Friday, December 14, 2018

119. මතකය . . !











ජීවිතය මොනතරම් සුන්දරදැයි
නොසිතුවෙමි ඔබ දකින තුරා
ආදරය මෙතරම් සුන්දරදැයි
නොදන්නෙමි ඔබ දකින තුරා

තෙමුණු තණ පියලි මත 
ඇවිද ඇතිමුත් පා ගෙවෙන තුරා
ඒවා එතරම් සුමුදු යැයි 
නොදැනුනි ඔබ දකින තුරා

මල් ගැවසි වන පෙත්හි
ගැවසී ඇතිමුත් දවස පුරා
ඒවා එතරම් සුවඳ දැයි 
නොදැනුනි ඔබ දකින තුරා

ජීවිතය මොනතරම් සුන්දරදැයි
නොසිතුවෙමි ඔබ දකින තුරා
ආදරය මෙතරම් සුන්දරදැයි
නොදන්නෙමි ඔබ දකින තුරා








14 comments:

  1. ඔබ දකින තුරා පංචේන්ද්‍රියම වැඩකරන්නැති මනුස්සයෙක්නෙ ඉඳල තියෙන්නෙ. (ඇස් දෙක ඇර)

    ReplyDelete
    Replies
    1. හැබැයි කොන්ඩෙ තිබුන එතකොට

      Delete
    2. ඔබ දැක්කට පස්සෙ කෙස් ටික ගලවන්න ඇති.
      හැක්.. හැක්..

      Delete
    3. අහුනොවෙන්න බලන්න තුබුනනෙ

      Delete
    4. අයියෝ මුදලාලි මහත්තයෝ! ඇයි මේ මඩ? ඔයා අහලා නැතිද මෙවන් දේ ලියන්නාටත් ඉලක්කයට හසුවන අයටත් නො එසේනම් ලබන්නාටත් හැරෙණ්නට අන් සියල්ලන්හටම විහිළු කියා!?

      Delete
    5. මගේ උගත් මිත්‍රයා! කෙස් වලට හැඟීම් දැනීම් නෑ කියලා දන්නේ නැද්ද? බොරු නම් අහන්න බාබර් උන්නැහැ කෙනෙක් ගෙන්! ඕවා තිබුනත් එකයි නැතත් එකයි! සද්ධර්ම රත්නාවලීයේ එන "නාගසේන වස්තුවේ" ඔය කෙස් නැතිව සිටීමේ වාසි හා ප්‍රයෝජන ලියා තියෙනවා ඡේදයක් පුරාවට. එතනින් ගියාම හොලිවුඩ් වල බුද්ධ චරිතය සිනමාවට නගන්න ගිය වෙලාවෙ එම චරිතයට තෝරා ගෙන තිබූ යූල් බ්‍රයිනර්ගෙ ඉඳන් වින් ඩීසල්ලා නිහාල් සිල්වලා වෙනකල් සියල්ල "වැඩ" පෙන්නුවේ කෙස් තිබිලාම නොවෙයි! එතකොට ඩ්වයිට් ඩී අයිසන් හවර් , වින්සන්ට් චර්චිල්ලාත් තට්ට්යෝම තමයි. හැබැයි මේක අහලා දැන් ඔය තියෙන කොන්ඩ ගස් හතර පහ බූ ගානවා එහෙම නෙවෙයි. දිලිසෙන සියල්ල රත්තරණ් නොවෙයි කියලා මුතුකරුප්පන් චෙට්ටියාර් කියලා කෙනෙක් හෙට්ට්වීදියේ ඉඳන් කියලා තියෙනවානේ?

      Delete
  2. අලුත් ඔෆිසියේ මොකක් හරි හුටපටයක් වත්ද ?

    ReplyDelete
    Replies
    1. යකෝ පවුලට ඇහෙයි! ෂෙප්!

      Delete
  3. අගෙයි අගෙයි.
    ජයවේවා!!!

    ReplyDelete
  4. අනේ ඉතින් මේ "කින්ඩිය" දානවා එහෙම නොවෙයි නේද?

    ReplyDelete
  5. ඔය කියන "ඔබ" වෙලාවට හම්බුනේ..නැහ්නන් සංවේදක මොකුත් වැඩ කරලා නෑනෙ..

    ReplyDelete
  6. අගේ ඇති කවි සිතුවමක්.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...