Tuesday, May 8, 2018

95. හෙට ඉරක් පායයි .....!



මාගේ පෞද්ගලික නමකින් බුකියේ ගිණුමක් නොතිබෙන අතර  මාගේ බ්ලොගය ජනතාකරණය කිරීමේ අපේක්ෂාවෙන් thattayagekolama නමින් ගිනුමක්  ඇරඹීය. සමගින් බුකියේ කෙළපැමිනි බුවාලද  බුවීලද මා ඈඳා ගන්නා ලදී. විසිරි සිහිනද එලෙස මා අමුනාගත් සම්බන්ධයකි. එය ලියනා නෝනා මහත්තයා දොස්තර නෝනෙක් බව ලියනා කියනා දෙයින් පිළිබිඹු විය.සරල සුගම රචනා ශෛලිය , රසාලිප්ත බව හා අරුත්බර  නිසාම මා ඇයගේ කෙටි ලිපි කියවන්නට විය.
පසුගිය දිනෙක එහි ලියැවී තිබුනේ; මෝටර් සයිකල් වලින් විවිධ ත්‍රාසජනක ක්‍රියාකාරකම් වල යෙදෙන කණ්ඩායමක තරුණයෙකු සයිකල් අනතුරකින් ජීවිතක්ෂයට පත්වී එම අවමගුල් පෙරහැරේකණ්ඩායමේ ඉතිරි සගයන් තම මෝටර් සයිකල් මගින් කිසියම් ප්‍රදර්ශනාත්මක ක්‍රියාකාරකම්වල යෙදීම හෙලා දකිමින්!
එයට ඌන පූර්ණය එක්කරණ තවත් බොහෝ දෙනෙකු එය හෙලා දැක ඇති අතර ඉන් සමහරෙක් මෙසේ පදින තරුණයින් හට ද්වේෂ සහගත ලෙස දොස් කියා දෙස් දෙවොල් තබා තිබුනි.
 
මා මෙසේ පිළිතුරු ලීවෙමි. මා මේ මොහොතේ මතකයෙන් ලියන  මෙහි අකෘථියේ වරදක් වුවද  අන්තර්ගථයේ කිසිදු වෙනසක් නොමැත.

යුද්ධයේ දී මියයන සොල්දාදුවා ගේ දේහය Gun Carrier එකක ආකෘථියක් මත ගෙනයනවා නම්ක්‍රිකට් පන්දුව වැදී මිය යන ක්රීඩකයාගේ දේහය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් පිති ආරුක්කුව අතරිණ් ගෙනයන්නේ නම් සයිකල් අනතුරකින් මියයන තරුණයාගෙ අවමගුල් පෙරහැර ඉදිරියෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයින් විසින් එසේ තම කුශලතා ප්‍රදර්ශනය කිරීමේ වරද කුමක්ද

ඉන්පසු කරලියට ආවේ මහජනයා ගැවසෙන මහා මාර්ගයන්හී ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් මහජනයා මහත්වූ අනාරක්ෂිත තත්වයකට මුහුණ දෙන බවයි.
මෙයට පිළිතුරු සපයමින් මා පැහැදිළිවම කීවේ එයට මා එකඟ වන බවය! නමුත් ඔවුන් තම ක්රියාකාරකම් ඉටු කරණ්නේ කොතැනද? ඔවුනට සරිළන තැනක් ලබාදිය යුතු බවත් ඉන්පසු ආරක්ෂිතව පැදවීම පිළිබඳව ඔවුන් දැනුවත් කල යුතු බවය.

මෙහිදී කතුතුමිය ලියා තිබුනෙමහ පාරෙ බෑ ! එච්චරයි ” යනුවෙනි.

මෙයට මා පිළිතුරු ලෙස කුඩා කථාවක් උපුටා දැක්විමි. ඔන්න එක ළමයෙක්  හිටියා John කියලාමේ ළමයාගෙන් නම මොකද්ද කියා  කිසිවෙකු විමසීමේදී ඔහුගේ පිළිතුර වූයේ Don’t John කියාය! මන්ද ඔහු වටා සිටි සියල්ලෝ ඔහු කිසියම් කටයුත්තක යෙදීමට සැර සෙද්දීම කියන්නේ Don’t John කියාය ! පොලීසිය කියන්නෙත්එපා ..!” කියාය . නමුත් ඔවුනට ස්ථානයක් සකසා දිය යුතුවේ. මහ රෑට මැරයින් ඩ්රයිව් එකේ ඩ්රිෆ්ටින් කිරීම ගැන කථා නොකොට මෙම තරුණයින්ගේ ක්රියාකාරකම් වලට පමනක් අකුල් හෙලීම නොකල යුතු බවයි.මත් පැන් නිසා මේ රටේ සිදුවන දහසකුත් එකක් විෂමාචාර , අපයෝජන, අනතුරු තිබියදී ඊට විරුද්ධ වන්නේ නම් එය මීට සාපේක්ෂව යුක්ති යුක්ත  බව ඉඳලා හිටලා අරක්කු සුට්ටක් බොන මා පවා එකඟ වන්නෙමි.

මෙහිදී කතුතුමිය පවසා සිටියේ ඇයගේ වසර ගනනාවක රැකියා දිවියේ අනතුරටපත් තරුණයින් රාශියකට ප්රථිකාර සිදුකර ඇති බව .

මෙහිදී මා මෙසේ  ලීවෙමි : මටත් මටවඩා උස මහත කොලුවෙකු සිටින්නේය. උගේ ෆුට් බෝඩ් ගමන මා නවතා දැමූයේ මෙසේ අවවාද කිරීමෙනි. “පුතේ ෆුට් බෝඩ් යන එක ආතල් වැඩක් තමයි.ඒත් ජීවිතේ කරණ්න තව බොහෝදේ තියෙනවා. ආදරය කරණ්න , කසාද බදින්න , දරුවො හදන්න , සිංදු අහන්න , මියුසික් කරණ්න ,ෆිල්ම් බලන්න, සෙක්ස් කරණ්න, සයික්ලින් කරණ්න, කයාකින් කරණ්න. ගංගාවල පිහිනන්න, මහ මුහුදේ කිමිදෙන්න  ඔය වගෙ දහසකුත් එකක් දේවල්. නමුත් ෆුට් බෝඩ් එකේ යන්න ගිහි වැටිලා මලොත් ඔය එකෙක් වත් කරණ්න වෙන්නේ නෑ.ෆුට් බෝඩ් යන්න හිතුනු ගමන් ඔය ටික් ඔයාට මතක් උනොත් යන්තම් හරි ඔයාට මොළයක් ඇත්නම් ෆුට් බෝඩ් යන එකක් නෑ !” කිව්වත් වගේ කිසිදාක ෆුට් බෝඩ් ගියේ නෑ! ඔය අපි කතා කල තරුණයින්ට වෙන කිසිදු විනෝදාංශයක් නොමැත් වුන් . ඒක උන්ගේ විතරක් වරදක් කියා මා නොසිතමි. මාගේ බ්ලොගයට විවේක වෙලාවක ගොඩවැදී බලන්න. එහිආරක්ෂාවයන වචනයට මොනතරම් වටිනා කමක් දී ඇති දැයි  කියා.මීට කලකට පෙර දිවුලපිටිය ආසන්නයේ PSD එකේ පිරිසක් රැගත් සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් බස් රථ දෙකකට මැදිව එම තැන දස දෙනෙකුට  පමන මරණය කැඳවමින් අනතුරට ලක්වූවා ඔබට මතක ඇති. වසර 25 පමන කාලයක් සක්රීය ලෙස මෝටර් රථ පැදවූ අයෙකුලෙස මා දකින්නේ බස් රථයේ රියැදුරු අනියම් මිනී මැරීමේ චෝදනාව මත දඬුවම් ලැබිය යුතු බවයි.  
  
එසේම තවත් අයෙකු ; නොබෝදා වියෝ වූ ආනන්ද වෙඩිසිංහ විසින් පවසන්නට යෙදුනා යැයි පැවසෙන “රේස් යන්න ඕනෑනම් ට්රැක් එකට එන්න ! පාරෙදි ගමනෙ යන්න!! වැනි අදහසක් දක්වා තිබුනි.

එයට මගේ පිළිතුර වූයේ මෙයය.ආනන්ද වෙඩිසිංහ වැනි මල්ටි මිලියනර් කෙනෙකුට කලහැකි දේ ඩියෝ එකක් පදින දුප්පත් කොල්ලෙකුට කරණ්නට කියනා එක විහිළු කතාවකි.මේවා මා දකින්නේ ප්‍රංශ මහා විප්ලවය ආරම්භයේ මග පෑදූ  බැස්ටීලයට පහර දීමට හේතුවූ මාරි ඇන්ටොනයිට් ගේපාන් නැතිනම් කේක් කාපල්ලාවැනි  කථා ලෙසය.

ඊට අමතරව මේවා කරණ්නේ තරුණියන්ට පේන්න කියා තම අදහස් එක් කල අයෙකුද සිටියේය.

මා එයට මෙසේ ලීවෙමි. සත්තකින්ම ඔවුන් එය කරණ්නේ තරුණියන් හට පෙනෙන්නට විය හැක. මොණරා රඟන්නේ සෙබඩට පෙනෙන්නටය. අනුන්ගේ මගුල් ගෙදරක යාමේදී අප වෙනදාට වඩා ජේත්තු වන්නේ මන්ද?  ඔබ ඩෙස්මන්ඩ් මොරිස්ගේනිරුවත් වානරයාපොත කියවා බලන්න. වෙනත් කිසිදු සත්ව ප්ර්බේදයකගෙන් දිස් නොවන ; තොල් වල ඇතුලත සම එලියට පෙනෙන ලෙස ගැහැණියගේ තොල් නිර්මිත වූයේ කුමක් අරබයාද ? අපගේ සීයලා තිරික්ක්කලය ගෙන ගම දෙවනත් කලේ ආච්චිලාට පෙනෙන්නටය!
පාරේදී මමද මෙවන් කොල්ලන් හට අම්ම මෝ නැතිව බැන වදින මුත් ; “මුං නොදකිං!” කියා මේ තරුණයින් දෙස නොබලමි. එහෙත් අද ප්‍රවෘථි වල කියැවුනේ දොස්තර යුවලක් හා ඔවුන්ගේ දරු දෙදෙනා හා තවත් නෑදෑයකු  සමගින් බලපිටිය මුහුදෙ ගසා ගෙන ගොස් එක් අයෙකු හැරෙණ්නට අන්අය ගම්වාසීන විසින් බේරාගන්නා ලද පුවතක්. තම පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් මෝටර රියේ අමතර රෝදය වත් ගලවා ලඟ තබා නොගත් එසේම  ජීවිතරක්ශාව පතා  තරමක ලනු කැබැල්ලක්වත් ලඟ තබා නොගත් වෙදදුරු තුමා සම්බන්දයෙන් නම් නොදකිං කියා සිතේ !

 මෙම සංවාදයේ  අවසන් ප්‍රථිඵලය; මෙම සංවාදය අවසන් වන්නටත් මත්තෙන් මාහට දක්නට ලැබුනි. වෙද නෝනා මහත්තයා විසින්  ඇයගේ පිටුවෙන් මා එලවා දමා වැට කඩොලු බැඳ ඇති බවය. ඇයගේ රසාලිප්ත හරබර ලිපි ලේඛණ වලට අදහස් වලට  අභියෝග කල එකම කාවා මා විය හැක. අප සමාජ මාධ්‍යකට ලියන්නේනම් එය බලාපොරොත්තුවිය යුතු දෙයක් බව මා නොකිවමනාය. මගේ පිළිවදන් තුල කිසිදු අසභ්‍ය වදනක් ලියැවී නොතිබුනි ග්‍රාමය නොසරුප් වදනක් වන “නොදකිං” කියනවාට වඩා එහා ගිය! 

මේ සමගම මට සේකරගේ කවියක් මතක් විය. පොඩිත්තක් ඉන්න . පොත සොයාගෙනම ඉතිරි ටික ලියන්නම්. ආ මේ තියෙන්නේ “හෙට ඉරක් පායයි ..” පොත් පිංචෙ 64 වන කවිය  මෙසේ මා දක්වමි.

ඔබේ පොත ඉතා හොඳයි
ඔබ අමතා මා කීවා.
ඔබගෙ කවිත් ඉතා හොඳයි
මා අමතා ඔබ කීවා.

ඔබේ පොතත්
ඔබේ කවිත්
ඉතා හොඳයි
අප අමතා ඔහු කීවා.

ඔබගේ ගී ඉතා හොඳයි
ඔහු අමතා අපි කීවා.

සුන්දරත්වයේ මූර්තියක් මෙන්
නට නටා
නග්න පැමිණියා.

ඔබගේ පොතවත්
ඔබගේ කවිවත්
ඔබගේ ගී වත්
කමකට නෑ
කීවා.

නුඹේ බස අසත්යයි
නුඹ  මහා වෙසඟනක්
නුඹේ නැටුම් කමකට නෑ!”

ඇයට එරෙහිව එක හඬින්
ගල් මුල් වලින් ගසා
අපි ඇය පලවා හැරියා.


 

 

             

58 comments:

  1. මොලේ කලදක් තියන මිනිහෙක් කරන වැඩක්ද බං උඹ කරලා තියෙන්නේ

    ReplyDelete
  2. මගේ හිතේ තිබ්බ දේම මේං තට්ටයා අකුරැ කරලා. පට්ට පට පට.

    මලගෙදරක ආචාර වෙඩිමුර 21 ගහලා මිනිස්සුන්ගෙ කන් අඩි පලන්න හොඳයි.මිනී බෑන්ඩ් ගගහා පාර බ්ලොක් කරන් මරණෙ පාරේ අරන් යන්නත් හොඳයි., මේවා විතරක් අවුල්. පුදුම ලොජික්.
    ( පුද්ගලිකව විනෝදය තකා පාරේ ස්ටන්ට් කිරීමට විරැද්දයි. නමුත් මේ මලගෙදර උන් ආචාරය පුදකරන විදිය මේක. ඒකෙ වැරැද්දක් නෑ )

    ReplyDelete
  3. ඒ කොල්ලො (අපේ ජාතියෙඋන් කොල්ලලො කීීවට තරහනෑෑ) අවසර ගන්න අවශ්‍ය හැම තැනකින්ම අවසර අරන් මෙම කාර්්‍්‍යය කරපු බව (මියලිය සොයුරාගේ පවුලෙන්/නීීීීීීතිමය පැත්තෙන්)
    ස්ටන්ට් කියන්නෙත් කලාවක් ක්‍රීඩාවක් කියල තරෙුම් ගන්න බැරි අයගෙ කතා.
    මම ෙමේ පොර ටෝක් දුනන්ට අපේ උන්ටත් ස්ටන්ට ගැන දහස් ගානක් නීීීීති දාල පාරෙ අරන් යන්නෙ.

    ReplyDelete
    Replies
    1. එළම එළ! මට දැන් මතක් වුනේ මම මෙහෙමත් ලියනවා එක් තැනෙක! මහත්වරුණි නෝනාවරුණි උන් මේ කරණ්නේ උඹලටවත් මටවත් බැරි දෙයක්! කියලා.

      Delete
    2. තට්ටය අයියෙ මට දැනෙන විදියට වැරදි තැනක අපි ඉපදිලා.
      නැත්තම් අපි ඉන්න හරි තැන වැරදි උන් ගොඩක් ඉපදිලා
      මේ රටේ කූඩුවෙන් එලියට යන්න ඉඩ නෑ. ගොඩක් උන් කූූූූඩු ඇතුලෙ ඉදන් එලියට යන උන්ට හූූ කියනව උඹල එලියෙ කියල

      Delete
    3. හරි අපූරු අදහසක්!

      Delete
  4. ඔය විදිහෙ විදග්ධ අය කොච්චර ඉන්නවද බං ෆේස්බුක් එකේ. ඒ විතරක්ද, අර බෞද්ධ අසපු වලට උනත් අපිට ඕනෙ ඕනෙ හැටියට යන්ඩ පුළුවන්යැ... ඒක බං තමුංගෙ තැන... තමුං ආතල්එකට පත්කරවන උදවියට විතරක් වෙල්කම් - උඹල අපි ඔව්ව තේරුං අරං ඕනෙ ජීවත් වෙන්ඩ. උඹ හිතුවද ඔය ෆේස්බුක් පිටුව පොදු තැනක් කියල? (මිත්‍රශීලී ලෙස පිටට තට්ටු කරමින්)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කෙනෙකුට තමන්ගේ ගෙදර වත්තට ගේට්ටුවක් දාන්න හෝ නදාන්න අයිතියක් තියෙනවා! ගේට්ටුවක් නොමැති බවින් අදහස් කරණ්නෑ ඌන එකෙකුට ඇවිත් යන්න පුළුවන් තැනක් කියා. එහෙත් කිසිවෙකු වෙළෙඳ සලක් දමන්නේ නම්; එයට ඇතුලු විය යුතු අය වර්ගී කරණය කිරීම යහපත් කරුනක් නොවේ. මෙම පෝස්ටුවට යටින් මෙතෙක් ලියා ඇති මාගේ අදහස සනාත කරණ ඒවා වුවත් මෙතැන් සිට දක්වන මගේ අදහසට එකඟ වන හෝ නොවන අස්භ්ය නොවන ඕනෑම අදහසකට මෙය වේදිකාවක් කොට තබමි. සිදුවිය යුත්තේද එයම බව මා විශ්වාස කරමි.බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුනාට , ලිව්වාට!

      Delete
  5. 100 % උඹගේ කතාවට එකඟයි. තව පොඩි දෙයක් මතක් උන අපේ කොල්ලන්ට කියන්න, අඩුම ගානේ stunt කරන වෙලාවටවත් ආරක්‍ෂිත කබා, අත්වැසුම්, සපත්තු සහ හෙල්මට් දාගෙන ඔය වැඩ කලොත් අඩුම ගැනේ හානිය අවම කරගන්න පුළුවන්. All The Gear All The Time (ATGATT) when you do the adventure/stunt riding.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං හිටියේ? ස්තූතියි පෝෂණය කලාට අදහස!

      Delete
    2. පොඩ්ඩක් ෆ්‍රී උනා මේ ටිකේ.. ඔය උන අපිටත් තියෙනවනේ බන් නාකි උනාට...

      Delete
    3. උඹට තියෙන්නේ ඩෙංගු වලට පමනක් නොදෙවෙනි උනක්!

      Delete
  6. මෙතැන විතරක් නෙමෙයි, මම ලංකාවේ මිනිස්සුන්ගේ නිතර දකින ලක්ෂණයක් තමයි අන් මත ඉවසීම නැතිකම. තමන් කියන දේම හරි කියලා හිතාගෙන, පොඩ්ඩක් වත් වෙන කෙනෙක්ගේ කෝණයකින් හිතලා බලන්න, ඒක හරි නම් ඒක පිළිඅරගෙන තමන්ගේ මතය වෙනස් කරන්න හරිම අකමැතියි. තමන්ගේ මතය හරියි කියන අය දාහක් අතරේ ඒක ප්‍රශ්න කරන එක්කෙනෙක් හිටියොත් අර හඳ පෙන්නුවාම ඇඟිල්ල බලනවා ඒ මනුස්සයාගේ වගතුග ඇදලා අරන් එළවා එළවා ගහනවා. හැමෝම නෙමෙයි, ඒත් කරලියේ රඟපාන්නේ වැඩිදෙනෙක් ඒ වගේ ය තමයි. හොඳයි නැද්ද?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම! මම නම් කොල්ලෙක් නෙවෙයි! ඒත් උන්ගෙ සොමි වැඩ ඉවසගෙන ඉන්නවා! මල පනින වෙලාවලුත් නැතිවා නෙවෙයි. ඒත් ඔය ස්ටන්ටින් වැඩේ මෙහේ කොල්ලො කුරුට්ටූ තමන්ට ඇති හැකි පමනින් කරණා දෙයක්. ඔවැනි දෙයක් ටීවී එකේ හරි ෆිල්ම් එකක හරි දැක්කොත් ඒව සිරා වැඩ! අපේ එකෙක් කරණ්න ගියෝතින් කතන්දර සීයයි. මම කොහොමත් ජන්ප්‍රිය නොවන මතය දෙස සාධාරණව බලන්න උත්සාහ කරණවා! ස්තූතියි!

      Delete
  7. හැක්.. බුකියෙ යන විදග්ධ (වචනෙ හරිද මන්ද) අයගෙ පෝස්ට් වලට උදැල්ල දාන්න ගිහිල්ල බොලා අතක් පයක් නොකඩාගෙන ඔහොම බේරිච්ච එක ලොකු දෙයක්.

    ස්ටන්ට් ගැනනං කියන්න තියෙන්නෙ මාත් ආසයි කොල්ලො වැඩ දානව බලන්න. හැබැයි එතන අවුලකට තිබුනෙ සමහර උං රබර් සෙරෙප්පු දාගෙන එහෙම ඒ වැඩේ කරපු එක. ඒකනං එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔය සෙරෙප්පුවක් ඕන තැනක පැටලෙන්න පුලුවන්. එහෙම උනොත් වෙන දේ කියන්න ඕන නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා අපි ඉතිං පොරවල් නොවෙයිනෙ! තව පොඩ්ඩෙන් අර සයිකල් පැදපු එකාට වුනා වගේ පෙට්ටියේ තමයි යන්න වෙන්නෙ!

      ඔව් කොයි දේ කලත් ආරක්ෂිතව සැරසෙන්න ඕනම තමයි!

      Delete
    2. //කෙළපැමිනි බුවාලද බුවීලද මා ඈඳා ගන්නා ලදී. //

      කෙල විතරක් පැනල ඔහොම ගියා ඇති

      Delete
    3. ඔන්න පෙනුනු දේ!? ඒ බුවාලා බුවීලා දැක්කාම කෙළ ඉනුවා!! ඒ අය ලියන කියන දේවල් දැක්කාම කෙළ ගිලුනා!!!ඒත් මාව එකෙන්ම හලලා විත්තිය දැක්කාම කෙළ හිඳුනා!!!

      Delete
  8. තරුණ කාලයේ මොනයම් හේතුවක් නිසා හෝ ''තාරුණ්‍යය " කියන එක භුක්ති නොවින්ද , සිංහලෙන් කියනවානම් එන්ජෝයි කරන්න බැරි උන උදවිය බහුතරයක්, තරුණයන්ගේ (හෝ ඔබ වැනි young at heart අයගේ ) ක්‍රියාකාරකම් නොරුස්සන එක පුදුමයක් නොවේ. එහෙම උදවිය තරුණ පරම්පරාවෙන් බලාපොරොත්තු වෙන්නේ, ලැබෙන දෙයකින් සතුටු වෙලා, දෙන දෙයක් කාලා අයිනක් අල්ලාගෙන සිටිය යුතු ජීවී කොට්ඨාශයක් කියලායි. නමුත් මේ ලෝකයට ඉර පායන්නේ එවැනි පුද්ගලයන් සඳහා නොව අනුනට කරදරයක් හිරිහැරයක් නොවී, තමන්ටත් අනතුරක් කර ගන්නේ නැතිව ජීවිතේ ඉතාම සුළු කාලයක් පමණක් භුක්ති විඳිය හැකි 'තාරුණ්‍යය' කියන එක භුක්ති විඳින තරුණ තරුණියන්ටයි. එහෙමයි කියලා තමන්ගේ සීමාවන් නොදැන අතපය කඩාගන්න ඇඩ්වෙන්චර් මමත් අනුමත කරන්නේ නැහැ . තරුණ මදය කියන්නේ මොකක්ද කියලා නොදන්න අය අනුන්ගේ අදහස් නොඉවසන එකත් පුදුමයක් නොවේ.
    අප දෙන්නාටත් නොගැලපෙන අදහසක් ගැන ඕනනම් වාද කරන්න පුළුවන්. අර දිවුලපිටියේ PSD ලෑන්ඩ් රෝවර් එකට බස් කාරයා වැරදි වෙන්නේ කොහොමද? මාත් මගේ ලෑන්ඩ් රෝවර් එකෙන් හාමුදුරු දෙනමක් අපවත් නොකර, කොල්ලෝ කුරුට්ටෝ දහයක් දොළහක් නොමරා ( ජීවිත හානියක් නොවුනාට තුවාල උනා) ලෑන්ඩ් රෝවර් පෙරලීම පිලිබඳ සුදුසුකම් ලැබූවෙක් උනත්, අර PSD ඩිෆෙන්ඩර් එක 99.9% වැරදියි කියලයි මට හිතෙන්නේ. ඩිෆෙන්ඩර් එක ඉස්සර කරපු බස් කාරයා ස්ලෝ කරලා අනතුර වලක්වා නොගැනීම වරදක්. ඒ වගේම ඉස්සරහින් ආපු බස් එකත් රෝං සයිඩ් එකට බර වීම වරදක්. නමුත් ඒවාට සාපේක්ෂව මයි කාර්, මයි පෙට්‍රල්, මයි රෝඩ් කියලා ගිය psd රියදුරා තමන්ගේත් අනුන්ගේත් ජීවිත විනාශ කර, කල වරද සමාව දිය නොහැක්කක්. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ එතන සම්පූර්ණ වරද තියෙන්නෙ ඩිෆෙන්ඩර් එකේ. මිනිහ පුලුවන් තරං වේගෙ වැඩිකරල බස් දෙක අස්සෙන් රිංගන්න හදනව මිසක් බ්‍රේක් කරන්න හදන්නෑ. බ්‍රේක් කළානං ඉස්සරහ බස් එකේ මූනට මූන වැදුනත් වෙන හානිය අඩු වෙනව. ඉස්සරහිං එන බස් එක පාර පැත්තට ඇදෙන්නෙ වංගුවෙ අන්තිම මොහොතෙ බ්‍රේක් කළ නිසා ලිස්සල ගිහිල්ල කියල වගේ පේන්නෙ. (පාර තෙමිල තිබුණෙ) පහුකරගෙන යන බස්එක ඒ කිට්ටුවම නවත්තල සෙනග ගන්න හින්ද එච්චර වේගෙන් යන එකක් නෙමෙයි.

      Delete
    2. සෑම් මහත්තයා මොහොමත්ම ස්තූතියි මේ පැත්තට හොස්ස පෙව්වාට! මුලට එකෙන්ම එකඟය! ඩිෆෙන්ඩර් සිද්දිය ගැන පොඩ්ඩක් කථා කරමු!
      ඩිෆෙන්ඩරය ඉස්සර කරණ බසය 1 කියාද ඩිෆෙන්ඩරය ඉදිරියට එන බසය 2 කියාද මෙතැන් සිට හඳුන්වමු. මහා වැස්ස ඈදහැලෙන මේ දිනය තුල ඩිෆෙන්ඩරය එන්නේ මහා වේගයකින් නොවේ. මගේ තක්සේරුවේ හැටියට පැයට කිලෝමීටර 60 - 70 ක වේගයකිනි.එය ඉදිරියට එන විට 1 බසය බස නැවතුමේ නවතා තබා පලමු ගියරයේ ඉදිරියට ඇදෙමින්ය. ඩිෆෙන්ඩරය ඉස්සර කරණ්නේ පැයට කිලෝමීටර 10-20 ක වේගයෙන් ඉදිරියට ඇදෙන 1 බසයය. යූ ටියුබ් නාලිකාවේ පෙනෙන පරිදි 1 බස් රිය පසු කිරීමට ඩිෆෙන්ඩරයට ගතවන වේලව හැඳින ගැනීමෙන් එහි වේගය ගැන දළ නිමානයක් ගොඩ නගා ගත හෑක.ඩිෆෙන්ඩරය ධාවනය වන්නේ 1 හා 2 බස් රථ අතරින් යෑමට සරිලන සාපේක්ෂ වේගයකිනි. එහෙත් 2 බසය තමාට නියමිත් මං තීරුවේ නොපැමිනීම නිසා කෙමෙන් වැසීයන කපොල්ලෙන් රිංගා යෑමට ඩිෆෙන්ඩරය වේගය වැඩිකිරීම හෝ 1 බසය වේගය අඩු කිරීම කල යුතුය. මේවන විට ඩිෆෙන්ඩරයේ රියැදුරු වේගය වැඩි කිරීමට උත්සුක වුනා දැයි සිතාගත නොහැක. ඔහු එසේ උත්සාහ කලද මගීන් 10 ක් පැටවුනු එයට එකවර අධික තවරණයක් ලබා ගැනීම පහසු කට යුත්තක් නොවේ. කල යුතුව තිබුනු එකම කාර්යය වනුයේ 1 බසය වේගය අඩුකොට ඩිෆෙන්ඩරයට ඉඩ ලබාදීමය. පළමු හෝ දෙවන ගියරයේ නවතා තබා මීටර 50 ක පමන දුරක් පැමිණ තිබූ බසයේ රියැදුරාට අවශ්ය තාවයක් තිබුනේ නම් කිරීමට තිබුනේ ත්වරනකයෙන් හෙවත් ඇක්සලරේටරයෙන් පය ඉඅවතට ගැනීම පමනි! ඔහු ඊට මැලිවිය. නො එසේ නම් 2 බසය තව අඩි කිහිපයක් ඉවතට ගැනීමට උනන්දු වූවා නම් ඩිෆෙන්ඩරයේ සිටි තරුණ ජීවිත තවමත් මිහි මතය. මෙවන්ම වූ තවත් සාවද්ය මනුෂ්ය ඝාතනයක් බස් රියැදුරෙකු විසින් අළුතින් මෝටර් රථයක් ගෙන කතරගම යමින් සිටි අහිංසක පවුලකටද සිදුකල බව මාහට මතකය! ඔබගේ අදහස් ද දක්වන්න! මා ඊට ගරු කරමි. ස්තූතියි!

      Delete
    3. ඔබට පිළිතුරු ලියන්න කලින් මම දැන් කිහිප වතාවක්ම ඒ යුටියුබ් ක්ලිප් එක බැලුවා. බසය 1 ස්ලෝ නොකරන බව ට මමත් එකඟ වෙනවා. නමුත් ඔහු දැන දැනම ස්ලෝ නොකරනවාද , එහෙම නැතිනම් අනවධානය නිසා එසේ උනාද කියලා හිතාගන්න අමාරුයි. මොකද බස් ඩ්‍රයිවර්ලා මුලිකව අවධානය යොමු කරන්නේ රුපියලේ කෑල්ලක් (දැන්නම් කීයේ කෑල්ලක්ද කියලා දන්නේ නැහැ) පාර අයිනේ තියනවාද (ඉන්නවා නොවයි, තියනවා /අප්‍රානවාචී පදය ) කියලා මිසක් රථය පැදවීම ගැන නොවෙයිනේ. වසර කිහිපයකට පෙර බෙල්ලන්විල පෙරහැරට සහභාගී වෙලා ආපසු යන අලියෙක් මහරගමදී ප්‍රයිවෙට් බස් එකක හැපුනාම රියදුරා කියා තිබුනේ ""මම අලියාව දැක්කේ නැහැ "" කියලා. ඉතින් ඔවුන්ගේ අවධානය ගැන කුමන කතාද ?? මට පිළිතුරු දුන්නාට ස්තුතියි.

      Delete
    4. සූක්ශමව නොබැලුවත් ඉතා පැහැදිලිවම පේනවා බසය ඩිෆෙන්ඩරය දෙසට නොහොත් ඇඟට කපා ගන්නා ආකාරය. එතනදී බස් රියදුරා ඉතා ම්ලේච්ච කුරිරැ චේතනාවෙන් ඩිෆෙන්ඩර් රියදුරා බියගැන්වීමට මෙන් ඇඟට කපන ආකාරයක් පේනව. you tube zoom කරපු වීඩියෝවක් තියෙනව. ඒකෙන් ඉතා පැහැදිලිවම පේනව සිදුවීම. ඔය ඇක්සිඩන්ට් එක දකින්න කලින් මමත් ඔයවගේ කුපාඩි ඇඟට කැපිලි ඕනතරම් කරලා තියෙනවා. දැන් නම් එහෙම කරන්නෙ නැති තරම්.

      Delete
    5. සිරාවට 2 බසය කරන වැඩේට කියන්න ඕනෙ කුපාඩි කමක් කියලා නොවේ.
      කු + පඬි = කුපාඩි. ඒ කියන්නේ මොලේ නැති වැඩක් !
      මේක තනි කරම අනියම් මිනී මැරුමක්! එම රියැදුරා තමාගේ මාර්ගයෙන් නො එසේනම් එන පථයෙන් අඩි දෙකක් පමන පාර මැද්දට ගන්නවා.
      හොඳි නිරීක්ෂනය කරණ්න. ඩිෆෙන්ඩරය පැවති කපොල්ලෙන් රිංගා ගියාට පසුවයි බස් දෙක ඩිෆෙන්ඩරයේ බඳේ ගැටෙන්නේ!

      Delete
  9. කෝ කෝ.. කොහෙද වලිය ගියේ? ලින්ක් ප්ලීස්.. :)

    විසිරියා වත් ඈඳා ගන්න ඕනි මෙතනට.:)))

    ReplyDelete
    Replies
    1. එතුමිය මා හලා ඇත! සංවාදයට මේ හැම විවෘතය!! ස්තූතියි ගොඩ වැදුනාට!!!

      Delete
  10. එකඟ වෙන්න අමාරුයි අය්යේ ...
    ප.ලි :යුද්දයෙන් මිය යන සොල්දාදුවා ගේ දේහය කාල තුවක්කු ගලක් මත තබාගෙන යනවා විනා තුවක්කුවෙන් වෙඩි තබමින් ගෙනියන්නේ නැත .ක්‍රිකට් ක්‍රීඩකයාගේ දේහය පිති අරුක්කුවක් යටින් රැගෙන යනු විනා ක්‍රිකට් ක්‍රීඩා කරමින් අවසන් ගෞව්රව දක්වනවා දැක නැත .මෝටර් රථ දාවන ශුර ආනන්ද මහතාගේ මිතුරන් යතුරු පැදි පෙළපාලියකින් ගෞව්රවය දැක්වුවා මිස පාරේ දාවන තරඟ පැවැත් වුයේ නැත

    ReplyDelete
    Replies
    1. එහෙනං උන්ට කියමු ඉස්සරහින් බයිසිකල් තල්ලු කරගෙන යන්න කියලා! හෙට ලියන්නං!

      Delete
    2. මහත්මයානෙනි, සොල්දාදුවකුගේඅවමංගලෝත්සවයකදී වෙඩි තබ තබායෑම ප්‍රායෝගිකව කල හැකි දෙයක් නොවන බව ඔබට මා කිවයුතු යැයි මා නොසිතමි. එසේ කිසියම් උසස් නිළධරයෙකුට කිරීමේ අවශ්යතාවයක් සම්ප්‍රධායක් විනි නම් එය සිදු නොකරාවි යැයි ඔබට කිසියම් විශ්වාසයක් තිබේද?
      උසස් නිළධරයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී ආචාර වෙඩි මුර 21 පැවැත් වීම ගැන ඔබට කිසියම් අදහසක් වේද? එය ඔබේ අදහසට ගලපාගත් හැකිවේද? ජේෂ්ඨ නියොජ්ය පොලිස්පති බොධි ලියනගේ මහතාගේ චිතකයට ගිනිදැල්වෙන මොහොතේ විශේෂ කාර්ය බලකායේ සෙබලු 14 දෙනෙකු වෙඩි මුර 21 තැබීය. එනම් වෙඩි පහරවල් 294 කි!
      එසේම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මිනී ඉදිරියෙන් 20-20 තරඟයක් පැවැත්වීම හෝ වෙඩිසිංහගේ මිනියට පෙර ගෝන් ෆ්‍රී තරඟයක් පවත්වන්නට හැකියාවක් වෙත්දැයි ඔබම මොහොතක් කල්පණා කර බලන්න.
      සාම්ප්‍රධාය ඇතිවන්නේ එම කාල වකවානුවට අදාලව කලහැකි යමක් ක්‍රමාණුකූලව කිරීම තුලය.
      අප රතිඥ්ඥා පුපුරවන්නේ සතුට දනවන අව්ස්ථාවලදී පමනි. එහෙත් සමහර පලාත්වල අවමංගලෝත්සව වලදි රතිඥ්ඥා පුපුරවති. ඒ සතුට වැඩි කමටද? නැත ! එය එම පලාතේ සම්ප්‍රදාය වන බැවිනි.
      හාමුදුරුවන් වහන්සේලාගේ චිත්කයට ගිනි දල්වන අවස්ථාවේ පිරිත් සජ්ජායනය කිරීම, ජෝතිපාල කලා කරුවාගේ අවසන් කටයුතු සිදුවන විට ඔහුගේ ප්‍රේම ගීත ප්‍රචාරය කිරීම ඔබ දකින්නේ කෙලෙසද?
      නවසීලන්ත රගර් ක්‍රීඩකයන් තරගයට පෙර ඉදිරිපත් කරණ හකා ව කිසිවෙකුට මනස්ගාතලෙස පෙනෙනු ඇත. වෙස්ට් ඉන්ඩීස්ලාගෙ ගැන්ග්නම් නැටුම? මාලිංගගේ අහ්ස්යාත්‍රා රංගනය ? මේ සියල්ල එම ක්‍රීඩා පටන් ගන්නා කාලයේ තිබූ දේවල් නොවේ.
      ක්‍රිස්ගේල් ගේ නැටුම ඩ්බ්ලිව් ජී ග්‍රේස් ගේ කාලයේ තිබුනේ නැත! ඒවා කාලය සමග සාම්ප්‍රදායට එකතුවේ. සමහර කරුණ කාරණා කාලය සමග සාම්ප්‍රදායෙන් ඉවත් වේ.
      මෙවන් එනම් ස්ටන්ට්මන් කෙනෙකුගේ මිනිය ගෙන යාමේදී කිසිවෙකුට වාතයක් නොවී ස්ටන්ටින් පාරක් දැමීම අපි වැනි දූපත් වාසීන්ට තවමත් අකැප නම් දැනට උන්ට බයිසිකල් තල්ලු කරගෙන යන්නට කියමු. වසර 2100 දී පමන ඔවුනට ඒවායේ නැග පැද්ගෙන යාමට ඉඩ දිය හැකිවන පරිදි අපගේ මනස සැකසේවි.
      ස්තූතියි! අප කලිසම් අඳින්න ඉක්මන් උනා වැඩිදෝ මන්දා....!?

      Delete
    3. තර්ක කරන්න නම් ඕනේ තරම් පුළුවන් අය්යේ ...
      ඔය වැඩෙන් පාරේ හිටිය මනුස්සයෙක්ට හදිසි අනතුරක් වුනා නම් ..අපි මෙහෙම හිතමු .තට්ටයියා ඔෆිස් ඇරිලා බයිසිකලෙන් ගෙදර එනවා . කොහෙද ඉන්න ස්ටන්ට් කොල්ලෙක් එකසිය ගානට ඇවිත් ඇරලා දානවා අයිය්යට.තට්ටයියා අඩු කඩාගෙන ලේ පෙරාගෙන දෙකට කැඩිච්ච බයිසිකලෙත් එල්ලගෙන් කොල්ලට "නියමයි මල්ලි හෙටත් මේ විදිහටම කරපන් "කියනවද ?නැත්තම් "මල්ලි අපේ ගෙදර වත්තේ කාපට් කරපු පාරක් හදලා දෙන්නම් එහෙ වරෙන් කියනවද " එත් නැත්තම් අඩෝ ...උඹේ ....අ.......කියලා පටන් ගන්නවද ?
      ප ලි : හැබැයි ඉතින් ඔහොම අවමගුල් සම්ප්‍රදායන් ,විවාහ සම්ප්‍රදායන් ,අර සම්ප්‍රදාය මේ සම්ප්‍රදාය කියා කියා අලුත් අලුත් අයිටම් එලියට එනකොටත් දුපත් වසියෝන්ට කතා කරන්න හරි දෙයක් ලැබෙයි නේ (මෙච්චර ප්‍රශ්න තියෙන රටේ )

      https://www.youtube.com/watch?v=__Uz_o_Cbno
      https://www.youtube.com/watch?v=6uu70bSmQao

      ඩේට ටිකක් කපාගෙන මේ වත් බලාගෙන යන්න

      Delete
    4. පටලොවා ගන්න එපා! මහ පාරෙ යන එවුන්ගේ කකුල් දෙක අස්සෙ ස්ටන්ටින් කරණ්න ඉඩ දියල්ලා කියන එක නෙවේ මම කියන්නේ.
      උන්ට අවකාශයක් දියල්ලා කියන එකයි.
      උන්ගෙ එකෙක් ගේ මිනිය පාරේ ගෙනියන කොට වැඩක් නැති එවුන්ට තියෙන්නේ ඈත් ඉඳන් බලාඉන්න එකනේ.
      මේවා හැමදාම හැම මල ගෙදරම වෙන දේවල් නෙවේ.

      හිතන්නකො ඔය ලොකු ඉස්කෝල වල පාගමන්, බිග් මැච් දොස්තරුන්ගේ සයිටම් හටං එතකොට චන්ද කාලෙට රැස්වීං එතනින් ගියාම කඨින පෙරහැරවල් පල්ලිවල මංගල්ල එතැනින් ගියාම ඔය ලොකු ලොකු පොරවල්ගේ මලගෙවල්වලදී හර්ස් එක එම්ටි යද්දී පෙට්ටිය කර ගහගෙන පාවාඩ එලාගෙන යන සිද්දි වලදී මැති ඇමතියො වාහන් පිරිවරාගෙන පාර කනකොට වගේ අටෝරාසියක් බාධක මැද පාරෙ යන උඹලට අපිට මුංගෙ මල ගෙයකදී උන් දාන සෙල්ලං ටිකක් බලා ඉන්න බෑ කියලද කියන්නෙ?
      ඔච්චරම බෑ කියනවා නම් බෑම තමයි!
      ඔව් ඔයාට එහෙම බැරි නම් ඒ ගැනත් බලන්න ඕනෙ තමයි!
      ඒක වෙනුවෙනුත් මම පෙනී හිටිනවා!!!

      Delete
  11. hari , hari , ohoma yan , ohoma yan

    ReplyDelete
  12. එතන ලියූ එක මෙතනත් ලියමි. කොල්ලෝ ඕන ආතල් එකක් ගත්තට කමක් නැත. වැඩේ ලස්සනට යනවා නං මාත් බලාගෙන හිට අප්පුඩියක් ගහන්නංය. හැබැයි මහපාරෙ සෙල්ලං දැමිල්ලට නං අම්බානක් විරුද්ධය. උපරිම RPM එකට රේස්වුනු ඝන සෙන්ටිමීටර් 100 ට උඩ එන්ජිමක් නොමග ගියොත් අහක යන අහිංසකයෙක්ගෙ බෙල්ලක් කැඩෙන්නත් බැරි කමක් නැත. ඒ හංදා සෙල්ලං දැමීමට අනුන්ට කරදර නැති තැනක් හොයාගැනීම ඔවුන්ගේ වගකීමකි. මේක තමුන්ගේ ඉස්කෝලෙ ආඩම්බරේ (pride) පෙන්නීමට වාහනවල හැම හිලෙන්ම කඳ දොට්ට දාගෙන නලා පිඹගෙන පාර වහගෙන යකා නටන පාසල් මාතාවගේ අවජාතක දූ පුතුන්ටත් අදාලය. මක් නිසාද යත් නීත්‍යානුකූලව පාරේ යන මට පරාණ බය ඇති නිසාය. කොටිම්ම අහක යන මිනිස්සුන්ටත්, වාහන, දේපල සහ සත්තුන්ටත් හානියක් නොවෙන ආකාරයට ඕන ආතල් එකක් ගත්තාට මගේ ආරෝවක් නැත. තට්ට මාමා මාව මෙතනිං එලවන්නේ නැති බවත්, මේ කොමෙන්ටුව නොමකන බවත් දන්නා බැවින් මේ කොමෙන්ටුව දමමි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම !

      අසභ්ය නොවන ඕනෑම අදහසකට විවෘථය!

      Delete
  13. හැබැයි ඉතිං එතන ගිය සංවාදෙ බැලුවම නං ඒක තට්ටෙ මාමාව බ්ලොක් කරන්න තරං දරුණු එකක් නෙමෙයි. ඒ සිද්දියට වෙන මොකක් නමුත් අභ්‍යන්තරයක් තියෙනවා. ආං ඒ අවයවේ හොයාගන්න ඕනැ (දැං වෙලාවක් නෑ). මට දැනුයි ඒක කම්පනාවට ආවෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මටත් තේරුණා මේක ඇතුලේ මොකක් නුමුත් අභයන්තරයක් තියෙනා බව?

      Delete
    2. ඒ පෝස්ට් එකේ කොමෙන්ට්ස් ඩිලීට් කල්ලද මංදා.. මං ඊයේ බැලුව මිකුත් නෑනේ.

      Delete
    3. මට යන්නට අවසර නොමැත! මොකෙන් මොකක් උනාදැයි නොදනිමි!! ස්තූතියි ආවාට ලියන්නෙ නැද්ද ඇද නැති කොමෙන්ටුවක්?

      Delete
  14. අහවල් එක තියං අහවල් එකෙන් කෙලින්නේ නැතුව දීපියව්කෝ එතන ලින් එකක්......

    ReplyDelete
    Replies
    1. මං ගාව නෑ මහත්තයෝ ! තියේනං උඹට මම නොදෙන්නේ මොනවද?

      Delete
  15. Replies
    1. එකෙන්ම ! ස්තූතියි මල්ලි !

      Delete
  16. //පුතේ ෆුට් බෝඩ් යන එක ආතල් වැඩක් තමයි.ඒත් ජීවිතේ කරණ්න තව බොහෝදේ තියෙනවා. ආදරය කරණ්න , කසාද බදින්න , දරුවො හදන්න , සිංදු අහන්න , මියුසික් කරණ්න ,ෆිල්ම් බලන්න, සෙක්ස් කරණ්න, සයික්ලින් කරණ්න, කයාකින් කරණ්න. ගංගාවල පිහිනන්න, මහ මුහුදේ කිමිදෙන්න ඔය වගෙ දහසකුත් එකක් දේවල්.// ඔබේත් මගේත් අදහස් හෙන ගහන්න වගේ සමපාත වන තැන්

    කොහොමත් විසිරි කියන්නෙ කලබල කෙනෙකුත් නෙවෙයි තට්ට අන්කලුත් මොකක් හරි කුප්ප කතාවක් කියන්න ඇති(මෙය විසිරි අක්කාට කඩේ යාමක් බව කරුණාවෙන් සළකන්න)

    ReplyDelete
    Replies
    1. ඕං බලපං උඹත් එහෙනන් මාව දන්න කියන එවුන් වගේම හිතුවා මම කුප්ප කතාවක් කියන්නම ඇති කියලා? ඒ හින්දම වෙන්න ඇති නෝන මහත්තයා මාව හලන්න ඇත්තේ?
      එළ!

      Delete
    2. හැමදාම වගේ කියන්න ලියන්න තියෙන හොඳම දේ මතක් වෙන්නේ අන්තිමට.
      උඹලා ඒ නෝනලා සාමකාමියි! අපි කුප්ප වැඩක් කරණ්න ඇති කියලා හිතන්නේ මේ ඒ ගොල්ලන්ගෙ අපේ ලියව්ල්ලේ තියෙන උක්ත ආඛ්යාත වලින් වෙන්ටැ!
      මල්ලි පැණි බේරෙණ හදවත අතේ තියාගෙන මනුස්සකං පිරුණු කවි කථන්දර පල්හෑලි ලියන සමහර පකීර්ලාගේ වැඩ කිඩ දිහා බැලුවාම ;
      උන් උන්ගේ මනුස්සකං වලට වඩා අපි කඩවල් වල එල්ලලා තියෙන කෙහෙල්කං වලට සලකන බව නම් සීයට සීයක් ප්‍රථ්යක්ෂයි!
      මෙම ප්‍රකාශය මෙම සංවාදයෙ ඉහත්තාවේ ඉන්න නෝනා ම්හත්මිය ඉලක්ක කරගෙන කල ප්‍රකාශයක් නොවන බව ඉතා වගකීමෙන් මෙහිලා පවසමි!

      Delete
    3. ඒ....ආතල් එකක් ගත්තෙ......සමාව දෙනු මැන වැරැද්දක් කමෙන්ට් කරානම් මා ප්‍රියේ....

      Delete
    4. එහෙම සීන්ස් එකක් නෑ! ඒවුනාට මා කල ප්‍රකාශයේ ගැඹුර එලෙසින්මයි!
      අයියලාගෙ වැඩ ගැන කියා පලක් නැත!

      Delete
  17. මේකයි තට්ට අයියේ... ඕවයින් පාරෙ රඟන එකට මම පෞද්ගලිකව විරුද්ධයි... ඒත් මගෙ අදහසත් ඔයා කියලා දේවල් වලටම පෑහෙනවා... සංවාදයක් වෙද්දි අපිට පුලුවන්කමක් තියෙන්න ඕනෙ අනික් අයගෙ මත ඉවසන්න... අපේ මතයට හාත්පසින්ම විරුද්ධ මතයක් ඒ අය දැරුවත්... ඒ ඉවසන එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ඒකට එකඟයි කියලා... වෝල්ටෙයාර් කියලා තියෙනවා මෙහෙම : "මම ඔබ කියනා දෙය සමග කිසිවිටක එකඟ නොවෙමි. එහෙත් ඔබට එම මතය දැරීමට ඇති අයිතිය දිවි හිමියෙන් සුරකිමි"

    හරි දැන් මගෙ ආසම විෂය පැත්තට හැරෙමුකෝ... ඉතිහාස පැත්තෙන් මෙතන වැරදි දෙකක් තියෙනවා... එක වැරැද්දක් කරේ තට්ට අයියෙ ඔයා... අනික මම... මාරි ඇන්ටොනයිට් අරෙහෙම දෙයක් කියලා නෑ කොහෙවත්... දැනුමෙන් එක තැන පල් වෙන අධ්‍යාපන ක්‍රමයකට හිමිකම් කියන සාඩම්බර ලංකාවෙ ළමයින්ගේ අච්චු පොත් වලත් ඕක තියෙනවා... අනික් එක තමා වෝල්ටෙයාර් අර මම කිව්ව දේ කියලත් නෑ... හැබැයි තැනට සුදුසු හන්දා මෙහෙම දැම්මා... ඔන්න ඕකයි කතාව... ෆේස්බුක් එකේ වෙන ඔය එක එක සංවාද ගැන වැඩිය හිතන්න යන්න එපා... කිව්වත් වගේ අපේ ජීවිතේ තව ඔයිට වඩා දේවල් කරන්න තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කෙළියා නේද මල්ලි තාප්පෙටම!
      හිතාන හිටියේ ඔය කයිවාරු දෙක ඔය දෙන්නා කිව්වමයි කියලා.
      පොඩ්ඩක් ලියමුකො ඔහොමම පහලට තව ටිකක් විස්තර ඇතුව එකෙන්ම!

      Delete
  18. බෙර ගගහ යන්ඩත් ඇහැකි
    මල් බයිෂල් පැද්දත් කස ගැහැව්වත් ඒත් කමක් නෑ
    එතකොට ගිනිබෝල කැරකිල්ල
    ඔව්ව කවුද ගණන්ගන්නේ මලේ, පෙරහැරනේ. නැද්ද මං කියන්නේ.
    මහ පාරෙ බෑ ! එච්චරයි

    ReplyDelete
  19. කොල්ලොත් එක්ක මාර ඇරියස් එකක්නෙ තියෙන්නේ!

    ReplyDelete
  20. අනේ අපරාදේ.. එනකොට වලිය ඉවර වෙලා ; වලිය ගියපු තැන කෙහෙල් ගසුත් පැලවෙලානේ! එහෙම උනාය කියලා මේක නම් කටපියාගෙන ඉන්න පුළුවන් තත්වයක් නෙවෙයි. ලියන්නම වටිනවා!

    ගනු කඩුව! එනු සටනට! ( එක්කෝ කම්මැලියි අප්පා - වකුටු වී නිදාගමි )

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...