Monday, May 14, 2018

97. සැඟව අත වැනුව මල !









වසා මා දෑස
මල පෙනී මතුව
මදනලට නතුව
නොපෙනි ගියෙ සැඟව.....

දිවගියද එනවිට
පැන නොදුවා ඉවතට
සිටයෙ මට නෙලුමට
සසර තුල ආ මතකෙට.......

පිබිද මා නැවත
සොයා ගත් පසුව
මෙතෙක් මා සසර
එයයි පැතු දසුන........

සගන්ධය විඳිමි
රුව  නිබඳ දකිමි
දුටුව නෙත අවදිවන
මලකි එය අනගි.........

සියළු බැමි අතර
මල සැලේ නිබඳ
බැඳලන්න  හැකිවේද
විඳින එහි සුවඳ.............!





22 comments:

  1. “He said that we belonged together because he was born with a flower and I was born with a butterfly and that flowers and butterflies need each other for survival.”
    ― Gemma Malley

    ReplyDelete
    Replies
    1. " රෝස මලේ නටුවේ කටු
      වන බඹරෝ ඔහොම හිටු
      නටුව නොවේ මල සිඹිමී
      මම ළමයෝ පැනි උරමි "
      - වන බඹරා!

      Delete
  2. අගෙයි
    අගෙයි
    කවිකමත්
    අගෙයි....

    ජයවේවා!!!

    ReplyDelete
  3. මාර කයිකාරයෙක් වෙලානේ ඔයා

    ReplyDelete
    Replies
    1. හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගියමං
      බාල බොලඳ බස් දොඩමින් කැලේ පැන්න මං
      බාල වියෙන් පිටමංවී යොවුන් වියට පිය මැන්නේ
      පිය ළඳුනේ නුඹ නිසාය.....//
      - වික්ටර් රත්නායක

      Delete
  4. මල් පුච්චපුවම එන සුවදට විතරයිි මම නම් ආස.
    මල් යන වචනය පමනක් දුටිමි. තේරුමක් නොදනිමි. වෙන බොගක් නම් නොදැක්කා සේ යන්ට යමි.
    තට්ටයාට එසේ කල නොහැකි නිසා දන්න එකම මල ගැන කෙටීීීීමි.

    ReplyDelete
  5. එහෙම දෙවල් තියනවා මචං. මොනවා කරන්නද? අපි දැන් යන්න ළඟ මිනිස්සුනේ. පස්සෙ බලමු.

    ReplyDelete
    Replies
    1. බන්ධු "අප්‍රමාදව
      කටයුතු කරණ්නා මලත් ජීවත්වනවා හා සමානය!" කියන
      බුදධ භාෂිතය අසා
      නැද්ද?

      Delete
    2. ඔව්. ඔව්. ඒකත් එහෙමයි.

      Delete
  6. පොත් කාලා, බයිසිකල්; කයාක් පැදලා , කැලේ රිංගලා ඉන්නකොට දැකපු මලක් වෙන්න ඇති නේ? බලාගෙන....!
    ආ.. බයවෙන්න කාරියක් නෑ. කලින් පෝස්ටුවේ වගේ ප්‍රථමාධාර මල්ලක් එක්ක, විජිතාරක්ෂක ටියුබ් එකක් ඇති නෙව ළඟ. ලියලා ; කියෝලා තියෙන හැටියට ඒවා නැතුව ඔබතුමා අල්ලපු ගෙදරටවත් යන්නේ නැති කෙනෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. එංගලන්තෙ හිටියා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජෙෆ් බෝයීකොට් කියලා.
      ඔහුගේ මුළු ආත්මයම උනේ ක්‍රිකට් ක්‍රීඩාව.
      ඔහු ඉස්තරම්ම පිතිකරුවෙක් තාක්ෂණික වශයෙන් අනූන.
      ඔහුට නයිට් නාමයක් ලබාදෙන්න රැජින එන්න කිව්වාම ඔහු ඒක ප්‍රථික්ෂේප කරලා තියෙන්නේ
      "එදාට මට මැච් එකක් තියෙනවා කියලා!"
      වරක් මෙයාට පන්දු යවපු අසන්ත ද මෙල් (හෝ රුමේෂ් රත්නායක) ගෙන් ඒ ගැන විමසීමක් කලාම එයට පිළිතුරු දීලා තියෙන්නේ "හරියට තාප්පයකට බෝල් කරණවා වගෙයි!" කියලා.
      ඒ කියන්නේ තමන්ගේ විකට් කූරු තුන කෙලින් එන් පන්දු හැරුණාම එයින් දශමයක් හෝ පිටින් යන කිසිම පන්දුවකට ඔහු පහර දෙන්න උනන්දු වෙලා නෑ!

      දම්මි නෑයෝද?

      Delete
    2. ආ... ඔන්න ඔයා අර බයිලාවකට ගන්න කියපු සින්දුවට උත්තරයක් දැම්මා. බලන්න පුලුවන්ද? ( ලයිෆ් ජැකට් එහෙම අරගෙන යන්ට ඈ !)
      http://geepadura.blogspot.com/2018/05/bamuna-unath-nanda-malini-sinhala-lyrics.html

      Delete
  7. තනමල්විල පැත්තෙ මල්වල සුවඳ විඳින්න ගියොත්නං බැඳලන්න කොහොම වෙතත් මාංචු දාගන්නනං පුලුවං වෙයි.

    අගෙයි කවි පෙල.

    ReplyDelete
    Replies
    1. ඔය ගොඩකවෙල පත්තෙත් ඕවා තියෙයි?

      Delete
    2. මෙහෙ ඉඳල තනමල්විලට වැඩි දුරක් නෑනෙ. හැක්..

      Delete
  8. සියළු බැමි අතර
    මල සැලේ නිබඳ

    මේක දහසකුත් දේ කියනවා ....
    නියමයි

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...