Saturday, January 20, 2018

58. ගඟක් දිගේ ගිය ගමනක් …….18

නුවරගලට ගොඩබැසීම!

අප අත ඉතිරිව ඇති අහාර ස්ව්ල්පයෙන් කුමක් නම් කරණ්නද ? 
මෙයට කිසිදු පිළියමක් නොමැති වුවද මාගේ දැඩි ආත්ම විශ්වාසයක් තිබිනි. 
එය ලැබුනේ පසිඳුගේ කොල අත්තෙන්ද ? 
නොඑසේනම් මාගේ බිරිඳගේ දෙවියනට කල භාර කිරීමෙන්ද ? 
නොඑසේනම් අප මෙතෙක්  ස්වභාව ධර්මයට  එකඟව කරගෙන ආ චර්‍යා රටාව  නිසාද කියා මට සිතාගත නොහැක.

පාසලේ උසස් පෙළ ලියද්දී මගේ මව රෝගාතුර විය. 
ඇය ලෝකයේ සිටි හොඳම අම්මාය! 
ඇය රෝගය උත්සන්නව එක් තැන්විය. 
පුරා වසර දෙකකට ආසන්න කාලයක් මා ඇයව රැක බලා ගත්තෙමි. 
මගේ අම්මාව දෑතින් ඔසවාගෙන මා දන්නා කියන සැමතැන ගෙන ගියෙමි.
 එහෙත් ඇය කිසිදිනෙක අපට සුවපත් කර ගැනීමට නොහැකි විය. 
ඇය වරෙක මා හට බුදුබව පැතීය.
 මවකගේ පැතුම  පමණක් බුදුබව ලැබීමට ප්‍රමණවත් නොවූවද ජීවිතයේ මෙවන් වූ අර්භූධකාරී අවස්ථාවකට මා පත්වූ සෑම මොහොතකදීම මා හට මගේ අම්මාව හා ඇගෙ ඒ නියත විවරණය සිහිපත්වේ. 
ඒ  සෑම මොහොතකදීම මා තුල   ඇතිවන ආත්ම විශ්වාසය , ආත්ම ශක්තිය මෙතැකැයි කිව නොහැක. 
මා බොහෝ අවස්ථාවලදී බිරිඳට පවසන වැකියක් මහට මේ මොහොතේ මතකයට නැගේ. 
“බය වෙන්න එපා මම කිසි දවසක  මහ පාරක හව් හරණක් නැතිව මැරෙණ  කෙනෙක් නොවේ !
 මම  මැරෙණ්නේ බෙහෙත් උගුරක් බීලා  !!”

මේවා කිසිවෙකුට බැහැර කිරිමට  පුළුවන. 
එහෙත් ඔබට මවක් වෙත්නම් ඇය වෙනුවෙන් කලහැකි සැමදේම උපරිමයෙන් ඉටුකොට බලන්න. 
සිතට  ඇතිවන විශ්වාසය ශක්තිය අත්විඳින්න!
 එයට ආගමක් ජාතියක් බලපාන්නේ නැත ! 
අවශ්‍යවන්නේ ඔබ මවකගේ කුසින් මෙලොවට බිහිවූවාද - නැද්ද  යන්න පමනකි!  

 නෑ කිව්වම නෑ බං ! තව ඉතින් කන්න කියලා මෙලෝ දෙයක් නෑ ! කිව්වම අහංකො !


 මට බඩගිනියි! මේ මගේ බඩේ හැටි !! දැක්කාම මටම දුකයි!!!

තවත් විනාඩි 15 ක් 20 ක් යද්දී ගං ඉවුරෙන් මතුව ආවේ මිනිස් රූප දෙකකි. 
ඔවුන් හට අප කණ්ඩායම  විශ්මයකි ! 
මහියංගනයේ සිට ගඟක් දිගේ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව හුදෙක් විනෝදය පතා ඉබාගාතේ පැමිණි අප ඔවුනට විශ්මයක් වීම විශ්මයක් නොවේ. 
එය අතිශය සාමන්‍ය තත්වයකි.

හිටපල්ලා පොඩ්ඩක්!

මෙවන් පිරිස් සමග කරණ ගනුදෙනු වලට තෙශාන්තගේ ඇත්තේ  උපන් හපන් කමකි. 
“මාමේ” , “නැන්දේ” කියා මිනිසුන්ට අමතන්නේ බොරුවට නොවේ. හෘදයාංගවමය! 
ඕනෑම ජාතික ව්‍යවසනයක කේන්ද්‍රයේ සිට වැඩේට බැස අතින් වියදම් කරගෙන සමාජ සේවයේ යෙදෙන්නේ කිසිදු ලාභප්‍රයෝජනයක් නොමැතිවය.
 ඒ වියදම් කරණ්නේ හෙට දවසේ ගෙදර කන්නට තියෙන රුපියල් දහස වුවද ඒ ගැන තැකීමක් නැත! 

 මේ නිසාම ගං ඉවුරෙන් මතුවූ දෙදෙන සමග ගනුදෙනු කිරීමට  තෙශාන්තටම ඉඩ හැර මා නිහඬ විය.
මහියංගනයේ සිට මෙම ස්ථානය දක්වා අප පැමිනි මගත් විඳි දුක්ඛ දෝමනස්සයනුත් අකුරක් නෑර ඔවුන් ඉදිරියේ ගිරවෙකු සේ දිග හැර දැක්වූ තෙශාන්ත ටික වේලාවකින් ඔවුන් සමග නික්මෙන්නට සූදානම් විය.

“මෛත්‍රී , වසී උඹලා දෙන්නත් වරෙං …! උඹලා තුන් දෙනා හිටපල්ලා ..!!”

කියමින් තෙශා අනිත් දෙදෙනා සමග එතැනින් අඩි පාරක් දිගේ නොපෙනී ගියේ එම ගමේ නම පමනක් අපවෙත ඉතිරි කරමින්‍ය.

 සමරේ - අපේ ගින්න ඔහුට දැනී !


 වට වැස්සෙන් අවදි වූ නුවරගල


රෑ පැල් රකිණ කුරහන් පැහෙනා හේනේ....!

සමරෙලාගෙ ඉසව්ව !


මෙම ගම නමින් “නුවර ගල” ය.  

මහවැළි යෝජනා ක්‍රමයෙන් ගම්බිම් අහිමි වූ නුවරකළාවියේ ගැමි ජනතාව නැවත පදිංචි කොට ඇත්තේ මෙම ගම්මානයේය. 
කාලය ගෙවීගියේ  හෝහපුටුවන් ඉතිරි කරමින්‍ය. 
 ගොඩට ඇදගත් කයාකයන් තුන මතට වී අප තිදෙන නිදන්නට තැත් කලෝය. නින්ද ; හෝහපුටුවන්ට බියේ පැත්ත පලාතක නො ආවේය!


  අනාගතයේ යම් දිනෙක මෙම මහවැළි ගවේශනය  කරණ යමෙකු වේ නම් ඔහුට හෝ ඇයට  මෙම ස්ථානය ඉතා වැදගත් තැනක් වනු ඇත.
 එසේනම් මෙම ස්ථානය හඳුනා ගැනීමට සළකුණක් අප ඉතිරි කල  යුතුවේ.  
 පසු දිනෙක මේ මග එන්නෙකුහට හදිසි අවශ්‍යතාවයකට වනාන්තරයෙන් එළියට යෑමට ඇති එකම හා පහසුම ස්ථානය සනිටුහන් කර  ගැනීමට එහිවූ කුඹුක් ගසක් මත N අක්ෂරය කෙටුවෙමු.

  හදවතිනම ස්වභාව ධර්මයට , එහි ගහ කොලට , සතා සීපාවට ආදරය කරණ අප එම ගසේ පොත්ත ඉවත් කොට  අකුරක් කෙටුවේ හුදෙක් මානව දයාව පෙරෙදැරි කරගෙන මය.
 එය “නුවරගල” යන්නෙහි මුල් අකුර විනා අප කණ්ඩායමේ සිටි කිසිවෙකුගේ නමෙහි වත් ගමෙහි වත් මුල් අකුරක් නොවූයේ ඒ නිසාමය. 
මහියංගනයේ සිට මනම්පිටිය දක්වා  ඇති කිලෝමීටර 72 දුරැති ගමනේ ; මිනිස් වාසස්ථානයකට ආසන්නතම ස්ථානය සොයා ගැනීමට පමණක් මෙම සංකේතය ප්‍රයෝජනයට ගනිත්වා යන්න අපගේ එකම ප්‍රාර්ථනයය.

තවත් පැයක දෙකක  කලයක් ගෙවීගියේ අපගේ සිතේ එතෙක් පැවති නිශ්චල භාවය සිඳී යමිනි. 
සැබවින්ම මොවුන්ට කුමක් නම්  සිදු වුනිද ? 
අපට  ඔවුන් ගිය අතක් වත් සොයා යෑමට අපහසුය. 
මන්ද එක් අයෙකු කැලයක් මැදින් ගමන් කිරීම අනතුරුදායක විය  හැක.
 ගමන සඳහා දෙදෙනෙකු  පිටව ගියහොත් ගං ඉවුරේ එක් අයෙකු තනිවේ. තිදෙනාම ගියහොත් අපගේ යාත්‍රා අනෙකුත් අවශේෂ දේ අනාරක්ෂිත තත්වයට පත්වේ. මේ තර්කය තුල අප තිදෙනාට ඔවුන් එනතුරු බලා සිටිනවා හැරෙන්නට වෙන කලයුතු දෙයක් නොමැතිවිය!

    තවත් විනාඩි ගනනක් ගතවෙද්දී කැලෑ බූටෑව අතරින් මිනිස් හඬක් ඇසුනි. 
තවත් ස්වල්ප වේලාවකින් තෙශාන්ත කැලෑව අතරින් මතුවිය. 
එකා පසුපස එකා අපගේ කණ්ඩායමේ ඉතිරි ගමන් සගයන් දෙදෙනාද ගැමියන් දෙදෙනාද පැමිනුනි.
ඔවුන් උනු උනුවේ විසල් බත් මුල්  හයක්ද රැගෙන පැමින තිබුනි! 
මෙම  බත් මාළු ඉදී ඇත්තේ  මෙහි පැමිනි මනුසත් බවින් පෝසත් එක් ගැමියෙකුගේ මුළුතැන් ගෙය තුලය.  ඔහු නමින් සමරෙය!

 නුවර - ගලේ බණ්ඩාර දෙවියන්ගේ දෙවොල !


 දාන ශාලාව හා මුරුතැන් ගෙය !


 කෑම කිව්වාම කට කනේ !


 බඩගින්නෙන් පිසෙන සහල් !


 දුම් කකා !


 පෑන්ට්‍රිය !


 ආගන්තුක සත්කාරයේ සැඟව ගිය සිනහව - සමරෙගෙ දූ සිඟිත්ත


 අපේ  දේ තොපේ පවසට- සිත් තුටින් !


 සමරෙගෙ නිර්ව්යාජ සිනහව කියවන්නට රූපය ලොකු කලා !


 ලන්ච් එක රෙඩි වෙන තුරු නැප් එකක් ! - වසික


අපේ අය ;
 මේ වන විට වඳ වෙමින් සිටින "මිනිස්සු" 
එක්ක ගත් අතිශය දුර්ලභ ඡායා රූපයක්!


 සමූපෙයි බැංකුවයි දෙකම හාමතේ !



 කඩමණ්ඩිය = කඩය


 රොගාතුරව පණ අදින බෙහෙත් හල


ඇඩ්‍රස් නොහදා ලමයාව ඇතුළු කල හැකි පාසලක් ! 
(ලඟම පාසල - හොඳම පාසල!)

නුවරගල යනු කුඩා  කඩ මණ්ඩියකි.

 කඩ මණ්ඩියක් කීවාට එහි ඇත්තේ එක් කඩයකි. 
සමූපාකාරයක් ,පුස්ථකාලයක් හා පාසැලක් එහි විය. 
මෙම අහාර වේල ඔවුන් අපවෙත ලබාදී තිබුනේ නොමිළේය. දැඩි පරිශ්ශ්‍රමයකින් පසුව තෙශාන්ත කිසියම් මුදලක් බලෙන්  “ඇඟේ ගසා” තිබුනි!

 ඒ වෙලාව වන විට දවල් බතට වෙලාව සැකසී තිබුනු බැවින් බිමම ඉඳගෙන  බත් මුල් ගිලදමන්නට විය.

දිවා අහර කිසෙන් පසුව අප එම උදාර මිනිසුන්හට සමු දී යලිදු යාත්‍රා කිරීම ඇරඹීමු. එතැන් සිට කුඩා ඇළි කිහිපයක් පසු කරමින් නිසල විලකට පිලිපන්නෙමු. නුවරගල සමරෙලා “මහ වල” කියන්නට ඇත්තේ  මෙතැනට විය යුතුය. මහවලෙහි ජලය ගලායාමක් නොවීය.එය එක තැන නැවතී ගත් ස්ව්භාවයක් පෙන්නුම් කල ස්ථානයකි.
 ගලා යාමක් නොවීම කරණ කොටගෙන එම විලෙන් ඉවත්වීමට වැඩිපුර කාලයක් හා ශ්‍රමයක් වැය කරණ්නට සිදුවිය .

මහවල ඔබ්බෙන් ඇල්ලක හෝ හෝව ඇසෙමින් විය. ඒත් ඇසට පෙනෙන ඇල්ලක් නොවීය.  ගඟේ ඉදිරියක්  නොපෙනේ. ගඟේ දිය පොලොව යටට ඇදී ගොස් ගඟ අවසන් වූ සේයාවකි.

එච් රයිඩර් හැගාර්ඩ්ගේ ඇලන් ක්වාටර්මෙන් පොතේ මහා විශල විලක ජලය එක් ස්ථනයකදී පොලොව අභ්‍යන්තරයට ඇදීගොස් භූගත ගඟක් සේ ගලායන අකාරය මාහට මතක් විය. එය ගලා යන්නේ මහ පොලොව අභ්‍යන්තරයේ වූ  අග්නි පුෂ්පයක් අසලිනි.  එය ලොමුඩැහැගන්වන අවස්ථාවකි.

මේ එවන් ස්ථානයක් වත්ද? 
ලංවත්ම අපට  මේ කුමක්දැයි හඳුනා ගත හැකිවිය. අප  ඉදිරියේ වූයේ මහා විසල් ගල් පර්වථයකි. ඒ අවට  ඒහා සමාන තවත් අවශේෂ ගල් පර්වථ කිහිපයකි! 

නුවරගල අපගේ  මිතුරන් පැවසූ “කාලිංග දූව” මෙය විය යුතුය.  මෙතෙක් දුර පැමිණි මහා ගඟාවෝ  මෙම ගල් පර්වථය හමුවේ ශාකා දෙකකට බෙදී යති. 
ගල් පර්වථයෙන්   ඔබ්බෙහි මහා රූස්ස වනන්තරයෙන් වැසුනු  කාලිංග දූවය.
 එම දූපත වටකොට ඇත්තේ පවුරක්වන් මහා ගල් වලිනි. ඒ වටා ගලන ගංඟාවය ! 
ඉන් මත්තට ඇත්තේද   මහා වනයය. 
ඉහල  නිල් වන් අහස  දිස්වේ. 
අප වටකොට ඇත්තේ උස්ව වැඩුනු මහ විසල් ගස් වලිනි.  ඉහල බැලූ විට අප ආඝාධයක් පතුලේ සිටිනා වැනිය. 

බෙදී යන ගඟේ දකුණු පස ජල ප්‍රවාහය හරස් කරමින් වඩාත් විසල් ගල් කුළු ඉහළට එසවී  එහි ගමනට  බාධා ඇති කොට තිබුනි. එම මාර්ගය බාධා රැසක් ඇති සේයාවක් දක්නට ලැබේ.  
එම අතු ගඟ ගල්කුළු අතර සැඟවී ගොස් ඇති සේයාවකි.

වම්පස මාර්ගය තරමක සැඩ පහරක් සහිත වුවද සාපේක්ෂව විශාල ගල් පෙනෙන්නට නොමැතිවිය. එසේම එම දිය දහර මතින් යම් ඈතක්  දර්ශණය විය. අප වම් පස තෝරා ගතිමු.

වේගවත් එහෙත් නොගැඹුරු ජල ධාරාව ගල්  අතරින් දඟර ගැසෙමින් ඉදිරියට ඇදී යයි. 
මොහොතින් මොහොත් දිශානතිය වෙනස්වේ.
 දිය සෙවෙල වන් දියෙහි හට ගන්නා ශාඛ වලින් ගල්වල මතුපිට පෘෂ්ඨය වැසීගොසිනි.
 මුළු ජල ධාරාවම යෝධ කුඹුක් අරණකින් වැසී ඇත. 
මේවනවිට වේලාව දවල් දෙකට  පමන වන්නට ඇත. එහෙත් මෙම අතු  ගඟට හිරු එළියක් පතිත නොවේ.  
 
මේවනවිට සැතපුම් ගනනාවක් කයාක පදවා මහත් පරිචයක් ලබා සිටි අප ; පිටකොටුවේ දෙවන හරස් වීදියේ ස්කූටියක් පැදයන බුහුටි තරුණයෙකු මෙන්  ගල් අතරින් රිංගමින් ; ඒවයේ නොගැටෙමින්  ; විටෙක යන්තමින් ඒවා ස්පර්ශ වෙමින් සුන්දර ලාලිත්‍යයෙන් යුතුව ඉතා වේගයෙන් අප අපේ යත්‍රා පැදයමින් විය.

මනස් කාන්ත මතකයක් වන කලිංග දූව පසු කිරීම  ජීවිතයේ කිසිදා අමතක නොවන ස්වප්නයක්ම වනු ඇත. 
මෙම දූව පසු කිරීමෙන් පසුව අසල වැලි තලාවකට ගොඩවදින අප ; අපගේ කණ්ඩායමේ සුන්දරවූ ඡායරූපමය  සිත්තම ධම්මික මහේන්ද්‍රගේ සෙල්ෆියක් ලෙස සනිටුහන් කොට ඇත.

දිනය මහළුවන්නට පටන්ගෙන ඇත. 
අපගේ යාත්‍රාව එනම් කණ්ඩයමේ වූ එකම ග්ලාස් ෆ්යිබර් කයකය ; මෙතෙක් දුර වැඩිම බරක් ගෙනා යාත්‍රාව අසාමන්‍ය  ලෙස  ජලය තුල ගිලී ගොස් ඇති වගක් මහට දැනෙමින් විය!

කිසිවෙකුට නොපවසා  මා හොඳින් නිරීක්ෂණය කල විට මාගේ පූර්ව නිගමනය නිවැරදි බව මාහට ප්‍රථ්‍යක්ෂවිය!

 අප ගේ කයාකය සිදුරුවී ජලයෙන් පිරී යනවා විය යුතුය!

 අපට මග ගෙවායන්නට තවත් කිලෝමීටර 25 – 30 ක් වත් අපට යාත්‍රා කිරීමට තිබිය යුතුය.

 මුලු ගමන් මග කිලෝමීටර 72 වනවානම් අපට එක දිනකදී ගමන් කල යුතුව ඇති දුර කිලෝ මීටර 36 ක් පමන වේ. 
පෙර දිනයේ අප ගමන්  ඇරඹුවේ උදෑසනින්ම  නොවේ.  එම වේල්කාව පෙරවරු 10.00 10.30 පමණ විය යුතුයැයි අනුමන කරමි. කිරි අම්ම ඇල්ලෙන් ලත් සුන්දර ප්‍රථිචාරයෙන් පසු නැවත ගසාගෙන ගිය ; දියබත්වූ අපගේ අවශේෂදෑ එකතු කරගැනීමටත් ඉන් පසුව වන සංචාරකයන් වෙතින් “පිනට යමක්” ලැබෙන තුරු  මිඩංගු කල කාලයත් ගෙන බැලූ විට අප පෙරදින කිලෝමීටර 36 ක් පැමිණ ඇතැයි සිතිය නොහැක.
 අද  දිනයේද මාගේ භූමිතෙල් සිද්ධියටත් ඉන් පසු අපගේ දිය කෙළියටත් ඉක්බිති නුවරගල රැඳී උන්  කාලයත් ගැන කල්පණා කලවිට  අපට ගෙවා යායුතු මග අපගේ උපකල්පනයට වඩා බොහෝ  සෙයින් වැඩි විය හැක!

මා ඉක්මනින් කණ්ඩායම දැනුවත් කලෙමි. 
හිරු අපසු ගමන් අරඹා සිටියත් ඔහුගෙ රෂ්මියේ අඩු පාඩුවක්  අප නොදැක්කෙමු. සිද්ධිය කන වැකෙත්ම ; අබේවර්ධන බාලසූරිය ශිල්පියාගේ “සැරසිළි ගොක්කොල  පෝරුව අයිනේ..” ගීත්යේ දැක්වෙන පරිදි
  “දෙබරෙට ගැසුවාසේ ….” කුඩා කණ්ඩයම බොහෝ සෙයින් කැළඹිලි සහගත තත්වයකට පත්විය.

 කණ්ඩායමේ වයසින් ජේෂ්ඨතමයා ලෙස ; මාගේ සිතතුල ඇති කලබලකාරී ස්වභාවය  යටපත් කරගෙන සිටින්නට උත්සුක වුවද මාගේ මුහුණින් ඔවුනට යථා ස්වරූපය තත්වාකරයෙන් තේරුම් ගැනීමට හැකි වන්නට ඇත.

බොහෝ මෙවන් අවස්ථාවලදී කලයුතු හොඳම දේ නිහඬවීම වුවද ඊටත් වඩා හොඳම දේ වන්නේ දොඩමලු වීමය!

මන්ද අප නිහඬ වීම තුල අප කණ්ඩායමට තනි තනිව තම තමන් කැමති විදියට අර්භූදය තම සිත තුලින් විශ්ලේෂනය කරගනිමින් තම තමන්ට ගෝචර ; තමතමන් කැමති අකරයේ සිතුවිලි මවා ගනිමින් තම තමන් රිසි ලෙස මන්දෝත්සායි වීමට , බලාපොරොත්තු සුන්කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ.

මෙතෙක් ගමනතුල කඳවුරු බඳින ලද අවස්ථාවේදී හැරෙන්නට අන් සියළුම අවස්ථාවලදී පැන නැගුනු ගැටළු සහගත තත්වයන් වලදී පිළිතුරු සැපයීම සිදුවූයේ මා වෙතිනි. 
මේ අවස්ථාවේදීද කණ්ඩායම පිළිතුරු බලා පොරොත්තු වන්නේ මා වෙතින්මය. ඔව් එයට සර්ථක පිළිතුරක්  විය.

Asbestos Gum Tape ! 

ඔව් එය තමා එයට කදිම විසඳුම වන්නේ. කයාකය පතුලේ සිදුවන ඕනෑම සිදුරක් පලුද්දක් පිපුරුමක් ඉරිතැලුමකට නොවරදින අත්දුටු බේත වන්නේ ඇස්බැස්ටෝස් ගම් ටේප්මය. 
එය කලකට පෙර ගමේ කඩ වල තිබුනු දෑ කැත්ත ලකුණ දරණ
 "නාහල්ලේ තුවාල තෙල" මෙන්ය!

එය මේ මොහොතේ කොහිද?

එය මහියංගනයේ සරත් මහත්තයාගේ නිවස ඉදිරිපිට සුවසේ පසුවන
 Toyota Land Cruiser BJ 60 යේ පසුපස කොටසේ වූ ප්ලාස්ටික් පෙට්ටියේ ඇත!

මතකයෙන්ම රැගෙන එන්නට තිබූ දේ විශ්වාසදායී ලෙස මතකයෙන් බැහැර කොට ඇත!   මෙයට වගකිවයුත්තෙක් සිටී.

මෙය ඔහුගේ අතපසුවීමක්‍! නොසැලකිල්ලය !! 
වගකීමෙන් තොරව කටයුතු කිරීමය !!! 
 ඔහු සියළුදේම දෙවරක් පරීක්ශාකලයුතු බව ; ලැයිස්තුව හා දෙවරක් විමසා බලා තහවුරු කරගත යුතු බව හොඳාකාරවම දන්නා කෙනෙකි. 
 එහෙත් ඒ සියල්ල ඔහු වෙතින් මග ඇරී ඇත.

මේ සියල්ලටම වගකිව යුත්තා අනෙකෙකු නොව කණ්ඩායමේ වයසින් ජේෂ්ඨතමයා වන මම මය!        
              

 හැකි ඉක්මනින් අපි ඉවුරකට ගොඩ බැස්සෙමු !              
                            

36 comments:

  1. මේ ලිපිය මීට වඩා සරලව ලියන්න තිබ්බා. ඔබගේ චාරිකාව නම් කදිම එකක් වෙන්නට ඇති, එනමුත් ලිපිය නම් රසවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබට දෙවරක් බොහොමත්ම ස්තූතියි!
      එක් වරක් කියෙව්වාට! දෙවැනිවර ; අඩුපාඩු පෙන්වාදුන්නාට!
      ලිවීමෙන් පසුව මා මෙම ලිපිය කියවූවේද දෑස් තෙමාගෙන!
      මන්ද මාගේ මව සිහිවීම හා නුවරගල පිනිසුන් සිහිවීමෙන්!
      ඒ මතකය එතරම් සිත් තුටු දනවන එකක් නම් නොවේ.
      මම මේ ලියන කතාව මට අවශ්ය වුනේ මුද්‍රණ ද්වාරයෙන් පිටකර එයින් ලබන මුදල එම ගමේ අහිංසක ජීවිතවල යහ පැවැත්මට යොදවන්න!
      බොහොමත්ම ස්තූතියි!

      Delete
  2. ලිපිය කියවාගෙන එනකොට දෑස් තෙත් උනා බණ්ඩාරෙල වගේ මිනිසුන්ගේ අව්‍යාජ මිනිස්කම දැකල. ඔබ අර ගහේ සටහන් කරල ආපු එන් අකුර දිගේ ඔබට පසුව එහි යන අය ඒ මිනිසුන්ට වදයක් නොවනු ඇතැයි බලාපොරොත්තු වෙනව.

    කිසිදා දැක නොමැති නොහඳුනන මිනිසුන්ගේ කුසගිනි නිවන්නට තමන්ගේ ආහාර පරිත්‍යාග කළ ඒ 'මිනිස්සු' සැබැවින්ම අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. සත්තකිම ඔබ ගේ ලය ඒ වෙනුවෙන් බර වූවානම් එය මට මහත් අත් වැසිල්ලකි. මන්ද අවම වශයෙන් එහි අගය වැටහෙන තවත් මිනිසුන් සිටිනා බව දැනීමෙන්! ස්තූතියි බොහොමත්ම!

      Delete
    2. සමාවෙන්න! මේ නම බණ්ඩාර නොව සමරෙ ලෙස නිවැරදි වියයුතුය!

      Delete
  3. උපතින්ම ඇවිදීමට නොහැකි, රෝද පුටුවකට වී කල් ගෙවනා මා ඔබතුමාගේ ගඟ දිගේ ලිපි පෙළ ඉතා අසාවෙන් බලන්නේ.

    අබාධිත මා ජීවිතය ගැන, ඔබතුමාගේ මෙවැනි සංචාර ගැන කියවා සිතින් මවා එවැනි ගමනක චමත්කාරය. මිනිස් වාසයෙන් තොර ගඟක් අයිනේ, රාත්‍රියට කුඩාරමක් ගසාගෙන, වැලි තලාවේ පුංචි ගිනිමැලයක් පත්තු කරගෙන අහසේ ඇති තරු දිහා බලාගෙන ඉන්න තිබ්බා නම්...

    ආබාධිත ජීවිතයක් ගතකරන මම. මහත්මයාගේ මෙම බ්ලොග් සටහන් පෙළ නිසා බොහෝදේවල් ඉගෙන ගත්තා. එසේම මගේ හුදකලාවූ ජීවිතය සෑහෙන තරම් ආලෝකමත් උනා.

    ස්තුතියි මහත්මයා මෙම සටහන් පෙලට......

    ReplyDelete
    Replies
    1. හිතවත් සොයුර;
      ඔබගේ සිතේ පවතින අපේක්ෂාව ඉෂ්ඨ සිද්ධ කර දීමට මට හැකිවේයැයි සිතමි.
      කරුණාකර ඔබව සම්බන්ධ කිරීමට ක්‍රමයක් කියා මාර්ගයක් ලියා එවන්න.
      ස්තුතියි!

      Delete
  4. යං අයිය මාමෙ නුවරගල නෑයො බලන්න . ඒක පට්ට වෙයි.

    ReplyDelete
  5. Another book for you: -
    Digamadulle apey iskole by Dr. L W Chandratilaka Bandara . Suriya Publishers 2017

    ReplyDelete
  6. තමන්ගේ අම්මට සලකන්න ලැබෙන එක පිනක් අය්යේ .ඒ වගේම සලකන එකත් පිනක් .එහෙම මිනිසුන්ට ලේසියෙන් වරදින්නේ නෑ .අනික ගම්වල මිනිසුන් වැඩි දෙනෙක් ළඟ තවමත් මනුස්ස කම ඉතුරුවෙලා තියෙනවා .මම අදටත් දුක් වෙන කාරණාවක් තියෙනවා .කොහේ හරි ඈත ගමක් ඉපදෙන්නේ නැතුව මේ කොළඹ ඉපදුනු එකට . මෙහෙ ජිවත් වෙන්න වෙලා තියෙන විදිය හරිම සංකීර්ණයි අය්යේ .ගමකට වෙලා හේනක් කුඹුරක් කරගෙන නිදහසේ ඉන්න තියෙනවා නම් කියල හිතෙන වෙලාවල් අනන්තයි ...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මල්ලි! ඒක ඇත්තම ඇත්ත! මම බොහෝ දේ අම්මට කලා මල්ලියේ.
      ඔව් මල්ලී ඒ ඇත්තටම ඒ නිකංම නිකං හෝමෝ සාපින්ස් ලා නෙවෙයි. ඔරිජිනල්ම මිනිස්සු!

      Delete
  7. ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියනවනේ. මේකත් ඒ වගේ වෙන්න ඇති. කොහොම උනත් සිදුරු වෙච්ච කයාකය හදන්න ඔබම පිළියම් හොයාගන්න ඇති නේද?? නැතිනම් මේ පොස්ටුව ඔබ ලියන්නේ කොහොමද??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දිගටම කියවගෙන යන්නකො!

      Delete
  8. එල එල ..
    කෝම හරි බත් ටිකක් කන්න ලැබුන නේ ...
    ගම් ටේප් එක දාල ආවට නඩේ ගුරාට නඩෙන් කන පුලෝල හම්බ වෙන්න ඇති නේ ..??

    ReplyDelete
    Replies
    1. වයස බලලා ගැහුවේ නෑ කියංකො!

      Delete
  9. අම්මගේ නියත විවරණ!

    නුවරගල මිනිස්සු..! පෝස්ට් එකේ පිංච් පොයින්ට්ස්..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ගැන දැනෙන්නෙ මිනිස්සුන්ට විතරයි මිත්‍ර! මම අම්මගෙ මල ගෙදරදිබිංදුවක් වත් අඬපු එකෙක් නෙවෙයි! අම්මගෙ මල ගෙයට සම්පූර්ණයෙන්ම කරගැහුවෙත් මං! ඒත් දැන් මතක් වෙන හැම වෙලාවෙම ඇඬෙනවා මිත්‍රයෝ! ඒ වගේම තමයි මේ මිනිස්සු ගැන මතක් වෙනකොටත්! මට මේ මිනිස්සු හමුවෙන්න යන්න ඕනේ. ඒක ස්ථිරයි සහතිකයි!

      Delete
  10. "N" ගහපු තැන පොටෝ එකක් දැම්මනම් තමයි ප්‍රයෝජනවත් වෙන්නෙ


    මේකත් පට්ට
    "මන්ද අප නිහඬ වීම තුල අප කණ්ඩායමට තනි තනිව තම තමන් කැමති විදියට අර්භූදය තම සිත තුලින් විශ්ලේෂනය කරගනිමින් තම තමන්ට ගෝචර ; තමතමන් කැමති අකරයේ සිතුවිලි මවා ගනිමින් තම තමන් රිසි ලෙස මන්දෝත්සායි වීමට , බලාපොරොත්තු සුන්කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ."

    ReplyDelete
    Replies
    1. ඒකෙ ෆොටෝ ටික තමයි බං අර භාහිර දෘඩාංගය සමග අභාවප්‍රාප්ත වී ඇත්තෙ! ගොඩ ගියොත් ලොකු දෙයක්! ධම්මික ලඟ විතරයි තියෙන්නෙ. අදත් ගියා ඒටික ගේන්න . තාම ආරංචියක් ම්හු!
      බොරු නොවේ නේද?

      Delete
  11. තට්ටයෝ, පොඩි නිදොස් කිරීමක්, මම rations කඩෙන් අරගෙන දුන්නාම, කෑම උයල දුන්නේ සැමරේ අය්යා, එයාගේ බිරින්දෑ සහ ලේලි. නිල් පාට t-shirt එක ඇඳල ඉන්න කෙනා තමා බණ්ඩාර. බණ්ඩාර එක්ක තමා කඩමන්දියට ගියේ වසීට බෙහෙත් වගයක් ගන්න. BTW, ඊළඟ සුමානේ මම යනවා නුවරගල. ඇවිත් විස්‌තර කියන්නම්. Thank you.

    ReplyDelete
    Replies
    1. මචං මම යාලුවෙක් එක්ක ගමනක් ගියා. ගිය ගමන ගැන විස්තරයක් හිංගලෙන් ලිව්වා. පස්සෙ ඒක මාත් එක්ක ගිය එකාට පෙන්නුවා. ඌත් හරි හරි ගෑවා. පස්සෙ මම ඒක හැමොටම බලන්න මගේ බ්ලොග් එකේ එල්ලුවා. දැන් මාත් එක්ක ගිය ලියපු එක මුලින්ම බලපු එකාම කියනවා අරක වැරදියි ; මේක වැරදියි කියලා. මචං ඔය පැත්තෙ වහ ටිකක් නැද්ද හොයා ගන්න. මට චූටටක් ඕන වෙලා තියෙනවා පොඩි උවමනාවකට!

      Delete
    2. මචං ඒක නිවැරදි කලා.

      Delete
  12. තට්ටයා අයියේ පරක්කුවට සමාව. (මේ ටිකේම 5 ෙවනි රස්තියාදුවට තැන් හෙව්වා අන්තිමට තැනක් ලැබුන.)
    ඇවිදින්න ගියාම අැත්තටම තාම මිනිස්සු ඉන්නව කියල දැන ගන්න ලැබෙනව. ඒ මිනිස්සු මාර පෝසත් මනුස්ස කමින්.
    හිල වහගත්තු හැටි දැන ගන්න නොයිවසිල්ලෙන්.

    ReplyDelete
    Replies
    1. එහෙම හිල් වහනවා කියන එක සෙල්ලමක් නොවෙයි මද්දො! කියවගෙන යමු! මේ පාර කොයි ඉසව්වෙද?

      Delete
    2. අනිවාරෙන් ඊගල කොටස එනකන් බලන් ඉන්නව.
      මේ පාර ආනමඩුවෙ හේනක් පාලු කරල වැව් පිටියකට ගොඩ බහින්න හිතන් ඉන්නෙ.

      Delete
    3. බුදු මල්ලියේ ඕනම දෙයක් පරවේසමෙන්!
      ඔය යන ගමන් වලදි First-Aid Kit එකක් එහෙම ගෙනියනවානේද? මොනවා නැතත් බැන්ඩේජ් , ගෝස් , කතුරක් , පුළුන් , බෙතඩීන් ද්‍රාවනය , ක්‍රේප් බැන්ඩේජ් එකක් , හොඳ ප්ලාස්ටර් රෝලක්, ත්‍රිකෝණ වෙළුමක් , බර්නෝල් වැනි පිලිස්සුනාම ගාන දෙයක් , අස්ථි භග්නයකදී ප්‍රයෝජනයට ගන්න පොඩි උන පතුරු දෙකක් වගේ අඩුම කුඩුම ටිකක් අනිවාර්යයෙන්ම අරණ් පලයල්ලා !
      අනික ජීවිතාරක්ෂක කඹයක් සේ ගතහැකි ලනු කෑල්ලක්.
      වතුරකට බහින්න යනවානම් අර මගේ " මැරෙන්න එපා! මැරෙන්න දෙන්නත් එපා... ! කියන පණ්ඩිත වාක්කියත් බලලාම පලයන් .
      මචං තව තියෙනවා මල්ලි සිරා සීන් එකක් Fire Blanket කියලා. ඕන ගින්නක් උඩට දැම්ම ගමන් නිවා ගන්න පුළුවන්!

      Delete
    4. හැමදාම ඔයාගෙ උපෙදස් ඉහලින්ම පිලිගන්නව අපි.
      ත්‍රිකෝණ වෙළුමක් ,
      අස්ථි භග්නයකදී ප්‍රයෝජනයට ගන්න පොඩි උන පතුරු දෙකක්
      Fire Blanket
      අලුතනේ එකතු කරගන්නම්.

      Delete
    5. එච්චර ලොකුවට හිතන්න එපා. ඒත් සූදානම් ශරීරෙ කියන එක වටිනවානෙ!

      Delete

04. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...