Monday, August 28, 2017

46. ඔබ දාගැබ - මම බිල්ඩිම !




               වසර ගනනාවකට කලින්
               ඔබ මෙහි එන්නට හිතන්නට පෙර
               මා මෙහි ජනිතවී
              දනන් දස දහසගෙ
              නෙක වන්ඳනා ලැබ
              උනුන්ගේ දුක් සුසුම්
              කිසිවකට පිටුනොපා
              අව් වැසි දස දහසක් ඉදිරිපිට
              හෙනගසා ,ගුගුර ගුගුරා
              පසුව ගිණි ගහන අව්වේ
              නොසෙල්වී සිටිමි මම
              මල් සුවද  මා අසල
              කපුරු දුම සැර උනත්
              විඳින්නට සිත කියයි
              හවස වරුවට එන දනන් මා
              දෙපා පාමුල වැඳ වැටෙද්දී
              මගේ හද කිතිකැවෙයි.................!

                                                        අදින් දින ගනනකට පෙර
                                                        උපන් මා වඳින්නට පුදන්නට
                             කෙනෙකු නැත
                             දනන් සිය දහසකට
                             කන්න බොන්නට
                             උන්ගෙ දරු පවුල් හට
                             කනන් බොන්නට දුන්නෙ මම
                             සියක් දහසකට බඩ රස්සාව උනේ මම
                             දහසක සෙවන වෙමි මම අද 
                             උදා හිරු  රැස් නැගී ඇවිදින්
                             පැයහයක් හත අටක් යනතුරු
                             ඔබට සෙවනැල්ලවී
                             සිටින්නේද මම වෙමි
                             එහෙත් කිසිවෙකු
                             මලක් ගෙනවිත්
                             මගෙ දෙපාමුල තබන්නේ නැත
                             ඔබ විඳින ආදරය දකින විට
                             මගේ හද ඉකිගසයි..............................!



 මීට කල කට පෙර 
ඒ කියන්නේ අවුරුදු 30කට විතර අපි 'සැවොයි' එකට 
චිත්තර පටියක් බලන්න යන්නෙ 
 ඉස්කෝලෙ ලඟින් මවුන්ට් මේරියෙන් 
131 කොලොන්නාව - විජේරාම බස් එකේ ගිහින් 
වැල්ලවත්ත රෙදිමෝල ලඟින් බැහැලා ! 
එතනින් කුණු ඇල අයින දිගේ ගිහින් 
ගාලු පාරෙන්  තමයි මතු වෙන්නේ. 

අපි 'Code name: Wild gees" වගේ චිත්තර පටිවල
 first day first show බැලුවේ එහෙම ඇවිත් තමා! 
ඒකාලෙ first day first show බලන එකත් එක උනක් තමයි!

දැන් හැව්ලොක් සිටිය ගහන්නෙ මේ ඉඩමෙ. 
මාත් එක්ක දෙසීය පැද්ද මධුවා වැඩ කරන්නෙත් ඕකෙ!
 ( බදාම අනනවාද කොහෙද!)

රෙදි මෝල තියෙන කාලෙ ඕකෙ ගැහුවා කලිසං රෙද්දක් වෙල්කෝ කියලා. හරියට කොඩ් රොයි (Corduroy)  වගේ එකක්. 
ඇල අයිනේ පෙට්ටි කඩයක් තිබුනා නිහාල් අයියාගෙ.
 උනු පානුයි මස් හොද්දකුයි තිබුනා - කියන්න වදන් නෑ!
 එතනම ජෑම් ගහ යට බුකිය!
නිහාල් අයියත් රෙදිමෝලෙම වැඩකල පොරක්! 
ගෙවල් තිබොනෙ කිරුළපොන පොලීසිය ගාව.
 දැන් වැල්ලවත්තෙ ඩේසි විලා පටුමග ගව ත්‍රී වීල් එකක් හයර් කරණවා!

දැන් එතන ; 
හැව්ලොක් සිටිය ඉස්සරහ පංසල ඇවිල්ලා
 බලෙන් කඩන් පාත් වුනු හාමුදුරු කෙනෙකුගෙ මංකොල්ලකාරී ක්‍රියාවක්. 
ඔතන රෙදි මෝලෙ බුදු පිළිමය තිබුනා.
එතනම තිබුනා රෙදි මෝලේ සේවකයකු හමුවන්න එන අයට
 වාඩිවෙලා ඉන්න පොඩි කාමරයක්. 
සිංහලෙන් කියනවානම්  waiting room එකක්.
රෙදි මෝල වැහිලා මේක අරාජික වුනාම 
කොහේද ඉඳන් පාත්වුනු හාමුදුරු කෙනෙක් ඔය කාමරේට අරක් ගෙන 
පිළිමෙයි කාමරෙයි දෙකම 
මහ දවල් අමුඅමුවේ මංකොල්ල කෑම තමයි වුනේ.

ඒ එන පාරෙ තමයි ජාතික ආධුනිකත්ව මණ්ඩලේ එහෙම තිවුනේ. 
අයි පී ගුරුසිංහ මහත්තයාගේ ගේ තිබුනෙත් මේ පාරෙ මයි. 
 වගන්තිය Past Tense වලින් ලිව්වේ දැන් ඒ ගේ නැතිවෙලා හින්දා නෙවෙයි. මහත්තයා නැතිවෙලා හින්දයි.
 එයා තමයි මේ දවස් වල එලෝ මෙලෝ නැතිව ; 
ඉන්දියාව නිකං බූරුවා ගහනවා වගේ ගහන ; අපේ පතාංග කිරීඩා කණ්ඩායමේ කළමනාකරු ගුරා ගෙ තාත්තා. 
 එයා ගැන කියන්නෙ නැතිව තාත්තා ගැන කිව්වේ 
බිත්තියේ ගහලා තිබුනෙ තාත්තගෙ නම හින්දයි!
ගුරාලගෙ ගෙට  ඉස්සෙල්ලා හමුවෙන්නේ ධර්මාරාම පංසල. 
ඇද නැතිව කියනවා නම් වතවන සිරිසුමන හාමුදුරුවන්ගේ පංසල. 
ඉස්සර අපි ඔතනින් එන කොට
 මේ දාගැබ එකෙන්ම චෛත්ය රාජයාණන් වහන්සේ කෙනෙක්. 
ඒත් අද! 
මේ සියල්ලෙන්ම කියැවෙන්නේ
සියල්ලේ අනිත්යය ද?


27 comments:

  1. හෑ 🙈🙈??.. තට්ටය අයියෙ..! ඒ කියන්නෙ ඔතන දැන් රෙදිමෝල බිල්ඩිම කඩල පන්සලක් ගහලද? මේ පොස්ට් එකනම් මට තේරෙන්නේ නැත. 🤔

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මගෙ චූටි මල්ලියේ. ඔය රෙද් මෝල කියන්නෙ අක්කර 18 ක ඉඩමක්.ඉස්සර රෙදි මෝල ගලවලා දැන් අවුරුදු ගනනක්. ඒ කාලෙ ඔය මෝල ඉස්ස්‍රහ තිබුනා පාරට පේන්න බුදු පිළිමයක්. ඔය මහ පාරෙ ඒ කියන්නෙ හැව්ලොක් රෝඩ් ඒක නොහොත් හයිලෙවල් පාර අයිනේ තිබුනු පෙරකී බුදු පිළිමය තමයි හාමුදුරු කෙනෙක් අල්ලාගෙන තියෙන්නේ.

      දැන් කොහොමත් එතන ඇති රෙදි මෝලක් නෑ.දැන් එතන තමයි හැව්ලොක් සිටිය හැදෙන්නේ.

      ඔය පින්තූරෙ තියෙන දගැබ තියෙන්නේ ගාලු පාරට කිට්ටු වෙන්න.ඒක තමයි ධර්මාරාම පංසල හෙවත් වතවන සිරිසුමන හාමුදුරුවන්ගේ වාස බවන. ඒකාලෙ ඔය දාගැබ අපිට පෙනුනේ මහ විසාලෙට.

      දැන් ඒක පිටිපස්සෙ හැව්ලොක් සිටියේ මහා බිල්ඩිං හැදිලා චෛත්යය පෙනෙනේ කෝම් පිට්ටු සයිස් එකට.
      දැං වත් මගේ අපබ්‍රංසෙ තේරුනාද රත්තරනේ?

      Delete
  2. රෙදි මෝල වගේද පන්සල, පන්සල වගේද හැව්ලොක් සිටිය.
    තාම බෝගහක් හිට‍ෝල නැද්ද ඔතන.

    ReplyDelete
    Replies
    1. රෙදි මෝල ඉස්සරහට කඩන් පාත් වුනු පංසලට නම් බෝ ගහක් නෑ. ධර්මාරාමෙනම් සුපිරි බෝධියක් තියෙනවා. ඉස්සර රොදාන් මහානාම , ගුරා , මහේල පිරිත්නූල් බැඳගත්තෙත් ඔය ධර්මාරමෙ බෝ සෙවනේ ඉඳලා තමයි.

      Delete
  3. ඇත්තටම මේ බ්ලොග් එක කියෙඋවම මට ලොකු දුකක් දැනෙනවා. ඒත් ඒ ඇයි ද කියලා මටම තේරෙන්නේ නෑ. අනේ මන්දා මට මේ බ්ලොග් එකේ කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ .ඒ ඇයි.

    ReplyDelete
    Replies
    1. ඉරෝමාණි මැතිනිය වෙත ඉතාම බය පක්ස භාවයෙන් ලියන වග නම් මම මේ කියන්න තැටමුවේ දාගැබට වෙලා තියෙන සන්නෑසිය! ඉතින් තරහ අවසර ටික්කටයි දුමිඳු මල්ලිටයි දාලා තියෙන රිප්ලයි ටික කියවලා පැටලුම් ඇරගන්නවා හොඳය. ආයෙත් මේ වාගෙ නොදන්න මංඤ්ඤොක්කා නොලියන්න පොරොන්දු වෙමි. අර පින්තූරෙට යටින් හෑල්ල වගේ ලිව්වේ ( හතර විළිලැජ්ජවෙ පන යනවා) කයියකි. ඒක එහෙම තිබුනාට පැළලි කයියකි!

      Delete
  4. ඔන්න අය්යේ අදත් වලියක් දා ගන්න ඇවිත්.දැන් නම් පරණ හෙල්මට් එකක් දෙන්නම වෙයි වගේ .....
    අපි 2002 කිරුලපන සක්‍යා පන්ති යනකොටත් ඔය බුදු පිළිමේ ළඟ පුංචියට පන්සලක් තිබ්බා .දැන් නම් සෑහෙන්න දියුණුවක් තියෙනවා වගේ ..මටනම් හිතෙන්නේ කොහෙන් ආවත් දැන් එතන වැඩ ඉන්න හාමුදුරුවෝ හොඳ හැකියාවක් තියෙන ස්වාමින්වහන්සේ නමක් හැටියට.මොකද ඒ වගේ පැත්තක ඔහොම පටන් අරගෙන් සාසනික සේවයක් කරන්න ,පන්සලක් දියුණු කරන්න ලේසි නෑ .අනික අය්යාගේ මතකේ කියන්නේ... මාර මිටරයක්නේ ඔයා ...
    (ප .ලි :- වැඩි දෙනාගේ හිත සුව පිණිස ඔය රෙදි මෝල වහන්න වුනේ අයි කියලා කියන්න පුලුවන්ද ?)

    ReplyDelete
    Replies
    1. ඔය මෝල අයිති වෙලා තිබිලා තියෙන්නේ ඇන් යූ ජයවර්ධන ලාට. මගේ මතකය නිවැරදි නම් එයා තමයි මහ බැංකුවේ පලමුවන ලංකීය අධිපති වරයා. සම්පත් බැංකුවේ , ඪ්FCC වගේ ඒවායේ මූලිකයෙක්. මේ මෝලෙ නියම නම වැල්ලවත්ත ස්පිනින් අන්ඩ් වීවින්ග් මිල්ස් කියන එක. 1975 කාලයේ සමගි පෙරෙමුනු රජයෙන් ඇන් තමයි මේක රජයට අරන් තියෙන්නේ.මේකෙ වැඩ මුර තුනක් වැඩකරලා තියෙනවා. 6.00-2.00, 2.00-10.00 , 10.00-6.00 කියලා. සේවක්යෝ 3000 ක් විතර! අන්තිමේනමසිය අසූවෙ අන්තිම වගේ ඒක වහලා දැම්මා. ඒ පුන්ය කරමය සිද්ධ කලේ මට මතක විදියට විජේපාල මැන්ඩිස් උන්නැහැ. ඔය ඇන් යූ ජයවර්ධන මහත්තයාගේ මුනුබුරාව නම් දුමිඳු දන්නවා.අනේ ඇස්වහ කට වහක් නෑ මිළින්ද මොරගොඩ හිච්චි එකාතමයි ඒ වස්තු කැටේ !

      Delete
  5. දුමිඳු ඇත්තටම වලියක් දා ගන්න ඇවිත් නෙමෙයි. මට මේ බ්ලොග් එක තේරෙන්නෙම නෑ. ඒකයි කිඋවේ. අපි හැමදේ ගැනම තර්කානුකුලව හිතන්න ඕනි. එහෙම නේද දුමිදු.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් නොතේරීම ඒවා කියවීමට හා කමෙන්ට් කිරීමට කිසිම බාධාවක් නොවේ. මගෙ නම් කමෙන්ට් වුනත් මටවත් නොතේරේ සමහරවෙලාවට

      Delete
    2. ප්‍රා ජේ මම සිරාවටම බය වුනා "අයියො....! අදත් වැරැද්ද්ක්ද දන්නෑ....!!" කියලා.

      ලඟදි අපි අපි දකිනවාද?

      Delete
    3. රත්නපුරේ කිරිබත් කන්නේ කවුද?

      Delete
    4. Iromani ඔයා මේ බ්ලොග් ලෝකේ සිංහල බ්ලොග් අස්සක් මුල්ලක් නෑරම යන කෙනෙක් කියල මම හිතන්නේ නෑ .අටං අය්යා ලියන්නේ එක විදියක්,විචාරක තුමා ලිව්වේ තව විදියකට ,ලක්ෂ්මන් සර් ලියන්නේ එයාගෙම විදියට,ඉතින් මේ තට්ටයගේ විදිය ....
      මේ ලෝකේ හැම දේම තර්කානුකුල නෑ සහෝදරි

      Delete
  6. ඇලේ ගඳ නම් අඩුයි දැන්

    ReplyDelete
  7. ඇල දෙපස ඉවුරු හදලා එක විදියක් වෙලා තියෙනවා.
    කලෙකට ඉස්සෙල්ලා ඕකෙ බෝට්ටු සේවාවක් දන කතාවක් තිබුනා!
    අර ඉන්ද්‍රානි සේනාරත්න කියනවා වගේ "මොනවා වුනාදැයි නොතේරේ.....!!"

    ReplyDelete
  8. මට මතක විදියට නෙවී එකෙන් ඕක පටන් ගන්න හිටියේ නාවල ,කිරුලපන,වැල්ලවත්ත ට යනකල් .ට්‍රැෆික් එකට විසදුමක් විදිහටත් එක්ක ...ආණ්ඩු පෙරළියත් එක්ක ඔය සැලසුම් වගේම තව හුගක් දේවල් කෙලින් ම හමස් පෙට්ටියට තමයි ......දැන් නම් ඇල ආයෙත් පරණ තත්වයටම පත් වේගෙන එනවා වගේ ...ලංකාවනේ ..

    ReplyDelete
  9. ඇත්තටම දුමිදු ඔයා කිඋවා හරි. මම මොනවාද දන්නේ. ඔයාලා තරම් රටේ ලෝකේ ගැන.ඔය කියන කාලේ මම ඉපදිලාවත් නෑ. බ්ලොග් ලෝකේ ගැන උනත් මම දන්නේ දශමයක් තරම් චුටිම දෙයක් පමණයි. තට්ට අයියා ලියපු දේ උනත් මට නොතේරුනේ මම ඒ කාලේ හිටපු නැති නිසා වෙන්න ඇති. ඔබ දෙපලගෙන්ම මා සමාව අයදිමි.

    ReplyDelete
    Replies
    1. අනේ මම හිතන්නෙ දුමිඳු එහෙම දෙයක් අදහස් කලේ නෑ.
      ඔබතුමී මුල පටන් මාගේ බ්ලොග් කියවලා ලියපු කොමෙන්ටු වලට මම බෙහෙවින් ගරු කලෙමි. අපි කිසි කෙනෙක් හට මහා විශාල දැනුමක් නොමැත.
      කෙනෙකු දැනුම වඩවා ගැනීමට විවිධ ක්‍රම රාශියක් ඇත. සමහර දේ පොතපතින්ද , සමහර දේ අසා දැනගෙනද , සමහර දේ අන්තර් ජාලයෙන්ද තවත් සමහර දේ ඇසින් දැක බලා ගෙනද එක් කර ගනී. බොහෝ බ්ලොග් මගින්ද මේ සඳහා විසල් මෙහෙයක් කරණු ලබයි. ඉතින් අපි දන්න ටික ලිවීමෙන් බලාපොරොත්තුවෙන ප්‍රධන කරුණු කිහිපයකි. හිතේ සතුට ,දන්නා දේ බෙදා හැරීම , අන් අය සතු දේ එක් කර ගැනීම හා එමගින් සැලකිය යුතු මට්ටමකින් සමාජය ඥාණනය කිරීම. ඉතින් මේ කටයුත්ත සාර්ථක වන්නට නම් අපි ලියනා දෙයට ඔබ තුමන් ලාගේ / ඔබ තුමීලාගෙ කොමෙන්ටු හෙවත් ඌණ පූරණ අනිවාර්යයෙන්ම උවමනා වෙනවා. ඒනිසාමයි බ්ලොගලියන බ්ලොග් කරුවා මෙන්ම කොමෙන්ටු ලියන අපගේ ආදරණීය පඨකයාද මෙම කාර්යයේදී සමතැන්ලා සැලකිය යුත්තේ.
      කිරි මුහුදෙන් අමාව මතු වන්නේ එය සුර - අසුර දෙපිල එය කැලතූ නිසා කියලයි හින්ඳු දේව කථාවල පැවසෙන්නේ.
      එනිසා ලියන්න කොමෙන්ටු දස දහසක් වුවත් හැකිනම්! අප ඒ සියල්ල වෑල්ඳ ගන්නෙමු හදවතිම!

      Delete
    2. එකෙන්ම අය්යේ .මමත් මේ බ්ලොග් හැම එකක්ම අස්සේ රිංගන එකෙක් නෙමෙයි .වෙලා තියෙන විදියට තෝරලා බේරලා ගත්තු බ්ලොග් හතර පහක් විතරයි කියවන්නේ ..ඉතින් ඒ ලියන අයගේ හැටි කියල කියන්නයි උත්සහ කලේ .මමත් ඔය කියන කලේ අපේ අම්මගේ බඩේ නෙමෙයි හිතේ වත් ඉඳල නෑ .කියවලා ,අහගෙන ඉඳල දැකලා තමයි ඉගෙන ගන්නේ .සහෝදරීට සමාව ඉල්ලන තරම් දෙයක් වෙලා නෑ මම හිතන්නේ ..

      Delete
  10. \\මාත් එක්ක දෙසීය පැද්ද මධුවා වැඩ කරන්නෙත් ඕකෙ!\\
    මොනාද මෙයා ඒකෙ කරන්නෙ මම ඕක හොදටම දන්න තැනක් කාලයක් මමත් ඕකට සම්බන්ද ප්‍රදාන ආයතනයේ වැඩකලා.
    සතියට දෙතුන් පාරක් යනව.

    ReplyDelete
    Replies
    1. ඇන්ඩ් ආරංච් විදියට ඔය උසට උසේ ඉන්න බිල්ඩිමත් ලගදිම ඊට වඩා උස කෙනෙක් ලග දන නමනව දකින්න ලැබෙයි එත කොට චෛත්‍ය කොච්චර පොඩිවට පෙනේවිද?

      Delete
    2. මද්දො උගේ නම උඹ දන්නවානෙ. ඒකා කොන්ටිටි සවේයර් කෙනෙක් කියලා තමයි අපිට නම් කියන්නේ. ඒකා මොරටුව පැත්තෙ යුනියකින් තමයි වැඩ ඉගෙන ගෙන තියෙන්නෙ. ඔව් වොව්! ඌත් එහෙම කථාවක් කිව්වා තමයි

      Delete
    3. මතක නම් නෑ අෆ්පා. සමහර විට මාව දන්නව ඇති ITඑකේ මදුසංක කීවොත්

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...