Friday, February 8, 2019

123. දළ රළ මැද.........!



නැගෙන  දිය සුළි තරග නංවා දිවි ගමන බිහිසුනු                     කරයි
රැගෙන   සිය දිවි පමනකුදු නොව සිය පතද ගෙන පාව               යයි
දැනෙන   පිය සෙනෙහසද ගුලි කොට දියඹ හා නිති පොර        බදයි
වැනෙන   කුඹ ගස රුවල එක්කොට කෙම් බිමට යන මං     සොයයි






දිවිය    අති තෙක් දිවි ගෙවන්නට ඔබේ සුසුමන් මා         පතන්නෙමි
ජවය   ඇති තෙක් නොවේ හදවත ගැහෙන තුරු මා ඔබ   රකින්නෙමි
බලය  නැතිමුත් කාසි කොලවල මිනිස් බව ඇත මිල    නොදන්නෙමි
ඔබය  මගෙ පන! මිය ගියද මා කිසිදු ලෙසකින් හැර    නොයන්නෙමි


9 comments:

  1. මැරුනත් හොල්මනක් වෙලා හරි පස්සෙං එනවයි කියලද මේ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. "ආවා සොයා ආදරේ . . . . . !" කියාගෙන රෑ 12 ට විතර එන කොට කොහොමද?

      Delete
  2. He'd rather go down with her and settled in Davy John's Locker.. Never surrender! - That is Captain of a Battleship for you! Respect!!!

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකින් තේරුම් ගෙන තේරුමක් ඇති දෙයක් රැගෙන ආවාට මෙන්න මගේ සමාචාරය!

      Delete
  3. කවි 2ම ලස්සනයි. කුබ ගහයි රුවලයි උපමාව නම් මරු.

    ReplyDelete
  4. ලස්සනයි වගේම අර්ථවත්.... එල ❤️

    ReplyDelete
  5. ස්තූතියි !
    ඔබ මෙතනට නැවුම්! ස්තූතියි සපැමිණියාට!!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...