Friday, December 1, 2017

68. ඔබේ මෝටර් රිය දියට වැටුනොත් !





මෙම බ්ලොගය පවත්වාගෙන යන්නේ පරිඝනක දෙකක උපකාරයෙන්. ඉන් එකක වන්නේ මාගේ පෙන්ටියම් 3 ලැපය ය. අනෙක මාගේ කන්තෝරුවේ ඇති මටත් වඩා මහළු කොම්පූටරේ ය.
 මෙම පරිඝනක ද්විත්වයේ මොනිටර පරීක්ෂාවෙන් බලන අයෙකුට තවම පල නොකල ලිපි කිහිපයක දක්නට ලැබේ.  මම පෝස්ටු  ලියන්නේ එකවර දෙකක් හෝ  තුනක් නොඑසේනම්  හතරක්  ලියන්නට පුරාගෙනය. ඉන් පසු එකෙක් මොහොතේ සිතට දැනෙන ලියන්නට කරුණු එක් රොක් වන ලෙසට ලියාගෙන යමි.

 “පුරණවා” බිඳී ඇවිත් ඇත්තේ මුල පුරණවා යන   වැකියෙන් වියයුතුමය.  රේන්ද ගොතද්දීත් පිරිත් කියද්දීත් වැඩය පටන් ගැනීම හඳුන්වන්නේ පිරීම ලෙසයි.
මෙසේ විවිධ මාතෘකා යටතේ පටන් ගත් පෝස්ටු කිහිපයක්ම පැවතියද  මෙය පටන් ගත්තේ මේ මොහොතේමය. මෙය අවසන්  කිරීමද අදම සිදුකිරීමට උපරිම උත්සාහය යොදමි.    මන්ද පසුගියදා මහියංගනයේදී මෝටර රථයක් ඇළකට පෙරලීමෙන්  එකම පවුලක හතරෙන් තුනක් ඉතා අවාසනාවන්ත ලෙස මියගිය බව ආරංචි වීම කරණ කොට ගෙනය.


පොත!

මා බොහෝ අව්ස්ථාඅවලදී මෙන්ම අදද  මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට  ගුරුකොට ගන්නේ 1984 වසරේ ශ්රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් ලියා පල කොට ඇති  “දිවි ගැලවීම් සහ ජල ක්රීඩා” නමැති අත් පොත මය.  මන්ද ඒ පිළිබඳව සිංහලෙන් ලියැවුනු වෙනත් පොතක් මාහට කියවන්නට මෙතෙක් ලැබී නොමැති බැවින්ය.

වෙනත් රටවල ජීවිතාරක්ෂාව , ප්රථමාධාර වැනි විෂයයන් පාසලේ මුල්ම පංතියේ සිට ඉගැන්වේ. නමුත් අභාග්යයකි ! අපේරටවල උගන්වන අය තබා ඒවා තීන්දු තීරණ කරණ අයවලුන්  වත්  ඒ පිළිබඳව උනන්දුවක් ඇතිලෙසක් පෙනෙන තෙක් මානයේ දක්නට නොමැත !

එම පොතින් ගත් මෙම උපුටනය මා ලියා දක්වන්නේ මින් එක් කරුණක් මතක තබාගෙන පිළිපැදීමෙන් උවද ජීවිතයක් ; මරණය හමුවේ සිදුවන නිහීන පරජයෙන් බේරා ගැනීමට අවස්ථාවක් උදා වුවහොත් එය  මා මෙතෙක් ජීවිතයේ ලද ලොකුම භාග්යය හා වාසනාව වනු ඇත !

එහි එක් පිටුවෙක දක්වා ඇති වැකියක් මා මෙහි දක්වන්නම් !


“කෙනෙකුට දිය හැකි ලොකුම ත්යාගය ඔහුගේ හෝ ඇයගේ ජීවිතය මරුමුවින් ගැලවීමයි”   

එනිසා මිත්රවරුනි  මාගේ බ්ලොගයේ සඳහන් මෙම විෂය හා සම්බන්ධ ලිපි හැකි පමන උපුටා අන් අය අතරේ සංසරණය කරන්න. මෙහිදී මාගේ කතෘත්වයෙන්  මා සතුටින් ඉල්ලා අස්වෙමි. මාගේ නමක් හෝ බ්ලොගයේ  හංවඩුව කිසිසේත්ම ඇවැසි නොවේ! සිදුවිය යුත්තේ එක් ජීවිතයක් හෝ මරුමුවින් ගැලවීමය. මේ ඕනෑම ලිපියක් ඔබගේ ලිපියක් ලෙස  ඕනෑම තැනෙක පල කරණ්න පැකිලෙන්න එපා! මා  මේ ලිපි ලියා අවකාශයට මුදා හැර අවසන්. එය සකල ලෝකවාසීන්හට අයත් දෙයක් මිස තව දුරටත් මාහට අයත් දෙයක් සේ නොසලකමි!   එනිසා මෙම අදහස් හැකි  පමන සංසරණය කරණ්න දායක වෙන්න. 

ඉදින් කියවා ගෙන යමු …………….!



මෝටර් වාහනයක් සමග දියේ ගිලීමකදී ...........!

මගීන් සමග බස් රථ , මෝටර රථ , පාරෙන් ඉවතට පැන දියෙ ගිලී විනාශයට පත්වූ අවස්ථාවන් මෙරටේ වරින් වර වාර්ථාවෙයි.
මේ නිසා සාමාන්යයෙන් ගංගා , ජලාශ ආශ්රිතව වාහන පැදවීමේදී සිහි තබාගතයුතු පොදු කරුණු කිහිපයක් ඉදිරිපත් කල හැකිය.
වාහනයක් මෙවැනි අනතුරකට පත්වීමට පෙර විශාල පෙරළීමකට ලක්වනු ඇත.මෙම පෙරළීම , හැපීම  ආදිය නිසා මගීන් ක්ෂණිකව සිහිසන් නොමැති බවට පත්වෙති.
සාමාන්යයෙන් මෝටර් රථවල ආරක්ෂක පටි පැළඳ සිටීනම් මෙම ගැටීමෙන් වැළකීමට බොහෝ ආධාර වෙයි.
සමහර රටවල  ආරක්ෂක පටි නොපැළඳ වාහනවල ගමන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බවට නීතිගත කර තිබීමෙන් මෙහි වැදගත් බව මනාව ඔප්පු වේ.
සාමන්යයෙන් දියට වැටුන වාහනයක දොරවල් ඇරීම අපහසුවන හෙයින් ජලාශයන් ආශ්රිතව ගමන් කරණ විට දොර අගුළු නොදමා වසාගෙන යෑමට වග බලාගත යුතුය. (ඇතුලතින් ලොක් කර ගන්න  එපා !) එය අනතුරින් පසු ගලවාගන්නන් හට පහසුවක් වනු ඇත.
ඉදිරිපස ප්රධාන පහන් දල්වාගෙන යාමට පුරුදු වන්න. එවිට දිය  යට ගිළුනු රිය සොයා ගැනීමට විශාල පහසුවක් වනු ඇත.
එකවර දියට වැටුනු මොහොතේදීම ක්ෂණිකව තමා සිටින්නෙ කුමන අතටද යන්න විභාග කර ගැනීමට අපොහොසත් වුවද තත්පර ගනනාවකින් යහපත් සිහිය එළවා ගෙන  තමා හෝ තම වාහන ය දිය මතුපිට හෝ දිය යට පවතින්නේ කුමන අතට දැයි අවබෝධ කර ගත  යුතුව ඇත.
 එසේම තමා එසේ සිහි එළවා ගත් පසු කල යුතු  ප්රථම කාරණය වන්නේ  තමා වටා ; තමා සමග සිටින අන් අය සන්සුන් කිරීමය. මන්ද දිය යට සිට කොපමන කෑ ගැසූවද එය මතුපිටට හීන් කෙඳිරියක් ලෙසින්වත් නොඇසෙන බැවින්ය.

දියට වැටීමෙන් ස්වල්ප වේලාවක් රථය දිය මතුපිට පාවෙමින් තිබීමට ඉඩ ඇත. වහාම දොර ඇර එළියට පැමිනීමට මෙම කාලය ප්රයෝජනයට ගන්න. මන්ද දියේ ගිළුනු පසු දොර ඇර ගැනීම බොහෝසෙයින් අසීරු විය හැක. (ජලයේ තෙරපුම මගින් ; සංවෘථ රථය තුල  පිරී ඇති වාතයට වඩා වැඩි පීඩනයක් දොරවල් මත ඇති කරණා බැවින් !) 
  
දියට වැටුනු වාහනයක මුලින්ම ගිලෙන්නේ එන්ජිම ඇති ඉදිරි පසයි. (කාර් පිස්සුවාගේ කනේ මයිල් ෆෝකස් වැගන් එක හෝ පිටුපස විසල් බරක් පටවා ගත් වාහන වලට මෙය අදාල නොවේ !)
වාහනයේ අඩියේ ඇති සිදුරු වලින් දොර කට වලින් ජලය ඇතුලට කාන්දුවීමේ වේගය අනුව ගිලීම ඇරඹේ.
ඇතුලත ජලයෙන් සම්පූර්ණයෙන් පිරුණු පසු ; වාහනයේ ඇතුලත හා පිටත් පීඩනය සමාන වීමෙන් දොරවල් ඇරීම පහසුවේ.(මින් අදහස් කරණ්නේ ඇතුලත සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරෙන තුරු කල්මරණ්න කියන දේ නොවේ. යම්හෙයකින් දොරවල් ඇරීම යම් හෙයකින් අපහසු වුවද ජීවත් වීමේ බලාපොරොත්තුව අත් නොහැර ; මානසිකව නොවැටී සිටීමෙන් නිසි වේලවට දොරක් ඇරගෙන එලියට පැමිනීමේ අවස්ථාවක් ඇති බව මතක් කිරීමටය.) 
 බොහෝ විට දොරක් ඇර එලියට පැමිනීමට වඩා ඉදිරිපස හෝ පසුපස වීදුරුවක් කඩා එලියට පැමිනීම සාර්ථක තීරණයක් විය හැක. මන්ද එම ස්ථාන බොහෝ විට ජලය මතුපිට හෝ මතුපිටට ආසන්නව තිබීමට ඇති අවස්ථා බොහෝය.
ඇතුලතින් සපයා ගත  හැකි දිග සාරියක් ලනුවක් වැනි යමක් වෙත්නම් සියල්ලන් එයට සහ සම්බන්ධ කර ගන්න. ( මින් අදහස් කරණ්නේ අල්ලා ගැනීමට සැලසීමද නොඑසේනම් ගැට ගැසීමද යන්න එහි සිටිනා අයට ගැලපෙනසේ තීරණය කරණ්න )
වාහනයෙන් පිටතට පැමිනීමට ආසන්නතම මොහොතේ මෙතෙක් කිසිදා නොගත් තරමේ දීර්ඝ හුස්මකින් පෙනහළු පුරවා ගන්න. ( පපුව තුල හුස්ම පිරී ඇති තෙක්  අප තිගැස්මෙන් හුස්ම ඉහලට ගන්නට යන්නේ නැත. එය අනිච්චානුගත ක්රියාවක් උවද එය මෙසේ මද වේලාවකට පමා කල හැක. අනෙක් කරුණ වන්නේ පපු  කුහරය තුල පිරී ඇති වාතය ; එම පුද්ගලයා දිය මතුපිටට ගෙන ඒමට කිසියම් සක්රීය දායකත්වයක් සැපයීමය.)


වාහනයක් දියේ වැටී පාවෙනු දුටුව හොත් ……..!

වහාම කඹයක් වැනි දෙයක ආධාරයෙන් එය ගොඩට ඇදීමට උත්සාහ  කරණ්න.  නොඑසේනම් වහාම ආධාර සපයා ගන්න. වාහනය දිය මතුපිටට ගෙන  ඒමට තරම් කඹයක්   නොමැතිවේනම් එහි දෙකෙළවර එක් අන්තයක් බර යමක් ද අනෙක් අන්තයේ පාවෙන දෙයක්ද ගැටගසා ස්තානය ලකුණු කරණ්න. 



ජල ධාරාවක් හරහා ගමන්  කිරීමේදී ………!

මීට වසර ගනනාවකට පෙර  ; මගේ මතකය  නිවැරදිනම් 1985 පමන කාලයේදී නුගේගොඩ පහල හංදියේ එනම් සුපිරි වෙළෙඳසල අසල වංගුවේ ඉස්තරම්  හෝටලයක් තිබුනි.
එහි අයිතිකරු හෝ   ඊට ආසන්න වශයෙන් සහසම්බන්ධ අයෙකු  සිය පවුල සමග ; තමා අළුතින් මිළදීගත් කැබ් රථයේ නැගී සංචාරයක යෙදුනි. වතුර මට්ටම ඉහල ගොස් තිබුනු සපත්තු පාළමක් Shoe Culvert එකක මතින් ගමන් කිරීමට තැත් කිරීමේදී ජල ප්රවාහයට හසුවී මුළුමහත්  පවුලම ඛේදජනක ඉරණමකට මුහුණ පෑවේය.  එහි පශ්චාත් මරණ පරීක්ෂනය පැවැත්වීමට මා නොයමි.  එවන් කණගාටු දායක තත්වයකට පත් නොවීම සඳහා කලයුතු උපක්රම කවරේද? 


 සපත්තු පාලමක් 

මෙහිදී මා ගුරුකොට ගන්නා පාර්ශවයන් දෙකක් වේ. ඉන් එකක් වන්නේ  ඕස්ට්රේලියාවේ පලකල
  4 WD  Glove box Guide – Essential driving skills  & recovery techniques – Boiling Billy Publications  නමැති පොතෙන් ගත් උපුටනයන්ය.






  අනෙක් පාර්ශ්වය වන්නේ Water Crossing නොඑසේනම් ජල ධහරා තරණයේ පල පුරුදුකම් ඇති අමල් වික්රමාඅරච්චි හා තෙශාන්ත මුල්කිරිගල ගෙන් කල විමසීමක්ය. අමල් 2004 සිට මේ දක්වා ශ්රී ලංකාවේ සියළුම  Rain Forest Challenge සඳහා සහභාගීවී තරග දිනා ඇති රියැදුරෙකි. 




අමල්



නොම්මර 1 ගහලා තියෙන පෙට්ටිය උඩ නැගලා ඉන්නේ අමල්ම තරමයි!

 ඔබගේ වාහනයට ජල දහරා තරණය කිරීමේ හැකියාව දැනගන්න . සාමාන්ය    4 WD  වාහනයක 500 මිමි සිට 700 මිමි දක්වා ගැඹුරක ; වාහනයේ සාමාන්ය තතවයටතේ කිසිදු නවීකරණයකින් තොරව ගමන් කල හැක .

ජල දහරා තරණය ට  පෙර එන්ජිම නවතා එය තරමක් සිසිල්  වෙන්නට ඉඩ හරින්න .
රතයේ වීල් හබ් මට්ටම නොඑසේනම් රෝදයේ කේන්දරය / අක්ෂය මට්ටමට පිහිටි වතුර මට්ටමක් නම් ඒ පිළිබඳව වඩාත් සැළකිළිමත් වන්න.

එයට වඩා උස මට්ටමක් හරහා ගමන් කිරීමේදී වාහනයේ Differential , Gear Box , Engine Sump ආදී කොටස වලට ජලය ඇතුළු විය හැකි බව මතක තබා ගන්න.
ජලයේ ගැඹුර සේම හැඩ පහර ගැනද මහත් අවබෝධයක් ලබා ගන්න. බොහෝ සපත්තු පාලම්  දමා ඇත්තේ වැව් මගින් පිටවන ජල ධ්ඝහරා හරහාය. එනිසාම එම ස්ථානයන්හී අධික හැඩපහරක් තිබිය හැක.

ගං වතුර හරහා  ගමන් කිරීමේදී  දියයට තත්වය පිළිබඳ කිසිදු පෙරයීමක් කල නොහැක.
  සියල්ල සූදානම් වේ නම් රථයේ ෆෝ වීල් ක්රියාත්මක කරණ්න. ඒ සඳහා සුදුසුම ගියර අනුපාතය වන්නේ  Four Wheel Low range  2 nd ගියරයේය. ඔටෝ වාහනයක් නම් එය  2 nd ගියරයෙන් ඉහලට ගියර මාරු නොවීමට සකසා ගන්න. එන්ජිම විනාඩියට වට 1500 2000 මට්ටමේ පවත්වා ගනිමින් තරණය සිදු කරණ්න.

මොනම විටෙක ජල ධහරාවේ මැද නොනවත්වන්න ! ගියර මාරු කිරීමට නොයන්න. තරණයෙන් පසු මද දුරක් බ්රේක් පාදිකය යාන්තම් ක්රියාත්මක කර ගෙන යාමෙන් එය ඉක්මනින් වේලී    යාමෙන් ; සමාන්යයෙන් ජල ධහරා තරණයෙන් පසු ඇතිවන  තිරිංගවල ක්රියකාරීත්වයේ අඩුපාඩු මග හැරී යනු ඇත.

“ෆෝ වීල් නොමැති රථයක් නම් ?”  ඔබ මගෙන් අසාවි!

“ඇයි ෆෝවීල් නොමැතිනම් ඒක වාහනයක් නොවේ කියලා මම ලියලා තියෙනවා කියෙව්වේ නැතිද ? මම ඔබෙන් පෙරළ අසවි .

ටයර වැසෙන මට්ටමෙන් එහා වතුරක ඔබ යන්න එපා ! එයයි මගේ  හොඳම පිළිතුර වන්නේ !

හදිසියේ ගං වතුරකට මෝටර් රියක් මැදිවුවහොත් හැකි පමන එහි එන්ජිම ක්රියාත්මක කිරීමෙන් වලකින්න. මන්ද එන්ජිමතුලට ජලය ඇදගෙන තිබේ නම් ; එන්ජිමක්රියාත්මක කිරීමට ගන්නා උත්සාහයේදී එන්ජිම මුළුමනින්ම විනාශ විය හැක.

සෑම එන්ජිමක්ම ක්රියාත්මක වීමට එන්ජිමතුලට වාතය ඇදගනී. ඉන්පසු ඇදගත් වාතය පිස්ටනය මගින් තෙරපුමකට ලක් කරයි. වායු වල ඇති ගුනාංග වන්නේ නිසි ස්කන්ධයක් ඇත . එහෙත් නිශ්චිත හැඩයක් හෝ පරිමාවක් නොමැත - යන්නය.

 ඉන් අදහස් කරණ්නේ පීඩනය වෙනස් කරමින් පරිමාව වෙනස් කල හැක  යන්නය. එහෙත් ද්රවයන්ගේ ගුනාංගය  වන්නේ නිශ්චිත  හැඩයක් නොමැති වූවාට නිශ්චිත පරිමාවක් හා ස්කන්ධයක් පවතී.
මේනිසාම පිස්ටනය මගින් එන්ජිමේ සිලින්ඩරය තුලට ඇදගන්නා වාතයේ පරිමාව වෙනස් කරමින් පීඩනය වැඩිකල හැකි වුවද ඒ වෙනුවට ජලය ඇද ගතහොත් එහි පරිමාව වෙනස් කිරීමට යාමේදී එන්ජිම මුළුමනින්ම විනාශවිය හැක.

 මෙයට මෝටර් කාර්මික විද්යාවේ  හඳුන්වන්නේ Hydrolock එකක් කියාය .  මෙනිසා එන්ජිම නවත තිබුනද ජලයෙන් එන්ජිම වැසී ගිය හොත් එන්ජිම පන ගන්වා බැලීමට ප්රතමයෙන් ඒතුලට ජලය ගමන් කොට  ඇතිදැයි කාර්මිකයෙකුගේ සහයෙන් සොයා බැලිය යුතුය.
   සපේක්ෂව ඩීසල් එන්ජිමකට වතුර ඇදීමෙන් සිදුවන හානිය ඉමහත්ය. මන්ද ඩීසල් එන්ජින් වල සම්පීඩන අනුපාතය Compression Ratio අධික වීමය.    (පෙට්රල් එන්ජිමක 9:1 පමන වන සම්පීඩන අනුපාතය  ඩීසල් එන්ජිමක 22:1 පමන වේ !)

කාර්මිකයා විසින් කල යුතුවන්නේ පෙට්රල් එන්ජිමක නම් සියළුම පුළිඟු පේනු  Sparking Plugs ද ඩීසල් එන්ජිමක නම් Injectors  සියල්ලද ගලවා එන්ජිම බැටරිය මාර්ගයෙන් වට කිහිපයක් කරකවා එන්ජිම තුල වතුර නැති බව තහවුරු කර ගැනීමයි.

හයිබ්රිඩ් වාහන තත්වය තරමක් දරුණුය. මන්ද බැටරිය තුලට ජලය නොව  ජල වාශ්ප හෝ පින්න ගමන් කලද අවුලක් පෙන්වන්නට පටන් ගැනීමයි.එවිට බැටරිය මුළුමනින්ම ගලවා වියලිය යුතු වන්නේය. 


   

36 comments:

  1. හම්මටසිරි මේක පට්ට පෝස්ට් එකක්. දන්නෙ නැති කරැණු අම්බානක ඔලුවට වැටුනා. පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. මල්ලි නිකං බයිලා එපා! උඹල දන්න දන්න ඒවාවලින් මේ පෝස්ට් එක ආරෝපණය කරපල්ලා! ඒකයි වෙන්න ඕනෙ! ස්තූතියි!

      Delete
  2. අගේ ඇති ලිපියක්.
    මුලින්ම කළ යුතු වන්නේ සෑම පාසලකදීම ළමයින්ට පිහිනීම සහ ජීවිතාරක්ෂාව පිළිබඳ මූලික සිද්ධාන්තවත් ඉගැන්වීමයි. මොකද වැව් ගංගා ආශ්‍රිතව ජීවත්වෙන අයත් ගිලිල මැරෙන අවස්ථා තියෙන නිසා.

    ඔය වියානා ඇලේ මීට කලිනුත් වාහන බර ගානක් වැටිල තියෙනව. ඒ වගේ පාරක යද්දි තමංගෙ වාහනේ වේගය ගැන සැලකිලිමත් වීම වැදගත්.
    මේ ළඟදි වැටුන කාර් එකේ ඉස්සරහ හිටපු දෙන්න සීටි බෙල්ට් දාගෙන හිටපු එක ඒ දෙන්නට ජීවිතේ බේරගන්න තිබුණු අවස්ථාව අහිමි වීමක් කියල හිතෙන්නෙ නැද්ද? (සමහර විට කලබල වීම නිසා ඒක ගලවගන්න අවස්ථාවක් නැති වෙන්න ඇති)

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම! ලමයින්ට කොම්පූටර් පංති , එලක්යුෂන් , පොයෙම් ඩ්‍රාමා වලට ඉස්සෙල්ලා පීනන්න පොඩ්ඩක් ඉගැන්වුවොත් හරිම වැදගත්! හැබැයි මේක ලාබෙට බාලවිදියට කරණ්න යන්න හොඳනෑ! මමත් තරමක හොඳ පිහිනන්නෙක්. ඒත් මගේ දරුවන් පුහුණු කිරීම මම භාර කලේ හොඳ පුහුණු කරුවෙකුට! මම උගන්වන්න ගියානම් තාම උගන්වනවා! මතක තියාගන්න ඕනෙ ලංකාවේ කොච්චර වැඩ්ඩො හිටියත් 1996 ක්‍රිකට් කප් එක ගන්නකොට කෝච් කලේ ඩෙව් වට්මොර් කියල සාමාන්ය ක්‍රිකටර් කෙනෙක්!

      ඇත්තටම වාහන පදවන කොට විනයක් තියෙන්න ඕනෙ ! ස්තූතියි!

      Delete
  3. කනේ මයිල් ෆෝකස් වැගන් එක වතුරට වැටුනම පස්ස ගිලිල ඉස්සරහ උඩ යන හින්ද වාහනේ ගිලෙන්න කලින් වින්ඩ්ස්ක්‍රීන් එක කඩාගෙන එළියට පැනගන්න වැඩි හැකියාවක් තියෙනව වගේ.

    ReplyDelete
  4. වාහනේ වතුරට වැටුනොත් නම් මොනම විදියකින්වත් දොරවල් අරින්න හොඳ නැහැ.දොරවල් අරින්නත් බැහැ ලේසියෙන්. ඇරියොත් වතුර පිරිලා එක පාරම යට යනවා.හොඳම දේ නම් වීදුරු පහත් කරලා ජනේලෙන් පනින එකයි.හැබැයි. දොර දෙකේ cupe කාර් එකක් නම් බොහෝ විට පිටුපස සීට් එකේ යන අයට දෙවියන්ගේ පිහිට තමා දොරවලුත් ලොක් නම්.
    කියන තරම් ලේසි නැති උනත්,පැනික් නොගහා පළමුව සීට් බෙල්ට් ගලවා ගන්න ඕනි.පවුලක නම් සියලු දෙනා මේ පිලිබඳ නිතර දැනුවත් කිරීම වැදගත් එවන් පලාතක ගමනක් යද්දී.හදිසියකදී ඉදිරි හෝ පැති වීදුරු කඩන්නට හැකි තියුණු මෙවලමක් වාහනයේ අතේ දුරින් තබාගැනීම බොහෝ ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවට සීට්වල හෙඩ්‍රෙස්ට් එක ගලවලා(නිකම්ම උඩට ඇද්දම ගැලවෙනවනෙ ) ඒකෙ කූරුවලින් ඇනලා වීදුරු කඩාගන්ඩ කියලාකොහෙහරි තියනව දැක්කා.

      Delete
    2. එහෙම කියනවා, නමුත් කියන තරම් ලේසි නැහැ head රෙස්ට් එක ගලවන්න.විශේෂයෙන් අලුත් කාර් වල. ඊට ලේසියි ටිකක් ශක්තිමත් මල් නියනක්.ෆ්ලැට් නියනක් glove box එකේ තියාගන්න එක.

      Delete
    3. බොහොමත්ම ස්තූතියි! ඇත්ත්ටම මේ පෝස්ට් එක ලියලා බ්ලොග් එකට දාන්න යනකොට අපේ මධුශානුත් කිව්වා ඔය කතාවම! ඇත්තටම අපිට ඕනෙ මෙහෙම කථිකාවක්! ඇවැසි ජාතික මට්ටමේ එකක්. නමුත් මෙහෙම හරි දෙයක් ඇතිවෙන එකට දායක වීමගැන අපි හැම දෙනාටම සතුටු විය හැකියි! ඇත්තටම වඩාත් බුද්ධි ගෝචර ක්‍රියාව වන්නේ වීදුරුවකින් එළියට එන එක තමයි!

      කාලෙකට ඉස්සෙල්ලා ලටෙක් බස් පාරෙ දුවපු කාලෙ පිටුපස වීදුරුව අසල බොඩියේ ඇතුලු පැත්තේ සවි කරලා තිබුනා පුංචි මිටියක්. යන එවුන් හොරෙන් අරං බහින හිනදා ඒවා ඩිපෝ එකේදිම අරං තියලා තිබුනේ. තාම සමහර බස් වල් ඒ මිටිය හයි කරපු ප්ලාස්ටික් බ්‍රැකට් එක තියෙනවා!

      Delete
    4. @Thattayage Kolama: ඈ !! ඒ මොකද්ද ඒ මිටිය? එහෙනම් ඉතින් අර මිටිය එක්කම වැටෙන්න මොකද්ද කරන්න ඕනේ?? මට එකපාරටම හිතුනේ ඒ මිටිය ඩිපෝ එකේ අරන් තියලා කියල. එහෙම උනානම් ඩිපෝ එකත් වතුරට වැටෙන්න එපැයි මිටිය තියෙන්න! පස්සේ තමයි අර්ථය පැහැදිලි උනේ.. හි හි හි

      Delete
    5. ඔයා හරි ! ඩිපෝවෙන් ඒක අරන් තියලා තමයි බස් එක එලියට දාන්නේ!?!?!?

      Delete
  5. ඉස්සර අවුරුද්දකට කීප වතාවක්ම උඩවලවේ බැම්ම උඩින් යනවා වීරවිල යන්න...
    ඒ යද්දී හැමදාම වගේ පැයට කිලෝමීටර 100 ට විතර වේගෙන් ගියපු හැටි මතක් වෙලා පොඩ්ඩක් ෂොක් උනා...
    පවුලේ උදවිය එක්ක යද්දී ඉතා පරිස්සමින් යන්න තීරණය කලා මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ...

    ඒ වගේම වාහනේ පැති හෝ ඉදිරි වීදුරු හරහා එළියට එන එක තමයි හොඳම දේ...
    එන්ජිම ඉස්සරහ තියෙන වාහනේකනම් ඉදිරි වීදුරුව බිඳින එකට වඩා පැති වීදුරුවකින් එළියට එන එක වඩා යෝග්‍ය වෙයි කියල හිතනවා...
    වාහනේට වතුර පිරෙනකල් ඉඳලා දොරවල් අරින්න හිතන එක ඉතා අනුවණ තීරණයක් වේවි...
    මොකද ගොඩක් ගැඹුරු තැනකට වැටුනොත් එහෙම බේරෙන්න තියෙන අවස්ථාව ඉතා අවම වෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්තටම වීදුරුවෙන් එලැයට එන එක තමයි හොඳම වැඩේ වෙන්නේ!
      අනික ගමනක් යනකොට කතාපවුලේ අය අතරේ කථා කරණ්න ඕනෙ එකක් ත්මයි හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද කියන එක! " දෙයියනේ කියලා හොඳ ගමනක් යන්න හදන කොට අව කැපෙන කථා කතා කරලමයි යන්න ඕනෙ!

      ඉස්සර මම සෙනග පිරුණු තැනකට දරුවන් එක්ක යද්දි මම අනිවාර්යයෙන්ම කියනවා පෙන්වන්වා ; අම්මව හරි තාත්තව හරි මග ඇරුනොත් එන්න ඕන තැනක් හරි පොලිස් රාළහාමිලාව හරි. Contingency Plan අවිනිශ්චිතතා සැලසුමක් තිබිය යුතුමයි ජීවිතේ කොයි දේ කරණ්න ගියත්!

      Delete
  6. මගේ පුස් බයිසිකලේ වතුරට අහු උනා. මං මේ කල්පනා කරේ මොකද කරන්නේ කියලා. බොහොම වැදගත් පොස්ට් එකක්. ස්තුතියි නැවත එන්න.

    ReplyDelete
    Replies
    1. බයිසිකල් වතුරට අහූනාම ඉස්සරහ පස්ස හබ් ඇතුලටයි සෙන්ටර් ඇක්සල් එක ඇතුලටයි වතුර ගිය ගමන් ඇතුලේ තියෙන ග්‍රීස් ගල් වෙනවා. ඊට පස්සෙ ටක ටක සද්දයක් එන්න ගන්නවා! අනිවාර්යයෙන් ගලවන්නම වෙනවා! ස්තූතියි !

      Delete
  7. සමහර දේවල් නම් තේරුනේ නෑ. එත් ආත්මාරක්ෂාව ගැන තියන දේවල් නම් උවමනාවෙන් කියෙඋවා .මොකද මම බොහෝ විට වාහනේ යන්නේ තනියෙන් නිසා. කොහොමත් ඔබ ලියන ලිපිවල අපට ඉගෙන ගන්න බොහෝ කරුණු තියනවා. ඔබ කරණ මෙහෙවරට මම සුබ පතනවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න! වඩාම වැදගත් වන්නේ ජීවත් වීමයි!

      Delete
  8. වාහනයි ජීවිතයි දෙකම බෙර ගන්න විදිහ ලියලා ...වාහන නම් තව සැහෙන්න කාලකට පස්සේ වැදගත් වෙයි ,හැබැයි ජිවිතේ නම් තුන් කල්ම වැදගත්.ෆෝ වීල් ,ත්‍රි වීල් වතුර වැඩි නිසා නවත්තාගෙන් ඉන්නකොට මගේ ටු විල් එකෙන් ගිහින් තියෙනවා ඒ තැන වල ,අනේ මන්දා මගේ බයික් එක වෝටර් ප්රුෆ් ද කියලා

    ReplyDelete
  9. එල එල දැං වාහනේ ගොඩට අරං කයැක් එකෙන් ගඟේ යමු ...

    ReplyDelete
    Replies
    1. එළ! එළ!! බොහොමත්ම ස්තූතියි!

      Delete
  10. හොඳ ලිපියක්.

    නොදන්නා එව්වා ගැන කතා නොකර කට පියාගමි. ඒ උනාට ඔහොම ගිලෙන්න යන එක මොනවගේද කියලා විතරක් කල්පනා කරමි.

    ReplyDelete
  11. ඇයි වතාවක් ගිලුනා කිව්වා නේද?

    ReplyDelete
  12. ඒ ගිලුනේ නිකන්ම දියවැලක් වගේ එකකට අහුවෙලානේ. ඒ වගේද කොටුවෙලා මේ වගේ මෙව්වා වෙනකොට??? හරි හරි ඉතින් එදාත් මෙලෝ දෙයක් තෙරුනේ නැහැ තමයි... තාමත් එහෙමයි, එමමයි

    ReplyDelete
    Replies
    1. ලයිෆ් සේවර් කෙනෙක්ව කසාද බඳින්න! සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එකක් ගන්න!! කොයි ගමන ගියත් හුලං ගහපු ටියුබ් එකක් අරණ් යන්න!!

      Delete
    2. මේ මොනවා කියනවද මන්ද...
      කිමිදෙනකොට තමන්ගේ ඉනේ බැඳපු ලනුව අල්ලගන්න දෙන්නේ කසාද මනුස්සයටද?? නැතිනම් මස්සිනාටද??? දැන් ඔය හුලන් ගියපු ටයර් එක අරගෙන, ඉන්ෂුවරන්ස් එකක් ගත්තට අර කියාපු ජාතියේ එකක් නම් කරගන්න එක ලේසි වෙන එකක් නැහැ.

      Delete
  13. This very important document for all of us. Thank you very much. Highly appreciated.

    ReplyDelete
  14. අයියෙ ෙම්ක සිරාද බං //පෙන්ටියම් 3 ලැපය ය//??
    ලිපිය නම් අම්බානයි තවටිකක් වැගත් ආ.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! පරණ ඇන්ටික් එකක් කොල්ලෝ. තව කොටසක් එක හුස්මට ලියනවා!

      Delete
  15. මහියංගණය මිනිපේ ඇල හා ZD වගේ ඇළ වල හැඩය නිසා උඩින් පේනවට වඩා විශාල වේගයකින් යට වතුර ගලාගෙන යනවා.. ඒක නිසා බේරෙන එක ගොඩක් අමාරුයි. පළවෙනිම දේ බන්ට් එක දිගේ පදිනකොට පරිස්සමෙන් හා කල්පනාවෙන් පදින එක.. ඒ වගේම ඕනෙම හදිසි අවස්ථාවක කලබල නොවී සිටීම හා පෙර සුදානමකින් සිටීම හරිම වැදගත්. ගලාගෙන යන වතුරකට වැටුනොත් පිටත ඉන්න කෙනෙකුට කරන්න පුළුවන් දේ අවම උනත් වැවකට වගේ වැටුනොත් පිටින් උදව් ගන්න පුළුවන් ඒ වෙලාවට උදව් කරන්න යන ය මුලින්ම තමන්ගේ ජිවිත අවධානම අයින් කරගෙන ඕනි යන්න. උදාහරණයකට වතුරට බහිනවානම් ඉණේ කඹයක් වත් බැඳගෙන ගොඩ ඉන්න කෙනෙකුට අල්ල ගන්න දීල වත් බහින්න ඕනි. ගොඩක්ම දෙනෙක් ජිවිත බේරා ගන්න කියල ගිහින් තමන්ගේ ජිවිත අවධානමට ලක් කර ගන්නවා. තව එකක් දියේ ගිලුණු කෙනෙකුට ප්‍රථමාධාර දෙන විදිය.. මට හිතෙන්නේ ගරු කටයුතු තට්ටයා මහතා ඒ පිළිබඳවත් ලියයි ඉක්මනටම.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කියන්න ඕන නෑනෙ . ඔබ තුමාගෙ කොමෙන්ටුව දැක්ක ගමන් හුතුවා හොඳටම එකක් ලියන්න ඕනෙ කියලා. ඉතින් ඒ හින්දම වැඩේ පරක්කු උනා සුපිරියටම!
      ඉස්සර රජ කාලෙ ඇලවල් කපලා තියෙන්නේ හරි අපූරු ක්‍රමයකට ලු . ගැබ්බර එලිස්සියකගේ පිටේ මෙනේරි , තල වගේ ධාන්ය මලලක් පටවලා ඒකෙ සිදුරක් හදලා මුදා හරින කතාවක් මා අසා තියෙනවා. තකොට ඒ සතා ප්‍රවේසමට යන මාර්ගය දිගේ වැටෙන ධන්ය පාරදිගේ ඇල කපනවා කියලා. නමුත් zඪ් ඇල වගේ ඒවා කපලා තියෙන්නේ අඩි කෝදුව සිතියම උඩ තියලා ගහපු ඉරි උඩ!
      එසේම ඒවායේ තියෙන්නේ බොහෝවිට අස්වාභාවික V හරහ් කඩක්! ඒ නිසාම අලියෙක් වැටුනොත් ගොඩ ඒමට බොහෝ කරදර විඳින්න වෙනවා කියා වන ජීවි එකේ මහත්තයෙක් මාහා වරක් කීවා!
      කොහොමත් මේ වගේ තැන් අසලින් යනකොට කල්පණාවෙන් යන්න ඕනෙ! ඇත්තටම තුමෝ ලංකාවේ වාහන එලවන එවුන්ගෙන් 50%කට ඩ්‍රයිවිං බෑ! මේක දැක්කාම කට්ටියට මල පනියි! ඒත් ඒක ත්මයි ඈත්ත. අපේ එවුං හිතාන ඉන්නවා අපේ ත්මයි සුපිරිම එවුං ඉන්නේ කියලා. ඒක මීට කලකට ඉස්සර " ලෝකෙ හොඳටම ඉංග්‍රීසි කතා කරණ එවූන් ඉන්නේ ලංකාවේ!" කියලා හිතනවා වගේම මිත්යාවක්!
      මම වරක් දෑක්කා අඩි 40 ට්‍රේලර දෙකක් එකට අමුනලා ප්‍රයිම් මූවර් වලින් ඇදගෙන ෆ්‍රී වේ එකේ පැයට කිලෝ මීටර 100 ට යන විදෙස් රියැදුරන්!
      ඇත්තෙන්ම ත්ව එක පෝස්ටුවක් ලියාගෙන යනවා මේ ගැනම! ඊළඟට ලියන්න ඕනෙ ප්‍රථමාධාර ගැනත්! මගේ අතිශය සාමාන්ය වූ පෝස්ටුව මෙවන් වැද්ගත් තැනකට ඔසවාලූ ඔබ සියළු දෙනාට මා හිස නමා ආචාරය කරමි!
      මෙය කියවා එක් ජිවිතයක් වත් බේරුණොත් එහි ගරුත්වය ඔබ සැම අතරේ මා සමානව බෙදා දෙමි!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...