න්නේ BJ60 රථය සමග. 3400CC ධාරිතාවයකින් යුකත එම එන්ජිමට වේග 4 හා වේග 5 ගියර් පෙට්ටි සමග ලංකාවට ගෙන එනු ලැබුවා. එසේම වැඩි දියුනු කල 2H එන්ජිම එනම් සිලින්ඩර 6 ඩීසල් එන්ජිම සහිතවත් මෙම රථය පමිණුනා. ටොයොටා එන්ජින් මොඩල අංක වල ඉදිරියෙන් 1 ඉලක්කම එන්නේ  ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එන්ජින් සඳහාය.2H එන්ජිමේම  ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එන්ජිම 12H . ටර්බෝ එන විට අගට T අකුරක් යෙදේ. සමහර BJ60 රථ  12HT එන්ජින් වලින් සමන් විත විය.


BJ60

BJ62

BJ75
දැක්කාම දුවන්නමයි හිතෙන්නේ ! මොකද නැද්ද ?

මොකක්ද මේ ටර්බෝ කතාන්දරයඉතා කෙටි යෙන්ම මෙහෙම කියාගෙන යන්නම්

රෙසිප්රොකේටින් පිස්ටන් එන්ජිමක එක් බල පහරක් නැතහොත් එක් සඵල ක්රියා කාරීත්වයකට එන්ජිම වට 2 ක් කර කැවිය යුතුය.මෙම වට දෙක කර  කැවීමේදී පිස්ටනය දෙවරක් පහත යන අතර දෙවරක් ඉහලට පැමිනේ. පෙට්රල් එන්ජිමක පෙට්රල් හා වායු මිශ්රණය පිස්ටනය පහතට ගමන් කරණාතුර ඇද ගන්නා අතර  (බෙහෙත් සිරිංජයකට බෙහෙත් පුරවා ගන්නා ලෙසින්) ඩීසල් එන්ජිමක පිස්ටනය තුලට ඇද ගන්නේ වාතය පමණකිසිලින්ඩරය තුල දී ඉන්ධන පූර්න දහනයක් සිදු වියයුතුය.

4 C12H23 +71 O2 –> 48 CO2 + 46H­2O

ස්ටොයිකියෝමිතියට අනුව බර අනුව පෙට්‍රොල් කිලෝග්‍රෑම් එකක් දවා ලන්නට වාතය කිලෝග්‍රෑම් 14.7 ක් අවශ්‍ය වේ. ඩීසල් වල මේ අනුපාතය ගැන කිසිදා මා අසා නැත! ඒ කෙසේ වෙතත් සිලින්ඩරය තුල පූර්ණ දහනයක් සිදුවීමට නම් අවශ්‍යය වාතය බර අනුව කිලෝ 18 යැයි ඔරුගොඩවත්තේ ජපන් ටෙක් එකේ පෙරේරා සර් කිව්වා කියා; ඒ පිළිබඳව විමසීමේදී යුනයිටඩ් මොටර්ස් ආයතනයේ පුහුණු උපදේශක; මස් මාළු නොකන නුවන් මල්ලී මා හට මේ ලියන මොහොතේ දැන්වීය!

බර හා පරිමාව යනු එකිනෙකට අනුලෝමව සමානුපාතික වන රාශීන් දෙකකි. එනිසාම පිස්ටනය තුලට ඇදගන්නා වායු පරිමාව; එය තුලට ලැබෙන ඩීසල් ඉන්ධන පරිමාව පූර්ණ දහනයක් සිදුවීම හෝ නොවීමට බලපාන තීරණාත්මක සාධකය වේ.

තෙරෙණ හිංගලෙන් කියනවා නම් ඇංජිම ඇතුලට ඇදගන්නා හුලං මදි උවහොත් ඩීසල් මුළුමනින්ම ගිනිගන්නේ නැත.




බඩගින්න හා ගම - රට ඇවිළීම  ඇරුණාම අනෙක් ඕනෑම ගින්නක් ඇවිලීම සඳහා කාරණා තුනක් ඇවැසි වේ. ගිණි ගන්නා සුළු දෙයක්, ජ්වලන උෂ්නත්වය හා දහන පෝෂක ඔක්සිජන් වායුව මෙම කාරණා තුන වේ. මෙහිදී එක් එක් ද්‍රව්ය වල රසායනික ව්‍යූහය, භෞතික ස්වරූපය හා ප්‍රමාණය යන තෙවැදෑරුම් කරුණු මත දහන පෝෂක වායුව හෙවත් ඔක්සිජන් ප්‍රමාණය තීරණය වන කාරණා විය හැක. ඔක්සිජන් පමනක් ස්ව්භාවයේ නිදහසේ නොපවතී. එය තනුක වන්නේ නයිට්‍රජන් මගිනි.  එක් එක්  ඉන්ධන ජ්වලනයේදී පරිභෝජනය කරණ වායු ප්‍රමාණය එකිනෙකට වෙනස වනවා සේම ඒවා ගනනය කිරීමද සිදුවී ඇත.

පදාර්ථයේ සියළු දේ ඝන, ද්‍රව, වායු ලෙස වෙන් කොට ඇත. මෙහි වායුන් ගේ ඇති ගති ලක්ෂන ලෙස දක්වා ඇත්තේ නියමිත හැඩයක් නැති, පරිමාවක් නොමැති දෙයක් ලෙසය. කොටින්ම දේශපාළුවන් මෙනි!



මෙම ටයරයට හුලං රාත්තල් 20 ක් ගැසූවද 40 ක් ගැසූවද 50 ක් ගැසූවද එහි හැඩය වෙනස් නොවේ. ඒ  පරිමාව වෙනස් නොවී  වායුවක පීඩිනය ඉහල දැමිය හැකි බැවිනි. ඔබ සිටිනා කමරය පුරා පැතිරී තිබෙන මුළු වාතය සියල්ල පහත පෙන්වා ඇති සිළින්ඩරය තුලට ලෙහෙසියෙන්ම ගාල් කරගත හැක!

වායුවක පරිමාව තීරණය වන කාරණා දෙකකි. ඉන් පලමු වැන්න පීඩනය වන අතර දෙවැන්න උෂ්නත්වය වේ. පීඩනය ඉහලයත්ම පරිමාව අඩුවන අතර උෂ්නත්වය ඉහලයත්ම පරිමාව වැඩිවේ.



එන්ජිමක් සිසිලණ අවස්ථාවේදී පිස්ටනය පහතට ඇදීමේදී සිලින්ඩරය තුලට ඇදගනු ලබන වාතය තුල ඇති ඔක්සිජන් ප්‍රමාණය එය තුලට ලැබෙන ඩීසල් ගිනි ගැනීමට ප්‍රමාණවත් වුවද එන්ජිම ක්‍රියාකරී උෂ්නත්වයට පත්වූ පසු නො එසේනම් අවට වායුගෝලයේ උෂ්නත්වය ඉහල යත්ම සිලින්ඩරය තුලට ඇදගනු ලබන වායු පරිමාවතුල ඇති වක්සිජන් ප්‍රමාණය අඩුවීයයි. එම ඔක්සිජන් ප්‍රමානය  ඩීසල් දනයට මදි වීම කරණකොටගෙන එන්ජිමෙන් බලා පොරොත්තුවන බලය නොලැබී යෑමට හේතුවේ.
මෙය මග ඇර ගැනීමට පසු කාලයකදී එන්ජිම ඇතුලට වාතය ඇතුලු කිරීමට ටර්බයිනයක් යොදවා එය විදුලියෙන් හෝ එන්ජිමෙන් දිවෙන පටියක් මගින් වේගයෙන් භ්‍රමණය කොට පිස්ටනය පහලට යන විටම එයතුලට වාතය "බලෙන්" රිංගවීමට උපක්‍රම භාවිතා කරණු ලැබීය.


සුප්පා සුපිරි සුපර් චාජරයක් !
වින් ඩීසල්ලා පැට්රෝල් වලින් වැඩ පෙන්වන්නේ මේවායේ ආනුභාවයෙන්ය !




නෝන්ඩි නැතිව ශේප් එකේ 
සුපර් චාජරේ බෙල්ට් එකකින් තමන්ම කරකවා ගන්නා ලස්සන !




මෙහි වැඩිදියුණු අවස්ථාව ලෙස මෙම ටර්බයිනය කර කැවීමට මේ වන විට භාවිතා කරණු ලබන්නේ දනයෙන් පසු ඉවතට ගලනා පිටාර වායුව හෙවත් දුමය.






ටර්බෝ චාජරයේ මදය !

මෙසේ ටර්බෝ චාර්ජරය මගින් ඇදගනු ලබන වායුව තුල ඇති ඔක්සිජන් අනු ප්‍රමාණය වැඩි කර ගැනීමට වායුව සිසිල් කර ගත් යුතුය. රත්වූ පසු එකිනෙකට ඈත්වී ප්‍රසාරණය වන වායු අනු සිසිල් වනවිට වඩාත් ලංව පිහිටයි. මෙනිසා මේ වායු ප්‍රවාහය සිසිල් දිය ගලන කන්ඩෙන්සරයක් හරහා ගෙන ඒමට යොදන උපක්‍රමය ඉන්ටර්කූලර් ලෙස හැඳින්වේ! ඉහත රූපයේ දක්වා ඇත්තේ ඉන්ටර්කූලර් ටර්බෝ එන්ජිමක පිටාර වායුව ඉවතට ගලා යන අයුරු (රත් පැහැයෙන්) හා සිසිල් පිරිසිදු වායුව (නිල් පැහැයෙන්) එන්ජිම තුලට ගමන් ගන්නා ආකාරයය.

ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් කියන්නේ නම් ඒතරම් සංකීර්ණ කතාවක් නොවන්නේය. ඩීසල් එන්ජිමක් තුලට ඩීසල් විදින ඉන්ජෙක්ටරය මගින් විදින් ස්ථානය අනුව එය ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් හෝ ඉන්ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එන්ජිමක් බවට වෙනස් වේ. ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එන්ජින් සතු වාසි සහගත තත්වයන් වන්නේ පන ගැන්වීමේදී එය රත්කිරීමකට භාජනය කිරීමට බොහෝ විට ඇවැසි නොවීමය. එහෙත් එන්ජිම තරමක් රළුය. ශබ්දය තරමක් උස්ය. බොහෝ ඉසූසූ එන්ජින් ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් වේ. ඉසූසූ ටෲපර්, ඩබල් කැබ වලට එන වචනයේ පරිසමාප්තියෙන්ම "හොඳ" එන්ජිමක්වූ ඉසූසූ ටෲපර් එකට එන 4JB1 එන්ජිමද ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එන්ජිමකි.



4JB1 එන්ජිම මොනතරම් සුපිරි එන්ජිමක්ද කියනවා නම් 32 ශ්‍රී ආපු අමෙරිකන් විලීස් ජීප් එකට පවා එහෙන්ම හයිකරලා එව්වේ මෙම එන්ජිමයි. 
C223 , C240 එන්ජින් වලින් ටෲපර් ඔස්සේ යලිත් දවසක කතිකාවක යෙදෙමු! නිසාන් පැට්රෝල් ගැන ඉසූසූ ටෲපර් එතනින් ගියාම පලාත් සබා පජේරෝ ගැන  පසුව නිවාඩුව කතා කරණ්නට පසුව හමුවෙමු !



27 comments:

  1. Umba danna dewal!
    I thought once a Mitsubishi model came with a 'Jeep' badge instead of 3 diamonds (I could be wrong) So, there is no low gear in any of this fancy 4WDs like X-Trail, RAV4 and so on? Did Rosa bus had a 4DR5 engine?

    ReplyDelete
  2. අනේ එහෙම දෙයක් නෑ! ස්තූතියි!!
    ඔව් ඇමරිකානු සමාගම් වල අනුග්‍රාහකත්වය යටතේ මිට්සුබිෂිලා "Jeep" කියන නමින්ම හැදුවා. මුල්ම කාලේ විලීස් කියලත් හැදුවා. නමුත් පැත්තක එයාලගෙ ත්‍රී ඩයමන්ඩ් එම්බෝස් එකත් එක්ක. ඉන්දියාවේ මහේන්ද්‍රා එකත් මුල්ම කාලේ හැදුවේ විලීස් නමින්.
    ඔව් මේ එන්ජිම හඳුන්වන නම 4DR5 නමින්ම තමයි. මුල්ම රෝසා බස් වලට කැන්ටර් වලට භාවිතා කලා. නමුත් එක දෙයක් මේවායේ පොඩි පොඩි වෙනස් කම් තිබුනා. උදාහරණයක් විදියට ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ හැඩය වගේ ඒවා වෙනස් උනා. තව එකක් ජීප් එකටයි රෝසා බස් එකටයි භාවිතා කල ඉන්ජෙක්ටර් නොසල් නම් නොම්මර දෙකකින් ආවේ. ඒ නිසාම හඬේ වෙනසක් තිබුනා. ඒ අපිට පෙනෙන ඇහෙන දැනෙන විදිය! නමුත් ඒ නිසාම ඒවායේ පර්ෆෝමන්ස් වල වෙනසක් තියෙන්න පුළුවන්.
    උදාහරණයක් විදියට අලුතින් එන ඉන්දියන් Fuso Truck එකේ මොඩල් එකක් එනවා FI කියලා. ඒකේ Sub Classes දෙකක් එනවා 12/14R කියලයි 12/17C කියලයි. මෙතන 12 කියන්නේ GVW එක හෙවත් Gross Vehicle Weight ( පැටවිය හැකි මුළු බර හා වාහනයේ බරෙහි මුළු එකතුව.) 12/14R කියන්නේ නිකං හාෆ් බොඩියක්. ඒත් 12/17R කියන්නේ ටිපර් රථයක්. මෙතන 14 කියන්නෙයි 17 කියන්නෙයි අශ්වබල 140 හා අශ්වබල 170 කියන එක.
    ඒත් ඔබ දන්නවාද මේ දෙකටම එන්නේ එකිනෙකට සර්වසම 4D37 එන්ජිම!
    මේ බල පෙරලිය කරලා තියෙන්නේ මංත්‍රීලා එහාට මෙහාට පැනලා නම් නොවෙයි.
    ඒක කරලා තියෙන්නේ Fuel Map එකෙන්. කෙටියෙන් කියනවා නම් එන්ජිමට දෙන ඩීසල් ප්‍රමාණය වෙනස් කරලා. මේවා ඇහැට නොපෙනෙන ඩිජිටල් සිග්නල් වලින් වෙන දේවල්. මේ ලියලා තියෙන මොන යම්ම දෙයක් ගැන හෝ වැඩි දුර යමක් දැන ගන්න ඕන නම් කියන්න. රිප්ලයි එක දිග වැඩි හින්දා මෙහෙම කිව්වේ! ස්තූතියි ! Fuel Map එක ගැන කියන්න ඕනෙ නම් ඒක ඊළඟ පෝස්ට් එකේ ලියන්නම්. මොකද ඒක ගැන කියන්න රූප සටහනක් අනිවාර්‍ය්යෙන්ම ඕන වෙනවා. තව Throttle Position Sensor, Air Flow sensor,Manifold Pressure Sensor, , Engine Load වගේදේවල් ගැන කතාකරණ්න වෙනවා. උවමනා නම් කියන්න. පසුව හරි ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. 4DR5 Work Shop Manual එකට අනුව කුඩා වෙනස් කම් විතරයි පෙනෙන්නේ. පසු කාලීනව ඉන් බොහොමයක් සමාන වෙලා තියෙනවා. ස්තූතියි! රොසා, කැන්ටර් එන්ජිමට වඩා ජීප් එන්ජිම කිලෝ 20 ක් බරින් වැඩි වගක් පෙනෙන්නේ. ඒ ට්‍රාන්ස්ෆර් කේස් එකේ බර වෙන්න ඕන! 250kg - 270kg

      Delete
  3. Thanks for the update. Feel like going back to Mitsubishi Jeep days, my father had two one short wheel, which I busted by changing to a diesel engine, other one was half red and half white one with spare wheel inside (I have not seen that model on the road lately)

    ReplyDelete
    Replies
    1. J 36 - මංත්‍රී මොඩල්. ස්තූතියි.

      Delete
  4. හම්මටසිරි, පට්ට ඩොකියුමන්ට්‍රියක් නෙ. නොදැන හා භාගෙට දැනගෙනසිටි කරැණු ගොඩක ඇද ඇරගත්තා. මේක ලියල තියෙන්න අර පරණ යාන්ත්‍ර විද්‍යා පොත්වල තියෙන සරල හැබැ‍යි පැහැදිලි වාක්‍ය රටාවෙන්. ( බයිසිකලයක් වත් පදින්න දන්නෙ නැති එකෙක් නම් හැබැයි මේක කියවල ඔලුව කර්පට් වෙයි. )

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ....
      කර්පට් උනා නේන්නම්!

      Delete
    2. හරි හරි කින්ඩිය දාන්න එපා ඉතිං!

      Delete
  5. Age wrinkles the body. Quitting wrinkles the soul.
    - Douglas MacArthur

    ReplyDelete
    Replies
    1. "Age is an issue of mind over matter.If you don't mind, it doesn't matter."
      - Mark Twain

      Delete
  6. සුපිරියි. ටර්බෝ චාජරයක් හයි කිරීමේ අවශ්‍යතාව ගැන බාගෙන දැනගෙන හිටපු දේ මේ ලිපිය නිසා සම්පූර්නයෙන් වටහා ගන්න පුලුවන් උනා.

    අර ම.ල.ර. සුරංගට බදුල්ල පැත්තෙ ඩොටේ යන්න මොකක් හරි හතර රෝද ධාවකයක් හොයල දෙමු.

    ReplyDelete
    Replies
    1. ටර්බෝ චාජරයක් නිෂ්පාදිතයා විසින් සවිකොට නැති වාහනයකට අපි හිතුමනාපෙට සවිකරණ එක ඒතරම් සුදුසු එකක් නොවේ. ඩීසල් ඇන්ජිමක් තුල ඩීසල් ගිනි ගන්නේ දැඩි උෂ්නත්වය නිසාමයි. කොටින්ම සිලින්ඩරය තුලට ඇදගනු ලබන වාතය දැඩි පීඩනයකට තෙර පීමේදා එහි උෂ්නත්වය ඉහල යනවා (බොයිල්ස් නියමය: වායුවක පීඩනය ඉහල යනවිට පරිමාව අඩුව යයි. පීඩනයචාල්ස් නියමය : වායුවක පරිමාව අඩුව යන විට උෂ්නත්වය ඉහල යයි.) සිලින්ඩරය තුල පිස්ටනය ඉහල යාමේදී පීඩනය වැඩිව ගොස් පරිමාව අඩුවීමත් සමග උෂ්නත්වය ඉහල යයි. එය ඩීසල් වල ජ්වලන උෂ්නත්වය තරමටම ඉහල ගොස් ඩීසල් ගිනි ගනී. පෙට්රල් එන්ජිමක එන්ජිමකට වඩා දෙගුණයකටත් වඩා පීඩනයක් ඩීසල් එන්ජිමක් තුල ඇත.පිස්ටනය පහතටම එන ස්ථානය එනම් Bottom Dead Center (BDC) සිට පිස්ටනය ඉහලටම එන ස්ථානයට එනම් Top Dead Center(TDC)දී පෙට්රල් එන්ජිමක සම්පීඩන අනුපාතය Compression Ratio 9 : 1 වන අත්‍ර ඩීසල් එන්ජිමක එය 22 : 1 පමණ ඉහළ අගයක් ගනී. එහෙත් ඩීසල් ටර්බෝ එන්ජිමක මෙම පීඩනය ඊට අඩුය. නිෂ්පාදනයේදී එසේ සම්පීඩන අනුපාතය අඩු කොට ඇත්තේ ටර්බෝ චාජරය මගින් දැඩි පීඩනයකින් වාතය ඇතුලු කරණ නිසාය. එසේම සාමාන්‍යය වාහනයකට අපගේ හිතුමනාපෙට ටර්බෝ චාජරයක් සවි කලහොත් එහි සම්පීඩන අනුපාතය අනවශ්‍ය තරම් ඉහල යාමෙන් එන්ජිමට හානි සිදු විය හැක. උදාහරණයක් ලෙස ෂෙල් මොඩල් Toyota Hiace එකට එන 2L එන්ජිමට එන පිස්ටනයේ Gudgeon Pin වලට වඩා ටර්බෝ එන්ජිමේ Gudgeon Pin විශාලව සාදා ඇත.

      Delete
  7. මොනවා කියන්නද ?? ""අතරමග"" පෝස්ටුවටත් පිළිතුරක් ලියන්න හිටියට ලියා ගන්න බැරිඋනා. හදිසියේ වචන දෙකතුනක් ලියලා මදි නිසා දිගට හොඳට ලියන්න ප්ලෑන් කලාට වැඩේ හබක්. වාහනයක් ඇතුලේ ආසනයක ඉඳගෙන ඉන්නවාට වඩා වාහනය යට රිංගාගෙන ඉන්න එක සැපයි කියන ඔබතුමා වැනි කොට්ඨාශයක් ඉන්නවා. මාත් ඉස්සර ඒ ගොඩේ හිටියා. අපේ අම්මා නම් ඒකට කියන්නේ (එක්කෝ ඕනෑ නැහැ ).
    ඉස්සර විලීස් ජීප්පු වලට රෝලන්ඩ් කොම්පැනියෙන් ඇලුමිනියම් බොඩි ගැහුවානේ. බොහෝ කලකට පෙර අපේ ගෙදරත් එයින් එකක් (EL 6371) තිබුනා. නමුත් මං ලයිසන් ගන්න කලින් තාත්තා ඒක විකුණා දැම්මා.
    පරණ ලෑන්ඩ් රෝවර් වල ග්‍රිල් එක විතරක් නොවේ, දොරවල්, වින්ඩ්ස්ක්‍රීන් , බොනට් පවා ඉතාම පහසුවෙන් ගලවන්න පුළුවන්. සැලූන් දොරවල් වල සරනේරු වගේ, අංශක 180 දොර ඇරලා ඉස්සුවාම (බොනට් එක, වින්ඩ්ස්ක්‍රීන් එක, පිටුපස බාග දොර එහෙම නම් පැත්තට ඇද්දාම) ගැලවෙනවා. මගේ 1 ශ්‍රී ලෑන්ඩ් රෝවර් සීරියස් I එකට 4dr5 රවුං ලයිට් රෝසා 12v ඇන්ජිමක් හයි කරපු එකයි, 31 ශ්‍රී වලට රෙජිස්ටර් කරලා, ඒක මකබෑ උනාම ඇන්ජිම හා ගියර් පෙට්ටිය සීරියස් II LWB බොඩියකට තිබ්බ එකයි, ඊළඟට ඒක 40 ශ්‍රී ලොරියක් හැටියට රෙජිස්ටර් කරපු එකයි ගැන ඔබගේ පරණ පෝස්ටුවකට ඉංගිරිසියෙන් ලියාපු පිළිතුර තමයි මම බ්ලොගයකට ලියාපු පළමු පිළිතුර. ඉතින් මාත් වැඩිපුර හිටියේ වාහනය යට තමයි. මොකද ජපන් ඇන්ජිමක් ඉංග්ලිෂ් ගියර් පෙට්ටියකට කසාද බන්දන්න ලේසියෙන් බැහැනේ.
    විලීස් ජීප් රේල් පාරේ යන්න පුළුවන් කියා මට කිව්වේ මගේ මහප්පායි. නාවින්නේ රෝලන්ඩ්ස් එකෙත්, යුද්ධ කාලේ පනාගොඩ ආමි ගරාජ් එකෙත් වැඩකරපු, පැට්‍රෝල් වලට ගැසොලීන් කියන කෙනෙක්. හැබැයි ඒ මොන රේල් පාරකද කියලා අහගන්න තරම් දැනුමක්, වයසක් මට එකල තිබුනේ නැහැ. නමුත් ඒ රේල් පාර narrow gauge නොවෙයි,standard (broad) gauge විය යුතුයි කියලයි මට හිතෙන්නේ. . 4' 8 1/2" පළල ස්ටෑන්ඩර්ඩ් රේල් පාරට 5'2''පළල විලීස් වාහනයේ රෝද වල ඇතුලේ රීම් බාගය ගානට ෆිට් වේවි කියා හිතනවා.
    ඉන්ටර්නැෂනල් ස්කවුට් එක ඉස්සර පොලිසියට තිබුනානේ. අනිත් එක ආමි එකට තිබුනා. හැබයි ඔබ Austin Gipsy එකයි Champ එකයි අමතක කලේ ඇයිද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද ලෑන්ඩ් රෝවර් එකත් එක්ක තරඟයට තිබුන අනිත් ඉංග්ලිෂ් වාහනය ඔස්ටින් එකනේ. ඒකනම් පුද්ගලික වාහන හැර කිසිම රාජ්‍ය ආයතනයක තිබුනා කියලා හරි හමන් මතකයක් නැහැ. ඒ උනාට පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තිබුනා වාගේ යන්තං හිතේ කොනක තියනවා. මොනවා උනත් ""වාහනයක් කියන්නේ ෆෝ වීල් ඩ්‍රයිව් එකක් ""

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි ඔබ තුමාගෙ පැමිණීම ගැන. ඇත්තටම ඉස්සර වාහන යට එහෙමම නින්ද ගිහින් තියෙනවා සිරි නරඹ නරඹ ඉඳලා. මම කාලෙකට පෙර පෞද්ගලිකවම වැඩ නවත්වපු බාස් කෙනෙක්. ඒත් අර ෆ්‍රෙඩී සිල්වා කියන්නේ "කරත්තයක හඬ ඇහුනම - යන්න හිතෙනවා පාරට //" කියලා. ඒ වගේ මගේ තිබුනු ඹ්ඣ්62 එල මුදල් අවශ්‍ය තාවය මත විකුණුවාට පසුව මේ දහිරි වාට්ටුව ගනිද්දී මම හිතුවා නැවත අඬු යතුරු, ස්පැනර්ස්, සොකට්, නියන්, ජැක්, වීල් බ්‍රේZ එක්ක ඔට්ටු වෙන්න වෙයි කියලා. අනේ වාසනාවන් ඒක එහෙමම උනා. මං හිතන්නේ කාලෙකින් හිතපු දේ උනාමදෝ කොහෙද! ඔබ තුමා දන්නවා නොවැ මේ අසනීපෙ තිබෙන අපට බොඩිය යකාට ගියත් කමක් නෑ මෙහෙන් පාරට දැම්මාම චන්ද්‍රිකා වැවේ වැව් බන්ටෙක උඩ මොන මොනවා හරි සප්පායම් වෙනකල් එක හුස්මට යන්න පුළුවන් වෙන්න ඕන කියලා. "මචං මෙහෙම තිබුනට යාපනේ උනත් යන්න පුළුවන් බං!" කියලා කියන්න තියෙන්න ඕන. මධූගෙ තාත්තා වව්නියාවෙ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරපු දවස වෙන කොට මේක අරණ් සතියක් ඇති මයෙ හිතේ. මට වැඩේ කිව්ව ගමන් මංය කිව්වා "උඹ තනියෙම යන්න එපා! හිටිං මාත් එන්නං!!" කියලා යන එක ගියා. මෙහෙං පිටත් උනේ රෑ 8.00 විතර. රෑ 12.00 විතර වෙන කොට වව්නියාවට ගියා. යන එකත් ගියා පැලෙන්න. එන කොට මම තනියම ආවේ. පාන්දර1.30 විතර ඇස් කණ වෙන ලයිට් එලියක් ඇහැට වැටුනා. එත්කොටම ට්‍රක් එක යමින් තිබුනේ හදමින් තිබුනු බෝක්කුවක් උඩින් . වාහනේ අඩි 4-5 ක් උඩින් ගිහින් බිමට වැටුනා විතරයි මහ සද්දයක් ආවා. ඊට පස්සේ යන්න බෑ දිගටම බරං බර්ං ගානවා. මහ කැලේ මැද්දෙම නවත්තලා යටට රිංගලා බලන කොට ගියර් පෙට්ටිය මවුන්ට් එකත් කඩා ගෙන බිමට පාත්වෙලා.එදා මට මොනවා උනත් එන්නම ඕන තරම් උවමනාවක් තිබුනු දිනයක් ! හොඳ වෙලාවට ජැක් එකයි සුපිරිම කේබල් ඒකකුයි යූ බොල්ට් එකකුයි තිබුනා. ගියර් පෙට්ටිය බොඩියෙ වදින්නම උස්සලා යටින් කේබල් එක චැසියෙ දෙපැත්තෙ පටලලා තොටිල්ල වාගේ හදලා යූ බොල්ට් එකෙන් හිර කර ගත්තා. පස්සෙ ජැක් එක බෑවාම අනෙ ගියර් පෙට්ටිය තිබිය යුතු තැනට අඟලක් විතර පාත් වෙලා නැවතුනා. බොනට් එක ඇරලා බැලුවාම වෝටර් ෆෑන් එක් කොහෙවත් වදින්නේ නෑ. කිව්වට විශ්වාස කරණ්න සෑම් මහත්තයා කොළඹ ඇවිල්ලත් මාස දෙකක් විතර හෙමම දුවලයි හදා ගත්තේ. දැන්නම් ගොඩක් දේවල් ගොඩ දාගෙන තියෙන්නේ! ස්තූතියි නැවත නැවතත්!! ආවාට ලිව්වාට!!! බෙදා හදා ගත්තාට!!!!!
      ඒ සියල්ල ගැන ලියනවා ඉදිරියේ!

      Delete
    2. අම්මා කියන්නේ "උඹලගෙ කාළකණ්නි කම !" කියල එහෙම නොවෙයිනේ!?

      Delete
  8. 4dr5 කියන්නේ අපේ දෙපාර්තමේන්තුවෙ බර ඇදපු නියම භාණ්ඩයක්. පහුගිය කාලෙ අපේ දෙපාර්තමේන්තුවෙන් වෙන්දේසියෙන් පැහැරගෙන යන්න සැලැස්සුව එක ජිප්පෙකක පැටිකිරිය හොයං යද්දි දැනගත්ත විදිහට එව්වා මහවැලි ව්‍යාපාරෙට අලුතින්ම අරං තියෙන්නෙ එකක් රුපියල් ලක්සෙ ගානෙ. එව්වට පිටිපස්සෙං අමුණගෙන යන්න ටේලර් හදල තියෙන්නෙ ඉන්දියාවෙ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම. ෙරා්ද ගලෝලා, දුනු මිටි දෙකින් මන්නා, පිහි, කැති හදලා ඉතිරි වෙච්චි එයින් අවසන් ටේලර් දෙකක් බඩවත කෑලි ටික විතරක් අන්න ගොඩගහල තියෙනව පරණ යකඩවලට වෙන්දේසි කරන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයෝ වෙන්දේසිය තියෙන කොට මතක් කරනවද? පිංතූරයක් දෙකක් එවන්න පුළුවන්නම් පංකාදු පහයි. ට්‍රේලරේ මට ගොඩදාගන්න බැරිවෙන එකක් නෑ. මොකද කියන්නේ ජීප් එකක් අරණ් ගොඩ දාගමුද ඔය කාර් කටු පදින කල්?

      Delete
    2. හොඳ වෙලාවට මං දැං එතනින් මාරුවෙලා ඇවිල්ලා සති දෙකකට වැඩියි. ඒ දෙකේ නං දැං ගන්න තියෙන්නෙ මලකඩ කාපු වටේ තහඩු ටික විතරයි. අවුරුදු විස්සක් විතර එක තැන දිරපුවා. පොටෝ තිබ්බොත් එවන්නං බුකියෙං.
      ජිප් එකක් අරං ගොඩදාගන්න ලක්ෂ හය හතකින් බැරි හංදයි නිසොල්මනේ ඉන්නෙ. නැත්තං මෙලහට එකක් ගත්තා.

      Delete
    3. අනේ "හොඳ වෙලාවට" කියන ප්‍රථ්‍යය යෙදුවේ මම කරදරයක් වෙයි කියලද? බයව්qඑන්න එපා. එහෙම වෙන්නේ නෑ. පිංතූර එවන්න මහන්සි වෙන්නත් එපා. අල්ලලා දාන්න ඒ කතාව.
      ලක්ෂ හය හතකින් ගොඩ දාන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක රඳා පවතින සාධක රාශියකි.
      මිළදී ගන්නා මිළ
      වාහනයේ වර්ථමාන තත්වය
      එය සාදා නිම කිරීමට බලා පොරොත්තු වන තත්වය
      වාහනයේ වර්ගය
      කාර්මිකයින්ගේ ස්වභාවය
      වැනි කරුණු රාශියක් මත එය රඳා පවතිනවා.
      මට නොවේ මේ ලෝකෙට ජීප් එක හොයා ගත්තු එකාටවත් කියන්න බෑ වාහනයක් දකින්නේ නැතිව ඒක ගොඩ දාගන්න කීයක් යයිද කියලා.
      මොකද මිට්සුබිෂි ජීප් තියෙනවා ලක්ෂ 5 වටින ඒවත් 25 වටින ඒවත්. ඒ ඒවා හදලා තියෙන තත්වය මත් තීරණය වන එකක්. ස්තූතියි. ඔබ මීට උනන්දු නම් විතරක් ඉක්මන් එකේ එහෙම බලන්න. මොකද කතාවක් තියෙනවානේ "අපි හොයන ඒවයි පෙනෙන්නේ" කියලා. පලමුව තමන්ගෙන්ම අහලා බලන්න තමන් ෆෝ වීල් එකක් හොයනවාදැයි කියා?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. අපොයි නෑ තට්ට මාමේ. "හොඳ වෙලාවට" කිව්වේ විහිළුවට යොදන ප්‍රත්‍යයක්. ඇත්තටම ඒ දහිරවාට්ටුව ගන්නවට වඩා විල්බැරැක්කයක් අරං මොඩිෆයි කරන එක ලේසියි. ඒක වැඩට ගත හැකි එකක් නං ඔයාට ඒක සම්බන්ධීකරණය කරල දෙන්න බැරි කමක් නෑ. යමකට ආසා අයට ඒවා හොයාගන්න උදව් කරන එක අපේ යුතුකමක් නෙ.

      මං හැමදාම රෑට නිදාගන්නෙ ඉක්මන් එකයි රිය සෙවනයි බලලා දවසෙ විකුණන්න තියෙන වාහන සහ ගෙවල් විශ්ලේෂණයක යෙදුනට පස්සෙයි. දැනට නං අපට මිලදී ගන්න අතපොවන මානෙ තියෙන්නෙ මරුටි ජිප්සි පෙට්‍රල් ජීප් එකයි මරණාසන්න ඩයිහට්සු F50 වගේ එව්වයි විතරයි. මං බලන්න ගියපු මරුටි ජීප් දෙකක්මත් තිබ්බෙ ගොනෙක් දාලා ඇදං යන තත්වෙ. තව "නිවසේ භාවිතා කළ" එකක් තිබ්බෙ සුලු අලුත්වැඩියාවක් කළ යුතු (එන්ජිමක් තැබිය යුතු) තත්වෙ.

      මම මුලින්ම ඩ්‍රයිවින් පුරුදුවුනේ ලොරියකිං හංදා ඩීසල් ඇන්ජිමත් එක්ක මගේ හිතවත්කම බොහොම පරණයි. මීට සති දෙකකට කලිනුත් 4dr5 එකක ඩ්‍රයිවින් සීට් එකට නැගලයි බැස්සෙ. ඒ හංදා ඩීසල් ඇංජිං මට පත්තියං. නමුත් වාහන ගැන මෙලෝ කාර්මික හැකියාවක් නැති අපි වගේ එවුන්ව ගිලල පත්තියං කරගන්න එදා වේලෙ ගැරිජ් බාස්ලා ඉන්න මේ කඳුරටේ එව්වයින් එකක් අරං හදාගන්න එක අපේ ආවුස කෙටිවෙන වැඩක්. ඒ හංදා කවදහරි දවසක කවුරු හරි විස්සාසවන්තයෙක් ලඟ තියෙන හදාපු එකක් ගන්න එක තමයි මට ගැළපෙන්නෙ.

      Delete
    6. ඩයිහට්සු කියන්නේ සුපිරිම වාහනයක්. බය නැතිව අත තියන්න. ඕකෙ තියෙන එකම දොසෙ ට්‍රාන්ස්ෆර් කේස් එක ලෙඩ දෙනවා. ඒත් මිට්සුබිෂි ජීපෙකේ එක මොඩි ෆයි කරලා දාන්න පුලුවන්ලු. ඩයිහට්සු කියන්නේ ටොයොටාම තමයි. ඩයිහට්සු. සමහර ඇංජිමේ එක පැත්තක ටොයොටා ලකුණ ගහලාබ්තියෙනවා මම දැකලා තියෙනවා.

      Delete
  9. හෙනම කැමති වාහනයක් . කෝ jeep wrangler එක අමතක වුනාද , හැබැයි ලන්ඩන් වල ඔය වාහනේ අරන් වැඩක් නැහැ . පිටම ඉන්න ඕනේ ඕකේ ජොලිය ගන්න. එක පාරක් ගියා outdoor driving රෙන්ට් එකට අරන් . ලංකාවේ පොලිසියේ අර පරණ මොඩල් එක තිබ්බනේ

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අජිත් ගොඩ වැදුනාට. ඔව් ඇත්තටම Wrangler, Wagoneer, Jeepster වගේ බොහොමයක් මග ඇරුණා. ඉදිරියේ ලියන්නම්. මේ ලියමන එතරම් සැලසුම් සහගතව ලියපු එකක් නොවේ. ඔබ අසා ඇතිද මේ වැකිය. එලිසබත් නම් ටේලර්. ටේලර් නම් ට්‍රැක්ටර්. ට්‍රැක්ටර් නම් ෆොර්ඩ් ! කියන එක. ආන්න ඒ තියරියට තමයි මේ ලිපිය ලියද්දි මම භාවිතා කලේ. මගේ "තුවක්කු සහ පතරොම්" පෝස්ට් එකත් ලිව්වේ එම ශෛලිය තමයි උපයෝගී කර ගත්තේ. නැතිනම් ඒ විෂයට අකමැති අය කියවීම ප්‍රථික්ෂේප කරණවා! ඉතින් එහෙම ලියාගෙන යද්දී ඔය වගේ ඒවා අත හැරීම වෙනවා. අපි ආයෙත් ලියමු! ස්තූතියි නැවතත්!
      ඔව් පොලීසියේ තිබුනා පෙට්‍රල් ඒවා. 5ශ්‍රී වලින් පහල.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...