Monday, August 27, 2018

106. කාර් පිස්සුව . . . !



ලව් බග්- හොලිවුඩ් කාර් පිස්සුව !
අපේ තාත්තාට එකල යාළුවන් රොත්තක් සිටියෝය. ඒ සියල්ලෝම බෙබේ බී බොතේජුලාය. අපේ පියා වැඩ තහනමකට ලක්වී සිටි එක අවදියක බොහෝ ලංව සිටි මිතුරෙකු ගැන මතකයක් නොබෝදා මා සිහියට ආවේය. 
එයාගේ නම කුමක් වුවත් අපි ඔහුව ඇමතුවේ  "ඒආරම් අංකල්" කියලාය. එයට හේතුව බොහෝ කලක් ගතවූ පසු මාහට ප්‍රථ්‍යක්ෂ විය. එහි තේරුම ඒ.ආර්.එම් හෙවත් Assistant Regional Manager හෙවත් සහකාර ප්‍රාදේශීය කළමණාකරු යන්නය. ඔහු එවකට සේවය කලේ රාජ්‍ය දැව සංස්ථාවේය. අපේ පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වීම මේ හිතවත් කමේ මූල බීජයය.

මිනීගේ තාත්තාගෙ ලොකු පුතා !
මා ජීවිතයේ පලමු වතාවට ෆෝක්ස්වැගන් "ඉබ්බෙකු" දුටුවේ ඔහු ලඟ තිබෙනා විටය. ඔහුගේ රථය ව්‍යවහාර භාෂාවෙන් පවසනවා නම් කිරි තේ පාට කාරයකි. එහි මිණි මිණි හඬ මට තවමත් ඇහෙනවා වා ගේය. ඒආරම් අංකල්හිත හොඳ මනුස්සයෙකි. බීවාම ඇනයක් වූවාට ඩෝප් බැස්ස සැනින් සිදුවූ සියල්ලට සමාව ගෙන යතා තත්වයට පත්වන සුපිරි ගනයේ බුවෙකි.

දිනක් ඔහුගේ මිතුරෙකු ඔහුගේ මේ ආදරණීය ඉබ්බාව හදිසියකට ඉල්ලාගෙන ගමනක් ගියේලු. දිනක් ගතවුවද කාරය හෝ මිතුරා දක්නට නොමැති නිසා ඒගැන කල සොයා බැලීමකදී ඉබ්බා පාරෙන් ඉවතට පැන දෙල් ගසක් ඉඹගෙන සිටිනු බව ඒආරම් අංකල්ට දැන ගන්නට ලැබී ඇති අතර දෙකක් දා ඇදවී සිටි ඔහුගේ ඒ මොහොතේ  අදහස වූයේ

"මේක කොහොමත් හදන්නනේ හිටියේ. දැං ඉන්ශුවරන්ස් එකෙන් ක්ලේම් එක අරණ් වාහනේ හොඳටම හදලා අපිට අඩියකුත් ගහන්න පුළුවං!"

කියන එකය. "උඹ ඉස්සරහ වීදුරුවත් කඩලා දාපං. ඒකත් දැං සෑහෙන පරණයි. අපි ඒකත් මේ ගමන්ම දා ගනිමු!" ඒආරම් අංකල්ගේ උපදේශය විය. සියල්ල යතා පරිදි සිදිවිය. පසුදින උදයේ මිතුරා ඒආරම් අංකල් ඉදිරියේ විය.

"සර් අන්න අපේ කොල්ලෝ ඉස්සරහ වීදුරුවත් කඩලා නියමෙටම වැඩේ දීලා තියෙනවා!"

කී අතර ඒආරම් අංකල්ගේ පලමු ප්‍රශ්නය වී ඇත්තේ

"මොකේද?" කියාය මිතුරා සියල්ල පැවසූ විට ඒආරැම් අංකල් හිසේ අත තබා ගත්තාලු.

"යකෝ ඕකට මේ පාර දාලා තියෙන්නේ තර්ඩ් පාටි ඉන්ශුවරන්ස් එකක!".

කෙසේ වෙතත් තවත් මාස ගනනාවකින් තමන්ගේ වියදමෙන් ඉබ්බාව යතා තත්වයට ගන්නට හැකි විය.

මුල් කාලෙ ඒවා !
ඉබ්බන්  හෙවත් ෆෝක්ස්වැගන් යනු සංස්කෘතියකි. එයටම වෙන්වූ සාහිත්‍යක්ද වේ.
 එහි සිංහල ලකුණ "කාර් පිස්සුවා" හෙවත් තරිඳු ශ්‍රී ලොකුගමගේය. ඔහු "කාර් වලට ආදරේ සිංහලෙන් ආදරය කරණ පරපුරක මුල් පුරුකයැයි මා පැවසුවහොත් එයට ඔබ එකඟවනු ඇත. 

මා මාගේ බ්ලොගය තුල බොහෝ තැනෙක. "පුතෙක්"  ගැන පවසා ඇත. ඒ මා සාර්ථක මිනිසෙකු වීමේ පලමුව එක් කරගත් තුනෙන් එකය! මා එසේ කියන්නේ මිනිසෙකු සම්පූර්ණ වීමට සපුරා ගත යුතු කරුණු තුනක් වේ. ඒ ගසක් වවා පුතෙක් හදා පොතක් ලියන්නට උවමනා බවය. ජීවිතයේ අඩක් සපුරා ඇති මා ගස් වවා ඇත. ඇතෙක් වන් පුතෙක්ද හදා ඇත  තවමත් ලත වෙන්නේ පොතක් ලියන්නටය.  

මාගේ බ්ලොගය හරහා දෙගොඩ තලා ගලා ගිය "ගඟක් දිගේ" කතාංගය  අවසන් තුනෙන් එක සපුරා ගැනීමට  ලියා තියාගෙන සිටි අත් පිටපතය.

කරුණු මෙසේ කැටි කරණ්නේ පසුගිය දිනෙක අපගේ මිත්‍රයෙකු ඒ අසීරු තුනෙන් එක සපුරා තිබෙන සුභාරංචිය ඇස ගැසීමත් සමගය. ඒ අනෙකක් නොව තරිඳු ශ්‍රී ලොකුගමගේ හෙවත් "කාර් පිස්සුවා"එකවර පොත් හතරක් දොරට වැඩම කල සතුටු දායක පුවතය!

 සිංහල සාහිත්‍ය තුල මෝටර් කාර්මික විද්‍යාව පිළිබඳ පලමු පොත මා දකින්නේ අප නිවසේ තිබුනු "මොටර් රථ නඩත්තුව හා අලුත්වැඩියාව" නම් ග්‍රන්ථයයි. එහෙත් පසු කලෙක මා දුටු මීට වසර හැට හැත්තෑවකට පෙර පලවූ පොත් දෙකක පිටපත්ද දුටුවෙමි. පසු කලෙක පණ්ඩුල කේ පළඟසිංහ මහතා විසින් පරිවර්ථනය කරණ්නට යෙදුනු පොතක්ද මාගේ පොත් එකතුවේ වේ.

මේ මෝටර් රථ සාහිත්‍යය නොවේ !
මෑත භාගයේදී එම්.ඩී.එල්.ගුණරත්න, සිඩ්නි සිරිවර්ධන හා අකාලයේ අප අතරින් වියෝවූ ඩී.එම්.එම්.දසනායක යන කතුවරුන්ගේ පොත් රාශියක් පොත් සාප්පුවල රාක්ක මතට පැමිණියද එය මෝටර් රථ සංස්කෘථිය නොවේය. 
මීට වසර ගනනාවකට පෙර එනම් 1930 දී පමන් The Automobile Club Of Ceylon වෙතින් පලකල අත් පොත තරමක් දුරට හෝ. මෝටර් රථ සංස්කෘථිය ගැන ලියැවුනු එකක් සේ මාහට පෙනී යයි. මන්ද එහි  සමහර පරිච්ඡේද මගින්  දැනුවත් කොට තිබුනේ ආමන්ත්‍රණය කොට තිබුනේ මෝටර් රථ හිමියන් හට තම මෝටර් රිය භාවිතා කරමින් යාහැකි ගමන් බිමන් පිළිබඳවය.

මෝටර රථයක මිල නියම වන කාරණා දෙකක් වේ. ඉන් එකක් වන්නේ කාර් ය බද්ධ වටිනාකම හෙවත් Functional Value එකය. වාහනයේ හැකියාවන්, පැවැත්ම, ආරක්ෂාව, කාර්‍යක්ෂමතාවය, වැනි කරුණු කාරණා වැටෙන්නේ මේ කුලකයටය.
 අනෙක් කරුණ වන්නේ සම්මානනීය වටිනාකම හෙවත් Esteem Value එකය. පිටත පෙනුම, සැප පහසුව,ගරුත්වය, නම්බුව වැටෙන්නේ මේ ඝනයටය. මෝටර් රථ සාහිත්‍යයකින්, මෝටර් රථ සංස්කෘථියකින් ඔප් නැංවෙන්නේ මෙම සම්මානනීය වටිනාකම හෙවත් Esteem Value එකය! 

අප ඇන්ටික් සේ එකතු කරණ්නේ ඉපැරණි කවිච්චි, පෙට්ටගම් විනා කමතේ භාවිතා කල දැති ගොයියෙක් නොවේ. නමුත් කිසිවෙකුට ; දැති ගොයියාගේ වටිනාකම මතු කොට එයින් සමාජය දැනුවත් කල හැකි උවහොත් එහි වටිනා කම ඉහල යනු ඇත. 

තරිඳු ලියන්නේ රෝල්ස් රෝයිස් ගැන, ඇස්ටන් මාටින් ගැන, බියුක්,ෂැවලේ, පෝෂේ ගැන නෙවේ. ඔහු ලියන්නේ ෆෝක්ස්වැගන්, මොරිස් මයිනර්, ඔස්ටින් මිනි වැනි පොදු වාහන ගැනය!

 ඉන් ඒවායේ සම්මානනීය වටිනාකම ඉහල නොගියා යැයි කිසි වෙකුටනම් කිව හැකිද? ඔබ කියවා බලන්න ඔහුගේ පෝස්ටු යටින් එල්ලෙන කොමෙන්ටු වැල් දෙස. සමාජයට  මොනතරම් දැනුමක් ඔහු තම බ්ලොගය මගින් සම්ප්‍රේෂණය කොට ඇත් දැයි කියා!

ආසිරි එකෙන් ගත්  පවුලගේ X-Ray සටහන !
සිනමාවේ සක්විති ලෙස කිරුළු පළන් ගාමිණී ෆොන්සේකා පැවසුවේ සිනමාව දියුණු කිරීමට නම් එය "කලාවක්" යන රාමුවෙන් ඉවතට ගොස් "කර්මාන්තයක්" වියයුතු බවයි. සිනමාව සමන්විතවී ඇත්තේම කලාව පසුබිම් කරගෙන බැවින් මෙම වෙනස එහි පූර්වාගමනයට අත්‍යාවශ්‍ය අංගයක්සේ ඔහු දකින්නට ඇත.

 එසේම සම්පූර්ණයෙන්ම කර්මාන්තයක් ලෙස පවතින මෝටර් රථ හා බැඳුණු සකල විධ කර්මාන්තයන්ගේ ප්‍රගමනය සඳහා එය කලාවක් බවට පත් විය විය යුතු බව මාගේ පිළිගැනීමයි. මෝටර් රථ සංස්කෘථියක්. තුලින් බිහිවන්නේ. එවන් මෝටර් රථ කලාවකි. 
එවන් සංස්කෘථියක් බිහිකිරීම මෝටර් රථ තාක්ෂණය පිළිබඳ පොත පත ලියනවාට , උගන්වනවාට , ඉගෙන ගන්නවාට , දේශණ පවත්වනවාට වඩා එහා ගිය තත්වයකි. එම සාහිත්‍යයෙන් බිහිවන පොතක් තවත් එක් පොතක් නොවී මෙවන් කෙටි සටහනකින් ගෞරවාදරයට පත්කිරීමට මා හට සිත්වූයේ ඒනිසාය.

මෝටර් කාර්මික පොත් !
මා බ්ලොග් කියවන්නට පටන් ගත්තේ ලියමනත් සමගය. එම මුල් කාලයේම මාගේ සිත පැහැරගත් ඉතා අල්පවූ බ්ලොග් අතර "කාර් පිස්සුව" ද විය! 
එහි වූ රසාලිප්ත බව මා මා සිත තදින් ඇද බැඳ ගත්තේය. එහි වූ උපමා රූපක, උප සංකෘථිය හා සබැඳුනු වදන් තාක්ෂණික කරුණු, ඉතිහාසය  හෙවත් යට ගියාව වැනි එකී මෙකී නොකී බොහෝ කරුණු කාරණා වලින් එය පරිපූර්ණ. වූ ලිපි පෙලකි. 
පොත් කියවන අවසාන පරම්පරාව තරිඳුලාගේ විය යුතුය. අපද දැන් කෙමෙන් කෙමෙන් ඉන් බැහැර වී සිටින්නෙමු. ඒ නිසාම තරිඳුලාගේ පරම්පරාවේ අයට වගකීමක් ඇත. ඒ ඉදිරියේ අනාගතය අතට පත්වෙන ඩිජිටල් කියවන්නන් වෙත යමක් ඉතිරි කොට තැබීමය. අපටද වග කීමක් වේ. ඒ ඔබගේ මේ උත්සාහය අගය කිරීමය! මේ මාගේ ඒ පුංචි වෑයම දෙස අවංක නෙතින් බලන්න!

කාර් පිස්සුවාගේ ප්‍රථම ප්‍රේමය !
සිසිර කුමාර මාණික්ක ආරච්චි ප්‍රවීන ලේඛකයා විසින් පැවසූ අදහසකින් මා මෙම පෝස්ටුව වසා දමන්නම්. " ඔබ මිළදී ගත් පොත පිනාලාට නොමිලේ බලන්නට ඉඩ නොදෙන්න. ඉන් සිදුවන්නේ ලේඛකයින් වඳවී යාමය!" මා එයට ඌණ පූර්ණයක් එක් කරණ්නම්. මේ අපගේ මිතුරාගේ ධෛර් යට ශක්තියක් වන්නට එක් පොතක් හෝ මිළදී ගනිමු!

32 comments:

  1. කියන්නට වදන් නැත! බොහොම ස්තූතියි තට්ටයෝ. මේක මට ලොකු ගෞරවයක්!

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකේ තියෙන තාක්ෂණික විශේෂත්වය වන්නේ මුළු පෝස්ට් එකේම අකුර ඇමුණුවේ මොබයිල් එකෙන් වීම. මන්ද ලැප්ටොප් ඩෙස්ක්ටොප් දෙන්නාම ඉස්පිරිතාලෙ. ඒත් මේ පෝස්ට් එක නියමිත පරිදි නියමිත දිනයේ නියමිත වෙලාවට ගුවන් ගත කිරීමටයි මට ඇවැසි උනේ. ඒක මටත් විශෙෂ කරුණක්! ඒත් ලිපිය පෙලගැස්වීමේදී දෝෂ ඇති. ඊට කමා වන්න්. ඔබගේ පොත් වල අන්තර්ගතය ගැන පොඩ්ඩක් විතර හීනියට මීට යටින් ලිව්වොත් මටත් කියවන අනෙක් දනන්ටත් ප්‍රයෝජනවත් වේවි! ස්තූතියි මගේ ප්‍රයත්නය අගය කිරීම සම්බන්ධව!

      Delete
    2. මට හිතාගන්න බැහැ මොබයිල් එකෙන් කොහොම ලියනවද කියලා.

      ඉක්මනට සාරාංශ දාන්නම්. ඒක සරල දෙයක් නෙමෙයි, ඉතාම නිවැරදිව කරන්න ඕන දෙයක්. ආයෙමත් ස්තූතියි ඔබට...

      Delete
  2. කාර් පිස්සුවාට දෙන්න පුලුවන් හොඳම ඇගයීමක් මේක. සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. මෙය යුතුකමක් හා වගකීමක්!ස්තූතියි!!

      Delete
  3. Mageth priyathama blog ekak car pissuwa...agaya kirima godak watinawa..

    ReplyDelete
  4. සත්තකින්ම ලියන කියවන සියල්ලන්ම වෙනුවෙන් මේ ලිව්වේ! ස්තූතියි!

    ReplyDelete
  5. මගෙ ආසම බ්ලොග් එකක් කරන එකාගෙන් තවත් මම ආසම බ්ලොග් එකක් ලියන එකෙක් ගැන.

    ReplyDelete
  6. එය ගරුත්වයක්සේ සලකමි / සලකමු !

    ReplyDelete
  7. මමත් බ්ලොග් කියවන්න ගත්ත කලෙ ඉස්සෙල්ලාම කියෙව්වෙ කාර් පිස්සුව තමයි. මොකක් හරී දේකට ගූග්ල් දෙයියො චෙක් කරනකොට කාර් පිස්සුව බොල්ග් එක සෙට් උනා. මතක විදියට ලෝකෙ පලවෙනි ටොයොටා කාර් එක ගැන ලියපු බ්ලොග් එක. අනිවා එක පොතක් හරි ගන්නවා ලන්කාවට අවහම. 2ටම ස්තුති.

    ReplyDelete
    Replies
    1. උනන්දුවට ගොඩක් ස්තූතියි!

      Delete
  8. සිල්වා මහත්තයා ඇත්තෙන්ම මේ බ්ලොග් එක බොහෝ දෙනෙකු කියවන එකක්. ඒත් මේ මගේ පෝස්ට් එකට ප්‍රථිචාර අඩු වෙන්නේ මගේ බ්ලොග් එක් කියවන්නේ එක්තරා සීමිත පිරිසක් බැවින්. ඔබතුමාට පොතක් ඔය රටටම එවන්න හැකි ක්‍රමයක් තියෙන්න පුලුවන්. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ගෙන්න ගන්න තිබ්බනම් හොන්දයි. එත් තව මාස 3-4 එනවනනෙ මන්ජුල මහත්තයො.
      කාර් පිස්සුව වගේම ඔබගෙ බ්ලොග් එකත් හොන්දයි මට නම් හිතෙන්නේ මෙතන තියෙන්නේ කාලය පිලිබඳ මෙවුවා එකක්. ඔබගෙ බ්ලොග් එකත් අනිවාර්යයෙන්ම ගොඩක් ජනප්‍රිය තව ටික දවසක් යනකොට.

      Delete
    2. ස්තූතියි බොහොමත්ම!

      Delete
  9. සත්තකින්ම එහි කියවන්නට බොහෝදේ ඇති! ස්තූතියි!!

    ReplyDelete
  10. Best wishes, Tharindu.

    ලව් බග් එකේ ලමයා ඕචෝ (Ocho - eight in Spanish) කියනවා මතකද? පනස්තුනට එහෙම කියන්න ඇයි කියල ඇහුවාම කියනවා පහයි තුනයි අටයිනෙ කියල

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ මතකය ගැන ඊරිසියයි! තව ෆිල්ම්ස් දෙකක් ආවා නේද?

      Delete
    2. තව 5 ක්

      https://en.wikipedia.org/wiki/Herbie

      Delete
  11. ඉතා සතුටුයි ඔබගේ මේ අවංක හා වටිනා ඇගයීම පිළිබඳව...

    ReplyDelete
  12. ස්තූතියි මේක මගෙත් එක් සිහිනයක්. මට නොහැකි උනත් දන්න කියන එකෙක් හරි කල එක ගැන තියෙන්නේ අවංක සතුටක්! ස්තූතියි අගැයීමට!

    ReplyDelete
  13. Replies
    1. මේක කියවලා වැඩක් නෑ පොතක් අරණ් කියවපන් මල්ලි!

      Delete
    2. Mage gawath poth deka thunak thiyanawa

      Delete
  14. ස්තුතියි දැනුවත් කිරීමට. මේවා එළිදක්වන්නේ කවදාද? කොතනද?

    ReplyDelete
    Replies
    1. මිත්‍ර! මා දන්නා පරිදි මේවා එළිදක්වා අවසන්! දැනට "සදීපා" එකේ තියෙනවා. ඊට අමතරව grantha.lk කියලා එකකත් තියේලු. මම දැන් ඌට කිව්වා මේ අහන ඒවට උත්තර දෙන්න කියලා. බලමු!

      Delete
    2. ඔන්න යටින් සම්පූර්ණ විස්තර ටික දැම්මා. ප්‍රමාදයට සමාවෙන්න. ප්‍රවර්ධන කටයුතුයි අනික් රාජකාරි කටයුතුයි නිසා සමහර දේවල් පොඩ්ඩක් මගහැරෙනවා. උනන්දුවට ස්තූතියි ඔයාලා හැමෝටම. කල්‍යාණ මිත්‍ර තුමා දැන් බුකියෙන් හමු නොවීම දුකකි.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. සමාවෙන්න ප්‍රතිචාර පරක්කු වුණාට. හැමෝටම මුළු හදවතින්ම ස්තූතියි. පොත් දැනට තියනවා බොරැල්ල සදීපා, නුගේගොඩ සරසවි (අනික් ශාඛා වලටත් යවනවා කියලා නම් කිව්වා), පානදුර/මොරටුව ලුමිනෙක්ස් සාප්පු වල. හෙට පිළියන්දලට දාන්න හිතාගෙන ඉන්නවා. දුර ඉන්න අයට ලේසියි ඔන්ලයින් ගෙන්නගත්තම. grantha.lk එකට දාපු පලවෙනි ස්ටොක් එක ඉවර වෙලා අලුත් ස්ටොක් දීලා තියෙන්නේ. මෙන්න ලින්ක් එක: https://grantha.lk/publishers/soi-11.html ආයෙමත් කියනවා. ඔයාලගේ අගය කිරීම තමයි මට ලැබෙන ලොකුම ගෞරවය!

    ReplyDelete
  17. මේ පොත් හතර ගැන දැන ගන්න යොමු වන්න:
    https://carpissuwa.blogspot.com/2018/08/soi-11.html?m=1

    ReplyDelete
  18. මොරිස් මයිනරේ දැක්කහම අපේ තිබුන පරන කාර් එක මතක් උනා.
    එල

    ReplyDelete
    Replies
    1. මේක Claasic Car පොතකින් ගත්තු එකක්! තවමත් ඒවායේ තියෙන ලාලිත්‍යය!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...