Tuesday, November 14, 2017

62. අන් ඇකයේ සුවෙන් වෙසෙන - මසිත උපන් මගෙ සිතුවිලි !




පෙර වදන

මා ජීවිත කාලයටම මිළදී ගෙන ඇත්තේ එක් කවි පොතක් පමණි. එයින් මා කවියට ඇති බැඳීම මොනවට තහවුරු වෙනවා නොවේද ? එහෙත් පාසැල් යන වියේදී මා ලියූ නිදහස් කවි කිහිපයක් පිටු 80 වේ කොටුරූල් පොතක ලියා තබා ඇත. එයට නමක්ද යොදා ඇත . එය නමින් “අමුතු” ය. එහි තේමා  පාඨය වූයේ “මේ මුතු නොව අමුතු” කියාය. 

මෙහි වැදගත්ම දේ වන්නේ එය කිසිවෙකු බලා නොමැති වීමය. කවි පොත් මිළදී නොගත්තද කවි පොත් කිහිපයක් මා සතුව පවතී. ඒවා අයිති කරුවන් තවම ඒවා හොයනවා ඇත!
නොගත් කවි පොත් ගැන ලියනවාට වඩා  ගත් පොතගැන ලිවීම  යෙහෙකි ! එය ලක්ශාන්ත අතුකෝරල ගේ “හිතග්ගිස්සේ නැතක් මොට්ටු”නමැති  කවි පොතයි .
එයින් කවියක් දෙකක් උපුටා දවන්නට ගොස් මා වැටුනේ මහත්වූ අසීරුවකට . 

“මෙරුවක වී
ආ දවසට
නිවන්නෙපා
විදුලි  පහන ”

තැනෙක ඔහු ලියා ඇත.  තවත් තැනෙක ,

“කටු නවතියි
මල් යන මුත්
ගස හැරදා ”

යැයි  ලියයි .

මගේ කතාව පටන් ගන්නේ මෙතැනෙනි. “කටු නවතියි මල් යන මුත් ගස හැරදා” යන්න මාගේ අත් අකුරින් නොලිවුනේ මන්ද ?

මේ මේ කවියත් කියවන්නකෝ!  මේක ලියැවිලා තියෙන්නේ බංඩාර කේ විජේතුංගයන්ගේ නොමියෙන පංහිඳෙන්! 
ඔබත් මමත් දුම්රිය , රේල් පීලි හා මල් දැක ඇත්ද? ඒත් ඒ ඇසට විෂය වූ වස්තූන් මෙසේ පෙල නොගැසුනේ ඇයි?

මමයි දුම් රිය
ඇයි ඔබ පිපුනේ
රේල් පීලි මත.........

මේ රුවන් බධුජීව ගේ කවියක්!  බලන්න එහි ලාලිත්යය.....!

ඇළ හොඳින් හැඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද
වැව අරෙහෙ නිදි නැතිව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට

ඇල තවම කියා නැත.........!


මෙවන්ම වූ  අත් දැකීමකි ; අන් බ්ලොග් වල පෝස්ටු කියවත්දී සිතට එන අදහස වන්නේත්. 
අන් පෝස්ටුවක් කියවා එයට දමන කොමෙන්ටුව ලියවෙන තාක් කල් එම කොමෙන්ටුවෙන් ගම්‍ය වූ අදහස පැවතියේ කොහිද?
  මට හිමි මගේ මතය නොව  එවන් මතයක් මාතුල ඇතිබව මාහටම  තේරුම් යන්නේ අන් පෝස්ටුවට අදාල ; කොමෙන්ටුව ටයිප් කරණ්නට පටන් ගැනීමෙන් පසුවය. 

ඊට කදිම උදාහරණ පෙලක් පහත දක්වා ඇත!  අන් අය විසින් පිරිමැදීමෙන් ආරෝපනය වූ සිතේ හටගත් සිතුවිළි මෙසේ ගසා ඇත .   මසිත උපන් මා සිතුවිළි දැනට  ඇත්තේ  අන් “ඇකයේ”ය.
 එය එසේ තබා ගැනීමට ඔවුනට ගෞරවනීය අයිතියක්ද පවතී. එ මන්ද ඔවුන්ගේ එම පෝස්ටු නොලිය වුනි නම් මගේ මතය කොහි වේදැයි මා නොදනිමි. 
එබැවින් මෙම පෝස්ටුවටද ඔවුනට අයිතිවාසිකම් කිව හැක. අප පාසැල් යන කාලයේ 4 නැතිනම් 5  හේ සිංහල පොතක පාඩමක් විය . 
එය  'වී නැති නම් බත් කොයින්ද ?' නම් විය .

Transilvania
Saturday, October 21, 2017
දැන් මොකේද දන් වළඳන්නේ ?


Thattayage Kolama October 23, 2017 at 5:11 AM

කලකට පෙර ඒ කියන්නෙ මහින්ද මහත්තයා ජනාධිපති වෙන්න පෙර අපේ මාමණ්ඩි නොහොත් පවුලගෙ තාත්තා හමුදාවට අම්මා මෝ නැතිව දිනක් බනිමින් සිටියේය. මොකද මේ කාරණය යෑයි මා විපිලිසර වෙද්දී "මුන් යුද්දෙ හරියට කරණ්නෙ නෑ!" යැයි මුර ගෑවේය.මෙහිදී "මුන්" යැයි හැඳින්වූයේ ත්‍රිවිධ හමුදාවය! ඔහුගේ අදහස වී ඇත්තේ ආණ්ඩුවෙන් මේ තරම් යටිතල පහසුකම් සපයා දී ඇති වාතාවරණයක් යටතේ යුද්ධය දින ගැනීමට නො හැකිවීමට හේතුව හමුදාවේ මන්දෝත්සායි බව කියාය!

එවිට ඔහු ගෙන් මා විමසූවේ "ඔබගේ පුතුන් දෙදෙනා කොහේද? කියලාය. මා එසේ ඇසුවේ ඒ වන විට ඔහුගේ ලොකුපුතා ජපානයේත් පොඩිපුතා ඔබ හොඳින් දන්න ත්වේර් වලත් සිටි බැවිණි . මාහට වැඩුනු දරුවෙකු සිටියි. එහෙත් මාකිසිදා ඔහුව සසුන් ගත කරණ්නට නොයමි. ඒ නිසාම හාමුදුරුවන්ගැන කථාකරණ්නට යන්නෙ හුදෙක් ආදරයෙන් විනා ක්‍රෝධයෙන් නම් නොවේ.


මම කුඩා කල විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කල අයෙකි. එකල අපේ ගෙදරට කිසිවෙකු පැමිනි වහාම මා ; මගේ මුද්දර එකතුව ගෙනැවිත් පෙන්වමි. සමහරු එය අගය කල අතර තවත් සමහරු එහි අඩු පාඩු දිටීය. " ඔයා ගාව තැඹිළි වල්ල මුදරේ නැත්ද? අයියෝ පොඩ්ඩයි නෙ!?" ආදී වශයෙන් එහි අඩුපඩු දිටීය. මේ කතා බහට සවන් දුන් මගේ අම්මා මා ළඟට කැඳවා කීවේ " පුතේ ඒ අය කියලා නෙවේනෙ ඔයා ඕක පටන් ගත්තෙ. එයාලා දීලත් නෙවේ ඔයා ඔයටික වත් එකතු කර ගත්තේ. ඒ නිසා ඔයා ඔය කවුරුවත් කියන දේ හිතට ගන්නත් එපා. මීට පස්සෙ හැමෝටම පෙන්නන යන්නත් එපා!" කියාය.


මේ ඔබ තුමන්ගේ පෝස්ටුව ගැනත් ඊට යටින් තිබෙන කොමෙන්ටු වලින් බොහොමයක් ගැනත් මා බලන්නේ එම දෘෂ්ඨියෙනි. මගේ දරුවෙකුත් නොවේ නම් , මම සසුන් ගත වෙන්න සිවුරු පිරිකර දීලත් නැත්නම් ; ඒ මනුස්සයාගෙ කැමැත්තට සසුන් ගතවෙලා කැමති දවසක ඒක අත හැර ගියාවේ.


දිනක් හාමුඩුරුවන් කෙනෙක් මා සමග කී කතාවක් මාහට මතක් වේ. අපි රෑට හොරෙන් කනවද කියලා බලන්නේ ආසාවට දංකුඩ ටිකක් වත් අපිට බෙදන එවුන් නොවෙයි!" මා වරක් පන්සලක් දුෂ්ශීල භික්ෂුවකගෙන් මුදාගතිමි. ඊට පසු ගමට ඉතිරි වූයේ අංග විකල පංසලකි ; භික්ෂුවක් නොමැති. එයට හාමුදුරුවන් කෙනෙක් ගෙන්නා ගන්න කල කී දෑ දන්නේ අප පමනි.

ගමකට පංසලක් නොමැතිනම් කිසිවෙකුට ආගමක් අත්ය අවශ්යද යන්න මේ වෙලවේ ප්‍රශ්ණයකි.

මේකටත් පොඩි කතාවක් කියන්නම්!

පාරේ ලොකු මාර්ඝ තදබදයක් ඇති වෙලාවට ලංකාවේ අප පුරුදු වෙලා ඇත්තේ "ෂුවර් එකට ම ට්‍රැෆික් රාළහාමි කෙනෙක් පාර අනලා ඇති ! කියන්නටය. මෙය අනේක වාරයක් මමද කියා ඇත. මීට ටික දවසකට පෙර කැළණියේ සිව් මංසලක ; පොලීසිය නොමැති ට්‍රැෆික් එකකට මැදිවිය! කියන්නට වදන් නොමැත! අපේ රටේ ඉන්නේ මොනතරම් බූරුවන්දැයි සිහි වූයේ එවිටය. මම මා අසල සිටි නොදන්නා එකෙකුගේ මූන බැලීමි.


" බලන්නකෝ පොලීසිය වත් නැහැනෙ......!" ඔහුපැවසීය!


 පසු වදන
 පන්සල්  වැඩක් නෑ කියා කෙස් පැලෙන  තර්ක 100 ක් ගෙන ආ හැක. එය තහවුරු කිරීමට මටද තවත් සාක්කි  කිහිපයක් සැපයිය හැක . එහෙත් පන්සල් ඉවත්වූ පමනින් මේරට හෝ සමාජය මෙයට වඩා ; වඩාත් යහපත්වූ එකක් වනු ඇතැයි  කීමට සාධාරණ  හේතුවක්  මා හට නම් නොපෙනේ. 

Thursday, July 6, 2017
අපගේ ළමුන් අපට වඩා හොඳයි


Manjula Perera July 6, 2017 at 11:47 PM

දොස්තර මහත්තයෝ මාගේ ළමා කාලය මතක් උනා ඔය ලිපිය කියවලා. මම පාසල් යන කාලේ අපේ පන්තියට යට පන්තියේ හිටිය ඔබ වගේම එපා කරපු කොල්ලෙක් . ඌ කරාටේ කලා කියලා පුදුමාකාර උනක් තිබුනේ. මට මතක හැටියට මේ කොල්ලා කලේ ජයකොඩි මාස්ටර් ගාව ගොජු රු ද කොහෙද. මූට පුදුමාකාර ඇම්මක් තිබුනා හෑන්ඩ් ෆයිට් දාන්න. ඉතින් හැම දාම ඌ අපේ පන්තියට දුවගෙන ඇවිත් මට හෑන්ඩ් ෆයිට් දානවා . ඌ දිනනවා මම පරදිනවා. මට මේ සීන් එක මාර වාතයක් උනා. මුගේ යාලුවෙක් හිටියා චින්තක කුඩලිගම කියලා. ඌ මගේ එකසිය ගානට ෆ්‍රෙන්තා. මම දවසක් චින්තකයව හමු වෙන්න මුගේ පන්තියට ගියා උදේ බෙල් එක ගහන්න ඉස්සෙල්ලා. මෙන්න අර නසරානියා දුවගෙන ආවා
"මචං දාමු හෑන්ඩ් ෆයිට් එකක් කියාගෙන"
ඇවිත් මම කැමති වෙන්නත් කලින් මූ මගේ අතිනුත් අල්ලගෙන. උන්ගේ මුළු පන්තියම අපි දෙන්නව වට කරගෙන.හරියට "ග්ලැඩියෙටර්" එකේ අර ඇරීන එකේ ඉඳන් බලනවා වගේ පොරවල් අනිත් උන්ගේ කරවල් වල එල්ලිලා , ඩෙස් උඩ නැගගෙන සීන් එක නරඹන්න සෙට් උනා
. "හරි !' මම්ත් සෙට් උනා මුගේ මලවදෙන් බෙරෙන්නත් එපායැ
මූ වගේ බම්බා වලින් බැහැපු පොරක් නෙවේනෙ මම. මම හද්ද ඩොටෙ ඉඳන් ශිෂ්ශ්යත්වයට පින්සිද්දවෙන්න් ගෙන්දගම් පොලොව පාගපු ඇඟේ හැම සෛලයක් සෛලයක් පාසා තිබුනේ කොස්, දෙල්, අල, බතල, කොස් ඇට , ගැට පොලොස් වගේ දේවල්.
ඌට සිරා චියර් එක. මටත් ටික වෙන්න චියර් එකක් තිබුනා. නලීන්ලා , එස් ඩී ලා , ශාන්තලා වගේ තුන් හතර දෙනෙක් විතරයි මට හිටියෙ. වැඩේ පටන් ගත්තා
. " මචං රිස්ට් එකෙන් කඩන්නබෑ !, අත පස්සෙ තියා ගනින්. අඹරන්න බෑ!" මුගෙ නීති කෝටියයි.
මූ මාව භාගෙට පරද්දලා. ඒත් මගේ අත තවම ඩෙස්ක් එකෙන් උඩ.
මම ඉස්කොලෙ හතරෙ පන්තියේ ඉන්දන් ගෙදර තිබුනු දරමඩුවේ දර පලල රාත්තල් 18 කුළුගෙඩියෙන් රබර් කඳන් පළු කරපු එකෙක් නේද කිය ඒක මට මතක් උනා.
මේ සියළු මතකයන් තුලින් මා හට ; මාගේ දකුණු අතට ආවේ කිසිදු දිනෙක නො ඇවිත් තිබුනු ශක්තියකි. මා ටිකෙන් ටික නසරාණියාගී ග්‍රහනයෙන් මිදුනෙමි. යලිත් අපි දෙදෙනාගේම අත් ලම්බක විය.
රජයේ රැකියාව අහිමි වුනු තාත්තා අපි වෙනුවෙන් ජීවිත බර කරට ගෙන ගේම ගහද්දි ඊකට මම සපෝට් එක දෙනවා දැක්කාම අපේ අම්මගේ ඇස්වල කඳුළු! අම්මා ඒ වෙලාවට කියනවා "මෙයා මගෙන් හිට ගෙනත් කිරි බිව්වා!" කියලා.
ඒ මතකයත් සමගම අපේ පන්ති දාහයක එතෙක් අපරාජිතව සිටි මේ දඩබ්බර කොලුවාට පිටුදැකීමට අහිංසක මට හැකිවිය. එදායින් පසුව ඔහු කිසිදාක මාහට අභියෝග කිරීමෙන් වැලකී සීට්යේය.මේකොල්ලා දැන් පොරකි. මා ඉතාමත් සතුටින් ඒ දෙස බලා සිටිමි.

මම මගේ ඉස් කෝලෙට මගේ කොල්ලාව දමා ගත්තෙමි. ඌ ක්‍රිකට් ගැසුවේය. මලළ ක්‍රීඩා කලේය. වසර 37 කට පසු මගේ පාසලට හර්මන් ලූස් පළිහ ගෙන ආ ශිෂ්ය භට කණ්ඩායමේ සාමාජිකයකු විය. පාසලී කණිෂ්ඨ උප ප්‍රධාන ශිෂ්ය නායකත්වය ඉසිලීය. මගේ කොල්ලා ඔබතුමාගේ දරුවා මෙන්ම උපාදියක් හදාරයි. ඒ කැන්ගරු දේශයේ ස්වින්බර්න් යුනියේය. ඌ රට ගිය එකෙන් වැඩියෙන්ම කෙළ උනේ මටය . මගේ කුඹුර මේවතාවෙත් වැඩ කරගන්නට බැරිවිය. මොකද කුඹුර අඳේට දීලා තිබුනත් ගොයම් කපන කාලෙට වී ටික ගෙදරට ගෙනවේ ඔය කොල්ලා නිසාය!
ඇත්තටම අපේ දරුවන් අපට ඉදිරියෙනි!
http://thattayagekolama.blogspot.com/

පසු වදන
 අපට වඩා අපෙ දරුවන්  යහපත් යැයි කට පුරා කියන්නට පියෙකු ලෙස මමද මහත්වූ භාග්‍යයක් ලද්දෙක්මි. අප මුහුණදුන් කටුක අතීතය අප විසින් ඔවුන්ගෙන් ඈත් කොට ඇත. එනිසාම ඔවුන් තුලින් අභියෝග වලට මුහුනදීමේදී අප ලත් පරිචය අප සහසික ලෙස ඔවුන්ගෙන් ඩැහැගෙනය. ඒ තුලම අප බොහෝවිට පෙළඹෙන්නේ   කුමන හෝ ගැටළුවකදීහෝ ඔවුන් පසුගාමී වූවිට “අනේ අපිනම් ඔය කාලේ ……” යනුවෙන් පොරටෝක් ඉශූ කිරීමටය. එහෙත් ඔවුන් යම්කිසි කටයුත්තක් ස්වාධීනව කිරීමට යාමේදී එයට අප ඉතා සාර්ථක ලෙස අකුල් හෙලන්නේ “අනේ මේ ඔයාට බෑ අම්මෝ ! ඔයා කොහොමද තනිවම යන්නේ  ……?” අදී වශයෙන් ඔවුන්ගේ මොරාළය බින්දුවට දමමින්ය . මෙයට ගැලපෙන වැකියක් පෞද්ගලික බස් රියක පසුපස ලියා තිබුනි. “හිමින් ගියොත් බැනුම් …..! හයියෙන් ගියොත් දඩ ………!!” 

ලංකාවේ සංචාරේ -Lankawe Sanchare   - සොබාදහමට සමීපයෙන්...
Tuesday, October 3, 2017

කොහොඹා කංකාරියේ උපත සමග ලංකාවේ සංචාරේ

Manjula Perera July 4, 2017 at 12:02 PM

මේ ලෝකයේ බොහෝ සුන්දර දේ ගතහොත් ඒවා විද්යාත්මක නැහැ. ඉන් අදහස් කරන්නේ සියළු මිත්යා දෘෂ්ඨික දේ සුන්දරයි කියන් එකනම් නොවේ. සඳ තවත් පස්ගොඩක් ; යෝධ සවලකට ගත හැකි කියනවට වඩා ; සේකර හඳ සහ නිව්යෝර්ක් නුවර කවියේ දැක්වෙන පරිදි මේ අපේ වෙල් එළියට පායන හඳ! බෝමළුවට පායන හඳ ලෙස ගත්තාම ඒකෙ සුන්දරත්වයක් රැඳෙනවා. මේ කොහොඹා කකකාරිය , දෙවොල් මඩු , වේල් කරත්ත , කැරොල් සංගීතය , භක්ති ගීත , නාද්ස්වරම් හඬ , තවිල් බෙරේ මේ සියල්ල එක්කරන්නේ ජීවිතයට සුන්දරත්වය! එය විද්යාවෙන් ඈතයි. එකඟයි! හැබැයි හදවතට ලඟයි! -හොඳ ලිපියක් - තට්ටයා http://thattayagekolama.blogspot.com/

පසු වදන
සමහර දේ මිත්‍යාව  නිසාම වඩාත් සුනදරවේ.   ආදරය එවන්මවු දෙයකි.

"එන්න මදනලේ ගොස් පවසන්න දුකමගේ..."

යනුවෙන් කරුණාරත්න අබේසේකරයන් ලියා තිලකසිරි ප්‍රනාන්දුන් විසින් ගායනා කරවා තම ප්‍රේමය ආදරිය වෙත ඉදිරිපත් කරණ ගීතය විදු ඈසින් බෑලූ කල්හි මොනතරම් මිත්යාවක්ද? එහෙත් තමා ප්‍රේමයක වෙලී ඈති මොහොතක එය මොනතරම් සුන්දර අදහසක් සේ දැනී ඈත්දැයි සාපේක්ෂාතාවාදයේ පියාවන ඇල්බට් අයින්ස්ටයින් ගෙන් විමසා සිටියත් ඔහු එයට එකඟ නොවේ නම් ඒ භාෂමය ප්‍රශ්නයක් මත පිහිටා මිස අන්කිසිදු  හේතුවක් නිසා නොවිය යුතුය.


කාර් පිස්සුව - කාර්වලට සිංහලෙන් ආදරේ කරන පරපුර...
SATURDAY, MAY 13, 2017
අවුරුදු 100 කට කලින් කාර් හදපු මිට්සුබිෂි

Manjula PereraMay 15, 2017 at 11:54 AM

මචං ඔය මිට්සුබිෂිලගෙ නොහදන මගුලක් නැහැ. මටමතක විදියට අලුත් බොයිං යානා වගේ ඒවට එන්ජින් පවා මුන් හදනවා. නැව්ද අරවද මේවද නොහදන දෙයක් නැහැ. කොටින්ම පෙන්ටැක්ස් කැමරා එක පවා හැදුවේ මුන් ම තමයි. ඒ නිසාම උන්ට උවමනා උන්ගේ මර්කට් ශෙයර් එක තියාගෙන යන්න විතරයි. ඒ හින්දයි අලුත් මොඩල් එන්න පරක්කු වෙන්නේ. ලංකාවේ ශබ්ධකෝෂයට ජීප් එක, පැජේරෝව ,කැන්ටර් එක ඇතුළු කලේ මිට්සුබිෂිල. කොටින්ම ජපනා කොළඹට බොම්බ දාන ඇවිත් තියෙන්නෙත් මිට්සුබිෂි ප්ලේන් එකක ! හැබැයි ඔය මිට්සුබිෂි ලගෙ ලෝගො එක වෙනස් වෙන්නේ නැත්තේ වාහන වල විතරයි නේද?
තව අවුරුදු 50ක් ගියත් 4ඩීඅර්5 ජීප් එක , ලන්සර් වැගන් එක , බොක්ස් එක ,පජේරෝ එක තියේවි. ලංකාවේ ඒජන්ට් නිදහස් ලංකාවටත් වඩා පරණයි.ලංකාවට නිදහස ලැබෙන්නත් කලින් තමයි ඔය කොම්පැනිය දාලා තියෙන්නේ. ඒ කාලෙ අයිතිය තිබිලා තියෙන්නේ කුශලා අබේවර්ධන නෝනලාට. කාලෙකට පස්සේ ඒ කියන්නෙ 1972 විතර ඔය ආයතනය රජයට පවරාගෙන.එතකොට ලංකාවේ පලවෙනියෙම්ම පෞද්ගලික කරණය කල ආයතනය - ඒ 1989 දී. මීට කලකට පෙර ඔය කන්තොරු ගතිය තිබුනා . දැන් නම් සෑහෙන්න වෙනස් වෙලා! - තට්ටයා

FRIDAY, JUNE 17, 2016
දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ...

Manjula PereraApril 28, 2017 at 1:50 PM

මචං මමත් එදා ඉඳන් යකඩ ලවර්. මටත් තියෙනව ඔය වගේම සුන්දර කතාවක් මගේ තාත්ත වැඩ කලේ වන සංරක්ෂණ දෙපාර්ත්මේන්තුවේ.. ඒකාලෙ තාත්තට දීල තිබුනා මරු ජීප් එකක්(ජීප් කිව්වට ඒක "ජීප්" එකක් නෙවෙයි ලැන්ඩ් කෲසර් බීජේ60 එකක්). තාත්තා නැති උනත් මට ඒ වාහනයේ නොම්මරෙ පවා යාන්ත්ම් මතකයි 8881 හරි 8889 හරි.ඊට අවුරුදු 30-40 කට පස්සේ මම ඒ වාහනේ දැක්කා. අනේ ඒකට වෙන බොඩියක් තියලා. හැබැයි වෙනස මම දැක්ක විදියට අලුත් බොඩිය හ්යි රූෆ් එකක්. නමුත් කාලෙකට පස්සෙ මට ගන්න ලැබුනා ඒ මොඩ්ල් එකේම සික්ස්ටියක්. මචං හිනා වෙන්න එපා මම කොහේ හරි ගිහිල්ල වාහනේ ගේ ඉස්සරහ නවත්වලා ගේ ඇතුලට ගියත් , වාහනේ නගින්න එලියට අවත් "එයාට" පොඩි තට්ටුවක් දානවා ආදරේට!(මචං හොඳට හෝදල කරලා පාක් කලාම පොර මං දිහා බලාන ඉන්නවා වගේ. ) හුඟක් එවුන් මට යෝජනා කලා මේකෙ නොම්මරේට අලුත් 80 යකට ගහමු කියල. මොන හිතකින්ද මචන් මෙච්චර කාලයක් රැයක් දාවාලක්, වැස්සක් අව්වක් නොබලා මාවයි මගේ අඹු සිඟිත්තවයි දරුවො දෙන්නවයි පරිස්සමට ගෙදර අරන් ආපු "උගේ" උප්පැන්නේ අරන් මස් කඩේට දෙන්නෙ? දවසක් තව එක පිස්සෙක් මට කියනවා ෆුල් ඉන්සුඅරන්ස් එකක් තියෙන එකේ ඉස්සරහ කනුවක වද්දන්නලු අලුත් ෂෙල් එකක්(ග්‍රිල්) දා ගන්න! මම හොඳ සුපිරිම කුනු හරුප දෙකක් කියලා එලවා ගත්තා....!
පසු වදන
යකඩ වලට ආදරය කිරීම බොහෝ පිරිමින්ගේ ගුනාංගයකි. සමහරු එය එළිපිටද සමහරු රහසේද කරගෙන යන කටයුත්තකි. ලොකු පාලම් වලට දුම් රිය ඇංජින් වලට ඇති ඇල්මට " යකඩ වලට ආදරය කිරීම" කියනවා හැර කියන්නට වෙනත් හඳුන්වා දීමක් වේද? කාන්තාවන් මල් වලට කරණ ඇල්මට මෙය සමාන ඇති. කිසිවෙකුට මේ යකඩ ආදරේට  අපහාස උපහාස කරණ්නට හැකියාවක් වෙතොත් අපිට ඔබලා මල් වලට කරණ ඇල්මේද හිල් පෙන්විය හැක! ඉහත වැකියේ "අපිට" කියා යෙදීම තුලම මමද යකඩ ආදර වන්තයෙක් බව නැවත නොකිව මනාය! "යකඩ ආදර වන්තයෙක් " යන්න මොනතරම් ආකාරයන්ට අර්ථ ගැන්විය හැකිද? "යකඩ වලට ආදරය කරණ!" ; " දැඩිව ආදරය කරණ!" ;  "නොවෙනස්ව ආදරය කරණ!" තවත් බොහෝ දේ.....!  මා මින් අයත්වන්නේ කුමන කාණ්ඩයටදැයි දනේ ඊට පාත්‍ර වූවන් පමනි! මෙවන් වැකි වලින් අපේ භාෂාව බොහෝ සෙයින් පොහොසත්ය. "පත්තර කාරයා!" , "හොඳ ලමයා!" තවත් එවන් වැකි දෙකකි.
"පත්තර කාරයෙකු වන්නට හිතාසිටි  හොඳ ලමයෙකු වන මා ; යකඩ ආදර වන්තයෙකි!"


කඩදාසි කොලේ

Wednesday, October 18, 2017
151. සතුව | being loved by



1.          Thattayage Kolama October 19, 2017 at 4:31 PM

නිර්මාණ විවිධාකාරය. කලෙකට පෙර පෙර වාහන පින්තාරු කිරීමට උපයෝගී කරණු ලබන ස්ප්‍රේ ගන් එකකින් චිත්‍ර අදින්නෙකුගෙ සුරු බව මා දුටිමි.ඔබ අව්කන පිළිමය අසලටම ගිය හොත් එය මැද ඔපමට්ටම් කල බවක් නොපෙනේ. සෝවියට් දේශයේ නිර්මාණයක් සේ සැලකෙන ගාලු මුවදොර පිහිටි ඇස් ඩබ්ලිව් ආර් ඩී බී ගේ ප්‍රථිමාවද එවන් හැඩතල මගින් ප්‍රෞඩත්වයක් , ප්‍රථාපවත් බවක් ඇති කිරීමට ගත් උත්සාහයක්සේ දැකිය හැක. අමෙරිකාවේ "රෂ්මොර් කන්දේ" කැටයම් කොට ඇති ජෙෆර්සන් , ලින්කන් , වොශින්ටන් ,රුස්වෙල්ට් ප්‍රථිමාද එසේ අපේ ව්යවහාර භාෂාවේ හැටියට කටුවෙන් මිටියෙන් කල නිර්මාණයන්ය . ඒ එම කලා කෘථීන් වල නිර් මාපකයින්ගේ කුශලතාවයන්ය.
නමුත් අපට ලඟ ඉන්දියාවේ ටාජ්මහල්හි කිරිගරුඬ නිර්මාණ , සීගිරියී කැටපත් පවුර , ඉතාලියේ ශාන්ත් පීතර බැසිලිකාවේ නිර්මාණ වැටෙන්නෙ සියුම් නිර්මණ කුලකයකටය.
ඒ ; ඒ කලා කරුවන්ගේ කුශල තාවයය.
ලිවීමද විවිධාකාරය.අයෙකු කටුවෙන් මිටියෙන් ලියන විට තවත් අයෙකු එය සිහින් පින්සලකින් නෝසේ නම් ල පැහැති පැන්සලකින් කරණු ලබයි. මේ සියල්ලෙන්ම වන්නේ භාව ප්‍රකාශනයන්ය . මා වැනි වාර්ථාමය ලිපි ලියන්නකු සිදුවූදේ තත්වාකාරයෙන් දක්වන්නට ගන්නා තද වෙහෙස ; උසස් කැමරා කරුවෙකු තම කැමරා කෝණය මෙහෙයවා කරණු ලබයි. කලකට පෙර හොලිවුඩයී සිටි නොම්මර එකේ වැඩකාරයන් සියල්ල ගාල් කොට තැනූ මැග්නිෆිෂන්ට් සෙවන් චිත්‍රපටය නොගිය දුරක් අඛිරා කුරසෝවා තම "සෙවන් සමුරායි" ගෙන යයි. මෙයට මාගේ වච්න කෝෂයේ ඇති ගැලපෙන වචනය "ප්‍රථිභාව" යන්නයි.
උසස් කලාකෘථියක් යනු දරදඬු ලෙස ඉදිරි පත් කල දෙයක්ද නො එසේ නම් සියුම්ව ඉදිරි පත් කල යුතු එකක්දැයි ගැටළුවක් මෙහිදි මතුවෙයි. එය ලියන්නා ඉදිරිපත් කරණ භාවයේ සුන්දර බව හා ලබන්නාගේ රසඥ්ඥතාවයේ දිග පලල අනුව වෙනස් වන බව මගේ අදහසයි .
එඩ්වඩ් "මිනිසුන් නොකනා දල්ල කුමක්දෝ" ගීතයෙනුත් , සුනිල් " බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ" ගීතයෙනුත් ,මිල්ටන් පෙරේරා "උම්බෑ කියකියා මරණ බයේ" ගීතයෙනුත් ,නිහල් නෙල්සන් "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ" ගීතයෙනුත් කියන්නේ එකම ප්‍රස්ථූතයක් ගැනය. ලිවීම , තනුව , මියැසිය , ගායනය සහ තවත් කරුණ් කාරණා මත දැනෙන දේ වෙනස් විය හැක. නමුත් සම්ප්‍රෙෂනය විය යුත්තේ සමාන අදහසකි.
නමුත් අප අපගේ විඥ්ඥානයේ දිග පළල අනුව ග්‍රහනය කර ගන්නේ මින් එක් ගීතයක් පමනි. විශ්ව සාහිත්යයේ ඩී එච් ලෝරන්ස් ද වැටෙන්නේ චාල්ස් ඩික්න්ස් , ඔස්කාර් වයිල්ඩ් ගේ සමතැනටමය. ඔහුගේ කිරීටය ලෙස සැලකෙන්නේ අනුරාගිත්වයී අති සුන්දරත්වය චිත්‍රණයවූ "ලේඩි චැටර්ලීස් ලවර්" ය. කරුමෙක මහත! මෙය අපේරටේ වාරණය වන්නට ගිය චිත්‍රපටියකි. ඔවුන්ගේ දිග පළල ගැන කවර කථාද?


2.          Thattayage Kolama October 19, 2017 at 4:59 PM

සමාවෙන්න ඕනෙ. හැමදාම වගේ අදත් අන්තිම ටික ලියලා නෑ. මීට කලකට පෙර ෂෙල්ටන් පයාගල නමැති කලාකරුවා කිව්වා අත්දැකීම් නැතිව බිහිවන කලා කෘථිය " ගෙදර හදන තෝසෙ එකක් වගේ!" කියලා. නමුත් ඔහුටත් අමතකව ගිය දෙයක් තමා අප්‍රිකානු මහ වනාන්තර ගැන "ටාර්සන්" පොත් පෙල ලියූ එඩ්ගාර් රයිස් බරෝස් කිසිදා අප්‍රිකානු මහද්වීපයට පය නොගැසූවෙක් වන බව! මේ කතාවම මීට කලකට පෙර " ජීවිතය වටා" , "අපේ ඇත්තන්ගේ විත්ති" වැනි පොත් පෙලක් ලියූ "මූර්ති" නමින් පෙනීසිට සංඝයාවහන්සේ නමකටත් ගැටළුවක් වුනා. "ඔබ පැවිදියෙකුව සිට ගෘහ ජීවිතයේ ගැටළු ගැන මෙසේ ලියන්නේ කෙසේද?" යන මැයෙන් එතුමාව ප්‍රශ්න කරණවිට! ඔහු ඊට දුන්නේ කෙටි පිළිතුරක්. " පෙරහැරේ යන ඔය ඇත්තන්ට වඩා එහි අඩු පාඩු දකින්නේ නැවතිලා ඉන්න අපි!"


 පසු වදන

සීගිරි අප්සරාවන් දැක ඔබට ඇතවන සිතුවිලි වලට හෝ වෙනයම් අවයවයකට කොන්ඩි පට්ටමක් දමා ඉබ්බෙක් දමන්නට මාහට අයිතියක් නැත! එසේම එහි ඇති නිර්මාණශීලීත්වය පෙන්වන්නට තරම් දැනුමක්ද මට නැත.ඩාවින්චිගෙ මොනාලීසා ට මේතරම් වටිනාකමක් ලැබුනේ කෙලෙසද? මයිකල් ඇන්ජලෝ විසින් නිර්මිත කාන්තා නග්න ප්‍රථිමාවක් හා  පත්තර තට්ටුවේ යටින් තබා විකිණෙන  පත්තරයකත් වෙනස මාහට දැනේ. එහෙත් එහි වෙනස නම් කිම?


අසා බලන්න මේ සුන්දර ගීතය. රමණය කෙතරම් රමනීය කොට ඇත්දැයි කියා!? ලඳුනේ ගීතයෙන් මේ ගීතය වෙන් කොට වෙනස වටහාගන්න! මෙම ගීතය තුල "ලඳුනේ .." ගීතයේ මෙන් "අනෙ අපොයි!" ගාන්නේ නැත!  සිදුවූ දෙය තුල ගැබ්වුනු යතාර්ථය සොයා දුක් විඳිනවාට වඩා වින්ද සතුටේ මිහිරියාව චිත්‍රණයකොට  ඇති අයුරු රස විඳින්න.



කෙතරම් ප්‍රානවත්ද  ඒ සමන් ජයනාත්ගෙ පිරිමි හඬ! කෙලෙසද බන්දුගෙ ශෘගාරාථ්මක වචන? ඉන් නොකියවෙන උනුසුම් රාත්‍රියක වෙනයම් සුන්දරත්වයක් ඉතිරිව ඇතිද?නවාගේ මියැසිය . සියල්ල අඩුපාඩු නැතිව.මා හිතන්නේ මෙයයි ප්‍රථිභාව! අප කියැවිය යුත්තේ මෙයයි! අප ඇසිය යුත්තේ මෙයයි!! අප කතා කලයුත්තේ මේ ගැනයි!!!

එසේ නැතිව ගායකයා පසුපස ගොස් "අනේ මචං අපිටත් කියහන්කො ඔය පොට් එක?' කියා අසනවා නම්; කියන්නට ඇත්තේ අහෝ දුකකි! ඉරකි!! තිතකි!!! තිත් ගොඩකි කියාය!!!!






11 comments:

  1. මෙවන් පොස්ටුවක් ලිවීමෙන් ඔබ කුමක් අදහස් කලාදැයි මාහට නොවැටහේ. එම නිසා මා මේගැන කුමක් ලියන්නද?

    ReplyDelete
  2. තට්ටයෝ මේ මොකක්ද? ඔලුවත් කොලොප්පන් උනා කියවන්න ගිහින්.

    ReplyDelete
  3. හොඳ all rounder කෙනෙක් වගේ!

    ReplyDelete
  4. අර උඩම පින්තුරේ ඉන්න එකා වගේ මාරම පල්ලමක දෙපැත්ත ගානට බැලන්ස් කරපු කොමෙන්ටුවල රසවත් එකතුවක්! හැබෑටම ඇත්ත නේන්නම්.. සමහර වෙලාවට අපි තුල ඉන්න මතවාදීයා එලියට එන්නේ ඒ හා සම්බන්ධ වෙච්ච සංවාදශීලි ලිපියක් කියෙව්වහම තමයි. එතැනදී මමත් මේ වගේ මාගල් කොමෙන්ටු දානවා. ඒවා කවදාවත් බ්ලොග් එකේ දාන්න හිතන්නෙත් නැති තරම්, තට්ටයා ඉතින් බය නැති හන්දා මෙහෙම දානවා. අපි ඉතින් එහෙම නැහැනේ..

    මගේ පෝස්ට් එකකට දාපු කොමෙන්ටුව නම් සැබෑවටම මට වටිනාකමක් වගේ දැනුනේ අවර්ණ වතුරට දාපු උජාලා වගේ! අවර්ණ මගේ පෝස්ට් එක එතනින් වර්ණවත් උනා. සිරාවටම කලාව ගැන ලියන්නකෝ අප්පා කොන්ඩේ ක්‍රේල් වෙන පෝස්ට් දෙක තුනක්??? ඔබතුමාට ඉතින් මොකෝ, කොණ්ඩයක් තියෙන එකක්යැ !

    ගගේ ගියපු පාර පතලක් වත් අහු උනාද? අපිට නම් කිව්වේ දිය ඇල්ලෙන් පහලට දඩොරියන් උනා කියල.

    ReplyDelete
  5. ගඟේ පෝස්ට් එක බාගෙට දාපු නිසා කවුරුහරි එකෙක් මළ පැනලා තට්ටේ පලලා වගේ...

    ReplyDelete
  6. විග් එකක්වත් දාගන්න වෙයිද මංද.

    බැන්කුවකින්වත් අහල බලන්න ඕනෙ මොකද වුනේ කියල!

    https://www.youtube.com/watch?v=oZDBXt5Nu_U

    ReplyDelete
  7. මචං මේක සිරාවට කියන්නේ.. උඹ මේ බ්ලොග් එක ලියන වේගේ මදි.. අඩුම දවසකට එක ලිපිය ගානේවත් ලියපන් රෑට වෙලාවක් හොයාගෙන.. එක දිගට එකම සිරිස් එක ලියන්න ඕනි නෑ උඹට ඔලුවට එන ඕනේ එකක් ලියපං.. මොකද..
    .
    .
    .
    .
    උඹේ තට්ට ඔලුවේ ගොඩක් දේවල් තියෙනවා උඹට කියන්න ඕනි.. හරියට 'අරූ'ට වගේ.. ඉතීම් උඹත් 'අවුල් වෙන්න කලින්' පුළුවන් තරමක් ලියපං..

    උඹ මේ ලියන ශෛලිය පට්ට.. ඒ හැම වචනෙකම වටිනාකමක් රසයක් තියෙනවා..

    ReplyDelete
  8. blog kiyawwa, monawa kiyannadatha kiyala nam watahenna naha

    ReplyDelete
  9. මොකා මොනවා කිව්වත් මේක තමයි තට්ටයගේ විදිය ......
    අර කිව්වත් වගේ පොස්ට් එන වේගේ නම් මදි අය්යේ
    බැරිද ව්‍ය...........
    නෑ ඕනේ නෑ

    ReplyDelete
  10. ඔව් ඔව් සමහර දේවල් එලියට එන්න මොනා හරි උත්ප්‍රේරකයක් ඕනෙ තමයි ...
    ඒවගෙ අයිතිය ඉතිං 50 50 දාගන්ඩ වෙනව ...

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...