Thursday, January 11, 2018

55. රෝවර්ට තවත් කලක්.........!





“ඔහු වයස් ගතය - එසේම සම්පූර්ණ්යෙන්ම වාගේ අන්ධය . නමුත් තම වගකීම දැන සිටියේය ………”

මා උපත ලද්දේ තිදෙනෙකුගෙන් සමන්විත පවුලකය. මව පියා සහ රෝවර්   තිදෙනාය. දිනක් වයස් ගතවූ පටන් , මා රෝවර්ගේ පූර්ණ වගකීමට බඳුන් විය. ඔහුගේ උපත පිළිබඳව මා දැන නොසිටි අතර ඔහු එවකට මැදි වයසේ පසු විය.එහෙත් ඔහු මා රැක බල ගත්තේ ගැටවර බවක් විදහා දක්වමිනි

අත දරුවන් හොවා තල්ලුකරණ කරත්තයක - ප්‍රෑමයක මා සිටියදී එය උද්‍යානයේ ඕනෑම තැනක තියෙන්නට හැරියේ ; කිසිවෙකුට එය වෙත ලඟා වන්නට නොහැකි බවට මව තුඅල තිබුනු විශ්වාසය නිසමය.

ඇවිදීමට හැකි තරමට මා වයසින් වැඩෙත්ම රෝවර් මාගේ ගමන් බිමන් ගැන විමසිලිමත් විය. අරක්ෂිත සීමාවක්  තුල ඔහු විසින් මා මෙහෙය වූ  අතර සීමාවන් කඩකල සෑම විටෙකදීම මාගේ අත මෘදු ලෙස මුවින් ගෙන පසුපසට ඇද්දේය.
මා පළමුවෙන්ම බටහිර  ගොපළු චිත්‍රපටයක්  නැරඹූ පසු ඔහුගේ ජීවිතය වඩත් සංකීර්ණ විය. ඔහු අශ්වයෙකු යැයි මාතීරණය කොට තිබුනු නිසාය. කුඩා කොළුවකු එතෙක් ලද වඩත්ම අවබීධයකින් යුත් මිතුරා ඔහු විය.

මා පාසල් යන්නට පටන්ගත් පසු රෝවර් හට ඔහුට කියා කාලයක් තිබිනි. එවිට ඔහු තම ගැන හිතන්නටත් තමා මහළු වෙමින් සිටින  බව ප්‍රථ්‍යක්ෂ කරගන්නටත් ඇතැයි මා විශ්වාස කරමි.

ඔහුගේ ඇස්වල පෙනීම දුර්වල වන්නට පටන් ගත්තේය.කලින් ඔහු තුල තිබුනු උනන්දුව , අභිරුචිය ඔහු කෙරෙන් තුරණ් විය. පශු වෛද්‍ය වරයගේ උපදේශය වූ ඔහුව අවසන් නින්දට යැවීම , මාගේ දෙමව්පියන් විසින් හැකිතරම් දුරට නොසලක හරින ලදී.

අවසනයේදී කලයුතු හොඳම දෙය එයම බවට එකඟ වුවද ඔවුන්ගේ හදවත් තුලදමාමෙන්ම රෝවර් හට කල ආදරය එසේම විය
ශරත් aතුවේ එක් ඉරිදාවක අප අපගේ පැරණි මෝටර් රථය සමග සූදානම් වූයේ ; මගේ පියා රෝවර් සමග දඩයමේ යෑමට ප්‍රිය කල ප්‍රදේශයට යන්නටය.
මව පියා අමතා

“ඒක තමයි හොඳම දේ  ජිම් !
යනුවෙන් පවසන තෙක් කිසිදු අමුත්තක් මට නොදැනුනි

තාත්තා දිගු හුසමක් ඉහලට ඇද්දේය. එහෙත් කිසිවක් නොකීවේය.මෙවැනි ගමනක් සෑම විටම විනෝදය ගෙන දෙන ගමනක් වන නමුදු  එදින තාත්තා කිසිදු විහිළුවක්හෝ කිසිවක්හෝ නොදෙඩුවේය

රෝවර් රථයෙන් එළියට බසිත්ම අම්මා ඔහුගේ හිසට සෙමෙන් තට්ටු කල වහාම     තම අතවූ පොත දිගහැර කියවන්නට විය. තාත්තා පසු නොබලම ගස් අතරින් ඇදුනි.සාමන්‍යයෙන් සිදුවන ලෙසට රෝවර්ද ඔහුට අසන්නව ගමන් කලේය.

රථයෙන් පිටවූ සැනින් තාත්තාගේ පළමු වෙඩි හඬ අපට ඇසුනි.  
“ඔහ් ! තාත්තාට යන පාරෙම මොකෙක් හරි අහුවෙලා වගෙයි….!   මම අම්මට කීමි.
ඇය තමා කියවමින් සිටි පිටුවෙන් දෑස් ඉවතට නොගෙනම හිස සොලවමින් නාසයෙන් දැඩි සුසුමක් හෙළුවාය.
තමාව හඬවන පොත් ඇය කියවන්නේ මන්දැයි මට සිතා ගත නොහැකි විය.

“ඔහ්  දෙවියනේ .? අම්මාගේ හඬින් මා තැති ගැන්විනිමා වටාපිටාව දෙස දෑස් යොමු කලෙමි. රෝවර් අප සිටි දෙසට හැල්මේ දිව එමින් විය.

“මොකද වෙලා තියෙන්නේ අම්මේ ..? මේ රෝවර් විතරයි….!

රථයේ අඩි 10 සීමාව තුල ඔහු නතර විය.ඔහුගේ උකුලට පසුපස පෙදෙසේ වූ  ලෝම අතර වැඩෙන රතු පැහැති සළකුණක් අපට දක්නට ලැබුනි.

“අම්මේ ..අර ! වේදනාවෙන් .!

අප දෙදෙනාම රථයෙන් එළියට එන්නට සැරසුනි.එහෙත් රෝවර් ; අපි ඔහුගේ පරම සතුරන්  යැයි පෙනුනාසේ දත් විලිස්සමින් ගොරවන්නට විය.අම්මා සැනෙකින් රථය තුලට මා ඇද ගත්තීය.

“ඇයි එහෙම කලේ ? අපේ උදව් එයාට එපා නිසාද ? මම ඇසීමි. ඇය මාගේ අතින් අල්ලා ගත්තීය.

“පුතේ රෝවර්ට දැන් හරිම වයසයි. සමහර බල්ලන්ට වයසට යනකොට ටිකක් පිස්සු හැදෙනවා . ඇය කීය.

මොහොතකින් තාත්තා ගස් අතරින් දිව ආවේය. ඔහු දෙසට හැරුණු රෝවර් බුරණ්නටත්  දත් නියවා ගුගුරණ්නටත් විය.

“දෙවියන් මට උදව් කරත්වා …මට කරණ්නට ඇත්තේ කුමක්ද? තාත්තා කීය.

“මට ඕන උනේ ඒක නිවැරදිවත් පිරිසිදුවටත් කරණ්නට. ඒත් මට දිහා බලන්නට බැරි වුනා… මට ඇඬුනා !

“මම දන්නව..! මම දන්නවා ..!! අම්මා  aදු  ලෙස හඬ  අවදි කලාය. “ඒත් එය අපට උදව් කරණ්නට ඉඩ නොදේවි !

තාත්තා කිසිවක් කීවේ නැත. ඔහු  රථය වටා ගොස් අනෙක් පැත්තට එන්නට උත්සාහ කලේය. නමුදු රෝවර් ඔහුට හරස් විය.ඔහු තාත්තාට රථයට නගින්නට ඇති ඉඩ අහුරමින් විය. තාත්තා තම දණ හිස බිම තබා පහත්වී aදු ලෙස කථා කරණ්නට විය.  
ඔහු රෝවර්ව ඉච්චවෙන් රවටා රථය වෙතින් ඉවත් කරණ්නට උත්සාහ ගනිමින් විය. රෝවර් එවිට  තම වලිගය වනා ආපසු හැරී රථය යට වූ කිසියම් දෙයකට බුරණ්නට විය. එවිට තාත්තාගේ මුව විවර විය. කිසියම්  ආගන්තුක යමක් දැක එයින් තිගැස්සුනු ස්වරූපයක් ඔහුගේ මුහුණේ ඇදී ගියේය.

“හොඳ බල්ලා ! ඔහු තිගැස්සෙන්ම පැවසීය.
“මම ඌව දැක්කා වරෙන් කොල්ලෝ .!

රෝවර් තාත්තා ලඟට දිව්වේය. තාත්තා තම තුවක්කුව රථය යටවූ කිසියම් දෙයකට ඉලක්ක කොට වෙඩි තැබීය. පියා විසින් කපා ගෙනැවිත් තිබූ “රැට්ල් ස්නේක් සර්පයාගේ කොටස් තවම මා ලඟ ඇත.

රැට්ල් ස්නේක්  සර්පයෙක්. 
මොහුට  "අපේ" නමක් දී තිබුනා සුසිල් ප්‍රේමරත්න මහත්තයා "ස්වර්ණ" පත්තරේ එයාගෙ චිත්‍ර කතාවක !
"ගිගිරි පොලොංඟු"

අම්මා රථය නැවත නගරය වෙත පැද වූයේ තාත්තා රෝවර්ව තම උකුළ මත තබා ගෙන සිටින විටදීය. පශු  වෛද්‍යවරයා  ඔහුගේ තුවාලය වෙළුම්  පටි වලින් වෙලා දැමූ අතර සතියක කාලයක් ඇතුලත රෝවර් යතා තත්වයට පත්විය.

තවත් වසර ගනනවක් අප සමග රෝවර් අප සමග විසුවේය. ඉක්බිතිව නින්ද තුලින්ම ඔහු අප අතැර ගොස් තිබුනි. ඔහුගේ සුව නින්දට බාධාවක් වන තරම් කඳුළු කැට නෙත්වල නොතිබුනි
අප ඔහුව මිහිදන් කළෙමු.

මා  ළපැටියෙකුව සිටියදි ඔහු මා කැටිව ගිය ගසක් යට ..!   
                               
මුතුහර 1998 ඔක්තෝබර්  (68  70 පිටු)

29 comments:

  1. හම්මියෝ..... හරිම සංවේදී කතාවක්නේ. ඔරිමජිනල් පොතේ තියෙන ගානටම හැඟීම් දනවනවා ඇතැයි කියල හිතෙනවා.

    මේ වගේම කතාවක් (පුංචි පොතක්) තියෙනවා මුමූ කියලා. හරිම දුක්බර කතාවක් ඒකත් බල්ලෙකු ගැන. කොහොමත් බල්ලෝ කියන්නේ ස්වාමියාට පන උනත් දෙන සගයෙක්. හැබැයි අපි කියන්නේ 'බලු වැඩ කරන්න එපා' කියල තමයි නේද?
    Good one.

    ReplyDelete
  2. සතත්කින්ම මේක මගේ නෙත් තෙත් කල කතාවක්! මම මුළු කතාවම කියවගෙන ගියා ගානක් නැතිව. ඊට් අන්තිම ඡේදය සතත්කින්ම මේක මගේ නෙත් තෙත් කල කතාවක්! මම මුළු කතාවම කියවගෙන ගියා ගානක් නැතිව. ඒත් අන්තිම ඡේදය;" අප ඔහුව මිහිදන් කළෙමු.ඒ මා ළපැටියෙකුව සිටියදි ඔහු මා කැටිව ගිය ගසක් යට ය …..!" කියන වැකියකියවද්දී හදවත කඩා වැටුනා !
    මම මීට කලින් "නාගයාගේ සාදය !" කියලා කරපු පරිවර්ථනයක් දාලා තියෙනවා මගේ පිටු අතර! ඒකත් බලන්න. බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
  3. බල්ලෙක් මොන තත්වයක් යටතේ උනත් තමංගෙ ස්වාමියාට පිටුපාන්නෙ නෑ බොහෝ විට.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  4. මුතුහර මතක් වෙලා ආ‍වේ...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ආවාට!

      Delete
  5. හරිම සංවේදී කතාවක්. මම හිතුවේ ඔබට සිදු උන දෙයක් කියලා. පසුව තමයි තේරුනේ මේක කතාවක් කියලා. සතුන් වයසට ගියාම වෙඩි තියලා දානවද ? අනේ ඒක හරිම පව් වැඩක්නේ. මටනම් හරිම දුකයි ඒ වැඩේට.

    ReplyDelete
    Replies
    1. ඒ සංස්කෘථිය තුල කිසිවෙකු දුක් විඳිනවාට වඩා මියයෑම සැපතක් ලෙසයි දකින්නේ. පෞද්ගලිකව මමත් එය විශ්වාස කරමි. ඔබ එක් දිනක හෝ පිළිකා රෝහලට ගොඩ වැදී ඇත්නම් මා කියන දේ පිළිගනීවි. අපේ අම්මා මියගිය පුවත මා ඇසූ සැනින් මට කියැවුනේ "අනේ හොඳයි..!" කියන එක. අම්මා මියගියේ අංශ භාග රෝගියකු ලෙස වසර දෙකක් තුනක් දුක් විඳ! මා ඒ දුක දැක්කා! මා ඇයගේ ඉක්මන් මරණය පැතූ කෙනෙක්. ඒ ඇයට තිබුනු දැඩි ආදරය නිසාමමයි!


      Delete
  6. මුතුහර එකේ ගිය කතා ටික නම් නියමයි. ඒව කියෙව්වම හිතට එන හැගීම් එක්ක සෑහෙන්න හිතන්න පුලුවං..විදින්න පුලුවං.. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම එය රසාලිප්ත් ලිපි එකතුවක්!

      Delete
  7. දුක් විදිනවට වඩා මැරෙන එක හොදයි අය්යේ ....

    ReplyDelete
  8. Replies
    1. ස්තූතියි මද්දා! උඹලා සිරා ටුවර් එකක් ගිහින්. අන්න මම කමෙන්ට් එකක් දැම්මා බලපං මල්ලි!

      Delete
    2. දුටුවෙමි රිප්ලයි කලෙමි.
      ස්තූතයි,
      ඔයාලගෙ ආශිර්වාදය තමයි.

      Delete
  9. ලෝකෙ අසාධාරණම දෙයක් තමයි බල්ලන්ගේ උපරිම වයස. හැම අවු 10 -12 කට සැරයක් අපේ දරුවෙක් අපිට නැති වෙනවා. මට දැන් 3 පාරක් වෙලා තියනවා

    ReplyDelete
    Replies
    1. ඒක හරි දුක්ඛිත තත්වයක්! කණගාටුයි! මේක Reader's Digest එකේ ගියසත්ය කතාවක් !

      Delete
  10. මං බල්ලො හදන්නෑ. උං මලහම දරාගන්න බැරි හංදා.

    ReplyDelete
  11. The dog cann't be a human being. It is the difference.
    We should clearly understand "Athiweema & Nathiweema"

    ReplyDelete
    Replies
    1. බොහොත්ම ස්තූතියි!

      Delete
  12. Beauty and the tramp cartoon film එක පටන් ගන්න කොට වැටෙනවා ලොතේ කොරම් මිල ගෙවා හෝ ගන්න බැරි දෙයක් ලු ස්වාමියාට බල්ලේක් දක්වන හිතෛයෂිතාවය

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න ඕනෙ එකසිය ගානට! ඔබතුමාගෙ කොමෙන්ටුව මම දැක්කා. දුටු සැනින් ඔබ දක්වා තිබුනු බයිස්කෝප් එක මොකක්ද කියලා බැලුවා! අනේ ඒත් රිප්ල්යි කරණ්න නොහැකි උනා! ඔබට හැකිනම් මේ පිළිතුර කියෙව්වා කියලා. 1 හරි දන්න. නැතිනම් මගේ අති සිදුවුන අතපසුවීම පිළිබඳව කණස්සල්ල බොහෝ කාලයක් යනතුරු හිතේ රැඳේවි

      Delete
  13. A dog is the only thing on earth that loves you more than he loves himself.

    Lasantha

    ReplyDelete
    Replies
    1. එකෙන්ම බොහොත්ම ස්තූතියි!

      Delete

04. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...