Friday, February 16, 2018

83. තනිවූ ඇනයක්.....!











අන් බිත්තියක
 රැඳුනු
රූපය ;
ගැලපෙන තැනක
ගසමි 
ඇනයක්......!







.

22 comments:

  1. බිත්ති වලට ඇන ගහන්න එපා මහත්තය
    මීට තීන්ත බාස්(ෙහාද බාස්ගෙ ගෝලයෙක්)

    ReplyDelete
    Replies
    1. "තනිවූ ඇනයකි මා.......//" මීට රූකාන්තගේ පවුල

      Delete
  2. ඇනේ හැටියට තැන වෙනස්කරගන්න ඕන.

    මීට ඇද වෙච්ච ඇනයක්

    ReplyDelete
    Replies
    1. ඇනේ හැටියට තැන ද තැනේ හැටියට ඇනේද වෙනස් විය යුත්තේ?

      මීට ඔළුව කැඩුනු ඇනයක්!

      Delete
    2. අප්පා මෙච්චර ඉක්මනට ඇදගැහුවද

      Delete
    3. වැරදි මිටි පාරක් ඔලුවටම වැදුනා!

      Delete
  3. දනිමි ගැලපෙනම තැන
    ඔබ ඉන්නා තැන බව..
    දනිමි මා නොමැතිව
    ඔබ තනිව බව..
    දනිමි මා නැතිව කිසිවෙක්
    ඔබ දෙස නොබලන බව..
    එහෙත් නොදනිමි සොඳුර
    අපේ හැඟුම් ඔවුන්
    තේරුම් ගනීද නොගනීද යන වග..
    මේ වගට මා ඔබේ සදාදර
    පින්තුරයම වම්ය..

    ReplyDelete
    Replies
    1. සුපිරිම අදහසක්! එය නව මානයක්!!
      මේ අත්ථුක් කංසනය හා පරවම්භනය නම් නොවේ.
      ඇත්තටම බිත්තියේ ඇති ඇනයට වටිනාකමක් ලැබෙන්නේ එහි කිසිවක් රැඳෙව්වොත් පමනයි! නොමැති නම් එය හුදෙක් ඇනයක්ම පමනක්ව තියේවි කිසිවෙකු ගලවලා දමනා තුරා!

      නමුත් තවත් සිතුවිල්ලක් හිතට ආවා. පින්තූරය එල්ලූ පසුත් කවුරුන්ද අගයන්නේ ඇනය?
      ස්තූතියි!
      මෙය නම් ජීවිතයම තමා!
      එක වරක් එක් ප්‍රදේශයක් හමුදාව අත්පත් කර ගත් පසු එහිවූ කිසියම් ඵලකයක , බිත්තියක හෝ ගලක අදාල රෙජිමේන්තුවේ නම ලොකු අකුරින් කිසිවෙකු ලිව්වාලු! ටික දවසකට පසු ඊට යටින් " සීමි නැත්නම් ................නේද?" කියා ලියා තෑබුවේලු.

      (සීමි=Ceylon electrical and mechanical engineering regiment)

      කතාව කීවේ සීමි එකේ ඉඳන් රේස් පැදපු මේජර් යකන්දාවලගේ මල්ලි විද්යා!

      Delete
  4. ඇනේ ඇණයක් වෙන්නේ රූපේ හැලුණු දා සිටයි.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔළුව කැඩුනු දා!? ස්තූතියි නැවත එන්න!

      Delete
  5. Replies
    1. මාළුවාට කොහොමද? නිදුක් වේවා නීරෝගි වේවා!! ස්තූතියි!

      Delete
  6. අන් බිත්තියක රැඳුනු රූපය ලෙස ඔබ කියන්නේ කුමක්ද...

    ඇණය නොමැතිව රූපයට කොහි ඉඩක්... රූපය මහා ගම්භීරව වැජඹුනද,
    ඇණය හැලුණු කල්හී,
    රූපයත් කුඩුවී නොයනුද...

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිනීමම සතුටකි! ස්තූතියි නැවත එන්න!

      Delete
  7. කවියක් නොදුන්නේ පෙර ලිපි දිග හින්දා
    ලිපියක් දිගට බැලුමට අකමැති හින්දා
    ඇනයක් ගැන කෙටියෙන් නුඹ ලිව් හින්දා
    කවියක් ලියමි හිත සතුටින් පිරි හින්දා

    ජයවේවා!!!

    ReplyDelete
  8. ඔබගේ පැමිනීමම සතුටකි!

    පසුගිය දවසක;
    http://kadadasikole.blogspot.com/2018/01/165-not-without-you.html
    මෙම කවියට මා එල්ලූ කොමෙන්ටුවට ඔබගේද අදහස් එක්කරගනු රිසියෙන් මිත්‍රගෙන් වංහුං හොයාගෙන ඔබ අමතන්නට දුබල උත්සාහයක යෙදුනෙමි!
    ඉඩක් ලදොත් මෙයට පිවිසී ඔබේ අවංක අදහස්ද දක්වන්න!
    මෙහිත්;
    http://kadadasikole.blogspot.com/2018/02/170-shape-of-water.html
    කවිය ගැන මගේ අදහස් දක්වා ඇත.
    හැකිනම් පිවිසී එයට වටිනාකමක් ලබාදෙන්න.
    "වටිනාකමක්" යනු මගේ අදහස තහවුරු කිරීම ලෙස මා නොසිතමි.

    විය යුත්තේ කතිකාවතක් නිර්මාණය වීමයි!

    ස්තූතියි බොහොමත්ම!

    ReplyDelete
    Replies
    1. මම බලන්නම් තඩියෝ. "දුමින්ද අබේසේකර " මගේ මුහුනු පොතට ආවොත් කතා කරන්න හැකිවෙයි.

      ජයවේවා!!!

      Delete
  9. කිසිවෙකුට ඇණයක් නොවී ඉදීම". විය යුත්තේ එයයි.

    ReplyDelete
    Replies
    1. සබඳ අප ඇන නොවෙමු
      උනුන් ගේ හිස පලන........// -කපුගේ

      Delete
  10. I can't understand what did you mean?

    ReplyDelete
    Replies
    1. කඩවත ආර්පිකෝ එකට හැරෙන තැනම දාල තියෙනවා පිංතූර රාමු කරණ තැනක්. ඉන් විමසන්න! ස්තූතියි!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...