Monday, January 29, 2018

79. තුවක්කු සහ පතරොම්

මල් මල් වාරම්!

ඉස්සර පරණ පත්තරයක් අරණ් ලුහුඩු දැන්වීම් පිටුව බැලුවොත් මේ මාතෘකාව ගව ආදී මහීෂ සතුන් පිරිවරා සිටිනු දකින්නට පුළුවන.        
ගව ආදී මහීෂයින්  ගැන කතා කරණ්නට තවත් දෙයක් ඉතිරිවී ඇත්නම් එළඹෙන  ප්‍රාදේශීය  සභා මැතිවරණයේදී අසා, විමසා දැන ගැනීමට හැකියාවක් ඇති බැවින් ද එයින්  පත් වෙන අයගෙන් බේරී සිටීමට අපි වැනි හුදී ජනයාට පමනක් නොව වැදි ජනයාට පවා සාදාරණ අයිතියක් උවමනාවක් ඇති බැවින් තුවක්කු සහ පතරොම් වලට වැඩි අවදානයක් යොමු කරණ්නට සිතුවෙමි.

එංගලන්තෙ "සිළුමිණ" පත්තරේ පලවූ තුවක්කු දැන්වීමක්!

පැරණි සිළුමිණ පත්තරයක් අරණ් ලුහුඬු දැන්වීම් තීරය කියවාගෙන ගියහොත් මෙවැනි දැන්වීම් තීරුවක් දක්නට ලැබෙනු ඇත.
“අනර්ඝ තත්වයේ බෝර 12 කානු දෙකේ වෙම්බ්ලි ඇන්ඩ් ස්කොට්  තුවක්කුව ...” ආදී වශයෙන් ලියැවුනු තුවක්කුවේ විස්තරේ දැක්කාම ඒක හරියට  මංගල දැන්වීමක මනමාළිය වර්ණනා කරලා තියෙනවා වගේ මයි !

සිහින් සිරුරක් හිමි හුරු බුහුටි සුන්දර යුවතියක් වන්! 
බලපියකො ලාලිත්යය!

මේක කියවා ගෙන යනකොට ඊට යටින් තියෙනවා “බෝර  16 හා 20 තුවක්කු දෙක ……” කියලා තවත් සටහනක්. 
බෝර 12 බේරගන්න බැරිව ඉන්නකොට තවත් දෙකක් ?
 මේ බෝර ගනන් වලින් කියැවුනේ Shot Gun හෙවත්  මූනිස්සම් තුවක්කු  හෙවත් පතරොම් තුවක්කු ගැනයි. 
මූනිස්සම් කියන්නේ තුවක්කුවට යොදන පතරොම තුල තියෙන කුඩා ඊයම් බෝල වලට බව මම නොකීවාට ඔබ තමුන්නැහැලා දන්නා බව ඉන්තේරුවටම දනිමි.  

අනේ මේ අග්ගලා නොව ඊයම් බෝල හෙවත් තනි වච්නෙන් කියනවානම් 
මූනිස්සම් ය!

මේවායින් කියැවුනේ තුවක්කු බටේ ප්‍රමානය හෙවත් සයිස් එක . 
හැබැයි තුවක්කු බටයක පසුපස කෙලවරට සාපේක්ෂව ඉදිරි කෙලවර කුඩාවේ.  තුවක්කුවේ  ටේපරේ කියන්නේ මේකට වෙන්න ඕනෙ !

තුවක්කු හදන අයියලාගෙන් මේ ටේපරේ ගැන ඇහුවාම කියන්නේ "ඕක නැත්න වෙඩි තිබ්බාම නිකං කට හෝදලා දැම්මා වගේ" කියාය!

ඒකාලෙ සුද්දගෙ රටේ තිබුනේ යාර ,අඩි අඟල් වගේම අවුන්ස රාත්තල් හොන්ඩර වගේ මිනුම් !
ඉතින් තුවක්කුවේ බටේ ප්‍රමානය කියැවුනෙත් මේ ඒකක වලින්මයි.

සුට්ටං ටුවක්කුවේ සිට ඉහලට!

බෝර 12 යනු ඊයම් රාත්තල් එකකට අල්ලන සමාන ඊයම් බෝල ප්‍රමානයය. තවත් විදියකින් කියනවානම් ඊයම් රාත්තලක් ගෙන සමාන කොටස් 12 කට  බෙදා ගත් විට ලැබෙන එක් කොටසක් ගෙන එයින්  ගෝලයක විෂ්කම්හයට  සමාන විෂ්කම්බ්හයකින් යුත් බටයක්  බෝර 12 තුවක්කුවක් වේ. 

මේ  ආකාරයෙන්ම බෝර 16 හා 20 ද නිර්මාණය කරගෙන ඇත.
 ඊයම් රාත්තල 16 කට බෙදා ඉන් කොටසකින්  සාදන බෝලය ඊයම් රාත්තල 12 කට බෙදා සාදන බෝලයට වඩා කුඩා බව මා අමුතුවෙන් කියා සිටින්නට ඇවැසි නොවේ.
මෙම ගණිත කර්මය අසීරු වේ නම් පාන් රත්තල 4 බෙදූ පසු එක කොටසක විශාලත්වය 2 න් බෙදූ කොටසට වඩා කුඩා බව  ඔබ තමුන්නැහැලා   තේරෙණවා ඇතැයි සිතමි. 
 යට කොටස විශාල වෙන්න වෙන්න වටිනාකම අඩුවෙන බව මෙයින් පෙනී යනු ඇත.
මේ  පතරොම් තුවක්කු ඒකාලෙ 12 , 16 ,  20 ට අමතරව 410 කියලා එකක්ද ආවේය.
 යටියන්තොට ගණිතකන්දේ 410 තුවක්කුවක් තියෙන බව මාගේ මිත්‍ර දයානන්ද  කී  විට එය බලන්නට හැතැම්ම ගනනක් ගෙවාගිය හැටි මතකය.
 අද කාලෙ නම් මේ ගමන ඒ තරම් අසීරු එකක් නොවන්නේ දැන් හැතැම්ම නැති නිසාය. දැන් ඇත්තේ ඊට වඩා කුඩා ඒකකයක් වන කිලෝ මීටරය! 

අනේ අයිබොවන්ඩ දැන් අහන්න එපා 410 කියන්නෙ ඊයම් රාත්තලක් 410 න් බෙදලා  ද ……..? කියලා.
අනේ නෑ ඒක එහෙම නෙවෙයි.ඒක වෙනමම මිනුමක් ! ඒක අඟලෙන් දශම 41 තමයි මේ කියන්නේ.
කාත් කවුරුත් දන්නා පොයින්ට් ත්‍රී එයිට් කියන්නෙත් මේ වගේ මිනුමක්!

ඉතින් අපි  ආයෙත් යමු බෝර  12 නොහොත්  බෝර 12 තුවක්කුව වෙත. 
මේවාට දාන පතරොම් වලත් (හැට්ට පතරොම් එහෙම නොවේ) නොම්මර 4 , SG , තනි උන්ඩ යනාදී වශයෙන් කොටස් කිහිපයකි. 
නොම්මර 4 යනු කුරුළු උන්ඩයි. මේවායේ මුං ඇට ප්‍රමාණයේ කුඩා ඊයම් කැට රාශියක් පවතී.   
 SG උන්ඩයක ඇත්තේ කැට 9 කි.  
බෝර 16 තුවක්කුවකට යොදන පතරොමක කැට 6 ක්ද බෝර  20 තුවක්කුවට යොදන පතරොමක කැට 3 ක්ද අන්තර්ගතව ඇත. 
තනි උන්ඩ  ලෙස ව්‍යවහාරයේ හැඳින්වෙන  පතරොමක ඇත්තෙ එක ඊයම් මූනිස්සමක පමනි.
( මෙය හරියට ත්‍රී වීල් එකට රෝද තුනක් පැවතීම වැනිමවූ පුදුම උපදවන කාරණයකි!)  

තනි උන්ඩෙ!
බලපල්ලකො තියෙන ආඩම්බරේ!

බෝර 12 තුවක්කුවට බෝර 20 හෝ 410 පතරොම් යෙදීම සඳහා භාවිතා කරණ; වඩා  විසල් බටය තුලට දැමිය හැකි තවත් අවශේෂ බට සුද්දාගේ රටේ  පවතී. ඒවාට කියන්නේ අඩප්පර හෙවත් Adapters  කියාය.
අඩප්පරයක්! 

අඩප්පරයක් ගිලපු තුවක්කුවක්!

තනි උන්ඩෙ පතරොම් ඒකාලේ යොදාගෙන තුබුනේ අලින්ට වෙඩි තියන්නටය කියා දවසක් අපේ බුරම්පි ආතා  මා එක්ක කීවා ය. 
බුරම්පි ආතා  කියන්නේ අපේ තාත්තාගේ මාමා විය. 
අර බී ඇල් පොඩිනෝනාගේ බාලම මල්ලිය.
උන්දෑ ඒ කියන්නේ   බුරම්පි සිංඥ්ඥෝ උන්නැහැ නොදන්න කෙහෙම්මලක්  නැති කෙනෙක්. 
උන්නැහේ හොර තුවක්කු හදපු කෙනෙක්. 
ඒවා කලේ විනෝදෙට. 
එයා ඒකෙ දුන්නට දැම්මෙ සිංගර් මැෂිමේ ෆුට් එක නොහොත් පාදය පහලට තෙරපාගෙන ඉන්නා දුන්නයි. 
ඔය කියන බුරම්පි ආතාගේ මැෂින් දුන්න! 

“ඔය නොම්මර  12 තුවක්කුවට් හරියටම හරියන බටේ තමයි මොරිස් මයිනරේ ස්ටියරින් බටේ …!” බුරම්පි ආතා මට කීවේ කනට ලංවෙලා.

මේ මහතැන් දන්නවානම් මේ කරකවන්නෙ තුවක්කු බටයක් කියලා!

තව තුවක්කු හදන්න නම් දරාපු අයියා කෙනෙක් නම් කිව්වේ “මලේ ඊට හොදයි විලීස් ජීප් එකේ ගියර් බොක්ස් එකේ ලිවර් හිර කරණා දුනු කියාය !” 

මෙච්චර සුපිරි කතාව මැද්දට කොහෙවත් නැති  බුරම්පියෙක් පැනලා වැඩේ අල කලා කියලා හිතන්න එපා.
 එතනින් තමයි ඊලඟ කයිවාරුවට පොට පෑදෙන්නේ. 
මේ දුනු කියන්නේ සිත්තර පත්ත්‍රේ කැලුම් එක දිගට අවුරුදු හතක් අටක් හොටු පෙරාගෙන ලව් කල  දේදුනු වත් තිසා හාමි ඕනමන්ට් එකක් විදියට තියාගෙන ඉන්න අර අඩි හතරක් පහක් උස  ගැජට් එක වත් නොවේය. 
මේක තේරෙණ හිංගලෙන් කියනවා නම් ස්ප්‍රින් එකකි.

අපේ ආදරණීය චින්තන අයියාගේ චින්තනයෙන් කල එළි  බැහැපු රටම දන්න ඩබල. දේදුනු හා කැළුම් ! පෑත්තක සිට මුන් දෙන්නාට රබර් ඇහැ දාගෙන ඉන්නේ යුනිකෝ කොල්ලාය!

තිසා හාමිම නෙවෙයි හැබැයි එවගේම වෙනත් බුවෙක්! - දුනු හී දරාගෙන!

සෑම පතුරමක්ම  පාහේ සමන්විත වී ඇත්තේ වෙඩි බෙහෙත් වලිනි.
 අපිට බීරංගෙට දාන ගිණිකූරු බෙහෙත් වල  ඉඳන් දක්වා ඇල්ෆ්රඩ් නෝබේල් හොයාගත්ත නයිට්‍රෝ   ග්ලිසරීන් හෙවත් ඩයිනමයිට්  නැතිනම් ට්‍රයි නයිට්‍රො ටොලුයින් - ( අනුග්‍රහය සුමිත් කළ්යාණ මිත්‍ර)(Trinitrotoluene) හෙවත් TNT දක්වා සියල්ල වෙඩි බෙහෙත් උනාට සුද්දාට තුවක්කු පතරොම් සඳහා උපයෝගී කරගන්නා වෙඩිබෙහෙත්  ගන් පවුඩර්  Gun Powder වූවේය.  
මෙම Gun Powder සෑදී ඇත්තේ සල්ෆර් , අඟුරු හා පොටෑසියම් නයිට්‍රේට් මිශ්‍රනයකි.  තුවක්කු සෑදීමට ගත් මිශ්‍ර ලෝහය හැඳින්වූයේ Gun Metal  කියාය. 

Gun Metal   සෑදී ඇත්තේ 88% තඹ 8-10% ටින් හා  2-4% සින්ක් (තුතනාගම්) මිශණකිනි.


තුවක්කු බටය දනිස්සට තියලා නවන්න පුළුවන් වග කීවේ කරවනැල්ලේ මෛත්‍රී අයියාය. 
එයා  කිවානම් ඒක ජී ඇල් පෙරේරා ගේ තාත්තා කීවාට වඩා මට ශුවර්ය!
මේ ජී ඇල් පෙරේර කියන්නේ  මා සමග එකම  පංතියේ සිට ඉහලට ඉගෙන ගෙන ලොකු මහතැන්  කෙනෙක් වූ ජී ඇල් පෙරේරා ය. 
එයාගේ තාත්තා එකල යුධ හමුදාවේ තුවක්කු රෙපයාර්  අංශයේ ලොක්කා ව සිටියේය.


අනේ මේ ජී ඇල් ලගෙ තාත්තානම් නොවෙයි. 
හැබැයි මේ ඉන්නෙ සුද්දගෙ රටේ තුවක්කු බාස් කෙනෙක්!

ගෙවල් තිබුනේ දෙමටගොඩය. 
එකල ජී ඇල් ලගේ ගෙදර ගිය විට මා වැඩි පුර රැඳෙන්නේ ඔහුගේ තාත්තා සමගය.
මන්ද එයා තුවක්කු පිස්තෝල ගැන මගේ තිබූ කුහුළ  දුරු කරණ නිසාය. 
ජීඇල්ගේ තාත්තා ඇරපු අතක් නෑ ලී වෑන් ක්ලිෆ්  වගේමය. 
For a few dollars more එකේ කර්නල් ඩග්ලස් මෝටිමර්  එක්ක ජී ඇල් පෙරේරාගෙ තාත්තා එකට තිබ්බොත් අර බෝන්චි කන  කොට ගේම අදින්න ගිහින් ඉල්ලං කන කුදාට වත් දෙදෙනා වෙන් කරලා හඳුනා ගන්නට බැරිය!

ලී වෑන් ක්ලිෆ් - කොහොමද ගැම්ම!

මතකද ඔය බයිස්කෝප් එකේ කර්නල් ඩග්ලස් මෝටිමර් නොහොත් ලී වෑන් ක්ලිෆ් ඔය කුදා එක්ක මුලින්ම ගේම ඉල්ලන සීන් එක?
කර්නල් එයා ගේ පයිප්පෙ පත්තු කරගන්න ගිණි කූර පත්තු කරගන්නේ බාර් එකේ නැමිලා ඉන්න කුදාගෙ ප්ශ්චාත් භාගයේ  අතුල්ලලා!

කුදා එක්ක ගේම ඇදගත්තු ඒ අමරණීය අවස්ථාව! -  නාකි විසේ!

ඒ කාලේ තිබුනේ ඒවගේ ගිණිකූරු! පස්සෙදි තමයි ඔය Safety Matches කියලා අටමගලක් ඇවිත් තියෙන්නේ. 
අන්න ඒ වගේ තාක්ෂණයක් තමයි පතරොම ඇතුලේ තියෙන වෙඩි බෙහෙත් වලට ගිණි අවුළුවන්න පාවිච්චි කරණ්නෙත්. 

     සුට්ටං රවුම - කැප් එක

ඉතින් මම  අර කීව ගන් පව්ඩර් එහෙම නැත්නම් වෙඩි බෙහෙත් වලට ගිණි අවුලුවන්න පොඩි කැප් එකක් ඕනෑම  පතරොමක පිටි පස්සේ තියේ. පතරොම පිටිපස්සේ හරි මැද්දෑවෙ සුට්ටං රවුමක් තියෙන්නේ ; ආං ඒක තමයි  මේ  අපේ උදවිය කැප් එක කියල හඳුන් වන්නේ. 




බඩු ගබඩාව!

ඕක ඇතුලෙත් තියෙන්නේ වෙඩි බෙහෙත්ම (Primer)  තමයි. 
අඩු පීඩනයකින් ගිණිගන්නා එකක් තමයි ඕක ඇතුලේ තියෙනවා කියන්නේ. මේක මැද්දට පොඩි පාරක් වැදුණු ගමන් හට ගන්නා ගිණි පුළිඟුවෙන් ඇතුලත තියෙන ගිණි ගත් සැනින් මහත් පීඩනයක් ඇතිකරණ ගන් පවුඩර් වල්ට ගිණි ඇවිලෙන්නේ. 
ඒ සැනින් හටගන්නා අධික පීඩනය හිස්ව ඇති තුවක්කු බටයේ ඉදිරි කෙළවරින් මූනිස්සම්  පිටතට තල්ලු කරමින් පිටවේ. මේ සකල විධ උපක්‍රමයට කියනා පොදු නම වෙඩි තැබීමය ! නැතහොත් ගිනි  පිඹීමය !!   

මේ සිද්දියට පතරොමේ කැප් එක මත පීඩනය ඇතිකරණ්නේ හැමරයෙන්‍ය. මේ හැමරය පනගැන්වේ දුන්නකින්ය. මෙන්න මේ දුන්න ගැනයි බුරම්පි සිංඥ්ඥෝලා අර විදියේ කතාවක් කිව්වේ.


“මලේ වෙම්බ්ලි ඇන්ඩ් ස්කොට් තුවක්කුවේ තියෙන්නේ මේන්න මේ වගේ දුන්නක්!” කියා අතේ දඹරැඟිල්ලයි මැදඟිල්ලයි ඈත් කරලා පෙන්නුවෙත් නම් දරාපු අයියා කෙනෙක්. 

මේ වගෙ දුනු වලට කිව්වේ “කාදු දුනු” කියලයි.  


කාදු දුන්න උඩ ! නිකං දුන්න යට!!



වෙම්ලිඇන්ඩ් ස්කොට් තුවක්කුවේ එකම වැරැද්ද ඔය දුන්නලු .
කැඩුනොත් හදන්න දන්න එකෙක් ලොවෙත් නෑ  ලොවි ගහෙත් නෑ කියලා තමයි කියන්නේ. 
හැබැයි ඒකාලේ සුපිරි අයියල ඕක කැඩුනාම දාල තියෙන්නේ අතින් වයින් කරණ පරණ ගරැමෆෝන් වල දුන්නෙන් කෑල්ලක් කපලලු!

ලියන්න මහන්සි වෙන්න ඕනෙ නෑනෙ -  ඔය කියලම තියෙන්නෙ!

වෙම්බ්ලි ඇන්ඩ් ස්කොට් කිව්වාම මතක් වුනේ අර මහල්ලා සහ මුහුද පොත ලියපු අර්නස්ට් හෙමිංවේගේ  ඩබල් බැරල් එකත් මේ ජාතියේ එකක්!
අන්තිමට ඒක කටේ දාගෙන වෙඩි තියාගෙන තමයි එයා මේ ලෝකෙන් යන්න  ගියේ. ඩබල් බැරල් කියන්නේ බට දෙකක් සහිත මූනිස්සං තුවක්කු වලටය. මෙයට එක වර පතරොම් දෙකක් දැමිය හැකි  වේ.

මේව ඉතින් සිහින!

මේ ඩබල් බැරල් තුවක්කු  ට්‍රිගර් දෙකක්  සහිතවද නොඑසේනම් සිලෙක්ටරයක් සහිතව තනි ට්‍රිගරයක් සහිතව හෝ නිපදවා ඇත. 
මේ සිලෙක්ටරය මෙහෙයවා පලමුව ක්‍රියත්මක විය යුත්තේ කුමන  බටයේ ඇති පත්‍රොමද යන්න තෝරා ගත හැක. සෑහෙන අමරුවක් ඇත්නම් පතරොම් දෙකම එකවර ක්‍රියාත්මක කල හැකි ඒවාද තිබෙන බව මා  අසා  ඇත!
එහෙත්  අහෝ දුකකි ඉරකි තිතකි දැකලා නම් නැත! 
ට්‍රිගරය යනු තුවක්කුවෙන් ගිනි පිඹීමට දබර ඇඟිල්ලෙන් පසුපසට මිරිකන කුඩා ලීවරයයි.  
තුවක්කුවට මල පනිනේ මේන්න මේක ඇල්ලුවාම තමයි!

මූනිස්සම් පතරොම් කිහිපයක් දැමිය හැකි තුවක්කුවට කියන්නේ රිපීටරය කියාය.  ලංකාවේ බහුල වශයෙන් දැකිය හැකි රිපීටර වර්ග දෙකින් එකක් වන ස්මිත් ඇන්ඩ් වෙස්සන් රිපීටරයට පතරොම් පහක්ද මොස්බර්ග් රිපීටරයට පතරොම් අටක්ද ගබඩා කොට ගත හැක. 
පතරොම් ගබඩාකරණයට කියන්නේ ලෝඩ් කරණවා කියාය.
රිපීටරයට ලෝඩ් කරද්දී එක පතරොමක් හෝ කණපිටට ලෝඩ් වුනොත්  මලම කෙළියකි. මරණ්න ගිය එකාට “වච්ච්ල්” කියා පතරොම බේරා ගත යුතුවේ.

Pump Action Shot Gun

රිපීටර තුවක්කු වලට බොහෝ රටවල කියන්නේ Pump Action Shot Gun කියාය. මන්ද තුවක්කුවේ ඉදිරිපස ඇති අල්ලගන්නා කොටස Fore End / Fore stock පිටුපසට හා ඉදිරියට  චලනය කිරීමේදී  පෙර වාරයේදී වෙඩි තැබීමට භාවිතාකල පතරොම ඉවත් කිරීම ; තුවක්කුවේ බටයට පහලින් ඇති Tubular Magazine එක තුල ගබඩා කොට ඇති පතරොම බටය තුලට ලෝඩ් කිරීම  හා හැමරය පනගැන්වීම යන කාරණා ත්‍රිත්වයම සුරුස් ගා සිදුවන බැවිනි.

මෙසේම ක්‍රියත්මක වන රයිෆල් තුවක්කුද ඇත. 

ඒවයේ චලනය කල යුතුවන්නේ Fore End එක නොව Trigger Guard එකය. 
Fist Full Of Dollars බයිස්කෝප් එකේ Gian Maria Volonte  හෙවත් Ramon Rojo තියාගෙන ශිල්ප දක්වන්නේ  මෙම වර්ගයේ රයිෆලයකිනි. 

මැගසිනයේ තිබූ අන්තිම පතුරම වනතෙක් වීරයාට වෙඩි තෑබීමෙන් පසුත් ඔහුව මරා දමන්නට නොහැකිව  කොරවී - රෝජෝ

මේවයේ විශේෂත්වය වන්නේ රයිෆලය රඳවා ගැනීමේදී මෙම ට්‍රිගර් ගාර්ඩ් එක සමග  අල්ලා  ගැනීමට හැකිවන පරිදි අතේ දඹරැගිල්ලට පහලින් ඇති අනෙකුත් ඇඟිළි ත්‍රිත්වයම රිංගවිය හැකි අකරයට   ට්‍රිගර් ගාර්ඩ් එක සමන්විත වීමයි. 
මෙම වර්ගයේ තුවක්කු හැඳින්වීමට භාවිතා කරණ පොදු පදය වන්නේ Lever Action Guns යන්නය.

Lever Action Gun

සාමාන්‍ය තුවක්කු වලට පතරොම් දැමීමට එය කැඩිය යුතුවේ. මේ කියන්නේ ගෙදර පවුල ට අහුවුනාම වාගේ  පොලවේ ගසා සුන්නත් දූලි කරණා එක නම් නොවන්නේය. එහි බටය පහලට නැමිය යුතුවේ. එයට කුඩා අගුලක්ද ඇත.
අගුල පන්නා බටය පහතට නැමූ පසු පතරොම පහසුවෙන් රිංගවිය හැක.

කඩා ඇතුලු කිරීම!

ඊට පෙර පත්තු කල පතරොමේ හිස් කොපුව ඔටෝ එලියට විසිවෙන හුරු බුහුටි  ක්‍රම වේදයක්ද මෙහි අටවා ඇත.
 ඉන්පසු නැවත තුවක්කු බටය වසා හැමරය අටවා ට්‍රිගරය මිරිකූ විට බඩු බනිස් ය! සමහර ඒවාට Safety Lock ජන්මයෙන්  ලැබී ඇත.
අපේ සීයාගේ එනම් බී ඇල් පොඩිනෝනාගේ මහත්තයා  සතුවූ ස්ටීවන්ස් තුවක්කුව ඊට හාත් පසින්ම වෙනස්වූ භාණ්ඩයකි. එය කඩා පතරොම රිංගවා වැසූ  පමනින් හැමරය පන ගැන්වේ. 
සේෆ්ටිය  පන්නා ට්‍රිගරය මිරිකූ සැනින් වැඩේ සිද්ධවේ.

ආචාර්‍ය ඇන් ඇම් පෙරේරා

නවසිය හැට ගනන්වලදී ඡන්දෙන් දිනූ ආචාර්‍ය ඇන් ඇම් පෙරේරා මහතා  ගමන් ගත් පෙළපාළියට ; බදුල්ලවල යසරත්න මාමා ගේ තාත්තා අපේම තව ඥතියෙකුගේ ගෙදර දොර මුල්ලේ සිට වෙඩි තැබූ පසු එතුමාව  තම  ගෙදර ඉස්තෝප්පුවේ වාඩි කරවාගෙන; ඔහුගේ මෝටර් රිය පැමිණෙන තුරු ;  EALY බ්‍රෑන්ඩ් එකේ පතුරම් 25 පෙට්ටියක් කඩා   ඉන් එකක්  ලෝඩ් කරවාගෙන සීයා  සිටියේ මෙම  ස්ටීවන්ස් තුවක්කුවටය. 

මේක ඒකම  නොවුනත් ඒක මේවගේ වෙන්න ඈති!

 එම තුවක්කුවට හෙන හුරා වැහුනේ නාහේනෙ මූකලානේ ගල් ලෙනේ වැඩ වාසය කල වජිර බුද්ධි නොහොත් දනියෙල් හමුදුරුවෝ කිසියම් ගුරුකමක් කලාට  පසුව යැයි මතයක් පවතී. 
එම තුවක්කුවට අරක් ගෙන සිටි අපේ ලොකු බාප්පා  දිනක් මහ රෑ දිෂ්ඨියකට වෙඩි තබමින් සැරි සැරූ පසු එම තුවක්කුවෙන් කිසිදා ඉලක්කයට වෙඩි තැබීමට නොහැකිවූ බවට අපේ පවුලේ ජනප්‍රවාදයේ කියැවේ. 


මේ ගල් ලෙන වන විට ලෝක ප්‍රසිද්ධ වී හමාරය! 
ජයන්ත චන්ද්‍රසිරි ගේ දඬුබස්නාමානය ටෙලියේ රණා - කමල් අද්දර ආරච්චි සැඟවී සිටින්නේ නාහේන මූකලානෙ පිහිටි මේ ගල්ලෙන තුලය!

කෙසේ හෝ මා එම තුවක්කුව අවසන් වතාවට  දැක්කේ 1971 අප්‍රෙල් කැරැල්ල පැවති සමයේදීය. 
එකල සියළු ගිණි අවි පොලීසි වලට භාරදෙන්නට ආ නියෝගය පරිදි එය භාරදුන් අතර නැවත ඒ වෙනුවට ලැබුනේ කාගේදෝ තුවක්කු කබලකි! 
සීයාකලේ මගේ තුවක්කුව නැත්නම් මට අනුන්ගේ ඒවා වැඩක් නෑ කියා එකක්වත් නොගෙන ආපසු පැමිණීමය ! 
අයියෝ සල්ලි !

Bolt Action

රයිෆල් වලට පතරොම් ලෝඩ්  කිරීමට  ඇත්තේ  හැමරය වෙනුවට එහි ඇති Firing Pin  එක පන ගන්වන්නේත් කුඩා ලීවරයක් පසු පසට ඇදීමෙනි. 
ඒවට කියන්නේ Bolt Action  තුවක්කු කියාය.
එය පිහිටා ඇත්තේ තුවක්කු බටයේ පසුපස කෙළවරේය. 
Sniper හෙවත් දුර සිට ඉලක්කයට වෙඩිතබන වෙඩික්කරුවන්  භාවිතා කරණ්නේ Sniper Rifle  මෙම Bolt Action  තුවක්කු වේ.   

Sniper Rifle -මරණය තැපෑලෙන් බෙදීම!

මෙයට කලකට පෙර පොලිස්  රාළහාමිල කරේ තියාගෙන ගොස් වෙඩි තියනවා වෙනුවට දෝත බදා ඔලුවට පත බෑවූ 303 රයිෆලයද බෝල්ට් ඇක්ෂන් රයිෆලයකි. මේ 303 (ත්‍රී ඕ ත්‍රී ) රයිෆලය සෙල්ලම් භාණ්ඩයක් නොවන්නේය.
මෙම රයිෆල් පතරොමක Effective Range  එක නොහොත් “වදුනොත් මළා" දුර යාර 3000 ක් හෙවත් මීටර 2700  හෙවත් කිලෝ මීටර 2.7 කි.

හිත හීලෑ නෑ!

ඒ කියන්නේ බොරැල්ලේ පොලීසියේ  සිට වෙඩි තැබූ විට  මරදාන කිට්ටුවට වදින  බවය! අනේ ඒවට මොනවා කලාද මංදා ! දෙවන මහ ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුද විසින් භාවිතා කල සුප්‍රකට  Bren Gun නමැති LMG (Light Machine Gun)  සඳහාද භාවිත  කොට  ඇත්තේ මෙම 303 උන්ඩය.

මිත්‍ර හමුදා බිම ලැග ගෙන!

උන්ඩ කිව්වාම මතක් උනේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් මහතා කීවේ උන්ඩ වලට මුන්ඩ කියාය. ඒ කුමන මුන්ඩයක් හිත තබාගෙනදැයි කියන්න දන්නේ එතුමා හා එලීනා ජයවර්ධන මහත්මිය පමනකි!  

   මුන්දෑගේ මුන්ඩ කතා දන්නෙ මේ උපාසක අම්මා පමනි!

තුවක්කුවක බටය දික්වූ  තරමට එහි ඉලක්කය හොඳය. 
පතරොම් තුවක්කුවක නම් බටය ඇතුලත් ඇති ආනතිය එනම් කෝණික බව වැඩිවූ තරමට ඉලක්කය වෙත මූනිස්සම් නොඉහිරී එක රොත්තට වදී.
 එහෙත් තුවක්කු බටය දික් වීම හා පෙරකී කෝණික බව Taper වැඩි වීමෙන් තුවක්කුවේ වාංගුව  නොහොත්  පසුපසට එන පහරේ Backfire ප්‍රභලත්වය රඳා පවතී.   
පෙරකී තනි උන්ඩ යෙදූ පතරොමක් ගැලවූ විට එයතුල මූනිස්සමට  බද්දකල ආනත දැති සහිත නයිලෝන් රෝදයක් පවතී. 
ඒ උන්ඩය ගමන් කිරීමේදී එයට භ්‍රමනයක් ලබ දීමටය. අධික වේගයෙන් පිටවන උන්ඩයේ පසුපස සවිකොට ඇති දැති රෝදය තුවක්කු බටයේ ඇතුලත බිත්තිය හා ගැටීමෙන් එය භ්‍රමණය වන්නට පටන් ගනී.

පිට පොට නොයන පොට!

රයිෆල් තුවක්කු වල මෙම ක්‍රියාව ඉටු කිරීමට බටය තුල පොටක් Thread එකක් කපා ඇත. කාත් කවුරුත් දන්නා ටT 56 ද 9mm ද මේ  පොට නොහොත් රයිෆ්ලින් Rifling එක දැකගත හැකිය.
Rifling Twist කියන්නේ මෙම පොට ටය.
Rate of Twist කියන්නේ  එක් වටයක් බ්‍රමනය වන්නට උන්ඩය පොට දිගේ කොපමණ දුරක් ගමන් කලයුතු වන්නේද කියාය. එය සමන්‍යයෙන් 1 ට 7 ක් පමණවේ. 
303 හි මෙය 1 ට 10 කි. එනම් එක් වටයක් බ්‍රමණය වන්නේ අඟල් 10 ක දුරක් උන්ඩය ගමන් කල යුතු පසුවය.   



 ගැට්ට සහිත!

ප්‍රධාන වශ්යෙන් පතරොම් වර්ග  දෙකකි.
රිම් එක සහිත හා රහිත මෙම දෙවර්ගයයි. 
තුවක්කුවේ බටය තුලට පතරොම මුලුමනින්ම ඇතුළුවීම වැලැක්වීම හා වෙඩි තැබූ පසු හිස් පතරොම් කොපුව ඉවතට ගැනීමට මෙම රිම් එක ප්‍රයෝජනයට ගැනේ. රිම් එකක් සහිත පතරොමක් ක්‍රියාත්මක වීමේදී රැඳෙන්නේ බටයේ පසුපස කෙළවරේය. 


රයිෆල්, පිස්තෝල වැනි පතරොම් රැසක් ගබඩා කිරීමට ඇති මැගසිනය තුල ඇසිරීමට පහසුවන පරිදි එලියට  නෙරූ රිම් එකක් නොමැත. 
එහෙත් මෙම  ස්වයංක්‍රීය  ගිණි අවි වල ක්‍රියාත්මක වීම සඳහා බටය තුලට ඇතුළු කරන්නේත්  ඉන්පසු ඉවතට ගන්නටත්  හැකිවන පරිදි පතරොම අල්වා ගැනීමට කාණුවක් නොහොත් Groove  එකක් හරා ඇත !


ගැට්ට රහිත!

කාණු කිව්වාහම තව එකක් මතක් වුනා නොලියාම  බැරි. 
තුවක්කු ගැන කතාකරද්දි භාවිත කරණ එයටම සුවිශේෂ වූ වචන කෝෂයේ ඇති තවත් එක් වචනයකි “කාණු” යන්න. 
අර දයානන්ද  ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකා නාටකයේ ඒකාලෙ කලා කරුවෙකුව සිටි ජැකා; අනුලා බුලත් සිංහල එක්ක; ජෝන් කොතලාවල ගැන කියන  විරිදුවේ “කාණු හතයි පිස්තෝලෙට.” කියා කියැවෙන්නේ මෙම කාණු ගැනය. ඒ රිවෝල්වරවල පතුරොම් රිංගවන කුහර මේ නමින් හඳුන්වති.    

 ජැකා ඇන්ඩ් අනුලා (වෙන්න ඕනෙ!)

නෙයිනට තියෙන්න ඇත්තේ මේ වගේ එකක්!


“රිවෝල්වර ” ඒකත් කතාකරණ්න සුපිරි මාතෘකාවක් ! පාඨක ප්‍රථිචාර බලලා කතා කරමු!

70 comments:

  1. මං තුවක්කු ගැන ඉගන ගත්තෙ J T Edson පොත් වලින්. වැඩිපුර තිබුනේ 1800's වින්චෙස්ටර්, ශාර්ප්, ස්ප්‍රින්ග්ෆීල්ඩ් rifles & carbines / කෝල්ට් ඩෙරින්ගර්, රෙමින්ටන් වෙබ්ලි බුල්ඩෝග් revolvers තමයි.

    තට්ට මහතාලගෙ ගෙවල් පැත්තෙ තමයි ලංකාවෙ දැනට හොඳම තුවක්කු කාර්මිකයෙක් ලෙස සලකන තෝමස් ඉන්නෙ. ඒ ගොල්ල තුවක්කු රෙපෙයාර් වලට අමතරව වායු රයිෆල් විකුණනවා. මං .22 පෙලට් ගන්න යනවා එහෙ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ලියමුකෝ ඉතින් දන්න කියන දේවල්! මට කොටන තුවක්කු Muzzle loading guns ගැන ලියන්න බැරිඋනා!

      මමද එතුමාගේ පාරිභාගිකයෙක්මි! මම ගන්නේ .177! හෙට යන්න ඕනෙ!

      ස්තූතියි! මෙක හරිම සුන්දර විෂයක්!

      Delete
    2. කාණු හතේ රිවොල්වර්ස් වැඩියෙන් හැදුවෙ ස්මිත් & වෙසන් මං තිතන්නෙ. ඒත් කෝල්ට් ඊට කලින් හැදුවා වැඩිය ජනප්‍රිය නොවුනාට. S & W කාණු 8 සහ 10 ත් තියනවා.
      LeMat 9ත් තියනවා. කොතලාවල කතාවෙ බොහෝදුරට S&W වෙන්න ඇති නේ?

      ඔය චේම්බර් ගාණනෙ ඒත් ඔබතුමා දැකල තියනවද මල්ටි බැරල් පිස්ටල් සහ රිවෝල්වර්? වර්ථමානයේ බැරල් දෙකක් තියන ඒවා තියනවා මං හිතන්නෙ ඒත් ඉස්සර ගැට්ලින් ගන් එකවගේ බැරල් තිබුන පිස්ටල් හා රිවෝල්වර් තිබුන නේද?

      Sword sticks මගේ ෆැසිනේශන් එකක්. ( got 2 ! ) ඒ ගැන හොයනකොට combination weapons ගැන දැන ගන්න ලැබුනා. Pistol + Knife/sword !!!

      මට අඩුවට .22 හොයල දෙන්නකො. තෝමස් අස්ප ගණන් කියනවා.
      .177 readily available නෙ

      Delete
    3. මම මල්ටි බැරල් රිවෝල්වර්ස් දැකලා තියෙන්නේ අන්තර් ජාලයේ පමනයි! ඇයි තව .22 එකක් හොයන්නේ? ගන්නවානම් ගන්න ඕනෙ .22 ඔර්ජිනල්ම එකක්! ඒකයි 303 එකයි ඈතින් තිබ්බාම හොයන්න බැරිතරම් කිට්ටුවට යන ඒවා තියෙනවා! 410 ගෙදරක තියෙන්න ඕන එකක්!

      Delete
    4. නෑ බොස්, මං කිව්වෙ .22 පෙලට්ස් . හොයා ගන්න අමාරු නිසා ගාණ වැඩියි

      Delete
    5. ආ එකෙන්ම මම අපේ කොල්ලගෙන් අහන්නම්! තිබුනොත් මමගෙන්වගෙන බැංකුව හරහා ලැබෙන්න සලස් වන්නම්!

      Delete
    6. Thank uuuu. You made my day Mr. Brynner !
      දවසක .22 එකයි, ස්වෝර්ඩ් ස්ටික්සුයි අරං ඔබතුමාගෙ ශූටිං රේන්ජ් එකට එන්නන්

      Delete
    7. ස්තූතියි!
      බොහොමත්ම!

      Delete
    8. .22 eBay eken ganna Thomas ta wada labai.eka eka hadaye ewa,bara wenas ewa thiyenawa. accuracy and power better than gamo.
      www.ebay.com/itm/JSB-Diabolo-Straton-Jumbo-Pellets-22-500psc-546238-500/152826864868?epid=748707872&hash=item239530e4e4:g:2VUAAOSwTO9aMS9p
      www.ebay.com/itm/JSB-Metalmag-Predator-22-Pellets-200psc-2002-01-200/162753289206?epid=1136793729&hash=item25e4da1bf6:g:pzAAAOSwGzhaCr3q

      Delete
    9. මේ කොන්ව ෙශ්ෂන් එක නිකන් ග්‍්‍රීක් වගේ

      Delete
  2. මොන පාඨක ප්‍රතිචාර ද? ලියමු ලියමු. අම්මප තමුසෙ මොන වගේ පොරක්ද තට්ටයෝ? දේශපාලන,සාහිත්‍ය,සංචාර,පණ්ඩිත වැඩ,වාහන .... යකෝ ... හොයන් එන්න ඕන දවසක....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! රසවත් නම් ලියමු!
      ලිව්වොත්ලියන්න තියෙන්නේ කැමතිම දේ ගැන!
      රිවෝල්වර !
      ක්ලින්ට් ඊස්ට්වුඩ්ව චාල්ස් බ්‍රොන්සන්ව මේකට බැස්සුවේ නැත්තෙ ඒකයි!

      Delete
    2. "Smith Wesson and me !"- Dirty Harry Callahan ( Sudden Impact 1983)

      Delete
    3. ප්‍රාජෙ ඒවගේ ෆිල්ම්ස් දැන් එන්නෙ නෑ.

      The Magnum 44 - The most powerful gun in the world!
      One shot can clean off your head!

      මතකද?

      Delete
    4. "Go ahead, make my day" is a catchphrase written by Charles B. Pierce and spoken by the character Harry Callahan from the 1983 film Sudden Impact.
      In 2005, it was chosen as No. 6 on the American Film Institute list, AFI's 100 Years... 100 Movie Quotes

      Delete
  3. ඕං ඕකනෙ බැරි, අපෙත් අර නිලීන වෙලා තියෙන ජාන ප්‍රමුඛ වේගෙන එනව මේවා කියවලා.

    දැන් ඉතින් හොර තුවක්කුවක් හොයාගන්න ඕන හරි හමං නින්දක් යන්න නම්... (නිකන් රිපීටර් එකක් වගේ )

    ReplyDelete
    Replies
    1. උඹ මධුෂාන් මට ගෙදර ඉන්නත් බැරිවෙන වැඩක් කරයි කියලා මට ඉවෙන් වගේ තේරෙණවා! මේ දවස් වල තියෙන කේස් වල හැටියට තව ඉතුරු වෙලා තියෙන්නෙ හිරේ යන්න විතරයි!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉස්සර පොලිස්කාරයො ලී එන්ෆීල්ඩ් .303 තියාගෙන ඉන්නව දැකල තමයි මට මුලින්ම ගන් ලව් එක ආවෙ. කිලෝ හතරට වඩා බරයි රිකොයිල් එකත් සැර ඇති නේ? (.600 .700 අලි තුවක්කු - නයිට්‍රෝ එක්ස්ප්‍රස් cartridge වගේ - කොහොමට ඇද්ද? :-D )
      ඒ රයිෆල්වල තියන ලස්සන AK 47, T 56 වල නෑ නේද?


      ඔබතුමාගෙන් කාරණයක් දැන ගන්න කැමතියි. රයිෆල් තියනකොටත් අලිතුවක්කු වගේ ඒවට smooth bore පාවිච්චි කලා ඇයි ඒ? උණ්ඩය විශාල නිසා මුල් කාලයේ rifling අමාරුවුනාද?

      Delete
    2. ඇත්තටම තුවක්කු තිබුනේ ඒ කාලෙ! දැන් තියෙන්නේ ඒ වගේ ඒවා. අලි තුවක්කු වගේ ඒවට smooth bore එකක් යොදලා තියෙන්නෙ backfire එක අඩු කරණ්න වෙන්න ඕනෙ!
      එහෙම නේද මහාචර්ය තුමෝ?

      Delete
    3. අඩේ ඇත්ත තමයි. බැක්ෆයර් එකෙන් පුපුරන්න පුලුවන් නේද? රිකොයිල් එකත් අඩුද? smoothbore බැරල් ලයිෆ් එකත් වැඩිනෙ. ඔබතුමාගේ ඩයි හාර්ඩ් ෆෑන් ඉරෝමනි මැතිනිය කියල තියෙන්නෙ ඇත්ත තමයි !!

      Delete
    4. ඔයා මාව පුම්බනවද මන්දා! ස්තූතියි!

      Delete
  5. දැනුම වැඩි කරගන්න නම් හොදයි. ඒත් මේ මාතෘකාව මටනම් සැර වැඩියි වගේ. අනේ මන්දා ඔබත් දන්න දේවල්. සියල්ල දත්. එහෙම නේද???


    ReplyDelete
    Replies
    1. ලඟදි පවුල දෙකක් ගැලෙව්වා! දැන් 30 යි!

      Delete
    2. බොහොමත්ම ස්තූතියි!

      Delete
  6. ඒ ගමන ඔරු පදින එක අතෑරල ගිනි අවි සහ ගිනි කෙලි කරන්න පටං ගත්තද?

    මොනව උනත් වැදගත් තොරතුරු ටිකක්.

    ReplyDelete
  7. අපි නම් ඕවා දන්නෙත් නෑ දැකලත් නෑ. පාංදර හතර හමාරට ඇඳේ ඉඳන් කියවන්න පුලුවං පෝස්ට්ද ලොක්කෝ මේවා.. හෆොයි.. එක්ස්ප්ලෝසිව් ගැන එකප්ලනේශන් එක මදි වගේ.. basiwtwo types. High explosives and low explosives.. high explosive gives you the blasting effect while low explosive giving propellant effect.. so as the gun powder use in ammunition to give the propellant effect to those ion balls inside ammo.. TNT is a high explosive commonly used in bombs such as clamour etc. TNT (ට්‍රයි නයිට්‍රො ටොලුයීන්) can also use in controlled blasting such as demolitions.. ඔය ඉතිං උඹ නං අපිට යහතින් ඉන්ඩ දෙන්නේ නෑ.. දැන් සේෆ්ටි ගැන ලියන්නද තුවක්කු පතුරං ගැන ලියන්නද?

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මිතුරු තොමො! මා මාගැන හඳුන්වා දෙන්නේ " සියල්ල ඇති එහෙත් කිසිවක් නොමැති!" කියාය. එසේම මා දන්නාකියන දේත් එසේමමයි. "සියල්ලඩ් දත් ; කිසිවක් නොදත්" ලෙසටය. අධ්යාපනයේ ක්‍රම වේධ තුනක් ගැන මා අසා ඇත.
      1. විධිමත් අධ්යාපනය - Formal Education
      2. අවිධිමත් අධ්යාපනය - Informal Education
      3.නොවිධිමත් අධාපනය - Non-Formal Education
      ලෙස.
      මා ලෝකය දැක ඇත්තේ ඔය දෙවන ක්‍රමයෙන්.
      ඒතුලින් ලියනා දේ තුල ඇති කිසියම අඩුපාඩුවක් වෙතොත් එය ඔබ වැනි පලමු ක්‍රමයේ හෝ දෙවන ක්‍රමයේ ඉගෙනුම ලබාගත් අය විසින් මෙලෙස කොමෙන්ටු මගින් නගා සිටුවා කෙලින් කොට සර්ව සම්පූර්ණ කිරීම මුදිතා ගුණ භරිතව ඇස් කෙවෙණි තෙත් කරමින් බලා සිටින්නෙමි!

      මා වරිච්චි බඳිමි! එයට මැටි පුරවා ;දෙමැට්ට ගසා බිත්තියක් කරණු මැන!! එය බොහෝ දෙනෙකුගේ සිත සුව පිණිස වනු ඇත!!!

      බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. අනේ තව එකක්!
      සුපිරිම වැඩේ කියන්නෙ ඔය අධයාපනයෙ ලැබීමේ ක්‍රම තුන ගැන දැනගත්තෙත් අවිධිමත් අධ්යාපනය තුලින්.
      දවසක් කොළඹ විෂ්ව විද්යාලයේ මහාචාර්ය (නිහතමාණී) දයා රෝහණ අතුකෝරළ මහතා රූපවාහිණියේ කරපු කථාවකින් ඩැහැගත්තේ!
      (නිහතමාණී) මේ වචනෙ මෙතැන මේ විධියට යෙදුවේ එතුමාට කරණ ගෞරවයක් ලෙසට - ඔබ කියැවීමේදී මග හැරෙයි කියා!
      එතුමා එදා එම සාකච්ඡාවේදී කියපු වැදගත්ම පාඨයක් තිබුනා.
      කුඩා දරුවන්ට උගැන්වීමේදී පිලිපැදිය යුතු ක්‍රමවේධය.

      ටිකක්! සෙමෙන්!! හොඳින්!!!

      Delete
    3. කවුද පොරක් සිංහලෙන් කිව්වාලු John of all- lord of the none කියලා

      Delete
    4. Jack of all treads - Master of none! කිව්වෙත් ඒකාම වෙන්න ඇති!

      මොකද කරණ්නෙ මල්ලි!
      ටාසන් ලා වගේම මේසන් ලාත් මේ ලෝකෙ ඉන්න එපායැ.
      නැතිනම් මේසන්: ටාසන් වගේ වැලේ එල්ලිලා යන්න ගත්තොත් බිත්තියක් කපරාරු කරගන්න එකෙක් නැතිවෙයි!
      ඔයා අහලා තියෙනවද ලූෂන් බුලත්සිංහල ලියලා මාලණී බුලත්සිංහල ගායනා කරණ ලස්සන ගීතයක් තියෙනවා "රජ මැදුරක ඉපැදී සිටියානම් - නුඹත් රජෙකි පුතුනේ" කියලා.
      මම හරිඅ ආස ගිතයක් ඒක.
      වෙලාවක අහලා බලන්න ඔයත් ඒකට සමහර විට කැමති වෙයි!

      බොහොමත්ම ස්තූතියි ආවාට ; කියෙව්වාට ; ලිව්වාට ; අළුතින් දෙයක් කියලා දුන්නට!

      Delete
  8. අය්යේ වායු රයිෆල් ගැන මුකුත්ම නොදන්නා එකෙක්ට පටන් ගන්න හොඳ මොනවගේ එකකින්ද .කොහුවල පැත්තේ ක්ලබ් එකක් තියෙනවා උන්ගේ අස්ප ගනන්නේ කොස් එකක් .තනියම පුරුදු වෙන්න ,අඩු වියදම් ,අඩු නඩත්තු ලයිසමක් ඕනේ නැති එකක් කියන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. වායු රයිෆල් වලට බලපත්‍රයක් අවශ්ය නැත!
      එහෙත් ගේමක් නැතිව මිනිහෙක් මරාදැමීමට භාවිතා කල හැක!
      දෝත බදා ඔලුවට ගසා නොව වෙඩි තැබීමෙන්ය.
      ඒකෙ ඉගෙන ගන්න තරම් මහ ලොකුවට දෙයක් නොමැත.
      සාමාන්යයෙන් රුපියල් 8000 කට පමන එකක් අරන් ඒකට දාන පෙලට් ටින් එකකුත් අරන් ගේ පිළි කණ්නට ගියාම උවමනාව තියෙනවානම් හවස් වෙන කොට තරමක මක්ස්මන් කෙනෙක් විය හැක!

      දැනට වායු රයිෆල් විකිණීමේ පුරෝගාමියා කඩවත ඉහල බියන්විල තෝමස් උන්නැහැය!
      ඔහු ඔහුගේ ගිණි අවි සමග දෙන්නේ ; ඔහු විසින් ආරක්ෂක ලේකම් වෙත වායු රයිෆල් සඳහා බලපත්‍ර අවශ්යදැයි විමසූ ලිපියකට පිළිතුරු වශයෙන් අවශ්ය නැතැයි සඳහන් කොට පෙරලා එවූ ලිපියක ඡායා පිටපතකි!
      මම හෙට ඒ පැත්තෙ යනවා . තව විස්තර හොයලා ලියන්නම්!

      හැබැයි වායු රයිෆල් වල සයිස් දෙකක් තියෙනවා. එකක් 177 (මේක කියන්නේ "වන් ඩබල් සෙවන්" කියලා. අනික .22 ( මේක හඳුන්වන්නෙ පොයින්ට් ටූ ටූ කියලා.)
      ගන්නකොට "වන් ඩබල් සෙවන්" එකක් ගනිං.
      ඒවට දාන පෙලට්ස් හොයාගන්න පහසුයි . මිලත් අඩුයි!
      ela!

      Delete
    2. තෝමස් ලා ළඟ 10000 වලට වඩා අඩු ගානට ගන්න තියෙනවද ?

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අප්පෙ ඇති! හෙට මම ගිහින් බලලා කියන්නම් මල්ලි!

      Delete
    2. මල්ලි මම පෝය දවසේ තෝමස් ඇන්ඩ් සන්ස් එකට ගියා!
      එතන තියෙන ඉම්පෝටඩ් අඩුම එක රුපියල් 16000යි වොරන්ටිය අපුරුදු 3 ක්!
      මේ අය හදන එකක් තියෙනවා රුපියල් 25000 යි වොරන්ටිය අවුරුදු 5 යි! හැබැයි ඒකත් සුපිරි! උන් කියනවා දැන් එයා රයිෆල් ගෙන්වන්න් දෙන්නෙ නැහැලු!
      උන් කියනවා අපි අහනවා තමයි!

      Delete
    3. අය්යේ මම තෝමස් ගේ සයිට් එකේ දැක්කා 25000 එක .16000 වලට තියෙන එකේ මොඩල් එක මොකක්ද කියලා මතකද ?පොල් සංවර්දන මණ්ඩලෙන් රුපියල් 10000කට දෙන්න ගෙන්නලා තිබ්බා .හැබයි ගොවියන්ට .කැකිල්ල ඇට දාලා තියන්න පුළුවන් ඒවාද දන්නේ නෑ .කොහොමහරි ගෙනාව බඩු හරියට දුන්නේ නැහැ කියලා තමයි ආරංචිය .

      Delete
  10. /// ඔහු ඔහුගේ ගිණි අවි සමග දෙන්නේ ; ඔහු විසින් ආරක්ෂක ලේකම් වෙත වායු රයිෆල් සඳහා බලපත්‍ර අවශ්යදැයි විමසූ ලිපියකට පිළිතුරු වශයෙන් අවශ්ය නැතැයි සඳහන් කොට පෙරලා එවූ ලිපියක ඡායා පිටපතකි! ///
    මමත් ගැමෝ විස්පර් ෆියුෂන් 0.177 (1300FPS) වර්ගයේ එයාර් රයිෆල් එකක් ගත්තා. ගත්ත කිව්වට රටින් ගෙන්නගෙන ඒක රේගුවෙන් නිදහස් කරගන්න බැරුව ලොකු කටුවක් අනුභව කලා...
    අන්තිමේදී මට ඒක මගේ නමටම රයිෆලයේ විස්තර සහිතව නිකුත් කරපු ආනයනය බලපත්‍රයක් සහිතවම නිදහස් කරගන්න පුළුවන් උනා...

    0.22 තහනම් කරන්න හදන කතාවක් තියෙනවා ඒ දවස් වල ඉඳලම... ;(

    ReplyDelete
    Replies
    1. මගේ ඊළඟ හීනය වෙලා තිබුනේ Hatsan BT65 PCP එක...
      ඒකෙ 0.25 එක තමයි මරු අයිටම් එක. ගෑස් ටැංකියක් හිල් කරගෙන යන්න තියන්න පුළුවන්...
      අපිට කොයින්ද ඒ ආතල්...
      තෝමස් ල ගාව 0.177 එකක් තිබුනා ඒ දවස් වල. ගාන සැර නිසා සහ එච්චර ගානක් ඒ වැඩේට යට කරන්න පුළුවන් කමක් නොතිබ්බ නිසා ඒ ආසාව එහෙම්ම යට ගියා...
      ගන් එකයි, ගෑස් ටැංකිය (කිමිදෙනකොට පාවිච්චි කරන වර්ගයේ එකක්), ස්කෝප් එක ඇතුළු ඔක්කොම අඩුවැඩිය ගන්න ලක්ෂ දෙකහමාරකටත් වැඩිය ගානක් කිව්වා වගේ තමයි මතක...

      හැබැයි ඉතින් එක පාර පෙලට් 10 ක් ලෝඩ් කරගෙන සයිඩ් ලිවර් බෝල්ට් එකෙන් එකින් එක ලෝඩ් කරගෙන වෙඩි තියද්දි තියෙන ආතල් එකත් එක්ක බලද්දී වැඩේ පාඩුත් නැහැ...

      එකම අවුල හුලන් ටැංකිය පුරෝ ගන්න කිමිදෙනකොට පාවිච්චි කරන ටැංකි වලට හුළං පුරවන උන් හොයාගෙන යන්න වෙන එක තමයි...

      අද ආයේ නිකමට කතා කරලා බැලුවා. දැන් 0.22 තහනම් කරලා කියල තෝමස් එකෙන් කියනවා. ඒ මදිවට 0.177 පවා ගෙන්නන්න බැරි කතාවක් එතනින් කියනවා... ;(

      දැන් ඉතින් ඒකත් හබක් කියහන්කෝ...

      Delete
  11. 22 eBay eken ganna Thomas ta wada labai.eka eka hadaye ewa,bara wenas ewa thiyenawa. accuracy and power better than gamo.
    www.ebay.com/itm/JSB-Diabolo-Straton-Jumbo-Pellets-22-500psc-546238-500/152826864868?epid=748707872&hash=item239530e4e4:g:2VUAAOSwTO9aMS9p
    www.ebay.com/itm/JSB-Metalmag-Predator-22-Pellets-200psc-2002-01-200/162753289206?epid=1136793729&hash=item25e4da1bf6:g:pzAAAOSwGzhaCr3q

    ReplyDelete
    Replies
    1. eBay එකෙන් ගෙනාවම අතට ලැබනකං කියන්න බෑනෙ!

      Delete
    2. මන් ගෙන්නුවා හොදට තිබුනා. මම link දාල තියෙන seller හොදයි. දවස් 10 deliver උනා.

      Delete
  12. Avi gatho aviyanama nase kiyanna aththada?

    ReplyDelete
    Replies
    1. කවුද බං කියන්නෙ? "අවි නැත්තෝ අවි ඇත්තෙන් ගෙන් නැසෙති!" ඒකයි ඇත්ත!

      Delete
  13. විචාරකව මතක් උනා

    ReplyDelete
  14. I have wembly and scott Double barrel # 16 gun. It was transferred to me from my father. Having a antique value. I am glad and happily read this article. Thank you.

    ReplyDelete
    Replies
    1. ඔබ තරම් අප වාසනාවන්ත නොවෙමු!

      Delete
  15. නියම විස්තරයක්. ස්තුතියි මේ ලිපියට. මේ ජාතියෙන් සාරවත්ව සිංහලෙන් ලියවුනු පලවෙනි/එකම ලිපියද මන්දා

    ReplyDelete
  16. One of my friend gave me a Air Pistol, and he asked Rs. 50K. I too was fond of such things those days but I could not buy at that price. No I feel he tried to make me a fool?
    It is almost same as 9mm.Bit Heavy. Same Pallets to be loaded.
    Is it a illegal weapon? Need License?

    ReplyDelete
    Replies
    1. 50000ක් වෑඩි නැද්ද? මම දැකලා තියෙනවා. ඔව් 9mm වගේම තමයි ! ලයිසන්ස් එකක් ඕනෙ වෙන්නෙ නෑ!

      Delete
  17. තුවක්කු ?
    තට්ට අයියේ් උඹ ෙබා්කරපු පිස්සු ටික මදිද බං දැන් තවත් එකක්.

    ReplyDelete
  18. Shot Gun ganna plwn da thomas and sons eken....ekata license one da??

    ReplyDelete
  19. ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ ෂොට් ගන් එකක් නොහොත් මූනිස්සම් තුවක්කුවක් ලඟ තබා ගැනීම , ප්‍රවාහනය, පරිහරණය, එකලස් කිරීම , නිපදවීම යන කිසිදු කට යුත්තක් නියමිටහ් බලපත්‍රයකින් තොරව කල නොහැකියි. තුවක්කුවක් ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කරනු ලබන බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. බලපත්‍රයක් තිබුනද තෝමස් සමාගමෙන් ඔබට තුවක්කුවක් මිලදී ගැනීමට නොහැක. ඒවා නිකුත් කරණු ලබන්නේ රජයේ ආයුධ ගබඩාවෙන් හෙවත් ආමරියෙන්ය. ස්තූතියි පැමිණියාට!

    ReplyDelete
  20. 16 පතොරම් නැද්ද

    ReplyDelete
    Replies
    1. 16 පතරොම් තියෙනවා. 20 සහ 410 (ෆෝ ටෙන්) හිගයි. 410 නම මම දැක්ස්ල්ස්ස් තියෙන්නෙත් මීට අවුරුදු 25 කට කලින්. ලයිසන් තුවක්කුවකට 16 පතරොම් ගන්න පුළුවන්! නමුත් 12 තරම් සුලභ නෑ!

      Delete
  21. නොම්මර 4 ලඟට නොම්මර 8 පතරොම් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම 12, 9, 81/2, 8, 6, 5, 4. 2, BB කියලා සයිස් රේන්ජ් එකක් පොත පතේ තියෙනවා. ඒත් මා නම් දැකලා තියෙන්නේ නොම්මර 4 යි SG එකයි. SG එකේ කැට 9 කුත් නොම්මර 4 කැට 52 කුත් තිබෙන බව මම අසා තියෙනවා.

      Delete
  22. Yaluwe math asai oyage me wada satahanata maru

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...