Friday, March 2, 2018

67. ගඟක් දිගේ ගිය ගමනක්……….20

අඳුරේ.......එළියක් දකිනා තුරු!

අවසානය...................!

අපට අපගේ අවසාන ඉලක්කය වෙත ලඟා වීමට පෙර තව කොපමන වාර ගනනක් කයාකය ඉහින්නට වේද?මේ නිසාම ගමනට තව කොපමන කාලයක් ගතවේද?රාත්‍රිය , ගංගාව හා අහස අපට කුමන ආකාරයට සලකාවිද?එය ජීවිතයේ තවත් එක් කටුක මතකයක් වේවිද?

සිතපුරා මෙම පැනයයන් නොනවත්වා එකක් පසුපස එකක් චක්‍රීය ලෙස  සමතුලිතවෙමින් සිතට මනසට හා හදවතට ගලා එයි! 

සිතට සිතේ!මනසින් එය විශ්ලේෂනය කර බලමි.එහි විය හැකි සම්භාවිතාව මෙනෙහි කොට හදවත කඩා වැටේ!

මන්ද?                                                                                                             
 ජීවිතයේ ආරම්භක අවස්ථාවේ සිටින තිදෙනෙකු වන  වසිකත් ධම්මිකත් පසිඳුත්  යන තිදෙනාට හෝ ඉන් යමෙකුට යම් විපතක වුවහොත් !?විනාඩි ගනනක් තුල මගේ සිත දහ දොලොස් වතාවක් පුපුරු ගැසුවේය.එහෙත් මේ මොහොතේ මුළු කණ්ඩායම මා කෙරෙහි තැබූ විශ්වාසය මා තැබිය  යුතුය.

දෙවියන්  මා මවද්දී මාහට ප්රාණයට අමතරව දී ඇති දේවල් අතුරින් මා බොහෝ සෙයින්  සතුටට පත්වන ප්‍රධානය ලෙස සලකනු ලබන්නේ ; ඕනෑම ප්රශ්ණයකින් මා පරිපීඩිතව සිටියද මාහට රාත්රියට හොඳින් නින්ද යෑමය.එසේම ඕනෑම ගැටළු  සහගත තත්වයකදී මනස අවුල් කර නොගෙන සිටීමට මාහට යම් තාක් දුරකට  හැකියාවක් පවතී. 
සුමට ලෙස සියල්ල  රටාවකට සිදුවන තැන්වලට නායකයන් ඇවැසි නොවේ.ඇවැසි වන්නේ ගැටළු සහගත තත්වයන් ඉදිරියේ ; අවදානම් සහගත අවස්ථා වලදී ; තීන්දු තීරණ ගැනීමටත් කිසිවෙකු ඉදිරිපත් නොවන අවස්ථාවලදී කණ්ඩායම මෙහෙය වීමටය.කණ්ඩායම සමග කටයුතු කිරීමටය.කණ්ඩායමට ශක්තියක් වන්නටය.                                                            
වරෙක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉතා දරුණු පසුගාමී වකවානුවකට අවතීර්ණ වී සිටි කාලයකදී මහේල එහි නායකත්වය භාරගෙන කණ්ඩායම යලි ස්ථාවරත්වයකට ගෙන එනවා පමනක් නොව එම කාලයේදී ඔහු ක්‍රීඩා කලේ අරම්භක පිතිකරු ලෙසය! ජීවිතයේ කුමන කඩ ඉම ගත්තද මා යන්න පිටත් වුනු බසයට පසුපසින් දිව ගොස් එල්ලුනු එකෙක් විනා කලින් ටිකට් වෙන් කරගෙන  වෙලාවට ගොස් පිළිවෙලට ඉඳගෙන   ගමනක් මතකයේ නොමැත.   

මාගේ හිතේ තිබුනු කලබලකාරී ස්ව්භාවය අන් අය වෙතට මගේ මුහුණින් දිස්වන්නට ඇත.එහෙත් තිර අධිෂ්ඨානයෙන් යුතුව අප නැවත දියට පිළිපන්හ!හැකි උපරීම වේගයෙන් අප ගමන්කල යුතු වන්නෙමු!අධික වෙහෙස නිසාද දිය පහරේ වේගය අඩුව ගොස් ඇති බැවින්ද  අපේ ගමන ඉතා මන්ද ගාමී විය.මෙම ප්රදේශයේදී ගඟ බොහෝ සෙයින් පළල්ව ගොස් තිබුනි.ගඟේ සමස්ථ ජල ධාරිතාව  වඩාත් පුළුල් ක්ෂේත්‍රඵලයක් පුරා පැතිර ගොස් ඇති බැවින් එහි ගැඹුර බොහෝ සෙයින් අඩුව ගොස්.මේ  නිසාම ගඟ බොහෝ සෙයින් අහිංසක වෙලාය.තැනින් තැන ඉපිල්ලුනු වැලි ගොඩැලි නිසා ඉදිරියට යෑම ඉබි ගමනේය . කාලය ගතවෙම ඝනදුර දසත පැතිරෙමින්.රාත්‍රිය අප සිතනවාට වඩා වැඩි වේගයකින් අපව ආක්‍රමණය කරමින් විය.  රජ රටට නොහොත් උතුරුමැද පලාතට වැහි එන කාලසීමාව ඉඳිකඩ පැන ඉස්තෝප්පුවට එබිකම් කරණ කාලය මෙයයි.

 මෙම පලාතට වැසි කාලය අරම්භ වීමට  මත්තෙන් මල් බයිකල් හා කස කාරයන් අහසේ සැරිසරයි.මල්  බයිසිකල් නම්  වැහි වලාකුළුය. කස කාරයන් නම් මේඝ ඝර්ජනාය

වැසි වලාකුළු තරු පිරි අහස සඟවා ගෙනය.සඳ අහසේ පෙනෙන්නට නැත!ඇයද මග හැර ගොසින් මෙන්.ඈතින් ගිගුම් දී පලාතම දෙදෙදරවන හෙන හඬට පෙර විදුලි රේඛාවක් අහසේ ඇදී යයි.විදුලි කොටන විට නොසිටිය යුතුම තැනෙක අප අතරමංවය.එහෙත් එහි එළියෙන් අප සිටිනා ඉසව්ව පිළිබඳ යම් වැටහීමක් ලබන්නට පරිසරයට ඉව කරණ්නට ඉඩ ප්රස්ථාවක් අපට ලැබේ .

ඉදිරිය එක දිගට මීටර 5 ක් වත් පැදයාමට බැරිවන තරමට ගංගව තුල වැලි ප්රථිරෝධය වැඩිවී ඇත.තවත් අවස්ථා කිහිපයකදී අප කළුවරේම කයාකයේ ජලය ඉවත් කලෙමු.එතැන් පටන් ගං දියේ ඉතා කෙටි දුරක් පැද යමටත් බොහෝ දුරක් ඇදගෙන යාමටත් අපට සිදුවිය.මේවන විට අපි එකිනෙකාට තබා අතේ රැඳි  හබලවත් නොපෙනෙන තරමට ඝනදුර ඝන වී තිබුනි.මේ වන විට වේලාව රාත්රී හතේ කණිසම පසුකොට ඇත .කයාකය මත නැග යනවා මෙන් නොව එය දිය මතුපිට ඇදගෙන යාමේදී එය තුලට ජලය පිරෙණ සීඝ්රතාවය  ඉතා අඩුය.මෙය අපට වෙස්වල පැමිණි ආශිර්වාදයක් විය.

අප ගමන් කලේ ගඟේ වම් ඉවුරට බරවය.ඉවුර අයිනේ ජලය කයාකය පැදයමට අවශ් තරම් ගැඹුරකින් යුක්තවිය.එහෙත් ඉවුර අයිනෙන් නොපදින්නට හෝ ඇදගෙන නොයන්නට අප පරෙස්සම් වුනෙමු.මන්ද වනසතුන් ඉවුර අසන්නයේ සිටීමට වැඩි ප්‍රවණතාවයක් තිබුනු හෙයිනි.තවත් අඩි ගනනාවක් අප යාත්රා  ඇදගෙන දනක් පමන වතුරෙ  වැළි තලාවේ එරෙමින් ඉදිරියට ඇදුනෙමු.

එකවරම අපගේ දකුණු පසින් විශල දිය ඇල්ලක් කඩ හැලෙන්නක් වැනි හඬක් පැතිරුණි. අප සියල්ලෝම ගල් ගැසුනහ.විසල් හඬ ඈතට ඇසී නොපෙනී  ගියේය.වතුරේ ලැග උන් කිසියම් සතු විශේෂයක මහා රංචුවක් අපට බියවී වතුරේ දිව යමෙන් මේ හඬ ඇසුනු බව අපට තේරුම් ගියේය. දිවයන්නට ඇත්තේ මුවන් වැනි වේගයෙන් දිව යමට හැකි සතු විශේෂයක් වන්නටඇතැයි අප අනුමන කලෙමු.

මේ සියළු බාදක මැද අප තවත්කිලෝමීටර ගනනාවක් ගං දියේ පැමිනියෙමු.දණක් වතුරේද වතුර නැති වැලි තලා මතින්ද  බොහෝදුර ඇවිද දෙපා පන නැතිව  ගොසින් .මොන තරම් අපහසු තාවයකට වුවද විවේකයක්  ගත නොහැක.හැල්මේ අප ගමන් කලෙමු.ඈත අහසේ පුපුරණ හෙන සැරිණ්  අප විසල් විලක් වැනි  තැනකට පැමින ඇතිබව තේරුම් ගතිමු.පැමින ඇතිබව තේරුම් ගතිමුඇති බව තේරුම් ගතිමු.විශාල ක්‍රිකට්  ක්‍රීඩාංගනයක් පමන වපසරියක ජලය පැතිරී ඇත!ඉදිරියක් නොපෙනෙන එය වටා උස් ගස් වැවී  ඇත.කෑලි කැපිය හැකි  කරුවලේ කයාකය අතහැර දැමූ විට එය අපදමා යන්නට සිත් නොදී අප අසලම ගැවසේ.                                                                    

ගඟේ දිය ගලායාමක් සොයා ගත  නොහැකි වනසේ දිය නතරව ගොස්. එනිසාම මින් පිටවීමේ මගක් සිතගත නොහැක.
බොහෝ දුරක් යනතුරු අප අතරේ වුනු එකම සංනිවේදනය වූයේ මා උස් හඬින් නම් අඬගසමින්හරිද…?” කියා කෑගැසීම පමණි!
මන්ද එකෙකු දියේ  ගිලී ගියද හද්සියේ  ක්ලාන්තයක් හැදී දියට වැටුනද වන සතකුගේ ප්රහාරයකට මැදි වූවද දැක දැන  ගැනීමේ  අවස්ථාවක් අප වෙත නොතිබූ බැවිනි !
එයට පිළිතුරු ලැබුනේහරේ …..!” කියා හෝඑළ ..එළ……!!” කියාය.

අප විලට අවතීර්ණ වත්ම මා පසිඳු ඇමතූයෙමි.

මල්ලි උඹලගෙ Phone වල GPS තියෙනවා නේද ?බලපං අපි කොයි ලෝකෙද ඉන්නේ කියලා!?”මම කෑ ගැසුවෙමි.කයාක තුනම ආසන්නයේ නවතා ඉන් එකක  Dry Bag එකක් තුල ගබඩා කොට තිබූ පසිඳුගේ නවීන දූරකථනය එලියට ගැනීමට තවත් විනාඩි 15 ක් පමන වැය වෙමින් විය!
ඉක්මනට ගනිංකො බං !”මාහට කිසිදු ඉවසිල්ලක් නොමැත.
එළ ! අයියේ මනම් පිටිය පලමට තව ටික දුරයි !” ඔහු වාර්ථාව සැපයීය.
හරි බං ! අපට කොහෙන්ද   යන්න තියෙන්නේ!?”
වමෙනුත් පුළුවං ! දකුණිනුත් පුළුවං !!”
හරි අප වමෙන් යමු …!”
නැවත පාගමනට වැටුනි.                                                   
එක ලඟ ගස් රාශියක් ඇති වන ආවරණයක් වැනි තැනක් හරහා අප ගමන් ගතිමු.ගස් වල මුල් කිසියම් ප්රථිරෝධයක් ඇති කලේය. තවත් ටික වේලාවකින් වන අරණින් එලියට පැමිනි වගක් අපට දැනුනි.

කොල්ලනේ බලපල්ලා වාහන සද්දයක් එනවාද කියලා …………!”
මම මහ හඬින් කැගැසුවෙමි! තවත් ටික දුරක් පුරුදු පරිදි ඇදුනෙමු !
ආන්න ඇහෙනවා ……!” වසික කෑගැසුවේය.

වාහනයක නලා හඬක් මගේ කණටත් යාන්තමින් වැකිණි!ජීවිතයේ වඩත්ම සතුටට පත්වූ මෝටර් රථ නලා හඬ එය යැයි වසික මා සමග පසුව කීවේය.
තවත් ටික දුරක් යද්දී මනම්පිටිය පාලම මත මෝටර් රථ ,ලොරි රථ වල ඇදීයන ප්රධාන පහන් එළි  අපට දිස් විය.
තවත් විනඩි ගනනකින් පාලම යට වම් ඉවුර මතට අප කයාක තුන සමග ගොඩවිමු.අප ගොඩ බට ස්ථානයේ වසා දැමුණු කුඩා ගොඩ නැගිල්ලක් විය!                                                                                                                           
මා මගේ කයාකයේ හැච් එකක බහා තිබුනු Dry Bag එකක තබ තිබූ දූරකථනය සොයමින් විය. අපගේ හිත් මිතුරු ජල සම්පත් මණ්ඩලයේ ප්රාදේශීය ඉංජිනේරු තැන්පත් සහන් කුලරත්න මහතාට හා ගෙදරට ඇමතීම සඳහාය.එතැන් සිට අපට අපගේ යාත්රා රැගෙන නැවත මහියංගනයට  යෑමට අවශ් කුඩා රථය සම්බන්ධීකරණය හා  රාත්රී ආහාර ලබාදීම මා භාර දී තිබුනේ මේ මධුෂාන්ගේ මිතුරාටය.

අපි ඇවිත් - බත් ගෙනෙන්!

මා දූරකථනය සොයමින් සිටිනාතර  වසිකත් පසිඳුත් පැමිණ මා වැලඳ  ගත්තෝය.
ඔව්  මචං අපි ඒක කලා …!” මම සෙමෙන් මිමිනුවෙමි.
දියෙන් දහදියෙන් පෙඟුනු සිරුර ; හමනා සුළඟින් තව තවත්   සිසිල් වත්දී  කණ්ඩායමේ සොහොයුරණ්ගේ ආදරණීය වැළඳ ගැනීම් වලින් මා උනුසුම් විය!

ජිවිත්යේ සාර්ථකත්වය මනින එකම දර්ශකය සතුට කර ගන්න.!" නමැති පාලිත  සිරිවර්ධන නමැති ගම්පහ ප්රදේශයේ භෞතික විද්යා උපකරක පංති කරණ ගුරුතුමා වසර අවසානයේ අවසාන සම්මන්ත්රණයේදී පැවසූ බව වසික වරක් මා හා පැවසීය.
මෙය මොන තරම් ස්ත්යයක්ද ?

පිදුම :
         අන් සැපත වෙනුවෙන් ;
         තම සුඛදයක ජීවිතය
         පරිසරය,ගේදොර,වටාපිටාව,ඉඩකඩම් ,     
         කැපකොට…..!
         තමා කිසිද අපේක්ෂා නොකල ;
         කටුක පරිසරයක් වෙත පැමිණ …….!
         නැවත තම ජීවිත සටන අළුතින් ඇරඹූ ;
         මිනිසත් කමින් පෝසත් ;
         නුවරගල මිනිසුන්ගේ ;
         කාරුණික බවට , ත්යාගශීලීත්වයට හා
        පරර්ථකාමීත්වයට …….!
         අපගේ මෙම චරිකා සටහන ;
         භක්ත්යාද්රයෙන් ; 
         පිළිගැන්වේ !
           
  අවසානයේ අප ඉලක්කය  ජය අප ගන්නෙමු!   
                  
    
කල මෙහෙයට දුන් නිදහස!

 මේ තරම් රස බතක් කොයිදෝ!

 ගඟෙන් එතෙර වන්නට උදව් කල ඔරු අත නොහැර !

 සහන් ඇවිත්!

 

 යලිත් ගම රට - ජෑම් පැක්වී !

 මහියංගනයේ සිට බෝට්ටු නැවත නැව් ගත  කිරීම !


දියෙහි දියවී නොගිය ; දියට වඩා ලෙයෙහි ඇති උකු බව ! - පිය පුතු

58 comments:

  1. එල එල. පට්ට පට පට,

    ( හැබැයි බියකරැ අනියමාර්ථ අවිනිශ්චිත බව තව ටිකක් දිගට අදින්න තිබ්බා කථාවේ. අනික ඇත්තටම එහෙමනෙ උනේ. ගඟ දිගේ පට්ට කැලේ කෑම නැතිව කට්ට කලුවරේ භීතිය ත්‍රාසය හිතාගන්න පුලුවන්, මොකද අර කඩවත ඉඳන් පොලොන්නරැවට එක දවසින් බයිසිකලේ පැදපු වෙලාවෙ දිගම්පතාන හරියෙ මට ඕක දැනුනා වටින් ගොඩින් කලුවර වැටෙනකොට හිටන් . )

    ReplyDelete
    Replies
    1. අන්තිමට මේ දැන් ලස්සන පිතූරයක් එල්ලුවා ඒක බලපංකො!

      Delete
    2. ඒකනෙ කියන්නෙ, කෝ අහන එකක් යැ.

      Delete
    3. මේ කිසිවක් කිසිදේකින් කිසිම්දෙයක් නොවනාබව
      කිසිවෙකුටත් කිසිමලෙසින් නොතේරෙණ්නෙ මගෙ කරුමෙට!

      Delete
  2. එක අතකට මොන දුකක්ද බං ඔය

    ReplyDelete
    Replies
    1. ඒක වනෙමම සීන් එකක් බං අයියේ.

      Delete
    2. ඇඩ්වෙන්චර් කියන්නෙ ඒව තමයි බං.

      Delete
    3. One who wins without problems ; it is just VICTORY ....
      But one who wins with a lot of troubles ; That is HISTORY.....! Adolf Hitler

      Some people feel the rain, Others just get wet...! Bob Marley

      Delete
  3. ඊළඟට මොන ගඟද අය්යේ ?

    ReplyDelete
    Replies
    1. අනේ බුදු මල්ලියේ මට උඹව මග ඇරුණා!

      Delete
  4. හදිස්සි උනා වැඩිද මන්ද ඉවර කොරාන්ට?

    ReplyDelete
    Replies
    1. වට් නෙක්ස්ට් ?

      Delete
    2. මා අත් පිටපත පරිදි අවසන් කලා! වින්ද බොහෝදේ වචන කල නොහැක! එය මතක මාත්‍රයක් පමණි. හුඟ දවසකින් බයිසිකල් පදින්නත් බැරි උනා නේද?

      Delete
    3. ඊලගට යාපනේ ද?

      මම නම් ඊයෙත් ගිහින් ආවෙ අලුතින් පටාන් ගත්ත බයික් ගාප් එක්කට පාර ෙපන්නන්ට ගියා.


      ඊලග අපේ එක මාර්තු 31.

      Delete
  5. //ඕනෑම ගැටළු සහගත තත්වයකදී මනස අවුල් කර නොගෙන සිටීමට මාහට යම් තාක් දුරකට හැකියාවක් පවතී// මේක තමයි මේ වගේ අවස්ථාවකට මැදි උනාම ඉතා වැදගත් වෙන්නෙ. නැත්තං තවත් ප්‍රශ්න ගොඩකට අත වැනීමක් වෙන්න පුලුවන්.

    මෙතෙක් මේ විස්තරය අප වෙත ලියා පලකල තට්ට මහතාටත් මිනිසත්කම තවමත් මේ දෙරණ මත ඇති බවට පසක් කළ නුවරගල මිනිසුන්ටත් මගේ ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. නිබඳවම මා දිරිමත් කල මාගේ පාඨක පාඨිකාවන් වෙත හද පිරි භක්ත්යාදරය!
      මෙයින් මා ජීවිතයට දිනූ දේ බොහෝයි!

      Delete
  6. //දෙවියන් මා මවද්දී මාහට ප්‍රාණයට අමතරව දී ඇති දේවල් අතුරින් මා බොහෝ සෙයින් සතුටට පත්වන ප්‍රධානය ලෙස සලකනු ලබන්නේ ; ඕනෑම ප්‍රශ්ණයකින් මා පරිපීඩිතව සිටියද මාහට රාත්‍රියට හොඳින් නින්ද යෑමය.එසේම ඕනෑම ගැටළු සහගත තත්වයකදී මනස අවුල් කර නොගෙන සිටීමට මාහට යම් තාක් දුරකට හැකියාවක් පවතී. // රෙස්පෙක්ට්! ඔයිටාමතරව මට තව ටිකක් දුරට හදවතේ හැඟීම් මුහුණෙන් ප්‍රකාශ නොකර ඉන්නත් පුළුවන්.. ඒවා සෑහෙන්න වැදගත් ස්කිල්. දෙයියන්ට ස්තුති වේවා!

    අර කරුවලේ ගඟේ ගමන නම්.. අම්බෝ.. දැන් කිඹුලා ඇල්ලුවා දැන් ඇල්ලුවා වගේ කකුල..හෙක්. ඇඩ්වෙන්චර් ඕනි නෑ එක්කෝ.. හෙහ්..

    යේස්.. උඹල ඒක කරා.. ගඟේ හිතල වතුරේදීම මගේ උණුසුම් සුභ පැතුම්!!!!!

    (මොකක්ද අර අන්තිම ෆොටෝ එකේ පිය පුතු සීන් එක.. පුතා මේ ගමන ගිය බවක් කියවුනේ නෑ නෙව)

    ReplyDelete
    Replies
    1. //ඔයිටාමතරව මට තව ටිකක් දුරට හදවතේ හැඟීම් මුහුණෙන් ප්‍රකාශ නොකර ඉන්නත් පුළුවන්.. //
      අම්බෝ... හරි භයානක ස්කිල් එකක් නෙව! අපි නම් ඉතින් අයින් වෙලා පයින් යන්නේ.....

      Delete
    2. මිත්‍ර , වසික ඌ මගෙ එකම කොල්ලා!

      ලිඛිතා , එහෙම ඉන්න පුළුවන් ඒත් හදවත කියවන්න පුළුවන් අයට හංගන්න බෑ!

      Delete
    3. //මේ පිළිබඳ මූලික වටයේ කථිකා හා දොඩමළුවීම් කෙරෙණ අතරේ ඊළඟ ගමනට සූදානම්ව පිට පොට (Wrong Thread එහෙම නොවේ; මේ කියන්නේ වලාපට) ගසාගෙන සූදානම් වූ අයෙකු සිටියේය. ඒ දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වසන වසික ය. කැළණි ගවේශනය අවසන් කල හෝරාවේ පටන් ඊළඟ චාරිකාව සඳහා ඔහුවද සහභාගී කරගන්නා ලෙස හේ මාහට දැඩි බලපෑම් එල්ලකරවන්නට විය. එවකට උසස් පෙල විභාගයට සූදානම්ව සිටි ඔහුද පසිඳු මෙන්ම හර්මන් ලූස් කැඩෙට් වරයෙක්. තවත් ලෙසකින් පවසනවානම් වසර තිස් ගනනකට පසු කොළඹ නාලන්දා විදුහල හර්මන් ලූස් පලිහ දිනනා අවස්ථා වේදී ඔහුත් ප්ලැටූනයේ ඉදිරි පෙල සාමාජිකයෙක්.
      එසේම හොඳ පිහිනන්නෙක්, බාලදක්ෂයෙක් , මලල ක්‍රීඩකයෙක්, ජීවිතාරක්ෂකයෙක් , ඒ සියල්ලටම වඩා හේ නිර්භීත , අතිශයින් විශ්වාසවන්ත ගමන් සගයෙක්.//

      ගඟක් දිගේ එකේ ඉඳල නවය වෙනකම් ආයෙම සර්ච් කරා කියහන්කෝ කලින් කොහේ හරි මෙහෙව් සම්භන්දයක් වසික ගැන ලියල තියෙයිද බලන්න.. ඔච්චරයි අන්තිමට හම්බ උනේ.. ඒකත් පට්ට.. :D එළ තාත්තෙකුයි එළ කොල්ලෙකුයි.. :D

      Delete
    4. ඌ ගැන මම ලියාගෙන යනවා පෝස්ටුවක්!
      සත්තකින්ම ඌත් මාත් සුපිරිම යාළුවො දෙන්නෙක්! ඌ මට වඩා උස කඳ බඩ තියෙන එකෙක්! ඕකා නිදා ඉන්න කොට මම උගේ කාමරේ ගාවින් යන කොට ඕකගෙ යටි පතුල ලෙව කාලා මම යන්නෙ මිත්‍ර! ඒ සැලකිල්ල ලබන්න කෙනෙක් පෙරුම් පුරණ්න ඕනෙ.
      හිතාගන්නකො!
      දැන්නම් ටිකක් විතර මාත් එක්ක අවුල්! එයා හිතනවා මම එයාගෙන් ඈත් වෙන්න යනවා කියලා!
      කාලය බොහෝ දේවල් බොහෝ දෙනාට තේරුම් කර දෙයි! එදාට එයා නැවත මාව ආදරයෙන් වැලඳ ගනීවි!
      අනාගතය යම්දිනක මා නිවැරදි කරාවි!

      Delete
    5. මේක බැලුවොත් නම් කොල්ල අඬනවා.. :)

      Delete
  7. හම්මා..... ඔන්නෝකයි නේද?

    අපිව මේ කිඹුලෝ කනෝ, බුදුඅම්මෝ කයාක් එක ගිලෙනෝ කියලා බය කෙරෙව්වනේ. අන්තිමට මෙයා යසට බත් කාලා කයාක් ටිකත් පටෝගෙන (මොකද්ද මන්දා පෙට්ටියක නැගල) ඇවිල්ලා.

    අම්මේ ඇති යන්තම් යහතින් ආවා. ( අනේ ඉතින් කිඹුලෙක් එහෙම කෑවා නම් මේක තව ෂෝක් එකට තියෙන්න තිබ්බා නේද? - අපි ඔන්න නරක දෙයක් කිව්වාය කියල හිතන්න එපා. මම ඉතින් කිව්වේ විහිලුවට වගේ )
    කෙසෙල් කොලේ බත් පෙන්වා මෙලෙස අපිව මෙව්වා කිරීම ගැන බලවත් විරෝධය!


    නියම සවාරියක්......
    අති සාර්ථක ලිවීමක්...
    ඉතා වටිනා සංචාරක සටහනක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      සටනින් තොර ජයක් එපා!!

      Delete
  8. Your adventure stories are an encouragement for the younger generation to do something special, rather than spend all their time on electronics. I don't know your exact age, but I guess you are not in your 30s or 40s (by the way, I am 56), but you are young at heart to enjoy your life. Reading your adventure stories take me back to my good old days. Thanks for sharing your story with everyone and wish you all the best for your next adventure.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! මා සෑම විටකම ලියන්නේ එම අත්දැකීම තවත් අයෙකුට විඳීමට හැකි මාර්ගය පහදා දෙමින්. කිසිතැනෙක සැඟවූ දෙයක් හෝ අථිශයෝක්තියකින් තොරව ලියූ ලිපි පෙලක්! සියල්ල ඇත්ත ඇති සැටියෙන්! ඕනෑම අයෙකුට එය අත්විඳීමට අත් පොතක් සේ තබා ගැනීමට හැකි විස්තරයක් ඉදිරිපත් කිරීමයි මගේ අවශ්යතාවය වූයේ.

      ඔව් සත්තකින්ම මා අර්ධශතවර්ෂකට වඩා ඉපැරණි මිනිසෙක්! කොටින්ම ඇන්ටික්!

      ස්තූතියි!

      Delete
  9. නියමයි.මේ ගඟ දිගේ ලිපි සියල්ලම කියෙව්වා.කාලෙකට කලින් ජැක්සන් ඇන්තනී මේ නමින්ම රුපවාහිනි වාර්තා වැඩසටහනක් කෙරුවා ස්වර්ණවාහිනියට.එත් මහවැලි ගඟ දිගේ.මට එකත් මතක් වුනා මේ ලිපි කියවන හැම විටකම.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. හම්මෝ, යන්තන් අතක් පයක් නොකැඩී ගමන ඉවර උනා මදැයි...

    මට අන්තිම හරිය කියවද්දී මතක් උනේ වතාවක් අපි 17 දෙනෙක් (කොල්ලෝ සහ කෙල්ලොද ඇතුළුව) දුවිලි ඇල්ලේ නාන්න ගිහින් ආපහු එද්දී ෂෝට්කට් එකකින් එන්න ඇවිත් රෑ වෙලා කාපු කට්ට...
    මහකැලේ අස්සේ හරි හමන් එළියක් නැතුව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාහා මෙතෙක් දුර ආවාට.
      ඔය වගේ රසවත් අතර ම.ං වීමක් තියෙනවා තෙශාන්තගේ මතක පොතේ. පුලුවන් උනොත් ලියන්නම්!

      Delete
  12. එකක් දෙකක්නම් බැරියෑ කොටස් දහනමයක්ම කියවලා එන්නෙ එපැයි... හිමිහිට එන්නම් කියවගෙන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩ වැදුනාට ඔබගේ විෂය නොවුනත්!

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. තට්ට අයියා සහ කයාක් ගමන් තමයි මං දැන් කියවන බ්ලොග් වලින් වැඩියෙන්ම හිතට සමීප .මම නොදැන හිටපු දේවල් දැනගත්තා වගේම කයාකින් ගැන ආසාවකුත් මේ ලිපි නිසා ඇතිවුනා.දිගටම ලියන්න .බොහොම ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  15. Duka dina Jayagath minusun!
    Jayawewa!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  16. කොන්ඩෙ අවුල් වෙන්නෙත් නෑ
    ඔලුව අවුල් වෙන්නෙත් නෑ
    ඔබතුමා වගේ ඉන්නවනම්.

    ReplyDelete
  17. මොකද්ද ඒ සීන් එක?

    ReplyDelete
  18. කලක් තිස්සෙම බ්ලොගේ දිගටම ලියූ ලිපි මම බැලුවෙමී
    ඉඩක් නොලැබුණි කමෙන්ට් කෙරුමට එගැන මම පසුතැවුණෙමී
    කවක් මේ ලෙස ලියා අවසන සැහැල්ලුව හිත තවරමී
    ගඟක් මත්තෙහි ගියපු ගමණට සුභ පැතුම් මම තබනෙමී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීමම මා අගේ කොට සලකමි!

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. සාමාන්‍ය සංචාරක සටහනකට වඩා බොහෝම වෙනස් වුණු සුන්දර වචනවලින් පිරුණු සටහනක්!

    ReplyDelete
    Replies
    1. මේගමන මා දකින්නේ සොබාදහම සමග කරණු ලබන කතිකාවක් ලෙසටයි! ඒ නිසාම බස හැසිරවීනමේදී වඩාත් සැලකිළිමත් උනා. බොහොමත්ම ස්තූතියි!

      Delete
  21. සෑර්,

    එළ කිරි කියන්නේ ..එළ කිරි ගැලුමක් නෙවෙයි බවුසර් එකක්!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි විට්ටර් මල්ලි! වෙලාවක පදිමු!

      Delete
  22. ගගක් දිගේ ගිහින් ඉවරයි කිවුවම දුකත් හිතෙනවා. මමනම් ඒ තරම් ආසාවකින් මේ පොස්ටුව කියෙවුවේ. තාත්තගෙයි පුතාගෙයි පින්තුරේනම් මාර ලස්සනයි. මේ මුළු පොස්ටුවෙන්ම මම වැඩියෙම කැමති පින්තුරේ. පුතා පොඩ්ඩක් තාත්තා එක්ක අවුල් කිවුවට ඕවා හරි යයි. තාත්තාට පුලුවන්ද ඔය පුතාව අත් අරින්න. බැනේ. දෙමවුපියන්ට දරුවෝ අත් අරින්න බෑ කවදාවත්. ඔය පුතා කවදාවත් තාත්තව අත් අරින එකක් නෑ. කාලය හැමදේම විසදයි. තාත්තලා පුතාලා ඉක්මනටම පින්තුරේ වගේම සතුටින් ඉදියි. අලුත් සංචාරයක් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! දිගටම අප සමග ගඟ දිගේ මෙතෙක් දුර ආවාට!

      Delete
    2. මට නම් දුක මෙච්චර කොටස් ගානක් පස්සෙන් ඇවිත් කිඹුලෙක් නොකා ඉවර කරපු එක. කැමතිම පින්තූරේ අර පළවෙනිම එක.

      Delete
    3. ඉරිරියාවට කියන කතාද මන්ද! මේ කිඹුල්ලු කියන්නෙ බාක් හ්වුස් එකේ පිටේ සීනි හැලිච්ච එවුන් නෙවේ අක්කේ මේ හිතුනොත් අපිව ඩිනර් එකට ගන්න පුළුවන් ඇත්ත එවුන්!

      Delete
  23. හරිම අපූරුයි. සේරම ටික කියෙව්වා එක හුස්මට. ඩී.එම්. පරණගම මහත්තයාගෙ මහවැලි ගඟ දිගේ පොතත් මතක් වුණා. මේ මගේ හීනයක්... ජයවේවා අයියණ්ඩි

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි මොකද්ද් මලේ ඒ පොත!? බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. මේක මහවැලි ගඟ දිගේ ට්‍රැවල් කරපු අයගෙ විස්තර එකතු කරලා ලියපු පොතක්. කතෘ ඩී.එම් පරණගම ප්‍රකාශක නම් මතක නෑ... ගෙදර තිබ්බොත් බලලා කියන්නං... හරිම අපූරු පොතක්

      Delete
    3. අනේ ලොකු දෙයක්. මමත් පොතට පතට ඇලුම්කරණ කෙනෙක්! කතාකල එක ලොකු දෙයක් මල්ලි!

      Delete

04. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...