Friday, November 24, 2017

64. Rapids...!



Rapid  යන වචනය මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයේ විස්තර කොට ඇත්තේ මෙසේය :ඉක්මන් , වේගී ,ශීඝ්‍ර ,වේගවත් ,වේගී දිය වැල් සහිත ගං බැස්ම; වේගවත් ජල පහරක්  යනුවෙනි . නමුත් අප තරණය කරණ Rapid එකක් වේගවත් දිය වැලක්ම නොවේ.

එය කට ව්‍යවහාරයේ ලෙසට ඇල්ලක් යැයි කියනු ලැබේ. නමුත් ඇල්ලට ඉංග්‍රීසි  භාෂාවේ හඳුන්වන්නේ Water Fall යනුවෙනි. නමුත් යනු Water Falls යනු දිය ඇළිය !

දුන්හිඳ ,දියලුම වැටෙන්නෙ Water Falls ගනයට. 
නමුත් කයාක් වලින් තරණය කරණ්නේ   Water Falls නොව Rapids ය.

Water Fall නොඑසේනම් දිය ඇල්ලක් නිර්මාණය වන්නේ  සමෝච්ඡ රේඛා අතර දිය පහරක් ගලන විටය.  සමෝච්ඡ රේඛා යනු සම උස රේඛාය. එකල ව්‍යවහාරයේ  මෙම රේඛා සටහන් තැබෙන්නේ අඩි 1000 න් 1000  ටය. 

නමුත්  දිය ඇල්ලක් නිර්මාණය වීමට අඩි 1000 ක වෙනසක් ඇවැසි නොවේ.
 Rapid එකක් නිර්මාණය වීමට  දිය  පහරක් , ගංගාවක් , ඇළක් , දොළක් ගලායාම සිදුවිය යුතුය.
 එසේ ගලායන්නෙ කිසියම් බැස්මක් තිබීම හේතුකොට ගෙනය. මෙය ; සැතපුමට අඟලක්  වන යෝද ඇළේ  බැස්ම මෙන් නොව කැපී පෙනෙන එකක වියයුතුය.  මෙසේ ගලද්දී එම ගලායාම සිදුවිය යුත්තේ පාෂානමය පරිසර පද්ධතියක් තුලිනි.
 නොඑසේනම් දීර්ඝ කාලයක් ගලායම සිදුවන විට එම බැස්ම හොදින් සුමට වී මෙම “ඇළි” ස්වභාවය  නැතිවීයනු ඇත.
කලකට පෙර පස් ,වැළි , මැටි සහිත පතුලක් ඔස්සේ දීර්ඝ කාලයක් දිය දහරාවක් ගලයෑම කරණකොටගෙන ඒවා සියල්ල සේදී ඉවත්වී ගල් පමණක් ඉතිරිවීද ;  නොඑසේනම් පෘථිවිය නිර්මාණයේදී සිදුවූ විපර්‍යාසයන්ගේ ප්‍රථිඵලයක් ලෙස ගංඟා බිහිවීමේදී සමහර ස්ථානයන්හී පාෂාණමය වටාපිටාවක් සමග බිහිවීද ? 
      
කිසියම් බෑවුමක්  ඔස්සෙ ගංඟාව ගලා යෑමේදී එම ගලායෑමට එදිරිව තිබෙන පාෂාණමය බාධක නිසා ජලයේ ඇතිවන කැළඹිළි සහගත ස්වභාවය , අනාකූල   භාවය , සුළි සහිත බව , භාවි කථනය කළ නොහැකි ,පෙරයිය නොහැකි බව, නොහික්මුනු බව සහිත ගඟ ගලායන ස්ථානය  ඇල්ලක් නොහොත් Rapid එකක් ලෙස දක්වයි.
 මෙසේ ඇල්ලක් නිර්මාණට වන්නෙ ගඟ හරහා ඇතිවන බාධකය ඉවහල් වේ. එහිදී  ගලන ඟගට මෙම බාධාව අතරින් ඇති කුඩා විවර එනම් ගල් අතර ඇති හිඩස අතරින් ගඟේ උපරිම ජල ධාරිතව ගලද්දී එතෙක් මෙම බාධාව කරණ කොටගෙන ඇතිවූ විභව ශක්තිය වූ අධික පීඩනය චාලක ශක්තිය බවට හරවා ගෙන අධික වේගයකට පමුනුවා ගනී. 
චංචුවකින් නොඑසේනම් නැසින්නකින් පිටවන ජල ප්‍රවාහයක් සේ අධික  තෙර පුමකින් පිටවන මෙම ජල ධාරාව මගින් ගඟේ ඊට පහලින් පිහිටි ජලය තුල ඇතිකරන්නේ ව්‍යාකූල තත්වයකි. එම ස්ථානය එනම් මෙම බාධකයට පහලින්ද ගඟ පතුලේ ගල් පර්වත  පවතී නම් එතන ඇල්ලක්  සෑදේ. 
මෙහි කිසිදු හැඩයක් නොගන්නා ජල කඳන් ඒමේ අත දිවෙන දිය සුළි පිරි මරු කටකි. මෙහි ඇති වඩාත්ම ව්‍යාකූල තත්වය වන්නේ මෙහිදී ඇතිවන  ජලයේ හැසිරීම භාවි කථනය කල නොහැකි වීමයි. මන්ද මා මෙසේ පිටුවක්  පුරා කී දෑ සියල්ල සිදුවන්නේ ඇසට නොපෙනෙන ගං පතුලකය. 
මම සියළු කරුණු මගින් ගං දිය මත ඇතිකරණ     පෙන පිඩු  , රැළි  , හා සවනට ගෙනෙන හෝ හෝව විනා වෙනත් කිසිදු ඉන්ද්‍රියනට ගෝචර යමක් නොගැටීමයි. එසේම පෙරකී ගල් කපොල්ලක් අසලට ගිය විටෙක නැවත  ආපසු  හැරීමක් කල නොහැක.  එයින් ඇද ගන්නා යාත්‍රාව  අකාරුණික ලෙස  ඇල්ලට මුදා හරියි. 
ඒ මුදා හරින්නේ තවත් ගලක තියුණු දාරයක් මතට නොවන්නේ යැයි කාට නම් කිව හැකිද ? 
එකම ඇල්ලක් කිහිප වතාවක් තරණය කොට ඇති අයෙකුගේ පලපුරුද්ද ගඟේ ජල මට්ටම මත රඳා  පවතනා වේගය මත තීන්දුවේ. 
එසේම යාත්‍රාව ඇල්ලට ඇතුළු වෙන වේගය හා කෝණය මත එය පතිතවන නොඑසේනම් පිටවන අයුරු වෙනස් විය හැක. 
මෙ නිසාම තමා සිතා මත හෝ නොසිතා මෙතෙක් කිහිප වතාවක් එකම ඇල්ලක් නිරුපද්‍රිතව තරණය කොට ඇති අයෙකුගේ ඊළග තරණය කුමකින් කුමක් වේදැයි කිසිවෙකුට කිව නොහැක !  

ඉහත පෝස්ටුවේ රූපරාමු පෙල ; දෙවෙනි යාත්‍රාවේ  ඉදිරියේ පදින ධම්මික ගෙල බැඳි Go-Pro වෙන් ගත් ඒවාය. එය හොඳින් නිරීක්ෂණය කලහොත් ඉදිරියෙන් යන අපේ කයාකය  පෙරළී දියබත් වෙනු  දැකිය හැක.  ඉන් පසු රූප රාමු ව්‍යාකූල වන්නේ ඔවුන්ද දියට වැටෙන නිසාය.
මෙම Rapid වර්ගීකරණයක් කරණු  ලබයි . ඒ පිළිබඳ ප්‍රථූල දැනුමක්  ඇති අයවිසින් මෙම වර්ගී කරණයකිරීම කරණු ලබයි .

ගංඟා වල කරණු ලබන ජල ක්‍රීඩා හෝ වෙනත් මිනිස් ක්‍රියාකාරකම් වලට එදිරිව අදාල ජලයේ හැසිරීම විශ්ලේෂනය කොට i සිට vi දක්වා මෙම වර්ගී කරණය කරණු ලබයි.

Grade I : සෙමෙන් ගලන නොගැඹුරු ජල දහරා .
Grade ii: කුඩා රැලි සහිත අක්‍රමවත් ගලායෑමක්.
Grade iii: ගලා යෑම නවතලන බාදක සහිත අක්‍රමවත් ගලයෑමක් . ගමන්    මාර්ගය පහසුවෙන් සොයා හඳුනා ගත හැක.
Grade iv: විසල් ඇළි අඛණ්ඩව පවතින ; යෝධ පර්වත මගින් ජල ප්ර්වාහයට බාධා පැමිනවිය හැකි මාර්ගය අපැහැදිලි.
Grade v: ප්‍රචන්ඩ රැළි මගින් අතිශයින් දුෂ්කර ,බාධක හා හෙලීම් සහිත.
Grade vi: තරණය කරන්නාගේ ජීවිතයට දැඩි තර්ජනයක් ඇති කරවන සුළු.





 
Take up Canoeing පොතෙන් උකහා ගත් උපුටනයක්!

ඔබගේ ඊළඟ  පැනය මා හොඳින් දනිමි.
 ඒ මා ඔබ හා මෙතෙක් දුර යෙදුනු අල්ලාප සල්ලාපයෙන් මා ලත් පරිචයය !

 'කිරි අම්මා ඇල්ල මින් කුමන පංතියකට  වැටෙන්නේද ? '

එය නොවේද ඔබේ සිතේ හටගත් පැනය.

 මා මීට පිළිතුරක් දීමට Borderlands හී ප්‍රධාන උපදේශකව සිටි මහේෂ්ව 24/11/2017 උදෑසන 6.31 ට ඇමතූ වෙමි.

“කණගාටුයි  ඔබ අමතන  ග්‍රාහකයා........ මේ මොහොතේ සම්බන්ධකල නොහැක……..!”  

එහා කොනින් ලයාන්විත හඬකින් කියැවිනි!

කරුණු මාලත් විගස මෙහි බහාලමි !


"තැඹිලි වර්ණයට කියන්නේ Orange . එහෙත් Orange වලට සිංහලෙන් කියන්නේ දොඩම්.තැඹිලි වලට ඉංග්රීසියෙන් කියන්නේ King Coconut 
  දොඩම් කති! තැඹිළි බොති
එහෙත් කිසිතැනෙක තැඹිලි වර්ණයට King Coconut  Color නොකියති. 
එය තවත් වසර දහස් ගනනක් ගියද  Orange Color වනු ඇත!! 
එදිනට දොඩම්ද තැඹිළිද මෙලොවින් තුරණ්වී තිබිය හැක.
 එහෙත් තැඹිලි වර්ණය Orange Color වී පවතිනු ඇත !!! "


25 comments:

  1. හොඳ පැහැදිලි කිරීමක්. උඩින් මොන විදියට පෙනුනත් ගඟේ අපේ ඇහැට නොපෙනෙන අභ්‍යන්තරය හිතනවට වඩා වෙනස් වෙන්න පුලුවන්.

    එහෙම උනොත් ඉතිං තැඹිලි කාල දොඩම් බොන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ මගේ ලිවීම පැදීම පහුකරණවා. ඒ අඩුව මකන්නයි මේ පෝස්ටුව දැම්මේ! හිතන්නකෝ කයාක තුනම පෙරළී ගියා කිව්වහම!

      Delete
  2. ඉවර කරපු ගමන ගැන පෝස්ට් එකක් දාල ඉවරකරද්දිම තමයි ඔයාගෙ පෝස්ට් එක දැක්කේ.
    දැනුමට යමක් එකතු කලාට ස්තූතියි. උදාහරනය නම් කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී! මල්ලි කියන්නෙ ෆිට් එකට!

      Delete
    2. සිරාවටම අයිය කෙනකේ වගේ තමයි අයියේ

      Delete
    3. සක්විත් රජ කමට වඩා ඒක ගෞරවණීයයි! ස්තූතියි බොහොමත්ම!

      Delete
  3. අර කලින් පෝස්ට් වල ඇල්ල කියල තියන තැන්වල සිංහලෙන් රැපිඩ් කියල දැම්මනං ඔය ටැපලිල්ල නැතිවෙන්ඩ තිබ්බා ... කිතුල්ගල නං මං හිතන්නෙ I ඉඳල IV වෙනකං රැපිඩ් අහුවෙනව ...

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න රත්තරනේ වරද මගෙ අතේ - චන්දන ලියන ආරච්චි

      Delete
  4. ඔය කියන ග්‍රාහකයා අහුවෙන්කල් ඉන්න ඕනේ නැතිවෙයි නේද? මම නම් කියන්නේ ඇල්ලක් කියන වචනේ නිසා අපි නිකන් අර ඉස්කෝලේ මොන්ටිසෝරියේදී කොන්සර්ට් එකේ රාජකුමාරයාගේ විස්තරේ වගේ උනාදෝ කියලා. සිංහලෙන් රැපිඩ් කිව්වනම් බබාට වගේ තේරෙනවා, හොම්බට ඇන්නා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ කාට වත් කියන්න එපා මම ටිකක පුම්බලා ලිව්වා. පුම්බපු පිම්බිල්ලට බැලුම උඩුගුවනේදී පිපිරීයන ලදී!

      Delete
  5. 'කිරි අම්මා ඇල්ල මින් කුමන පංතියකට වැටෙන්නේද ? '

    අර යකාගේ ෆෝන් එක තාම වැඩ නැද්ද? සෙහ්..

    :)))))))))))))

    ReplyDelete
    Replies
    1. මහේෂ් බෝඩර්ලෑන්ඩ්ස් ලගෙන් අයින් වෙලා. දැන් ඒක අමතන්නේ වෙන අයෙක් . මීට මාසෙකට කලින් මහේෂ් දාලා තිබුනා එයාගෙ නව අංකය . ඒක තමයි වැඩනොකරණ්නෙ. එයාගෙ ගෙවල් තියෙන්නෙ ග්‍රෑන්ඩ් පාස්. මම එන සතිය ඇතුලත ගෙදරට හරි ගිහින් විස්තරේ ගන්නම්! එතෙක් බ්‍රිස්ටල් ක්‍රීඩා සංග්‍රයෙන් මේ ඔබෙන් සමුගන්නා මා - කියන්න ඕනෙ නෑනෙ! (නවලොව නවතම ........කාගෙත් සිත්ගත් සිගරට් - බ්‍රිස්ටල්)

      Delete
  6. අය්යේ ඔතනදී කායක් තුන එකට සම්බන්ද කරගෙන වගේ ගියොත් පෙරලෙන්න තියෙන ඉඩ අඩු වෙයි නේද ?"ජීවිතේට කායක් එකකට නැගලා නැති මගෙන් මොන අඩ්වයිස් ද නේ "මට හිතුනේ වර්ගපලය වැඩි වෙද්දී පෙරලෙන්න තියෙන සම්බවිතව අඩු වෙනවා නේද කියලා හිතලා.
    ගගේ වතුරේ පාට දැක්කම වතුර වැඩි කියලා හිතුනේ නැතේ ....
    (හැබැයි ඉතින් ඔය වගේ ජිරිබිරිස් එකක් වෙන්නම ඕනේ ගමනේ ආතල් එකක් ගන්න නම් )

    ReplyDelete
    Replies
    1. මම ඕකට දෙන්නම් හොඳ උදාහරනයක්! හිතන්න සිරීපාදෙට කේබල් කාර් එකක් දැම්මම කොහොමද කියලා? ඉතින් මේ වැඩේ කරණකොට මෙහෙම උනේ නැත්නම් හරියට සීසර් කරලා සුභ වෙලාවකට ලමයෙක් අරණ් කේන්දරයක් හදනවා වගේ වැඩක්!

      Delete
  7. Replies
    1. දිව්ය ලෝකේ තියෙන දේවල් නේද මේ?

      Delete
  8. පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි. ගමනකදී බාදක එන තරමට හොදයි. එකෙන් යමක් අපි ඉගෙන ගන්නවනේ.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...