Thursday, June 22, 2017

ගඟක් දිගේ ගිය ගමනක් 7

ගුරුගොඩ ඔය නව පාලම මත සිට ගත් ඡායා රූපයක්. අපදෙසින් ඔය ගලා බසී. වම් පසින් කැලෑ ව අතර ; ඇතුලට නෙර ගිය නැම්මක් සේ  ඈතින් පෙනෙන්නේ  කැළණි ගඟ ගුරුගොඩ ඔයට එක්වන ආකාරයයි.


ගුරුගොඩ ඔය පැරණි පාළම. (අන්තර් ජාලය ඇසුරෙනි)

රුවන්වැල්ලේ අප රැඳී උන්නේ ඉතා කෙටි වේලාවකි. එයට මූලික හේතුව වූයේ ගඟ ගලා යන්නේ බෙහෙවින් ජනාකීර්ණ පෙදෙසක් හරහා බැවින්‍ය. කැළණි ගඟ හා ගුරුගොඩ  ඔය හමුවන ස්ථානය නගරයට ඉතා ආසන්නව පිහිටා තිබුනේය. 

හැකි ඉක්මනින් එතැනින් පිටමංවූ අප පිවිසියේ බෙහෙවින්ම ජන ශූන්‍ය  පෙදෙසකටය. ඉඳ හිට තොටුපලක කිසිවෙකු සිටියා විනා වෙන දකින්නට කිසිදු ප්‍රාණියකු අතර මග අපට හමු වූයේ නැත. ඒ අප පසුකලේ කුරුපැත්ත නම් ප්‍රදේශය යැයි අපැහැදිලි මතකයක් මාහට ඇත. තවත් පැයක පමන කාලයක් මේ හුදෙකලා  පරිසරය තුල අප හබල් ගැසුවෙමු .  අපට ඒවන විට විරාමයක් ඇවැසි වුවත් මිනිස් පුලුටක් නොමැති තැනක නවතා කුමක් නම් කරන්නද?

 අපිට වගේම මෙයාලටත් මහන්සි නැතෑ!


අම්රාන් අතාස්

පසිඳු කොහේ ගිහිල්ලද මන්දා!

එක සෙරෙප්පුවක්! අනික අයිති කරු සමගද?

 මෙසේ යන අප නෙත ගැටුනේ කුඩා වැළි තොටුපොලකිමෙසේ සිතමින් ගිය
අපහට පෙර කී තොටුපොල සුභ දසුනක්ම විය. වැළි තොටුපොලක් වුවත් එහි සිටියේ රෙදි සෝදමින් සිටි  තරමක වයස් ගත කාන්තාවක් පමනි. අප එම තොටුපොලට  කෙමෙන් සේන්දු විය .  එහි රෙදි සෝදමින් සිටි කාන්තාව ගේ මාර්ගයෙන් ඒ අසල ඇති කුඩා තේ වතුර කඩයක් පිළිබඳව  ලද ඔත්තුව අනුව ගිය අම්රාන් අපට බීමට තේ ගෙන ආවේය. බොහෝ වේලාවකට පසු ලැබුනු එකම උනුසුම් පානය එය විය. ඉන් ප්‍රබෝධමත්වූ අප ටික වේලවකට පසු නැවත දියට බටහ.

එතැන් පටන් සීතාවක තෙක් නැවත වනාන්තර ගත විය. වනාන්තර කීවාට මේවා ලවල් කැලෑ මිස මහ කැලෑ නොවීය. අතහැර දමා තිබුනු රබර් මංඬි අතොරක් නැති විය .ඉවුරු හබරළ ගාල් වැනි ශාක වළින් ගහණ විය.ඒනිසාම එම නිසාම බොහෝ ස්ථාන  පය ගැසීමට එතරම් ප්‍රිය ජනක ඒවා නොවීය.

සීතාවක යනු සීතාවක ගඟ හා කැළණි ගඟ මුණගැසෙන ස්ථානයයි . අවිස්සාවේල්ල පසුකොට හැටන් දෙසට යන අයෙකු හට නගර සීමාව පසු කරද්දීම හමුවන්නේ සීතාවක පාලමයි. එය වැටී ඇත්තේ සීතාවක ගඟට උඩින් විනා කැළණි ගඟ මතින් නොවේ .  මේ ප්‍රදේශයට අප පිවිසෙත්ම ගං දියේ වර්ණයේ පැහැදිලි වෙනසක් දුටුවේය. මෙම පැහැදිලි වෙනස වන්නේ එතෙක් ගං දියේ පැවති පැදිලි බව අපැහැදිලි වීමය !තවත් ලෙසකින් පවසනවානම් ගඟේ වතුර බොහෝ සෙයින්  බොරවී තිබුනි. තවත් සුළු වේලාවකින් කාරණය අපට පැහැදිලි විය.   එයට හෙතුව වූයේ අනවසර මැණික් ගැරීමය. අප එම ස්ථානය පසු කරත්ම ඔවුන් මහත්වූ කුහුලකින්යුතුව තම ගෙල දිගු කරමින් අප දෙස බලා සිටියෝය .  පොලීසිය හෝ වෙනත් එවැනි රජයේ අයතනයක නිළධරයන් යැයි ඔවුන් අපව සැක කලේද? අපට ; අප රට තුල ඇති අත්දැකීම්  වලට අනුව  එය කිසිසෙත්ම විය හැක්කක් නොවේ. මෙම පලාතේ එසේ හදිසි වැටලීම් කරන්නේ නම් ; ඔවුන්මෙසේ  ගිණි මද්ධහනේ කිසිදු බයක් සැකයකින් තොරව මොවුන් මෙසේ පරිසරය භක්ෂනය නොකිරීමට ඉඩ තිබුනි. එතැන් පටන් බොහෝ දුරක් යනතුරු ගඟේ සුන්දරත්වය කෙලෙසී තිබෙනු දක්නට ලැබුනි . ගඟෙ බොහෝ දුරක් යනතුරු කුඩා එනම් දෙහි ගෙඩියක සිට දොඩම් ගෙඩියක ප්‍රමානය දක්වා  විවිධ තරමේ බෝල තිරිවානා ගල් සැම තැනකම විය . මේ ප්‍රදේශයේ ගං ඉවුරුතිබුනේ බොහෝ ඈතින්ය.

බෝල ගල් හැම තැනම!මැණික්  ගැරීමේ ප්‍රතිඵලද? 

සුව දායක පරිසරයක් නොවේ. වෙහෙස නිසා නැවැත්වූවා පමණි.

 ගඟ බොහෝ සෙයින් පලල්ව ගොස් වියැකී  ගොස්ය. ගඟේ හරස්කඩ තේ කෝප්පයක හරස් කඩක් මෙන් නොවුනි . එහි හරස්කඩ පීරිසියක හරස්කඩකට හොඳින් පැහුනි . මා ඉන් අදහස් කලේ පසුකල පරිසරයන් වලදී මෙන් උස් ඉවුරු බිත්ති අතර විසල් කානුවක් මෙන් ඇදුනු ගඟ මෙම පරිසරය තුල ඉතා නොගැඹුරු එසේම තියුනු නැග්මක්  සහිත ඉවුරු වෙනුවට තැටියක් සේ දියාරුවේ ගිය ඉවුරු දෙකක් දක්නට ලැබුනු බවය . මේ වන විට මද්‍යහනය පසුවී තිබුනි .අහසේ වැහිබර ගතියක සේයා ඇඳෙමින් විය .   තවත් ටික දුරක් යත්ම හිරු වළාකුළු අතර සැඟව ගියේය .

ගඟ මේවන විට මහත්ම වූ අඳුරු පරිසරයකට යොමුවී තිබුනි.  දෙපස මහත් උස් ඉවුරු මත  වනාන්තරයක් පැතිර ගොස් තිබුනි.මෙය කුඩා රක්ෂිත්‍යක්ද නොඑසේ නම් තේ , රබර්  වතු වලින් පාලනය වූ වන ලැහැබක්ද යන වග අපට තේරුම් ගත නොහැකි විය.  ගඟ බොහෝ  සෙයින් පටු විය . ගඟ ගලා ගියේ තුරු සෙවන යටිනි.  ගඟේ මෙම ක්‍රියාව හැඳ්න්වීමට “ගලා ගියේ” කීවාට වඩා “ බඩගා ගියේ” කීවානම් වඩාත් යෝග්‍යවේ.
මේ වන පියස නිසා මුලු නදිය පුරාවට හේඩාවක් පැතිරී තිබුනි. හිරු වැහි වළාකුළු අතර සැඟව සිටි බැවින් ගං දිය තද කොළ පැහැයක් ගත්තේය
උස්  ඉවුරු අයිනේවිසල් ගල් දක්නට ලැබුනි. මේවා කට ව්යවහාරයේ හැටියට කියන්නේ නම් යොධ ගල් ගෙඩිය!මේවා මෙතනට ආවේ කෙසේද කියා සිතා ගත නොහැක. කයාකය ඉවුරකට ගැනීමට නොහැකි වන තරම් ගල් පරවර්ත පිරී තිබුනි. කෙසේ වෙතත් එම ස්ථානයේ නැවතීමටවත් සිරි නැරඹිමටවත් අප කිසිවෙකුට උවමනා වුනු බවක් නොපෙනුනි. මන්ද එම පරිසරය පුරා පැතිරගිය ගූථ බවකින් අප එම ස්ථානයෙන් වහ වහා ඉවත් වීමට  අපව උනන්දු කරවන්නට ඇත. එම පරිසර පද්ධතිය මීටර් දෙතුන් සීයකින් අවසන් විය!
සමාන්යයෙන් ජලාශ්‍රිත ක්රීඩාවන් සඳහා බොහෝ දෙනා රිසි වන්නේ හිරු රැස් හොඳින් වැටී ඇති : පැහැදිලි  තරමක් හෝ පතුල පෙනෙන; පතුල වැළි තලාවකින් සමන්විත නොගැඹුරු ජලාශයන් වල හෝ දිය දහර වල . මෙම ස්ථානය මේ  කුමන අතින් ගත්තද හිත අභයන්තරයෙන්ම ප්‍රථික්ෂේප වන ස්ථානයකි.

එම වන අරනෙන් ඉවතට අප පිවිසියේ තෘණ හා ඉලුක් වලින් වැසීගිය නො උස් ඉවුරු වලින් සම්න්විත වූ පෙදෙසකටය
මේ වනවිට ගඟෙ ගලායාමේ වේගය බොහෝ සෙයින් පහත බැස තිබුනු අතර හබල් ගැසීම නිරන්තරයෙන්  කල යුතු විය . එම ස්ථාන වල හබල් ගැසීම නතර කල විට යාත්‍රාව නතරවී සෙමෙන් සෙමෙන් ඉවුර අද්දරට ඇදී ගොස් නතර වේගඟ ඔස්සී ඉහලට නො එසේ නම් අපට ප්රථිරෝධයක් ඇතිකරණ දෙසින් හමා එන සුළං ප්රවාහයට එදිරිව හබල් ගැසීම බොහෝ සෙයින් වෙහෙස දෙන කට යුත්තක් විය. පසිඳු හා අම් රාන් වෙහෙසකින් තොරව සිටියෝය. ඔවුන් පැද්දේ සොලෝ කයාක් වීම හා තරුණ ජවාධික බව මෙයට හේතු වන්නට ඇත.             මා පැද ගෙන තිදෙනෙකුට ගමන් කල හැකි කයාක් රාජයෙකි! එය තනිව  පැදීම මහත්ම වූ වෙහෙස කර කටයුත්තක් විය. බොහෝ අවස්ථා වලදී පසිඳු ඔහුගේ සොලෝ කයාකය මාවෙත ප්රධානය කිරීමට ඉදිරිපත් වුවද මා එය ගෞරවයෙන් ප්රථික්ෂේප කලෙමි. මන්ද මොන කරදරයක් ගෙන ආවද එය මගේ කයාකයය. තවත් විධියකින් කියන්නේ නම් කයාකය මාගේ ය.  මෙය මා මිළදීගත්තේ වසර ගනනාවක් පෙරුම් පුරලාය. ගෙදර දොරේ අටෝරාසියක් වැඩ අතරේ  මුදල් සොයා ගත්තේ මොන තරම් අමාරුවකින්ද? මාහට ඇවැසි වූවේ මාගේ කයාකය පැදගෙන මතකයක් ඉතිරි කර ගැනීමටය! උන හපුළුවාට උගේ පැටියා මැණිකකි කියන්නේ නිකම්ම නොවේ!

ඉන්නත් කලින් ටයිමරේ වැඩකලානෙ!
මම මෙහෙම ඉන්නවා!
අනේ මටනම් හොඳ ගනන්!

කන්නත් නෑ! බොන්නත් නෑ!!  ගානක් නෑ!!!

තවත් විරාමයක්!  කමිසය ගලවා - තෙත මිරිකාලා 

මේ වන විට ගඟ ටිකෙන් ටික පුළුල් වෙන බවක් පෙනෙන්නට ඇත. ඈතින් සියුම් යාන්ත්‍රික හඬක් ඇහෙමින් වියටිකෙන් ටික ඉදිරියට ඇදෙත්ම හඬ බොහෝ සෙයින් වැඩි වෙමින්  ගියේය. ඉදිරියට යත්ම යත්ම ගඟ හරහා මේ අතට ඇඳි නයිලෝන් කඹ තිහ හතලිහක් දක්නට ලැබුනි. ඒවා ආධාරයෙන් ගඟ මැදට වන්නට නතර කොට තිබුනි ෆයිබර් ඔරු , ලී ඔරු , අඟුල් . බැරල් බෝට්ටු යනාදි යාත්‍රා සමූහයක් විය. සෑම එකක් මතම ක්‍රියාත්මක වූයේ කුඩා එයා කොම්ප්‍රෙශරයන්ය. ඒවා සිට ගඟ පතුලට විහිදුනු හුළං බට සවිකර තිබුනි.   අප කයකයන් රැගෙනයන්නට වූවේ මෙම කඹ යටින්හිස පාත් කරගෙන හෝ කයාකය මත දිගාවී යන්නට සිදුවිනි. සෑම යාත්‍රාවක්  මතම කිසිවෙකු සිටියේය. ඔහු නිරන්තරයෙන් දියට නෙත යොමාගෙන අවධානයෙන් සිටියේයමොහොතකින් දිය යට සිටි අයෙකු දිය මතට කිසිවක් රැගෙන ආවේය. එය වැළි කූඩයක් සේය. කොම්ප්‍රෙශරය නිරන්තරයෙන් ක්රියාත්මක කිරීමෙන්  කරන්නේ දිය යට සිටින කිමිදුම් කරුවා වෙත හුස්ම සැපයීමය! දිය යට සිටින කිමිදුම් කරුවා ආශ්වාස ප්‍රාශ්වාස කලේ මෙසේ දිය යටට යැවුනු වාතයය.මේ ගොඩට ඇදෙන්නේ නිකම්ම නිකම් වැළි විය නොහැක. මැණික් හෝ වෙනයම් එවන් වටිනාකමක් සහිත දෙයක් විය යුතුය. අපගේ මෙම ගමනට ආසන්න කාලයක පුවත්පත්වල ප්රධාන සිරස්තලය වූ කැළණි ගඟේ රංවල අසල රත්ත්රන් ලැබුනු පුවත  අපගේ  මතකයට ආවේ  එවෙලේය !
එම කටයුතුවල යෙදුනවුන් අප දෙස  හෙළුවේ නොරිස්සුම් සහගත බැල්මක්යතම වැඩකටයුතු වලට අකුල් හෙලීමට පැමිණි පිරිසක් දෙස හෙලනා බැල්මක්  එහි ගැබ්ව තිබුනි. මෙම ප්රදේශය පසු කරත්ම ඉවුරක වුන් එක් අයෙකු කෑගසා ඇසූවේ " රංවල ඇල්ලෙන් යන්නේ කොහොමද?" කියාය!


සමා වන්න!මෙය රංවල ඇල්ලේ ඡායා රූපයක් නොවේ!

රංවල ඇල්ලෙන් යන්නේ කොහොමද?

15 comments:

  1. ඇත්තට රංවල ඇල්ලෙන් යන්නෙ කොහොමද?
    උපාලියි ජින්නයි මලහොල්මන හොයන්න දූපතේ අනිත්පැත්තට හබල් ගාපු හැටි මතක් උනා
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේ පහුගිය සති අන්තය දැඩි කාර්ය බහුල වුනා. ඒ ගැන පෝස්ටුවක් දාන්න හිතාන ඉන්නෙ. ඒකත් රූපමය සන්චාරයක් වේවි.
      පෙරවදනේ (පෙරගමනේ) අවසාන පෝස්ටුව තමයි එන්න තියෙන්නේ. ඒකෙන්ම බලමු රංවල ඇල්ලෙන් ආවේ කොහොමද කියලා. මාත් එක්ක මේතරම් දුර සියලු බාධක මැද පැමිනියාටත් කොමෙන්ටු වලටත බොහොමත්ම ස්තූතියි. ඔහොම යං!උපාලිටයි ජින්නටයි හදවතේ වෙන්වී ඇති ඉඩ තවමත් එහෙමමයි. තවමත් උන් මගේ වීරයෝ.

      Delete
  2. විස්තරෙයි පින්තුර ටිකයි මාරු, පිනන්ඩ පුළුවන් උනත් මට ඔරු හබල් ගහන්ඩ බෑ , පහුරත් හොදට පදින්ඩ බෑ , යන්තම් රිටෙන් එහෙමෙ කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. ලලිත් ඕවා එකක් වත් ලොකු සීන් නෙවෙයි. මට වගේම ඔයාටත් කරන්න පුලුවන්. කරන්න ඕන නම් මේල් එකක් දාන්න. කිසිඩු අය කිරීමකින් තොරව සියලුම යටිතල පහසුකම් නොමිලේ සපයනු ලැබේ!

      Delete
  3. ගුටිකෑමේ අවස්ථා ගාණක් පහුකරගෙන නිරුපද්‍රිතව ගිහින් තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම් අර කියපු දෙපැත්තේ ගල් තිබුනු අඳුරු හරියෙදි යි, ඔය රත්තරන් සීන් එක තියුනු තැනේදියි පොඩ්ඩක් විතර ඇඹරුනා.මචං මං ලඟ තිබුනා මගේ පිහිය. එතැන පහුවෙනකොට අත හිරි වැටිලා පිහිය මිට හිර වෙන්න අල්ලගෙන ඉඳලා ; නොදැනුවත්ම!

      Delete
  4. බලාගෙන යනකොට ලංකාවෙ මනුස්සයෙකුට ලංකාවෙ ගඟක් දිගේ යන්න බැරි තත්වයක් වගේනෙ තියෙන්නෙ.

    බලමුකො ඇල්ලෙන් පනින හැටිත් එහෙනං.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මචං. ඕක ගැන සිරා කතාවක් තියෙනවා කෙටියෙන්ම ලියන්නම්. මචං එක පාරක් මට ඕන උනා මුහුදු වෙරළේ කෑම්පින් කරන්න . මම ත්‍රීකුණමලේ මුහුදු වෙරළේ පොඩි හෝටල් රෙස්ටුරන්ට් දෙක තුනකට කථා කලා. " මම ඔයාලගෙ හෝටලේ ඉස්සරහ කෑම්පින් කරණවා. මට ඔයාලගෙ ටොයිලට් පාවඉච්චි කරණ්න පුලුවන්ද? ඒකට මම ගෙවන්නම්!" කියලා. උන් හැම එකාම කිව්වේ උන්ගේ වෙරළේ කූඩාරමක් එක රැයකටවත් අටවන්න උන් දෙන්නේ නෑ කියලා. මම කිව්වා " ඔයාලට එහෙම කරණ්න අයිතියක් නැහනේ !?" කියලා. උන් කියනවා " අපි ගලවන්න ඕන නැහැ වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව්ට කිව්වාම ඒ අය වැඩේ කරාවි!" කියලා. මල පනින්නේ නැද්ද බලපන්!

      Delete
  5. ටූ මෑන් ක්යාක් එක පදින්න අමාරු උනේ මාව දාලා ගිය නිසා. ... මැක්සා... දිගට ලියපන් මචෝ

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඕන! ඒකනෙ මතක් කරලාම හොඳම එකට අරන් ගියේ!
      අඩො! උඹ හිංගලෙන් ටයිප් කොටනවා!! එළ!

      Delete
    2. කොම්පියුටර් කරන එකෙක්ගෙන් අහගත්තා හිංගල කොටන්න ......!! @#$#%#%

      Delete
  6. ආසාවේ බැහැ මචං මරු ස්ටෝරිය සහ ෆොටෝ ටික. ලබන අවුරුද්දෙ මැයි ලංකාවට එන්න හිතං ඉන්නව. වැඩ ගොඩකට එන්නෙ. ඒත් මීටර් දහයකට හරි උබේ කයාකි එක එක්ස්පෙඩිෂන් එකකට සෙට් වෙනවාමයි.

    👊🏽

    ReplyDelete
    Replies
    1. එකෙන්ම! ඕන වෙලාවක!! ලංකාවට පය ගහපු ගමන් කතා කරපන්!!!!

      Delete
  7. hatha kiyewa , ate koho thiyvida

    ReplyDelete
  8. බොහොමත්ම ස්තූතියි. ඔහොම යං! අට මග එනවා!

    ReplyDelete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...