Thursday, September 28, 2017

52. ගඟක් දිගේ ගිය ගමනක් 10



පෙර වදනින් පසු ලියැවුනු පලමු පෝස්ටුව එනම් “ගඟක් දිගේ ගිය ගමනක් 9” ගැන මාගේ ආදරනීය පඨකයින්ගේ ගුණ දොස් තවමත් මා වෙත ලැබෙමින්ය.
ඒ බොහෝ දෙනා වෙනුවෙන් මෙතෙක් කතාව සැකෙවින් දක්වමින්ම කතාව අරඹමි.

මමත් පසිඳුත් අම්රානුත් කැළණි ගං සංචාරයෙන් පසු වෙන්වන්නේ නැවත එවන්ම වූ ගමනක් යෑමේ අරමුනින් .නැවත ගවේශනයකට යෙදෙන්නට ඟගක් සොයමින් සිටි මා දිනක් Lakdasun හි පලවූ ලිපියක් නෙත ගැටේ.
Mahaweli Expedition - Shall we do? යන මැයෙන් මෙම ලිපිය  පල කොට තිබුනේ විශ්‍රාමික ගුවන් හමුදා නිළධරයෙකුවූ ප්‍රියන්ජන් ද සිල්වා විසිනි.
මෙයට පසිඳු හා අම්රාන් තම කැමැත්ත පලකරයි. එයට වසිකද එකතුවේ.
මාගේ මිතුරෙකුවූ තෙශාන්තද එක්වේ.

මෙවන් ගමනකට වැඩි පිරිසක් ඇවැසි වන බැවින්;  Lakdasun හි Trip Invitation   එකක් මවිසින් පල කෙරෙයි.

එහි ප්‍රථිඵලයක් ලෙස ධම්මික  හා කෙන් එක්වේ.
කෙන් මෙම ගවේශනය දෙතුන් විටක් සිදුකොට කලපුරුද්දක් ඇත්තෙක් විය.

පසිඳුගේ මිතුරෙකුවූ දිමුතුද ගමනට කැමැත්ත පලකර සිටියි.
අපගේ ප්‍රථම හමුව පාර්ලිමේන්තුව ඉදිරිපිටදී 2015 ජුලි 18 වන සෙනසුරාදා  සිදුවේ.

සමබර ශක්තිමත් කණ්ඩායමක් සමග එතැන් සිට කියවගෙන යමු !

එදිනට මෙම හමුව යොදාගත්තේ නිත්‍ය පදිංචිය බණ්ඩාරවෙළ වූ ප්‍රියන්ජන් ගේ කොළඹ ගමන් හේතු කොට ගෙනය. මන්ද ප්‍රියන්ජන් හැරුණුවිට අන් සියළු දෙනාම අගනුවර අවට පදිංච් අය වූ බැවිනි. මාගේ මතකය නිවැරදි නම් මෙම හමුවට ප්‍රියන්ජන්, පසිඳු, තෙශාන්ත, ධම්මික, කෙන්  හා මම සහභාගී විය. හමුව පැය කිහිපයකට පමනක් සීමා උවද බොහෝ වැදගත් කාරණා රාශියක් මේසය මතට ගෙන  ඒමට සැමදෙන සමත් විය.
Hiking පිළිබඳව අඩු අත්දැකීම කරණකොට ගෙන මා විසින් සකසා අපගේ e-mail ජාලය හරහා ඒමේ අත පාවී ගිය යෝධ අහාර වට්ටෝරුව හකුලා ගැනීමට සිදුවීම එදින සිදුවූ වැදගත්ම සිදුවීම් වලින් එකක් ලෙස ගත හැකිය.

බොහෝ දෙනා කෙන්ගේ සම්ප්‍රාප්තිය අගයකොට සැලකූ අතර දුටුවන් ප්‍රිය උපදවන සුළු ශක්තිමත් දේහ විලාශයකින් යුතු කුඩා තරුණයෙකු විය. වයස අවුරුදු 17 ක් 19 ක් පමන විය. නොඋස් ය. මෙම තරුණයා ගෙන් අපගේ කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් විවිධවූ ප්‍රශ්න අසමින් ගැටළු නිමාකර ගනිමින් සිටියද; මා සිතාමතාම ඉන් වැලකී සිටියෙමි. එයටb ප්‍රධාන හේතුව වූයේ; මාහට  තිබුනු එකම ගැටළුව විවෘථව කථාකොට; එතෙක් අන් අය තුල නොතිබුනු ගැටළුවක් නිර්මාණය වනු දැකීමට තිබුනු අකමැත්තය.

ඒ අනෙකක් නොව කිඹුලන් පිළිබඳව මා සිත තුල තිබුනු  දැඩි බිය ය. මාතුල තිබුනු එම හැඟීම අනෙක් සාමාජිකයින් ඉදිරියේ සඟවාගෙන සිටීමට මා සැමවිටම උත්සාහ කලෙමි. එය; ඒ ආකාරයෙන්ම අන් අය තුලද ඇතිවුවහොත් මේ ගමන කිසිදු දිනෙක යාමට සිදු නොවනු ඇතැයි මා තුල  අනියත බියක් පැවතීම මෙයට ප්‍රදාන හේතූව විය !

එහෙත් එදින එතැන පැමිණ සිටි අප සාමාජිකයින් කෙන් සමග දොඩමළු වෙමින් තමාගේ සිතේ අඳුරු මුළුවල තිබුනු නොයෙක් නොයෙක් අදහස් එළියට ඇද දමද්දී  බොහෝ දෙනා තුළ “කිඹුල් ගැටළුව” දැඩි ප්‍රශ්ණයක්ව තිබුනු බව මාහට ප්‍රථ්‍යක්ශ විය.

“කිඹුල්ලු ඉන්නවා , අපිට කියලා තියෙන්නේ Team එක එකටම යන්න කියලයි ”  මේ කෙන් ගේ පිළිතුර විය.



මෙහි  Team යන්නෙන් ඔහු අදහස් කලේ Borderlands නම් අයතනය මගින් මුදල් අයකොට රැගෙන යන සංචාරක කණ්ඩායම්‍ය.

මෙම  Mahaweli Expedition නමැති සුන්දර  ගමන් සංචාරය කරණ ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවේ පවතී. ඉන් ප්‍රදාන තැනක් ගෙන කටයුතු කරණ්නේ කිතුල්ගල හා කිරුළපන ස්ථානයන්හි පවත්වාගෙන යන  Borderlands ආයතනයයි. මෙය  නේපාලය හා ලංකාව පාදක කරගෙන තම ව්‍යාපාර කටයුතු කරණ ආයතනයකි. විදේශිකයෙකු විසින් කිතුල්ගල White water rafting සඳහා යටිතල පහසුකම් සැපයීම හා සංවිධානය කිරීමට පටන් ගත් මෙම ආයතනය විසින් Mahaweli Expedition නම් මහවැළි ගඟ දිගේ කරගෙන යනු ලබන මෙම සංචාරය දැනට වසර ගනනාවක සිට  කර ගෙන යනු ලබයි. 

සංචාරය සඳහා සහභාගී වන කණ්ඩායමට ඇවැසි ආහාරපාන, කූඩාරම්, ආරක්ෂාව, ප්‍රථමාධාර, කැනූ හෝ කයාක , උපදේශනය ඇතුළු සියළු දේ මෙම ආයතන වෙතින් සැපයීම කරණු ලබයි. පුහුණුව ලත් කණ්ඩායමකගේ උපදේශනය යටතේ මේ සඳහා අධික මුදලක් අය කරණු ලබයි.
සංචාරක කණ්ඩායමේ යටිතල පහසුකම් සැලසීම සඳහා; මෙම පුහුණු යැයි කියාගන්නා උපදේශකයින් Instructors  හා පහසුකම් සලසන්නන්  Facilitators ඔවුන් හා ගමන් කරයි. ඒ වෙනුවෙන් ඔවුන් වෙනම ම කයාක හා රබර් ඩින්ගි (Rubber Dingy)   භාවිතා කරණු ලබයි.

කණ්ඩායමට ඇවැසි සියලුම  දේ මේවායේ ප්‍රවාහනය කෙරේ.
අප හා එක්වූ  කෙන්ද  Borderlands හි මෙවන් කණ්ඩායමක සේවය කොට ඇතිබව කෙන්ගෙන් කියැවුනු අතර Borderlands හි ප්‍රධාන  උපදේශක මහේෂ් විසින්ද තහවුරු කෙරුණි. ඒ මා එදින ඔහු ඉදිරියේම මහේෂ්ව ඇමතූ විටය.
මහේෂ් කලෙක සිට මාගේ මිතුරෙකු විය. මේ මිත්‍රත්වය නිසාම ඔහු තම අත්දැකීම්  දූරකථන මාර්ගයෙන් මාවෙත  ලබාදුන්නේ නිර්ලෝභීවය. ඔහුගෙන් මා අසන සුවහසක් ප්‍රශ්න වලින් දිනක් හොඳින් හෙම්බත්වී එක් අවස්ථාවක මාහට පැවසූයේ “හරි උඹ යන්න  set  වෙලා මට කියහංකො. මට වැඩක් තිබුනේ නැත්නම් One Man  එකක් දාගෙන මාත් එන්නම්කෝ !”  කියාය. One Man යනු One Man Kayak හෙවත්  Solo Kayak එකක්‍.
මේ  ප්‍රකාශය මට මහත් අත්වැසිල්ලක් වුවත් වසර පුරාවටම කිතුල්ගල   White water rafting, නැතිනම් මහියංගනයේ Mahaweli Expedition ඒත් නැත්නම් දකුණු මුහුදු තීරයේදී Ocean safari වැනි අටෝරාසියක් වැඩකටයුතු වලට  ස්වකීය රැකියාවෙන්ම ඇති මහේෂ්ගේ නිවාඩු දිනයක්; අපගේ කණ්ඩායමේ එක් එක් අයට ගැලපෙන ලෙස මහවැළි ගවේශනය සඳහා යොදාගන්නා දිනයක් හා කැලැන්ඩරය මත එක මත එක සමපාත වීම කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලා පසලොස්වක සඳ දකින්නාසේ අතිශයින්ම දුර්ලභ යෝගයක් වන බව මාහට හොඳින් ප්‍රථ්‍යක්ශවී තිබුනි.

එහෙත් මා ; මාහටත් පොදුවේ කණ්ඩායමටත් දන්වා තිබුනේ මහේෂ්ගේ පැමිණීම ස්ථිර ලෙසය! මන්ද එමගින් මගේ සිතටත් පොදුවේ කණ්ඩායමටත් ඇතිවන ශක්තිය, ධෛරයය මිළකල නොහැකි එකක් වනවා යැයි  මාහට සිත්වුනු හෙයින්‍ !
මහේෂ්ගෙන් මා කෙන් ගැන විමසූ විට ඔහු පැවසූවේ කෙන් “වැඩ්ඩෙකු” බවයි. මෙවන් ගමනකට “වැඩ්ඩන්” වැඩි වැඩියෙන් අවශ්‍ය වේ. කෙන් හැරුණු කොට කයාක පැදීම පිළිබඳව තරමක හෝ පළපුරුද්දක් වූයේ පසිඳුටත්, අම්රාන්ටත්, මටත් පමනි. මේ සියළු කරුණු පිළිබඳව කතාකෙරුණු පළමු දියවන්නා කථිකාව අවසන්වූයේ  විසඳා ගත යුතු  කරුණු  කිහිපයක් හඳුනා ගැනීමෙන් හා එකඟතා කිහිපයකට එළඹීමෙන්  පසුවය.

1. ඒවන විට මවිසින් සකස්  කොට තිබුනු අපගේ ගමන් බඩු ලැයිස්තුව නැවත විමසා බලා  සකස් කිරීම.
2.  අපගේ අහර වට්ටෝරුව නැවත සැකසීම.
3. අප ගමන ආරම්භ කරණ දිනයේ උදෑසන හා එදින දිවා ආහාරය මහියංගනයෙන් සපයා ගැනීම.
4.  අපට කුළියට ගැනීමට  අවශ්‍ය කයාක සියල්ල හැකි ඉක්මනින් වෙන් කර ගැනීම.
5.  ගමනට සහභාගීවන අප කණ්ඩායමේ උන් කයාක පිළිබඳව එතෙක් කිසිදු කලපුරුද්දක් නොමැතිව සිටි ප්‍රියන්ජන් , තෙශාන්ත, දිමුතු හා ධම්මික වෙත හැකි ඉක්මනින් පුහුණු සැසියක් පැවැත්වීම.

මේ වන විට අප කණ්ඩායම; ප්‍රියන්ජන්, තෙශාන්ත, පසිඳු, දිමුතු, අම්රාන්, ධම්මික, කෙන්, වසික හා මමද ඇතුළුව 9 දෙනෙකුගෙන් සමන්විතවී තිබුනි.
මෙම කණ්ඩායම; ප්‍රියන්ජන් - වසික, පසිඳු - දිමුතු, අම්රාන්-ධම්මික  හා තෙශාන්ත හා මම; යුගල හතරක් ලෙස Two Man Kayak හතරක්ද කෙන් තනිව One Man Kayak එකක්ද යනුවෙන් කයාක පහක් මෙම ගමන යන්නට උපයෝගී කර ගැනීමට  අප සැලසුම් කර කලෙමු.

ප්‍රියන්ජන් හට පිහිනීමේ හැකියාවක් නැති අතර ඔහු යුගල ගත  කලේ පිහිනුම් ශූරයෙකු මෙන්ම  ජීවිතාරක්ෂකයෙකුවූ වසික සමගිනි.  “ප්‍රියන්ජන් අංකල්ගේ” කථා ඇසීමට ලොල්වූ නිසාත් වගකීම් දැරීමට ඇති ලෝභකම නිසාත් වසික මෙයට විශේෂයෙන්ම කැමතිවිය.  එසේම ශරීර ශක්තිතියෙන් වසිකගේ ඇති කැපී පෙනීම; මා හා සම වයසේ උන් ප්‍රියන්ජන්හට වඩාත් ප්‍රයෝජනවත් වේ යැයි මා මෙන්ම වසිකද එකසේ සිතීය.
පසිඳු - දිමුතු කණ්ඩායම ගත් කල පලපුරුදු “නාවිකයා” වූයේ පසිඳුය. දිමුතු පසිඳුගේ මිතුරාය. පසිඳු; මා සමගින්  කැළණි ගඟේ හක්බෙල්ලාවක සිට රංවල දක්වා පැමින පලපුරුද්දක් ඇති අයෙකි. දිමුතු හා පසිඳු එක් යුගලයක් බවට පත්කලේ එම කාරණා හේතුකොට ගෙනය.
අම්රාන් - ධම්මික එක් ගොනුවක් බවට පත්කලේද එම සිද්ධාන්තයට අනුවය.
කලක සිට තෙශාන්ත මාගේ මිතුරෙකු විය. අප දෙදෙනා අතුරින්  මෙම කාර්‍යයේ වැඩි පලපුරුද්දක් හා පිහිනීම හා ජීවිතාරක්ෂක ගලවා ගැනීම පිළිබඳව තරමකහෝ හැකියාවක් ඇති අය මා බැවින් අපදෙදෙනා එක කයාකයේ දෙකෙලවර පදින්නට එකඟ විමු.
කෙන් වඩාත් පලපුරුද්දකට හිමි දක්ෂයාය. හදිසි අවස්ථාවකදී කිසිවෙකුවෙත ලඟාවීමට හා ගලවා ගැනීමට ඔහු වෙත පුහුණුවක් තිබිය යුතුය. එහෙයින් One man හෙවත්  Solo කයායයක් සහොතව ඔහුව මෙම ගමනට එක් කරගැනීම වඩාත් ස්ථානෝචිත විය. එසේම කණ්ඩායම 9 ක් වන හෙයින් එක් අයෙකු අනිවාර්‍යයෙන්ම  තනිව Solo එකක  පැමිණිය යුතුම විය. ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා වූයේ මේ බුහුටි තරුණයාමය!

අප ගමනරම්භය සඳහා තෝරාගැනීමට බලාපොරොත්තු වන්නේ; බොහෝ දෙනා මෙන්ම මහියංගනයේ නිපෝන් නොහොත් සකුරා පාලම පාමුලින්ය. ගමන සඳහා යොදාගන්නා කයාක කොළඹ සිට මහියංගනයට      ප්‍රවාහනය කරගතයුතුවේ. නිරුපද්‍රිතව අප මනම්පිටියට ලඟාවුවහොත් නැවත මනම්පිටියේ  සිට කොළඹට මේ සියල්ල නැවත ගෙන ඒමට ක්‍රමෝපායයක් අපට අව්ශ්‍ය විය.

මා කලින් සඳහන් කල Borderlands, Lanka Adventures වැනි ආයතන මගින් විශාල මුදලක් අයකොට කරණු ලබන යටිතල පහසුකම් සැලසීමේදී මෙවැනි ප්‍රවාහන කටයුතු    කිරීමට වෙනම කණ්ඩායම් හා ඒ සඳහා විශේෂයෙන් සැකසූ රථ යොදාගනු ලබයි.

මේ ගමන වෙනුවෙන් දින 3 ක් සඳහා ලොරියක් අවශ්‍ය වූ අතර ඒ ගැන සොයා බැලීම තෙශාන්ත භාර ගත්තේය. කොළඹසිට මහියංගනයටත් එහිසිට මනම්පිටියටත් මනම්පිටියේසිට කොළඹටත් යන මුළු ගමන් ගමන් කරමින්; දින තුනක් පුරා රැඳෙමින් සේවය සැපයීමට ලොරිහිමියෙකු රුපියල් 50,000 ක මුදලක් අවශ්‍ය බව පැවසූ බව තෙශාන්ත මාහා පැවසීය! 
එම මුදල ‘ අපක්ණ්ඩායමේ එක් අයෙකු සමස්ථ ගමන සඳහා යෙදවිය යුතු මුදල රුපියල් 5500 කින් ඉහල දැමීමට හේතුවිය ! එයට අමතරව අහාර , කුලී පදනම මත ලබාගන්නට බලාපොරොත්තුවන කයාක සඳහා ගෙවිය යුතු  මුදල් , මගවියදම් සියල්ල ගනනය කලවිට; එක් අයෙකුට දැරිය යුතු මුදල විශාල අගයකට ඉහල නැංවීමට මෙම අගය සමත් විය.

නිශ්චිත වශ්යෙන්ම අපගේ කයාක් ප්‍රවාහනය ඇතුළු සමස්ථ වියදම කොතරම්වේදැයි ගනනය  කිරීමට අපට සැලකිය යුතු කාලයක් ගතවිය.මෙම ප්‍රවාහන කටයුත්ත සඳහා දැරිය යුතු වියදම සොයා බැලීම, අහාර වට්ටෝරු සොයාබලා එය නැවත සකස් කිරීම හා අවශ්‍ය ද්‍රව්‍යය ලැයිස්තුව සැකසීම, මහියංගනයෙන් උදෑසන අහාර සපයා ගැනීමට ස්ථානයක් සොයා බැලීම හා ඒ සඳහා වැයවන මුදල අප වෙත  දැන්වීම   යන කාරණා පැවරී තිබුනේ තෙශාන්ත මුල්කිරිගල වෙතය. ඇත්තෙන්ම එය ඔහුවෙත අප විසින් පැවරීමක් නොව ඔහු විසින් පවර ගැනීමක් විය! 

එහෙත් එම දිනවල තෙශාන්ත වෙත් ඔහුගේ කාර්‍යාලයයෙන් පැවරී තිබුනු වැඩ අධික බව හා ඕනෑම කටයුත්තක් අන්තිම මොහොතේ කුමන අකාරයකින් හා කුමන තත්ව මට්ටමකින් ඉටුකොට ගැනීමටත්  ඉන් සෑහීමකට පත්වීමටත් තිබුනු හුරුව නිසාත් තෙශාන්තගෙන් කණ්ඩායම වෙත අව්ශ්‍ය දත්ත සැපයීප සඳහා ගතවූ කාලය තරමක් අධික විය.

මෙය කෙන් සහ වසික වැනි; ඒ වන විටත් අධ්‍යාපනයේ නියුතු අයහට  තරමක ගැටළුවක් විය. තමන්ට ස්ථිර හෝ අස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ඔවුන් හට පමනක් නොව ඔවුන්ගෙ දෙමාපියනටද මෙය ප්‍රශ්නයක් වූවාට සැක නැත!
මේ කාලය වන විට අප කණ්ඩායම අතර දිනපතා e mail පණිවිඩ සංසරණය වූ අතර ඒවාට නිරන්තරයෙන්  පිළිතුරු සැපයීම, අළුත් අදහස් මගින් කණ්ඩායම පෝෂනය කිරීම සිදුවූයේ පසිඳු, තෙශාන්ත හා ප්‍රියන්ජන් වෙතින් පමනි. අපගේ කණ්ඩායමේ අදරනීය අනෙකුත් ලිපිය  කියැවූ බවවත් දන්වා  එවීමට කාරුණික නොවීය!

අප අපගේ ගමන සඳහා අගෝස්තු මාසය පසුකොට දිනයක් යොදා ගැනීමට  හේතුවූයේ එවකට පාසල් සිසුවෙකුවූ වසිකගේ උසස් පෙළ විභාගය අවසන් වන තුරු බලාසිටින්නට සිදුවූ නිසාය.

පෙර මා සඳහන් කල පරිදි 2015 ජුලි 18 දින සිදුවූ අපගේ ප්‍රථම හමුවෙන් පසු දිනෙක ප්‍රියන්ජන් විසින් ලියන ලද  e- mail පණිවිඩයක් අපවෙත ලැබුනි. කලෙක සිට ඔහුගේ සිතේ පැවති සිහිනය අපවෙත කියා පෑවේය. එයට අනුව ඔහුට මෙම මහවැළි චාරිකාව සිදුකිරීමට අවශ්‍යව තිබී ඇත්තේ කිරිගල්පොත්තේ  සිට තිකුණාමළයේ කොඩ්ඩියාර් බොක්ක දක්වා අදියර තුනක් යටතේය. 
ඉන් පළමු වැන්න කිරිගල්පොත්තේ සිට මහියංගනය දක්වා පාපැදියෙන්ද; මහියංගනයේ සිට හැකි උපරීම දුරකට යාත්‍රා මගින්ද; අවසාන කොටස පාගමනින්ද අවසන් කිරීමට නිම කිරීම මේ අපූර්ව සිහිනය විය. 
දැනට ඔහු අප හා එක්වන්නේ එහි මැදි කොටස සම්පූර්ණ කරගැනීමට වන අතර ඉතිරි කොටස් දෙක සඳහා එක්වන ලෙස විවෘථ ආරාධානයක් අප කණ්ඩායම වෙතටද එවා තිබුනි!
මේ වන විට කයෑක් සම්බන්ධයෙන් මා සතුව තිබූ සියළු ලිඛිත දැනුම අප කණ්ඩායමේ අන් අය අතර Scan කොට යවමින් විය. අභාග්‍යයකි! ඒවා ඔවුන් වෙත ලැබුනු බව; මා අද වනතුරාවට දන්නේ නැත.

මේ වන විට රජ රටට එනම් වියළි කලාපයට ; මෝසම් සුලං සක්‍රීය වීමට ආසන්න වීමත් ; සංවහන වැසි අතරින් පතර වැසීමත් සිදු වෙන්නට පටන් ගනිමින් විය.

2015 අගෝස්තු මස 26 වන දිනය වනතුරු ද වියදම් සටහන සැකසීම භාරගෙන තිබූ තෙශාන්ත මුල්කිරිගලගෙන් කිසිදු ප්‍රථිචාරයක් නොවීය.
කුලී පදනම මත සපයා ගතයුතුව පැවති කයාක පිළිබඳව සම්බන්ධීකරණය කිරීමට පසිඳු පටන් ගෙන තිබුනි. මේ වන විට දිමුතු පසිඳු සමග තම පුහුණු සැසිය සාර්ථකව පවත්වා තිබුනි. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන තිබුනේ කරවනැල්ලත් යටයන්තොටත් අතර පිහිටි කබුළුමුල්ලේ ඉපැරණි පත්තිනි දේවාලය අසල තොටුපොලය.

ඒ වනතෙක්  ප්‍රියන්ජන්හට පුහුණුවක් ලබා ගැනීමට අපොහොසත් වූයේ ඔහු මේ අතර කාලය තුල අගනුවරට නොපැමිනීම හා පැමිණියද ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට ඔහුට නොහැකි වීම නිසාය.

සැප්තැම්බර් 10 වන විටත් ගමනට ගතවන වියදම; කණ්ඩායම වෙත දැනුම් දීමට අප අපොහොසත් විමු. අම්රාන් අතාස් මාවෙත ඊ මේල් පණිවිඩයක් එවමින්; එළඹෙන සඳුදා දිනයේ එනම් සැප්තැම්බර් 14 වන විටදීවත් වියදම පිළිබඳව දළ අදහසක් හෝ අබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

සැප්තැම්බර 12 වන දින අපවෙත දීර්ඝ ලිපියක් ලියන ප්‍රියන්ජන්; අපගේ ආහාර වට්ටෝරුව හා ගෙන යාමට නියමිත බඩු බාහිරාදිය විශේෂ කරුණු රාශියක් ගොනුකොට තිබුනි. 
අංක 8 ක් යටතේ වැදගත් කරුණු  රාශියක්  එක් කල තිබූ අතර අවසානයේ එහි අන්තර්ගතය වූයේ කාලය ගතවන, බර වැඩි වෙන, වැඩි ඉඩක් ගන්නා අහාර වට්ටෝරු වලින් මිදී; සමපෝෂ, මැගී නූඩ්ල්ස්, වැනි සැහැල්ලු අහාරයකින් සංතෘප්තවී මෙම ගමන යන්නේ නම් බොහෝ කාලය  හා ශ්‍රමය  ඉතිරිවන බවත්ය.  
මෙය ඉතා වැදගත් අදහසක් බව අදද මාගේ පිළිගැනීම වන්නේය. මන්ද ඔහු හැරුණු විට කිසිවෙකු වෙතින් ඒ වනතුරු   එවන් අදහසක් ඉදිරිපත් නොවීම නිසාය. ඔහුගේම වචන වලින් කියනවා නම් "බරපතල ඉහුම් පිහුම් කටයුතු වලින් " වැලකී සිටීම ප්‍රඥ්ඥා ගෝචර බවය. 
මෙවැනි චාරිකාවක් සඳහා තමන් සතු දැනුම අල්ප බව නිහතමාණීව පිළිගන්නා ප්‍රියන්ජන්; මේ සම්බධයෙන් සිතන්නට අපට ඇරයුම් කොට තිබුනේය. ඔහුගේ එම අදහස එතෙක් පැවති අපගේ සැලැස්ම වෙනත් මගකට යොමු කිරීමට සමත් විය. එදිනම එම යෝජනාව පසිඳු වෙතින් ස්ථිර වී තිබුනි.

ඒ වන විට තෙශාන්තගේ මිතුරෙකු විසින් මහියංගනයේ පවත්වාගෙන යන ද නෙස්ට් නම් වූ කුඩා අවන්හලෙන් අපට අවශ්ය  උදෑසන  හා දිවා අහාර ලබාගත හැකි බවත්   වස්ගමුව කැලය මැද ගතකරණ රාත්‍රියේ අහාර සඳහා  BBQ කරගැනීමට අවශ්ය කිලෝ හතරක්වූ කුකුළු මස් තොගයද කුළු බඩු යොදා පදම් කොට සකස් කොට සැපයීම ඇතුළු සියල්ල සඳහා ඔවුන්ගේ අයකිරීම රුපියල් 7000 ක් බවත් තෙශාන්ත  අපව දැනුවත් කලේය. මෙය ඉතා සාධාරණ මුදලක් වන බැවින් එයට  අප බහුතරයේ කැමැත්ත හිමිවිය .

තවත් දින කිහිපයක් ගතවෙත්ම මාහටද රුපියල් 30000 කට ට්‍රක් රථයක් සොයා ගැනීමට හැකිවිය. ඒ කඩවතින්ය. සැප්තැම්බර් 18 ප්‍රියන්ජන් නැවත කොළඹ පැමිනීමට යොදාගෙන තිබුනි. ට්‍රක් රථය රුපියල් 28000 කට සැපයීමට ලොරි හිමියා  එදින මා සමග එකඟ විය. සැප්තැම්බර් 19 හො 20 උදෑසන නැවත ප්‍රියන්ජන්, තෙශාන්ත,  අම්රාන්, වසික හා මා දියවන්නාව අසල පුරුදු සෙවනේදි හමු වුනෙමු. අම්රාන් එම ස්ථානයට පැමිණියේ ඔහුගේ Trek පා පැදියෙන්ය. තෙශාන්ත ඔහුගේ XR 250 යතුරු පැදියෙන් එහි පමිනියේය. අප බොහෝ වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිට වෙන්වූයේ ඉතිරි දින කිහිපය තුලදී මහියංගනයේ නිපෝන් පාලම අසලදී හමුවන බලාපොරොත්තුව හිත තබාගෙනය.

ඊට දින කිහිපයකට පෙර ප්‍රියන්ජන් තම හිතමිතුරු යොහාන්ගේ සහයෙන් කයාකයක් පැද කිසියම් හුරුවක් ලබා ගත් බවද හේ සිනහ වෙමින් පැවසීය.
සැප්තැම්බර් 22 ව්න විට අප ගේ සැලැස්මේ උච්ඡතම ස්ථානයට පත්ව තිබුනි.
 තවත් කල් ගතවුව හොත් වැසි පටන් ගැන්ම සමග අපගේ සැලැස්ම තවත් මාස 6 කින් හෝ වසරකින් පමා කරණ්නට සිදුවනු ඇත!

අප සියළු කටයුතු සැලසුම් කරගෙන දිනය යොදා ගැන්මට වඩා දිනය සැලසුම් කරගෙන එයට අදාල වන සේ අනෙකුත් සියළු කරුණු  සකසා ගැනීම වඩාත් සාර්ථක බව තෙරුම් ගනිමින් විය.
අප දිනය ස්ථිර කර ගත්තෙමු!

ඔක්තෝබර 2 , 3 , 4 මේ සඳහා යොදා ගැන්මට අප එකඟ විමු!




40 comments:

  1. පීනන්න බැරි කෙනෙක් මේ වගේ ගමනක් යන වගක් ඇහුවමයි.
    දිගටම යමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ මගේ හීනියට යන බ්ලොගය ලියන්නට හේතුවුනේ "නොහැක්කක් නොමැත" කියන එක තේරුම් කරණ්න.
      ඔය හැමදෙනාම ඔබ මා වැනි ඉතා සාමාන්ය අය.ඔතන හයේ හතරෙ උන් නැහැ.
      ජල ක්‍රීඩා වල එක දෙයක් විතරයි පිහිනීම.
      මා දන්නා තරමින් මුලු ලෝකයම පිළිගත් PADI -Professional Association of Diving Instructors නම් වූ කිමිදීම පිළිබඳ සහතිකය ගන්නටත් අව්ශ්ය වන්නෙ මීටර 400 ක් පිහිනීමට ඇති හැකියාව විතරයි! ( ඒක මගේ Bucket List එකේ තියෙන තවත් එක් සිහිනයක්!)
      ස්තූතියි නැවතත්!

      Delete
  2. Replies
    1. බොහොමත්ම ස්තූතියි!
      හැබැයි මට අවශ්ය වනදේ පෝස්ටු 10 ක් ලියලත් උනේ නැහැ.
      ඒ මොකද්ද දන්නවද? නෑනෙ නේද!?
      මෙවා කවුරු හරි කරණ්න ඕනෙ. රෑ එළි වෙන කම් ලියන්නෙ තව කාට හරි රෑ එළි වෙනකම් කියවලා "මරේ මරු!" කියලා කොමෙන්ටුවක් දාගන්නනම් නෙවෙයි. ( ඒකෙත් පොඩි ගතියක් නැත්තෙම නෑ!)

      වෙන්න ඕනෙ "කියපන්කො අයියෙ අපිටත් හීනියටකයාකින් පාරක් කරණ්නේ කොහොමද කියලා අහන එක!
      කයාක් එක නිකං දෙන්නම්. හක්බෙල්ලාවක මගේ ඔය මඤ්ඤං වැඩ වලටම හදාපු පොඩි joint එකකුත් තියෙනවා නම් , කිසිම වියදමක් නැතුව රුපියල් පන් හයදාහකට විකුණන Package එකක් නිකං දෙන්න හදන කොටවත් ඒක කොරලා බලන්නෙ නැතිව "මරේ මරු !" කීවට හරියනවද කියපංකො නංගියේ?
      අනික මම අජිනො මොටෝ දදා ලියන්නෙ අමූලික ඇත්තද? නැතිනම් පට්ටපල් සත්යයද? කියලවත් බලන්න ඕන උනේ ටික්කාටයි බන්ඩාටයි විතරයි!
      මොනවා උනත් ඔයා මට වැදගත් සෑම දිනෙකම අපේ ගේ ඉස්සරහින් මට ගුඩ් මෝනින්! කියාගෙන යන මිසිස් රොඩ්‍රිගෝ නෝනා වගේම!
      දැන් සියලු වැඩ නවත්තලා අහන්න එපා "කවුද යකෝ ඒ කියලා?" දෙන්න තියෙන සරළම උත්තරේ තමයි ඒමැරිච්ච් රොඩ්‍රිගෝ මහත්තයගෙ පවුල කියන එක!
      ස්තූතියි නැවත නැවතත්!

      Delete
    2. ඈ බොලේ... නියමයි කිව්වේ නියම නිසා..

      හැබෑටම තට්ටයෝ.. මේකයි වැඩේ.. මට තියෙනවනේ ලෙඩක් ( ඒක නෙවෙයි අනේ.. මේක වෙන එකක්) ලෙඩේ ස්වභාවය අනුව මේ වගේ එව්වා කියෙව්වම අර බෙර සද්දේ ඇහිච්ච යකදුරා වගේ පරල වෙලා ඊට පස්සේ හිටන් මේ පිස්සුව පටන් ගන්නවා තදේටම. මගේ ඔලුවේ තියෙන ෆැන්ටසි ඇහුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙට මිසයිල් එවයි. මේකට දිගට උත්තර ලියන්නේ නැත්තේ රෝගේ උත්සන්න වෙන හින්දත්, අපේ කොමෙන්ටු කාරයින්ට විහිළු සපයන්න ඕනේ නැති නිසාත්.

      කෙටියෙන් පවසන්න කියලා දන්නෙත් නැහැනේ! නියමයි කිව්වේ සිරාවටම නියම හින්ද අය්යෝ... දිගට ලියලා නම්බු කටුව මක්කා හරි මෙව්වා වෙයිද?

      [කයාක් එක නිකං දෙන්නම්.]
      [Package එකක් නිකං දෙන්න හදන කොටවත් ඒක කොරලා බලන්නෙ නැතිව "මරේ මරු !" කීවට හරියනවද කියපංකො නංගියේ? ]

      ඔය.. ඔය.... මේවා ඇහෙනකොට මද දැන් බෙර සද්දේ ඇහෙනවා.. ඇහෙනවා.. ඇහෙනවා වගේ......

      Delete
    3. p.s.
      හෑ ! බොලා එහෙනම් මාව අර රොඩ්‍රිගෝ මහත්තයගෙ පවුල වගේද දැක්කේ?? තට්ටේ පරිස්සමෙන් පුතෝ... හුහ්

      Delete
    4. එළ! එළ!!
      "කියන්න කයනදෙයක් ඇයිද ඉන්නෙ තාම බලා කියලා!"
      මහා දාර්ශණිකයෙකුත් කියලා තියෙනවා මොහිදීන් බ්‍රේක් කියලා!

      Delete
    5. රොඩ්‍රිගෝ නොනාව දැක්කනම් ඔහොම කියන එකක් නැතෝ!
      ඔය අසනීප කියන දේවල් තියා ගන්න හොඳ නෑ!
      පස්සට බල පාන්න පුළුවං. ඒක නිසා ඉක්මනට සනීප කරගමු!

      Delete
    6. කවුද ඕව කරල බලන්න අකමැතියි කිවුවෙ. මටනං වෙලා තියෙන්නෙ වෙලාවක් හොයාගන්න බැරි එක. තව අවුරුදු හතර හමාරකින් පස්සෙ විතරනං ජීවත් වෙලා හිටියොත් වැඩේට සෙට් වෙන්න පුලුවන්.

      Delete
    7. අනිවා මමත් හිටොයොත් ඔය කාලෙ වෙනකල්
      " කොලමු බොලං කයාකිං"!
      ( ඒ කාලෙ වෙනකොට දත් හැලිලා ඔහොම තමයි කතා කරන්නේ!)

      Delete
  3. සැක් ...
    කියෝනකොට ආසාවෙ බෑ ...
    මං හිතන්නෙ ගමන යනවට වඩා ප්ලෑන් කරන්ඩ අමාරුයි වගේ නේ ..?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇනෝ මල්ලි ඒක තමයි අමාරුම දේ. වැඩක් කොරණ්න කලින් ප්ලෑන් නොකරණවා කියන්නෙ වැඩේ නොකෙරෙණ්න ප්ලෑන් කරණවා කියන එකමයි. සමහරුන්ට ප්ලෑන් කරණ එක ඇලජික්! ඒත් දෙවන මහ ලොඅක යුද්ධයෙදී මිත්‍ර හමුදාවන්ගෙ ඒකබද්ධ අනදෙන නිළධාරී ඩ්ව්යිට් ඩ් අයිසන්හවර් කියනවාPlane are nothing ; Planning is every thing කියලා. බලන්නකො අන්තිමට වෙන දේ!

      Delete
  4. ගඟේ යන්න විඳින දුකක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අහලා නැද්ද " සබ්බේ පෘතග්ජනා උම්මත්තකා" කියන එක!
      ස්තූතියි නැවතත්!

      Delete
  5. මේකේ මුල් කොටස් හතර ගිය සතියේ කියෙව්වේ .. අද පහේ ඉඳං එක දිගට කියෝලා ඉවර කරේ දැං.. හුටා පාංදර දෙක හමාරයි වෙලාව.. හෙට වැඩ යකෝව්.. කොමෙන්ට් පසුවට.. ගුන් නයිට්.. හැපි ක්යාකින්..

    ReplyDelete
    Replies
    1. මේ බුදු මිත්‍රයෝ! වැඩට යන එක නම් අනිවාර්යයෙන්ම කෙරෙණ්න ඕනෙ දෙයක්! ඒක නෙවෙයි සයිකලය ගත්තාද?

      Delete
  6. ඔය කායක් කියන අයිටම් එක පදින එක අමාරු වැඩක්ද?
    ආයෙ උනක් හැදීගෙන එනව වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මද්දො! හැබැයි ඕව කරණ එවුන් නම් පෙන්වන්නෙ මේව මහ ලොකු දේවල් කියලා!
      හැබැයි හරියට ප්ලෑන් කරණ්න ඕනෙ! එච්චරයි . ඒකෙත් මහා ලොකූ විද්යාවක් නැහැ.
      මගේ මේ පෝස්ටු ටිකෙන් මම බලා පොරොත්තු වෙන්නේ මගේ ජලාබුජ ජීවිතයේ මා ලබපු අත් දැකීම් ඒ ආකාරයෙන්ම බලන කියවන අයට ලබා දෙන්න. ඒ මා විඳි සුන්දර දේ අන අයත් විඳිනවා දකින්න!
      නීරස උනත් කියවගෙන යන්න. ඔක්කොම තියරිය ඔතන තියෙනවා අඩු පාඩු නැතිව. ගුරු මුෂ්ඨි නෑ! සියල්ල එකසේ සැමට එකවර!
      සමහර මා පලමුව දකින ,දැනෙන අත් දැකීම් මා විස්තර කරලා තියෙන්නේ පසුව බොහෝ වාර ගනනක් ඒ දේම කරණකොට ලැබුනු පරිචයෙන්!
      මේවා පොඩි වැඩ ; මහපාරෙ ප්‍රයිවෙට් බස් අස්සෙ මොටර්සයිකල් පදින තරම් අමාරු නෑබං!

      මොකද ඉරි කැපුවා, හයි ස්පීඩ් ගියා කියලා අල්ලන්න රාළහාමිලත් නෑනෙ!

      Delete
    2. ආයෙ එකක් යද්දි මද්දටත් කියන්න යන්න සුදුසු වටපිටාවක් හා ආර්තික තත්වයක් තිබ්බොත් මද්දත් එන්නම්.

      \\මොකද ඉරි කැපුවා, හයි ස්පීඩ් ගියා කියලා අල්ලන්න රාළහාමිලත් නෑනෙ!\\
      එකෙක් 10 වෙනිද උසාවි හික්ස්!

      Delete

    3. ලොකු සීන් එකක් නෑ. අපි හබෙල්ලාවක ගිහින් පොඩි කයාකින් පාරක් දාමු! එන මාසෙ (ඔක්තෝබර්) පොඩ්ඩක් වැඩ වැඩියි . ඒක පහුවෙලා කරමු. ලොකු ගමනක් යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් පැදල බලමු!

      Delete
  7. නවල් එකක් කියවනවා වගේ හරිම රසවත් විදියට ලියලා තියෙන්නේ. ඇත්තටම කියවන්න හරිම ආසයි. මම හිතන්නේ පොතකුත් ලියන්න බැරිවෙන එකක් නෑ නේද? මටත් හරිම ආසයි ගගක් ලග කැලෑවක කුඩාරමක් ගහලා ඉන්න. හැබැයි යාලුවෝ ටිකකුත් එක්ක. ඒක අමතක නොවන දවසක් වේවි. හීනේ හැබෑවෙයිද මන්දා. දිගටම ලියන්න. ගොඩාක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මේක ලිව්වේ පොතක් හැටියට පල කරණ්න හිතාගෙන. පස්සෙ මම හිතුවා පොතක් හැටියටපල කරොත් කීයෙන් කීදෙනාද කියවන්නේ කියලා.
      පොතට ලියපු අත් පිටපත තමයි මේ ටයිප් කරකර පෝස්ටු හැටියට පල කරණ්නේ!

      ගඟක් අයිනෙ කෑම්පින් කරණ එක අන්තිම සුපිරි තමයි.
      මගෙත් තියෙනවා හක්බෙල්ලාවක පොඩි කෑම්පින් සයිට් එකක් Tepee කියලා.

      ආවොත් ඒ අත්දැකීම ලබන්න පුළුවන්!

      Delete



  8. Udeshpda9999@gmail.com


    "අයියෙ", මරු කියල නිකන් ඉන්න හොඳ නෑ නෙ.... මේල් එකක් දානව ද? අපි ඉන්න තැනට පේනව කට්ටිය බේරේ වැවේ පදින හැටි....

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. Dear Manjula Ayya

    Very interesting.!
    Go ahead
    Thank you

    ReplyDelete
  11. පට්ටයි, ඉතිරිය එනතුරු ඇඟිලි ගනිමින්...

    කලිනුත් කිව්වා වගේ මේ ගමන මගේ එක මියැදුණු හීනයක්...
    සප්තකන්‍යා කඳු තරණය තව එකක්...

    වැරදුනු කුරුමානම් යටතේ තියෙන්නේ නකල්ස් කඳු හරහා මීමුරේ බැසීම...
    ඒ ගමනනම් පට්ටයි, කාපු කටු අනන්තයි...
    ආපහු ආවේ සෙරෙප්පුත් නැතුව...

    ඒ ට්‍රිප් එක ඔගනයිස් කලේ මම. අපේ උන්ගේ දාපු ලිමිටේෂන් එක තමයි ට්‍රිප් එකේ වියදම රු.500/- ට වඩා අඩු වෙන්න ඕනේ කියන එක...
    මම කොහොමහරි ඒ කඩඉම ජය ගත්තා... :)

    ඒ ලින්ක් ටික මෙතන දාන්නම්...
    හැබැයි ඒවා කියවගෙන යද්දී මට පෝස්ට් එකේ ලියන්න අමතක වෙච්ච තැන් සහ වැරදියට ලියවුනු තැන් කීපයකුත් අහු උනා... ;(

    https://widiyabandara.blogspot.com/2015/02/knuckles-hike-01.html

    https://widiyabandara.blogspot.com/2015/02/knuckles-hike-02.html

    https://widiyabandara.blogspot.com/2015/02/knuckles-hike.html

    ReplyDelete
  12. ලොකු පුතේ එක හීනයක් මියැදුනාට අද රෑට උනත් අලුතින් හීනයක් දකින්න පුලුවන්! හීන තමයි අපිව ජීවත් කරවන්නෙ. අපි ජීවත් වෙන්න ඕනෙ හීන සැබෑ කරගන්න. ඔයා මේක කියවගෙන යන්නකො. මම ඒකට මොන ගේමක් දෙනවද කියලා! "ඒකට" කියන්නෙ මොකටද? මගේ සිහිනය සැබෑ කරගන්න! මටත් කැමති සිහින තියෙන එවුන්ට. මේ හැම ලියැවිල්ලකින්ම මම උනන්දු වෙන්නේ මා ; මගේ සිහින සැබෑ කරගත්තු හැටි කියන්න! බොහොමත්ම ස්තූතියි. මට මේල් එකක් දාන්න ඔයාගෙ නොම්මරේ එක්ක. කවදා විතරද තුන් දෙනා පස් දෙනා වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. තුන පහ වෙන්නේ දෙසැම්බර්... :)

      මම නම්බර් එක එවන්නම්...

      Delete
    2. ලම්යින්ගේ අම්මාටත් මගේ හෘදයාන්ගම භාවය පිරිනමන්න!

      Delete
  13. කලින් කියෙව්වට අදයි කමෙන්ට් කරන්න පුළුවන් වුනේ .ඇ අය්යේ චිකන් කිලෝ 4ක් ,බබ්කිව් දාන්න ඔච්චර අස්සේ ගියේ මොකටද ?බබකිව් විතරමද ?ගල් පොල් බෝතල් එහෙම තිබ්බේ නැතේ ...

    ReplyDelete
    Replies
    1. හහ්! හහ්!!හා!!! ගමනට උවමනා සියළුම කලමනා අරන් තමයි පිටත් උනේ!දිගටම බලන්නකෝ. සියල්ල නිවැරදිව තත්වාකාරයෙන්!!! ස්තූතියි! කෝ කන්තෝරුවට එනවා කිව්වට ආවයැ!?

      Delete
  14. මාත් හීන දකින ගමනක් මේක😍 ලියන අයියව මන් අදුරන්නෙනම් නෑ.. පුලුවන් නම් සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්න අහගන්න ගොඩක් දේවල් තියෙනවා 😊💙

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ දකුනු පස ඉහල කෙලවරේ ඇති "මගේ ගෙදර දොරේ යතුර" කියන තැනට ගිහින් ඔබගේ පණිවිඩය ලියා එවන්න. මා ඊට පිළිතුරු ලියන්නම්!

      Delete
    2. අයියන්ඩි මේ අපේ කොල්ලෙක් තමා මම ඔයාට කෝල් එකක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉදියෙ මුට විස්තර ඉල්ලපු වෙලාවෙ කරුමෙට මගෙ ජංගමයාට කෙලවිලා නම්බර් කිසිම එකක් නෑ.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...