Friday, November 10, 2017

61. ගඟක් දිගේ ගිය ගමනක් 14



මෙම 14 වන පැදිල්ල පදින්න ගිය කාලය තරමක් වැඩි බව මම පිළිගනිමි! එයට එකම් හා ප්‍රධාන හේතුව වූයේ මෙම පෝස්ටුවට අදාල ඡයා රූප  අස්ථාන ගත වීමයය! එහෙත් ඉදිරි දින කිහිපය තුල කෙසේ හෝ එම ඡායා රූප සොයා ඔබ වෙත ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙමි. එතෙක් ඉහත දක්වා ඇති Rapid තරණයක යෙදෙන නන්නාදුනනා කයාක්කරුවාගේ රූපය බලා කියවීම අරඹන්න.


පළමු පැය කිහිපය තුල වම් ඉවුරේ තැනින් තැන තිබුනු වැළි තොටුපොලවල් පසුවනු දක්නට ලැබුනු අතර ගතවන සෑම මිනිත්තුවක් පාසම, පසුකරණ අඩියක් අඩියක් පාසාම ගසන එක් හබල් පහරක් පහරක් පාසාම අප වනාන්තර ගත වුනෙමු.

කැළණි ගඟ මෙන් නොව මහවැළි ගඟ විසල් පලළකින් යුතු විය. ගඟ දිගේ  අපගේ යත්‍රා ත්‍රිත්වය සෙමෙන් සෙමෙන් පහලට ගමන් කරත්ම නිපෝන් පාලම ඈත නොපෙනී ගියේය.

වම්පස ඉවුර වඩාත් උස්ව අඩි 15 -20 පමන ඉහල  නැග තිබුනේය.එම ඉවුර; ඉළුක් වැවී මුළුමනින්ම වැසී ගොස් තිබුනි. එක්  ස්ථානයක බැකෝ යන්ත්‍රයක හොඬ ඉහල පහල යනවා ඉළුක් පඳුරු අතරින් දුටුවෙමු. දකුණු පස වඩාත් විසල් ගස් වලින් හෙවන වී තිබුනි. මේ තුරු වියමන සෑදී තිබුනේ කුඹුක් ගස් වලින්මය. වම් පස ඉවුරේ දක්නට ලැබුනු ඉලුක්, මානා පඳුරු දකුනු ඉවුරේ දක්නට  නොලැඹුනි.

වරෙක පසිඳු -ධම්මික ද්විත්වයද; තවත් වරෙක වසික - මෛත්‍රී යුගලයද විටෙක මමත් -තෙශාන්තත් ජෝඩුවද යනාදී වශයෙන් පෙරමුණ ගනිමින්ද පසුපසට එමින්ද  ගමන් කලෙමු. ගඟ ගලාගියේ බොහෝ සෙමින් බැවින් නොකඩවා හබල් ගැසීම කල යුතු විය. නමුදු කැළණි ගඟේ දී මෙන් දිය සම්පූරණයෙන්ම නැවතුනු තැන් අවම විය. 

මධ්‍යහනයට ලඟාවෙත්ම චණ්ඩ හිරුරැසින් අප පෙළෙමින් විය. අතට ගත් ගං දියෙන්  දෑත් දෙපා පිසදා ගැනීමහැර අපට වෙනත් විකල්පයක් නොවීය. අපගේ පළමු නැවතුම් පොල වූයේ  වම් ඉවුරේ  සිට ගඟට යොමුවුනු වැළි දළුවකි. අප ගේ යාත්‍රා සියල්ල එයට යාවුනි .
 බෝටුවක්, ඔරුවක්, කයාකයක් හෝ වෙනයම් එවන් යාත්‍රා කිහිපයක් මෙසේ ගොඩබිම්ගත වීමකදී පලමුව ගිය යාත්‍රාවේ පිරිස  හැකි ඉක්මනින් ගොඩ බැස ඊළඟට එයට සේන්දුවන යාත්‍රාව නවතා  ගැනීමට  උදව් කිරීම ආචාර ධර්මයකි. එවිට බොහෝ විට කරණ්නේ පලමු යාත්‍රාවෙන් ගොඩ බිමට බසින අයෙක් තමාවෙතට එන යාත්‍රාවෙන් තමා වෙතට විහිදෙන හෝ එහි ගැටගසා තිබෙන රැහැන් පට නොහොත් කඹය අල්වා  ගැනීමයි.

මිනිස් වාසස්ථානයක් අසලකවත් නොවූ මෙය අත හැර දමා ගිය වැළිතොටුපොලකි. ඒබව එහි ගිලී ගොස් තිබුනු ෆයිබර් බෝට්ටුව අපට සාක්ෂි සැපයීය. ගිලී ගිය නෞකාවක් මෙන් නොව ගිලී ගිය  කැඩී ගිය ෆයිබර් බෝට්ටුවක් බිහිසුනු ආයුධයකි. එහි කැඩී ගිය බිත්තිය  තියුනු  පිහි දාරයක් සේ අනතුරු ගෙන දිය හැක.

එතැන නතර වී වතුර උගුරකින් සංතර්පණය වූ අප නැවත යාත්රා කිරීම ඇරඹූයෙමු. අතරින් පතරින් දියට එබුනු දිය කාවෙකු විනා වෙනයම් කිසිදු ප්‍රාණියෙකු දක්නට නොළැබුනු මහවැළි ගඟ දිගේ අප දිගින් දිගටම යාත්‍රා කලෙමු . අතරින් පතර ගං දියෙන් ඉහලට එසවුනු ගලක් අසළින් ගලද්දී ජලයේ ඇතිවන කසු කුසුව  හැරුණු කොට ඇසුනේ එකම හඬක් පමණි.

විසි දැල චිත්‍ර පටියේ පර්දීපා ධර්මදාස හෙවත් ඩලස් ගේ බිරිඳ තම සුමදුර හඬින්  ගයන්නේ මේ සුමදුර ගඟුලේ කසු කුසුව ගැන වියයුතුය. නමුත් අභාග්‍යයකි! ප්‍රදීපාගේ ආදරණීය මල්ලි නාමල් මිය ගියේද දියේ ගිලීමෙන්ය! 
සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ C කොටසේ විසූ ඔවුන් ගේ නිවසට යාබද නිවසේ විසූ ලසන්ත රුවන් සාගර මිය  ගියේද දියේ ගිලීමෙන්ය!
ඊට යට මහලේ විසූ නලීන් මුතුකුමාරණ අදවන විට ජීවත්වන්නේ; ඔහු හක්බෙල්ලාවකදී කැළණි ගඟේ දියේ ගිලෙන්නට ගිය අවස්ථාවේ ඔහුගේ මිතුරෙකු විසින් බේරා ගත් බැවින්‍ ය!

මේ  ගං දියේ කසුකුසුව යටපත් කරගෙන ඇසෙන්නේ; කිසිදු විවේකයක් නොගෙන එකම ස්වර පරාසයකින් තම ගායනය ඉදිරිපත් කරණ රැහැයි නාදයය. එම හඬ සිතට ඇතිකලේ තව තවත් මිනිස් වාසස්ථානයෙන් ඈත්වී වඩ වඩාත් වනන්තරය තුල අප ගිලෙමින් සිටිනා බව දනවන සිතුවිල්ලක්ය.

එකිනෙකට ලංව; එකිනෙකාට විවිධ කථා කියමින් අප කණ්ඩායම සෙමෙන් ගඟ දිගේ පහලට ඇදෙමින් විය. මධ්‍යහන එළඹී තවත් පැයක් පමන කාලය ගතවුනද; දෙපස ඇති රූස්ස ගස්වලින් ලත් සෙවනක් ගඟ මතුපිට නොවීය. ගඟ මුළුමනින්ම බොරවී තිබුනු අතර දිය  තුල කිසිවක් දක්නට නොලැබුනි.හිරු රැස් ගඟ තුලට යම් දුරක් ගමන් කරණු පෙනුනත් එය අඟල් ගනනකට  සීමා විය.

දිගින් දිගටම  හබල් ගසමින් අප අපගේ ගමනේ යෙදෙමින් සිටිනාතුර ධම්මික තවත් අමතර රාජකාරියක් තමා වෙත පවරා ගෙන තිබුනි. එ ඔහු ගෙන ගොස් තිබූ කැමරාවෙන් ඡායා රූප ගැනීම හා වීඩියෝ කිරීමය.

බොහෝ විට වසික -මෛත්‍රී  යුගලය රැගත් කයාකය ඉදිරියෙන්ම ගමන් ගති. අප එය හැඳින්වූයේ අධිශක්ති කයාකය ලෙසයි. හොඳින් වැඩුනු දේහයකට හිමිකම් කියූ මෛත්‍රී ශක්තිමත් තරුණයෙකු විය.ඔහුගේ දෑතේ හෙවත් බාහු යුග්මයේ   මස්පිඩු හොඳින් වැඩී තිබුනි.වන ජීවී දෙපාරතමේන්තුවේ සේවය කරණ ඔහු එයට අමතරව පුහුණු ජීවිතාරක්ෂකයෙකි! නවසීලන්ත ජීවිතාරක්ෂක සංගමයෙන් තඹ පදක්කම් ලද්දෙකි.
 (A Bronze Medalist)! එසේම හොඳ පිහිනන්නෙකි. වසිකද ඇඟ පුරා ගාය ඇති නව යොවුන් තරුණයෙක්‍ ය.

මේ නිසා වසික මෛත්‍රී ද්විත්වය රැගත්  කයාකය ගඟේ හරහටද දිගටද උඩහටද පහලටද සෑම දිශාවකටම ගමන් කරණු බොහෝවිට දක්නට ලැබුනි. ශක්තිය අවශ්‍යය; ඒ අවශ්‍ය වේලාවට අවශ්‍ය පරදිය!  ඔවුන් මෙසේ ගඟේ හතර මුල්ල පැන්නේ අප බොහෝ සීරුවෙන් මෙන්ම අසීරුවෙන් ගඟ පහලට සෙමෙන් සෙමෙන් රූටමින් සිටිනා විටදීය !

කාලය මධයහනය පසුවී හෝරාවක් දෙකක් පමන ගිය තැන්  පටන් අපට අවශ්‍ය වූයේ දිවා අහාරය සඳහා තරඟය නතර කිරීමටය! “නා නා රූප නා නා සංඥ්ඥා'' යනුවෙන් බුදුන්  වහන්සේ දේශනාකොට ඇත. 
“එක් එක් අයගේ අදහස් එක් එක් ආකරය ගනී !” මෙහි කෙටි අදහස වේ. එය එසේම වනව සේම මහියංගනයෙන් පාන්දරින් ඔතා ආ බත් පත දිග අරිණ්නට සුදුසු  තැනක් සොයමින් තවත් පැය භාගයක් පමන හබල් ගෑවෙමු.

සමහරක් තැන්වල කැලෑ බූටෑව වැඩිය. තවත් තැනෙක ඉවුර බොහෝ සෙයින් උස්ය. තවත් තැනකට යාත්‍රා අයින් කර ගැනීමට බැරි තරම් ගල් පරය.හොඳම තැනක් වීනම් එය බැසයන තද හිරු රැසින් නැහැවී ගොස්ය! මේ සියල්ලෙන්ම මිදුනු තැනක් කිසිවෙකු සොයා ගත හොත්  කණ්ඩායමේ තවකෙකු ඊට මීටර 100 -200 දුරින් තවත් තැනක් පෙන්වයි. එතැනට ලංවූ පසු අන් අය තබා කලින් එම ස්ථානය ප්‍රවර්ධනය කල එකාටවත් එතන හරියන්නේ නැත !

මෙසේ සෑහෙන දුරක් පැමිනි පසු මහ  වැළියේ දකුණු ඉවුරේ තැනකට අප සේන්දු උනෙමු.යත්‍රා සියල්ල බැඳ දමා කෑම පාර්සල් හා වතුර බෝතල්ද   රැගෙන  ඉවුරට ගොඩවී අපි දිවා ආහාරය ගත්තෙමු. 

මෙම ස්ථානයේ ස්ථිර  පදිංචි කරුවන් වූයේ  හෝ හපුටුවන්ය. 

ඔබව ජීවිතයේ එක් දිනක් වත් හෝහපුටු ප්‍රහාරයකට මුහුණ දී නැත්නම් ඒ ගැන කතා කිරීමෙන් පලක් නැත.එකවර හෝහපුටුවන් 40-50 කගේ දෂ්ඨනයට අප එකෙක් අය ලක් වූ හැටි ලියන්නට මගේ වදන් කෝෂයේ වදන් නොමැත. ඉකමනින් දිවා ආහාරය ගිලදැමූ අප නොදිරණ අපද්‍රව්‍ය සියල්ල එක්කාසු කරගෙන එම ස්ථානයට සමු දුන්නෙමු. හෝ හපුටුවන් නොසිටියද; අධික බෑවුමක් සහිත එම ස්ථානයේ භූගොලීය පිහිටීමද අපව හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් කරණ්නට හෙතු සාදක සපයන්නට විය.       
    
 මහවැළි ගඟේ; කැළණි ගඟේ මෙන් විශාල නැමි වංගු දක්නට නොලැබුනු අතර සපේක්ෂව වේගයෙන් ගලා ගියේය. කැළණි ගඟේ මෙන්ම කුඩා ඇළි කිහිපයක් අප පසු කලෙමු.

ඇල්ලක් යනු ගලන ගඟක වේගයෙන් ගලන දියපහර හරස් කොට පිහිට ගල් පර්වත පිහිටි ස්ථානයක්  ලෙස ලඝුකොට දැක්විය හැක. මෙම ගල් පර්වත අතරින් ගලන දිය පහර අධික වේගයක් ගනී. එසේම එම  වේගයෙන් ගලන ජල ධාරාව එතැන් පටන්  නිසලව ගමන් ගන්නේද නො එසේනම් තවත් ගල්පර්වතයකට යොමුවන්නේ දැයි කියන්නට නොහැකිය.
එසේම සමහර අව්ස්ථාවලදී මෙවන් ඇල්ලක් නිර්මණය වී ඇත්තේම කිසියම් ස්වල්ප හෝ බෑවුමක් සහිතවය .
මෙම ස්වභාවය තුල ඇතිවන කරුණු නිසාම ගඟේ මෙතෙක් පැවති වේගය හා ගමන් රටාව එකවරම වෙනස් වී කලබල කාරී ස්වරූපයක් ගනී. සමහර අවස්ථාවලදී  මෙම ගල් පර්වත ජලයෙන් ඉහලට එසවී ඇති අතර සමහර විට ඒවා ජල තලයෙන් වැසී පවතී. මෙයද ගඟේ ජල මට්ටමට අනුව වෙනස් වන සාධකයකි.

ඇල්ලක් නොහොත් Rapid එකක් ලඟාවෙත්ම එහි හඬ ඈතට ඇසේ. එය තීරණය වන්නේ ඇල්ල හරහා ගලන ජල ධාරිතාව , ගලන ජල ප්‍රවාහයට එරෙහිව ඇති බාදක හා ඇල්ල මගින් යාකෙරෙණ භූගෝලීය මට්ටම් අතර ඇති වෙනස යන කාරණා මත ය.
 භූගෝලීය මට්ටම් යන්නෙන් මා අදහස් කරණ්නේ; දිය ඇල්ලක් නිර්මාණය වන්නේ එක් සමෝච්ඡ රේඛා වක  සිට එයට පහතින් ඇති සමෝච්ඡ රේඛාව දෙසට ජල දහරාවක් වැටෙන විටය. ඇල්ලක් නොහොත්  Rapid එකක වේගය නොඑසේනම් එහි  භිහිසුනු බව තීරණය වන්නට ඇල්ල පටන් ගන්න ස්ථානය හා අවසන් වන ස්ථානයට මුහුදු මට්ටමේ සිට ඇති උසෙහි වෙනස විශාල වශයෙන් දායක වෙයි.

Rapid එකකට ලඟාවෙත්ම කයාකයේ ඉදිරිපස මග පෙන්වන්නා නොහොත් Navigator  ගේ කාර්‍යය වනුයේ හැකි ඉක්මනින් එය හරහා ගමන් කලයුතු සුදුසුතම ස්ථානය හඳුනාගෙන තම Pilot හෙවත් කයාකයේ  පිටුපස සිට එය හසුරුවන සගයා වෙතත් කණ්ඩායමේ සෙසු සගයින් වෙතත් හැකි ඉක්මනින් දැනුම් දීමයි.



 (හැකි ඉක්මනින්  යන වචන දෙක මෙම එක් වාක්‍ය ඛණ්ඩය තුල දෙවරක් යෙදීම පුනරුත්දෝෂයක් කොට නොසලකන්න. එය එතරම් වේගයකින් යුතුව කල යුතු කටයුත්තක් වන බැවින් එහි බැරෑරුම්කම උද්දීපනය වීමට මා මෙසේ ලියා තැබුවෙමි .)




දිය  යට රැඳි විසල් ගස්  මුල් ,අතු හා මිනිස් ක්‍රියා කාරකම් සඳහා හිටුවන ලද කනු, ගිලුනු ෆ්යිබර් බෝට්ටු යනාදි සියළු දේ ගමනට බාධා පමුනුවන කාරණා වන්ය.


එහෙත් සංඛ්‍යාත්මකව ගත්කල මේ කරණා ගිනිය නොහැකි තරම් කුඩාය.  

ගඟක පිහිටා ඇති මතුපිටට පෙනෙන ලොකු කුඩා ගල් හෝ පර්වත මග හැරීම සාපේක්ෂව පහසු කටයුත්තක් වුවද දිය මතුපිටට ආසන්නව හෝ දිය මට්ටමේ ම පිහිටි පර්වත මග හැරීම හා ඒවා අතරින් කයාකය පැදයාම අපහසු කටයුත්තකි. 

මන්ද ඒවා දුර සිට හඳුනා ගැනීමට ඇති අපහසු තාවයයි. ගලක් මතුපිටින් අඩියක වත් ජල ධාරාවක් නොතිබුන හොත් කයාකය  ඒ මත හිරවී යනු ඇත.
එවැනි ස්ථාන දෙපස (මෙහිදී කුමන දෙපසක් වුවද විය හැක ) බොහෝවිට අධික ගැඹුරක් හෝ තද සැඩ පහරක්  හෝ පැවතිය හැකි බැවින් එවැනි අවස්ථාවක කයාකය එම ස්ථානයෙන් ගලවා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. 

එසේම එවන් අවස්ථාවකදී කයාකය ගලවා ගැනීමට වෑයම් කරණ්නට සිදුවන්නේ වේගයෙන් ගසාගෙන යන වතුරේ කයාකයේම එල්ලීගෙනය. මෙමෙ වෑයමේදී කයාකය නියමිත පරිදි යන්තමින් හෝ  ඔසවා ලීමට නොහකි වන අතර අප අතින් සිදු වන්නේ කයාකය එහා මෙහා පැද්දීම පමනි. එම ගලවා ගැනීමේදී කයාකයට හානි සිදුවීමටද ඉඩ ඇත.



එසේ කයාකයක් ගලක් මතුපිට සිරවූවිට එය ගලවා ගෑනීමේ නිවරදි ක්‍රමවේදය වන්නේ එක් පසකින් පමනක් ඉහලටම එසවීමය. එහෙත් කිසිදු නිවැරදි තාක්ෂණයක් උපයෝගී කරගත නොහැකි තැන් වලමය කයාක හිරවෙන තරමක් හිරවෙන්නේ. ඒ මර්ෆිගෙ නීතිය අපට මතක් කරදෙන්නට විය  යුතුය.




මෙවැනි ස්ථාන ඉදිරියේ ඇතිවිය ඉදිරියේ පදින්නා විසින් ගමන් කල යුතු මාර්ගය තීරණය කල යුතු වේ. දිය මතුපිටින් නොපෙනුනත් එවන් ගල් අතරින් වේගයෙන් ජලය ගලා බසිනා ස්ථාන අනෙක් ජල තලයට වඩා වෙනස්ව දළුවක්සේ; ගලා බසින ජල කඳ පැහැදිලිව හඳුනා ගත යුතුවේ.

බොහෝ වට එවන් රැපිඩ්  නොහොත් ඇළි වලට ළඟාවෙත්ම; දිශාව වෙනස් කිරීමට හෝ වේගය අඩාල කිරීමට කාලයක් ඉතිරි වන්නේ නැත. සමහර අවස්ථාවලදි ක්‍රියා කලයුතු අකාරය උපදෙස් දීමට නොව සිතන්නටව කාලය නොතබා කයාකය ඇල්ලට ලඟාවේ.

 එසේම පෙරකී පරිදි ගල් අතරින් ගලන දිය දහරාව ; අඩි ගනනකින් යොමුවන්නේ  තවත් ගලකට හෝ වෙනයම් බාධකයකට විය හැක! 



තත්පරෙන් තත්පරය දිශානතියත් වේගයත් වෙනස් කරමින් කරණු ලබන මෙම ක්‍රියාවතරමක දුෂ්කර කාර්යයකි.; මෙම විනෝදාංශයේ අපූර්වත්වය වන්නෙත් එයමය.

මෙසේ ඟං දියමත බාදක මගින් ඇදෙන රටා කියවමින් යන ගමන කෙතරම් චමත්කාර ජනකද? ඊළඟ මොහොතෙ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකි නිමේශයන් එකක් පසුපස එකක් එළඹෙන මේ ගමන් මුළුමනින්ම කුහුළින් පිරුණු එකක් විය.

පෙර මා සඳහන් කල පරිදි එක් එක්  දෙසට හරවමින් කයාකය  සමබරව ගෙනයෑම  පසුපස පදින  නියමුවා සතු කර්‍යයකි.ඉදිරිපස මග පෙන්වන්නා සහ ඔහු අතර තිබිය යුත්තේ හොඳ සංනිවේදනයකි.
එසෙ ගල් අතරින් ගලන දිය දළුව සමගින් එය පසු කරණවාත්  සමගම  ඇරඹෙන ගඟේ කැලඹිළි නොහික්මුනු ස්වභාවය මීටර 5 සිට මීටර 20 ක පමන දුරක් රැළි නංවමින් වේගයෙන් ගමන් කරණු ඇත. 

රැපිඩ් එකෙන් නොහොත් ඇල්ලෙන් පසුව නිර්මිත අධික රැළි සහිත පෙදෙසද ඇත්ත වශයෙන්ම ඇල්ලේම කොටසකි. තවත් ලෙසකින් කියනවා නම් ඒ ඇල්ලේ වල්ගයය. 
මෙම ස්ථානයට කයාකය යොමුවූ විට එහි ඉදිරිපස  වේගයෙන් ඉහළ පහළ යන්නට ; නොඑසේනම් ඉදිරිපස වේගයෙන්  ගිලෙන්නටත්  ඉපිලෙන්නටත් පටන් ගනී. මේ වන  විටත් කයාකය දිය පහර සමග පරඬැලක් සේ ගසාගෙන යමින්‍!

 බොහෝ විට කයාකය පෙරලී  යන්නේ මෙවන් රැළි සහගත ස්ථානයට පැමින ; කයාකයේ ඉදිරි පස දියේ ගිලීමත් සමගය. කයාකය රැල්ලට යට වනවාත් සමගය. කයාකය මේ සෑම විටෙකදීම ගඟ ගලන දිශාව ඔස්සේ එක එල්ලේ  එයට සමාන්තරව තබා ගැනීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි.

මෙය Rubber Dinghy  රබර් ඩිංගි බෝට්ටු මගින් කරණු ලබන  White Water Rafting     වලද පිළිගත්  සත්‍යයකි.  එහෙත් කයාකයක මෙන් බෝට්ටුවේ ඉදිරිපස දියේ ගිලීම රබර් ඩින්ගියේ සිදුවන්නේ කළාතුරකිනි.
මේ නිසා හෝ රළ මගින් දිය මත විවිද දිශාවන්ට ඇතිකරණ දිය වැල් ස්වභාවය හේතුවෙන් කයාකයෙ දිශානතිය වෙනස් වී ගඟ මත හරස් වීමකට ඉඩ  ඇත. මෙම හරස් වීම නිසා කයාකය එකවරම පෙරළී උඩු යටි කුරු විය හැක.

ගල් දෙකක් අතරින් විශාල ජල කඳක් ගලනා විට ජල කඳේ වේගය උපරිම වන්නේ කපොල්ලේ කුඩාම ස්ථානයේදීමය. කපොල්ලට පෙරදීද ඉන් පසුවද ජලයේ වේගය සාපේක්ෂ වශයෙන් අඩුවේ. 

අඩි 12 -13 ක්දිගැති කයාකය එම කපොල්ලට අවතීරණ වෙන මොහොතේ සිට කපොල්ලෙන් පිටවන මොහොත දක්වා කයාකයේ ඉදිරියේ හා පසුපස සිටින දෙදෙන එකම  ජවයකින් එකම වේගයකින් වේගයකින්  පැද්දද ; කයාකය වෙත ජල දහරාව මගින් ඇතිකරණ බලපෑම ; එක් එක් අවස්තාවේදී වෙනස් වේ.

කයාකයේ ඉදිරිපස; කපොල්ලෙන් අඩි 10  ක් ඉදිරියට ගමන් ගනිත්දී  හමුවන ජලයේ වේගයට සාපෙක්ශ ව  තවමත් කපොල්ල ආසන්නයේ පවතින කයාකයේ  පසු කෙළවර මත ඇති කරන වේගය ඉතා ඉහලය.
ජල කඳ මත ඉහළ පහළ  තෙපුල් දෙන කයාකයේ ඉදිරිපස මත ජලය මගින් ඇතිකරණ විශාල ප්‍රථිරෝධය හමුවේ කයාකය පසුපස මත  ක්‍රියා කරණ විශාල වේගය නිසාම; කයාකයේ දිශානතිය  යන්තම්න්හෝ වෙනස් වුවහොත් එකවරම කයාකය හරස් වී එකවරම පෙරලීයයි.

මෙයට කල හැකි එකම විසඳුම වන්නේ දිය දලුවට යාත්‍රාව ප්‍රවිශ්ඨ වීමට පෙර සිටම යාත්‍රාවට අමතර වේගයක් එක් කොට නොහික්මුණු රළ මතින් හැකි උපරිම වේගයෙන් යාත්‍රා කිරීමයි. එවිට රළ මගින් කයාකය හැරවීමට  නොඑසේ නම්  දිය මත හරස් කිරීමට පෙර කයාකය  ගඟ දිගේ ගමන් කරවීමයි.

බොහෝ විට රැපිඩ් එකකට පෙර ගංගාව; නිසල දිය පිරුණු තරමක විලක  ස්වරූපයක් ගනී. ඒ ඉදිරිපස ඇත් බාධාව කරණකොටගෙනය. 
ගමන පිටත් වීමට පෙර මා බෝඩර්ලෑන්ඩ්ස් හි මහේෂ්ගෙන් කරණ ලද විමසීමට කල පිළිතුරට අනුව මහවැළියේ මෙම කොටසේ නපුරු ගනයේ ඇල්ලකට  ඇත්තේ එකම එකක් පමනි.  ප්‍රථම සාකච්ඡාවට සහභාගී වූ කෙන්ද මෙය තහවුරු කලේය.

මේ වන විට අප කුඩා ඇළි කිහිපයක් පසුකොට තිබුනි. තවත් විනාඩිගනනකදී නො එසේනම්  මිටර ගනනක් ගමන් ගනිද්දී මාහට මීවදයක් අසලින් ඇසෙන ගුමු ගුමුව ඇසෙන්නට විය. අපට නොදැනුවත්තම අප විලකට ඇතුළු වෙමින්ය!
තවත් ස්වල්ප් වෙලාවකදී අපට ඇල්ලේ හඬ ද තවත්  ටික දුරකදී ඈතින් ඇල්ල පෙනෙමින් විය.
බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙහිදී කණ්ඩායමේ වයසින් ජේෂ්ඨයා වන මා ; අපගේ යාත්‍රාව කණ්ඩායමෙන් ඉවත්වී ඉදිරියට ගනිමින් විය. ගල් කිහිපයක්  ගොඩැල්ලක් සේ ගඟ මැද විය. එහි දකුණු පසින් මෙන්ම වම් පසින් අවස්ථා දෙකක් අපට විය.

යාත්‍රාව ඇල්ලට ලංවන විට එහි බිහිසුණු බව පෙනෙමින් විය.මෙතෙක් මා තරණය කල දරුණුතම  ඇල්ල මෙය විය යුතු විය.  මෙතෙක් සාමකාමී ගමනක යෙදුනු මහවැළි කොමළිය යක්ෂාවේශ වී ඇත.  නැවුම් ළිඳෙන් දියනා බිම බලාගත් ගමනින් යුතුව ගෙට ආ යුවතියක් සේ සිටි ඇය නොදැමුණු වෙළඹක් සේය!



ගමනේ මුලසිට මේ ඇල්ල; මේ අභියෝගය හමුවනතුරු කල් බලමින් සිටියෙමි. හර්මන් මෙල්විල්ගේ මෝබිඩික් නව කථාවේ බිහිසුණු ධවල තල්මසා හමුවන තුරු; තම ඇවිළුම් බිළිය මුවහත් කරණ නැව්කප්පිත්තා මෙන් මමද මෙයට ඉව අල්ලමින් විය.       

සත්තකින්ම එය නොහික්මුණු ජවසම්පන්න කලු වෙළඹක් සේය. ඇයගේ නොහික්මුණු බව හික්මවාලීමට; ප්‍රවේගකාරී බව ප්‍රේමනීය බවකට පෙරලා  ගැනීමට;  කලබලකාරී හැසිරීම් රටාව සුන්දර ලාලිත්‍යයෙන් රමණීයවූ ගමන් විලාශයකට හැරවීම මාසතු කාර්‍යය !  වගකීමය!! හැකියාවය!!! නිබඳ ප්‍රාර්ථනයය!!!! 
මා මේසා කාලයක් පෙරුම් පුරා මෙ වනන්තරය මැද  පැමිනියේ මේ කලු වෙළඹගේ ප්‍රේමය පතා ගෙනය. පහස පතාගෙනය. සංසාර ගත පුරුද්දකි . බැඳීමකි. ඉදින් දැන්  ඊට අවස්ථාවය !

"වමෙන්ද දකුනෙන්ද?"

තෙශාන්ත මගෙන්ද , මම තෙශාන්ත ගෙන්ද අසමින් විය.තත්පර 2 ගත්වෙත්ම කාලය  ඉක්ම ගොස් අවසන්විය.

කෙන් අපට සම්ප්‍රේශණය කල අදහසට් අනුව ඔහු කිහිප වරක් Mahaweli Expedition එක සිදුකොට ; ගඟ පිළිබඳ මතකයක් ඇති අයෙකි.

ගඟෙහි ඇති රැපිඩ් පිළිබඳව කල විමසීමකදී ; කිහිපයක්  ඇති බවත් ඉන් පළමු වැන්න දකුණින්ද දෙවැනි එක වමෙන්ද යනාදී වශයෙන් දිග විස්ථරයක් කියාගෙන ගියේය. 



කිලෝ මීටර 70 ක දුරක පවතින සියලු ඇළි හා ඒවායින්  ගැලවී යායුතු මාර්ගය මතකයෙන්; එය නොපෙනෙනා තැනක සිට පැවසීම මොනතරම් අභව්‍ය කාරණයක්ද?


මේ වන විට ඔහුගේ වම දකුණ සමග අපේ දකුණ වම සමග පැටළී ගොස්ය. එසේම ඔහු පැවසූ කීවෙනි ඇල්ලද මේ යැයි අපට නිද්චිතව කිව නොහැක.
ගතවුනු තත්පර 2-3  වන විට යාත්‍රාව ගල්පර දෙකක් අතරින් ගලන දිය දළුව වෙත යොමුවී මෙතෙක් පැමිණි ප්‍රවේගය අධික ත්වරණයකට ලක්ව ඇත. අද වන විට කෙතෙක් තැත් කලද මතකයට නග ගත නොහැකි වනසේ නිමේශයක් ගෙවුනි!

"පැදපාං!"

කවුරු කාට අන දුන්නද ; කවුරු කට යෝජනා කලේද ; කවුරු කාගෙන් ඉල්ලීමක් කලේදැයි වගේ වගක් නොමැත. 

අපව ගිල ගැනීමට පෙන නගමින් සුලි ගැහෙමින් , වේගයෙන් උස් පහත් වෙමින් රැළි නංවමින් සිටින මරණය තරම් බියකරු වේගයෙන් කැලතෙමින් පවතින මරු කටට අප පනිමින් ය. 
අපට අවශ්ය වන්නේ  මාරයාගේ කටට පැන ඔහු කට වැසීමට පෙර   මරු කටෙන් එලියට පැන ගැනීමටය. ඒ සඳහා ඇවැසි එකම සාධකය වන්නෙ වේගයය!

ඔව් සුපිරි වේගයක්මය!

" අත අරින්නෙපා පැදපාං යකෝ පැදපාං!"

 මගේ මුවින් ග්‍රාම නොසරුප් වදන් වැලක් විසිවුනි!

මමත් තෙශාන්තත් හැකි උපරිමයෙන් නොව ඊටත් වඩා දැඩි වෙහෙසීමකින් හබල් ගසන්නට පටන් ගත්තෙමු.
 එම ස්ථානයේ ස්වභාවයෙන් ජලකඳට ලැබු ප්‍රවේගය යට එක්වූ අප දෙදෙනාගේ බාහු ගත ශක්තිය  සමග යාත්‍රාව දිය දළුව මතින් ඇසිපිය  හෙලන වේගයෙන් ඈදී ගොස් රළගසන ,කැකෑරුණු දියට වැටුණි!


      
         
               

                   

34 comments:

  1. නියමයි කාලෙකින් ගඟ දිගේ යන්ඩ හම්බුනේ.

    ReplyDelete
    Replies
    1. බුදු මල්ලියේ ආයෙමත් කියෝපන් මගෙ අම්මා! දැනුයි මේකෙ පොටිඇද්දෙ. කපරාරු කරලා විතරයි තිබ්බේ!

      Delete
  2. කතාව නතර කරපු තැන තමයි තැන...
    තට්ටේ පලන්න හිතෙනවා මේ කරපු අලුගුත්තේරු වැඩේට...
    වැඩි වෙලාවක් ගන්නේ නැතුව ඉතුරු ටිකත් ලියහන් අයියේ...

    ///එකවර හෝහපුටුවන් 40-50 කගේ දෂ්ඨනයට අප එකෙක් අය ලක් වූ හැටි ලියන්නට මගේ වදන් කෝෂයේ වචන නොමැත.///
    හෝ හපුටුවෝ එක්ක සෑහෙන ගනුදෙනු කරලා තියෙනවා...
    දෙපාරක් ඇළක් අයිනේ බාබකිව් පාරක් දැම්මා බීමත් සමග...
    පොඩි වෙලාවක් නෙමෙයි පැය ගාණක් උන්ගේ ප්‍රහාරයට ලක් උනා...
    එයින් එක වතාවක් අපේ බ්ලොග් මිතුරන් කිහිප පොළක් සමග...
    පුදුම වදයක් තමයි හෝ හපුට්ටෝ දෙන්නේ...

    ReplyDelete
    Replies
    1. බුදු මල්ලියේ ආයෙමත් කියෝපන් මගෙ අම්මා! දැනුයි මේකෙ පොටිඇද්දෙ. කපරාරු කරලා විතරයි තිබ්බේ!

      Delete
  3. තට්ටයගෙ කයාක් එකේ පස්සෙ වාඩිවෙලා ගියා වගේ හැඟීමක් ආව මේක කියෝපුවම.
    ලොකු පුතා කියල තියෙව වගේ නවත්තපු තැන තමයි කැත. හැක්..

    හෝහපුටො ගැනනං කතා කරල වැඩක් නෑ. ඕකුං කාපුවම මටනං පලු දානව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!බොහොමත්ම! හෝ හපුටුවන් දෙවෙනි වන්නේ කූඩැල්ලන්ට පමණි! අනේ දෙයියන්ගෙ පිහිටයි ඔය දෙගොල්ල හක්බෙල්ලාවකදී එකට සෙට් වෙන්නේ!

      Delete
  4. අන්තිම ටික කියවනකොට මම ඉන්නේ කොහේද කියලා අමතක උනා. මට හිතුනේ මමත් ඉන්නේ ඔය කායකයක් ඇතුලේ කියලා. ඇත්තටම පුදුම බයක් දැනුනේ. ඔයාලටත් ඒ බය දැනුන නේද,? එකනේ අර ග්‍රාම නොසුරුප් වදන් වැලක් පිට උනා කියලා තිබුනේ. හැබැයි නතර කරපු තැන නම් අන්තිම නරකයි.ඇයි දෙයියනේ ඇල්ලෙන් වැටුනම මොකද උනේ කියලම නතර කරානම් මොකද වෙන්නේ.අනේ හැබැට ලගක හිටියනම් තට්ටේ හිල්වෙන්න ටොක්කක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. කියන තැනකට වඳින්නම් ටොකු නම් අනින්න එපා! නිකම් පංසලේ ලොකු හාමුදුරුවන්ගෙ කණපිට හරෝපු පත්තරේට ඇන්නා වගේ තමයි!

      Delete
    2. හාමුදුරුවන්ගේ 'පත්තරේට' ඇන්නා නම් ඉතින්..... (මොකටද මගේ කට! හික් )

      Delete
  5. නියමයි ... හොඳ වෙලාවට මට තවම sketch එක නොලැබුණේ. නැතිනම් අරං එනව ඉතුරු ටික ඉල්ල ගන්න!

    ReplyDelete
    Replies
    1. මම අහස පොලොව ගැටල ගැටලා කල්පනා කලා මොකද මේරූප සටහන කියලා. දැන්නෙ මතක් උනේ. ඔයාගෙ තැපැල් ලිපිනය මාහට එව්වොත් එවන්නම්.! ස්තූතියි!

      Delete
  6. හම්මේ...

    සති අන්තයේ ගඟට පැනලා, දවල්ටත් හෝහපුටුවෝ එක්ක බතුත් කාලා ආයෙමත් රැපිඩ් මැද්දෙන් දිය ඇල්ලකිනුත් පැනලා නේද???
    අන්තිම ආසධාරණයි.. පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ටිකට. ඒ කියන්නේ අපිට මේ සිද්ධියේ නියම පිංතුරත් ලැබෙනවා කියන එකද? මරුනේ...

    විස්තරේ ඇහුවම දනිස් දෙක එකට වදින්න ගත්තා. ඔච්චර දෙයක් කරගන්න බැරි මම තමයි පණ්ඩිතයා වගේ කයාකින් ගැන ටෝක්ස් දෙන්නේ.. මිට පස්සේ නම් එහෙම කරන්නේ නැත... අපි දමනය උනෙමු

    දැන් ඇල්ලෙන් ගොඩට එන්න සතියක්ම යයිද?

    ReplyDelete
    Replies
    1. නිශ්ශ්බ්ද තාවයෙන් පෙනී ගියේ කයාකින් එපාවූ වගකි!
      මම පහු ගිය දවස්වල ජේ ජේ රොම්ලස් පෙරේරගෙ ගීතයක් මහ හඳින් හොටු පෙරාගෙන කියමින් හිටියේ.
      "ඇයි නාවෙ මා සොයලා..... සිතේ සංකා නනා නනා නනා.....//"

      Delete
  7. අය්යේ මොකක්ද "මර්ෆිගෙ නීතිය"
    ඔයාත් හරියට දැන් ගඟ දිගේ ලියන්නේ මෙගා නාට්ටියක් වගේ.හොඳම හරිය පස්සට .දැන් තව සතියක් හිටපල්ලකෝ

    ReplyDelete
    Replies
    1. "Anything that can go wrong will go wrong".
      කෙළවෙන්නට යමක් වේ නම් අවසන් වන්නෙ කෙළවෙලාමය!

      Delete
    2. Murphy’s Laws

      1.If anything can go wrong, it will.
      2.If there is a possibility of several things going wrong, the one that will cause the most damage will be the first one to go wrong.
      3.If anything just cannot go wrong, it will anyway.
      4.If you perceive that there are four possible ways in which something can go wrong, and circumvent these, then a fifth way, unprepared for, will promptly develop.
      5.Left to themselves, things tend to go from bad to worse.
      6.If everything seems to be going well, you have obviously overlooked something.
      7.Nature always sides with the hidden flaw.
      8.Mother nature is a bitch.




      Yhprum's law, where the name is spelled backwards, is "anything that can go right, will go right"

      Delete
  8. නියමයි අයියේ.
    දවස් 11කට පස්සෙ අදයි බ්ලොග් පැත්තෙ ආවෙ.
    පොඩ්ඩක් ගමට හිර උනා පහුගිය සති දෙකේදි.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි සුපිරිනේ .ඒ කොහෙද අප්පා ඒ?

      Delete
    2. කුරුණෑගල නෙ හෝම් ටවුන්. දවස් 7කට එහෙට හිර උනා.

      Delete
    3. එළ පැත්තක්නෙ?

      Delete
  9. ඔය කියන හෝහපුටුවෝ sandflies ද?
    එක පාරක් තල්ගස්මංකඩ මැණික් ගංඉවුරේදී කෑවා. පලු එනවා, කසනවා

    ReplyDelete
  10. අම්මෙහ්.. දත කට පුට්ටු වෙනවා දෙයියනේ.. නෑ.. නෑ.. මං බය නෑ.. ඔහොම යන්.. ඔහොම යන්..

    මට මොනරාගල අපේ අක්කලාගේ ගේ ලඟින් ගලන කුඹුක්කන් ඔයේ නෑම එපාම උනේ ඔය හෝ පුටු වදේ නිසා.. ඕන් ඒකට ඔය ඇනොපිලිසා එහෙම.. හෝ හපුටුවෝ බයිට් එකට අරං ගං ඉවුරේ ඉදං බෝතලේකට හමාරකට වග කියයි මීක් නොකිය.. හෙක්..

    ආ.. ඒක නෙවෙයි.. කළු ගඟ දිගේ රත්නපුරේ ඉඳල කළුතරට ක්යාකිං කරපු තවත් බ්ලොග් ගොයියෙක් ඉන්නවනේ අර ජිවන ෆර්නැන්ඩු කියල.. ඒ ගොයියා මේ සීරිස් එක දැකල නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. මගේ මගේ බකට් ලිස්ට් එකේ 3-4 තියෙන්නේ ඔය ගමන තමයි! හෝ හපුටුවෝ කියන්නෙ මල ගිය ප්‍රාණ කාරයෝ වගේ ජාතියක්! යනයන තැනට පස්සෙන් එනවා!

      Delete
    2. ආ.... ආයෙ මොකෝ මං විතරක් ... අර කටුස්සයි විදානෙයයි නිකං හිටියද ..??

      Delete
  11. Mamath kiywwa. Mamanam wathurata bayai.

    ReplyDelete
    Replies
    1. හරි හරි! සයිකල් පදිමුකෝ ! ඉවරනේ කථාව!

      Delete
  12. ආයෙ නියම තැනින් නවත්තල තියෙන්නෙ ...
    පොටෝ ටික හොයාගෙනම ඊලඟ එක දාමු ...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටික 7/12/2017 ලැබුනෝ!

      Delete
  13. Mun denna bath kanna kiyala baduwak passewath giyada?

    As usual good to read about the trip (well, little about the trip and more nonsense)

    I have not read about Mahaweli trip, sounds like a must read. I remember the fist time I saw Mahaweli river near Mahiyangana Raja Maha Viharaya, I must have been about 4 years, my father told me this is Mahaweli and longest river in SL.

    Beruwala is not South, yes on the way to South. South is beyond Benthara river, hariya. Fiber boats being dump in the river is a real sad story.

    Asking direction from strangers, I was in Colombo last December, friend of mine in AUS ask me to donate 10 lunch packets in front of St Anthony's church Kochchikede. I went there about 11am, it was bit early to find lunch packets near by. I ask one man where to find lunch packets, he ask me to follow him (I thought he is going to point me to a shop) Then he pointed me to a 3 wheeler ask me to get in, I said I want lunch packets, he said yes we have to go in this, I ask him to go to hell (nicely) and walked bit towards the Kovil and found a shop to buy lunch packets.

    Yako, wine store eka thiyene map eke, bath kade nadda? Umbala nam puduma gan karayo thami. Phone eke Google deviyo nadda?

    I have never heard about Artichoke in SL, what we have here is more like 'Kehel Muwa' not potato.

    Badu ballana, ne bath kanna giya denna awai?

    ReplyDelete
  14. පිළිතුර 143.කළුගඟ දිගේ . . . 7 ට ඉදිරියට ගෙන යන ලදී . . . !

    ReplyDelete
    Replies
    1. පිළිතුර

      කියන්නත් බෑ. හැබැයි මුන් දෙන්නගෙ ඩයල් දෙකේ හැටියට පස්සෙන් ගියා කියා මිසක් ඉස්සරහින් ගියා කියලානම් හිතන්න බැරිය!

      සත්තකින්ම දකුණ පටන් ගන්නේ බෙන්තර ගඟෙන් ඉක්බිතිවය. එහෙත් බේරුවල පොල් රුප්පාවේද "දකුණේ ඌෂ්නය" යම් දුරකට ගැබ්වී පවතී. (එහෙම නේද?)

      ඇත්තටම අපි කාගෙන් හරි උදවාක් ඉල්ලුව සැණින් ඌ බලන්නේ අපෙන් මොකක්ද ඩැහැගන්න පුළුවන් කියලා! පලපුරුද්දෙන් මේ කියන්නේ; කෑම්පින් කරණ්න තැනක් ඇහුවොත් බලන්නේ රෑට අපි ගාව තියෙන අරක්කු ටිකට කෙළින්න!

      නෑ නෑ බත් කඩත් තියෙනවා. බත් නම් මොනවා කරණ්න බැරිද? කාගෙන් හරි ඉල්ලං කන්න හරි බැරියැ! ඒ වගේද වයින්?

      ගූගල් තිබුනාට ෆෝන් එලියට ගන්න බෑ බොහෝ තැන් වලදී. අනික ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වලට වඩා; විශ්වාසය අතින් මැප් එක පහසුයි,විශ්වාසදායකයි, මත යැපීමට ඇති හැකියාව ඉහලයි!

      ආඬිචොක් කියන්නේ කුඩා අල ප්‍රබේධයක් ලෙල්ලක්/ පොත්තක් සහිත; සුදු පැහැති!

      පොඩ්ඩක් ඉන්නකෝ මම කොයි ලෝකෙන් හරි අල ගෙඩියක් හොයලා පින්තූරයක් දාන්නම්.
      ස්තූතියි හැමදා වගේම!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...