Monday, March 12, 2018

87. කලාව ගැන තවත් කතාවක්


එක කුස උපන් ගීතයක්!

අප කලා කරුවන් දකින්නේ ඔවුන් කරණ නිර්මාණ තුළිණිප්‍රේම්ව හදවත දකින්නේ සඳකැන් වැසිලාගීතයෙනිබණ්ඩාර.කේ.විජේතුංගයන්ව මා දකින්නේ  සොවින් පිරි මගේ හදවතතුලිණි. ප්‍රේම්ටත් බණ්ඩාරටත් මෙය සර්ව සාධාරණ  වූවාට සකල ලෝක වාසී සියළුම කලා කරුවන් මෙම තරාදි තට්ටුවට දමා කිරා  බැලිය නොහැකඔවුන්ව කිරා බැලීම කෙසේ වෙතත්  සමහර කලා කරුවන් අපව කිරා බලන්නේ මස් කඩේ දුනු තරාදිය නොහොත් ස්ප්රිං බලාංසයේ එල්වාය !

මස් කඩේ දුනු තරාදිය ගෙනාපු අලුත!

මෙය කලා කරුවන්ට පමනක් නොව සකල  විධි සමාජයටම පොදු තත්වයකි. මෙම සමාජය මත බිහිවූ මේ බ්ලොග් ලෝකය ගත්තද එසේ විය යුතුය.වදන්  වලින් පැණි බේරෙණඇස් කෙවෙණි වලට කඳුළු උනන, පියයුරු කිරෙන් පිරෙණ ගී, කවි කතා නිසඳැස් පැළලි, පැදුරු  දිග හරිණ බ්ලොග් කරුවන්ගේ නියම ඇතුලාන්තය දන්නේද ඔවුන් හා ඔවුන් වටා ඉන්නවුන් පමණි.

ලොව ප්‍රථම කම්කරු සටන තෙළිතුඩට...

එකල දක්ෂ  චිත්‍ර කතා ශිල්පියෙකු වූ නැසී ගිය පී.ඒ.ලීලාරත්නයන් නිර්මාණය කල චිත්‍ර කතාවක සුන්දර දෙබසක් විය!

අයිසේ තමුසෙ පොඩ්ඩක් වැදගත්  විදියට හැසිරෙණවකො …!”

හරි සර්  බඩගින්න දැනෙනෙ නැත්නම් අපිත් වැදගත් තමයි ලොක්කා…!”


ප්‍රදීප් එක්නැලිගොඩ බහුතරයේ කැමැත්ත දුටු හැටි ! 
බ්ලොග් කරුවන් මීට වඩා වෙනස් විය හැකිද?


මා විශ්වාස කරණ ධර්ම තාවයක් ඇත.“ බල්ලන්ගේ එකමුතු බව පිරික්සීමට උන් අතරට කෑමක් දමන්න!” එම මාගේ ධර්මතාවයයිඑසේම මිනිසුන්ගේ මිනිසත් බව මනින්නට උන් අසලට කාන්තාවක් යවන්නඑතෙක් උන් ලියූ හා තවම ලියන වැදි බණ රැඳි නිර්මාණ හුදෙක් වචන රොත්තක් විනා කිසිදු හරයක් නොමැති බව තේරුම් යනවා ඇත.එතෙක් කවි ලියා හොටු පෙර පෙරා ආදරය වෙනුවෙන් තම  හදවත පෙති පෙති කපා බටර් ගා  සීනි දමා දුන් මංපහරන්නන් හෙවත් ලව් හොරුන්කලකදි ඇයව හඳුන්වන්නේ; ප්රයෝජනයට ගෙන අත් හල හුදෙක් පාරිභෝගික භාණ්ඩයක් ලෙසටය!සයිකල් පදින අප ගෙවී මාරු කරණ පරණ බයිසිකල් චේන් එකකටවත් අප එසේ සලකන්නේ නැත!

මනුසත්කම වැටෙන්නේ කාණු පල්ලටය.
(මේ ලව් හොරුන්;බණ්ඩාර.කේ.විජේතුංග තම රසාලිප්ත ගීත රචනාවක්වූ “මිහිඳුම් සළුතිර පැළඳි නමුණුකුළගීතයේ හඳුන්වන්නේපෙම් රකුසන්ලෙසය!)

මාගේ බිරිඳගේ මවගේත් පියාගේත් 50 වෙනි විවාහ සංවත්සරය මීට කලෙකට පෙර සැමරුණිඑය සැමරිය යුතු එකක් බව මමද හිස් මුදුනෙන්ම පිළිගත්තෙමි. විවාහවී අවුරුදු 50 ක් ගිය අය මේ කාලයේ බේත් වාගේය.එයට හේතු රාශියකි. බැදලා අවුරුදු 50 ක් යනවිට බොහෝ විට එක් අයෙක් මිය ගොසිනිනොඑසේම නම්  ඔවුන් දික්කසාද වී ගොසින්ය.
 මෙම සංවත්සර උත්සවයේ සංවිධාන කටයුතු වලදී මටද වගකීම් සම්භාරයක් කරට වැටුනේ නිතැතින්. මාමණ්ඩිය හැරුණුවිට පවුලේ ජේෂ්ඨතම සාමාජිකයා වූයේ   මා නිසා විය යුතුය
ඊට අමතරව මේ කටයුත්ත ඉහලින්ම කල යුතු එකක් බව මුල සිටම මගේ බිරිඳගේ දොළදුකක් වීමත් මීට හේතුවක්! එයාට ඕන මේක Surprise Party ක් හෙවත් අන්පේක්ෂිත සාදයක් ලෙස ඉටුකර දීමට
  
ඉතින් මේ නිසාම මූලික වටයේ සාකච්ඡා කිහිපයක් පැවැත්වුනා මාස කීපයකට පෙරදීම! මෙහිදී වැඩි පුරම කතාවුනේ අපේ මාමණ්ඩියගේ හා නැන්දනියගේ රුචි අරුචිකම් ගැනත් ඒවා මෙම උත්සවයේදී ශාක්සාත් කර දීම පිළිබඳවත්.
අපේ මාමණ්ඩි ඇඟපුරා බෞද්ධයෙක්!අනිත් බෞද්ධයන්ට තිබුනේ තෙරුවන් උනත් මෙයාට තිබුනේ සිව්රුවන් !
ඒකියන්නේ  සාමාන්යයෙන් සමාදන් වෙන බුද්ධං, ධම්මං, සංඝං හැරුණාම මෙයාගෙ තව එකක් තිබුනා. එක තමයිමහින්ද සරණං ගච්ඡාමීකියන  එක. ඒතරම් මහින්ද වාදියා!මෙයාගෙ පෙකිණි වැල කපලා තිබුනෙත් අලුත්ගම පැරණි පාලමේ ගැට්ටෙ තියලා වීම මීට ආසන්නතම සිදුවීම ලෙසිනුයි මටනම් පෙනුනේ. බෞද්ධකම් කෙසේ වෙතත් මම හරි අපේ බාල මස්සිනා හරි ගියාම සලකන්න හරි දස්සයා! ඒවට කිසිම අඩුවක් පාඩුවක් වෙන්න තිබ්බේ නෑ කිසිදාක!  
අපේ මාමණ්ඩි අපි එක්ක කිසිම විහිළුවක් නොකල සුපිරි ගල් කාස්ඨ  චරිතයක් උනත් එයා අනිත් අයගේ විහිළුවලට දැක්වූයේ නිබඳ කැමැත්තක් රුචිකත්වයක්.   
අපේ මමණ්ඩිගේ සුපිරිම කොමිටලේ තමයි විල්සන් ගුණරත්න මහත්තයා.

මේ කියන්නේ බයිලානෙවේ මේ කරණ්නේ කථාවක් !

මීට කලකට පෙර අපේ හිතමිතුරු ජුබිලි පාටියකදමේ විල්සන් ගුනරත්න තෙමේ පැමින දුන්නේ සුපිරිම ආතල් එකක්. එදා පාටිය අස්සේමසාක්කුවේ වැටී තිබුණු මගේ කන එලියට අරණ් ඒකට ලංවෙලා බිරිඳ කිව්වේඅපේ අම්මල තාත්තලාගෙ ඇනවසරි පාටියටත් මෙයාව ගෙන්නමු ..!”කියලයි! මමත් ඩෝප් මරගාතෙම දෙපැත්තට ඔළුව වැනුව වගේ මතකය!කොහොමත් ගෑනු කියන ඒවට පිරිමි අපි ඔළුව දෙපැත්තට වනනවා ඇරෙන්න වෙන මොනවා කියල කරණ්නද? නේද ?
මම විල්සන් ගුණරත්න මහත්තයාව  දෙවරක් ඒවන විට මුණ ගැසී තිබුනා. එකවරක් පාර්ක් විව්එකේදි. ඔය කියන කාලෙ ඒක තිබුනේ වික්ටෝරියා පාර්ක් එක ඉස්සරහ  පාර්ක් ස්ට්රීට්  එකේ!දැන් නෝරිස් කැනල් පාර පැත්තට ගෙනිහින්   අල කලාට   කාලේ  ඒක සිරාකන පොට්එකක්!
දෙවෙන වර කඩවත දී. මේ වන විට;මගේ මේ බ්ලොග් එක කියවන සියළු පාඨක පාඨිකාවන් දන්නා ඉලෙක්ටික් සරාගේ - බයිසිකල් ලකීගෙ වැඩපොල ඉස්සරහදි. කොහොම හරි මේ උන්නැහැ ඉන්නේ කඩවත ආසන්නයේ බව මා හොඳින්ම දන්නා දෙයක්.මේ නිසාම අපේ බිරිඳ මෙයාව එයාගෙ තාත්තගේ සීන් එකට ගෙන්වන එක පලවෙනි අපේ ජුබිලි පාටි කමිටු රැස්වීමේ” සිටම සාකච්ඡාවට බඳුන්වූ කරුණක් උනා !
මෙම පලමු රැස්වීමේදීම අප අතරේ වැඩකටයුතු සියල්ල බෙදා හැරුණා. මොහොතේ සිට සිද්ධියට ඇවැසි කලා කටයුතු පැවරුනේ මාහට අපේ පවුලගේ මූලිකත්වයෙන්.මමත් ඉතින් කලාබර ආසියා වගේ වැඩේට එන්ටර් වුනා කියමුකෝ.
මට ඕන වුනේ මේක ප්රේමණීය ගීතවලින් පිරුණු රාත්රියක් කරණ්න!අපි සාදයට ආරාධනා කලේ; දෙන්නගෙ පැරණි මිතුරු මිතුරියනට.මට ඕන උනා එදින එම මොහොතට එන සෑම වයසකම අයට තමාගේ ජීවිතයේ කිසියම් හෝ දිනෙක අත්විඳි,පුදකල තම තමන්ට පෞද්ගලිකව වූ ප්රේමය නැවත ස්මර්ණයට නැගෙන සැඳෑවක් නිර්මාණය කරණ්නට !
දෙදෙනාව උත්සව ශාලාවට ගෙන ඒමේ කටයුත්ත අපි සංවිධානය කලේ Wedding Anniversary එක දවසට  Studio එකට ගිහින් Photo එකක් ගන්න යන මුවාවෙන් !
දෙදෙනා ශාලාවට එන තුරු එය විදුලි පහන් නිවා අඳුරේ තියන්නට නියමිතවයි තිබුනේ!
මගේ පැලෑන උනේ එයාලා ඇතුල් වෙන කොට; දෙදෙනාට අසුන් පනවා තිබූ ස්ථානය ආසන්නයේ  බිම ඇඳිගත්තු දෙදෙනෙක් යොදවා;නාද ස්වරම් නලාවත් තවිල් බෙරෙත් යොදාගෙන පොඩි දේවාශිර්වාද සංගීත කණ්ඩයක් වාදනය කරවලා ඒකටම සින්ක්රොනයිස් කරලාඉසුරු දෙවිදු උමයංගන ……”මෙලඩිය ගස්සන්න! 

ස්වර ගැන්වූ නාද - නාද ස්වරම්...

ඔය සීන් එක වෙලාවෙ ලයිට් - අප් කරලා තියෙන්නේ දෙන්නාගෙ අසුනයි අර වාදන ශිල්පීන් දෙදෙනා ඉන්න තැනයි විතරයිමේ සීන් එක පටන් ගන්න කොටම ඒකියන්නෙ අම්මලා එන අන්තිම මොහොතේ අපේ  ආරාධිතයින් අසුන් වලින් නැගිටවලා ලඟට ගන්නයි නියමිතව තිබුනේඉසුරු දෙවිදු මෙලඩිය අන්තිමට ෆේඩ් අවුට් වෙන කොට අපේ  ආරාධිත අමුත්තන්ගේ අත්පොලසන් නාදය සමග ශාලාව ඒකාලෝක වෙනවා!  

සිනමාවේ ඉසුරු දෙවිඳු උමයාංගන.......

එතැන් සිට මවිසින් උත්සවය මෙහෙය වන්න පටන් ගැනෙනවාමේ වන විට නොරට සිටින බිරිඳගේ කණිටු සොයුරු ඔහුගේ මුළු පවුල හා මගේ කොල්ලා සමග කිලෝමීටර අටදසක් මග ගෙවාගෙන එන්නට නියමිතව තියෙනවා.
මා ඊළඟට මාමණ්ඩිව පොඩි කතිකාවකට ගන්නවා.එතැනදි මා ඔහුව ප්රශ්න කිරීම තුලින් මෙතැනට ඔහුගෙ කණිටු පුතාගේ පිරිසත් ඔහුගේ ජේෂ්ඨ මුණුබුරාවන මගේ කොල්ලාගෙ අඩුව ඔහුගෙන් එලියට ගන්නවා.
එතැනදී ඒවන විට එම හෝටලයේම වෙනත් ස්ථානයක රැඳී ඉන්න බාල මස්සිනාව දූර කථනයෙන් සම්බන්ධකර ගන්නවා. ඉන් පසු ඔවුන්ව ශාලාවට එවෙලේ මෙරටට පැමිණි ලෙසට ගෙන්වා  ගන්නවා.
මේක තමයි මගේ තිර පිටපත උනේ.ඊළඟට පටන්ගන්නවා අපේ ප්රේම ගී සැදෑව!
පටන් ගන්නේ ගලන ගඟකි ජීවිතේ ……” ගීතයෙන්. එතැන් සිට සුනදර ගීත පෙලක් !

ලියන්නට වදන් නැත.. මා පතන ආදරේ....!

“රෑණ ගිරා ජෝඩුවයි  - හාද වෙලා ආදරෙයි”
“නුහුරු නුපුරුදු තනිය  පිළිබඳ - මිහිර  ආදරයයි කියා …”
“නිම් හිම් සෙව්වා මා සසරේ - හමුවී යුගයෙන් බැඳියුගයේ “
“අඬන්නෙ ඇයි සුදු මැණිකේ - කියන්න පන මාගේ ..”
“ආරාධනා …. ආරාධනා …….”
“සීත  අරණේ සුපුල් නා මල  සුවඳ ගැල්වූ ජීවිතේ ..”
“ආලේ මිහිර පෙන්වා - සියොතුන් හාදු දෙන්නා ”
“ඔබෙ දෙතොල් පෙති ලිහි -පිපුනු හසරැල් විලේ ”
“……………………………………………”
“……………………………………………”
මගේ මේ ප්රෝග්රෑම් එක කමිටු රැස්වීමට දාපු ගමන් අනේ දෙයියන්ගෙම පිහිටයි  නාද ස්වරම් වැඩේ කැපිලා ගියා;මගේ බෙල්ල කැපිලා ගියා වගේ!                     මම ඉතින් නරි කවද්ද ඩෝල ගැහුවේකියලා හිතින් හිතා ගෙන හිත හදා ගත්තා.

කමිටුව හමුවේ සිඳී ගිය මගේ සිහිනය !

ඊළඟට කැපුනේ මගේ සින්දු වැඩේ! මම හිතාන හිටියේ මගේ ඕන වැඩකට එන ; එකෝඩියන් එකයි , ලීඩ් ගිටාර් එකයි තව කලවමේ ජෑස් ඩ්රම් එකයි , තබ්ලා එකයි ගහන්න පුළුවන් අකාලයේ මියගියප්රසංගෙ හේමපාල ගාල්ලගේ වගේ කෙනෙක් දලා  නිකං සිම්ෆනියක් වගේ වැඩේ දෙන ; දන්න කියන සංගීත් අංශයට  පරසිද්ධ යුනිෆෝම් අඳිනසෙට් එක  දා ගෙන වැඩේ කරණ්න.    
ලස්සනට ඇඳලා  කරලා පිලිවෙලට ඇවිත් කරණ වැඩක් තමයි මගේ හිතේ තිබුනේ.

සූට් බූට් ගැසු මියැසිය!

වෙනුවට  මගේ ලොකු මස්සිනාට ඕන වුනේපැදුරක්ගස්සන්න! ඕන පැදුරක් නැතිනම් මාගලක් හරි ගහ ගනින් කියලා මම වැඩෙත් හිතෙන් අත හැර ගත්තා.
දැන් ඊළඟට මට ඉතිරි වුනේ විල්සන් ගුනරත්නව මේ වැඩේට පට්ටල් කරණ එක! මේකටත් ලොකු මස්සිනාගෙන් කියැවුනා තවත් නමක් ඔහුගේ හිත මිතුරු කුමාර තිරමාදුර .

මාගලක් සේ දිග ඇරී ගිය පැදුරක්!

මම මේ  විල්සන් උන්නැහැගේ අංකය හොයාගත්තේ අන්තර්ජාලයේ දාලා තිබුනුචරිත අටක්  දැන්වීමෙන් ! මම කතාකලා මෙතුමාට !

තවත් චරිතයක් නොපෙනී රඟමි !.

ගොරෝසු ගැඹුරුජම්බො පී නට්  හඬ; ගොත ගසමින්  දූර කථනයේ එහා කොනෙන් මතුවුනා!   මගේ වැඩේ සාවදානව අසා සිටි ඔහු එදින රාත්රී 9.00 පමන කඩවත නගරයේදී හමුවී කතා කල හැකි බව පැවසූවා!
අදාල දිනයේ මමත් බිරිඳත් රාත්රියේ කඩවත නගරයට සේන්දු උනේ මේ මහා කලාකරුවා මුන ගැසිලා අපේ වැඩේට දිනයක්  කාරිය දාගන්න!
නියමිත වේලාවට මදක් පරක්කුවී ඔහු කඩවත නගරයට අපට බලාපොරොත්තුවක්ද සමග පැමිනියේය.
මේ අපේ අම්මගෙයි තාත්තගෙයි වෙඩින් ඇනවසරි කට තමයි ඔබ තුමා ගේ සහභාගීත්වය අපට අවශ් වෙලා තියෙන්නේ. අපේ තාත්තා ඔබතුමාගේ හොඳ රසිකයෙක්! අපි මේක කරණ්නේ සහෝදර සහෝදරියො හතර දෙනෙක් එකතු වෙලා ………….” මම අපේ බිරිඳට ආරෝපනය වී කියවාගෙන ගියේය.
බෝ.. හොඳයි ! බෝ.. හොදයි !! දැ දැ දැන් කාලෙ තමන්ගෙ දෙමව් පියන්ට සලකන දරුවන් හරිම අඩුයි. මම හරිම අගේ කරණවා! මම වැඩේ කරලා දෙන්නම නියමෙටම! එයා මහින්දට කැමති නම්මේවගේ උත්සව අපේ කාලේ තිබුනද අපෙ හාමුදුරුවනෙ …….!” කියලා පොඩි කෑල්ලක් එහෙම දලා මම වැඩේ කරලා දෙන්නම් හරියටම…….”
විල්සන් ගුනරත්න මහතා මා හමුවේ කඩවත නගර මාධ්යයේ සිට රඟපා කතාවට පන පිහිටුවා පෙන්නුවේය .

“ මේවගේ උත්සව අපේ කාලේ තිබුනද අපෙ හාමුදුරුවනෙ …….!”

හරි දැන් ඔබ තුමාගෙ මේකට අය කිරීම කීයදඅපිට  ඕන විනාඩි 10 විතර පොඩි සීන් එකක් ..?”
ඔබ ත් තු තුමා හ්හෙට මට කෝල එකක් දෙන්නකෝ. අපි  maintain කරණ standard එකක් තියෙනවා නේ! අපිට ඊට ගැලපෙන දෙයක් තමයි කරණ්න ඕනෙ!හ් හෙට ම්මම් මට කෝල් එකක් දෙන්නකෝ !?
වැඩේ නියමෙට එයාට තේරුණා නේ !?”   මම බිරිඳට කියමින්ම ඔහුව ගේ ලඟින්  බස්සවාගෙන ගෙදර එන්න හැරුණි.
ඔහු අන්තිමට අපගේ රථයෙන් බහින වෙලාවේත් නැවත අවධාරණය  කල දේ  මගේ දෙසවන රැව් දේ !
ඔබ තුමන් ලා මේ දෙමව්පියන් වෙනුවෙන් කරණ දේ ගැන මම හරිම  සතුටුයි ………….”
ඇත්තටම අපි ඒතරම්ම හොඳ  පිරිසක් නේද?” මම මගෙන්ම අසා බැලුවෙමි. මම ඔවුන්ගේ දරුවෙකු නොවන බව දන්නවා නම් තවත් මා පිළිබඳව පැහැදේවි! මෙසේ සිතමින් මා හා බිරිඳ නිවසට පැමිනුනෙමු.
පසුදින ඔහු පැවසූ වේලාව එන තුරු මා සිටියේ නිරණ්තරයෙන් වෙලාව බලමින්. බිරිද ගෙදරින් එන්නට පෙර මා හට දුන් අවවාදය , ඉල්ලීම උපදේශය මතක්විය! ඔයා කොහොම හරි කතා කරලා රුපියල් 5000 – 10000 ත් අතර ගානකට සෙට් කර ගන්න බලන්න. නැතිනම් අපේ බජට් එක අපිට දරා  ගන්න බැරි වේවි!
නියමිත වේලාවට මා ඔහු ඇමතිමි. කිහිප වතාවක් ඇමතීමෙන් පසු ඔහුව සම්බන්ධ කර ගන්න මාහට හැකිවිය!
මට නම සල්ලි එච්චර ගානක් නෑ. මොකද ඔබ තුමාලා කරණ වැඩේ බොහොම වටිනවා! එත් අපි  maintain කරණ standard එකක් තියෙනවා නේ! මේ වැඩේ මට තනිවම කරණ්න බෑ. ඒකට තව දෙන්නෙකු ගේන්න ඕනෑ. මට සල්ලි නැතත් කමක් නෑ . ඒත් ඒදෙන්නාට මම ගෙවන්න ඕනනේ !”
හරි කීයද ගාන කියන්නකෝ ……….!?”
මට හැත්තෑ පං දාහක් දෙන්නකෝ …! මම ඔයට හින්දා කියන්නෙ!! මම නියමෙට වැඩේ කරලා දෙන්නම් !!!”


“ ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? " 

එච්චර ගානක් නම අපිට දරාගන්න අමරුයි! බැරිද 20000 කට කරලා දෙන්න?” මම මට ලබාදී තිබුනු කෝටාව; කිසිදු අවසරයකින් තොරව ඩබල් කෙරුවෙමි.
මට හෙට කෝල්  එකක්  දෙන්නකෝ ……”
මම නැවත පසුදින  නැවත ඇමතුවෙමි.
අනේ ඔය දවසේ මට එන්න  වෙන්නේ නෑ. වෙන වැඩක් තියෙනවා !”
වැඩේ එතැනින් කෙළවර විය.  

යාළුවා...මොනවද ඕනේ..?

පසුව මම සිද්ධිය කමිටුවට  ඉදිරිපත්කලෙමි. කුමාර තිරමාදුර නැවත කරලියට ආවේය.ටික දිනකින් කුමාර තිරමාදුර හමුවී ලොකු මස්සිනා විසින් මුළු වැඩේම ඔහුට භාර දී තිබුනි . පැදුර භාරගෙන තිබුනේ තවත් මාස්ටර් කෙනෙක්. කොමඩිය කුමාරත් මිහිර සිරි තිලකත්  විසින් කිරීමට පොරොන්දු වී තිබුනි. පැදුරට ගාස්තුව 25000 කි .කුමාර  තමන්ගේ පාට් එක නොමිලේ කරණ්නත් තමන්ගේ යාළුවාට පමනක් ගෙවීමක් කරණ ලෙස ඉල්ලීමක් කර තිබුනි!යාළුවාගේ ගාස්තුව 30000 කි!

යාළුවාගේ යාළුවා...!


මා සියල්ල නිහඬව  විඳ දරා ගත්තෙමි. නියමිත දිනට සතියක දෙකක සිට මා පැදුරු මාස්ටර්ව අල්ලා ගන්නට මහත් වෑයමක් ගත්තෙමි. යාන්තමින් ඔහුට කතා කරණ්නට හැකි විය. වැඩ සටහන  මෙහෙය වන්නා ලෙස  මාහට ඔහු සමග කතා කර ගැනීමට ඇවැසි වූ කාරණා කිහිපයක් විය.
ඔවුන්ගේ ඇඳුම , ඔවුන් ගායනා කරණ ගීත , වැඩ සටහන අතර ඇවැසි තිබුනු ජය මංගල ගාථා හා පුංචි දවස් වල නින්දට යද්දී ගීතයේ සංගීත කණ්ඩය වැනිදේ ඉන් අතුරින් ප්රධාන විය.
ඇදුම පිළිබඳව විමසීමේදී ඔවුන්ගේ පිළිතුර වූයේඅපි වැඩ වලට යද්දී අදින වෙනම ඇඳුමක් තියෙනවා ..!” යන්නය. දෙවැන්නට පිළිතුර වූයේඅපි පැදුරුවල කියන සිංදු ටිකක් තියෙනවා ..!!” කියන  එකය. අනිත්  ඒවාටද මොන මොනවාද අපැහැදිලි දේවල් රාශියක් කිව්වේය.
දිනය එළඹුනි !
පැදුරේ උදවිය පැමිනුනි. එකෙක් බොඩි ෆිට් එකකින්. තව එකෙක් බතික් කමිසයක්. මාස්ටර් කියාගත්තු වැඩකරු පැමිනියේ වේස්ට් කෝට් එකක් වැනි එකක් දමාගෙනය !
මා නැවත මාගේ ප්රශ්න මාලාව ඔර්ගන් ශිල්පියාට ඉදිරි පත් කලෙමි. කිසිදු දේකට කෙලින් පිලිතුරක් නොලැබුනි ! මා ඔවුන් වෙත ලබාදුන් ගීත 20 පමන ලැයිස්තුව කිසිදු සැලකිල්ලකින් තොරව පසෙකින් තැබිනි !
ඒ වන විට මෙම ස්ථානයට අරක් ගත් “ඇනය”මා බව ඔවුන් තේරුම් ගෙන තිබුනි. පැදුරු මාස්ටර් හා මා අතර ඇතිවුනු  “රෙදි” කථිකාව  මේ  අයටද  සම්ප්‍රේෂනයවී ඇති සේයාවක් විද්‍යාමාණ විය.  
මූලික වැඩ කටයුතු වලින් පසුව පැදුර ඇරඹුනි. එතෙක් හෝටලයේ මුල්ලකට වී මධ් සාරයෙන් සංතර්පනය වී සිටි  මාස්ටර් ප්රථම ප්රේම ගීතය ගයන්නට විය.
බුදුන්ගේ අමා ධර්මේ ………!”

එතැන් පටන් වැඩේ ඉස්සන් මගුරන් ගෙන් පටන්ගෙන වස්තුව ඉල්ලන කෂ්යප පුතා පසුකරගෙන කෙරීගෙන ගියේය. මොහොතකින් එතනට පැමිණි කුමාර තිරමාදුර ජෝතිගේ රසාලිප්ත ගීත කිහිපයක් ඔහුගේ ඌරුවට යටිගිරියෙන් කෑගසමින් කෙස්ස කඩාගෙන ගැයීය ! අවසනයේමාළඹේ කියූ කිසිවෙකු …..” ගීතය පවා ගැයිනි. මා සියල්ල උපේක්ෂාවෙන් බලා සිටියෙමි.
කොමඩිය ලෙසට දෙපිට කැපෙන කුණුහරුප දෙක තුනක් ඇතුලත් එලොවටත් නැති මෙලොවටත් නැති දෙබස් ටිකක් කියවාගෙන ගියේය ! 
ඊ ළඟට ආරාධිතයින් ගීත ගායනා කරණ්නට පටන්  ගත්තේය.ඒ සමග මම ඔර්ගන් ශිල්පියා වෙත ගියේ මාගේ කොලුවා හා කෙල්ල ප්රශස්ථ මට්ටමින් ගයන දීපිකා හා  සුනිල් ගේඅහසයි ඔබ මට….” ගීතයට   පසුබිම් සංගීතය හිඟාකන්නය!

අපේ කෙල්ලගෙයි කොල්ලගෙයි ගීතය!

ඔහුගේ පිළිතුර වූයේමොකද්ද ? කවුද ඕක කියන්නේ ?? වෙන එකක් කියන්න නැද්ද  ??” වැනි එගොඩටත් මෙගොඩටත් නැති වැකිය .
අවසනයේ මාගේ දරුවන් ගීතය ඇරඹීය.
අහලාවත් නෑ කී ගීතයේ Introduction , Interlude , Counterparts , Chords  සියල්ල නිවැරදිව හසුරවමින් පරිපූර්ණ මියැසියක් සර පුවරුවෙන් සැපයිනි!
එය එසේ නොවුනානම් එය සංගීත කාරයන්ගේ හිඩැසක් වීමට තිබුනු ඉඩ ඔහු මැනවින් වසා දමා ගත්තේය !

අපි බලන්න එනව නේද?
මම  සියල්ල ඉවරවුනට පසුව මාමණ්ඩියටත් නැන්දණියටත් කිට්ටුවී පොඩි පහේ අදහස් විමසීමක යෙදුනෙමි!
කොහොමද  වැඩේ …..?”
අර ගෝසාව නොතිබුනානම් පංකාදු පහයි!”
  ඔවුන් ; තම අදහස නිදහසේ කියා දැම්මෝය!
ඉරිසියා කාරයෝ වෙනවද කලා කාරයෝ …..” කියා  නලීන් පෙරේරා ගැයුවේ මෙවන් කලහා කාරයන් ගැන සිතා විය යුතුය !                 

                       

 ඉරිසියා කාරයෝ වෙනවද කලා කාරයෝ …..”

38 comments:

  1. තට්ටයියේ උබේ ප්ලෑන නම් මරු සමහරුන්ට ඔය කලාව කොහොමත් පිහිටන් නෑ. උන්ට තේරෙන් නෑ තැනට කියන්ඩ ඕන ගැලපෙන සින්දු මොනාද කියල. වෙඩින් හෝල් හිමිකාරයෙක් විදිහට මට ඇහිල තියනවා වෙඩින් එකට "තාමත් මම ඔබගේ පලමු පෙම්වතා" සින්දුවත් කියනව. හනේ ඉතින් පට්ට පට පට.......

    ReplyDelete
  2. ඔව් ඇත්තටම මගේ බිරිඳගේ අම්ම තාත්ත්ටත් , සහභාගීවුනු අමුත්ත්නටත් සියල්ලටම වඩා මටත් ඊ ස්වර්ණමය සැඳෑව ගත කිරීමට හා දැකබලා ගැනීමට තිබුනු අවස්ථාව නැති වුනා! මගේ ජීවිතයේ බොහෝ අවස්ථා මග හැරී තියෙන්නේ ඔය විදියටමයි! බොහොමත්ම ස්තූතියි මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  3. මේක නියමයි !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ලියන කොට කියවනකොට නියම උනාට ඔය අවස්ථාවෙ නම් හිතුනු දේවල් කියන්න වදන් නෑ!

      Delete
  4. ඕකත් හරියට වැඩක් කරවා ගන්න බාස් කෙනෙක් හොයනවා වගෙයි. එක්කෝ බාස්ට ඕනෑ හැටියට වැඩේ කරගන්න ඕනෑ. එහෙම නැත්නම් තමන්ම බාස්ගේ වැඩේ කරගන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. කියන්නෙ! මේ ලඟදි වාහනයක් අරණ් ගැරෙජ් 3 කට දවස් තුනක් තිස්සේ ගියා! ම්හු! අන්තිමට මම ගලවලා හදා ගත්තා! ඒ දන්න දෙයක් නම්! ඒත් වඩු වැඩ , මේසන් වැඩ සිට කලා කටයුතු කොයි දේට ගියත් සිද්ධ්ය මෙහෙමම තමයි! ස්තූතියි!

      Delete
  5. දෙයියනේ අහසයි ඔබ මට ගීතය අහලා නැති කලාකරුවන්...??? අපරාදේ ඔබේ අදහස් ටික ක්‍රියාත්මක කරන්න තිබුනනම් කොච්චර හොදද...නිකමට හරි ඔය වගේ වැඩක් කරන්න හිතුනොත් ඔබෙන් උපදෙසක් ගන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. කලින් තිබුන දිග කමෙන්ට් එක අයින් කරලා මොකද ස්තූතිය විතරක් කියලා මම මේ කල්පනා කරන්නේ.

      Delete
    3. නෑ මට හිතුනා ඔබගේ කමෙන්ටුවෙන් මා ඇඳගත්තාදෝ කියලා! ස්තූතියි!

      Delete
  6. https://slcomics.wordpress.com/

    http://readcomiconline.to/

    ReplyDelete
  7. හපොයි දෙයියනේ.... මරු නලාකරුවන් (හුටා වැරදුණා) කලා කරුවන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි! අපි හිතනවට වඩා මිනිස්සු වෙනස්! ඔය අතරෙ සුපිරි එවුනුත් නැතිවා නොවේ. ඇඳන් ඉන්න සරම ගලවලා දීලා තුවාය ඇඳන් ඉන්න ජෝති අයියා වගේ එවුන් එතකොට කිසිම වල් කමක් නොතිබුනු මිල්ටන් මල්ලවාරච්චිලාත් හිටියා!

      Delete
  8. මදෑ වැඩේ තොයිලයක් වෙන්නැතුව ඔයින් ගියා.

    ඔය ප්‍රබුද්ධය කියන ඈයො අනන්න ගියොත් ආයෙ ප්‍රබුද්ධ විදියටම අනන එක කරනව. ගමේ කොල්ලො සෙට් එකක් හොයාගත්තනං ලස්සනට වැඩේ කරගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම! මට ඕන එම උත්සවයට පොඩි වටිනාකමක් හා ලයාන්විත භාවයක් එකතු කරණ්න! නමුත් ආපු එවුන් ඒක හුදෙක් බජව්වක් කර ගත්තා! ඒක උන්ගේම වැරැද්දක් ලෙස මා දකින්නේ නෑ. ඒක අපේ වුන්ගෙත් වැරැද්ද! අනික අපේ එකා මොකක කිව්වත් එන එකා දැනගන්න ඕනෙ මේක මොනවගේ ටච් එකක් දෙන්න ඕන තැනක්ද කියලා! සියල්ල තනි වචනයකට කැටි කලාම "නොලැබීම!" තමයි.

      Delete
  9. කතාව කියවාගන යනකොට මම දැනගත්තා උඹ නාන්ඩ යන බව , ඔය ජම්බෝ පීනට් සාමාන්‍යෙයන් වැඩියෙන්ම අයකරන කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඌ මට දුන්න චිත්තරේ එහෙම නෙවෙයින මචං! මට දුක ඒකටත් වඩා දෙවෙනියටත් අල වුනු එක! කියන්න මම ගාමිණී හෝල් එක ලඟ කප්පිත්තාවත්ත කෝවිලට ගිහින් සෙනසුරාදා දෙකක් ලඟට වෙලා බලං ඉඳලා එතන රංජන් සාමිට කතා කරලා පොරවල් දෙකක් සෙට් කර ගත්තෙ! සුපිරිම වැඩේ "ඉසුරු දෙවිඳු .." සිංදුව උන්ට අඳුන්වලා දෙන්න ගිහින් කාපු පරිප්පුව!

      Delete
  10. ගොඩක් උන්ට අපිට හිතෙන ඒව විහිලුවක් බං අයියෙ.

    හොදම සීන් එක තමයි අපිටත් උන්ව ෙහනම විහිලුවක්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම , විහිලු කාරයන් අපිව විහිලුවට ගන්නවා මලේ!

      Delete
  11. මදැයි කර ගත්තු හරිය ..අය්යේ කොහොමහරි අල්ලාගෙන ඉන්න අපි අය්යාගෙයි අක්කගෙයි ඇන්වසරිය ඔය විදිහට කරමු ....

    ReplyDelete
    Replies
    1. එතකල් ජීවත්වෙයිද ; එතකල් පවුල් කයිද කියලාවත් තාම හිතාගන්න බෑ මලේ!

      Delete
  12. සමහර වැඩ වලදී එක්කෝ නිෂේධ බලය පාවිච්චි කරලා වැඩේ අපිට ඕනේ විදිහට කරන්න සිද්ධ වෙනවා. එහෙම කරන්නම බැරිනම් හානිය අවම වෙන විදිහට අදහසත් දෙන ගමන් ප්‍රේක්ෂකයෙක් විදිහට සහභාගී වෙලා පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි පැත්තකට වෙන්න කලින් මේ විදිහට කලොත් ප්‍රතිපලේ මේකයි කියන එකත් කලින්ම කියල ඉන්න ඕනේ...
    මම ඉස්සර ඉඳලම කලේ ඒ ක්‍රමය...

    අපි වතාවක් පවුල් පන්සල් පිටින් දවස් තුනක ට්‍රිප් එකක් යන්න සෙට් උනා AC බස් එකක. දන්නවනේ ඉතින් අපේ පොඩි එව්වෝ තාම ඇච්චෝ බැච්චෝ බව...
    මගේ අදහස උනේ කොළඹ ඉඳලා උපරිම පැය දෙකකින් යන දුරක පුල් එකක් සහ ඉඩකඩ තියෙන තැනකට ගිහින් නිදහසේ ඉඳල බාබකිව් පාරක් හෙම දාල කාල බීල එන විදිහට වැඩේ ප්ලෑන් කරමු කියලා...

    අපේ අනිත් උන් ඒ වැඩේට වැඩිය කැමති උනේ නැහැ, හීතල පැත්තක යන්න ඕනෙය අරකය මේකය කියල වැඩ ගොඩයි. බැච් රෙපා ඒ අස්සේ බණ්ඩාරවෙල දිහාවේ තැනකුත් බුක් කළා කිව්වා යාලුවෙක්ගෙ...

    අන්තිමට මම අනිත් උන්ටයි උන්ගේ ගෑනුන්ටයි කරුණු පැහැදිලි කරලා එහෙ දුර වැඩියි පොඩි උන්ට විතරක් නෙමෙයි අපිටත් එපා වෙයි කියල කිව්වම ඒක පොඩ්ඩක් අහලා අනිත් උන් සමනල වැව සර්කිට් යමු කියල තීරණය පොඩ්ඩක් වෙනස් කර ගත්තා...
    මම ඒ එක්කම කිව්වා බෙලිහුල් ඔයත් දුරයි, ඒත් කමක් නැහැ බණ්ඩාරවෙල තරම් දුර නැහැනේ. ගමන ගිහින් ඇවිල්ලම බලමු කියලත් කිව්වා...

    ගමන පිටත් වෙලා බෙලිහුල් ඔයෙන් හරවනකල් රෙපා හිතාගෙන ඉඳල තියෙන්නේ අපි යන්නේ බණ්ඩාරවෙල කියලා...
    අන්තිමට එහෙට යද්දී දවල් 02:00 විතර වෙලා, පොඩි උන් හැක් වෙලා...
    උයාගෙන කාල ඉවර වෙද්දී දවස ඉවරයි. ඔය විදිහට දවස් තුනෙන් දෙකක් පාරටම ගෙවිල ට්‍රිප් එක ඉවර උනා...

    ඔහොම ගිහින් හැම එකාම වගේ තම තමන්ගේ ගෑනුන්ගෙන් බැනුම් එහෙමත් අහල ටික කාලෙකට පස්සේ අපේ උන් මට කියනවා "උඹ කියපු එක හරි මචං, පොඩි උන් එක්ක ඔය තරම් දුර මේ වගේ සෙට් එකක් එක්ක යන එක හරියන්නේ නැහැ තමයි" කියලා...

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඔඅය වැඩේ අපේ ගෙදර තිබුනු එකක් නම් මම අවම බලය පාවිච්චි කරලා වහල උඩඇරලා වැඩේ මගේ ග්‍රහණයට ගන්නවා. මෙතන ඊට වඩා වෙනස්නේ! ඒකයි උනෙ! ඕන එකෙකුට මම කියන දේ තුල වටිනාකමක් නොදකියි නම් උඹ ඕන දෙයක් කර ගනින් කියලා නිකම් ඉන්නවා!
      සමහර මෙවැනි දේවල් වල වටිනාකම වටිනාකම කියන්න පැරාමීටර්ස් නෑ! හිතන්න
      "හෝ පළු වන පෙත..." සින්දුවෙයි "මාරම්බරී.." සින්දුවෙන් කොයි එකද හොඳ කියලා කාටවත් කියන්න බෑනෙ! නමුත් ඒ සින්දු දෙක ගැලපෙන වාතාවරණයන් කාල හෝරාවන් දෙකක්!
      හින්දුස්ථානි රාගධාරී සංගීතයේ රාග බෙදා වෙන් කිරීමෙදී දින්යේ කාල හෝරාවන්ට ගැලපෙන රාග වෙන් කරලා තියෙනවා. ඒත් අහන් ඉන්න අපිවගේ උන්ට කෝවත් "ආ...ආ................."ම තමයි.

      Delete
  13. රොඩ්නි වර්ණකුල මහත්තය ගැන එහෙම බැලුවෙ නැතැයි?

    ReplyDelete
    Replies
    1. බිරිඳ එයා ගැන මතක් කලා! ඒත් විල්සන් ගුණරත්න පිළිබඳ සිද්ධිය සමග රොඩ්නි වර්ණකුලවත් මැකී ගියා!

      Delete
  14. නියම සටහනක් අයියේ.මොනවා කියන්නද

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!ආවාට කියෙව්වාට ලිව්වාට!!

      Delete
  15. අපේ වෙඩින් එක දවසෙ ප්ලේ කරන්න කියල මං නියම සිංදු සෙට් එකක් සීඩී එකක දාගෙන හිටියා. එව්ව හුඟක් හරිය මියුසික් විතරයි.
    අනේ එකම ට්‍රැක් එකයි දිව්වෙ ගමේ ඩීජේ ලා සීඩී එක දොට්ට දැම්මා, ඊළඟට "අඩි සීයේ පාර ගාව දුටුවා ඔබෙ අරක මේක" තමයි.

    තුසිතෙයා සීඩී එක ඉල්ලාගත්තා. හැබැයි උගෙ මගුලෙත් ඒක දාන්න බැරියුනා.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම බලාන ගියාම මේ කථාව අලුත් තැනකට තල්ලු වෙලා!

      මේ සංගීතයෝ අපෙන් සල්ලි අරණ් උන්ට ඕන දේ කරණ්නේ! උන් නම් සිරාවටම ආතල් ගන්නවා අපෙන් කාලා අපෙන් බීලා අපෙන් සල්ලි අරණ්!

      මගේ දුව වැඩිවියට වූ දිනයේ අපේ ගෙදරට ආවේ දහ දොලොස් දෙනෙකු වූ ලඟම නෑයන් පැමිනියා. දුව නැවුම් ළිඳෙන් නාලා කිරිගහට කොටලා ගේ ඇතුලට එන මොහොතේ මම දැම්මා මගේ පුංචි සවුන්ඩ් සිස්ටම් එකේ "දුවේ නුඹ මගේ ප්‍රාණයයි......." සිංදුව.
      ඒක හරිම හැඟීම් බර මොහොතක් උනා!

      දැනුත් මතක් වෙත්දී ඇස් කෙවෙණි තෙමෙනවා!

      Delete
  16. ඉලෙක්ට්‍රික් සරාගෙ පොට් එක ලඟදි බුවා මීට් වෙනකොට මමත් එතන. මගෙ පෝන් රාජයාගෙ නෙ බුවාගෙ නම්බර් එක දාගත්තෙ. ඉතින් ඊටපස්සෙ කියන්න ඕන නෑනෙ, අපිට වැඩක් බාරදුන්නොත් ආයෙ අහන්න දෙයක් නෑනෙ. නාලා තමයි නවතින්නෙ. බකාස්ස්ස්ස්ස්

    ReplyDelete
    Replies
    1. අනේ ඔය ගැන කියලා නික්ං මගේ මල පන්නන එපා!

      උඹ වැඩක් කලොත් උඹේ වචනෙන්ම කියනවානම් "නැට්ටෙ ඉඳන් ගොම!"

      කෝ අර ඩීසල් ගෙනාවද තාත්තගෙ වැටකොළු මැස්සට දාන්න?

      Delete
  17. Mmmm expressing your idea is not too bad but I don’t know what to say. But your writing style is fabulous. 🤓

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...