Friday, April 27, 2018

92. සයිකලයෙන් තල් අරණට.......2

   ගියොත් හොඳ පෝස්ටුවක් !
   නොගියොත් හොඳ ප්රවෘථියක් !!
   මොනවා උනත් මේක මම හදවතට දුන් පොරොන්දුවක් !!!



ජීවිතයේ දාහය කෙතරම් වියරු වුවද ; මේ තරම සිසිලසක් හදට දැනේ  නිරතුරුවම

"මදුෂාන් මාර අවුල නිශාන් ගෙ තාත්තා මැරිලා!"

"හුටා …! කොහෙද මලගේ තියෙන්නේ?"

"රාගම පාරෙ ! මම යනවා ඔයා එනවද?"



මේ ජීවිතයේ හිස් බවද ; පරිපූර්ණ බවද ; නො එසේ නම් පරම පිවිතුරු බවද?

 අපි දෙදෙන නිශාන්ලගෙ පියාගෙ මලගෙදරට ගියේ දෙවාරයකටය.මම; මිතුරාගේ පියාගේ මලගෙදරට යන විට එතරම් සෙනගක් එහි නොවීය.ඔහුගේ මහළු මව බොහෝ සෙයින් කණගටුවට පත්වූ සේයාවක් ඇය  කෙරෙණ් පෙන්නුම් කෙරිණි. මා මලගෙදරට පය  තබා ස්වල්ප වේලාවකින් නිශාන් මා ඉදිරියේ විය.තම පියා ගේ විස්තර රාශියක් මා හට දක්වමින් විය.එහෙත් මාගෙ සිත  වෙහෙසවූ වෙනත් කාරණාවක්  විය. අනෙකක් නොව මේ අභාග් සම්පන්න තත්වය කරණ කොට ගෙන අප පිඹුරුපත් සැකසූ ගමනට කන කොකා අඬන්නට හැකියාවක් ඇති හෙයින්. මෙවන් වාතාවරණයන් තුල මා තරමක් ආත්මාර්ථකාමීවේ.එය වචනයට නැගුවහොත් කවුරු ආවත් නැතත් මා යොදාගත් ගමන මම තනිව හෝ යන්නෙමි. මන්ද; අප යන්නට සැලසුම් කර ඇත්තේ කඩවත සිට පිටකොටුවේ බෝ ගහ බලන්නට යන ගමනක් නොවේ.සමහර විට කල් දැමීම හා කිසිදා නොසිදුවීම අතර ඇත්තේ අඟල් කිහිපයක දුරකි. “කල් දැමීමයනු අත හැර දැමීමටම යොදනා සමාන පදයකි.මියගිය පියාගේ විස්තර වලට උඩින්  පල්ලෙන් ඇහුම් කන් දුන් මා අවසන් කටයුතු කෙරෙණ දින වකවානු ගැන විමසුවේ එය අපේ ගමනට එක එල්ලේ බලපාන නිසා නොව නිශාන්ට කරණ අනුග්රහයක් ලෙසටය.අවසානයේ මා ඔහු වෙත  මගේ හිතේ ඇති ගැටළුව මුදා හැරියෙමි.

ඉතින් මල්ලි මොකද අපේ ගමනට වෙන්නේ ?”

මොනවා කරණ්නද අයියේ පොඩ්ඩක් කල් දාමු !”

එම උත්තරය මා කෙලෙසින් වත් බලා පොරොත්තුවූ පිළිතුර නොවීය.මට ඇවැසි වුනේඅවුලක් නෑ අයියෙ ඔය දෙන්නවත් යන්න !”කියන පිළිතුරය.කෙසේ වෙතත් නිශාන් හට සමුදුන් මා නැවත ප්රධාන මාර්ගයට පැමින මදුෂාන් හට ඇමතුමක් ගත්තෙමි.නොබෝ වේලාවකින් මදුෂාන් මා අසල විය.මම තත්වය පැහැදිලි කලෙමි.නිශාන් නොකියා කීවේ තම පියාගේ අභාවය හේතුවෙන් අපගේ ගමන කල්දමමු!” යන්නය.

දැන් මොකද කරණ්නේ ?” මදුෂාන් මගෙන් විපිළිසර විය.

මොනවා කරණ්නද හැකි උපරීම උත්සාහදරමු නිශාන් වත් අරන යන්න !”

මං නං හිතන්නේ නෑ එයා එයි කියලා නම් !

එහෙනම් උගේ තනියට උඹත් හිටපං !  මල ගෙදර ගියාම නිකං කතා කරලා බලන්න.උගෙ කටින් ගන්න බලන්න අපිට යන්න කියන වචනෙ


මොහොතකින් මදුෂාන් මල ගෙදර බලා ඉගිල ගියේය. තවත් ස්වල්ප වේලාවකින්  මදුෂාන් ඊගහ මෙන් පැමිනියේය.

“මාර වැඩේනෙ ..!”

“ඇයි මොකද වුනේ ?”

“එයා කියන්නෙම  වැඩේ කල් දාමු කියලා !”

“මම තනිව හරි යනවා ! ඔයා එනවා නම් එන්න. 
ගමනේදී මට එන්ඩ් කරණ්න බැරි උනත් ඔයා හරි එන්ඩ් කරණ්න ; 
අර මැරතන් කරූ වගේ !!”



https://www.youtube.com/watch?v=-w0UUvZuPrg
මේ මරතන් කරූ නම් විශිෂ්ඨයාගේ කතා පුවත! 
ගොඩ වැදී බලලාම යන්න!!!

අප එතැන් සිට ගනන් හැදුවෙමු. ඒ ඇඟිලි ගනිමින්‍ය.දැන් අද  16 වෙනිදා. නිශාන්ගෙ තත්තා නැතිවුනේ ඊයේ නම් 23 කියන්නේ හරියටම හත්දවසේ දානෙ දෙන දවසට පහුවෙනිදා.හරි එන විදියක් බලමු.අපි කොහොමත් යන්න සෙට්වෙමු! අපි පොදු එකඟතාවයකට එක් විමු.
මම මාගේ සයිකලය සේවා කිරීමට  සුපුරුදු පරිදි නාවල බියන්කි ප්‍රදර්ශනාගාරයේ සජිත්හට භාර දුන්නෙමි.එහි සේවාව හෙවත් සර්විස් කිරීමේදී සයිකලයේ සියළුම විචලනය වන කොටස් සියල්ල ගලවා නැවත ලිහිසනය කොට සවිකරණු ලබයි. එය එක් දිනක් පමන ගත වෙන කටයුත්තකි.


“නත්තලෙන් පස්සෙ ගත්තාම ඇතිනේ ?”

“විකාරද ? අපි 22  පිටත් වෙනවා යාපනේ යන්න! 20 වත් බයික් එක ඕනෑ!”

“එහෙමනම් භාර ගන්න බෑ!මේ ඔක්කොම හදන්න තියෙන ඒවා!වෙන කොහෙන් හරි බලනවද ?”

වැඩේ මුලින්ම අවුල් වෙන්නට  යන සැටිය !

“හරි 21 දෙනවාද ෂුවර් එකටම !”

“………..” 


බියන්කි බයිසිකල් ගැරේජ් එකේ සජිත් බාස් උන්නැහැ!  
(උන්දැගෙ මූණු පොතෙන් කොටා බාපු රූප කාය!) 
ඇත්ත්ටම මූ රියල් වැඩ්ඩෙක්!

ඔහු සිහින් සිනාවකින් මුව සරසාගෙන හිස දෙපසට වැනුවා පමණි.එම සංඛේතය මට සෑහීමකට පත්විය හැකිය.නිශානුත්,මදුෂානුත් මමත් එක්ව  සකස් කල පිඹුර  හෙවත් අයිටිනරියට අනුව අපට 23 දින රාත්‍රියට නවතින්නට ගල්ගමුවෙන්  හා 24 රාත්‍රියට නවතින්නට මාන්කුලමෙන් තැන් දෙකක් රාත්‍රී ආහාර සමග සොයා ගතයුතුව ඇත.මදූගෙන් ලත් හෝඩුවාවකට අනුව ගල්ගමුවේ හෝටලයක් සොයා ගතිමු. ඊළඟට ඇත්තේ මාන්කුලමෙන් හෝටලය ක් සොයා ගැනීමටයි .
ගල්ගමුවේ නවා තැන පහසුවෙන් සොයා ගත්තද මාන්කුලමෙන් නවාතැනක් සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය.මදුෂාන් මා වෙත එවා ඇති දත්තයනට අනුව "රෝයල් රෙස්ට්" නම් තැනෙක් තිබිය යුතුය.එතැන් සිට දිගින් දිගටම එම ස්ථානය සම්බන්ධ කර ගැනීමට මහත්වූ වෙහෙසක් ගතමි.සියළු උත්සාහයන් අසාර්ථක වෙද්දී මා නෙත ගැටුනේ මාන්කුලමේ ස්ථාපිත රාජ්ය බැංකු දෙකක දූරකථන අංකයන්ය. මම නොපමාව ඉන් එකකට ඇමතුවෙමි. 


"හෙලෝ බෑන්ක් ඔෆ් සිලෝන් මාන්කුලම්.....!?"
 එහා කෙලවරින් දමිල ඌරුවට සිහින් ලලනා හඬක් ඇසුනි.එතැන් පටන් මා අසීරුවෙන් ඇයට මාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කලෙමි.

"දෙන් ඔය්යාලාට රේට බුදියාන්න තෙනක් ද  ඕනෙ....?

ඒ ඇය අපගේ ප්‍රශ්ණය තේරුම් ගත්  හැටියි.ඇයගේ අදහසේ දැනුම් තේරුමේ හටියට එවන් ,එනම් රෙස්ට් එකක් මාන්කුලමේ නොමැත. එහෙත් ගූගල් ස්ට්‍රීට් මැප් හි එවන් ස්ථානයක් දර්ශනය වෙන නමුදු සත්ය ලෝකයේ භෞතිකමය වශයෙන් නොමැතිබව ඇය පැවසීය! අවසනදී ඇයහට මා හට කිසියම් උපකාරයක් කලයුතුම වූ හැටි?

"ඔයා මෙයාට කීන්නකෝ.......!"

ඇය රිසීවරය තවත් අයෙකුවෙත ලබාදුනි.ඔහු තරුණයෙකු වන්නට ඇත.දෙමල ඌරුවට ඔහු පැවසුවේද එවන් ස්ථානයක් නොමැති අතර අපට සිදුසු තැනක් මාන්කුලමට කිලෝමීටර 12 ක් මෙපිට  කනගරායන්කුලමේය. නමින් එය "ආනා රෙස්ට්"ය.

"අයියා ඔයා මෙතනට කතා කරණ්නකෝ...."

ඔහු අංකයක් මා වෙත ලබාදුනි.හැරෙණ තැපෑලෙන් මම එම අංකයට කතා කලෙමි.අපේ කතාන්දරේ කියාගෙන ගියේය .

"යෙන්න අයියා! මුනාද ඕන? ශරි යෙන්න මම බලාගන්නම් ! පය නෙතිව යෙන්න"!

වැඩේ ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නාසේ සිදුවිය.පෙර පරිදිම තිදෙනෙකුට ගතකල හැකි කාමරයක් මා වෙන් කරගතිමි.අපට සියළු වැඩකටයුතු ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට ඇත්තේ සතියකටත් අඩු කාලයකි.මේ වන විට එතෙක් යාපන අර්ධඩ්වීපයට බලපෑ සුලි කුණාටු තත්වය සමනය වී තිබුණි.දිවයින පුරාවට බලපා තිබුනු අධික වැසිබර කාලගුනය අවසන් වී තිබුනි.එය අපට මහත් අස්වැසිල්ලක් විය.මන්ද අධික වැස්සේ හෝ අධික සිසිලස පවතින කාලගුණික තත්වයක්ය ටතේ; ඝර්ම කලාපීය රටක ජීවත්වෙන අප වැන්නවුනට දීර්ඝ කාලයක් ගත කිරීමට සිදු වුවහොත් මාංශ පේශීන් අක්‍රිය වීම බෙහෙවින් දක්නට ලැබෙන ලක්ෂ්නයකි. දීර්ඝ කාලීනව සයිකල් පැදීම හා පුරුද්දක් ලෙස මේධය රහිත අහාර ගැනීම කරණ කොට ගෙන ශරීරයේ මේධ තට්ටුව ඉතා අවම මට්ටමක පවතින මා සිසිල් කාලගුණයට කොහෙත්ම ඔරොත්තු නොදේ.




බයට නෙවේ මචං හීතලට!

කංතෝරුකාමරයේ වායු සමීකරණ යන්ත්‍රයේ අධික සිසිල් වාත ධාරාවට; එක එල්ලේ එක දිගට අවතීර්ණවූ විට මා සෙමෙන් වෙව්ලීමට පටන් ගන්නේ අපගේ සාමාන්යධිකාරී තුමා  ඒ අවට ගැවසීම නිසා යැයි මා පිළිබඳව දන්නා වුන් පැවසුවද එය අසත්යයකි. එය එසේනම් ඔහු මා අසලට පමිණි වහාම වෙවිලීම නතරව  දාදිය දමන්නට පටන් ගන්නෙ ඇයි දැයි ඔවුන්ගෙන් මා විමසූ විට ඔවුන් නිරුත්තර වේ.

ඇංජිම බොයිල් නොවෙන්නට ඇඟ රත් කරගැනීම!

එන්ජිමක් සේම ශරීරයේ මාංශ පේෂීන් වලද ඉහල කාර්යඵලයක් ලබන්නට නම් ඒවා ක්‍රියාකාරී උෂ්නත්වයට පත්විය යුතුය.ක්‍රීඩා ඉසව් ඇරඹීමට ප්‍රථමයෙන් ශරීර උෂ්නත්වය ඉහල නංවන ක්‍රියාකාරකම් වල නියැලෙන්නේ එබැවිනි. එලෙසම ඉසව්ව නිම වීමෙන් පසුව උෂ්නත්වය පහත දමන ක්‍රියාකාරකම් වල මෙන්ම ස්ටෙර්චින්  ව්යායාම වලද යෙදිය යුතු වේ. නො එසේනම් මාංශ පේශීන් අතර ලක්ටික් අම්ලය තැන්පත් වීමෙන් මහත් පීඩාකාරී තත්වයකට මුහුණ දීමට සිදුවිය හැක,

ලැක්ටික් කිව්වාම නිකං ඉලාස්ටික් වගේ උනාට
එකේ අනුව නිකං කටු කම්බි වැටක් වගේ නේ!

කාලගුණය අපට ආශිර්වාදයක් වී ඇත! සයිකල් ලිහිසන සේවා, නඩත්තු හා සුසර කිරීම් සඳහා භාර දී ඇත.23  හා 24 දෙදින රාත්‍රීන් ගත කිරීමට නවාතැන් පොලවල් සොයාගෙන ඒවා වෙන් කරගෙන ඇත.කාල සටහන නොහොත් අයිටනරිය සකසා ඇත. ගෙනියන බඩු භාහිරාදිය ආහාර  ලැයිස්තු සකස් කොට  ඇත.  එයට අදාල දේ එක් කොටගෙන ඇත. 



                                    මායි බාප්පයි කඩේ ගිහින්! මීට මධුෂාන් කොළුවා

එහෙත් තවම කණ්ඩායම කවුරුන්දැයි නිශ්චිතව නොදනී!මෙය ත්‍රි පුද්ගල සංචාරයක්ද නැතහොත් ද්වී පුද්ගල එකක් වේදැයි කුකුසකි.
මොනදේ උනත් මේ ගමන මා පිටත් වන්නේමි.මන්ද මෙය හදවතට දුන් පොරොන්දුවකි! 



21 වෙනදා කොට සයිකලේ දෙන්නම් කිව්වාම හිතේ තියෙන ගැම්ම!



තාම හදලා ඥෑ කිව්වම තියෙන සංතෝසෙ!

21වන දින සන්ද්යා යාමයේ මා නාවලට ගියෙමි.ඒ මගේ විශ්වාසවන්ත ගමන් සගයා කැටුව ඒමටගියෙමි.මා නාවලට යන විට හවස 5.30 ට පමන වන්නට ඇත. අනේ අපරාදේ කියන්නට බැරිය.බයිසිකලය තවමත් වැඩ මේසයේ රඳවා තබාය. වැඩ මේසයක් කීවාට එය හුදෙක් ස්ටෑන්ඩ් එකක් හෙවත් රඳවනයක් විය.සයිකල් චේන්, ඩි රෙයිලර්ස් , ස්පොකට්ස් , ක්‍රෑන්ක් , කොග් වීල් සඳහා ලිහිසි තෙල්  , ග්‍රීස් ආදිය නොයෙදිය යුතුය.



ඔන්න කෑලි බෑලි ටික!

 එම තෙල් සමග ඇලෙන දූවිලි අංශු හා සිහින් වැලි මගින් මෙම උපංගයන් කැපී යයි.  මේ සඳහා යෙදිය යුත්තේ "වියලි ලිහිසනය"  සලසන  ඩ්‍රයි ලුබ්‍රිකන්ට්ය.


හෝදන්නේ මේවායෙන් -  මෙය වර්ත් ලා විසින් මුදල් ගෙවා ප්‍රචාරය කල වෙළෙඳ දැන්වීමක් නොවේ


ඕනෑම ප්ශ්ණයකදී තෙමා ගන්නෙ නැතිව ලිස්සලා යන්න ඕනෙද?

තවමත් සයිකලයේ නඩත්තු කටයුතු  අවසන් කොට නොමැත .තවත් පැයකින් පමන කාලයක් ගෙවී යන විට සයිකලය මා අතට පත් විය.



පයේ දූවිලි පිස දැමූ ආදරය!

ප්‍රවේශමෙන් රැගෙන ගිය එය නිවස ඉදිරියේ පසෙකින් තැබුවෙමි. එදින රත්‍රියේ බොහෝ වෙලාවක් යන තුරු මමත් මධුෂානුත් සයිකල් වල පැනියර  හා වෙනත් වෙනත්  ක්‍රියාකාරකම් වල යෙදීමටත් ගත කලහ.මේවන විට මාගේ නිවසේ ඉදිරි පස පිහිටි අමුත්තන් සඳහා වෙන්වූ කාමරයේ ඇඳක් මත ගෙන යාමට නියමිත  සියලුම දෑ අතුරා තිබුනි.  



ගිය එකෙකුගේ බඩු සැට් එක! වරදවා ගන්න එපා!!



කෝ කටත් තෛලය !




එන්න මහත්තයා කඩේ සාප්පුවේ නෑ! මුදල් අමාරුවට ඇරෙණ්න සියළුම අමාරු වලට ප්‍රථිකාර කරණු ලැබේ!! (අනේ ඒ අමාරුව හොඳ කර ගන්න තමයි මේ ලෑස්තිවෙන්නේ)

 මෙවන්  ගමනක් යෑමට අවම වශයෙන් දින 3 කට පෙරදී ශරීරාය වෙහෙස කරවණ ක්‍රියාකාරකම් වලින් ඈත්වීම කලයුතුය.ඒ ශරීරය තුල ශක්තිය තැන්පත්වීමට එකතු වීමට ඉඩ ප්‍රස්ථාව සලසනු වස්ය.එසේම හොඳින් එම දිනවල අවම වශයෙන් පැය 8 ක වත් නින්දක් සිරුරට ලබාදිය යුතුය.
සියල්ල හොඳින් සිදුවෙමින් පවතී.ඔරලෝසුවක දැතිරෝද මෙන් සියල්ලු කටයුතු එක්තරා රිද්මයකට සිදුවෙමින් පවතී. එකම ගැටළුව  ඔරලෝසු මූනත වටා දිවෙන්නේ කටු තුනෙන් දෙකක් පමනි.තවමත් ඉන් එකක් නිසොල්මන්වය. එම දිනයද බලාපොරොත්තු අළුත් කරමින් ගලා ගියේය.
22 වන දිනය එළඹුනි.10 පැය ඉක්ම ගියේය.තවත් විනාඩි ගනනකින් මාගේ ජංගම දූරකථ්නය නාද වීමට පටන්  ගත්තේය. සුපුරුදු අලස බවින් මම ඊට නෙත් යොමු කලෙමි.

"DSI Bike Nishan!" එහි තිරය මත දිස් විය.

"හෙලො..! නිශාන් මල්ලී...!!"

"අයියා..!" 
ඔහුගේ හුරුපුරුදු ලෙංගතු හඬ එයින් ඇසිනි. එම හඬේ කිසියම් අස්වැසිල්ලකින් ගැබ්වී තිබුනි.ඔහු කතා කලේ සෙමිනි.එහෙත් එසේ මාවෙත පාකර එවූ  වචන මහත් බර කින් මා සිතතුල තැන්පත් විය.

"තාත්තාගෙ කටයුතු ඔක්කොම ඉවර කලා අයියෙ.! අද උදේ පංසලට උදේ දානේ දීලා තාත්තට පිං දීලා ආපුගමන්...!!"

" හොඳයි මල්ලි...ඒව ඉතින් යුතුකම් නේ....!! ඉතින්  මොකද හෙට වෙන්නේ...?"

" ආ මම එනවා..."

"එළ...!"

හැරෙණ තැපෑලෙන් මම මධුෂාන් ඇමතූවෙමි.


" අන්න නිශාන් හෙට එනවලු....!'

"එළ! එළ!!"

"..............................."


"................................."

එදින හවස එනම් 22 වන දින හවස අප තිදෙන මාගේ නිවසේදී හමුවුනෙමු.අප තිදෙන අපගේ සයිකල් තුන හෙට දින ගමනට සියල්ල සූදානම් කොට විසිර ගියෙමු.හෙට දිනය ජීවිතයේ තවත් එක් තීරණාත්මක මෙන්ම අභියෝගාත්මක දිනයක් වනු ඇත!

ඔව්!
    ගියොත් හොඳ පෝස්ටුවක් !
     නොගියොත් හොඳ ප්රවෘථියක් !!
    මොනවා උනත් මේක මම හදවතට දුන් පොරොන්දුවක් !!!


                                                 
 


33 comments:

  1. පළමුව කියවන්නට ලැබීම ගැන සතුටු වෙමි. මාත් පුස්සයිකලයක් ගන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. පලමුව ගොඩ වැදිම ගැන සතුටු වෙමි! එහෙත් මම තවමත් ඇන තද කරණවා. දැන් බැලුවොත් එය තවත් වෙනස් වෙලා ඇති!

      Delete
  2. ඉක්කන්ට ඊලග එක දාන්ටෝ!

    ReplyDelete
    Replies
    1. මල්ලි පොඩ්ඩක් ආයෙමත් පෝස්ට් එකට හොස්ස පොවන්න. පොඩි පොඩි එජස්මන්ට් වගයක් කලා! ස්තූතියි ගොඩ වැදුනාද?

      Delete
  3. Liyamana rahayi. Gamanath rahata thiuenna ethi.

    Jayaweawaa

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම! සතතකින්ම ගමන ඔබේ කවියක් වගේ!

      Delete
  4. ඔබේ ගමන් මග බාධක, උවදුරු විරහිත වූ යහපත් එකක්ම වේවා!
    (පන්ථානාහ් සන්තු තේ ශිවාහ්)

    කණ්ව ඉසිවරයා සකුන්තලාට ඕක කියනව ඇහුනු කාළිදාස රෙකෝඩ් කළාලු. මේ කෑල්ල හොයාගන්නා ලද්දේ මේ ලඟදී කරණ ලද කැණීමකිනි. ඉතුරු කෑලි හොයාගන්න වෙන්නෙ ඉදිරි කැණීමකිනි.

    ReplyDelete
    Replies
    1. එළ ! එළම එළ!! ඔහොම එනවා නම් ලියන්න බැරියැ රෑ දවල් නොනිදා!!!!

      Delete
  5. https://rchf-fundraising.everydayhero.com/au/gamini
    මේ අපේ මිතුරෙක් අවුරුදු දවසේ පටන් ගත්ත ගමනක්.

    ReplyDelete
    Replies
    1. එළ කොල්ලෙක්නෙ! දන්නවානම් පහසුකම් තිබුනා නම් එකෙන්ම යනවා! මුන් තමයි සැබෑ වීරයන්! (මුන් කිව්වේ සත්තකින්ම ආදරේට!) කියන්න ඔහුට මා හිස නවා ආචාර කල වගත් අවශ්ය විටෙක කොන්දේසි විරහිතව එක්ව කටයුතු කිරීමට සැදී පැහැදී සිටින වගත්! ඔහුට කරණ ගෞරවයක් ලෙස ඉන් උපුටනයක් ගෙන මා මෙම පිළිතුරට යටින් දක්වන්නම්. ඔබට බොහොමත්ම ස්තූතියි ආවාට ලිව්වාට ගෙන හැර පෑවාට සැබෑ වීරයෙකුගේ තතු!

      The Royal Children's Hospital Foundation, Melbourne
      Gamini
      GAMINI
      MY STORY
      I've created this page because I want to make a difference. I'm inspired by the work that The Royal Children's Hospital Foundation do, so I wanted to raise money for them. I will be doing a 1000km+ cycle ride from Melbourne to Sydney. This path that I have mapped out for myself will go from Melbourne, Canberra, Nowra, Wollongong and finally Sydney Opera House, covering over 1000 km's. Please help me help them by giving whatever you can using the 'Give Now' button.

      The more people that know about The Royal Children's Hospital Foundation, the greater their impact, so please spread the word by sharing my page with your friends and family. Thank you in advance for your generosity, it means a lot!

      The main inspiration for setting myself this goal now is to physically and mentally challenge myself at an age above 55 and prove to myself that I still have the capability to do it. The path I have chosen has many steep inclines and will be a true test not only of my physical capabilities but my mental strength as well.

      Besides that, I make it a responsibility to give back a few days of my year for the good of the community; especially to children as they are the future. Furthermore, I want to inspire the younger generations to stay fit and healthy while at the same time giving back to the community as it builds compassion.

      Delete
    2. මාගේ ගරුත්වය ඔහු වෙත පිරිනමන්න! හැකිනම් ඔහුට සම්බන්ධ වන ලෙස දන්වා; මාගේ සුජාත පුත්‍රයාට ලින්කුව යැව්වා. එයත් ඔය ඉසව්වේ.ඉන්නේ!! ස්තූතියි!!!

      Delete
    3. https://www.sbs.com.au/yourlanguage/sinhalese/si/audiotrack/sri-lankan-who-charity-bike-ride-melbourne-sydney-talks-sbs-sinhalese?language=si

      Delete
  6. //කවුරු ආවත් නැතත් මා යොදාගත් ගමන මම තනිව හෝ යන්නෙමි// මේකනං මගෙත් තියෙන ගතියක්.
    නැත්තං අන්තිමට ගිය නුවරඑළිය සිරීපාදෙ ගමන යන්න වෙන්නෙ නෑ.

    ඉතිං ඔය ගමන යන ගමං අර බැංකු නෝන හම්බවෙලා අාවෙ නැද්ද?

    ඊගාව කෑල්ලත් ඉක්මනින් ඕන.

    ReplyDelete
  7. ජීවිතේ මම කර ගත්තානම් යමක් ඒ හැම තනිව පටන් ගත්තු දේවල්! නැතිනම් බොහෝ විට අන් අයගේ කාල සටහන් වලට අනුව අපිට අපේ කටයුතු වෙනස් කරණ්නට හෝ නවතා දමන්නට සිදු වෙනවා!
    සත්තකින්ම මගෙත් හිතේ තිබුනා ඒ මිනිස්සුන්ට ස්තූති කරණ්න. ඒත් කාලය ඊට හරස් උනා.

    ReplyDelete
  8. ගමන ගියේ නැතත් කමක් නැහැ ඉක්මනට ඉතුරු ටික ලියපන් අයියේ... ;)

    ReplyDelete
  9. Dear Manjula Ayya

    everything was a dream for me

    ReplyDelete
    Replies
    1. කවුද මේ හොරා වගේ ඇවිත් තියෙන්නේ?

      Delete
  10. අර දාල තියෙන වීඩියෝ එක බලන්න You-Tube එකටම යන්න වෙනවනේ. කමක් නැහැ, මොකක් උනත් මම ඔය කතාව අහලා තිබ්බට අද තමයි ඔය කියු වීරයාගේ පින්තුරයක්/වීඩියෝවක් දැක්කේ...

    ඔන්න ඉතින් මගේ ඇස්වල දොසයක්ම වෙන්න ඇති මට පේනවනේ අර මළගෙදර ගිහිල්ලත් මේ උන්දැගේ හැසිරීම අන්තිම නාකයි කියල.

    අනිත් එක නම්, තාම මෙයාලා පැනියර් ගැටගහනවා. මැරෙන්න හරි පදිනවා කියන නම් වරදක් නෑ , කොස්සකට තියෙන්නේ මේ හදවතට දීපු පොරොන්දුව කියන කොටසේ. ආව්.. ආව් ඈ !

    ReplyDelete
    Replies
    1. ලිඛිතා ඔය වීරයා කරූ මට හමු උනා මීට අවුරුදු බර ගානකට පෙර වැල්ලවත්තේ සැවොයි ෆිල්ම් හෝල් එක ලඟදි. හරියටම කියනවානම් සෙන්ට් පීටර්ස් එක ලඟ තිබුනා ඇල අයිනේ පොඩි කිරි හලක්. ආන්න එතන තිබුනා මොරටුව පැත්තට යන බස් හෝල්ට් එකක්! ආන්න එතනදි. හමුවෙනකොට ඔහු සෑහෙණ අසරණ තත්වයක හිටියා කියලයි මට මතක!

      ඔයා අහලා නැද්ද තෙලෙන් බැද්දත් කිරෙන් ඉව්වත් පරෙයියා කියලා. ඉතින් අපි මොන ගෙදරකට ගියත් එහෙමම තමයි. කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි වෙනස් වෙනවයැ?

      ඕන්න බලන්නකෝ ඒකෙත් වැරැද්දක් දුටුව හැටි? කාගෙවත් නමක් කියලා කිව්වයෑ මම? මේ ලඟදි "හොට් චොක්ලට් ඩේස්" එකේ මලී නාරං කැවුම් කතාවක් කියලා ඒකට මම නිකං ඉන්න බැරුවට කොමෙන්ට් එකක් දාලත් වුනේ ඔය විනම්බෑසියමයි. (හැබැයි "ආව්! ආව්!!" කියන එකේ පොඩි පහේ ත්‍රිල් එකක් නැත්තෙම නෑ!?)

      Delete
    2. සමා වෙන්න මට හමුවෙලා තියෙන්නේ වෙනත් කරූ කෙනෙක් මම හිතන්නේ සමාවෙන්න! කාල වකවානු අතර ගැටුමක් තියෙනවා! ඒ හමු උනේ කේ ඒ කරුණාරත්න.එයත් මැරතන් කරූ කෙනෙක්!

      Delete
  11. අයියන්ඩි පමා උනාට සමාව.
    8 දෙනෙක් එක්ක බගලේ ගල මත හිටියෙ. හෙන පාත්වෙ අම්බානට ඔන්ලයින් ආවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එළනෙ! ලියමු ලියමු අපිටත් ගියා වගේ දැනෙන්න පෝස්ට් එකක්! ජය වේවා!!

      Delete
  12. අය්යේ ඇහුවට කේන්ති ගන්න එපා .ඔච්චර ජෝ .....කු මොකටද ?

    ReplyDelete
    Replies
    1. එච්චර නෑ මල්ලි දවස් තුනට තුනයි! මොකද යට ඇදුම් ගැන සුපිරිම අවදානයක් යොමු කරණ්න ඕනෑ මේ ඕනෑම ඇක්ටිවිටි එකකදි! තෙත ඒවා හෝ දින දෙකක් එකම ඇන්දොත් අනිවාර්‍යයෙන්ම ඉකිළි වල දිලීර හට ගන්නවා! පිටින් අදින ඒවාට හෙන ගැහුවත් කමක් නෑ. අරටික සුපිරියටම තියෙන්න ඕන!

      Delete
  13. මම මේ කල්පනා කරේ ගමනක් යන්න සුදානම් වෙනකොට කෙනෙකුට එන බදාවල් .කොහොම උනත් ඔබ ගමන යන්න ඇති.

    ReplyDelete
  14. සයිකල් පිස්සුව තියෙන උන්ට ඇත්තටම පිස්සු බව මා දන්නේ ඕමානයේ සිට බයිසිකලයක් ගන්නට UAE වෙත පැමිණි සයිකල් පිස්සෙක් සමග මා දින කිහිපයක් තිස්සේ ඩුබායි හතර කොනේ ඇවිද්ද නිසාය.

    සයිකල් ෂෝ රූම් වල එවුන් සමග කතා බහට වැටෙන එවුන් බයිසිකල් ගැන කතා බහ කරන්නේ ප්ලේබෝයි සඟරාවක ප්ලේ මේට්ලා ගැන කතා කරනවාටත් වඩා ලොකු ආදරයකින් බව මම තේරුම් ගතිමි.

    ඒ නිරීක්ෂණයන් අනුව අවුරුදු 20 කින් කකුල් දෙකක් මැද්දට බයිසිකලයක් හිර නොවුණු ශරීර හොරෙක් වෙන මගේ නිගමනය : අමු කාලද කොහෙද ? පිස්සු !!!

    ඔබේ බ්ලොග් එක ගැන විස්තර අර කියපු සයිකල් පිස්සා වෙතද යැවීමි, පිස්සෝ උනත් සෙට් වෙන්න කැමති ඇතිනෙ :-D

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...