Thursday, January 18, 2018

76. දැන්වීමයි


නොමිලේ



උසස් පෙල රසායන විද්යාව , භෞතික විද්යාව , සංයුක්ත ගණිතය ගම්පහ උපකාරක පංති වලින් ලබාදුන් නිබන්ධන රාශියක් මා සතුව පවතී.

 ගම්පහ පමනක් නොව මුළු කොළඹම් හතර දිග් බාගේ තමන්ගේ මූණු ලොකු ලොකුවට තාප්ප වැහෙන්න ගහන උන්දැලාගෙ නිබන්දන මේ සමග තිබේ. 

අවැසි කෙනෙක් වෙතොත් කිසිදු අයකිරීමකින් තොරව නොමිලේම දෙනු ලැබේ.

විල් බැරැක්කයක් හෝ අත් කරත්තයක් සමග හමුවන්න ; ලියන්න!

මම,  තට්ටයා!

23 comments:

  1. හෑ ප්‍රෙස් එකක් වත් කැඩුවද?

    ReplyDelete
  2. අනේ නෑ මලේ! අපේ කොල්ලගෙයි කෙල්ලගෙයි ඒවා!

    ReplyDelete
    Replies
    1. මල්ලි කාට හරි ඕන උනොත් කියපං!

      Delete
  3. හප්පට සිරි... නරකද ටියුෂන් එකක් දැම්මොත් බොස්.

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලියේ බලපං ඔය පැත්තෙ කවුරුවත් ඉන්නවද කියලා මේ ටික දෙන්න!

      Delete
  4. තා අවුරුදු හය හතක් තියාගන්න පුළුවන්නන්.. එදාට මං ගන්නවා.. :)

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා ඉතින් දැන් ඇවිත් ගෙනියන්නකෝ ඉවරයිනේ!

      Delete
  5. ඕවා බලලා කරලා උඹේ ළමයි කැම්පස් ගියාද ?

    ගියේ නැත්නම් ඕවට ගිනි තියපන් තව එවුන් අමාරුවේ නොදා

    ReplyDelete
    Replies
    1. එකෙක් නම් ගොඩගියා! අනෙක් එකා වෙනත් ක්ෂෙත්‍රයකට ගියා. අවශ්යනම් ඇවිත් ගෙනියන්න. බොහොමත්ම ස්තූතියි!

      Delete
  6. එක එකාට ඉනෙගන්න කියන්න ගිහිං ගුටි කන්න බෑ ⁣බෑ වගේ බ්‍රෝ.............

    ReplyDelete
    Replies
    1. තම තමන් ගේ නැණ නුවණින් නේ තම තමන් කථාකරණ්නේ! ඕව් ගනං ගන්න හොඳ නෑ!

      Delete
  7. ආන්න යස වැඩේ!
    නෑ මම කිව්වේ ලියන්නේ සඟරාවක් කියල කිව්වට අඩුපාඩුවට තිබ්බේ මේ වගේ ඇඩ් විතරයි. දැන් ඒකත් හරි!
    දැන් විල්බැරෝවක් නැතුව බැකෝ, ෆෝක් ලිෆ්ට් වලින් එහෙම ආවොත් මේ මහතැන් එලෝගනිවිද ?

    වැඩිය නෑ ඉතින් දහතුන් දෙනෙකුට විතරක් කියන්නම්. මොකද අපි තැන් තැන් වල කතාවට යනවා කියලය?

    ReplyDelete
    Replies
    1. අහා! ඔය ඇවිත් ඉන්නේ? ඔබ තුමීගේ ලින්කුවක් එහෙම නැතිදෝ මන්දා? අර පෝරම කොලේ පුරෝලා එවුවා! ඒක හමස් පෙට්ටියේද?

      Delete
    2. ආවා නේන්නම්....
      එහෙම එකක් එව්වද? එහෙනම් ඒවා මගේ 'ලේඛම්' විසින් යතාකලයේදී තතා අයුරින් උත්තර ලියා එවනු ඇත. හදිස්සි නම් උඩින් යන්න

      Delete
    3. මහා විශාල හදිසියක් නම් නොදැනේ! එහෙත් මා කිසිදා මොනතරම් හදිසියකට වත් උඩින් යන කෙනෙක් නම් නොවේ. එසේම උඩ තියෙන දේවල් වලට ඉව අල්ලනේද නැත! මා උනන්දු වන්නේ මා නෙතුමානයේ ; මා අත හොබවන මානයේ ඇති දේ ගැන පමණි. ඔබ පොලොවට පැමිණි දිනෙක ලියන්න!

      Delete
  8. Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඔබගේ කොච්චි මිරිස් සැර අඩු වෙන්න මගෙන් පැණි බූන්දී! හහ්! හා!!

      Delete
    2. බොහොමත්ම ස්තූතියි! ඔබගේ කොච්චි මිරිස් සැර අඩු වෙන්න මගෙන් පැණි බූන්දී! හහ්! හා!!

      Delete
  9. චන්දෙ කාලෙ ඔහොම බෙදන්න බෑනෙ.
    එහෙම නැත්නම් "විසිස්ට ප්‍රතිපල සඳහා අපේ කාලේ දිසාපාමොක්ටේල් තට්ට සර්" කියලා පෝස්ටර් ගහලා බෙදන්න

    ReplyDelete
    Replies
    1. ඔබ සිටිය යුත්තේ අත්තිඩියේ කලාපුරේය! මන්ද අරිසෙන් අහුබුදුගේ වියෝවෙන් පසු ඔහුගේ දුව දාන නම් මෙලෝ රහක් නැති බැවිනි! ඔබ තුල ඊට වඩා මහත්වූ කෞෂල්යයක් මා දකිමි! ස්තූතියි! මේ පාර චන්දෙ දෙන්න එකෙක් වත් නෑ ! ගෙදරට එන හැම එකාටම බැනලා එලවන ආතල් එක නම් සුපිරියටම ගන්නවා!

      Delete
  10. ගිහිල්ලා ගත්තොත් මිසක් ඕවා කවදාවත් තැපෑලෙන් ලැබෙන එකක් නෑ නේද? මොකද ඔබතුමාට වැඩ වැඩි නිසා ඕවා තැපෑලට දාන්න අමතක වෙනවා ඇතිනේ නේද???

    ReplyDelete
    Replies
    1. ඉරෝමානි නෝනො! දැන් බලන්න මම මේතරම් සිරා වැඩක් කරණ්න ගියත් තාම එකෙක් කිව්වාද කියලා "අනේ අපට දියං! අපේ පැත්තෙ ඉන්නවා ඌක ලබන්න සුදුසු එකෙක් දෙන්නෙක් !" කියලා. හැමෝම මේක බලලා මාව කොමිටලේට ගත්තු එක තමයි කරලා තියෙන්නේ. ඇත්තටම තැපැල් කරණ කතාව නම් විහිළුවක් . මෙච්චර විතර තියෙනවා! ආ පේන්නෙ නෑනේද?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...