Friday, May 25, 2018

99. රුදු නිහඬ බව ......!

                             
උණහපුළුවාට උගේ පැටියා මැණිකක්  !

යළි උපන් කවිය...!
මා සංචාරකයෙකු විනා කවියෙකු නොවෙමි. 
එහෙත් කවියෙකු නොවී හෝ කවි ලියන්නට උනන්දුවෙමි.එසේම දස්කොන් අධිකාරම, ප්‍රමිලා බිසව, ගජමන් නොනා, ඇලපාත මුදලි, රංචාගොඩ ළමයා ගේ පටන් විමලෙන්ද්‍ර වතුරේගමගේ, පී බී අල්විස් පෙරේරාගේ ඉන් ඉක්බිති මොණිකා රුවන්පතිරණ එරික් ඉලයප්පාඅරච්චි හරහා මස්සිඹුල දක්වාද අද වෙනවිට දුමී , ලිඛිතා , සඳවතී , එරන්දි, මිත්‍ර වැනි අයගේ කවි රස විඳින්නෙමි!

මේ "යළි උපන් කවිය...!" මා ලියූවේ එම ප්‍රස්තූතය මෙන්ම කවියක් ලිවීමේ අවශ්යතාවය දැඩිව පැවති මොහොතකය.වරෙක කවියෙකු ලියා තිබුනා (සේකරද මංදා!)
 "නොලිය වුනු කවියක් ලෙස
  ඔබ මගේ හිත තුල 
  නලියයි!"  
කියා.එලෙසින්ම මේ කවිය ලියා අවසන් කරණා තුරු;එය ගැබ්බර මවක් විළිරුදා හැදුනු තැන පටන් මෙතෙක් තම කුස තුල හොවා තබා පරිස්සම් කල තම සිරුරේම කොටස අග්‍ර ඵලය ලොවට තමා මවක් වූ බව හඬගා කියන හඬ ඇසෙන තෙක් කාල පරිච්ඡෙදයට පමනක් දෙවන වන ඉස්පාසුවකින් තොර  මනසකින් යුතුව සිටියෙමි.
අවසානයේ පද වැල අඩුපාඩු සතුව ලියැවුනි. 
ඉන්පසු නැවත නැවත ලිපට දමමින්, කම්මල් අඬුවෙන් පොල්කටු අඟුරු එක්කරමින් මයින හම අදිමින්, කිණිහිරය මත තබමින්හැ ඩය වෙනස් නොවන්නට සෙමෙන් තලමින් පීරි ගාමින් අන්තිම අවසානයේ පන්නරය තබා මද පවනේ මොහොතක් නිවෙන්නට හැර; පොල්කොටේ දියේ දමා නිවා ගෝන අං කැබැල්ලක් හැඩ කපා එයට හැඩවැඩ කල මිටක් ගසා පිහියක් සාදන කම්මල් කරුවෙකු සේ මහත් වැර වෑයමින් ලියන ලද පද වැල කවියක් කොට පොස්ටුවක් සකසා උදේ වරුවේ  එල්ලුවෙමි.

කවියට දුමී ඉහල වටිනා කම දී තිබුනි! හැලපයාද එය අගයා තිබූ අතර කවි අරහං මද්දාද "නියමයි!" කියා තිබුනි. හවස් වෙන විට කිහිපදෙනෙකු ඒවටා සැරිසරා තිබුනු අතර මගේත් මාගේත් ප්‍රශංසාවට භාජනය වී තිබුනි.

දිනය ගෙවී යමින් තිබුනු අන්තිම හෝරාවේ නිකං තියාගෙන ඉන්නට බැරි අත පය එහේ ම්හේ වීමෙන් කවිය වියෝ විය.ඒමත වෙනත් පෝස්ටුවක් අනවසරයෙන් පදිංචිවී තිබුනි!

ඉන් පසු  මාත් මමත්  ගත්තු වෙහෙසක්! මාගේ බ්ලොගයට මම අනකර තිබූ පරිදි එහි කාබන් කොපිය මාගේ තැපැල් පෙට්ටියට වැටී නොතුබුනි. ඒ තබා දුමීගෙ හැලපයාගේ ඇතුළු අනෙක් අය විසින් එවන ලද පී සී පත් ගිය අතක් සොයාගත නොහැකිවිය.

මා කංතෝරුවෙන් ගෙදර ගියේ මගේ පිංසෙන්ඩුව පෝස්ට් එකක් කොට එල්ලා දමාය.

"මා ප්‍රිය සොයුරු සොයුරිය,

"80.  රුදු නිහඬ බව ......!" නමින් මා ලියූ කව මා වෙතින් දියවී වියැකී ගියේය! ඔබ කිසිවෙකු ලඟ හෝ එම කවිය වෙතොත් මා වෙත එවන්න. එහි කිසිදු පිටපතක් හෝ මතකයක් නැත. ඔබ කිසිවෙකු වෙත එහි මතකයක් හෝ පිටපතක් කිසියම් ආකාරයක වෙතොත් මා වෙත එවන්න! 
බොහොම පිං!"

බ්ලොග් ලෝකයේ තාක්ෂණික "අයියා" කෙනෙකුවූ අටමාගෙන්උ පදෙස් පැතුවෙමි. 
"ම්හු!"
කවියේ මුල් පද එක හමාර පමනක් ඔහු සොයාදුනි. ඒ වැදගත් උපදෙසක්ද සමගිනි!
"ඕක අල්ලලා දාපං බං! ඕක ආයෙ හොයන්න බෑ!"
රෑ වන විට මගේ අඬෝවැඩියාවට දුමී මෙසේ පිළිතුරු දී මගේ දුක බෙදාගෙන තිබුනි.ඔහුට මතක පරිදි කවියේ කොටසක් එහි ලියා නැවත ලියන්නට උත්සාහ ගන්නා ලෙස දක්වා තිබුනි!

රත්‍රී දහය වෙන විට මාගේ ෆෝනයේ තිරය මත  ලිපියක් විය. ඒ ඇනෝතුමෙක්ගෙන්ය. 
"මෙන්න ඔබේ කවිය"
මට ඇස් අදහා ගත් නොහකි විය! ඔහු එය ඇනෝ කොමෙන්ටුවක් ලෙස ගේ අඬෝවැඩියාවට යටින්ද දක්වා තිබුනි.
ඔහුට මගේ උපරිමයෙන් ස්තූති කලෙමි. 
දසුන්; බොහොමත්ම ස්තූතියි ඔබට!
මෙන්න ඒ "යලි උපන් කවිය....!"


80.  රුදු නිහඬ බව ......!





නිසල     විල මත පතිත වන මල් රේණුවක් වුව තරග     නංවයි
සසල   විය දිය සලිත විය එය සුසුමකින් වුව වෙනෙස    දනවයි
තිසල    මන නිසි තැන එක ළුකල මසිත තුල සිතුවිලි    පුබුදුවයි
තුමුල        මා සිත දවාලන දුක වදන් නොව ඔබ නිහඬ   බවමයි







ඇනෝ කොමෙන්ටුව දැකීමෙන් පසුව දන්නා කියන එවුන් එකෙක් දෙන්නෙක් මා ඇමතුවේය.
 "මේකටද බං ඔච්චර මැරෙණ්න හැදුවේ ?"
"අනේ ඔව් බං අහලා නැද්ද උණහපුළුවාට උගේ පැටියා මැණිකක් කියලා"

ඔව්  පැටියෝ ඔයා මට මැණිකක් !



17 comments:

  1. ඕ... ඒ අපූරු නිර්මාණය ගිලිහී යාමනම් අපරාදයක්. මට මතක විදිහට මල් පෙත්තක් වැටී ජල රැලි නැන්වෙන අයුරුත් ඇගේ නිහඩ බව ඔහුට මහා පසුතැවීමක් දුකක් වගේ අදහසක් තියෙන කවියක්.
    නිසල............යි
    සසල.............යි
    තිසුල ............යි
    සසල..............යි
    ඔය වගේ පද ටික නම් මතකයි. බැරිද ඉන් මතක් කරගන්න. පහළින් තියෙන්නේ ඊට මම ලියූ පිළිතුරු කවියයි.

    සිසිල ගඟුලක පහස කතරට ලබා දුන් ඔබෙ දෙනෙතමයි
    සසල වනවිට ගැටළු අභියස විඳෙව්වේ මගෙ පපුවමයි
    කුසල අකුසල අතර වරදක් පැළඳුවේ මගෙ දෙසටමයි
    නිසල වී ඉමි විසදෙනා තුරු නිහඬ බව හොඳ විසඳුමයි....

    මතකෙන් ඔබෙ කවිය ලියන්න උත්සාහ ගන්න. බැරිවෙන එකක් නැහැ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තමන් ලියූ කවියක් බොහෝවිට මතකයේ තියෙන්න පුලුවන්. උත්සාහ කරන්න. එය බොහොම වටිනා කවියක්.

      Delete
  2. අනේ දුමී මගේ අතින් ඒ පෝස්ට් එකේ බොඩි එක උඩ වෙන එකක් කොපි පේස්ට් උනා. මම සෙටින්ග්ස් හදලා තිබුනා මම දාන පෝස්ට් සියල්ල මේල් එකේ අප්ඩේට් වෙන්න. පසුගිය සියල්ල තියෙනවා. මේක ඇරෙණ්න. ඔයාලා
    දමපු කමෙන්ට්ස් සියල්ලත් තියෙනවා. නමුත් ඒ කමෙන්ට්ස් මගේ මේල් එකේ පෙනෙන්නේ නෑ. මේ ඔයා දාපු මේ කමෙන්ට්ස් දෙක පේන්නෙත් නෑ. මොනවා වෙලාද මං දන්නෑ. ඒක ලියලා ඉවර උනාම මට හිතුනා මේ මගේ හොදම නිර්මාණය නේද කියලා! බොහොමත්ම පිං මා සමග දුක බෙදා හදා ගන්න පැමිණියාට!

    ReplyDelete
  3. නිසල විල මත පතිතවන මල් රේණුවක් වුව තරග නංවයි
    සසල විය දිය සලිත විය එය සුසුමකින් වුව වෙනෙස දනවයි
    තිසල මන නිසි තැන එකළු කල මසිත තුල සිතුවිලි පුබුදුවයි
    තුමුල මා සිත දවා ලන දුක වදන් නොව ඔබ නිහඬ බවමයි

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ තුමෝ!
      අනේ ඔයා දන්නවානම් මම මේ කවිය ලියන්නට ගත්තු වෙලාව , ගත්තු මහන්සිය ඔයාට තේරෙවි ඔයා මට කල උදව්වේ තරම හා එය කොතරම් මට වටිනවා දැයි කියා? බොහොම පිං! ඒ මං මගේ ජීවිතේට ලියපු සුන්දරම නිර්මාණය. නැතිවූ දරුවෙකු හොයා ගෙනත් දුන්නා වගේ! පසුව ලියන්නම් සබදතා ගොඩනංවා ගැනීමට!

      Delete
  4. ඔව් දුමී ඇත්තටම මම හරි වාසනාවන්තයි . ඒවගේම ඒ ඇනෝතුමාත් බොහොම ස්ත්ගුනවත් කෙනෙක් තාක්ෂණික වශයෙන් අනූන! මේපිළිබදව සිතුවිල්ලකින් හෝ දුක්වුනු උදව් කල සැමට අනේක වාරයක් තුති! බොහොමත්ම පිං! බ්ලොග් ලියන හැමෝටම මෙය
    හොද පාඩමක් වේවි කාබන් කොලයක් නොතියා ලියනවට!

    ReplyDelete
  5. තමන් පෙරදී කරපු නිර්මාණයක් නැවත සොයා ගැනීමට බැරි වීම නම් දරන්න බෑ තමයි. ඒ නිසා මම නම් කරන්නෙ, ඒවා පොතකත් ලියා තබනවා.

    ඒක නෙමේ, මම කිව්වානේ දැන හඳනා ගන්න කැමතියි කියලා. ඉතින් මට ලැබුණු පිළිතුර අනුව මේකේ උඩ තිබුණු ගැජට් එකෙන් මැසේජ් එකක් දැම්මා. තොරතුරක් නෑනෙ...

    ReplyDelete
  6. අනේ බංදු මට ආවේ නෑ කිසිම හෝඩුවාවක් ආවේ නෑ. යලිත් එවන්න බලමු!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ඊ මේල් ලිපිනය හෝ ෆේස්බුක් නාමය එවනවද... ඒක පහසුයි නේද?

      Delete
  7. මහත්වරුණි, මහත්මියනි !
    අර මම ඉහත දක්වා ඇති කවිය සේකරගේ තමයි. හැබැයි කවිය මෙසේ නිදොස් විය යුතුයි!

    නො ලියූ කවියක් මෙන්
    සිත තුල
    ඔබ නලියයි . . . . .!

    ReplyDelete
  8. කවිය නැවත ලැබීම පිළිබඳව තියෙන්නේ සතුටක්. කෙනෙක්ට වචන ටිකක් පමණක් වුවත් නිර්මාණකරුවට ඒක වටිනා මැණිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
  9. සත්තකින්ම ! ඔබ එම මොහොතේකල සක්‍රීය දායජත්වය මට මහමෙරක්! ලියන්න ගත්තු මොහොතේ තිබුනු වටිනාකම තව වැඩි උනා ඔපමට්ටම් උනු පසු. ඒකට පිතූර රූප යොදා ගත්තාම තවත් වැඩි උනා! ඔබගේ කොමෙන්ටුවෙන් එහි අගය දෙගුන තෙගුන උනා. ඒක අකාලෙ වියෝ වූ විට එහි අගය මෙතැකැයි කියන්නට නොහැකි තත්වයකට පත් උනා. අනේ ඉතින් ඒක ආපහු ලැබුනාම!

    ReplyDelete
  10. හය්යු.. අපි එනකොට තිබිලා; නැතිවෙලා; පීකරෙන් කියලා ; හම්බෙලා ; තෑගී බෙදලා ඉවරයිනේ!

    මොකක් උනත් අර උනහපුලු කතාව නම් ඇත්ත. ඒක තේරෙන්න උනහපුළුවෙක්ම වෙන්න ඕනේ! හැබෑටම කම්මලක ඔතරම් වැඩ කෙරෙනවද හැබෑටම? වැඩේ කියන්නේ මම නම් මේවා ලියන්නේ ඔහේ.... කම්මලිනේ අප්පා ඔපදාන්න.

    හත්වලාමයි! මගේ නමත් අර කවි ලියන උන්දලාගේ අතරේ තියෙනවා. හම්මියෝ මේ වැස්සේ මුරුංගා අතු හය්ය නේ ෂාමි !

    ReplyDelete
  11. නෙයිනගෙ සූදුවේ එළුවාත් නළුවෙක් හින්දා කවුරුවත් "නළුවෙක්" කී පමණින් එය මුරුංගා අත්තක තැබීමක් ලෙස නොගන්න!

    "තුමුල මා සිත දවාලන දුක වදන් නොව නුඹෙ නිහඬ බවමයි!" කියන එක ගැන ලියන්නට දෙයක් නැද්ද? කවියක් වගේ එකක් උනත්..!

    ReplyDelete
  12. Replies
    1. ඔය කිව්වට ඔයා හොදට දන්න එක දෙයක් තියෙනවා!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...