Monday, May 28, 2018

100. Don’t underestimate power of the Common man




කොමන් මෑන් කන කට්ටක් !

ආපදා කළමණාකරණ ලොක්කා වෙත !
මේක ඔබ තුමන්ලා කවුරු හරි දැක්කොත් කියාවි “ඕක ලියලා තියෙන්නේ අරූට! නැතිනම් මූට!!” කියලා.නෑ මේක ලියල තියෙන්නේ ඔබ තුමන්ලා සියල්ලන්ම වෙත ටය! ඇමතිතුමාගේ සිට ඔහුව පත්කරණ මුල් පාලනාධිකාරියේ සිට අන්තිම කා.කා.ස. දක්වා අපේ බදු මුදලින් කන බොන පඩි ගන්න හැමෝටම.

ගං වතුර ගලා උතුරා යයි  දෙගොඩ තලා...//

මේරටේ පසුගිය කාලය තුල සිදුවූ බොහෝ ජාතික ව්යවසනයන් වලදී මාගේ මිතුරණ් සමග මා හැකි පමන වැඩදායී සේවයක් සිදුකිරීමට ක්‍රියාකාරීව සහභාගී උනෙමි.පැත්තක ඉඳන් ගංවතුරට පසුපස අය හරවාගෙන සෙල්ෆි ගහන අය ගෙන් ඈත්ව සිද්ධීන් මාධ්යයේ කේන්ද්‍රගතව සිටියෙමි.මම මින් එකක් දෙකක් ලියා ඇත.ඒ මේ බ්ලොගයට ගැලපෙන ඒවාය.මීට අමතරව 1983 ජුලි කලබල, ඉන්දු ලංකා ගිවිසුම අව්ස්ථාව , සුනාමියෙදී පානදුර පින්වත්තේ යන එනමං නොමැතිව සිටි  ප්‍රදේශ වාසීන් වෙත අධාර බෙදාහරිණ්නට ඍජුව මැදිහත් වීම වැනි සිද්ධීන් වල මා ඇසින්දුටු සාක්ෂි කරුවෙක්මි.කවුරු හරි මේවා කුලක වලට බෙදාවි ඒවා රයට් මිසක් ඩිසාස්ටර් නොවේ කියා. කවුරු ආකාරයේ කුමන අකාරයේ අර්ථදැකීම්  කලත්; කියන්නට ලියන්නට ඕනෑ තරම් උදාහරණ!

දැන්මේ රටෙන් භාගයක් ගං වතුරට යටවී තියෙන මොහොතේ ඔබතුමන්ලා එක්ක සමග කල යුතු සංවාදශීලී කතිකාවකට කටයුතු සැලසී ඇත! .මීට අවුරුදු දෙක තුනකට පෙර කැළණියේ ගංවතුර වෙලාවේ ක්‍රියා කල හැටි ඔබතුමන්ලාට මතකද? එතන ඔබලාගේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකේ;අවම වශයෙන් කා.කා.ස. කෙනෙකු තබා රජයේ නිළධාරියෙක් හැටියට ග්‍රාම සේවා නිළධරයෙකු, පොලිස් රාළහාමි කෙනෙක්වත් හිටියේ නෑ කිව්වොත් ඔබලාට කියන්න පුලුවන්ද මම කියන්නේ බොරුයි කියලා? 
රජයට හරි ආණ්ඩුවට හරි ගෑවිච්ච කෙනෙකුට හිටියේ අර ප්‍රසන්න රණවීර කියන අය විතරයි. එතුමා ද එම සිද්ධියට ඇවැසි නායකත්වය දෙනු වෙනුවට බත් පෙට්ටි බෑග් මළු වලට කර ගහමින් තෙවරප්පෙරුමකරණය වෙමින් ඉන්නවා මා දුටිමි .
නාවික හමුදාවෙන් එක් බෝට්ටුවක් පැමින; ගමේ අය, වටේ අය ගෙදර උයා ගෙනත් දුන්නු බත් මුල් ටික බෙදනවා හැරෙණ්න කල දෙයක් වුනිද? මේවා දැක ඇස කන පියාගෙන හිඳිනු නොහැකි හෙයින් දෝ මේ තැන් වලට පැමින මේ සිද්ධීන් වලට සක්‍රීයව දායක වුනු අපේ ආරක්ෂාවට සිටියේ කවුරුන්ද?

එම අවස්ථාවට උරදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ අයගේ විස්තර ; ඔබ ආයතනයේ අයෙකු විසින් එකතු කර ගෙන තිබුනා නම් යලිත් රටට මෙවන් විපතක් සිදුවූ අවස්ථාවකදී ඉතා පහසුවෙන්; නැවත එවන් පුද්ගලික මැදිහත්වීම් හා ස්වේච්ඡා සංවිධාන වල සක්‍රීය මැදිහත්වීම්  නිසි පරිදි කළමණාකරණය කර;වඩා නිවැරදි ,  කාර්යක්ෂම හා පලදායී ලෙස ශ්‍රම දායකත්වය,සම්පත් බෙදා හැරීම, ගලවා ගැනීම් , ගොඩ නැගීම්, පවිත්‍රතා කටයුතු වැනි එකී නොකී මෙකී දහසකුත් එකක් දෑ කිරීමට  අවස්ථාවක් තිබුනි!නමුත් අභාග්යයකි!එවන් කළමණාකරණයක් පිළිබඳ සේයාවක් වත් අපට නම් නොපෙනේ!මේ අපි කියන්නේ හුදෙක් මා හෝ මා සමග හිටි සොච්චම් නොවේ පහුගිය කාලයේ ජීප් සංවිධාන, ෆෝවීල් සංවිධාන, පරිසර සංවිධාන, පංසල් පල්ලි වැනි වෙනත් වෙනත් සමාජ සංවිධාන; ඔවුන්ගේ පරිත්යාගශීලී ඍජු හා වක්‍ර මැදිහත්වීම් කර තිබූ අතර; හදිසි ජාතික ව්යවසනයකදී ඔවුන්ගේ එම දායකත්වය නැවත ලබා ගැනීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බවට මා කණගාටුවෙන් වුවද ඔබ ආයතනයට  අභියෝග කරමි!සමහර විට මහා  පරිමානයේ  සංවිධාන කිහිපයක විස්තර තිබීමට පුළුවන. එවිට අපට  ඔබෙන් අහන්නට සිදුවන්නේ

අපි ගොරක ගෙනාවෙම නැද්ද? කියාය.

තිස් වසරක යුද්ධයෙන් ලද යුධ ජයග්‍රහණයෙන් පසු අපගේ හමුදාවන්ට ලැබුනු සුවිශේෂී පිළිගැනීමක් විය.ඒ යුධ බිම තුල ලැබූ සක්‍රීය පුහුණුව, අත්දැකීම් හා පන්නරය හේතුකොට ගෙනය. අප වැනි කුඩා පිරිස් හා කණ්ඩායම් වලට ඔබ ලබා නෙදෙන්නේද එම වටිනාකම මය!

පසු ගිය දින කිහිපය තුල මෙම  කාර්යයන් තුල අප වැනි පුද්ගලික හෝ කුඩා කණ්ඩායම් ගැවසුනේ නම් එයින් කිසියම් පලදායී මෙහෙයක් සිදුවීමට කෙතරම් ඉඩ කඩක් තිබීමට තිබුනිද?   එක් ගංවතුරක දී අපට ලැබුනු කාර්‍යය  වූයේ ගැබ්බර මවක් බේරා ගැනීමටය. (මගේ අවාසනාවට මේ අවස්ථාව මාගෙන් ගිලිහී ගියේය!)

මෙය කියවාගෙන යන ඔබට හෝ වෙනයම් අයෙකුට මගෙන් අහන්නට හිතෙන ප්‍රශ්ණයක් ඇති! "ඔය ඕන තරම් තැන් තියෙන්නේ. උවමනාවක් තියේ නම් ගිහින් මැදිහත් වන්න මොකද්ද තියෙන ඔය තරම් බැරිකම? අප කියන්නම ඕනෙද?"
 කියා.නමුත් මෙවන් කට යුත්තකට සක්‍රීයව දායක වූ කිසිවෙකු එසේ  මාගෙන් නොඅසනු ඇත. ඔබ හිතන්න;අඩු ආදායම් ලාභී පවුලකට උපකාරයක් කරණ්නට ඔබට සිතුවිල්ලක් ඉපැදුනහොත් එයට සුදුසු පවුලක් සොයා ගැනීමම කෙතරම් අසීරු කරුණක් දැයි කියා? අපට හැකිදේ හා ඇවැසිදේ එක මත එක සමපාත  කිරීමයි ඔබ ගෙන් සිදුවිය යුතු වන්නේ.අපේ රටේ මිනිසුන් පුරුදු පුහුණුවී තිබෙන්නේ හා පෙළඹෙන්නේ "නියං ආධාර" යනු හුදෙක් වතුර බෝතල් පමනක්ම යැයි කියා! බොහෝ නියං ආධාර ලැබුනු  පලාත්වල බෝතල් වතුර අතිරික්තයක් පවතී.අපට මොහොතකටවත් සිතෙනවාද ගං වතුරින් යටවූ මිනිසුන්ට මහත්වූ පානීය ජල අවශ්ය තාවයක් ඇති බව? ඒවා පිළිබඳ මා වැටහීමක් ලද්දේ පසුගිය ගං වතුරින් පසු ළිං  ඉසින්නට ගිය නිසාමය.එය ලැබූවේ  පරිචයෙන්මය. 

පසු ගිය දිනෙක පොලිසියේ නිළධරයෙකු කිසිවෙකු බේරා ගැනීමට ගොස් වතුරට බිලිවී තිබුනි. වඩා ප්‍රවේශමෙන් ඔය වැඩේ කරණ්නට පුළුවන් කොච්චර මේ රටේ ඉන්නවද? නවසීලන්ත ජීවිතාරක්ෂක සංගමයෙන්  ජීවිතාරක්ෂාව පිළිබඳ පුහුණුව ලැබූ ලෝකඩ පදක්කම දිනූ කොතෙක් නම් පිරිසක් මේ රටේ වෙසෙත්ද?  ප්‍රථමාධාර පුහුණුව ලැබූ කොතෙක් නම් පිරිසක් මේ රටේ වෙසෙත්ද? බාලදක්ෂයින්, ශිෂ්ය භටයින්? මේ සෑම දෙනාම මෙවන් අවස්ථා වලදී ප්‍රයෝජනවත් පිරිසක් බව ඔබ තුමන්ලා මේ වනතුරු තේරුම් ගෙන තිබේද? වරක් පොළොන්නරුවේ ජයන්තිපුරදී කැප්ටන් හතුරුසිංහ සමග ගිය බෆල් රථය පෙරළුනු අවස්ථාවේ බෆල් රථය ඔසවා එයට යට වුනු අය එළියට රැගෙන පිරිසට කෘථිම ශ්වසනය දෙමින් රෝහලට රැගෙන ගියේ අගනුවර පාසැලක උසස් පෙල හදාරමින් සිටි තිදෙනෙක්! එම තිදෙනා අතරින් දෙදෙනෙක් ශිෂ්ය භටයින් විය!   
මාගේ රුධිර ඝණය ඕ නෙගටිව් වේ! එකල මාගේ විස්තර ලේ බැංකුව සතුව තිබුනි. ඩර්ඩන්ස් රෝහලේද විස්තර තිබුනි.
ඔබ ආයතනයේ නම තුලම ඇති "කළමණාකරණ" යන වචනය නිසාම හෝ මෙවැනි කණ්ඩායම් පුද්ගලයින් පිළිබඳ සවිස්තර විස්තර සොයා බලා එකතු කොට ගෙන දත්ත සංචිතයක් සාදා ගන්න.එක් එක් ප්‍රදේශයට අදාල ඔවුන් ගෙන ලබා ගත හැකි සහභාගීත්වය සොයාබලා ඔවුන් සමග සහ සම්බන්ධතාවයන් නිරතුරු පවත්වා ගනිමින් වඩා පුළුල් පිලිවෙතකට පිය නගන්න.කිසිවෙකු ලග මෙවන් අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි වතුර පොම්පයක්, බෝට්ටුවක්. ලනුවක් කඹයක් නොව පනිට්ටුවක් පිළිබඳ හෝඩුවාවක්; ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙන ශ්‍රමදායකයන් හට තම කටයුතු කරගෙන යාමට මහත්වූ ඉස්පාසුවක් ගෙන දෙන ප්‍රවෘථියක් අස්වැසිල්ලක් වනු ඇත. මේ සියලු දෙයින් අවසාන ප්‍රථිලාභය අත්වන්නේ විපතට පත් ජනතාවටය.


පොඩියට හිටියට අංතිමට සටනෙන් දිනන කොමන් මෑන් අම්බානක ගුටි කමින්!

ඔබ නරඹා තිබේද ෂාරුක් ගේ  Chennai Express චිත්තර පටිය.එම චිත්‍ර පටිය පුරාවට ෂාරුක්ගේ මුවග රැඳි වදන් පෙලකි.

Don’t underestimate power of the common man  !

සාමාන්‍ය මිනිසා සතු ශක්තිය අවතක්සේරු නොකරණු !

රට වටේ දුව ඇවිදින්නට යාන වාහනද ඉන්ධනද පිරිසද සල්ලිද බලයද  සියල්ල ඇත්තේ ඔබටය.අප මෙවන් කටයුතු වලට  යන්නට මත්තෙන් වැඩකරණ කංතෝරුවලින් නිවාඩු ගැනීමේ සිට ඩීසල් ගහන්න රුපියල් 2000 හොයා ගන්නා තැන තෙක් සියල්ල අපේ වියදමෙන් උත්සාහයෙන් කර ගත යුතුය.

මෙහි මාහට වඩාත්ම කණගාටුව දනවන සිද්ධිය වන්නේ ;මෙවන් ඩේටා බේස් එකක් හෙවත් දත්ත සංචිතයක් "මං හදන්නං!" කියපු තෙශාන්ත මුල්කිරිගල අපේ මිතුරු තුමාද කටයුත්තෙන් ඉවත්වී ඇති හෙයින්ය!

21 comments:

  1. අම්මට සිරි ලංකාවනෙ බං අයියේ.
    මේ පාරත් ලිං සුද්ද කරන්න හරි යනව නම් කියපන් මද්ද ගෙ රස්තතියාදු කාරයො ටික්ත එවරෙඩි.

    ReplyDelete
    Replies
    1. ඔය බලහංකො දැන් උඹලගෙම කී දෙනෙක්ද?
      ඔය වගේ කී දෙනෙක් නම් ඇතිද? උන් ඉන්නේ කොහේද ?
      උන්ට මොනවද කරණ්න පුළුවන්? හදිසි තත්වයකදී උන් ඒ පලාතේ කා සමගද එකතු වියයුත්තේ? කවුද ඒ පිරිසට නායකත්වය දෙන්නේ? කෝ ඔවැනි වැඩපිලිවෙලක්!
      ඔයා හිතන්න ඕනෙම අවස්ථාවක කෑම පැකට් 5 කුයි වතුර බෝතල් 5 කුයි ඉල්ලු වොත් නැතිනම් භාරදෙන තැනකට නිසි යොමු කිරීමක් කලහොත් එය ලබා දෙන්න කී දෙනෙකු නම් ඉදිරි පත් වේවිද? හොඳින් ඉන්නකල් එක එකාට කොයිතරම් බකට් දැම්මත් කාට හරි කෙළ වුනාම ඌ ගැන බලන ගතියක් තාම අපේ බොහෝ මිනිසුන් අතර තියෙනවා!
      අපිත් දත කට මැදගෙන බලා හිටියා මොනවා හරි කරණ්න. ම්හු! ඒ අස්සෙ පොලිස් රාළහාමි කෙනෙක් කාවද බේර ගන්න ගිහින් වතුරෙ ගහගෙන ගිහින්!ඒකට මළ පැනලා තමයි මේක ලිව්වේ!! උඹ කියන්න පහුගිය සති කිහිපයේම මම කන්තෝරුවට එනකොට රෙස්කිව් කෑන් එක වාහනේ දාගෙන ආවා හදිසියක් උනොත් වතුරට පනින්න බලාගෙන.
      ඉතින් මෙහෙම අමාරුවක් තියෙන්නේ මට විතරද? අපි කවුද බං ඔය වගේ තැන් වලට බහින සිරා පොරවල් දැක්කාම!

      Delete
    2. සිරාවටම
      ඔය වැඩෙත් කරන්න වෙන්නෙ මොකක් හරි ngo එක්කිින්ම තමා.

      Delete
    3. මොකෙක් හරි කලොත් ලොකු දෙයක්!

      Delete
  2. ඔය වැඩේ උනොත් අන්තිමේ මේ ඔක්කොම කළේ අපියි කියල ආණ්ඩුවෙ කට්ටිය ලස්සනට ලකුණු දා ගනී.

    ඔය කියල තියෙන විදියට පසුගිය ආපදා අවස්ථාවන්වලදි ස්වේච්ඡාවෙන් උදව් කරන්න ආපු කට්ටියව නිසියාකාරව කළමණාකරනය කරගත්තනං සෑහෙන වැඩ කොටසක් කරන්න තිබුණ.

    //තෙවරප්පෙරුමකරණය// හැක්.. නියම වචනෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නකවුරු ලකුණු දාගත්තත් කමක් නෑ වැඩක් වෙනවානම්. ඔය සීන් වලට ගියාම ලකුණු වලට වැඩ කරණ එවුන් ඕනෑ තරම් ඉන්නවා. ඒවානම් අපිට කමක් නෑ. ඒත් අපි කියන්නේ රට වටේම ඉන්න එවුන්ව හරියට වැඩදායක ලෙස ප්‍රයෝජනයට ගන්න කියලා!

      Delete
  3. ඔබගේ වටිනා අදහස් ගැන ස්තුතිවන්ත වන අතර ඔබ ඔය කියන ආකාරයේම ස්වේච්චා සංවිධානයක් ඕස්ට්‍රේලියාවේ තියනවා. ලංකාවේ ආණ්ඩුවට උවමනාවක් තියනවානම් එහි සංයුතිය හා ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කර එවැනි සංවිධානයක් ලංකාවෙත් පිහිටවුවොත් එයින් විශාල ප්‍රයෝජනයක් ලැබෙන බව විශ්වාසයි . ආණ්ඩුවට කෙසේ වෙතත් ඔබට හා වෙනත් උනන්දුවක් ඇති කෙනෙකුට දැන ගැනීමට මා දන්නා විස්තර ටිකක් ලියන්නම්. ඒ සංවිධානය හඳුන්වන්නේ SES (state emergency service) කියායි. එය රාජ්‍ය අනුග්‍රහය ලබන, ලාබ නොලබන ස්වේච්චා සේවාවක්. රජය මගින් එහි කටයුතු නියාමනය කිරීමට යම් සේවක සංඛ්‍යාවක් (වික්ටෝරියා ප්‍රාන්තයේ 200 ක් පමණ ) සහ ස්වෙච්චා උදව්කරුවන් (වික් ප්රාන්තේ 5000 ක් පමණ ) සැමවිටම සුදානමින් ඉන්නවා. මෙහි 99% ක්ම ක්‍රියාකාරිත්වය සිදුවෙන්නේ ස්වේච්චා උදව්කරුවන් අතිනුයි. ඔවුන් සිය කැමැත්තෙන් මේ සංවිධානයට බැඳුන පසු නොයෙකුත් ජීවිතාරක්ෂක, ප්‍රථමාධාර, ගිනි නිවීම් වැනි පාඨමාලා සඳහා යොමු කරනවා. රජයේ නීතිය අනුව ඔවුන්ව ඔවුන්ගේ සේවා ස්ථාන වලින් පෙර දැනුම් දීමකින් තොරව නිදහස් කිරීමට සේව්‍යයන් බැඳී සිටිනවා. ඒ කාලසීමා සඳහා ඔවුන්ගේ වැටුප රජය විසින් දරනවා. කලින් අනාවැකි පලකල හැකි දේශගුණික ආපදාවකදී ඔවුන්ව පෙර සුදානම් කර තබන නමුත් හදිසි අනතුරු, හදිසි ගිනි ගැනීම් ආදියේදී sms එකක් මගින් ඔවුන්ගේ සේවය ඉල්ලා සිටිනවා. ඔවුනට මේ සේවයේ යෙදෙනවිට යුනිෆෝම් එකක් ඇඳිය යුතු අතර ඒ ඇඳුමෙන් ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්නුම් කරන බැවින් විපතට පත්වූවන් හෝ හදිසි සේවාවන් (පොලිසිය,ගිනි/නි/හමුදාව,ඇම්බියුලන්ස්) මොවුන්ගේ සේවයට බාධා කිරීමක් හෝ සැක කිරීමක් වෙන්නේ නැහැ. ඔබ වැනි අනුන්ට උදව්වක් කිරීමෙන් සතුටු වන මිනිසුන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නා නමුත් ඔවුන්ගෙන් රටටත් මහජනතාවටත් ලබාගත හැකි සේවය නියාමනය කිරීමට ආයතනයක් නොමැති වීම අභාග්‍යයක්. හැබැයි තෙවරප්පෙරුම වගේ උදවිය නම් මේවාට මැදිහත් නොවන තරමට හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනේ සෑම් මහත්තයා ඕකම තමයි මමත් කියන්නේ. හරියමන් ඩේට බේස් එකක් හදලා : ඒ අයව කන්ටෑකට් කරගන්න පුලුවන් ක්‍රමයක් හදලා ; ඒ අයට හරියමන් පුහුණුවක් දීලා ; අපේ රටේ හැටියට ඒ අයට කල හැකි සම්පත් දායකත්වයේ තොරතුරු එකතු කරලා වැඩේට අත ගහන්න කියලා. බොහොමත්ම ස්තූතියි! මගෙත් සිහිනය ඔවැනි රටකට කැපවීම ලබාදී මැරණ්න හරි එවන් ක්‍රම වේධයක් මෙරට තුල දකින්න හරි තමයි!

      Delete
  4. ඔස්ට්‍රෙලියාවේ තිබෙන ඒ තත්ත්වයට අපි කවදා නම් එයිද.....? සුනාමියේදි ද ඔබ මෙන් ම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ කිහිප දෙනෙකු මා දැන සිටියා. ඔවුන්ගේ සේවය අවම වශයෙන් වත් ඇගයුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බන්ධු අවශ්ය වන්නේ සැබෑවූ අවශ්යතාවය කියන එක පමණයි!
      නැත්තේද එයම මයි!
      ඕනෑම වගකීමක් කිසිදු වගකීමකින් තොරව භාර ගැනීම ; වගකීම් වලින් කර ඇරීමටත් වඩා භයානකයි!

      Delete
    2. ඔව් ඒකත් ඇත්ත. විශේෂයෙන් ම, සේවයේ යෙදී සිටියදී.

      Delete
  5. ආපදා අවස්ථාවක එතැනට මැදිහත්වන්නට හැකියාව ඇත්තේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් විසින් බලය පැවරූ ආණ්ඩුවෙ නියෝජිතයෙකුට විතරයි. ආපදාවක් වෙච්චි ගමං ඒ අයව හැට හුටාමාරක් රැස්වීම් සමිති වලට කැඳවනවා. වෙනත් රජයේ නිලධාරියෙක් ඒකට මැදිහත් වුනොත් ඒ මැදිහත්වීම තුළ වෙනමම පරීක්ෂණ ගානක් පැවැත්වෙයි. අනෙක වැදගත්ම දේ ආපදාවක් අවස්ථාවකදි එවැනි තැනක ඉදිරිපෙළට වී නායකත්වය ගන්න ඇති හැකියාව නැති කිරීම වෙන්නෙ රාජ්‍ය සේවයට ඇතුලත් වුන ගමන්මයි. පහුගියදාක එහෙම උදාහරණයක් මම දැක්කා. ලොක්කගෙං ලිඛිතව උපදෙස් නැතිව කිසිඳු රාජකාරියක් නොකිරීමේ ගුණය එන්නෙ එහෙමයි. ඒ වෙනුවට සිවිල් පුරවැසියෙක් ලෙස සමාජයට දායකවනවා හැර රාජකාරිමය වශයෙන් මැදිහත් වෙන එක හුඟක් රාජ්‍ය සේවකයන්ට අගුණ කරලා.

    ඒ වගේම ආපදාවක් ඇතිවීගෙන එත්දි පරාණෙ බේරගෙන අයිං වෙන්නැතුව ගේදොර බදාගෙන තහ්ණාවෙ ඉඳලා අන්තිම මොහොතේ ආණ්ඩුව අපිව බේරගන්න ආවෙ නෑ කියල කැමරාවට බලියන හැත්ත නං මටත් පේන්න බෑ. සහන සේවක ජීවිත අවදානමේ දාන්නෙ ඒ අය තමයි. 2016 වසරෙ රත්නපුරේ ගංවතුර වෙලාවෙ ගංවතුරේ සිරි නරඹන්න ගිය පප්පලා සෙට් එකක් උන්ට ආපහු එන්න නාවික හමුදාව බෝට්ටුවක් දුන්නෑ කියලා සිරසෙ කැමරාවට පුප්පන හැටි දැක්කම මට උන්ගෙ හොකු තලන්න හිතුනා.

    ගංවතුර ඇතිවීම ගැන පගාවට යටවෙලා ඉදිකිරීම් අනුමත කරන රාජ්‍ය සේවකයගෙ ඉඳං කුණු පෙරේත ඉඩං විකුණන්නන්, පොළවට තණ්හාව තියෙන බිම් පණුවන් ඇතුළු හැම එකාම වග කියන්න ඕන. කපාගත්තු දේවල් තමයි කර තියාගෙන යන්න වෙන්නෙ. ඒ නිසා අවුරුදු පහෙන් ගෙදර යන්න බලාගෙන එන විධායක ජනාධිපති කෙනෙක් එනකං මේ රට මේ විදිහටම යයි. එතකං ගංවතුරට, නායට අහු නොවී පණ බේරගෙන හිටිල්ලා.

    මේ වගේ වෙලාවල දී අතින් කයිට් කරගෙන, තමුන්ගේ ජීවිත අනතුරේ දාගෙන අනුන් වෙනුවෙන් වෙහෙස වන ස්වේච්ඡාවෙන් උපකාරයේ යෙදෙන සියලුම මනුස්සයින්ට හිස නමා ආචාර කරමි. හැබෑ උතුම් මිනිසුන් නම් නුඹලාය.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.

      Praසන්ன

      Delete
    2. වරක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කොට තිබුනා "මේ රටේ රජ්ය පරිපාලන ක්‍රම වේධය සකස් කොට ඇත්තේ වැඩ කරණ්නට නොව වැඩ නොකර සිටීමට හේතු සපයන්නට!" ය කියලා!

      Delete
  6. “Procrastination is the foundation of all disasters.”
    ― Pandora Poikilos

    ReplyDelete
    Replies
    1. නිකං ද "වැඩ කල් දාන කොට මාරයා හිනාවෙනවා!" කියලා කියන්නේ?

      Delete
  7. දවසින් දවස පරිසර දූෂනය වෙතී
    වසරින් වසර ගංවතුරත් ඇදී යතී
    කොහොමින් කොහොම දෙසුවත් බණ වැඩක් නැතී
    දුකකින් පිරුණු අසරණ දිවි පාව යතී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උදේ හවා බණ ඇසුනත් සවන් පුරා
      අකුරු දනිති අපෙ හත්මුතු පරම් පරා
      ලොවේ උතුම් රට කීවත් දෙකොණ පුරා
      හතර කොනම මහ අවුලකි කවුද හොරා

      Delete
  8. මංජුල, මම බලාපොරොත්තු උන database එක කරන්න උදව්වක් දෙන්න DMC යට කිසිම උවමනාවක් නැ. මේ ටිකේ reforesting එකේ research එකක් කරනවා. එක ඉවර උනාම නැවත අපි කරමු.

    help me on this survey:

    https://docs.google.com/forms/d/e/1FAIpQLSdu8yjuVy1N3KBRvC5giwZYDQKq82rTtGYIqgk2EtAsJ4t3Hw/viewform

    ReplyDelete
    Replies
    1. මේ කවුරුත් පිලිගන්න අකමැති ඇත්ත නෙමෙයිද..

      01. එක දිගට දවස් දෙක තුනක් වැස්ස ගමං යට වෙන අග නගරයක් අපිට තියෙනවා...

      02.වැහි දෙක තුනක් යනකොට වාන් දාන සහ වැස්ස නතර වුන ගමං සතියෙං දෙකෙං හිදෙන වැව් පද්ධතියක් අපිට තියෙනවා..

      03.වැස්සක් දෙකක් ගිය ගමං උතුරලා වාන් දැම්මට මොක ද සතියක් යන්ඩ කලිං වතුර හිදෙන විදුලි බලාගාර ආශ්‍රිත ජලාස කියලා වගේකුත් අපිට තියෙනවා..

      04.යන්තං වැස්සක් වැටුනු ගමං එහෙං මෙහෙං ගස් කඩා වැටුනාය කියලා ලයිට් කපන විදුලි බල මන්ඩලේ කියලා එකකුත් අපිට තියෙනවා..

      05.අවුරුද්දේ මාස 11 ක් ම බෙට්ට පුකේ හිර කර ගෙන ඉදලා ගං වතුරක් නාය යාමක් වගේ එකක් එනකොට විතරක් පුක උඩ දා ගෙන දගලන ආපදා කලමනාකරන අමාත්‍යංශය කියලා එකකුත් අපිට තියෙනවා..

      06.ගං දෑලේ..වැව් පිටි ඉහත්තේ කැලෑ කපලා..ගගේ ඉවුරත් කඩලා ගගටත් සුද්දයක් දීලා ..ගගේ අඩිය හාරලා වැලි ගොඩ දාලා..ගග ගොඩට ගලනකොට ආන්ඩුවටයි අරකටයි මේකටයි අම්මා මෝ නැතුව බයින සෙට් එකකුත් අපිට ඉන්නවා..

      07.ගං වතුර ගලනකොට නියං සහනාධාර බෙදන්ඩ යන..නියගයක් ආවම ගං වතුර සහනාධාර බෙදන්ඩ යන රජ්‍ය පරිපාලන නිලධාරි කියලා කියන හැත්ත බුරුත්තකුත් අපිට ඉන්නවා..

      08.මේ ඔක්කම එක්ක මල මිනිත් විකුනං කන මීඩියා කාරයෝ කියලා කියන මහා ලොකු ගැලවුම්කාරයෝ සෙට් එකකුත් අපිට ඉන්නවා..

      10.මේ හැම හෙනහුරුකමක්ම තමන්ගේ වාසියට පෙරල ගෙන තමංගේ ඡන්ද කුට්ටිය වැඩි කර ගන්ඩ දගලන ආන්ඩුව සහ විපක්ෂය කියලා කියන තව සෙට් එකකුත් අපිට ඉන්නවා..

      ඒ අතිං ගංවතුර එකක් නෙවෙයි දහයක් ආවත්..මූද ගොඩ ගැලුවත් ...මධ්‍යම කදුකරේම කඩා වැටුනත් බයක් සැකක්,හිරිකිතයක් නැති ජාතියක් විදියට අපිත් තාම ඉන්නවා...

      මේකට ලෝකෙං උතුම් රට කියන්නේ අන්න ඔය වාගේ සෙට් බෙට් ඉන්න හින්දා මිසක වෙන මොකක්වත් හින්දා නෙවෙයි..!!

      උපුටා ගැනීමකි...

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...