Saturday, October 28, 2017

58. ගඟක් දිගේ ගිය ගමනක් 13


13  අවාසනාවන්ත වූයේ මෙදින සිටද?

අද මේ කිය වෙන්නේ මෙහි 13 වන දිග හැරුමයි. 13 යනු නරක නපුරු අංකයක් ලෙස යේසුස් වහන්සේ සිටිය කාලේ සිට පිළිගැනීමක් පවතී. උන් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහයට සහභගීවී ඇත්තේ 13 දෙනෙකි.

                       එකතුව 13 උනත් කරදර නොදුන් යන්තරය වසර 20 කට පෙර

 මා පාවිච්චිකල දෙවන මෝටර් රථය වූයේ  6 ශ්‍රී 2416 ඔස්ටින් මිනි  හුරුබුටි මොටෝරියය. මා එය මිළදී ගත්තේ රුපියල් 48,500 කටය!  හරි හත්ලිස් අටදහස් පන්සීයකට! ඒ ඒකාලේ වාහන වල මිලය. එය මිලට ගෙන විකුනා බොහෝ කලකට පසුවය මා තේරුම් ගත්තෙ මෙම වාහනයේ එකතුව   13 ක් බව! එහෙත් කිසිදා එය අනතුරකට පත් නොවුනා  පමනක් නොව එය Totally Accident Free වාහනයක් විය.   
එය එසේ වූයේ කෙසේද? එයට එකම හේතුව ලෙස මාදකින්නේ මට පෙරත්  ඉන් පසු මමත් එම රථය ප්‍රවේශමෙන් , ආදරයෙන් පැදවූ බව නොවේද?  
                                                                          වරක් එහි මුළු තිරිංග පද්ධතියම ගලවා  එය පෝර උරේක දමාගෙන මා කඩවත සිට බොරැල්ලේ මොඩල් ෆාම් පාරේ ලකි අයියාගේ ඔස්ටින් මිනි ගරාජයට රථය පදවාගෙන මහ දවල් සතියේ දිනයක ගොස් ඇත්තෙමි. ඒ ගියරවල අනුභාවයෙන්‍ !   අප සමග සේවය කරණ මීරිගම නුවන් මල්ලීද මීට සමානම කතාවක් මා සමග කීමි. එයද මීට සර්ව සම කතාවකි.
 “අනේ ; මුළු වාහනේම  බ්‍රේක් වොශර් ටික  බාස් ගලෝලා දුන්නහම සාම්පල් ටික සීට් එක උඩින් තියාගෙන ගම්පහට ගිහින් දෙයියනේ කියලා බඩුටික  අරණ්  ඇවිත් හයි කර ගෙන ගෙදර එන මිනිස්සුනේ අයියෙ අපි !”

 මේ සියල්ලෙන්ම මා පැවසීමට යන සත්‍ය වන්නේ වාසනාව - අවාසනාව කියන සංකල්පනා වලට  වඩා හැකියාව- පරිස්සම  වැනි යථාර්තයනට වැඩි දිග පළලක් ඇති බවයි. 

වාසනාව දකින හැටි


හැකියාව පවතින අයුරු!


වාසනාව - අවාසනාව  යන ද්විමාන ; 22/7 x r2 න්  වර්ඝඵලය මැනෙන  වෘථයක් වේ නම් ; හැකියාව - පරිස්සම යනු  22/7 x r2x h යන්නෙන් පරිමාව මැනෙන සිලින්ඩරයකි . පරිමාව යන මිණිතය වෘථයට අදාල නොවන්නාසේම “අභියෝග” යන්න වාසනාව - අවාසනවට අදාලනොවේ.

 එය තිබුනද ; තිබුනු තැනක තිබුනාවේ ; හැකියාව- පරිස්සම  ගැන උපරිම විශ්වාසය තබා ගත යුතුමය. එසේම ඒ පිළිබන්න්දව කිසියම් කුකුසක් , සැකයක්, විචිකිච්ඡාවක් වෙතොත් එම සිදුර “වාසනාවේ” පැලැස්තරයෙන් වසාගෙන ක්‍රියාත්මක නොවන්න. “වාසනාවේ” පැලැස්තරය පවතින්නේ “අවාසනාව” නම්  දිය රැළි එනතෙක් පමණි! අවාසනාව විසින් ; වාසනාව ඇසිපිය හෙලන මොහොතකින් දියකර හරිණු ඇත.  එහෙත් අවාසනාවට  හැකියාව - පරිස්සම මුළුමනින්ම දියකර හැරිය නොහැක. එය ඔබේ ඇතුලානතයෙන් බිහිවූ අරටුවය! බිම වැටුනු කළුවර ගසේ පිටත් දිරා ගියද  හරය නොහොත් අරටුව වසර සිය  ගනනක් පවතී!  


කිසිදා නොදිරණ හැකියාවේ - පරිස්ස්සමේ ගල්කනු!
                                                                                                     
   ඕනෑම අන්ධ විශ්වාසයකට ,සැකයකට , ජනප්‍රවාදයකට මා හිසනමන කෙනෙක්මි. මින් අදහස් කරණ්නේ එයට නතුවන  අයෙකු බව නොවේ! කැළණි ගං තරණයේදී  රංවල ඇල්ලෙන් යන්නේ කොහොමද කියා ප්‍රදේශ වාසීන් අපෙන් අසද්දී අප ඔවුන්ගෙන් උපදෙස් පැතුවේ ගමන නවතාදමන්නට නොව ; වඩාත්ම සුරක්ෂිත ලෙස ඇල්ල තරණය  කල යුතු ක්‍රම වේධය පිළිබඳ වඩාත් පුළුල් අදහසක් ලබාගැනීමටය. 

අප එවන් අව්ස්ථාවකදී කල යුතුවන්නේ වඩාත් සැලකිළිමත් වීම වඩාත් සුරක්ෂිත වීම  හා හැකි පමන නොව අවශ්‍ය පමන හෝ ඊටත් වඩා අරක්ෂාව ගැන විපිලිසර වීමයි.

මේ නිසාම මෙතැන සිට කියවාගෙන  යමු  අපි අපගේ අරක්ෂාව සඳහා ගත් ක්‍රියා මාර්ඝයන් පිළිබඳ කෙටි  විස්තරයක්. මෙහි එන මූලික දේවල් වලින් බොහොමයක් මා “මැරෙන්න එපා ! මැරෙන්න හරින්නත් එපා!!!” නමැති  පෝස්ටුවේද මෙලෙසින්ම ලියා ඇත.
ජීවිත ආරක්ෂාව පිළිබඳව කොතරම් කතා කලත් , කොතරම් කියෙව්වත් වැඩි වන්නේ නැත ! එසේනම් කියවන්නට පටන්ගමු !

අපේරටේ සර්ප විශෙන් මියයන පිරිසෙන් ඉතා වැඩි  ප්‍රථ්ශතයක් මියයන්නේ  පාදයේ වළළුකරෙන් පහත ප්‍රදේශයට සිදුවන දෂ්ඨනයේ ප්‍රථිඵලයක් ලෙසය.
ඉන් මතුවන වැදගත්ම කාරණාව වන්නේ  ඔබ වළලු කරෙන් පහල අවරණයවන පාවහන් යුවලක් හෝ දණහිස තෙක් ආවරණය වන බූට්ස් යුවලක් ඇඳ සිටින්නෙනම් සර්ප දෂ්ඨනයෙන් සිදුවිය හැකි මාරාන්තික අනතුරු වලින් ඔබ 90% ක්ම සුරක්ෂිත බවයි. නොඑසේනම් එම අනතුර බොහෝසෙයින් ඈත්වී  ඇතිවී ඇති බවය.
එසේම පසුගිය වකවානුව පුරා දියේ ගිලී සිදුවූ මරණවලින් බහුතරයක් සිදුවී ඇත්තේ එම අනතුර වලක්වා ගත් හැකි අවස්ථා ගනනාවක් මාධ්‍යයේය.කුඩා ලනුවක් , ටියුබයක්හෝ වෙනයම් පාවෙන යමක් තිබුනා නම් එම ජීවිත අකාලයේ මිය යමෙන් වලක්වා ගැනීමට අවස්ථා  රාශියක් තිබී ඇත.

“ඔබ හෙලන හුස්මෙන්ද ජීවිතයක් ගලවා ගත හැක” යන   උදෘථය මුල්පිටෙහි ඉහල කෙලවරේ  මුද්‍රණය කොට ඇති ශ්‍රී ලංකා  ජීවිතාරක්ෂක සංගමයේ අත්පොතෙහි දැක්වෙන පරිදි ජීවිතාරක්ෂාව පිළිබඳව  විසල් වැටහීමක් නොතිබුනද තැනට සුදුසු නුවණ යන්තමින්හෝ ඇත්තෙකු හට ජීවිතයක් ගලවා ගැනීමට බොහෝ අවස්ථා ලැබෙනු ඇත.

ඕනෑම රථයක අමතර රෝදය ඉතා හොඳ පාවෙන වස්තුවක් වේ. කට හොඳින් වැහෙන හිස් කෑන් එකක් ,   රෙජිෆෝම් කෑල්ලක්  ,වොලිබෝලයක් , පාපන්දුවක් වැනි දේ හදිසි අවස්ථාවකදී ජීවිතාරක්ෂක උපකරණයක්සේ භාවිත කල හැක.

  එසේම පොල් අත්තක් ,ඉනිමගක් , සාරියක් ,ඇඳ ඇතිරිල්ලක් වැනි රෙදි කඩක්ද හොඳ ජීවිතාරක්ෂක උපකරණ වූ අවස්ථා වාර්ථාවේ.


අත් දකින සදාතනික ආදරය සේම  ;පරිස්සම ගැන දිය යට සිට කියා දෙමින්!  

ටයිටැනික් ඛේදවාචකයට හේතුව අයිස් බර්ගය පිට පමනක් පැටවීම සාධාරණ නැත. නැව ගැන තැබූ අදික විශ්වාසය කරණ කොටගෙන ; මූලිකව  එහි ගමන් ගත්   පිරිසට සෑහෙන තරම් ජීවිතාරක්ෂක බෝට්ටු හෝ උපකරණ එහි නොතිබීම  මෙම ඛේදවාචකයට වක්‍ර ලෙස බලපෑ හේතුව ලෙස මා දකිමි.

 එසේම එහි හදිසි අවස්ථාව කළමනාකරණය කිරීමට සමත් අයෙකු එහි නොසිටීම හා කිසිදු පෙර සූදානමකින් නොසිටීම මෙම තත්වය වඩත් තීව්‍ර කිරීමට බලපෑ අනෙකුත් හේතුන්‍ය.

මේනයින් ගත් කල පෙර සූදනමකින් මෙවන් ගවේශනයකට සූදනම්වන අප ; මූලිකව සොයා බැලිය යුතු කාරණය වන්නේ ආරක්ෂාවයි. ශ්‍රී ලංකාවේ ඉන්ග්‍රීසි පාලන සමයේදී ගමනා ගමනය සඳහා මාර්ඝ සකස් කිරීම සම්බන්ධයෙන් මහත් කීර්තියක් උසුලන එඩ්වර්ඩ් බාන්ස් ආන්ඩුකාරවරයා මෙරටට ගොඩ බැස කරණ ලද ප්‍රථම සංචාරයෙන් පසු ප්‍රකාශ කොට ඇත්තේ “ලංකාවට උවමනා කරණ්නේ පළමුව පාරවල්‍ , දෙවනුව ද පාරවල්‍,    තෙවනුව ද පරවල්‍ !” කියාය.
එසේම මෙවැනි  ගමනකදී අපට අවශ්‍ය මූලික සාධකයද , දෙවැනි සාධකයද  , තෙවැනි සාධකයද වන්නේ ජීවිතාරක්ෂාවමය ය! මෙම ගවේශනය සඳහා එම වසරේ මැයි 4 වන දින මවිසින් සකස්  කරණලද ද්‍රවය  ලැයිස්තුව දෙස නැවත විමසා බැලීමේදී මෙය තහවුරු වෙනවා  ඇත.

Kayak Expedition 04/05
First Aid Kit      Gears                Accessories      Food                 Other
Panadole          Shorts               Depth Gauge   Water                 Cash
Disprin            T Shirts             Knife                Bread                Phone
Cotton             Sunscreen         Whistle             Butter                Camera
Bandage          Lip Balm           Lighter             Tin Fish            Chargers
Crape Band:   Shades                PFD                 Milk                  Note Book
Scissors          Hats/Caps          Torpedo            Noodles            Pencil
Deep Heat      Swimming kit    D Suckle          Chocolate         Liquor
Bathadine       Slippers              Snap Hook      Coffee              Cigarettes
Imodium          Gloves              Flash light        Sugar               Spoon
                                                  Multi Tool        Biscuit             Cup / Plate
                                                 Asbestos Tape   On the Go        
                                                   Lantern


ඉහත ලැයිස්තුව පිරික්සීමේදී  First Aid Kit එක යටතේ  ඇති සියළුම දෑද,ඊට අමතරව පහත දක්වා ඇති උපාංග  සියල්ල දෙස බැලූ විට ; ඒවා එක් කොට ඇත්තේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් බව පෙනී යනු ඇත.

Asbestos Tape  - කයාකයන් හී සිදුවිය හැකි හදිසි පිපිරීමක් කාන්දුවක් පිරියම්  කිරීම සඳහා.




PFD                   -   Personnel Floating Device-     (Life Jackets)                                          `                ජීවිතාරක්ෂක කබා



රස්සාවට ටෙලියක හොරු පස්සෙ කාර් එකක් එලවන්යන නයිට් රයිඩර් අයියා බේ වොච් වැල්ලේ!

Torpedo           -  Torpedo Buoy ; PVC වලින් නිර්මිත සංවෘථ                                                          ජීවිතාරක්ෂක උපකරණයක්.   මේවා අතර නම්‍යශීලී ඒවා මෙන්ම  දෘඨ ඒවාද වේ. කලකට පෙර රූපවාහිනියෙන් විකාශනය වූ  Bay- Watch නමැති ජීවිතාරක්ෂකයින් පිරිසක් වටා ගෙතුනු ටෙලි කතා මලාවේ ; ඔවුන් අත රැඳුනු තැඹිළි පැහැති උපකරණය මෙයවේ .   දැනට ව්‍යවහාරයේ මෙම වර්ගයේ බෝයා හඳුන්වන්නේ මෙම ටෙලි මාලවේ නමිනි. මෙයට අමතරව  දියේ ගිලෙන්නා ගේ ඇඟ වටා එතිය හැකි  අකරයේ  ඒවාද වේ.      




D shackle            - යත්‍රාවකට හෝ වෙනයම්  දෙයකට ගැටගැසීමකින්  තොරව විශ්වාසනීය ලෙස  ; කඹ      සම්බන්ධ කිරීමට  උපයෝගී කරගත හැක.





ඕනෑම කයාකයක මතුපිට සිට පතුල දක්ව විහිදෙන සිදුරු 4 ක් හෝ 6 ක් පිහිටා ඇත. ඒවා තුලින් යවන ලද කඹයක් හෝ වෙනත් රැහැන් පටක් යාත්‍රාවට  නිරන්තරයෙන් ගැටගසා ඇත. එයට  D shackle එකක් සම්බන්ධ කර තැබීමෙන් ජීවිතාරක්ෂක කඹයක් සම්බන්ධ කිරීමේදී වැඩි පහසුවක් ඇතිවේ.
                                             

Snap Hook           -කඹයක් D shackle එකට සම්බන්ධ කිරීමේදී ; විශ්වාසදායි ගැටයකින් එයට සම්බන්ධ කරණ ලද Snap Hook එකක් උපයෝගී කරගත් විට එය කාර්‍යක්ෂමව කල හැක. කඹය ඇමිනීමටත් , ගැලවීමටත් ඉන් ඉතා පහසුවක් ලැබේ.


සුපිරිම ගැටයක්- මේක දෙවෙනි වෙන්නේ ජේ ආර් 77 ගහපු ව්යවස්ථා ගැටේට පමනි. ගැහුවොත් ගැහුවා!

මෙයට අමතරව පිහියා ,නලාවක් ,විදුලි පන්දම් , ලයිටරයක් , දියෙහි ගැඹුර බලාගැනීමට උපයෝගී කර ගත හැකි ක්‍රමාංකිත ලනුවක් , අත් වැසුම් , ජීවිතාරක්ෂක කබා යනාදී මේ සියල්ල ආරක්ෂාව සඳහා උපයෝගී කරගත උපාංගයන්‍ය.

අපගේ පිරිස අවම වුවද , යාත්‍රා අඩු උවද ; සියළු  ආරක්ෂක ක්‍රමෝපායන් සඳහා අවශ්‍ය සෑම උපාංගයක්ම අඩු නැතිව ගෙන යාමට අප මුල සිටම ක්‍රියා කලෙමු.

එක පෙලට තැබූ යාත්‍රා  සියල්ල මත අපහට එදින දහවල කිස සඳහා “කැදැල්ලෙන්” සකසා දුන් ආහාර පාර්සල් , එදින රාත්‍රී ආහාර සඳහා අඩුවැඩිය , පසුදින උදේ ආහාරය , පසුදින දිවා ආහාරය වෙනුවෙන් හය දෙනෙකුට  ඇවැසිදෑ , ඇඳුම් , වතුර  , දෙදෙනෙකුට සිටිය හැකි ප්‍රමාණයේ කැනපි දෙකක් හා පෙරකී ලැයිස්තුවෙ සඳහන් දෑ සහ හබල් හයක් තබා ඇත. හබල් හැරුණුකොට  අන් සියළු දෑ ඒ ඒ  කයාකය මත තබා ගැට ගසා තිබුනි.

පිරිස එකතු කොට ගත් මා  ;  දන්නා  පමනින් කයාකය පැදවීමේදී මූලික ශිලප ක්‍රම හා කිසියම් අවදානම් මොහොතක එයට මුහුණ දිය යුතු අකාරය පිළිබඳවද දැනුවත් කලෙමි. හදිසියේ කයාකයක් පෙරළී කිසිවෙකු දියේ ගසාගෙන යාමකට හෝ ගිලීයාමකට ලක්වුවහොත් ඒ  සම්බන්දයෙන් ක්‍රියා කිරීමට ස්වෙච්ඡාවෙන්, මමත් ; මගේ නම් කිරීමෙන් වසිකත් භර ගතිමු.

සියල්ල සූදානම්‍! ඉතිරිව ඇත්තේ අපට පිටත් වන්නට පමනි.ඒ මොහොතේ මම  පසිඳු ඇමතූයෙමි.

“පසිඳු මල්ලි , දෙයියන්ට කොළ අත්තක් එල්ලපාං……..!”

“හරි අයියේ …………!”

දෙවියන් වෙනුවෙන් කොළ අත්තක් එල්ලීම කැලේ යන අයගේ සිරිතය! මම එය උගෙන ගත්තේ මාගේ ආදරණීය පියාණන් ගෙන්‍ය. ඔහු වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ  කීර්තිමත් අඩවි වන නිළධාරියෙකි.  
      
දාරුමය මතකය මත අයෝමය නාමය!

                                                                             මා විවාදයට තුඩු දෙන කතාවක් මෙහි ලියමි.  කුරුණෑගල සුප්‍රසිද්ධ බඩගමුව කොස් මහෝගනී මිශ්‍ර වගාවටද ඔහුගේ දායකත්වය හිමිවූ බව මා හා පවසා ඇත. එසේම අලව්ව දුම්රිය ස්ථානයට මදක් කොළඹ දෙසට වන්නට වම් පසින් පිහිටි වනයද ඔහුගේ ශ්‍රම දයකත්වයෙන් සිදුව  ඇත. හක්බෙල්ලාවක නාහේන මූකලානෙ සිටුවීමට කොස් හා මහෝගනී පැල රඹුක්කන සිට සපයා   ඇත්තේද මාගේ පියාණන් විසින්‍ය. 1952 සේවයට බැඳුනු ඔහු ; සෙවා දිගු දෙකකින් පසු විශ්‍රාම යන විට දෙපාර්ත්මේන්තුවේ පැරණිතම සේවකයා විය!

සමහරු  පලාත්බද දෙවියන් වෙනුවෙන්ද ; තවත් සමහරු තමන් අදහන දෙවියන් වෙනුවෙන්ද කරණු ලබන අමන්ත්‍රණය මෙයින් පෙන්නුම් කෙරේ. මෙම සිරිත බොහෝවිට දක්නට ලැබෙන්නේ රජරටය.මෙම පලතේ මෙසේ කොළ අත්තක් එල්ලන්නේ පුල්ලෙයාර් සාමි හෙවත් ගණ දෙවිඳුන් වෙනුවෙන්‍
  
කණ්ඩායමක සෑම සියළු දෙනාම මෙම පිළිවෙත කලද නොකලද ; දේව භක්තියෙන් යුතු යුතු එක් අයෙකු හෝ කණ්ඩායමේ නායකයා  හෝ වයෝවෘධ පුද්ගලයා විසින් මෙම කාර්‍යය ඉටු කරණු ලබයි.
පසිඳු මෙම කාර්‍යය සඳහා මම තෝරාගත්තේ කැළණි ගඟට බැසීමට පෙරද ඔහු හක්බෙල්ලාවකදී දෙවියන් වෙනුවෙන් මෙසේ ඇවතුම් කරණු දුටුවේ ඔහු බැවිනි.
මෙම ගමනේදී අප ගිවිසගත් ; එසේම කිසිදු විවාදයකින් තොරව එකඟවූ කරුණක් විය! එය නම් මොනම විදියේ කටුක අවස්ථාවකට මුහුණ පෑවද ; මසුන් මර කෑමෙන් වැලකී සිටීමයි. ඒ නිසාම අප කිසිවෙකු ලඟ බිලී කොකු හා ඊට යාව ජීව උපකරණ මෙවලම් කිසිවක් නොවීය!

පසිඳු ක්‍රියාත්මක වීමත් සමග අප තම තමන්ගේ ආගම සිහිකරගැනීමෙන් පසු යාත්‍රා ගඟට තල්ලු කරණ්නට සැරසුනි. එක්වරම කයාකයේ හැච් එකක් තුල තිබූ ඩ්‍රයි බෑගයක් තුල සුරක්ෂිතව ගබඩා කොට තිබූ ; මාගේ දුරකථනය සුපුරුදු Nokia  හඬ නැගීය. කරණ්නට දෙයක් නොමැත. නැවත සියල්ල ඉවතට ඇද දුරකථනය අතට ගෙන එහි තිරයට එබුනි.
       “wife”      
මා අමතන්නාගේ අංකයට අදාල නම සඳහන්ව තිබුනි. මා ක්ෂණිකව ඇමතුම  සම්බන්ධ කරගන්නා බොත්තම ඔබා ඇයව සම්බන්ධ කර ගත්තෙමි.

සෑම සියළු කාන්තාවක් මෙන්ම ඇයද අපගේ මේ ගමන් පිළිබඳව ඇත්තේ එතරම් පැහැදුනු සිතක් නොවේ. මේවා ඔවුන්ගේ ශබ්දකෝෂයට අනුව අකීකරු කාලා ඉන්න බැරිවාට කරණ “වැඩි වැඩ”ය !  අපගේ අදරණීය බිරින්දෑවරුන් කැමති වන්නේ තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයින් ; අත පය කඩා නොගෙන ගෙදරට වී සිටිනු දැකීමටය. ගමන් බිමන් ඔවුන් සමග යනවා දකින්නටය. 

එසේ නැතිව; තනිව  කෑම්පින් කරණවාවත් , නාඹර තරුණන් හා කඳු  නගිනවාවත් , මහ මුහුදේ කිමිදෙනවා වත් , ගැටව් සමග මහා සැරිසරණවාවත් දකින්නට නොවේ. මේ අතින් ප්‍රියන්ජන් ගේ  හා තෙශාන්තගේ  බිරින්දෑවරුන් වෙනස් චරිතයන්‍. එසේ නොවුනා නම් ඔවුන්ට මෙතෙක් “පවුල් කන්නට” සිදු නොවනු ඇත.

   මාගේ බිරිඳ පෙරකී දෙදෙනා තරම්ම දියුණු නොවූවද ; ඇය ; ගතානුගතිකත්වයෙන් බොහෝ සෙයින් පරිණාමයවී ඇති සත්වයෙකි! ඇයගේ පවුලේ අන් අය හා සැසදීමේදී ඇය පැමින ඇති දුර මට අදහා ගැනීමට වත් නොහැක. ඒ අතින් පවුලේ අන් අය නියෙන්ඩර්තාල්ලාය!


ලඟින් නෑවෙන නියෙන්ඩර්තාල් කෙනෙක් වෙඩින් එකකදී!

“හෙලෝ! කියන්න …….අපි දැන් පිටත් වෙන්නයි යන්නේ. ඔක්කොම හරි !! අවුලක් නෑ !!!.............................!!!!!”                       මම එක හුස්මට සුභදායි උත්තර වැස්සක් ඇයට විද්දෙමි .

“ඔයාලා බය නැතිව යන්න ! ඔයාලට කිසි කරදරයක් වෙන්නෙ නෑ !! මම ඔයලව දෙවියන්ට භාර කරලයි තියෙන්නේ !!! මම ඉන්නේ ගංගා රාමයේ…….”
මගේ උගුර කට වේලී ගියේය.
 මාගේ විවාහ මංගල්ලෙයෙදී ඇයගේ පාර්ශවයෙන් සභාව ඇමතූවේ එවකට මොණරාගල ; මහජන බැංකුවේ කළමණාකරුව සිටි බස්නායක මහතාය . ඔහු තම කතාව අවසන් කලේ “තමන්ගේ ස්වාමියා අල්ලපු ගෙදර සමග දබරයකට පැටලී ඇත්නම් පලමුව හැකි පමන එයින් ඔහුව බේරා ගැනීමට උපරීම උත්සාහය යෙදිය යුතු බවත් ; ඉන් පලක් නොවේ නම් ඔහුට අතට අහුවෙන්න ගල් ටිකක්  ලං කර දීම කලයුතු බවත්‍!” මෙය විවාදාත්මක ප්‍රකාශයක් සේ පෙනුනද අද මාගේ බිරිඳ සිදුකොට ඇත්තේ එයයි. මාගේ මෙවන් අකීකරු වැඩට අකුල් හෙලීමෙන්, බාධා පැමින වීමෙන් කිසිදු ඵලක් ප්‍රයෝජනයක් නැතිබව දත් ඇය  සිදු කොට ඇත්තේ මේ “අකීකරු කමට” සෙත් වැඩීමය !

“හරි ඔයාට ගොඩාක් පිං! අපි යනවා බුදු සරණයි !”

“බුදු සරණයි”   

කට්ට කරුවලේ රැයක ; නන්නාදුනනා මහා වනාන්තරයක අතරමංවී සිටින අයෙකු අතට පතරොම් පුරවන ලද  .45 රිවෝල්වරයක්  ලැබුනුවිට දැනෙනා ධෛරයය, ගැම්ම  යම්සේද ; එව්න්ම වූ හැඟීමකින් මාගේ  ගතද සිතද එකවර සන්නාහ සන්නද්ධ කිරීමට ඒ වචන කිහිපය පොහොසත් විය.


කොහොමද ගැම්ම!

ඔබ කිසියම් ආගමක් අදහන්නකු හෝ නොවන්නකු විය හැක.එහෙත් තමාට අසන්නට ලැබෙන උනුසුම් සුභ පැතුමක එක් වචනයක් විසින් ; තමන්ගේ ආත්ම ශක්තියට ;ආත්ම විශ්වාසයට එක් කරණ අනුපානය මිළකල නොහැක.

“හරි ! මේක අපිට කරණ්න පුළුවන් කොල්ලනේ …..  !”මම  ගැඹුරු හඬින් සියල්ලන්ට ඇසෙන සේ පැවසුවෙමි.  
“හරි ! පිටත් වෙමු !! අපි දැන් පිටත් වෙමු !!”

ඉදිරි පස තෙශාන්ත මුල්කිරිගල අසුන් ගත් කයකය දියඹට  තල්ලු කල මා පසුපසින් අසුන් ගතිමි. වෙනත් කිසිදු දිනෙක නොගිල්වෙන තරම් ගැඹුරකට කයාකය දියේ ගිලී ඇත.

පිරිස වැඩි වූ පමනින් එයට  සාපේක්ෂව සෑම ගෙනයා යුතු  දෙයක්ම වැඩිවන්නේ නැත. උදාහරණ්‍ක් ලෙස පිහියා , විදුලි පන්දම් ,ලන්තෑරුම් ගැන සිතා බලන්න.

 මාගේ අසුන විටෙන් විට ජලයෙන් පෙඟීයයි. ටිකෙන් ටික අපගේ යාත්‍රා ත්‍රිත්වය නිපෝන් පාලම යටින් ගමන් කලෝය.ඒ මත සිටි කුඩා කොළු කුරුට්ටන් පිරිසක් අපවෙත ආචාර සමාචාර කලෝය. 

සෙමෙන් සෙමෙන් ගඟ පහලට ඇදෙමින් විය . ආපසු හැරී බලනා විට පාල කුඩාවී ගොසිනි. ඒ මත සිටි පොඩිවුන් පොඩිමවී නොපෙනී ගොස් ය. පාලම මතින් ගමන් ගන්නා බස් රියද පෙනෙන්නේ කුඩාවටය.

 ගතවන සෑම තත්පරයෙන් තත් පරය විනාඩියෙන් විනාඩිය අප මිනිස් වාසයෙන් ඉවත් වෙමින් සිටියෙමු. අප කෙමෙන් වනගත වෙමින් විය !        
                                 



   

29 comments:

  1. Replies
    1. කිව්ව තරම් ටෙක්නිකල් දේවල් නම් නෑ. බෝරිං වෙයිද කියල බයේ හිටියේ.
      අපි අද අපේ දෙවනි රයිඩ් එක යනව යන්න කලින් කියවපු එකත් වට්නව අමතක වෙලා තිබුනු දේවල් ටිකක් මතක් උනා.
      මේ පාර අපේ මලියත් යනව(මලියගෙ සටහන ලියන) අපිත් එක්ක. (අම්මප මේ තට්ටයව එක්කන් යන්න විදියක් නෑනෙ)

      Delete
    2. එහෙනම් ඉක්මනට ගිහින් ඇවිත් ලියපන්...... පරිස්සමින් යමන්

      Delete
    3. මල්ලි තනි කෑල්ලට ආවාදෝ?

      Delete
    4. ආව ආවා ඔක්කොමලට කිස්ම කරදරයක් නෑ.
      ඉක්මනින් ලියන්නම්.
      මේ පාර මගෙ උදව්වට මලියත් ඉන්නව.

      Delete
  2. අන්තිමට කියල තියෙන කතාව සහතික ඇත්ත. ඔය වගේ අවස්ථාවකදි තමංට හිතේෂිවන්තයෙක්ගෙන් ලැබෙන සුබ පැතුම හිත ධෛර්‍යවන්ත කරන්න ඉහලින්ම සමත් වෙනව.

    මම බැලුවෙ අර සිගරට් වලින් තියෙන වැදගත්කම මොකක්ද කියල. :D සීතලකදි ඇඟ රත්කරගන්න වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! මමත් කල්පනා කලා මේ සිගරට් සිද්දිය දානවාද කියලා. ඒත් මට ඕන උනේ මගේ අත් පිටපතේ තියෙනදේ ; ඇත්තටම වූ දේ කරපු දේ ඒ ආකාරයෙන්ම ලියන්න. ඔය දෙතුන් දෙනෙකුගේ උවමනාවට ගෙන ගිය දෙයක්!

      Delete
  3. ///එකතුව 13 උනත් කරදර නොදුන් යන්තරය වසර 20 කට පෙර///

    පෝස්ට් එක කියවන්නෙත් නැතුව මේකට කමෙන්ට් එකක් දාන්න හිතුනා...
    එකතුව 13 ඉතුරු වෙන්නේ කොහොමද, 1 යි 3 යි එකතු කරලා ආපහු 4 කියල ගන්න එක නෙමෙයිද නිවැරදි...
    ඉලක්කම් දෙකක එකතුව විදිහට එන ඔක්කොම ඉලක්කම් ආපහු එකතු කරලා තනි ඉලක්කම් හදන අතරේ 13 විතරක් ඉතුරු කර ගන්නවා...
    මොන විකාරයක්ද ඒ...

    13 කෙසේ වෙතත් වාසනාවන්තය කියන 7 එකතුව විදිහට ආපු වාහනයක් මට උපරිම වදයක් දීල පොකට් එකත් හින්දලයි යන්න ගියේ...
    ගත්තට වඩා ලක්ෂ 9.5 ක් අඩුවෙන් වාහනේ දුන්නේ, ඔන්න වාසනාවන්ත 7...

    ReplyDelete
  4. අද ගමන ගැන ලියවිලාම නැහැ වගේනේ...
    ඒ මදිවට පෝස්ට් එකත් කොටයි, අපගේ බලවත් විරෝධය...

    ආරක්ෂාව සම්බන්ධව කියපු දේවල්නම් ඉතා වැදගත්...

    ReplyDelete
    Replies
    1. බුදු ලොකු පුතේ මේක අත් පොතක් සිංහලෙන් කියනවා නම් ටෙක්ස්ට් බුක් එකක්. අර අච්චු පොත් කියලා ජාතියක් ඉක්කෝලෙ යන කාලෙ ගෙනිච්චෙ. ආං ඒකක්! ඉතින් උඹ හිතපන්කෝ "ගණිත පුබුදුව" බලලා "මෙලෝ රහක් නෑ කිව්වා වගේ තමයි. ඔතන වචන 1900ක්ද කොහෙද. පඩම් පොතේ සමහර පාඩම් දිගයි. සමහර ඒවා කොටයි. මේක නිකං ගණිතමය අභ්යුහනය ,සීමා වගේ පොඩි එකක්. ත්‍රිකෝනමිතිය ලඟ එනවා. ස්තූතියි!

      Delete
  5. අයියේ, ඔයාට ඊමේල් එකක් එව්වා. පොඩ්ඩක් බලලා රිප්ලයි කරන්නකෝ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න අයියේ වැරදි දෙයක් ඇහැව්වා නම්....

      Delete
  6. අපි ඔය වගේ ගමනක් යනකොට කොළ අත්තක් එල්ලන්නේ අයියනායක දෙයියන්ට නේද? මම අහලා තියෙන්නේ එහෙම. ඔබ කියන විදියත් හරි ඇති. ගගේ විස්තර ටිකයි තියෙන්නේ. ගොඩක් ඒවා ගගට අදාල නෑ නේද? ඒත් ඒවා වටිනා දේවල් .

    ReplyDelete
    Replies
    1. ඉරෝමානි පලාත් බදව එක් එක් දෙවියන් කෙරෙහි භක්තියෙන් තමයි ඒ ඒ කටයුතු සිදුවන්නේ! නමුත් විවිධ පලාත් බදව විවිධ නම් වලින් හැඳින් වෙන්නේ එකම දෙවියන් විය හැක! මගේ මතකය නිවැරදි නම් ගන දෙවියන්ටම තමයි තවත් සමහර පලාත්වල ශ්‍රී ඝන පති කියන්නෙත් පුල්ලෙයාර් ශාමි කියන්නෙත් අයියනායක දෙවියන් කියන්නෙත්! ස්තූතියි බොහොමත්ම!

      Delete
  7. තට්ටයාට ගණන් බැරි බව සිතා හිනා උනාට.... පසේ කියෝගෙන යනකොට හිතුනේ වැරැද්ද ඇත්තේ ශ්‍රී අකුරේ කියාය.

    අතුරු ප්‍රශ්නය: ඒ කාර් එකේ ඩ්‍රයිවින් සිට් එක ගාව තියෙන පුංචි මූන කාගේද?

    හොහපුටුවෝ කෑවට පාඩුවක් නැහැ. අන්තිමට ගඟට බැහැලානේ. හරේ යාන් හරේ !!!
    අර පාලම උඩ ඉඳල අතවනපු සෙට් එක ගැන ඉරිසියා කරනවා. සැක් ඉතරක්!

    ReplyDelete
    Replies
    1. දවස් තුනක් දඟලලා බැලුවා බැලුවා බැලුව.. මූහු !

      අර මොකද්ද බොලේ අර තියෙන වගුව???? මගේ තට්ටෙත් දැන් පොට පනින්න යනවා රත්වෙලා. ෆෝමැටින් හදනවද, නැතිනම් කොරිඩෝවේ තට්ටේ තියාගෙන ඔලුවෙන් හිටගන්නවද?

      Delete
    2. කොයි ලෝකෙද හිටියේ, මම බැලුවා ඒත් මොකද වුනේ කියලා. සාමාන්යයෙන් බන්ඩා , දුමිඳු , ඇනෝපිලිස් වගේ කෙනෙක් දකින්න නොලැබුනාම චුට්ටක් හොයලා බලනවා. ඒ එයාලගෙ වලිගෙ මගාව තියෙන නිසා. ලලිත් ආවෙත් නෑ හුඟ ක්කලෙකින්. සොයා බලන්න ඕනෙ! මේ ඔයා දන්නවද ඔය වාහන වල නොම්මරේ එකතුව හොයා ගන්න ලේසි ක්‍රමයක් කියන්නද? ඉලක්කම් එකතු කරම්න් 9 යේ ඒවා හදලා අමතක කරණවා . අන්තිමට ඉතිරිය තමයි එකතුව වෙන්නෙ. තේරුන්නැහැනේද? ඒකම තමයි මට වෙන්න ඕනෙත්.
      ඔන්න හිතන්න නොම්මරයක් තියෙනවා 9992. දැන් 9 යේ ඒවා හදලා අමතක කරන්න. දැන් පලමු 9 දෙවන 9 ඊළඟට තුන් වෙනි9 අමතක කරණවා. අන්තිමට ඉතිරි වෙන උත්තරෙ තමයි 2. ඒක තමයි එකතුව වෙන්නේ.
      9+9+9+2 = 29 =2+9=11=1+1=2
      දැන් 2416 = 6+2+1= 9 ඒ 9 අමතක කරනවා. ඉතිරි වෙන්නේ 4 . ඒක තමයි13 = 1+3
      2+4+1+6=13
      තවත් එකක් 6438=6+4=10 යි 1 ඉතිරියි.8+1 , අන්තිමට ඉතිරිය 3යි.
      6+4+3+8=21=2+1=3යි
      ඉතිරියක් නැත්නම් ඒ කියන්නෙ එකතුව 9 යි
      9999 ගන්නකෝ . සියලුම 9 ඒවා අමතක කලාම උත්තරේ 0 යි
      9+9+9+9=36=3+6=9
      වගුව තමයි අපේ බඩු ලිස්ට් එක.
      මේක බලලා තව ටිකක් අවුල් වෙන්න එපා!

      Delete
    3. ඔයාට ඔය කියපු අයගේ වලිගෙ තියෙනවා කිව්වා?? ( මගේ ඉතින් කට මොකටද කියල හිතෙනවා....)

      අනේ මෙයාගේ ගණිත විනෝදෙ.... හය්යු.. හරි හරි ඕනේ එකක්!

      වගුවේ තියෙන අකුරු ටිකක් පොඩි කලානම් ලස්සනට පිටුවේ සෙට් වෙනවා. නැතිනම් එක්සෙල් වලට දාල ඉරි ගහලා ගන්නකො ටිකක් පිළිවෙලකට. මේක හරියට කුණු තක්කාලි ගෝනියට පයින් ඇන්නා වගේනේ... බලලා අවුල් වෙන්න එපා කියන්නේ අපිට ඔයාට වගේ නෙවෙයි, කොණ්ඩය තියෙන නිසා ඔලුව අවුල් වෙනවා.

      ඒ අස්සේ දැක්කේ... ඒ ලිස්ට් එකේ ලිප් බාම් තියෙනවා! අපේ පර්ස් ගැන නින්දිත කතා කියන උන්ගේ කටවල් තලන්න එපැයි!

      Delete
    4. ස්තූතියි! අනේ මගේ පරිඝනක දැනුම කොහොමද දන්නවද? මොකද අපේ කාලේ අපි ඉගෙන ගත්තෙ ගල්ලෑලෙ ගල්කූරෙන් ලියලා ඉගෙන ගත්ත අයියලානෙ. අපි ගනන් හැදුවෙ ගණිත රාමුවෙන්. එකතු කරණ්න ඉගෙන ගත්තෙ මදටියා ඔළිඳ ඇටවලින්. අපිව ඉස්සර ඉස්කෝලෙදි එක්කන් යනවා ප්‍රින්සිපල්ගෙ කන්තෝරුවට තලබණුව කනේ තියලා හඬ ඇහෙන්න සලස්වන්න.අපේ කාලෙ මුල් කාලෙ පත්තු කලෙ පෙට්‍රොල් මැක්ස් ලාම්පු. ඒකත් විශේෂ දිනයකදි. නැත්නම් කුප්පි ලාම්පු. ඉතින් අපි අතින් සිදුවෙන මේ වගේ සිදුවෙන අතපසු වීම් තරහ අවසර!

      Delete
  8. මමත් අය්යාගේ බ්ලොග් එක කියවලා මොරාල් පිට වයිෆ් ට කිව්වා "මට තනියම ලංකාව වටේ යන්න ඕනේ කියලා "අහගත්තු එක ප්‍රසිද්දියේ කියන්න ඕනේ නැනේ ......
    ඔහොම යනකොට ලය්සන් තියෙන පත්තුවෙන එකක් වත් ගෙනියන්න් ඕනේ නැතේ ....අඩුම ගැනේ රතිඤ්ඤා පැකට් එකක් වත් ....(අර ජනාදිපති උත්තමයෙකුත් කිව්වේ තමුන්ගේ ආරක්ෂාව තමුන් සලසා ගන්න ඕනේ කියල)

    ReplyDelete
    Replies
    1. ඔයා බලන්න මොටර්සයිකල් ඩයරිස් ෆිල්ම් එක. ඒකෙ 500සීසී නොර්ටන් බයිසිකලේ චේයි එයාගෙ යාලුවයි ගනන යන්න පිටත් වෙන්න කලින් තාත්තා චේගෙ අතට ගෙනත් දෙනවා රිවෝල්වරයක්. අපිට කොයින්ද ඉතින් බූල් බල්ලො?
      අපි අලි වෙඩි වත් ගෙනගියේ නම් නෑ. ස්තූතියි!

      Delete
    2. මේ බානව The Motorcycle Diaries

      Delete
  9. Replies
    1. ඊට පස්සෙ සුපර් මෑනුයි බැට් මෑනුයි හොරුටික ඇල්ලුවා.

      Delete
  10. ඇයි මාලු බාන එක තහනං කලේ ..??
    විශේෂ හේතුවක්ද ..??

    ReplyDelete
  11. තනිකරම ලෝක සාධාරණය. මෙතරම් සුන්දර වටාපිටාවක්තුල ජීවත් වන අනුන් සතු ජීවිතයක් සිතා මතාම අපගේ පෞද්ගලික අවශ්යතාවය සඳහා උදුරා ගැනීමට අපට කිසිදු අයිතියක් නැතිබව අප තුල තිබූ නිවැරදි වැටහීම!

    ReplyDelete
  12. 14 දැක්කම උඩ ගියා කෝ මේකේ Technical/ Safety Data Sheet එක කියල.. බැලින්නම් මිස් වෙලානේ හිතෂ්.. අර උණවටුනේ පින්තුරේට දාපු කොමෙන්ටෙක තේරුනෙත් නැත්තේ මේක නොකියවපු හින්ද වෙන්ට ඕනි කලිම්ම.. හරි.. දැන් වතුරට බැස්සනේ.. ඉතුරු ටික වතුරේදී කතා කරමු.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...