Monday, November 27, 2017

65. පහන වෙත මෙත් සිතින්....!








නුග ගසක් පමුල
තබා ඇති පහන ඔබ...
වෙනත් මහ ගසක් මත
රැඳුනු පිලලයක් මිස
නුග ගසක් මෙහි නොමැත...!

මහා ගස බිඳුනු දින
නුග ගසක් මෙහි කොහිද?
බෝ ගසක් වෙත ගොසින
දල්වන්න ඔබෙ පහන....!!

ඔබ පහන නොනිමෙන්න
වසාලන්නෙමි පවන.....
බිම පතිත මියෙන තුරු
මගෙ සෙවන නුඹට ඇත.....!!!





13 comments:

  1. බෝ ගසක් යයි සිතා කි දෙනෙකු නුග ගස් මුල පහන් දල්වනවද? කිමද මේ රැවටීම ලෝකෙම මුලාවක් වෙලා.

    ReplyDelete
    Replies
    1. කුමන ගසක් වුවද ඒ හැම එකක්ම මේ ලොව පැවැත්මට වුවමනා වේ!
      හැබැයි මට පුදුමෙ බුදුන් ඇයි කොස් ගසකට පිට නුදුන්නේ ඇයි කියලා?

      Delete
  2. ගහටත් නිදහසක් නැතුව ඇති මේ කරදරවලින්.. :)

    ReplyDelete
  3. ගස් ගල් අතෑරල බුදු දහම වැලද ගත්තට ගස් වලට වැදිල්ල තාම ඇගේ තියෙනව ඒකත් ෙහාදයි එක ගහක් හරි ෙනාකප තියයි

    ReplyDelete
    Replies
    1. දවසේ කුලියට ගස් කපන එකෙක් මට සුපිරි කතාවක් කිව්වා! " ගං වල මේ ගානෙන හරි කොස් ගස් ටික ඉතුරු වෙලා තියෙන්නේ ඉඩං නඩු වලට පිං සිද්ද වෙන්න මහත්තයෝ!!"

      කොහොමද ඒක?

      Delete
    2. වැට මායිමට උපහාරය

      Delete
  4. නුගගස් පිලිගත්තට,
    පහන් හැමදාම පිදුවේ
    රුක්ෂ දෙවියන්ට

    මහා ගස්
    හැමදාම අහසටම නතුවෙන,
    බිම තියෙන පහනක
    සිළුව කවදා රකීවිද?

    ප.ලි: මොකෝ දෙය්යනේ මේ සෙන්ටිමෙන්ටල් කවි ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. මු.ලි. ඇයි අපට අකැපද? සිංගි ලෝන කප්ප වගේ?

      රුක් දෙවියන් හිදින්නේ
      වනස්පතිනට අරක්ගෙන.
      පුදන්නේ ගසට වුව
      දෙවියන් ගෙන එය
      තමන් භාරයට.....!

      ගස විහිද අහස් කුස
      උඩු සුළඟ වින්දද
      මහා වැසි වැටෙන විට
      හිරි පොලොව දවන විට
      ගස මුල රකින්නේ
      ගස විනා දෙවියන්ද.....?

      Delete
  5. අනේ බුදු අයියේ "ගඟක් දිගේ" ලියපං ....

    ReplyDelete
    Replies
    1. අහලා නැතිද හැමදා පන්සිල් ! එකදා අටසිල් ! කියලා

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...