Thursday, August 10, 2017

43. වාහන මිළදී ගන්නන් වෙත


මෙය මා ඉතා හදිසියෙන් ලියන ලද පෝස්ටුවකි.






මා සේවය කරණු ලබන්නේ ලංකාවට brand new  වාහන ගෙන්වන ආයතනයකය. මේනිසාම මාගේ අත් දැකීම් ඔබට ප්‍රයෝජනවත් වේ යැයි  සිතා මෙසේ ලියමි.
ඔබ අළුතින් වාහනයක් ගන්නට යන විට එය මෙරට ඒජන්ත වරයා විසින් maintain  කල වහනයක් දැයි  සොයා බලන්න. 
මන්ද එවිට ඔබට ලෙස  Service History එකක් එම අයතනයෙන් ලබා ගත හැක. නියමිත පරිදි ක්‍රමානුකූලව එම ආයතනයට ආ ගිය වාහනයක් නම් ඔබට එහි මෙතෙක් ධාවනය කල කිලෝ මීටර් ගනන දැක්වෙන odometer (වාහනයක් ගමන් ගත් මුළු කිලෝමීටර ගනන දැක්වෙන මීටරය) දැක්වෙන පාඨාංකය පිළිබඳව අදහසක් ලබා ගත හැක.


 මාගේ මිතුරකු අඩු කිලෝමීටර් ගනනක් දුවන ලද රථයක් මිළදී ගන්නට ගියේය.   ඔහු රථය මිළදී ගැනීමට ප්‍රථම එය අප වෙත රැගෙන ආවේය. අපගේ පැරණි දත්ත පහත දැක්වෙන පරිදිය .
දිනය                              සේවාව සඳහා පැමිනෙන විට කිලෝමීටර ගනන
2015 පෙබරවාරි                                         5000
………………                                          ………..
………………                                          ………..
2015 දෙසැම්බර්                                         24000
………………                                          ………….
2016 මැයි                                                   38000
අද  2016 අගෝස්තු 9 වනවිට  කිලෝමීටර ගනන 40000යි!

පලමු වසර තුල කි මි 19000 ක් ද , දෙවන වසරේදී කි මි 14000 ක් ද දුවන ලද වාහනයක් තෙවන වසරේදී පමනක් කි මි  2000 ක් පමනක් ධාවනය කලා යැයි සිතන්නට අපට පුළුවන්ද? 
සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්නම් එය ඉතාමත් අහඹු සිදුවීමකි . නොඑසේනම් මාර්ඝ අනතුරකින් හෝ වෙනයම් එවන් සිද්දියක් නිසා රථය එක්තැන් වී තිබුනා විය හැක.

ඒ කිසිවක් සිදු නොවුනා නම් සිදුවී ඇත්තේ වාහනය රිසිසේ පාවිච්චි කොට මීටරය අපසු කරකවා ඇති සේය! මීටර ඩිජිටල් වූවාට ඒවා ආපසු කර  කැවීමට දන්නා අය මෙරට ඇත.
වරක් අප හමුවට පැමිනි මහතෙකු අළුතින්  වාහනයක් ගෙන   ඉමහත් සතුටින් අපවෙත ගෙනවේ තව දුරටත් එහි තත්වය තහවුරු කර ගැනීම  සඳහාය.
 ඔහුගේ සතුටට ප්‍රධාන හේතුව එම ජීප් රථය දුවා තිබුනේ කි මි 55000 ක් පමන වීමය. අප එහි පැරණි දත්ත සොයා බැලීමේදී එය ගිය වසරේ මැද අපවෙතින් සේවාවක් කරගෙන තිබුනේ කි මී 140000 න් ය !
මේ මහතා මෙම රථය මිළදී ගෙන තිබුනේ නමගිය බැංකුවක කළමනාකාර තුමෙකු වෙතන්ය !
 මිළදී ගත්පසු එහි වර්ථමාන අයිතිකරු මෙම රථය කොම්පැනියට නොහොත් අපවෙත ගෙන ආයුතු බව පැවසූ විට විකුණුම්කාර කළමනාකාර තැන එයට එකහෙලා විරුද්ධ වී ඇත. 
ඔහු පවසා ඇත්තෙ ඒවා නිශ්ඵල වියදම් ලෙසය.
ඔහු මිළදී ගැනීමට පෙර අපවෙතින් එම  රථය පරීක්ෂාවට ලක් කලේ නම් ඔහු මෙසේ අමාරුවේ වැටෙන්නේ නැත.
ඉහත මා “බැංකු කළමනාකරුවෙකු” යන්න හුවා දක්වා තිබුනේ ; බොහෝ විට  සමාජය  විකුණුම් කරුගේ සමාජ තත්වය , රැකියාව , වැනි දේ තුලින් තමා මිළදී ගැනීමට යන  වහනයට වැඩි වටිනාකමක් දීමට නැඹුරු තාවයක් දක්වයි .


එම මුග්ද භාවය දඩ මීමා කරගත් කයිරාටිකයින්  “දොස්තර මහතෙකු පාවිච්චි කරණ ලද ……” , “නෝනා කෙනෙකු පාවිච්චි කල ……….” වැනි කුඨ උපාය  මාර්ඝ ; ගැනුම් කරුවාගේ පොකැට්ටුවට ගැසීමට උපයෝගී කරගනී! 
ඒවාට අහුවෙන මෝඩ දනෝ එකම භාණ්ඩය  සඳහා උපරීම මිළක්දී එය නතු කරගෙන සතුටින් ඉන්නට උත්සාහ ගනී .
වරක් අප වෙත පැමිණි එක් අයෙකු තම රථය සේවාව සඳහා ගෙන ආවේ  පසු ගිය වසර  3 ක කාල සිමාව  තම බාල සොහොයුරා ලඟ රථය තිබුනු බවත් එම මුළු කාලය තමා දිවයිනෙන් බැහැරව සිටි බවත් පවසමිනි. 
ගෙනැවිත් බලන කල එය පසු ගිය මුලු කාල සීමාව තුල  NGO එකක නමින් කිලෝමීටර 100 000 කට වැඩි ප්‍රමානයක් දුව ඇති බවත් ; මුළු  කාලය පුරාවට සියළුම නඩත්තු කටයුතු අප වෙතින් කර ඇත් බවත් තහවුරු විය . 
සිදුවී ඇත්තේ අයියා වැඩි පරෙස්ස්මට මල්ලී ලඟ තබාගිය රථය ; මල්ලී විසින් හයර් කොට මීටරය ආපස්සට කරකවා තබා ඇති බවයි!
පසුගිය කාල සීමව පුරා අප වෙතින් සියළුම වාර සේවා හා නඩත්තු කටයුතු සිදුකල; උපන්ගෙයි වැදගත් මහතෙකු මාස ගනනාවකින් මා ඇස නොගැටුනි.
 දිනක් මා බොරැල්ලේ රථවාහන ගොන්නකට මැදිව යන විට මාගේ අහිංසක දුප්පත් රථය හා පෙරකී මහේශාඛ්‍ය රථය සමන්තර ගත විය.
 මා වහාම මාගේ පැති වීදුරුව කරකවා පහත හෙලූ අතර එතුමානෝ තම පවර් ෂටරය බොත්තමෙන් පහත හෙලුවේය .
“සර් දැන් හුඟ කාලෙකින් අපේ පැත්තෙ සර්විස් එකකටවත් අවේ නෑ නේද ? මම ඇසීමි .
“ එහේ ආවහම විකුනන්න ගියාම  මීටරේට මොනවත් කරණ්න බෑනෙ !”

සමහරු කාර් සේල් වලින් වාහන ගන්නට මැළි වෙති.
 මන්ද එය අන්දවා ඇතැයි සිතන නිසාය. ඔබද එවැන්නෙකු විය හැක. එය දන්න ඔබගේ බ්‍රෝකර් වර්‍යා , වාහනය පරීක්ෂා කර බැලීමට ගෙනය “විශ්වාස වන්තයා”   ඔබව ගෙනයන්නේ ඒ සේල් හිමියාගෙම හෝ ඔහුගේ මිතුරෙකුගේ ගෙයක් බව නොදන්නේ ඔබ පමනි. 
එසේම බොහෝ සේල් වල සිටින්නවුන් ඇඟේ ගසන්නට රුසියෝය.  ඒ සඳහා ඔහු වටේ සිටින ගෝල බාලයන් , මිතුරන් හා බ්‍රෝකර්ලා ග්‍රවුන්ඩ් සපෝට් එක දෙයි. ටික වේලවකින් “වදෙන් බේරෙන්න”  ඔබ ඕනේම මරාලයකට , දහිරිවාට්ටුවකට කරගහන තත්වයට පත්වී අවසානය.
වාහනයක් මිළදී ගැනීමට යමේදී තනියට එක්කන් යන මිකෑනික් ලා දන්නේ
 ඔයිල් කූර හෙවත් ඩීප්ස්ටික්ක් එක ඇද බලන්නට පමනය. 
ඒවාට සේල් අයියලා ගාව ක්‍රම විධි හා නිශ්පාදන ඇත.   ඔය විදියට ඔයිල් කූර අදින්නට නම් එකෙක් මෙච්චර දුර ගෙන ඒමෙන් පලක් නැත.

ඒ බලන්නේ පිස්ටනය හා සිලින්ඩරය අතරින් රිංගා යන සම්පීඩන පහර මගින් තෙල් දෙනෙහි oil sump එකෙහි ඇති තෙල් ; ඔයිල් කූර රිංගවා ඇති නලයෙන් ඉහලට එනවාදැයි බලන්නටය.


එහෙත් නියමිත ක්‍රමය වන්නේ ඒජන්ත වරයා වෙතින් හෝ ප්‍රශස්ථ මට්ටමේ වැඩ පොලකින්  හෝ  Compression Test – කොම්ප්‍රෙශන් ටෙස්ට්  එකක් කර ගැනීමය.
බොහෝ ඒජන්ත වරුන් තමා ගෙන්වන වාහන සඳහා Condition Report  නිකුත් කරයි. ඔබ මිළදී ගන්නට යන නවීන රථය සඳහා එම අයතනයෙන් Scanning Report  ලබාගත හැක


මෙවන්ම වූ ක්‍රම රාශිය ක් ඔබගේ ගැල වීම සඳහා නිර්මනය වී පවතී. 
වාහනයක් ගැනිමට පෙර Alignment Check, Slip Test එකක් කරගැනුමෙන් විශාල අනතුරකට ලක්වී ඇත්දැයි බොහෝ විට සොයා  ගත හැක.
 Slip Test යනු වාහනයක් කිලෝමීටරය ඉදිරියට යාමේදී පසුපස රෝද යුගල යේ පථය හා   ඉදිරි රෝද යුගල යේ පථය ට  වඩා කොපමන දුර කින්  ගමන් කරණ්නේදැයි සෙවීමට ඇති මෙවලමයි.

මේ සෑම දෙයකින්ම ඔබ මිළදී ගන්නා රථය ගෙවන මිළට වටිනා එකක් දැයි සොයා බලා ගත හැක .  


චැසි නොම්මර ගැන තවත් කොටසක් ඉදිරියේ

29 comments:

  1. Manjula Ayya,
    Thank you for your article.

    ReplyDelete
  2. අගෙයි.
    ආයෙ වාහනයක් ගන්න පුලුවන් උනොත් බලමු. :D

    ReplyDelete
    Replies
    1. මුදලාලි මහත්වරුන්ට බැරිනම් අපටද පුළුවන්!

      Delete
  3. Thank you.

    “With each replacement of parts, a car slowly becomes Chinese.”
    ― Mr. Kuniyasu

    ReplyDelete
  4. අපිනම් ඔය එක එක ප්‍රොෆෙෂනල් බුවාලා එක්ක වාහන බලන්න යන්නේ නැහැ...
    ගියත් යන්නේ අපේ බ්ලොගාල එක්කම තමයි ඉතින්, හෙහ් හෙහ්... ;(

    2015 අවුරුද්දේ මම ගියා Rav 4 එකක් ගන්න අපේ ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක් සහ කමෙන්ට් කරුවෙක් සමග...
    වාහනේ බැලුවා, එළ කියන තීරණයට ආවා. දවසෙන් දෙකෙන් උස්සගෙන ආවා...
    2015.10.10 වෙනිදා තමයි වාහනේ ගත්තෙ, 2015.10.15 වෙද්දී වාහනේ එන්න ඕනේ ලෙඩ ඔක්කොම වගේ ආවා...
    රේඩියේටර් ලීක්, හෝස් පුපුරනවා, ටයිමින් චේන්, ඒ මදිවට හෙඩ් එක හයිවෙන ඇණ ඇදෙන නිසා ඔයිල් පොඩ්ඩක් ලීක් වෙනවා...
    2015.10.24 වෙද්දී යාළුවන්ගෙන් රෝල දාගෙන ඒ වාහනේ තියෙද්දීම සුබරුවක් ගත්තා...
    ඊට පස්සේ අර මරණේ එන්ජින් ගලවලා, ටයිමින් චේන් දාල, රේඩියේටර් දාල, කම්ප්‍රෙෂර් ලීක් වෙන ඒවා හදලා ඔක්කොම කරලා පිංවතෙකුට පුජ කරලා දැම්මා...
    බුවා වාහනේ අරගෙන ගියාට පස්සේ මට කෝල් කරපු නැති එකෙන් මම හිතන්නේ බුවාට ටික කාලයක් හරි අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙන්න ඇති...
    ඒ දවස් ටිකට මම ලක්ෂ පහ හයක් කෙළව ගත්තා...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කාරයෝ එක්කගෙන යනකොට, ඒ එක්ක කොමෙන්ට් කාරයෝ එක්කගෙන යන්න නාකයි. කමෙන්ට් කාරයෝ නියමයි කීම සහ වැටවල් බැඳ වැඩේ ගොඩදාන්න හදනවනේ. ඕකනේ ඉතින්!

      Delete
    2. ලොකු පුතේ , මම මේක ලිව්වෙ පහු ගිය දවස් ටිකේ හරියට පොරවල් අහුවෙලා හිටියා හොරුන්ට . ඇත්තටම හුඟක් එවුන් දන්නෙ නෑ ඇත්තටම එන්ජිමක් චෙක් කරගන්නා හැටි . ඔයිල් කූරෙන් ඔඉල් බිංදුවක් දෙකක් ආවා කියලා වාහනයක් අත හරින්න ඕනෙ නෑ. සමහර වාහන තියෙනවා එන්ජිම මොනතරම් හොඳට තිබුනත් ඔයිල් ගහන. ඉතින් ඒ හින්දා එන්ජිමක් චෙක් කරණවානම් අනිවාර්යයෙන්ම කොම්ප්‍රෙශන් ටෙස්ට් එකක් කරණ්න ඕනෑ. සාමාන්යයෙන් රුපියල්3000 කට වගේ මේක කරගන්න පුළුවන් මිට්සුබිශි කොම්පැනියෙන්.ටොයොට කොම්පැනියෙ රුපියල්5000 - 6000 විතර ගන්නවාලු. නිසාන් වලත් ඔය වගේ ගානක් කියයි. ඉතින් රුපියල් ලක්ෂ ගානක් වියදම් කරලා ගන්න වාහනයක් හරියට චෙක් කරගත්තාම මොකද?

      Delete
    3. කවුද බං ඔය බොග් කාරයා? මට කියුවනං එළකිරි වගේ එනවනේ.. කොමෙන්ට් කාරයෙක්ව ගෙනියන්න ඕනිනං අර කම්මල යව එක්ක පලයං.. ඌ වාහන ඔස්තාද්.. අනිත් උන් හරියන්නේ නෑ..

      Delete
    4. මම බැලුව කවුද මේ පාලු ගෙදර කියලා.මම හෙට අනිද්දා මගේ පරණ BJ 60 විකුනලා ගන්න හිතාන ඉන්නව Austin Loadstar K9 ට්‍රක් එකක්. බලල දියන්කො කොමෙන්ට් එකක්!

      Delete
  5. වටින ලිපියක් කොහොමත් වාහන පිස්සො වුන අපි යන්තමින් හරි මෙවා ගැන දැනුවත්. ඒත් ස්පෙයාර් වීල් එක වත් මාරු කරන්න දන් නැති පිරිසක් තවමත් අප අතරෙ ඉන්නවා.... මටත් පොඩි බඩු වගයක් හොයාගන්න ඕන සම්බන්ද කර ගැනීමට විදිහක් පවසන්න.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. 0770807000 ට කෝල් එකක් ගන්නකෝ

      Delete
  6. "ටු වීල් පදින අපිට කොහෙද වොක්ස්වැගන් කිව්වලු"කුලියාපිටියෙන් එකක් ගන්න ලැබුනොත් අය්යා එනවද තෝරලා දෙන්න ?

    ReplyDelete
    Replies
    1. බොහොමත්මත්ම ස්තූතියි. ෆොක්ස්වැගන් එකක් ගන්න කොට ඔයත් එක්ක යවන්න හොඳම එකා තමයි "කාර් පිස්සුව" තරිඳු ශ්‍රි ව තමයි.

      Delete
  7. තව විස්තර ටිකක් ලියන්නම් . ස්තූතියි කියෙව්වාට , ලිව්වාට

    ReplyDelete
  8. පාවිච්චි කරපු වාහන හොයන එක එපාවෙන කෝස් එකක්නෙ,එක සැරයක් කාලකන්නි බ්‍රෝකර් කාරයෙක්ට අහුවෙලා හතර අතේ නිකං බොරුවට උගෙ පච අහ අහ ඇවිදල ආව.

    ReplyDelete
    Replies
    1. මලේ!
      ඊළඟ වතාවෙ වාහනයක් ගනිත්දීවත් උඹව හොරෙකුට මාට්ටු නොවේවා කියලා පතමි.
      සහයට තට්ට්යාද සිටින වග මෙත් සිතින් දන්වමි.

      Delete
  9. තට්ටයෝ. මේක ගොඩක් උදවියට ප්‍රයෝජනවත් ලිපියක්. මමනං 2001න් පස්සෙ අදවෙනකන් කිසිම මෝටර් රථයක් පදවල නැහැ (පෙර වැරදි බලාගන්න පුළුවන් මගේ බ්ලොග් එක කියවල 🙈) පදින්න කැමැත්තකුත් නැහැ. හදිසියක් උනොත් UBER තමයි. කවදාහරි බඳින්න ඉන්න නෝනට කියන්නෙත් ඔහෙට කැමති වාහනයක් අරං දෙන්නම් හැබැයි ඔහේම මාවත් එක්කරගෙනම යන්න කියල. 😜.

    ReplyDelete
    Replies
    1. ආදරනීය ටික්ක මහතා වෙත ලියමි,
      ටික්කෝ ඔහෙ වගේ නෙවෙයි . මෙහේ හොරු පිරිලා. ඉතින් උන්ට අහුවෙන එවුන් ඊටත් වඩා වැඩියි. හුදී ජන පහන් සංවේගය පිණිස ලියපු එකක් තමයි මේ පෝස්ටුව. අවාම නොනෙකුයි වාහනේකුයි දෙකම එකටම ගමු.

      ටික්කාට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි.

      මීට හිතාදර තට්ටයා.

      Delete
  10. රැවටීම් වලින් මිනිස්සු බේරගන්න ලියපු හොද පොස්ටුවක්. මේකෙත් තව කොටසක් ලියන්න තියනවා නේද. මහත්මයා මම මෙහෙම කිඋවට ඔබ තරහා ගන්න එපා.ඔබතුමා ලියපු ගොඩක් පොස්ටුවල අවසානයක් කරලා නෑ. එහෙම තියෙද්දී අලුතෙන් තව එකක් පටන් ගන්නවා. හරියට අර ගැමුණු කුමාරයා වයසක අම්මගේ පැලට ගිහින් කිරිබත් පිගාන කෑව වගේ. මම හිතන්නේ ඔබ ඒ කතාව දන්නවා ඇති.එක දෙයක් ඉවරකරලා තව දේකට යනකොට නේද හොද. කියවන අපටත් ආස හිතෙනවා එතකොට. කරන වැඩේ පිලිවෙලකුත් තියෙනවා එතකොට. මම හිතනවා කියවන අපේ අදහස් ලියන ඔබට වටිනවා ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. මිසී ඒ කතාවෙ ඇත්ටම චරිතය ගැමුනු කුමාරයා නොවේ. රාජසිංහ රජතුමා කියලයි ඉතිහාසයේ තියෙන්නේ. හැබැයි මොනවා උනත් ඔයා කියන එක 100% ක් ම මම පිළිගන්නවා. මම් මේක ඉක්මනට ලිව්වේ ඇත්තටම පහුගිය සතිය ඇතුලත දෙතුන් දෙනෙක්ම මෙහාට ආවා ; වාහන අරන් අහු වෙලා . ඉතින් මම් හිතුවා මගේ "මෝඩකම්, හපන්කම් , පුරසාරම්" (මේක වී ඩී ද ලැනරෝල් මහත්තයගේ ලස්සන පොතක්!) ගැන නන් දොඩවනවාට වඩා කාටත් ප්‍රයෝජනවත් දෙයක් ලියන්න ගිහින් වැඩේ පොඩ්ඩක් අල උනා! සමාවෙන්න ඕනෙ එකසිය ගානට! ඔන්න හතර පැත්තටම වැන්දා!

      Delete
  11. Bloga digatama balanava, tikak vada vadi..

    ReplyDelete
    Replies
    1. ලලිත් , මම හක් ගියා. ඒත් ටික වෙන්න බිසී උනා වැස්සත් එක්ක. තව 4ක් එක්ක ගියේ. එදා වැස්සත් වැඩියි. ගඟට මල පැනලා තිබුනේ. ඉතින් අන් විස්වාසබල් සිටුවේශන් එකක් නිර්මාණයවෙලා තිබුනු නිසා කයාකින් නොකර ආපහු ආවා.ලිව්වෙ නැතත් බලන්න, බැලුවේ නැතත් ලියන්න.

      Delete
  12. හප්පා ... පොඩ්ඩක් එහෙමෙහෙ වෙච්ච ටිකට පෝස්ට් දෙකක් දාලා ...
    අර කන්ද නැගල අමාරු හින්ද වෙන්න ඇති ට්‍රැක් පැන්නේ ..
    දැං කවද හරි වාහනයක් ගන්න දවසට එක්කං යන්න ඕනෙ කෙනාව දන්නවා ....
    ජය වේවා ...!!!!

    ReplyDelete
    Replies
    1. අනෙ නෑ මලේ. අපිටම අහු වුනා පහුගිය දවස් ටිකේ අහුවෙච්ච එවුන් දෙතුන් දෙනෙක්. ඒකයි අහක බැක් ෆුට් එකේ ප්ලේ කරකර ඉඳලා එක පාරට ෆ්ල්ක් කරේ. බොහොමත්ප ස්තූතියි!

      Delete
  13. අම්මෝ පිස්සු හැදෙයි කිව්වලු. මම කල්පනා කළේ ලංකාවෙත් " car fax" වගේ සංකල්පයක් ඇති කරන එක කොච්චර අමාරුද කියලා.

    ReplyDelete
    Replies
    1. CARFAX එකෙ ඊගොල්ලනගේ මෝටො එක තමයි WE kNOW EVERY U.S. CAR කියන එක. ලංකාවේ කොහේ කරන්නද ; ඉස්සෙල්ලම වෙනස් කරන්නෙ VIN CARD ( Vehicle Identification Card) එකනේ. බොහොමත්ම ස්තූතියි. සයුරෙන් එහා හඳ අල්ලපු ඇත්තන්ගෙ රටේ ඉඳන් හරි මේ පැත්තට බැල්මක් දානවාට!

      Delete
  14. මම කිඋව කතාව රාජසිංහ රජුට කොහොමවත් සම්බන්ද නෑ ඊටත් රාජසිංහ රජවරු ගොඩක් හිටියා . දෙවෙනි රාජසිංහ,ශ්‍රි විජය රාජසිංහ,කීර්ති ශ්‍රි රාජසිංහ,රාජාදී රාජසිංහ,ශ්‍රි වික්‍රම රාජසිංහ,යන නම්වලින් තමයි ඉතිහාසෙ තියෙන්නේ.ඔබතුමා කියන්නේ කොයි රජතුමා ගැනද.කොහොම උනත් මම කියන කතාව ඉතිහාසේ තියෙන්නේ ගැමුණු කුමාරයා ගැනයි.ඔබතුමාට මේගැන දැනගන්න ඕනි නම් b.r. අල්විස් මහතා පොඩි දරුවන් වෙනුවෙන් ලියපු පොතක් තියෙනවා වීර දුටුගැමුණු රජතුමා සහ දසමහ යෝදයෝ කියල. කියවල බලන්න.නැතිනම් ඔබේ සිරිසුමන හාමුදුරුවන්ගෙන් අහල බලන්න. මමද වැරදි ඔබද කියලා.

    ReplyDelete
    Replies
    1. ඉරෝමනි සහ තට්ටයා, ඔය කතාව මම රජවරු කීප දෙනෙක් සම්බන්ධ කරලා අහල තියනවා. දුටුගැමුණු රජතුමාත් දෙවෙනි රාජසිංහ රජතුමාත් ඒ අතරේ ඉන්නවා. ජන කතා වල හැටියක් නේ ඕක. තවත් ඔහොම කීප තැනකම අහපු කතාවක් තමයි අර රජ කුමාරයා අප්‍රසිද්ධව ගමක ජීවත් වෙද්දී රජතුමා මැරිලා මේ කුමාරයව හොයාගෙන මගුල් ඇතා ඇවිත් කුමාරයා ගාව දන ගහලා රජතුමා හැටියට පිළිගන්න එක.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...