Friday, October 6, 2017

54. ගඟක් දිගේ ගිය ගමනක් 11


ගැබ්බර වික්ටොරියා ;  කෙත්වතු වෙත  දියවර යොමුකරමින්. එන කන්නය තෙක් කෙතරම් කලක් විළි රුදාවෙන් පසුවෙම්ද?

සැත්තැම්බර් 22 වන විට  වැසි පටන් ගනිමින්‍ විය.

අපගේ සැලැස්ම කුමන කරුණක් නිසා හෝ අකුලා ගැනීමට සිදුවුවහොත් එය යලිදු දිග ඇරලන්නට තවත් මාස ගනනාවක් හෝ වසරක් බලා සිටින්නට සිදුවිය හැක. ස්ථිර ලෙසම ඔක්තෝබර් 2 වනදා අප අපගේ සැලැස්ම ක්‍රියාත්මක කරණ්නට තීරණයකට එළඹුනෙමු. 

මා මෙන්ම ප්‍රියන්ජනුත් තෙශාන්තත් ධම්මිකත් කාලගුනය පිළිබඳ මහත්වූ ඕනෑකමකින් කරුණු එක්කර ගැනීමට දෑස් දල්වා බලාසිටින වග නිරන්තරයෙන් මාවෙත ලැබෙන පණිවිඩ වලින් මොනවට දෙස් දෙමින් විය!

වරුවක් පුරා ඇදහැලෙන මහා වරුසාව මහවැළිය දෙගොඩතලා ගලන අචිරවතී ගංගාව බවට පරිවර්ථනය කරලීමට සමත් බවත් එමගින් ඇතිවිය හැකි ගං වතුර තත්වය අප මහ කැලෙ මැද අතරමං කරලීමට හෝ ගංවතුරටම බිළිවීමට කිසියම් සම්භාවිතාවක් තිබීම මෙයට හේතුවය!

අපගෙ දීර්ඝ කාලීන සැලසුම නැවත අළුතින් ලුහුකොට සකසන්නට විමු.

1.    ඔක්තෝබර් 2 වන දින උදෑසනින් වසික බණ්ඩාරවෙල බලා බසයකින් පිටත්ව ගොස් ප්‍රියන්ජන් මුන ගැසේ. 
2. එදින පස්වරු 3.30 ට තම සේවා ස්ථානය වූ හංවැල්ලේ Linea Aqva  ආයතනයෙන් පිටවන පසිඳු  තම නවාතැන්පල වන කැළණියට පැමිනේ.
    3.    පෙර දැනුම් දීමට අනුව අපගේ   අභිනව ලොරි සපයන්නා කැළණියේදී පසිඳු හා එක්ව නාරහේන්පිට Adventure Seals   ආයතනයට යා යුතුවේ.
    4. ධම්මික ද පස්වරු 5.00 ට නාරහේන්පිටට පැමින පසිඳු   හා එක්වී කයාක සියල්ල රැගෙන කඩවත අප නිවසට පැමිනේ.   
   5. කඩවත මාගේ  නිවසෙදී අපහා එක්වන  හා එක්වන තෙශාන්ත , අම්රාන්  හා          කෙන් සමගින් රාත්‍රියේ කඩවතින් පිටවන අපහා දිමුතු එක් වන්නේ  පස්‍යාලේදීය.
   6.  එදින රාත්‍රියේ බණ්ඩාර්වෙලින් පිටත්වන වසික හා ප්‍රියන්ජන් ඔක්තෝබර් 3 වන     දින උදෑසන මහියංගනයේ ද නෙස්ට් හීදී අපහා එක්වේ .
   7. උදැසන ආහාර එහිදී ලබාගන්නා අප දිවා ආහාර පාර්සල්ද රාත්‍රී අහාර සදහා පදම්     කල කුකුළු මස් කිලෝ 4 ද රැගෙන අප පටත් විය යුතුය. 
    8. උදෑසන 9 වන විට අප මහවැළියේ පහස ලබමින් විය යුතුය. 
   9.  එදින රාත්‍රිය වස්ගමුව වනාන්තරයේ ගතකරණ අප පසුදින එනම් ඔක්තෝබර් 4 වන දින හවස මනම්පිටියට ලඟා  විය යුතුවේ. 
 10. අප ගෙන් වෙන් වන ලොරිය මහියංගනයේ සිට පනම්පිටියට පැමිණිය යුතු වන්නේ  ඔක්තෝබර් 4 වන දින හවස 6.00 ටය.

මේ අපගේ නව   සැලැස්මය !

මේ සියල්ල සැලසුම් කල පසු කෙන්ගේ පැමිණීම සැක සහිතබව ධම්මික දූරකථනයෙන් මාවෙත දැන්වීය! ඒ ගිලිහී යමින් වන්නේ අපගේ එකම පුරුදුකාරයාය ! මාර්ගෝපදේශකයාය ! සියල්ලන් මීට දිනකට පෙර වනතුරු අප කණ්ඩායමේ සියල්ලන්ගේම සියළු සැක සංකා , විචිකිච්ඡා,  භාරගෙන සිටි එකම ගැලවුම් කරුවාය!!!
 එහෙත්  අපගේ සැලසුම  හුදෙක් එක් පුද්ගල්යෙකුගේ වියෝව කරණකොටගෙන දොර මුල්ලේ තිබීම මාහට තරම් නොවේ !

මේ පණිවිඩය මා සියල්ලන්හටම මොහොතකින් දැනුම් දුනිමි.

“දැං මොකද කරණ්නේ ?” බොහෝ දෙනාගේ මුවට නැඟුනු පැනය විය .

“අව්ලක් නෑ ! අප ගමන යනවා …….එච්චරයි !”

මාගේ කෙටි පිළිතුර විය ! (මද කෝපයෙන්!)

ඔරලෝසුවක එකින් එක දිවෙන දැතිරෝද මෙන් අපගේ සැලැස්ම දිනෙන් දින දිවෙයි ! අපගේ  සැලැස්ම උඩු යටිකුරු කරමින් මහවැළි නිම්නයට විටින් විට වැසි වැටෙමින්‍.සෑම දිනෙකම මා දිනය පටන් ගන්නේ ජල සම්පාදන මණ්ඩලයේ; පොළොන්නරුව දිස්ත්‍රික් ඉංජිනේරු සහන් කුලරත්න; අපගේ තරුණ මිත්‍රයා අමතමිනි. 
ගතවෙන කිසිදු දිනෙක මහවැළියේ ජල මට්ටමේ සැලකිය  යුතු වෙනසක් නොමැතිබව; මනම්පිටියේ ජල පොම්පාගාරයෙන් තහවුරු කරගන්නා හේ අප වෙත දැනුම් දේ ! මෙසේ දිනෙන් දින අප අපගේ ගවේශනයට ලං වෙමින් සිටින්නෙමු !

දිනෙන් දින වෙනස් වන කාලගුණය  විසින්; අප තල්ලු කර හරින්නේ තවත් වසරකින් මෙම ගවේශනය කල් දමන්නටද?

ජීවිතයේ සැඳෑ සමයට කෙමෙන්කෙමෙන් අවතීර්ණ වෙමින් සිටින; වයසින් අර්ධ ශත්වර්ෂයක් සම්පූර්ණ කරමින් සිටින මටත් ප්‍රියන්ජන්ටත්; ජීවිතයේ අවසාන කාලයේදී හෝ මතකයට නගා ගෙන සතුටු විය හැකි, රස විඳිය හැකි, නිහත්මානීව ආඩම්බර විය හැකි සුන්දර සිතුවමක් චිත්‍රණය කිරීමට ලැබෙන; ජීවිතයේ අවසාන අවස්ථාව මෙසේ මෝසම් සුළඟින්  අපෙන් ඈතට  ගසාගෙන යන අයුරු මා කණගාටුවෙන් බල සිටින්නෙමි. මේ  ජීවිතයේ එයට ඇති  අවසාන අවස්ථාව නොවන්නේද ?

තවත් ඇත්තෙ දින 5 ක කාලයක් පමනි. තවත් දිනක් ගෙවී ගමන දින හතරක ඈතින් පිහිටන විටෙක අම්රාන් මා ඇමතූයෙමි. පසුගිය සති අන්තයේ වනාන්තර ගතවූ ඔහුගේ  ගේ දෙපා දැඩිසේ තුවාල වී ඇති බැවින් ඔහුගේ පැමිනීමද තීරනත්මක විය !

මේ හැලී යන්නේ කණ්ඩායමේ සිටි පලපුරුදු යාත්‍රිකයින් සිව්දෙනාගෙන්  දෙවැන්නාය!

මීට සතියකට පෙර 9 ක් ව සිටි කණ්ඩායම මේ වනවිට 7 කට පසුබා ඇත!  සාමාජිකයින්  ගනන ඉරට්ටේ සංඛ්‍යාවක් වන විට Two Man Kayak වලින් ගමන කරගෙන යා හැක. සංඛ්‍යාව ඔත්තේ වූ විට යටත් පිරිසෙන්  එක් One Man Kayak  එකක් හෝ යා යුතු  වන්නේය. ගැටළුව නිර්මාණය වන්නේ මෙවිටය.   One Man Kayak  එකක් පැදයාමට විශේෂ හැකියාවක් අවශ්‍යවේ. පුහුණුවක් අවශ්‍ය වේ. එයට කාලය හරස් වේ.

A two man (Tandem) sit on top kayak

A one man (solo) kayak


පසුදින වන විට අපට එක් සුභදායි පිලිතුරක් ලැබුනි. ඒ පසිඳුගේ මිතුරු දිමුතුගේ පැමිනීමට අලුත් විවාහය බාධා පමුනුවා ඇති බවය. එම සතුටු දායක ආරංචිය ගෙනාවේ පසිඳුමය. මෙහි ඇති එකම සතුට වන්නේ Two Man Kayak වලින් ගමන කරගෙන යා හැකි වීමය. 
ඒ සමගම පිළිතුරක් සොයා ගතයුතුම පැනයක් අලුතින් පැන නගියි. ඒ වස්ගමුව වනය මැද කරණ්නට සිදුවන කඳවුරු කරණයේදී ආරක්ෂාව සැපයීම සඳහා ඇවැසි පිරිස් බලය අඩුවීමය!

සැප්තැම්බර් 28 වන දින මා ඉතිරි සියළු දෙනා වෙත e-mail පණිවිඩයක් මුදා හැරියෙමි.

ඔක්තෝබර් 1 වන දිනය වන විට අප විසින් ඒකබද්ද අදහසකට පැමිණිය යුතුවේ. ඒ වනවිට පවතින කාලගුණ තත්වය මත අපගේ ගවේශනය පිළිබඳ අවසාන තීන්දුව  ගනිමු !” 

එහි  සාරාංශය විය !

පසිඳු එයට එකඟත්වය පලකොට තිබුනි. මෙයට පිළිතුරු ලෙස ධම්මික විසින් කාළගුණ දත්ත සපිරි වගු රාශියක් e-mail ජාලයට එක්කොට තිබුනි. ඒ සමගම හදිසි තත්වයකදී අප කණ්ඩායම ගලවා ගැනීමට  අපගේ ට්‍රක් රථයට; එනම් කයාක ප්‍රවාහනය සඳහා කොළඹින් අප  කුලී පදනම මත ගෙනයන ලොරියට; වස්ගොමුව ජාතික වනෝද්‍යානය මැදින් අපකරා පැමිනීමට ඇති හැකියාව, ශක්‍යතාවය විමසා තිබුනි.

සත්‍ය වශයෙන්ම එම කරණාවට මා හට පිළිතුරු නොවීය! මන්ද වර්ග කිලෝමීටර 393 ක් හෙවත් අක්කර 97161 ක වපසරියක් තුල පැතිරී ගිය  මහ වනන්ත්‍රයක් මැද  අප  සිටිනා තැන පිටස්තර පුද්ගලයෙකු දැනගන්නේ  කෙසේද?  දැනගත්තද බෝට්ටුවකින් විනා අප සිටිනා ස්ථානයට ලොරියකට හෝ වෙනයම් රථයකට ලඟාවිය හැකි මාර්ගයක් තිබීම; මොනතරම් අභව්‍යයද? අපව ගලවා ගත හැක්කේ හෙලිකොප්ටරයකින් පමනි!

මම සෑම මොහොතකම අන්තර්ජාලය හරහාද මාගේ  පැරණි මතකයන්  හාර අවුස්සමින්ද ගං වතුර පිළිබඳව මා තුල තිබෙන පළපුරුද්ද ගොඩනගමින් සිටියෙමි.

ගං වතුර  තත්වයක් යනු එක් මොහොතක; එක් නිමේශයකින් මුහුණ දීමට සිදුවන තත්වයක් නම් නොවේ.  ගඟක වතුර  මට්ටම ඉහල නගිත්ම එහි වතුර වඩාත් අවපැහැ ගැන්වේ. එහි පෑදුනු ගතිය ඉවත්වී බොරවීමට පටන් ගනී. 
එසේම ගඟේ වතුර සමග බොහෝ සුන් බුන් ගසා ගෙන ඒම දක්නට ලැබේ. මොහොතකට පෙර දිය මතිපිට තිබුනු ගලක්, ගල් පර්වතයක් දියෙන් යටවෙත්ම; එම  ගලෙහි දියෙන් වැසුනු පෘෂ්ඨයේ; තවත් ලෙසකින්  පවසනවානම් දියමතුපිට  සිට අඟලක දෙකක පමන ප්‍රමාණයක් පරීක්ෂකලවිට; එම පෘෂ්ඨය මතුපිට  කුඩා - ඉතා කුඩා වායු බුබුළු ඇලී තිබෙනු දක්නට ලැබේ. 
විමසිල්ලෙන් සිටින්නෙකුට මේ සියල්ල විනිශ්චය කරණ්නට  තරම් කාල වක වානුවක් ස්ව්භාව ධර්මය  විසින් ලබා දේ. ගඟක් ගලන විට එනම් ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහල නගින විට; ගං ඉවුරෙ සිට ගඟ මැද දෙස බලන අයෙකුට ගඟ මතුපිට ජල පෘෂ්ඨයේ උත්තල ස්ව්භාවයක් දැකිය හැක!

විසල් වනාන්තරයක් හරහා ගලන ගඟක්; ගං වතුර තත්වයකදී හැසිරෙන ආකාරය මෙයට වඩා සුවිශේෂී වන්නට ඉඩක් නොමැත. ගං වතුර ගලත්ම ජල කඳ වනාන්තරය තුල පැතිරෙත්ම අපට ගැලවීමට ඇති  ඉඩ කඩ වඩාත් පුළුල් වනු ඇත. ගං වතුර  ගලත්ම ගඟේ සිට පිටතට ජල ධාරා ගලා ඉහිරී පැතිරී යනවා විනා ගඟ තුලට ඇද ගැනීමක් ආකර්ශණයක් ඇති නොකරයි. එසේ ගඟ දෙසට ආකර්ශණයක් ඇතිවන්නේ ඟං වතුර යන අතර තුරය !   මෙය ඔබ  හිතනවාටත් වඩා දරුණුම තත්වයකි. මිනිසෙකු නොව අලියෙකු උවද ගඟ දෙසට ඇද ගැනීමට එය සමත්‍.

ගං වතුර ගලත්ම ජල කඳ වනාන්තරය තුල පැතිරෙත්ම අපට ගැලවීමට ඇති ඉඩකඩ වඩත් පුළුල්වනු ඇත. ගං වතුර ගැලූ පසු හෝ වැසි වැටීමත් සමග  අපට කඳවුරු බැඳීමට ස්ථානයක් ඇති අපහසුව, වන සතුන් තම “ගමන් බිමන්” යෙදීමේ ශීග්‍ර තාවය වැඩි වීම, ගිනි මැලයක් සාදා ගැනීමේ අපහසුව වැනි ප්‍රායෝගික කාරණා හැරුණුවිට මාහට සිතට නැගුනු වෙනත භයානක තත්වයක් නොවීය.

මිනිසා විසින් ස්වභාව ධර්මයට එදිරිව අටවන ලද වික්ටෝරියා, රදෙනිගල, රංටැඹේ වැනි වේල්ලක් බිඳී ගියහොත් ඇතිවන තත්වය මීට ඉඳුරාම වෙනස් විය හැක. එවන් තත්වයකදී මුළු මහත් ප්‍රදේශයක් එක් නිමේශයකදී ඛේදනීය තත්වයකට පත්වේ. කලෙකට පෙර කන්තලේ වැව් බැම්ම බිඳී යාම  එවන් බියකරු මතකයකි.

සිය දහස් ගනනක් මිය යන අවස්ථාවක අප කිහිපදෙනා පමනක් ගැලවී නිවෙසට වී සිටීම කෙතරම් සුදුසුද? නමුත් එවන් අවස්ථාවකදී; හොඳින් සූදනම්ව සිටින  අප කණ්ඩායමට එක් ජීවිතයක් හෝ ගලවා ගැනීමට හැකි වුවහොත් එය මොන තරම් අනගිභවනීයද? මේ මාගේ සිත හා මා අතර සිදුවූ සංවාදයෙන් බිඳකි!

මා පෞද්ගලිකව පසිඳු ඇමතිමි.

“මල්ලි මායි වසිකයි මොනවා උනත් යනවා !” මම පැවසීමි.
“එළ ! මමත් එකෙන්ම එනවා!! තෙශාන්තත් අවොත් අපි  හතර දෙනා හරි යමු!!!”
අප දෙදෙන වෙනමම තීරණ්‍කට එළඹුනෙමු.

මට පසුගිය කාලවකවානුව පුරා අසන්නට ලැබුනු සතුටුදායක, සුභදායක මෙන්ම  ධනාත්මක පිළිතුර එයය. මාගේ බලපොරොත්තු යලිත් අළුත් කරවන්නට එම වදන් සමත් විය.

මෙවන් ගමනකදී “වැඩ්ඩන්” ට වඩා පරාර්ථකාමීන් නොඑසේනම් ආත්මාර්ථකාමීත්වයෙන් තොර ගමන් සගයනට; වඩා වැඩි වටිනාකමක් මාගේ සිත තුල වෙන්ව පවතී. 
මෙතෙක් ම නුදුටු අති දක්ෂයින්ට වඩා මාගේ දෙනෙත් සාක්ෂි දරණ සාමාන්‍ය පුද්ගලයින් වටිනේය. ශක්තිය අබිභවා දරාගැනීමේ හැකියාවට අවස්ථාව සැලසේ. අති දක්ශ කළමනාකරුවන්ට වඩා කණ්ඩායමක් ලෙසට එක අදහසක කණ්ඩායම් හැඟීමෙන් යුක්ත  සාමාජිකයින් කණ්ඩායමට වටිනේය. උපදේශකයින්ට වඩා එක් විදානයකට පා  ඔසවන්නන් අවදානම  ජයගන්නෙය. 

මේ කුමන ආකාරයකින් බැලුවද පසිඳුටත් වසිකටත් මහත්  වටිනාකමක් ලැබෙන්නේය. සහරා කාන්තාරයේ තනි වුවද ඔවුනට කරණ්නට යමක් ඇත. අනෙකාගේ වදනට ගරු කරණු ඇත. මුළු කණ්ඩයමම විසිරී ගියද ඔවුන් ගැන මට විශ්වාසය තැබිය හැක. 
තෙශාන්ත සමග මාහට පලපුරුද්දක් හෝ  ඇසින් දුටු සාක්ෂි මා වෙත නොතිබුනද; ඔහු මා හා පවසා ඇති  දෙයින් 50% ක් පමනක්  සත්‍යය වුවද ඔහුද කෑල්ලෙන් කෑල්ල ගියත් “ගේම” අත හරින්නැති එකෙකු විය යුතුය.

ඔක්තෝබර් මස 1 වන දිනට කාලය එළඹුනි. අප සියල්ලෝම තම තමන්ගේ සේවා ස්ථානයන්හිය. මොහොතින් මොහොත මා e-mail පරීක්ෂා කරමින් විය. සවස 5.28 ට ප්‍රියන්ජන්ගෙන් පණිවිඩයක් ලදිමි. ඒ මා මෙතෙක් කියවන ලද; රාජකාරීමය නොවන  දිගම e-mail පණිවිඩය විය.

“ සැවොම වෙත , මගේ කුඩා  අදහස එක්කර ගන්න !” යනුවෙන් පටන් ගෙන තිබුනු එම ලිපිය අවසන් කර තිබුනේ අප  කුඩා කල පෙර පාසලේ දී ඉගෙන ගත් ඉංග්‍රීසි කවි දෙ පදයකිනි !

“Rain rain go away – Come again another day!”

ලිපියේ සරංශය වන්නේ හෙට දින එනම් ඔක්තෝබර් 2 වන දිනයේ කාලගුණ වාර්ථාවට අනුව ඔහුගේ සහභාගීයිත්වය තීරණය වන බවයි!
නැවත ඔක්තෝබර් 2 වන දිනයේ එනම්  ගමනට යොදාගත් දිනයේ දහවල් 12.26 ට නැවත දීර්ඝ ලිපියක් ඔහුගෙන් මා  ලදිමි. 

එහෙත් මා එම ලිපිය අදතා වෙනතුරු නොකියවිමි. මම ඔහුට ඇමතුමක් ගතිමි. ඔහුගේ පිළිතුර වූයේ පසුදින එනම් ඔක්තෝබර්
 3 වන දින මහියංගනයට එන බවත්; මහවැළි ගඟ ඇස ගැටෙන තෙක් ඔහුගේ පැමිනීම  තහවුරු කරලීමට නොහැකි බවත්ය!
ගමන සඳහා ඔහු රැගෙන එන්නට භාර වූ කූඩාරම් සඳහා යොදාගන්නා දෑ; ඔහු චාරිකාවට එක්වුනද, නොවුනද මහියංගනයට ගෙනැවිත් දීමට කාරුණිකව  ඉදිරි පත් විය.

අපිට  කණ්ඩායමක් අවශ්‍ය වන්නේ විශේෂ අවස්ථාවලදී පිරිස් බලය ඇවැසි වන බැවිනි. උදාහරණයක් ලෙස කයාකයක් ගල්දෙකක් අතර සිරවුව හොත් දෙතුන් දෙනෙකුගේ සහය  ඇවැසි විය හැක.
රාත්‍රිය පහන් වනතුරු කඳවුර මුර කරණ්නට, කදවුරේ වැඩකටයුතු  කරගෙන යෑමට, හදිසි අවස්ථාවකදී කටයුතු කරණ්නට, උපදේශනයට, වෙනතක් තබා එවන් අවස්ථාවකදී අවම වශයෙන් මරහඬ නගා ඝෝෂා කරණ්නටවත් කණ්ඩායමක් ඇවැසිවේ .

මේ අපෙන් ඈත්වන්නේ 2010 වසරේදී  Shall we do ?  යැයි යෝජනා කල ප්‍රමුඛයාය! අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියූ ගමන් සගයාය !!  ගුවන් හමුදාව තුල එතෙර - මෙතෙර පුහුණුවලත් 30 වසරක යුද්ධය තුල කණ්ඩායමකට නායකත්වය දුන් නියමුවාය!!!
මේ සියල්ලටම වඩා අප කණ්ඩායම අතර සිටි ගෞරවනීය සාමාජිකයා ය !!!!
අපගේ e-mail ජාලයට වැදගත් අදහස් , යෝජනා , කාළගුනික මෙන්ම දේශගුනික සාධක එක් කල විද්වතාය!!!!!

ප්‍රියන්ජන් සමග මා කල දූරල්කථන සංවාදය නිමවූ ඇසිල්ලේ මා තෙශාන්ත ඇමතූවෙමි. ප්‍රියන්ජන් සංචාරයට එක් කලේ තෙශාන්තය. එහෙත් මා කිසිවිටෙක මේ සම්බන්ධයෙන් තෙශාන්තට වචනයක් වත් නොකීමට පරිස්සම් විය. ඉන් පසු එතැන්සිට ගෙවුනු පැයක දෙකක කාලය තුල; විටින් විට මාවෙත විවිධ වූ පුද්ගලයින් රැසෙකගේ ජීව දත්ත මා වෙත ඉදිරිපත්  කල අතර; ඒ කිසිවක් පිළිබඳව පැහැදිලි මතකයක් නොමැත.

මා කණ්ඩායම නැවත සැකසූයෙමි. ධම්මික පැමිනිය හොත්; පසිඳු-ධම්මික , වසික - මම , තෙශාන්ත -  ?
ඔව් තව එක් අයෙකුගේ සහභාගීත්වය අනිවාර්‍යයෙන්ම  අවශ්‍ය වේ. මන්ද මේ  ගමන සඳහා   භාවිතා කලයුතු වන්නේ Two Man Kayak මය. එය හැසිරවීමේදී පොඩි ලමයෙකු වාගේ  කීකරුය ! 
මේ නොදන්නා ගමන් මගේ තිබිය හැකි  Rapid හෙවත් ඇළි වලට වඩාත්  සාර්ථකව මුහුන දිය හැක්කේ Two Man වලටය. වැඩි බරක් ගෙන යා හැක්කේද මේවාටමය . මේ නිසාම මේ ගමනට Two Man හෙවත් Tandem  විනා  One Man හෙවත්  Solo ගෙනයාම බුද්ධි ගෝචර නොවන්නේය. එසේම  One Man හෙවත්  Solo කයාකයක් පැදීමට සුවිශේෂි හැකියාවක් තිබිය යුත්වේ. එවන් හැකියාවක් ඇත්තෙකු ඉතිරිව ඇත්නම්  ඒ පසිඳු පමනකි! 

අවසානයේ තෙශාන්ත මාහට කථාකලේය. ඔහුගේ මිතුරෙකුවූ වන ජීවී දෙපාර්තමේන්තුවේ මයිත්‍රී නමැති අයෙකු මේ ගමනේ ඉතිරි ගමන් සගයා ලෙස මහියංගනයේදී  අප හා එක්වන බව ඔහු සහතික විය.

 මේ වන විට ඇළහැර ප්‍රදේශයේ අලි පැන්නීමේ ව්‍යාපෘථියකට සම්බන්ධව සිටිනා ඔහු අද රාත්‍රී බසයෙන් මහියංගනය බලා පිටත්වන බව වැඩි දුරටත් හේ පැවසීය.

ඒ සමගම අප අපගේ ලොරිය නොඑසේනම් ට්‍රක් රථයේ ගමන අවලංගු කලෙමු. ධම්මිකට කථාකොට ඔහුගේ පැමිනීම තහවුරු කර ගත්තෙමු.
 අප එදින සන්ධ්‍යාව වන විට අප අපගේ ක්‍රියාන්විතය මුල සිට අගට නොව අග සිට  මුලට ක්‍රියාත්මක කරමින් සිටියෙමු.

 සියල්ල උඩු යටිකුරුවී ඇත ; අපගේ අධිෂ්ඨානය හැරුණු කොට !

ක්‍රියාන්විතය ඇරඹුනේ ධම්මික ගෙන්‍. ඔහු නාරහේන්පිටට පැමිනියේය. මා මාගේ බිරිඳ සමගින් සේවා ස්ථාන වලින් නික්මී නාරහේන්පිටින් හා රාජගිරියෙන් සපයා ගත් කයාක දෙක හ හබල් හතර; පැරණි එහෙත් අතිශයින්ම විශ්වාසනීය ගමන් සගයා - Toyota Land Cruiser BJ60 යේ හුඩ් රැක් එක මත තබා ගැට ගසා ගතිමු. 
කඩවත ඇල්දෙනියෙන් ; අතින් කටින් බඩු පුරවා ගත්  පසිඳුව ද රථයට නංවාගෙන ගෙදර ගියෙමු. අප නිවසින්  රාත්‍රී අහාර ගත් මමත් , වසිකත් , පසිඳුත් ,ධම්මිකත් මගේකයාකයද හුඩ් රැක් එක මත තබා ගැටගසා ගත්තෙමු. 
රාත්‍රී 9.00 ට පමන වනවිට තෙශාන්ත සිය යතුරු  පැදියෙන්  පැමින අපහා එක්විය. ඔහු වෙත පවරා  තිබුනු  අහාර පාන ගැනීම පසිඳුට පවරා කිලෝමීටර ගනනක් මග ගෙවාගෙන ගොස් රැගෙන ආ Dry Bag එක හා ඔහුගේ කුඩා ගමන් මල්ල ඔහු අත විය !

එකා මෙන් සැම! 
ගමන පිටත් වෙන්නට ඔන්න මෙන්න!

රාත්‍රී 10.00 පමන වන විට අප සියල්ල තම තමන්ගේ ආගම් සිහිකිරීමෙන් අනතුරුව නිවසින් පිටත් වීමට රථයට නැංගෝය. ගමන මුළුමනින්ම උඩුයටිකුරු වී ඇත. මාගේ    Land Cruiser BJ60 රථයේ ටයර් හතරේම කට්ටා; තමා සිටි  බවට සාක්ෂියක් වත් ඉතුරු නොකර මීට මාස හයකට පෙර පලාගොස් තිබුනි ! 
මෙවන් දුර  ගමනකට එහි අමතර රෝදය හැරුණු විට අන් කිසිවක් ගැලපුනේ නැත. එයද තම කට්ටා බේරාගෙන සිටියේ ; අනෙක් රෝද හතරටම වඩා  එය තරමක් විශාල වූ නිසාවෙනි!
 එහෙත් අහෝ දුකකි !

මේ පරණ ටයර් එකක් එහෙම ගන්න තියෙනවද දන්නෑ!?


 එම රෝදය මේ වන විට පසුපස වම් පැත්තට සවිකොට තිබුනි ! යමින් ගමන් මා දන්නා හඳුනන ටයර් කඩයකින් පැරණි ටයරයක් අමතර රෝදය ලෙස සපයාගෙන අප මහියංගනය බලා පිටත්වුනෙමු.  
  
පරණ ටයරයක් ලැබීමේ ප්‍රීතිය - සෙල්ෆියක් ගසා සමරමින්!
කැප් තොප්පියක් දමාගෙන- ධම්මික  මහෙන්ද්‍ර , පිටුපස වමේ - පසිඳු , දකුණේ - වසික , උපැස් යුවලක් සමග - තෙශාන්ත සමග එදත් තට්ටයා - අදත් තට්ටයා!

යළි නොයෙනා ගමනක් දෝ! නිම නොවෙනා ගමනක් දෝ!!

41 comments:

  1. එකා මෙන් සැම
    ඇත්ත ඇත්ත... වැඩිදෙනෙක් තට්ටයෝ... තොප්පි දෙක එක්ක, මට අර කන්දෙක තොප්පි දෙකේ දාර වගේ පේන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බෙහෙවින්ම! සැමදා සේම අදත් කලින්ම ගොඩ වුනාට! ස්තූතියි නැවතත්!

      Delete
    2. [7. උදැසන ආහාර එහිදී ලබාගන්නා අප දිවා ආහාර පාර්සල්ද රාත්‍රී අහාර සදහා පදම් කල කුකුළු මස් කිලෝ 4 ද රැගෙන අප පටත් විය යුතුය.]
      කුකුල්ලුත් ගිහින් එහෙනම් මේ ගමන?? කුකුල්ලුත් එක්ක සැලසුමක් මම මේ දැක්කමයි

      Delete
    3. [ඒ පසිඳුගේ මිතුරු දිමුතුගේ පැමිනීමට අලුත් විවාහය බාධා පමුනුවා ඇති බවය. එම සතුටු දායක ආරංචිය ගෙනාවේ පසිඳුමය. මෙහි ඇති එකම සතුට වන්නේ Two Man Kayak වලින් ගමන කරගෙන යා හැකි වීමය. ]
      එකෙක් හැලෙනකොට සතුටු උනා? පුදුම කණ්ඩායමක් අප්පා.... සම අයිතීන් ලබාදෙනු

      Delete
    4. අපි අතර කුකුළන් නොසිටි බැවින් කුකුලෙකු තනියට වාගේ ගෙන යන්නට උනන්දු වුනෙමු. හදිසියේ බිල්ලකටවත් දෙන්න පුළුවන්නේ කුකුලෙක් ගෙනිච්චාම!

      Delete
    5. [අපි අතර කුකුළන් නොසිටි බැවින් කුකුලෙකු තනියට වාගේ ගෙන යන්නට උනන්දු වුනෙමු. හදිසියේ බිල්ලකටවත් දෙන්න පුළුවන්නේ කුකුලෙක් ගෙනිච්චාම]

      හත්වලාමයි... දැනගත්ත එක හොඳයි. තව ඩින්ගෙන් මේ වටිනා ජිවිතේ නිරපරාදේ රෝස් වෙලා යනවා. මහා දරුණු අය්යලා ටිකක්... පරිස්සමෙන් පාරේ අයින් වෙලා යන්න ඕනේ...

      [ මෙවන් ගමනකදී “වැඩ්ඩන්” ට වඩා පරාර්ථකාමීන් නොඑසේනම් ආත්මාර්ථකාමීත්වයෙන් තොර ගමන් සගයනට ; වඩා වැඩි වටිනාකමක් මාගේ සිත තුල වෙන්ව පවතී. මෙතෙක් ම නුදුටු අති දක්ෂයින්ට වඩා මාගේ දෙනෙත් සාක්ෂි දරණ සාමාන්‍ය පුද්ගලයින් වටිනේය. ශක්තිය අබිභවා දරාගැනීමේ හැකියාවට අවස්ථාව සැලසේ. අති දක්ශ කළමනාකරුවන්ට වඩා කණ්ඩායමක් ලෙසට එක අදහසක කණ්ඩායම් හැඟීමෙන් යුක්ත සාමාජිකයින් කණ්ඩායමට වටිනේය .උපදේශකයින්ට වඩා එක් විදානයකට පා ඔසවන්නන් අවදානම ජයගන්නෙය.මේ කුමන ආකාරයකින් බැලුවද පසිඳුටත් වසිකටත් මහත් වටිනාකමක් ලැබෙන්නේය. සහරා කාන්තාරයේ තනි වුවද ඔවුනට කරණ්නට යමක් ඇත. අනෙකාගේ වදනට ගරු කරණු ඇත. මුළු කණ්ඩයමම විසිරී ගියද ඔවුන් ගැන මට විශ්වාසය තැබිය හැක. තෙශාන්ත සමග මාහට පලපුරුද්දක් හෝ ඇසින් දුටු සාක්ෂි මා වෙත නොතිබුනද ; ඔහු මා හා පවසා ඇති දෙයින් 50% ක් පමනක් සත්‍යය වුවද ඔහුද කෑල්ලෙන් කෑල්ල ගියත් “ගේම” අත හරින්නැති එකෙකු විය යුතුය.]
      මේ ලඟකදී ඉඳල මටත් ඕකම ඕකම ඕකම හිතෙනවා අප්පා.....

      [නාරහේන්පිටින් හාරාජගිරියෙන් සපයා ගත් කයාක දෙක හ හබල් හතර ; පැරණි එහෙත් අතිශයින්ම විශ්වාසනීය ගමන් සගයා - Toyota Land Cruiser BJ60 යේ හුඩ් රැක් එක මත තබා ගැට ගසා ගතිමු.]
      දැන් මට හිතෙනවා ඒ ගියපු පාරේ යනකොට , බලාගෙන ඉඳල ඉරිසියා කරපු එකෙක් විදියට... මට අයිතියක් තියෙනවා මෙතන හොටු පෙරාගෙන අඬන්න කියල.. ඉහි ඉහි ඉහි....

      ඔක්කොමත් හරි හාට් බීට් එකත් හරි!! කෝ ඉතින් තාම යනවා කීවට යනවාම නෙවෙයිනේ............ අය්යෝ

      Delete
    6. ඇත්තටම කතාව ඕන කමින් ක්තාව දිග්ගස්සනවා කියලා හිතන්න එපා! ඔයතරම් වැඩේ ඇදුනා. ඒකමතම්යි මේ ගමනේ මා දකින අපූර්වත්වය! මේ ගමනට වඩා සැලසුම තමයි වඩාත්ම තීරණාත්මක වන්නේ.

      Delete
    7. කවුද වැඩේ ඇද්දා කියලා කිව්වේ... (මේ බ්ලොග් වනේ ඉන්නවා ඔයිට වඩා පඳුරු තැලීමේ ඔස්තාර්ලා.. බොරුනම් අහල බලන්නකෝ.. සාක්කියට එයි දුසිමක් උනත්)
      සමහර details ඇත්තටම මට වටිනවා. අර ගඟේ හැසිරීම වගේ දේවල් විස්තර කරලා තියෙන විදිය නම් මාරයි. කට බලියාගෙන අහන් ඉන්න හිතෙන්නේ. මම කිව්වේ ඉක්මනට ඉතිරි ටිකත් දාන්න කියලයි

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
  2. මම නම් කැමති නෑ අවසානයට දාලා තියන සින්දුවට. පටන් ගත්ත තැනම අසුබවාදී වෙන්න හොද නැනේ. යලි නොයෙනා ගමනක් වෙන්නේ කොහොමද? දෙයක් කරනකොට අපට මේක කරන්න පුළුවනි කියලා හැමවෙලාවෙම හිතන්න ඕනි . කරන්න බැරි දේත් එතකොට කරන්න පුළුවන් වෙනවා. එහෙම නේද? කොහොම හරි ගමන යන්න ඇති කියලා හිතෙනවා. ඉතිරි ටිකත් ලියන්න. කියවන්න ආස හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමයි! කතාන්දරයේ නිර්මණශීලීත්වය හා සෞන්දර්යාත්මක බව රැක ගන්න එක් කල ගීත කණ්ඩයක්! ඇත්තම ජීවිතයේනම් මම හරිම කැමති ගීතයක්. මඩොල්දූව චිත්‍ර පටියට වික්ටර් රත්නායක ගායනා කල ගීතයක්. ගේය පද රචනාව මට මතක විදියට මහාචාර්ය සුනිල් ආරිය රත්නගේ! නමුත් ස්වභාවය තුල අපි ඉතාම ධනාත්මකව ගමනට පිටත් වුනෙමු!

      Delete
    2. Iromani : ඇත්තම කියනවා නම්.. ඔය ධනාත්මක විදියට හිතනවා කියන එක එක පැත්තකින් තියරියක්. ඒ අස්සෙම අපි ඇත්තම තත්වෙටත් මුණ දෙන්න ඕනේ. නැතිනම් හරියනවා කියලා මන්තර කිව්වට හරියන්නේ නැහැ. එකනේ බැකප් ප්ලෑන් තියෙන්නේ. හරියනවා වගේම වැරදිමටත් ඉඩක් දීලා එයට ලැස්ති වෙන්න ඕනේ. ධනාත්මකව හිතුවා නම් මොකටද අපි මෙතරම් රිස්ක් අසෙස්මන්ට් කරන්නේ?

      [දෙයක් කරනකොට අපට මේක කරන්න පුළුවනි කියලා හැමවෙලාවෙම හිතන්න ඕනි. කරන්න බැරි දේත් එතකොට කරන්න පුළුවන් වෙනවා.] එහෙම වෙන්නේ නැහැ. හරි එහෙනම් හිතල බලන්න දවසක ඔයාට හිතුනොත් තට්ටයාගේ ඔලුවේ කෙස් වවවන්න... කොච්චර හිතුවත් ඇත්තටම බැරි වෙන්නත් පුළුවන්. එතකොට අපි බැකප් ප්ලෑන් එක විදියට ගිහින් අන්තිමට විග් එකකින් හරි කෙලවර කරගන්න පුළුවන් වෙනවා.

      ඔය ධනාත්මක චින්තනේ හැබෑටම විකාරයක්

      Delete
    3. ලිඛිතා එහෙම කිව්වට මගේ අත්දැකීම් අනුව මෙහෙම ගමන් යනකොට ප්ලෑන් එක කොච්චර හොඳ වුනත්,ශරීර සෞඛ්‍ය හොඳටම තිබුණත් වැඩක් නෑ පටන්ගත්ත වෙලාවෙ ඉඳලා නෙගටිව් විදිහට හිතනවනම්.

      Delete
    4. ලිකිතා මමනම් කවදාවත් තට්ටයගේ ඔලුවේ කෙස් වවන්න යන්නේ නෑ. මොකද දන්නවද? එයාගේ බිරින්දෑ මගේ ඔලුව පලන නිසා. ඔයත් පරිස්සම් වෙලා ඉන්න . තට්ටයට ඔයා කියන ඒවා දන්නවනම් මොනවා කරයිද මන්දා.

      Delete
    5. අයියෝ මගෙ තට්ටෙ කෙස් හිටෙව්වොත් කොහොමද මම එදා ඉඳන් "තට්ටයාගේ කොලම" ලියන්නෙ? එතකොට මට අලුතින් එකක් පටන් ගන්න වෙනවා "කොන්ඩයාගේ කොලම" කියලා!

      Delete
  3. වස්ගමුවෙ කෑම්ප් කරන්න අවසර ගන්ඩ ඕනි නැද්ද?
    ගමනක් යනකොට තමන් ගැන විතරක් හිතන අනිත් එවුන්ට කෙලවුනත් තමන්ගේ ආතල් එක ගන්න එවුන් වැරදිලාවත් ගමනට ආවොත් ඉවරයි.

    අද මාර හදිස්සියකින් වගේ ලියලා තියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවා ප්‍රසිද්ධියේ කථා කරණ්න අමාරුයි!
      අනේ ඔව්, එහෙම එවුන් එක්ක යනවට වඩා හොඳයි ගමන නොයන එක!
      හදිසියෙන් ලිව්වා නෙවෙයි ; ගමන යන්න පටන් ගන්න කලින් වැඩිපුර ඇදුනොත් කියලා ඒ කාරණා කාරණා "වාර්ථාකරණ" රීතියෙන් ඇදලා දැම්මා!
      ඔබගේ රස වින්දනයට ඉන් බාධාවක් වුනි නම මාගේ බලවත් කණගාටුව! ස්තූතියි!

      Delete
  4. ගමනක් පටංගන්නකොට කොච්චර කට්ටිය හිටියත් අන්තිම වෙනකොට තත්වෙ ඕක තමා කියල කලින්ම හිතාගෙන ඉන්න ඕන. මටත් ඔය වගේ සීන් එකක් උනා එකපාරක්. හයර් එකට ගත්ත වෑන් එකේ බුවා මට වාසියට ගමන ‍වෙනස් කරන්න හැදුවත් මම කිවුවෙ ඉන්න අය ප්ලෑන් කරපු ගමන ඒ විදියටම යමු කියලයි.

    ඒ වගේ වෙලාවකදි ඕන දේකට මූන දෙන්න, ඕන දේකදි එකට ඉන්න කීපදෙනෙක් උනත් වටිනව.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මම ගමන් යන්නෙම කුඩ පිරිස් එක්ක හෝ තනිවම. මේ ගමන මේ විදියට යන්න තීර්ණය කලේ රැයේ ආරක්ෂාව සඳහා අපට පිරිසක් උවමනා නිසා! ඇත්තම ඇත්ත. වැඩකට නැති එවුන් දහයකට වඩා ගැලපෙන් එකෙක් වටිනවා! ස්තූතියි!

      Delete
  5. හම්මටසිරි, පට්ට පට පට, ඔෆීස් වෙලාවෙ කෙටි චිත්‍රපටියක් බැලුව වගේ..

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි! දැන් සනීපද?

      Delete
  6. රසයිද ?
    නෑ
    රසාසාසාසාසාසාසායි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙවෙයි බොහොමත්ම ස්තූතියි!

      Delete
  7. /ගැබ්බර වික්ටොරියා ; රජරට කෙත්වතු වෙත දියවර යොමුකරමින්/ වික්ටොරියා දියවර රජරට yanne na

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න මම එය නිවැරදි කෙරුවා! බොහොමත්ම ස්තූතියි!

      Delete
  8. ජිවිතේ හොඳම අත්දැකීම් සහ විනෝදය ලැබෙන්නේ, අත්දැකීම් බහුල උපදෙසකයෝ සියල්ල කණ්‌ඩායමෙන් ගිලිහුන පසුවයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නැත්තං උපදේශකයන්‍ෙගෙ උපදෙස් වලට වැඩකරන්න ගිහිල්ල ගන්න තියෙන හොඳම අත්දැකීම්, ආතල් එක නැතිවෙනව.

      Delete
    2. එකඟයි! උපදේශකයින් පිළිබඳව මාතුල තිබෙන විශ්වාසය කුඩා එකක උනත් පලපුරුද්ද කියන දෙයට ඇති ඉඩ වැඩියි. මා තුල අදාල ගමන පිළිබඳව පලපුරුද්දක් නොමැති උනත් "කයාකින්" ගැන කල පුරුද්දක් ඇතුවයි මම ඒ වන විටි හිටියේ. ඒත් මගේ මුල් කණ්ඩායමේ කිසියම් පිරිසක් තුල කෙන් ගැන වඩා වැඩි විශ්වසනීයත්වයක් ; ඒවනවිට ගොඩනැගී තිබුනා. මම කැමති උනේ නෑ එම විශ්වසනීයත්වය නො එසේ නම් ගරුත්වය අභියෝගයට ලක් කරණ්න! මම කිසිදා මගපෙන්වන්නකු , පහසුකම් සපයන්නෙකු වනවා විනා නායකයෙකු නොවීමි. කිසිවෙකු එම තත්වට පත්වුවහොත් මා බොහෝ විට කරණ්නේ ඔහුට මා ගොඩනගා ගත් කණ්ඩායම භාරදී පසුපෙල හොඳින් ක්‍රීඩා කිරීමයි! ඔය හිටපු ගමන් "මුරළි" ලා "කට්නි වොල්ෂ්" ලටත් නායකත්වය හිමිවන්නේ!?

      Delete
  9. නියමයි ඉතුරුටික ලියනකම් බලාගෙන ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කියෙව්වාට . ලිව්වාට . අගය කලාට , කතා කලාට! ස්තූතියි නැවතත්!!

      Delete
  10. ලෝ ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු බිල් ගේට්ස් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන්.
    ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය. බිල් ගේට්ස්ට බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහා මෙම හමුව පැවැත්වෙනු ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
    බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාළ‍යෙන් පැයක කාලයක් ද බිල් ගේට්ස්ට වෙන් කර ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.
    මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා ද සහභාගීවීමට නියමිත බව එම වාර්තාවේ සදහන් ය.


    ReplyDelete
  11. ශා..!! පුදුම ලයිව් ගතියක් තියෙනව තට්ටය අයියෙ. ඔය ට්‍රිප් යද්දි මිනිස්සු හැලෙන එකනම් සාමාන්‍ය දෙයක්. අනික ඉතින් මිනිස්සු උනහම ප්‍රශ්න එනවනේ. අනික රිස්ක් එකක් අරන් වැඩක් කරල ඉවර උනහම ලැබෙන ත්‍රිල් එක ෆුල් මාවලස්. මම 2014 දී මගේ උපන් දිනයට මටම සප්රයිස් එකක් විදිහට ජීවිතේ කවදාවත් ප්ලෑන් නොකරපු මෙහේ කැලේ ක 6 නියිට් කෑම්පින් ගියා. මම තනියම. මගේ යාළුවන් කිව්වෙ මට පිස්සු කියල. ඒක පට්ටම සක්සස්. තව වැඩිපුරත් දවස් දෙකක් ඉඳලයි ආවෙ ඔන්න.

    ඉතිරි කොටසත් නිවාඩු වෙලාවක ලියන්නකො.

    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. මමත් solo camping කලා වතාවක්. ඒක රසවත් කතාවක්.මම ඒ ගැන පෝස්ටුවක් ලියන්න හිතාන ඉන්නේ. ඉතින් ස්තූතියි !

      Delete
  12. කියෙව්වට කමෙන්ට් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ...
    මමනම් කැමතියි සියලු දේම විස්තර ඇතුව ලියවෙනවට...

    අනික තමයි එන්නම් කියල පස්සේ පොලු තියන එවුන් ඉන්නවා නේද, මටනම් දිරවන්නෙම නැහැ...

    ReplyDelete
    Replies
    1. හා ලොකු පුතා ස්තූතියි! මම මගේ බ්ජ්60 විකුණනවා. මම් ගත්තා නිසාන් පැට්‍රොල් කැබ් එකක්. කෑලි හැලෙන! රතු පාට.28 ශ්‍රී. පාරෙදි දැක්කොත් බලන්න. එළ!

      Delete
  13. I shall repeat or rather second all above comments.. reading with much interest.. keep on writing this without big intervals dude.. Sorry for no sinhala today :)

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි මිතු තොමෝ!

      Delete
  14. තට්ටයා අයියේ සතියකින් ආවෙ බ්ලොග් පැත්තෙ. (මේ ගෘප් කෑල්ලකටයි,පේජ් එක්කටයි හිර වෙලා, ඒ අතරෙ ඊලග ගමන ප්ලෑන් කරනව)
    කලින් ලිපිය ලියපු විලාශය වෙනස් කරේ අපරාදෙ රසය අඩු වෙලා.

    ReplyDelete
  15. වැඩේනැගලම යනවා ...
    ටෙක්ස්ට් ටික ලෙෆ්ට් ජස්ටිෆයි කරපං අයියේ..
    කියවන කොට ඔලුව කැරකෙනවා ...
    උඹට කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ ...

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...