Monday, July 24, 2017

40. කයාක් එකයි ! එක ගමනයි !! බත් එකසිය හතලිහයි !! 4

"පෝස්ටුව කියවන 
දනන් සිත් පහන් කරවන 
කැළණියේ සිළුමිණ 
බලනු මැන රුව රැයේ දිදුලන "


අවසන!
නිවසේදීය
අද ජුලි 20 යි.


සැප වේවා !

මා හිතවත් මිත්‍රවරුණි ,මිතුරියනි ,

ඔබලා  එවූ කොමෙන්ටු ලැබුනා . ඒවාට මාහැකි හැම අව්ස්ථාවේදීම  පිළිතුරු එව්වා . ඒවා කියවන්නට ඇතැයි සිතමි.
 පුරාදින දෙකක් පුරාවට  අප කල මේ ක්‍රියාන්විත්‍ය  නැවැත් වූයේ තෙවැනි දිනයේ හවස් යාමයේදීය.
ඒ වන විට නාවික හමුදාව හා ස්වෙච්ඡා සංවිධාන මෙම කාර්‍යයට වැඩි සක්‍රීය තාවයකින් යුතුව ක්‍රියා කිරීම අරඹා තිබූ බැවිනි.
මමත් සමග ගං වතුරේ ක්‍රියාන්විතයට පසිඳුත් වසිකත් අම්රානුත් සහභාගී විය. එම සත් ක්‍රියාව  සඳහා ගොඩ බිම සිට සහ සම්භන්ධවූ තවත් බොහෝ පිරිසකි . ඩෙමා , බංඩා ,චෙමිල් ,යන අය අමතක කලනොහැක .

 එසේම අපගේ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයේ සිට අපේ එච් ආර් මිසී ඇතුළු කණ්ඩායමද  වැඩපොලේ සිට කැළණියට සැපයුම් ද්‍රව්‍ය ප්‍රවාහනයේදී රෝහන ඇතුළු පිරිසද කරණලද මෙහෙය  සුළු පටු නොවේ.

ඉන් පසුව තෙශාගේ ඉල්ලීම පරිදි මල්වානේ කොටුවූ පිරිසකට වියළි ආහාර 
සැපයීම  හා ගං වතුරේ තරාළ පල්ලිය අසල කොටුවී සිටිඅපගේ තවත් සහෝදර 
සේවකයෙකු වෙත භාණ්ඩ තොගයක් රැගෙන පූගොඩ කිරිඳිවඇල මාරගයේ 
දංගල්ල , හෙට්ටිකඩේ අසලින් වතුරට බැස පල්ලිය දක්වා  මහ රෑ කට්ට කරුවළේ; පසිඳුගේ හෙඩ් ටොර්ච් එකේ ආධාරයෙන් පමනක්ගිය ගමනද අපිට සුවිශේෂි අත්දැකීම් ගෙන ආවේය .

වසිකත් මමත් ආධාර තොගයක් රැගෙන කොහිලවත්තේ පටු මාවතකට පැමින තද හැඩ පහරට හසුවී    ආපසු එන්නට නොහෑකිවී  කල දැඩි සටන මටත් වසිකටත් ජීවිත කාලයටම අමතක නොවනු ඈත! මෙ සියල්ල ගැන ලියන්නට අපහසු තරම් ඒවා දිග කතාය . මේ සියල්ල අතීතයට එක්වී අවසන්ය!

“එක් රූපයක් වචන දහසක් පවසයි !” යන සම්මත්යේ පිහිටා ඉතිරිය කියන්නට රූප  පෙලකට භාර කරන්නම් !

මේ සියල්ල අවසානයේ එතනට කඩා වැටුනු  “රූපවාහිණී” ප්‍රවෘථි කණ්ඩායම රූප ගත කොට රාත්‍රී 8.00 ට විකාශනය කරණ්නට යෙදුනු අපගේ පොඩි පහේ වොයිස් කට් කෑල්ල්කුත් අපගේ පැදිල්ලේ කොටසකුත්  ප්‍රවෘථි යනඅතර; එයින් බංඩා විසින් පික් පොකැට් ගැසූ කොටසක ලින්කුවද අන්තිමට අමුනා ඇත. 

එයද කම්මැළි නැතිව බලන්න !

මේ සියල්ල කලින් දැමූ පෝස්ටු කියෙව්වාමෙන්ම බලනු  ඇතැයි මා උදක්ම විශ්වාස කරමි.

තවත් පෝස්ටුවකින්  ඉක්මනින් හමුවෙමු .

 “ගඟක්දිගේ ……” මේ මාසෙ අන්තිම හරි ලබන මාසේ මුල හරි එක්කගෙන යන්නට ද මෙයින්  පොරොන්දු වෙමි.

 මෙයට
ඔබේ විශ්වාසී

තට්ටයා. 



2016 කැළණිය  ගං වතුරේ රූපමය පසු විපරම !
දෙගොඩ තලා ගඟ ගලා!

දිය කිඳුරිය සේ සාගරේ.. නෑ! නෑ!!  මේ විපතට පත් ජනතාවය!

හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන්!

අමා ගඟ ගලාලා..!

ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ..!

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්..!

එක සිත දෙතැනක නතර වෙලා..!



සිනාවෙන් හෝ කථාවෙන් බෑ මනිනට මිනිසා.

බිතු සිතුවම් රූ මෙනි...!

කවුරුදෝ අර කවුළුවෙන්..! 
(ඇත්තටම දිය බත් වූ බත් අවකශයට විවර වෙනතුරු!)

ආවාස ගෙය තුල!

අධිවාසේ තුනෝ භන්තේ!

පසිඳුයි! වසිකයි!

වසිකයාගේ සූකිරි හිනාව!  
(හිනාව උගේ ! ටී ෂර්ට් එක මගේ!!)
වෑඩේට සක්‍රීයව දායක වන්නට ඉඩ නුදුන්නා යැයි ' මල පැන යන්න ගියාට පස්සෙ  ඩෙමා අමරුවෙන් ආපහු එක්ක ගෙන ඇවිත්!

ආ වැඩේ කලා නම් යන්න තමයි තියෙන්නේ

වසික දෙවන දිනයේ

සේනකගේ ස්තූති පත්‍රය නොහොත් පින් අනු මෝදනාව!

එහෙම ලියලා තියෙන්නේ මේ ගැනත් හිතලා වෙන්න ඇති!

සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ! 
(පෝස්ටුවට අමුද්‍රව්ය ගේන්න ගිහින් මම පාලම යට.)

යමින් ගමන් මේ ලින්කුවටත් කොටාගෙනම යන්න!




අසා සිටි ඔබ සැමට ස්තූතියි!

18 comments:

  1. අනුන්ට උදවු කරන්නේ හරිම සතුටින් වගේ. හැමෝගෙම හිනාව ඒකට උත්තර බදිනවා. මුවේ ඇදෙන හිනාව හදවතේ තියනවා නේද.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඇත්තෙන්ම මේවා සතුටින් කලොත් විතරයි කරණ්නත් පුළුවන්! හැබැයි කරගෙන යන විට හිතරිදුනු වාරත් නොතිබුනා නොවෙයි. ඒවා ඉතින් සාමාන්ය දේවල් විදියට ගන්නවා හැරෙන්න හිතේ තියා ගත්තේ නෑ!

      Delete
  2. මහත්මයාගේ රුපය අවලස්සන උනාට සිත බොහොම ලස්සනයි කියලා මේ පින්තුර දැක්කම පැහැදිලි උනා. ඔබතුමා වගේ අය තමා අවශ්‍ය මේ මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන්. දෙවිපිහිටයි මහත්මයා.


    ReplyDelete
    Replies
    1. සත්තකින්ම! මම අදහන ආගම විදියට මගේ රූපය අවලස්සන වෙන්න ඇත්තේ පෙර කල කුසල් හීන වීම නිසා විය හැකියි. බලමු එන පාරවත් ට්‍රයි කරලා අඩු ගානෙ දකින අන් අයටවත් අජූව නොවෙන්න වත් ලස්සන වෙන්න පුළුවන් වෙයිද කියලා.

      බොහොමත්ම ස්තූතියි ; කියෙව්වාට සහ කොමෙන්ටුවක් දැම්මාට.

      මීට කලින් පෝස්ටුවකත් මම් අලිව්වා. අපේ යාළුවෙක් ඉන්නවා තෙශාන්ත මුල්කිරිගල කියලා. එයා හදාගෙන යනවා පොඩි දත්ත එකතුවක්;මෙවැනි අවස්ථාවල ජන හිත සුව පිණිස කැපවිය හැකි ස්වෙච්ඡා සංවිධාන , පොඩි කණ්ඩායම් හා තනි පුද්ගලයින් ගේ විස්තර ඇතුලත්. ඔබ තුමාට උනත් ඒවගේ එකතු වෙන්න පුළුවන්.

      Delete
  3. Jayawawa minusuna
    Udagu liyan gotha badina neela warala sarasannta ma pipuna natha ma derane........!!!!!

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නැහැනේ ඔබතුමාට ඔය තරම් සංගීත රසාස්වාදනයක් තියෙන බවක්? බොහොමත්ම ස්තූතියි!

      Delete
  4. හිතවත් තට්ටයා මහතා වෙත පුන්‍යාණුමෝදනා පූර්වක ස්තූතියයි.
    ඔබතුමා ඇතුළු හිතවතුන් කණ්ඩායම මෙම අසීරු අවස්ථාවේ දිවි පරදුවට තබමින් එම විපතට පත්වූ ජනයා වෙත පහසුකම් සපයමින් කරන ලද මෙහෙය ඉතා අගය කොට සලකමි. එසේම එම ක්‍රියාන්විතයේ සිදුවූ සිදුවීම් සමස්ත බ්ලොග් පාඨකයින් වෙත මෙසේ අකුරු කර දැක්වීම අගනා කරුක් ලෙස සලකනු කැමැත්තෙමි. නැවත මෙවන් අභාග්‍යසම්පන්න අවස්ථාවක් ඇති වුවහොත් මෙයට වඩා හොඳින් අසරණ ජනතාවට පිහිටිවීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි.
    මේ හිතවත් බ්ලොග් පාඨක
    Praසන්ன

    ReplyDelete
  5. රුවින් නොදුටු මනසින් දුටු ; දුටු දුටුවන් සිත් වන තුටු ප්‍රසන්න මහතානෙනි,
    මම මේ පොස්ටු ලියන්නේ හුදෙක් රසික ජන මනෝරංජනය උදෙසා හෝ මාගේ කිත්ගොස වඩවාගැන්මට නොවන්නේය. මේ සියළු දේ තුලින් යම් අයෙක් තුල එතෙක් කුහුළකින් ඇති යමක් වේ නම් එය දුරු කරණු වස් හා තවත් එක් පුඟුලෙකු හෝ මෙවන් සත්ක්‍රියාවකට තම සිත කය වචනය මෙහෙයවාවිය යන විශ්වසයෙන්ය! ඔබ නිවස්න පෙදෙසේ හෝ අපේ මැදිහත් වීමක් ඇවැසි වුවහොත් අප නිමේෂයකින් එතන ඇත.

    ඒක නෙවේ අර ලලිත් කිව්ව කථාවේ යම් ඇත්තක් වෙත්ද? බොහොමත්ම ස්තූතියි ප්‍රසන්න!

    අර මම කිව්ව ගලේවෙල කථාන්දරේ මේ දවස් වල ලියා ගෙන යනවා. ඒක මේ වගේ එකක් නොවේ. හුදෙක් පශ්චාත් භාගයේ ඇතිවූ ආබාධිත තත්වයක් සමනය කරගනු වස් කල වැඩක කයිවාරුමය වාර්ථාකරණයය!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඉක්මනින් කියවන්නට හැකිවේයැයි බලාපොරොත්තු වෙමි

      Delete
    2. එකෙන්ම ! ඔබතුමාගේ ෆොන් නොම්මරයක් මගේ manjulaperera79@gmail.com තැපෑලට දාන්නකෝ!

      Delete
  6. තවත් කෙනෙකුට උදව්කරලා සතුටු වෙන්ඩ පුළුවන් කියන්නේ වටිනා ගුණයක් .ගඟ දිගේ තවත් කතාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! හැමදාම වගේම අදත් පෝස්ටුව කියවලා වචනයක් දෙකක් ලිව්වාට! ඉක්මනින්ම පටන් ගන්නවා . ඊට කලින් තව එක පෝස්ටුවක් තියෙනවා බාගෙට ලියපු; කියවන කොටත් ඇඟ රිදෙන. ඒක දාලා පටන් ගමු ගඟේ යන්න. මේවා කියවලා වැඩක් නෑ කරණ්නත් ඕනෑ.එකතුවෙලා කරමු හොඳ වැඩක්!

      Delete
  7. අවසාන කොටස කෙටි වැඩිද මන්දා ....කොහොම වුනත් වැඩි වැඩියෙන් මේවගේ පිං කරන්න අවස්ථාව ,ශක්තිය ,දෛර්යය නිරෝගිකම වැඩි වැඩියෙන් ලැබේවා ..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!
      දුමුඳු කතාව තව ඇද ඇද ලියන්න නම් දේ වල් තිවුනා. මම් ඔය යාන්තමින් කියාගෙන ගිය ; තරාළේ කතාව, වසිකයයි මායි හිරවුනු සිද්ධිය එහෙම ෆුල් සීරියල් කථා. ඒත් මාගේ සදාදරනීය පාඨක හුදී ජනයාට එපා වෙයි කියලා හිතලා ලිව්වේ නෑ. ඉස්සරහට ලියාගෙන යද්දී ඒ ගැන ලියන්න අව්ශ්ය ප්‍රස්තූතය සැකසුනොත් මම ලියන්නම්. මොකද තාම කැබිනෙට්ටුව රැස්වුනේ නැද්ද?

      Delete
  8. ජය වේවා ...!!
    කොහොමහරි ටීවී එකටත් තට්ටෙ ඔබාගන්ඩ ලැබුන නේ..!! හැක හැක හැක ...
    ඒක නෙමේ කෝ මේකෙ තිබ්බ අර මාශල් ආට් ගැන පෝස්ට් එක ..
    ඒක මරු පෝස්ට් එක .. ඇයි ඒක මැකුවේ ..???

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!
      මාර අවුලනේ. ඒ එක තැනකවත් මාව අඳුනගන්නබෑ කියලා මාව දන්න අඳුනන ඊරිසියාකාර මාගේ අපාය සහයක මිත්තරයෝ කියනවා. මොකද මම මගේ අයිඩෙන්ටි කර්ඩ් එක තොප්පියකින් වහගෙනනේ ඉන්නේ.

      අනිත් චෝදනාව : අනේ මම ඉතින් කොම්පූටර් සිරා වැඩ්ඩානේ. ඉතින් මම මොකද්ද දන්නැති මගුලක් කරණ්න ගිහින් අර චූටි කොටුවට දාන හරි ලකුණ මකබෑවෙලා. ඉතින් අපේ අල්ලපු මේසෙ ඉන්න ගිහාන් චාමික මල්ලි නොහොත් තඩියා මොනවද කරලා ආයෙත් කරාටි ලිපිය ගුවන් ගත කලා ; "ආයේ ඔන්න ඕන්නැති වැඩකරළා මොනවා හරි කෙළව ගත්තොත් මම නෑ !" කියලා ආදරයෙන් මාව අමතලා!

      මමත් හිතාන ඉන්නේ කවදාහරි ලොකු උනාම කොපූටර් පන්ති ගිහින් පොරක් වෙන්න.එතකොට එක එකාගේ කථා අහන්න වෙන්නේ නෑනෙ ඇනෝ! නේද?

      Delete
  9. +++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...