Friday, September 7, 2018

109. කළු දළ මල....!















                                   සියල් දන නෙතු
                                   වසාගෙන ඇත
                                   නොමත වදනක්
                                   ගෙනෙන තෙතමන . . . .

                                   නිමල් හදවත
                                   දිනාගත් පින
                                   නොමැත නිදියහනේදි
                                   තනිවුන . . . .

                                   කමල් මල්පෙති
                                   ගෙනා මධුවිත
                                   මතකයකි
                                   සිහිනයක ගොනු උන . . . 

                                   පුළුල් උරහිස
                                   ඔබට වෙන්වුන
                                   දවයි සිසිලෙන්
                                   සිරුර ගිනිගෙන . . . .




14 comments:

  1. නිමල්, කමල් කියන්නෙ කවුද? හැක්..

    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙවල් ගාව ත්‍රී වීල් පාක් එකේ එවුන් දෙන්නෙක්. මම ආසාවට කවරු දිහා හරි බැලුවොත් ඇත්නම් උන් දෙන්නා ඊළග දවසෙ උන් එතන! මට ඉතිං මල!

      Delete
  2. " පුළුල් උරහිස ඔබට වෙන් වුන දවයි සිසිලෙන් සිරුර ගිනි ගෙන"

    ලස්සන පබැදුමක් අය්යේ .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම. මගේ "ආර් ප්‍රේමදාස" පෝස්ටුවේ අගට පොඩි එකතුවක් කලා. එය කියවා බලන්න. එහි "කරණ" කියන වචනය ලියැවී ඇත්තේ "අරණ" ලෙසයි. හවසට ගෙදර ගොස් නෙට් ගත වුනාම ඒකත් හදන්නම්. ඔයා ඒක කියවලා ඊට අවුලක් නැති නම් "අවුලක් නැත" කියා මෙයටම යටින් ලියා දක්වන්න!

      Delete
    2. ඔබ තුමාට බොහොම ස්තුතී එම වටිනා ලිපියට මගේ නම ද එකතු කල එකට .

      "අවුලක් නැත" .... කොහොමත් ම නැත :D . ඒ ඔබගේ අයිතියය . මම එයට ගරු කරමි.

      තුති වේවා නැවත වරක් අය්යේ !

      Delete
    3. ස්තූතියි ඔබගේ ඔබ විසින් ගොතන ලද ගෙත්තම මාගේ දෙවුර වසා ලන්නට කල පරිත්‍යාගයට! එයින් ඔබටත් සිසිලසක්ම වේවා! ස්තූතියි!

      Delete
    4. අය්යේ ප්‍රමාද වී අදහස් පල කරපු එකට සමාවෙන්න . "මැකී ගිය රේල් මග" ලිපියේ මගේ අදහස ද කියවන්න ඔබට හැකිනම් .

      Delete
    5. බොහොමත්ම ස්තූතියි. අන්න ඒකට පිළිතුරක් ලිව්වා!

      Delete
  3. Alexandre Dumas ගේ Black Tulip සිංහල පරිවර්තනය ''කළු දළ මල " උනාට, තවමත් කිසිවෙකුට කළු දළ මලක් නිර්මාණය කරන්න ලැබුනේ නැහැ. ඒ උනත් ඔබ එය යසට නිමවා තියනවා .

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සෑම් මහත්තයා. ඒ නිසාම නොවැ එහි වටිනාකම? මම මේ දවස් වල ලියාගෙන යනවා පෝස්ටුවක්. ඔබ ඊට බෙහෙවින් කැමති වේවි.

      Delete
  4. පුළුල් උරහිස ඔබට වෙන් වුන දවයි සිසිලෙන් සිරුර ගිනි ගෙන//


    ඒ කොටස ලස්සනයි නොවැ...

    ReplyDelete
    Replies
    1. කවි ලියන්නට උපන් හදකින් ලැබෙන අගැයුම වාසනාවන් !

      Delete
  5. natha watahimak kalu dala mala gana
    hare(debit) barat(credit) jeevithya yatawela

    ReplyDelete
    Replies
    1. අහලා නැද්ද කවියා හා කාන්තාව කියන දේ තුල මහා ගැඹුරක් හොයන්න එපා කියන එක! බොහෝ දේ කවියාගේ අත් දැකීමක් පමණයි!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...