Friday, October 12, 2018

115. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි . . . . .3



මේ "අන් ඇකයේ . . . ." තෙවන දිග හැරුමයි.මේ මවිසින් අන් අයගේ බ්ලොග් වල පලවු පෝස්ටු වලට පහළින් මවිසින් ලියන ලද මාගේ අදහස් එකතුවක්.  මේ සිතුවිළි වල මූලාරම්භය අන් සිතකි! එහෙත් මේ මටම ආවේනික මගේම සිතුවිලිය!! කපුටු කූඩුවක උපත ලබන කොවුල් පැටියෙකුට මෙය උපමා නොකරණ්නේ මාගේ කොමෙන්ටුවට කතෘ වන පෝස්ටුව ලියූ බ්ලොග් කරුවා ඉන් තරමක හෑල්ලුවට ලක් වන නිසාය! මුහුදු වෙරළේ ඇති බෙලි කටුවක් නිවස කර ගත් තාපස කකුළුවෙක් ? 
ජීවිතේ සෑම කලෙකකදීම මිනිසුන් එකම ලෙසකින් සිතන්නේ නැත. වයස, සමාජ අත් දැකීම්, පෞද්ගලිකත්වය ඊට අමතරව දැණුමෙන් වැඩි දියුණුවීම, යාවත් කාලීන වීම,හා මොටවීම, බාලවීම, ප්‍රථිගාමීවීම, රැඩිකල් අදහස් හීන වීම, වැනි සුවාසු දහසක් කරුනු කාරණා කරණ කොට ගෙන එකම ප්‍රස්තූථයක් ගැන වුවද දරණ මති මතාන්තර වෙනස් වේ. මෙම ලිපි පෙලෙහි එක් අරමුණක් වන්නේ  දිනෙක මා ජීවිතය දෙස හරී බලනා කල එදිනට සාපේක්ෂව එක් එක් කාල වක වානු වල දී මගේ සිතුම් පැතුම්, මති මතාන්තර, හැඟීම් දැනීම් වල දිශානතියන් වෙනස් වූ අයුරු හා ඒවායේ උච්ඡාවචනයන් පිළිබඳ මාහටම අදහසක් ගොඩ නගා ගැනීමටය! 

අංක 1.
කල්‍යාණ මිත්‍ර

හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු...
Thursday, 25 January 2018
http://kalahitha.blogspot.com/2018/01/not-length-but-depth-of-life-what.html
අන්න ගන්නවානම් මළ ගෙවල්!
Not the length but the depth of life what matters..

අනේ මේ ලියන ඒවා වෙන එකෙක් තබා ඔබ තුමාවත් බලයිද මං දන්නෙ නෑ!
ඒත් ලියා තියන්නම්. 
අපේ ගමේ හක්බෙල්ලාවක මළ ගෙයක් කියන්නෙ හරිම් උත්සවශ්‍රීයෙන් විචිත්‍රව ඉවර වෙන අපරාදෙ ඉවර උනේ කියලා හිතෙන ; ලඟදි වෙන එකක් නැද්ද කියලා හිතෙන එකක්!
එච්චරම සුන්දරයි!
මේ ලිපියේ මුල සිට ඔබ ලියන්නට පටන් ගෙන තියෙන තැන පටන් අන්තිම කොමෙන්ටුවට දැම්ම අන්තිම පිළිතුර වෙන තුරු පැවසෙන අදහස් ගඟුලේ උඩු අතට පීනන්නටයි මා සැරසෙන්නේ!
එකල මියගිය පසු දේහය දින ගනනාවක් තබාගන්නට ඇත්තේ පිට පලාත්වල සිටින නැදෑ හිත මිතුරණ්ට එන්නට විය යුතුය. 
අද වෙන විට මේ තරම් දියුණු සංනිවේදන මාධ්ය තිබුනද "අම්මට හුඩු ඌ මලාද මචං!?" කියවෙන වාර කොපමන නම් වෙත්ද?
ඊළඟට බොහෝ අය පවසන්නේ මලාට පස්සෙ මොන ගෞරවද කියාය!
මේ ලෝකය දුවන්නේ තනිකරම තාර්කික දැනුම මත පමනක් නම් ඔය කතා හරියටම ගැලපේ.
එය ඇත්තක්ද? 
කයිවාරුවට කීවාට ඔහු හෝ ඇය පවා තමන්ගේ එදිනෙදා කටයුතු කිරීමේදී කට යුතු කරණ්නේ එසේද? 
ඒවා සියල්ල තමා විශයෙහි සිතුව හොත් තත්වය තමාටම පසක් වනු ඇත!
"ඕව බොරු වැඩ! මලාට පස්සෙ වලලන එකනෙ ඇත්තෙ" කියන එකෙකුගෙන් අහන්න"මචං උඹේ වෙඩිමේදී මොකද්ද බං ඇන්දේ කියලා?" ඌ සිරාවටම කියයි ඇඳපු සූට් එකයි ඒක අඳින්න හේතුවයි එය තොරාගන්න ගත්තු වෙහෙසයි සියල්ල. 
බලන්න ඒව කොයි තරම් දුරට උගේම තර්කනයට ගැලපෙනවාදැයි කියා!
"ඇයි මච්ං සරමක් ඇන්දානම් ඉවරනේ! කොහොමත් රෑට ගලවන එකනේ...!!" කියා බලන්න. 
තර්කනය සුපිරියටම එලියට එනු ඇත.
පෙර කල ගෙදරක අවමගුලක් වූ පසු දින හතක් යනතුරු දොර ජනෙල් නොවසා සිටීමේ පුරුද්දක් තිබුනි. 
ඒ මන්ද යත් දේහයෙන් පිටවුනු විශබීජ යමක් වෙත්නම් ඉවත්ව යනු සඳහාය. මේවා කොයිතරම් විද්යානූකූල දැයි දත්තෝ කියත්වා! 
එයට අමතරව දින ගනනාවක් යනතුරු එම පවුලේ අය තුල වෙතින් දුක මූලික කරගත් සංකූලතා ඉවත්ව යන තෙක් නෑදෑ හිත මිතුරණ් ගැවසීම සිරිතකි.
බොහෝ අය මල බතට මෙකල දොස් කියති! 
ඒ එහි නම නිසා වියයුතුය. (දැන් දෙන්නේ Murder Rice ය!)
එකල එය පිසුවේ දේහය නිවසේ තැන්පත් කොට තිබූ ස්ථානයේය. 
ඒ එම ස්ථානයේ රැඳි විශබීජ අවත්ව ඉවත් කර ගැනීමට විය යුතුය! 
එයින් පලමු වෙන්ම කන්නට දෙන්නේ භූමදානය සඳහා මිනී වල සෑරීමට එක්වූ පිරිසටය. එකල මිනී වලවල් සෑරුවේ කුලියට නොවේ. හිතවත් කමටය. මැරුණු පුද්ගලයා වෙත් දක්වන හිතයිශී භාවය දැක්වීමටය. එකල මල බත භුක්ති විඳීමට එන ලෙස කිසිවෙකු හෝ අවසාන කටයුතු කරණා ස්ථානයේ සිට හඬ නගා කියයි.
අවමංගලෝත්සවයට පැමිණි පිරිස කනත්තෙන් ගෙවල් බලා යන සිරිතක් එකල නොවීය! "මල බත කෑම" මලගෙයට සහභාගීවූ අයගේ පරම යුතුකම්ක්සේ සැලකුණි.( මා මෙය පවසන්නේ වගකීමකිය!)
 එසේම මල බත මදි විය යුතුය! 
එය මරණ කරුට ගෞරවයකි! 
ඒ ඇයි? " 
යකෝ මල බත ඉවර වෙන්න කන්නවත් මිනිස්සු ඉන්න ඕනෙ!" එකල වැඩිහිටියන් විටෙක මලපැන පවසන වැකියකි!
ඉන් අදහස් කරණුයේ මිනිසුන් ජීවත්ව සිටිනා කාලය තුල මිනිසුන් උපයා ගත යුතු බවය!
මිනිසුන් මියගිය විට සෙනග පැමිනෙන්නේ ඔහු හෝ ඇය ගුණ ගරුකව සිටියේ නම් පමණි! 
එහෙමත් නැත්නම් "මූ ශුවර් එකටම මලා "දැයි ප්‍රථ්යක්ෂ කාරගැනීමටය!
දින ගනනාවක් තබාගතයුතු වන්නේ නිල මැස්සන් ඇහිරෙමින් නොව ඔහුගේ හෝ ඇයගේ කල කී හොඳ දේ කියැවෙන පරිශ්‍රයක් තුලය.
මල බතට අද සුපිරි කෑම හැදුවාට එකල එහි අංඟුළු හෝ කට්ටා කරෝල හොද්දක් , ඇඹුල් කෙසෙල් ගෙඩි වෑං ජනයක් වට්ටක්කා අනිවාර්ය විය.
අද මේවා පිළිබඳ මෙසේ ලියන කියන මහත්වරුන් නෝනලා වෙත තවත් අවුරුදු ගනනාවකින් කොයි ලෝකේන් හරි කඩං පාත්වුනු බුද්ධිමතෙක් කියාවි ඔය තුනේ සංකලණයෙන් , සංයෝජනයෙන් ,සහයෝගයෙන් මිනිස් සිතතුලට අරවා වෙයි , ගතට මේවා වෙයි.
මටනම් කියන්නට ඇත්තේ මිනිස්සු ඇවිත් ගියාට පස්සෙ මිනිය වලලාපල්ලා කියාය.
ඉන්න එවුන්ට පෙට්ටිය වහගන්න බැරිවෙන්න මිනිසත්බව පිරුණු පිනිසුන් පිරුණු මල ගෙයක් පතමු!
------------------------------------------------------------------------

අංක 2.
කල්‍යාණ මිත්‍ර

හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු...
http://kalahitha.blogspot.com/2018/02/battle-hardened-militants-in-diplomatic.html

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ හැසිරීම සාධාරණිකරණය කල හැකිද? Battle hardened militants in diplomatic suit- Brigadier Priyanka Fernando Scandal

Thattayage Kolama8 February 2018 at 12:06

http://sudukukula.blogspot.com/2018/02/blog-post.html

මෙන්න මේ ලිපියට මා දැමූ කොමෙ ටුව ඔබටත් අදාල බැවින් මෙහි එල්ලුවා!
මේ පිළිබඳව සමබර සටහනක් ඉහත දැක්වෙන කළ්යාණ මිත්‍ර ගේ සටහනේ දැක්වුනා!
අප ජීවිත කාලය තුල අසන දකින සමහර අවාසනාවන්ත සිද්ධීන් ගෙන බැලුව හොත් ඒවා මතුපිට පේන සත්යයම මෙන්ම නොපෙනෙන සත්යයක්ද දැක්වේ.
මෙරට සිදුවන"රණ විරුවන්ට පහර දීම","ශිෂ්යන්ට පහරදීම", "භික්ෂූන්ට පහර දීම"වැනි දේවල් තුලද නොපෙනෙන ඇත්තක් ඇත.
මාගේ පවුලේ සිදුවූ ඉඩම් හුටපටයක් පිළිබඳ මාහට මතකයක් ඇත. සිය්ල්ලෝම මාහට කීවේ"ඉවසන්න පුතේ!"කියාය.
ඇත්ත මා ඉවසුවානම් මාහට ඉදිරියෙන් හොඳ නමක් ඉතිරිවන්නට තිබුනි. නමුත් සාධාරණව මට හිමිවියයුතු ඉඩම මාහට අහිමි වන්නට ඉඩ තිබුනි.
අපට කියන්න ඇත්තේ ඉවසන්න කියාය. 
එසේම ඔවුන් කලයුතු වන්නේද ඉවසීමය. කලයුතු වන්නේ පත්කිරීම් වලදී සුදුසු අය තෝරා පත් කිරීමය.
මතකද කලකට පෙර බණ්ඩාරවෙල පැත්තේ එල් ටී ටී ඊ රැඳවුම් කඳවුරකට ගම් වැසියන් ප්‍රහාරයක් එල්ල කල සිද්ධිය. මේ සෑම සිද්ධියක් පසුපස විපරමක යෙදී බැලුව හොත් ඊට අවශ්ය ඉන්ධන සැපයීම රැඳෙවියන් විසින්ම කාලාන්තරයක් තිස්සී සපයා ඇති බව තීරුම් යනවා ඇත.
එය ; ද්‍රවිඩ නැගිටීම් වලට සිංහල අප සැපයූ උත්තේජක මෙන්ම අප පිළිගත යුතුවේ.

---------------------------------------------------------------------------------


අංක 3.

කඩදාසි කොලේ
Monday, February 5, 2018
168. පුත නුඹ || Tiger father begets tiger son

http://kadadasikole.blogspot.com/2018/02/168-tiger-father-begets-tiger-son.html

Thattayage KolamaFebruary 6, 2018 at 6:11 PM

සුන්දර කවියක්!
ලෝකයේ අම්මාට හිමි තැනයි තාත්තාට හිමි තැනයි හරි ඈතයි.
මම මේක දකින්නේ ඇඟළුම් කම්හලක නිශ්පාදන කළමණාකරුටයි තත්ව කළමණාකරුටයි තියෙන පිළිගැනීම වගේ.
අපේමිත්‍රයාට තේරෙණ්න කියනවා නම් නිශ්පාදන කළමණාකරුටයි සේෆ්ටි ඔෆිසර්ටයි තියෙන පිළිගැනීම වගේ.
නිශ්පාදන කළමණාකරුට දිනය අවසානයේ පෙන්වන්න නිශ්පාදන තියෙනවා.
ඒවා අතින් අල්ලන්න පුළුවන් , බර කිරණ්න පුළුවන් භෞතික වස්තූන්! ඒත් කොලිටි හෙවත් තත්වය නැතහොත් ආරක්ෂාව නොහොත් සේෆ්ටි හුදෙක් සංකල්ප පමණයි!
දිනය අවසානයේ තාත්තලා කරපු දෙයක් නැතිවා හා සමානය!
මං දැක්කා ත්‍රීවීල් එකක ගහලා තියෙනවා සුපිරි වැකියක්!

" අම්මා රත්තරං නම් තාත්තා පිත්තලද?".

---------------------------------------------------------------------------------

අංක 4.
ගී පැදුර

https://geepadura.blogspot.com/2018/05/bamuna-unath-nanda-malini-sinhala-lyrics.html

බමුණා වුණත් - නන්දා මාලිනී | Bamuna Unath - Nanda Malini - sinhala lyrics

"බමුණා වුනත් දුදනෙකුනම් බිම හොවනු
සැඩොලා වුණත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකුනම් පහර දෙනු
දෙමලා වුනත් විරුවෙකුනම් ගරු කරණූ . . .// "

ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්‍යය සුනිල් ආරියරත්න
සංගීතය ; ගුණදාස කපුගේ

ලිඛිතාMay 18, 2018 at 8:24 AM

මේක මම හොයමින් හිටපු පදවැලක්. ස්තුතියි

Thattayage KolamaMay 18, 2018 at 8:57 AM

මාර ලස්සන පද වැල තොටලඟ කුසුම්පාලට හමු උනා නම් නේද?
ලිඛිතාMay 18, 2018 at 10:32 AM
හෑ! 
මේක බයිලා වලට උනත් නරක නැහැ නේද? 
ඉතින් බයිලා කියන්නෙත් නරක දෙයක්ය? 
සින්දුවේ ඇති සෘජු ඉදිරිපත් කිරීම එහෙම කරන්න හේතුව මම හිතන්නේ මේ ගීත'පවන' සමුජ්ජයේ සාමාජිකයෙක් නිසා වෙන්න ඇති.
ගීය කියන දේ කුමන ආකාරයක්, හැඩයක් ගතයුතුද කියන එක අපි කොහොමද කියන්නේ?
ඒක නිර්මාණකරණයේධි කරන අසාධාරණයක්

Thattayage KolamaMay 18, 2018 at 12:36 PM
නිසඳැස බිහිවන්නේ එලිවැට සහිත කවිය තුල කවියාගේ භාවය මිය යෑම හෝ අංගවිකලත්වය පත්වීම සිදුවීමෙන් වැලකීමටය.
කවිකොලය බිහිවන්නේ එතෙක් ප්‍රශස්ථ කාව්ය නොඑසේනම් සංදෙශ කාව්ය වලට සීමාව තිබූ කවීත්වය සාමානය ජනසමාජය තුලට එදිනෙදා සිදුවන සිදුවීමක් හෝ අදහසක් ගෙන යාමටය. 
එතෙක් පැල් කවි පාරු කවි වැනි දේ පමනක් සංසරණය වෙමින් පැවති ජන සමාජය තුලට "ඇඩ්ලින් විතාරණ" සිද්ධිය වැනි පුවත් ගෙන යන්නේ කවිය කොලය තුලින්ය.
ගීතය ඉන් එහා ගිය භාව ප්‍රකාශණයකි.
මිනිසුන් චිත්‍ර රසවිඳින්නේ නැත කියා මොනාලිසා චිත්‍රය කාටුන් එකක් කල නොහැක. 
බුදු ගුණ ගීත විනා බුදු ගුණ බයිලා ඇති නොවන්නට හේතු වන්නට ඇත්තේ මෙනිසා විය යුතුය.
එසේ එක් එක් ප්‍රස්තූතයට අදාල කලා මාධ්යයක් පවතී. 
සමහර විටෙක කලා හරඹයන් කරණ්නවුන් වෙනස් වෙනස් මාධ්යයන් ඊට නොගැලපෙන ප්‍රස්ථූතයන් ඉදිරිපත් කිරීමට සාර්ථකව යොදාගත් අවස්ථා නැතිවා නොවේ. 
ඒ ඔහුගේ හෝ ඇයගේ හැකියාව මත තීන්දුවන කාරණයක් සේ මා ලඝු කොට දක්වමි. 
භාත්කණ්ඩේ සංගීත පරිශ්‍රයෙන් බිහිවුනු සුනිල් ශාන්තයන් මෙරටට පැමින බටහිර මියැසියේ සියුම් තැන් ස්පර්ශ කරමින් අළුත් සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමට යන්ත දැරීම මෙහිදී මාහට ගෙන හැර දැක්විය හැක!
ඒ කෙසේ වෙතත් ගීතය බිහිවන්නේ පැල් කවිය, කවිකොලය පසුකර කරයන හැඟීමක් ප්‍රකාශ කිරීමට විනා නැවත් ආපසු හැරී අතීතයට යන්නට නොවේ.
හිතන්න මෙම ගීතයෙන් මතුවන අදහස කවිකොලයකට නැගීමට කිසිවෙකුට උවමනා වුනි නම් ඒ ලියැවෙන්නේත් මේ පද වැලම නොවේද?
බලන්න රත්නශ්‍රී වෙල්ලස්සෙ ගොවි උද්ඝෝෂනය "බිම්බරක් සෙනග ඇවිදින්" ගීතය තුල ගොඩ නගා තිබෙන අරුමය?
කඹුරුපිටියෙ පොලිස් කාන්තාව කොටි පොලිසියේ කොල්ලකු සමග පැනගිය පුවත කවිකොලයකට ගැලපෙන සුපිරි පුවතක්.
මේ බලන්න
"සකල සිරින් පිරි සිරි ලංකාවේ කඹුරුපිටිය නම් ගමෙ සොබනා..." කියා ලියා පොලක් පොලක් ගානේ විකුනන්නට තිබුනු පුවත ගීතය තුල සංවරවී තිබෙන අයුරු!
"සිංහල සිංදු කියන - නළලේ තිලක තියන් කිරිල්ලී....
දුකින් හදවතක් අරගෙන ගිණිගත් තල අරණට ආවාදෝ ඉගිල්ලී...//"

පසු වදන: මට මතකයි පවන ගැන ඒකාලේ පත්තරේක ලියලා තිබුනු ලිපියක හෙඩිම.
"පවන ; පවනක් නොව වාතයකි!"


--------------------------------------------------------------------------------------------------------------------------

අංක 5.
වාසිතය
දැනුම නැමැති සාගරයෙන් දිය දෝතක් හෝ හැකි අයුරින් ඔබ හමුවේ තැබීමට දරණ වෑයමකි මේ...
Wednesday, May 16, 2018
සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු.

සෙන්නා May 17, 2018 at 3:37 AM
මටනම් හිතෙන්නේ ජාතික ගීයයි, කොඩියයි දෙකම අවුල්...
ජාතික ගීය මීට වඩා ඇඟට දැනෙන තේජාන්විත් ගීතයක් වුනා නම්
හොඳයි
"...මේක හරි නිදිමත ජාතික ගීතයක්.."
ජාතික කොඩියේ නිදියන, කම්මැලි අපේ රටෙත් නැති
සිංහයව අයින් කරලා ඇතෙක්ව දැම්මනම් මරු...

.
Thattayage KolamaMay 19, 2018 at 11:52 AM
ඉතා වටිනා ලිපියක්!
"සිහලයා උපන්නේ සිංහයාගෙන් !" වැනි ප්‍රවාද මමද බැහැර කරමි. එසේම "හිංග - ලේ" වැනි කයිවාරුද "කරච්ච - ලේ" ගානට දමා ඉවසා සිටිමි. එහෙත් කොඩියේ සිංහයා වාතයක් කරගන්නට ඇවැසි නොවේ. ඊට ඇතෙක් යෙදූ පමනින් අපේ ජීවිත වලින් අලසකම යනවා නම්
අප යෙදිය යුත්තේ චීටෙකි!
මන්ද ඌ එතරම්ම වේගවත් සතෙක් වන බැවිනි. 
ස්කොට්ලන්තයේ ජාතික සත්වයා යුනිකෝන් නේද? 
එංගලන්තයේ රාජ්ය ලකුනේ මේකා හිටගෙන හිටියා නේද? ඒත් ඒරටේ උන්ට ඒක ප්‍රශ්ණයක් උනා යැයි මා නොසිතමි .
එසේ උනා නම් උන් අපි වගේ කං කෙඳිරි ගාමින් නොසිට එම රටට ගලපෙන ගැඩවිලෙක් යොදා ගනීවි. 
මොකද උන් අපිට වඩා ඊ පැත්තෙන් බොහෝ පිටුපසිනි. 
අපි යොදාගෙන ඉන්නේ අපේරටේ නොහිටියත් මිහිපිට ඇති තිරිසනෙකි. එල්ටිටීඊ කොඩියට කොටියා දාපු එකට කවුරුවත් චැලෙන්ජ් නොකරණ්නේ උන් අපේ සූ එකේ හරි ඉන්නා නිසා හරි වියයුතුය!
මීට කලකට පෙර ජාතික ගීතය ලෙස "ලංකා ලංකා පෙම්බර ලංකා...." ගීතය යොදා ගන්නට ගියා. නමුත් එය ලොප් උනා ! 
මං හිතන්නේ ඒ සින්දුව මැද්දේ රාවණ , ගැමුණු , විජය බා වගේ හිංගල
කෙලි කාරයො ලැයිස්තුවක්අන්තර්ගත වන නිසා වෙන්න ඕනෑය! 
ඒක දාලා සුළු ජාතියේ හිත රිදුනොත් අවුලක් විය හැකියැයි සිතුවා විය හැකිය. මේ අපේ රටේ බක පණ්ඩිතයින් හිතනා ආකාරයය. 
එම ගීතය ජාතික ගීය ලෙස තෝරා ගත යුතු යැයි මා මින් අදහස්  නොකරමි. 
එහෙත් සුළු ජාතීන් හා කරණා ගනුදෙනු වලදී අප ඔවුන්ට ලබාදිය යුත්තේ ගෞරවණීය සම අයිතියක් විනා ඔවුන් ඉදිරියේ නිවට වීමක් නොවේ. අහලා තියේද වෙද මහත්තයා පොලේ ගිය කතාව. 
ඒකෙ අනිත් එක තමයි පවතින ගීතයකින් එකක් ජාතික ගීතයට තෝරා ගන්නට ගිය විට වෙන්නේ! 
ඒ නිසා අලුතින් එකක් ලියා ගත යුතුය.
ඒක කවුද ලියන්නේ? 
ඌ ද? 
මූ ද ? 
අරූද? 
ඌ උන්ගේය! 
මූ මුන්ගේය!
අරූ අරුන්ගේය! 
එතනින්ම වැඩේ හබක් වනු නියතය!
මේ සියල්ල බලා නිර්මාණය කල සේකරගේ ජනරජ ගීතයට වුන දේ මා මෙහිදී කියන්නට යන්නේ නැත!
ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ බෙංගාලි බසිනි.  
මොකෙක් වත් ඊට චැලෙන්ජ් කරණ්නට යන්නේ නැත! 

වඩා ගැම්මකින් ෆෝ ෆෝ හරි six eight බීට් එකට හරි වදින ගීතයක්
ඇත්නම් මරුය. එහෙත් එයින් ජාතියක් නින්දෙන් අවදි වනවා යැයි සිතන්නේ නම් ඒ ගැන කියන්නට ඇත්තේ "අහෝ දුකකි!" කියා පමණකි.. 
මොකද කියන්නේ දාමුද ජාතික ගීතයට සීටී ගෙ 
"අවදි වන්න - අවදි වන්න.... " සිංදුව?
කෙසේ වෙතත් ඔබ සැමදා ලියනා දේ සේම මෙය අනර්ඝ ලිපියක්, හැකිනම් සුනිල් ශාන්ත ගැනත් ලියන්න.
ඒ තවත් මේවාගේම මිනී මැරුමක්!

11 comments:

  1. මුල එකේනං එකම දෙපාරක් පේස්ට් වෙලා.
    මනුස්සයෙක් මැරුනට පස්සෙ ඒ මනුස්සයගෙ බුකියෙ වෝල් එක කවදාවත් කියවන්නැති උං දැනගත්තහැකි කියල මම මේ ළඟදි හොයාගත්ත. මගේ යාළුවෙක් මේ ළඟදි නැතිඋනා. (ඇනෝගෙ යාලුව නෙමෙයි :D) ඊට දවස් කීපෙකට පස්සෙ තිබ්බ මිනිහගෙ උපන්දිනේට සුබපතල සෑහෙන්න පොස්ට් ටිකක් ඒ වෝල් එකේ වැටිල තිබුණ වොල් එකේ මනුස්සය නැතිඋනාය කියල ශෝක පණිවුඩ බර ගානක් තියෙද්දි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! සැමදා වගේම ඔබ කලින්ම ගෙට ගොඩ උනාට!

      Delete
  2. *රැජිනගේ රටේ මුසල දෙසැම්බරය , තනියෙන් ගැසූ රස්තියාදූ සමගින් ආයෙමත් රෝසී අක්කා*

    අප අපගේ ලිවීම් තුල, කතා කිරීමේදී,කෙතරම් අචාරශීලී, සදාචාරාත්මක උවත්; මෙවන් සුන්දර කතා කියැවීමෙන් සිත තුල නිදිගත් රස මතක අවදි වීම හෝ නො එසේනම් සිත තුල නිහඬව අවදිවීමට අවකාශයක් සොයමින් වෙහෙසෙන හැඟීම් වලට අත් තටු ලැබීම අතිශයින්ම සාධාරණ කරුණකි. ඇත්තෙන්ම එය සුන්දර කථාවක්. පුහුදුන් ඕනෑම පිරිමියකු විඳීමට පෙරුම් පුරණ අත්දැකීමක්.ඒ සුන්දර අත්දැකීම මස් කඩයක් නොකල ඔබගේ ලිවීමද මම බෙහෙවින් අගය කරමි. ගැරෙජ් බාස්ලා එන්ජිමක් ගැලවූ විට අත කටේ සහ එකී නොකී මෙකී සියළු අවයව වල මජං පෙරාගත්තද ශල්‍ය වෛද්‍යවරයෙකු හදවතේ සැත්කමක් කරණ්නේ ඇඟ පුරා ලේ පෙරා ගෙන නොවේ. කලා කෘථියකින් මතුවන රස භාවයන් යනු දෙකේ දෙකේ පොල්ලකින් ඔළුවට ගැසීමක් නොව කුරුලු පිහාටුවකින් යටි පතුල කිති කැවීමක් වූ තරමට එය වඩාත් සුන්දර වේ.පොල් අතු වලින් වටකල ගනිකා නිවසක ඇතුලත රහසේ නරඹා කෙරෙණ විස්තරයකට වඩා වටිනා කමක් චැටර්ලි ආර්යාවගේ පෙම්වතාට හිමිවන්නේ එසේ හෙයිනි. ඔබ රසවිඳ ඇතිද සමන් ජයනාත් ජිනදාස ගයන "බිසරු ලියන් . . ." ගීතය? මේ ගීතය පුරාවට ශෘංගාරය දෙගොඩ තලා යන බවක් මා හට දැනුනා! අවාසනාවකට එහි ගීත රචකයා මාහට සඳහන් කල නොහැකි වුවත් එම් ගීතය තුල එහි වචන වලට වඩා වැඩි දුරකට ශ්‍රාවකයා රැගෙන යන; ගායකයාගේ හඬ පෞර්ෂය බේද බින්න නොකරණ අතිශය ලගන්නා සුලු මියැසි රටාවක් මැවූ නවරත්න ගමගේද එම ගීතයේ වචන ඇමුණූ රසවතා සේම ගීතය එම තැනට පත් කරලීමට අනර්ඝ උර දීමක් සිදුකොට තිබේ. එම ගීතය පුරා විචිත්‍ර වූ අත් දැකීම "පැදුර එලන් බලා සිටිමි!" කියනවාට වඩා අතිශයි සියුම් ලෙස ස්‍රාවකයාගේ රස නහර පුබුදුවා ලයි. රූකාන්තගේ "රේණු රේණු . . .' ගීතය? එඩ්වඩ්ගේ "හද මුක්තා ලතා . . ." කිත්සිරි ජයසේකරගේ "මී පැනි රහසක් . . ."පණ්ඩිත් අමරදේවයන්ගේ "කුමරියක . . ." මේ සෑම ගීතයක්ම සදාතන කලා කෘථි ගනයට වැටෙන්නේ මෙනිසාය. වරක් ලන්ඩන් නුවර ඇල්බට් ශාලාවේ පැවති ගීත ප්‍රසංගයකට මොහමඩ් රෆි; මාගේ ආදරණීය ගායකයා සහභාගීවී ක්‍රිෂ්ණා මුකර්ජී සමග ගීතයක් ගායනා කරණවා. ගීතය "සව් සාල පෙහෙලේ . . "! ඔබ යූ ටියුබයෙන් රස විඳින්න රෆි ගේ ආදරණීය හඬින් ක්‍රිෂ්ණා මුකර්ජීව ගීතය තුලින් අමතන හැටි. හිංඳි නොතේරුනද එම හඬේ ඇති ලයාන්විත බව අපව මොහොතකට ආදරණීයයන්, පෙම්වතුන් බවට හරවනවා. ලිවීමක්, ගැයීමක්,නාද සංකළණයක් යනු සරම ඔසවා පෙන්නීමක් නොවේ. එය අතිශයින් සුන්දර හැඟීම් ජනනය කරවන එකක් විය යුතුය.අකුරු දැන ගත්තාට වචන තනන්න බැරිය. වචන දැනගත් පලියට වැකි ලියන්නට බැරිය. වැකි ලියන්නට හැකිවූ පමණින් රචනා ලියන්නට නොහැක. රචනා ලියූ පමණින් ඒවා කියවන්නට හැකි ඒවා බවට පත් කිරීම ඊටත් එහා ගිය කටයුත්තකි.
    වචන පමනක් දැන ලියන කවිද,පබදන ගීතද කලින් කලට විවිධ මාධ්‍ය තුල සැරිසරණු ලබයි. "රම්බරි කියපන් නුඹෙ නොම්මරේ . ." බිහිවන්නේ මේ තත්වයන් තුලය. ඔබ ඊට බොහෝ ඉහලින් සුනදර ශෘංගාරය අප සමග බෙදා හදා ගනියි. එකම එක දෙයක්! ඔබගේ ලිවීම මා සිත තුල දෙවරක් ඊර්ෂ්‍යාව ජනිත කලේය!වරක් ලිවීමටය අනෙක අත්දැකීමටය!

    -Thattayage Kolama- September 29, 2018 at 12:52 AM

    http://magelokaya01.blogspot.com/2018/07/blog-post_30.html?showComment=1538149968277#c6875229109792376339

    ReplyDelete
    Replies
    1. ඔබ එය අගය කිරීම පිලිබඳව හදපිරි සතුට! සත්තකින්ම මෙය දෙවරක් ඔබේ බ්ලොග් එකේ හා මගේ බ්ලොග් එකේ මේවන විට ඉතා ආසන්නයේදීම පලවී හමාරයි. ඒ නිසයි එය උපුටා නොගත්තේ! තවත් මාස කිහිපයකින් "අන් ඇකයේ . . ." සිව්වන දිග හැරුමේදී එය එලි දකීවි ඔබේ බ්ලොගයේ හෙඩිමත් පොස්ටුවේ ලින්කුවටත් යටින් යටහත්ව පහත්ව!~

      Delete
    2. බොහොම ස්තුතී ඔබතුමන්ට පළමුව ,
      ඔව් ඔබකියුවා සේම මෙය දෙතැනකම පලවිය . එදා ඒ මගේ ජීවිත අත්දැකීම වචන වලින් ගෙත්තම් කරන්නට මම ගත් ඒ වෑයම යම් තාක්දුරට හෝ සාර්ථක වී ඇතිබව වැටහුනේ ඔබ තුමන්ගේ ඒ විචාරය ය. එයට ගරු වශයෙන් මෙහි ලා පලකලෙමි .

      "ඔබ යූ ටියුබයෙන් රස විඳින්න රෆි ගේ ආදරණීය හඬින් ක්‍රිෂ්ණා මුකර්ජීව ගීතය තුලින් අමතන හැටි. හිංඳි නොතේරුනද එම හඬේ ඇති ලයාන්විත බව අපව මොහොතකට ආදරණීයයන්, පෙම්වතුන් බවට හරවනවා. ලිවීමක්, ගැයීමක්,නාද සංකළණයක් යනු සරම ඔසවා පෙන්නීමක් නොවේ. එය අතිශයින් සුන්දර හැඟීම් ජනනය කරවන එකක් විය යුතුය.අකුරු දැන ගත්තාට වචන තනන්න බැරිය. වචන දැනගත් පලියට වැකි ලියන්නට බැරිය. වැකි ලියන්නට හැකිවූ පමණින් රචනා ලියන්නට නොහැක. රචනා ලියූ පමණින් ඒවා කියවන්නට හැකි ඒවා බවට පත් කිරීම ඊටත් එහා ගිය කටයුත්තකි.
      වචන පමනක් දැන ලියන කවිද,පබදන ගීතද කලින් කලට විවිධ මාධ්‍ය තුල සැරිසරණු ලබයි. "රම්බරි කියපන් නුඹෙ නොම්මරේ . ." බිහිවන්නේ මේ තත්වයන් තුලය" .

      ඔබ තුලින් ඔබගේ විශිෂ්ටත්වය මම දුටුවේ මේ අයුරින් ය .

      ඉතින් , නැවතත් ස්තුතී ඔබතුමන්ට.

      Delete
  3. Replies
    1. යනවා යනවා!ඉක්මනින්ම ඒ ගමන ගිහින් ඉවර කරණවා!

      Delete
  4. "අරූ"ලිව්වොත් 18 + තමයි

    ReplyDelete
  5. මේවට ආයෙත් කමෙන්ට්ස් දාන්න යන එක නම් හොඳ අදහසක් නෙවෙයි. මෙතන දාන උත්තරේ අරගෙන මෙයා ආයෙත් පෝස්ට් එකක් කොටයි. හරියට තිසා හාමිගේ සදාකාලික පොරෝ කොටේ වගේ...

    එක අතකට එහෙම විසිරිච්ච දේවල් මෙහෙම එකතු කරලා තියෙන එක වටිනවා. පොත් රාක්කෙකුත් තියෙනවාය කියන්නේ...

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...