Friday, May 12, 2017

22. සයිකලයක් අරන් පදිමු

             

ඉහත හෙඩිම  දැක්ක ගමන් තේරුම් යන්න ඕන කාරණේ තමයි මේ කියන්නේ සයිකල් පදිමු කියන එක නම් නොවෙයි කියන එක. එතකොට මේක බලන ඕන කෙනෙකුට අහන්න  හිතෙන දේ තමයි “එතකොට මෙච්චර දවසක් දෙයියනේ කියලා පැදපු සයිකලේ උඹට දෙන්නද කියන්නේ !?” කියන එක . 
බොහෝවිට බොහෝ දෙනෙක් පදින ගෙදර තියෙන සයිකලයක් මට නෙවෙයි තරහ කාරයෙකුට වත් දෙන්න වටින ඒවානම් නොවෙන හින්දයි මෙහෙම කිව්වෙ. කතන්දරේ පටන් ගන්නකොටම  කියන්නම් අනේ තට්ටයා යනු  සයිකල් විශාරද  කෙනෙක් නම් නොවෙයි. ඒත් දෙයියනේ  කියලා පදින්න පුළුවන් එකක් තෝරගන්න නම් පුලුවන් කම නම්  තියෙනවා. අනික තමයි මම මේ පදින්න පුලුවන් කියලා කියන්නේ ගෙදරට පාන් ගේන්න කඩේට යනකොට පදින පැදිල්ල, එතකොට ගෙදර  ඉඳන් බස් එකක් ගන්න තාත්තාව පොල්ලේ තියාන පදින එක, මාළු පෙට්ටියක් පිටිපස්සේ බැඳගෙන “මාලෝ ! මාලෝ !!” කිය කියා පදින එකවත් නෙවෙයි. කොටින්ම  මේ කතා කරන්නේ සයිකල් පදිමු කියන්න නම් නෙවෙයි - cycling කරන්නයි මේ කතා කරන්නේ!
Cycling  කරන්න අංක එකටම ඕන වෙන්නේ cycle එකක් කියන එක හැමෝටම තේරෙනවානේ. 
Cycling වලදි තමන් ගමන් කරන්නේ තමන්ගේ ශක්තියෙන් නිසා තමා සතු ශක්තිය හැකි පමණ ප්‍රයෝජනවත් කාර්‍යයක් ඉටුකර ගැනීමට වැය කල යුතු වෙනවා. මෙහිදී ප්‍රයෝජනවත් කාර්‍යය වන්නෙ ගමන් කිරීම පමනයි. ඒනිසාම තමන්ගේ ශක්තිය උපරිම වශයෙන් වැය කලයුතු වන්නේ ගමන සඳහායි . ඒකියන්නේ  තමාගේ ශක්තිය වැයකරන්න ඕනේ තමාගේ බරත් සයිකලයේ බරත් අරන් යාමටයි. එතකොට ශක්තිය ඉතුරු කර ගන්න ඕන නම් වැඩේට අඩු බරක් තියෙන cycle එකක් ගන්න වෙනවා. දැං අලුත් ප්‍රශ්නයක් සෙට් උනා. මොකද්ද මේ අඩු බර කියන්නෙ? අවම වශයෙන් කිලෝ 15 කට වඩා වත් cycle එක බර අඩු වෙන්න ඕනෑ. කිලෝ 10 ක බයිසිකලයක් නම් වැඩේට සුපිරි. 
දුර පදින්න හොඳම cycle එක තමයි Drop Handle තියෙන  Racing cycle එක!  නමුත් බොහෝ අයට මේක පදින එක වාතයක්. හේතුව කොන්ද නමාගෙන පදින්නට සිදුවීම.හැබැයි ඒක පුරුදු උනාම ඒතරම් අවුලක් තියෙන එකකුත් නෙවෙයි.

Drop Handle Racing cycle
 













ඊළඟට හොඳම එක තමයි Hybrid cycle එක. Hybrid cycle කියන්නෙ Mountain  cycle  එකේ විදියට Handle එකයි Frame  එකයි තියෙන (ෆ්‍රේම් එක ඒතරම්ම ශක්තිමත් නොවීමටද ඉඩ ඇත!); හැබැයි Mountain  Tire තරම් පලල නැති සිහින් Tire තියෙන එකක්. බොහෝ Hybrid cycle වල frame එකේ  Top bar එක; ඒකියන්නෙ ඩබල් දාලා යනකොට පදින එකා නෙවෙයි ඌට වාත වන එකා  (“උඹට අමාරුද මචං ? ”කියලා ඇහැව්වට  ආසාවට “හිටහං  මම ටිකක් පදින්නං නොකියා ) වාඩිවෙලා යන  ෆ්රේම් එකේ උඩ පොල්ල හෙවත් බාර් එක   අනිත් cycle වල වගේ තනි කෙලින් (පොල්ලෙන් ගැහැවා වාගේ ) නෙවෙයි බොහෝ විට තියෙන්නෙ. ඒක ටිකාක් උඩු අතට ව්ක්‍රවයි තියෙන්නේ.
අනෙක මේ bike වලින් 50% කටම  කම්පන පරිමන්දක - තේරෙන හිංගලෙන් කියනවා නම් ෂොක්ස් හෙවත් Shock absobers නෑ. තමන් පදින්න  යන්නේ වල් පාරක නම් (වරදවා වටහා ගන්නවත් නොමග යන්න  හිතන්න වත් එපා - මේ කියන්නේ Rough Terrain එකක  කියන එකයි!) විතරයි ඉස්සරහට විතරක් හරි ඉස්සරහට පස්සට දෙකටම හරි ෂොකස් තියෙන bike එකක් ඕනෑ වෙන්නේ. මේ කිලෝ 10 – 12 cycle වල frame එක  අනිවාර්‍යයෙන්ම  Alloy වලින් නිර්මිත වෙනවා. නැතිනම් ඊටත් එහා ගිය Carbon Fiber  වගේ එළම භාන්ඩයක්. Alloy කියන්නේ මිශ්‍ර ලෝහවලට. අපි Alloy කියන්නේ Aluminium Alloy වලට ! Alloy කිව්වට මුළු bike එකම Alloy වලින් හදන්න  තවම පුළුවන් උන කෙනෙක් මේ ලෝකේ තවම බිහිවී නෑ! ඒ කියන්නේ Tire, Tube වගේ දේවල් Alloy වලින් හදන්න බැරි නිසාය! ඒවගේම බොහොමයක්  bike වල front fork එක Alloy නොවන්නේය. නමුත් අනෙකුත් සමස්ථයෙන් බහුතරය Alloy විය යුතුය. බොහෝවිට මෙම bikes වල Moving parts බොහොමයක් Shimano ඒවා වේ.

ඒවගේම 21 speed එකක් වත් විය යුතුය . (21 speed කියන්නෙ ඉස්සරහ Cog wheel set එකේ දැති රෝද ගනන පිටිපස්සේ Free wheel set තියෙන දැති රෝද ගනනෙන් ගුණ කලවිට ලැබෙන  අගය වේ . 21 speed යනු 3 x 7 යන අකාරයට තියෙන එකකි .)

Hi Brid cycle












Mountain Bicycle












දැන් ඊළඟ ප්‍රශ්නය තමයි මොන වරිගේ එකක්ද ගන්න ඕනේ ? නැතිනම් මේවා අලුතින්ම ගන්න ඕනද කියන එක ? කියන විය යුතුය. ගන්නවානම් හොඳ Branded එකක්  වැඩේට තෝරා ගන්න ඕනෑ කියන එකය. Scott ,Giant , GT ,Bianchi ,Specialized, Treck, Bridgestone, ………… ,  ඔය වගේ නහුතයක් හොඳ Branded bikes ගනනාවක් ඇති අතර තමන්ට ඇති හැකි ප්‍රමානයට එකක් තෝරා ගන්නට ඕනෑය. මෙවැනි හොඳ  Branded bike එකක් ගන්න යන නිසාම බොහෝ විට අපට ගන්න වෙන්නේ Second hand එහෙම නැතිනම් Recondition එකක්මය. මේවා ජපානෙන් පරණ බඩු ගෙනෙන තැන් වල තියෙන අතර සමහර සයිකල් විකුණනම  තැන්ද කිහිපයක් මේ වන විට රට වටා බිහිවී ඇත.
“එතකොට ඔය අපේ ගෙදර තියෙන බයිසිකලේ පැද්දොත් පැදෙන්නේ නැද්ද ?” වගේ ප්‍රශ්න අහන්න හිතෙන අයත් මේක කියවන්වා  ඇති . නෑ එහෙම දෙයක් නෑ! පදින්න පුලුවන්. ඒත් සයිකල් ශූරයකු නොවන කෙනෙකුට Hobby එකක් විදියට cycling කරණ විදියයි මේ කියන්නේ. 
ගම්පහ ඔරුතොට පාර ගාව ඉස්සෙල්ලා වැඩකල සුසිල් අයියා වැනි අරුම පුදුම අයෙකුට නම් රෝද දෙකයි හැන්ඩල් එකයි තියේ නම් සීට් එක නැතත් කමක් නැත. මේ  සුසිල් අයියලා ට ඒ කාලේ තිබුන  H S C විභාගෙ ඉවරවෙලා නිකම් ඉන්නකොට දවසක් හිතුනලු එයාලගෙ නෑ ගෙදරක යන්න; කොහෙද ලඟ පාතක නෙවෙයි බදුල්ලේ. අව්ලක් නෑ ගෙදර තිබුනු පරණ බයිසිකලේට හුලං ටිකක් වැඩිපුර ගහගෙන පොම්පෙත් ඔතාගෙන පිටත්  වෙලා! “ ටයර් දෙක මේ වගේ’’ කියලා සුසිල් අයියා ආදරේට වගේ මගේ ඔලුව අතගාලා පෙන්නුවා! අනේ පහු වෙනිදා හවස් අතේ මේ මනුස්සයා බදුල්ලට ගිහින් !
මේ විදියේ වීර වික්‍රම කරණ විදිය නෙමෙයි මේ කියන්නේ. නැවත කියනවානම් Hobby එකක් විදියට cycling කරණ විදියයි මේ.
බසිකලේ ගත්තා වගේ නෙවෙයි මේක Service කරගන්න ඕනෑය. “බය නැතිව පදින්න මහත්තයා; මේක ඊයේ එංගලන්තෙන් ගෙනාවේ. ඩයනගෙ පුතා විලියොං රේස් බුකියට යන්න ගත්ත බයිසිකලේ ” කිව්වත් ගලවලා Service කරගන්න ඕනෑය. එතකොට මේ වැඩේට  හොඳම වැඩ්ඩෙකු ඕනෑවේ. 
තට්ටයා ට නම් හමුවුන සුපිරිම වැඩ්ඩා පිටකොට්ටේ  Bianchi show room එකේ ඉන්න අහිංසක ඩෑල් එකය! (ඌට බිස්නස් ප්‍රමෝට් කරණවා නම් නොවේ! කාබන් ෆයිබර් සයිකලයක්  පදින ඌත් එකෙන්ම සිරා Cyclist කෙනෙකි.) අපි දන්න කියන නිකම්ම නිකම් වින්කල් වල බොහෝ විට අලුත් බයිසිකල් ගලවන්නට උවමනා කළමනා නැත්තේය. ඒ වාගේම ඔවුන් තුල තාක්ෂනයද නැති බව හද පිරි ශෝකයෙන් යුතුව මේ මොහොතේ ප්‍රකාශ කරමි. 
(හොඳට පැදෙන්න කියලා චේන් එක දැති රෝද එන්ජින් ඔයිල් වලින් නාවා ග්‍රීස් ගාන්නට යන්නට එපාය. ඒවාට සුදුසු Dry Lubricant වර්ගයක් පමනක් යාන්තමින් භවිතා කරන්න.) ඒවගේම Alloy rim තියෙන බයිසිකල් වලට බ්‍රේක් පලු දැමීමෙදී කඩයක් කඩයක් ගානේ තියෙන බාල ඒවා පාවිච්චි නොකරන්න. එයින් rim එකට හානි සිදුවිය හැක.
මේ  සර්විස් වැඩේ යන කොටම තමන්ගේ උස ට දිගට (දිගට කියන්නේ අත පය වල !) හරියන්න යන්තරේ ඇජස් කරගන්න ඕනෑය. මේ ගැන ජාලයේ අටෝරසියක් පිටු ඇත. නැතත් බයිසිකලයේ සීට් එකේ (Saddle) ඉඳගත්විට ඇඟිලි යාන්තමින් පොලොවේ වදින ප්‍රමාණයට සීට් එක උස් කර  ගත යුතුවේ. ( සමහර පොත් පත් වල තියෙන්නේ කකුල  දණහිසින් යාන්තමින් නැමෙන සේ සීට් එක උස් කර  ගත යුතු බවයි.) කෙසේ වෙතත් එක දෙයක්; සීට් එක හොඳින් උස්ව පවත්වා නොගතහොත් තම උපරීම කාර්‍යක්ශමතාවයකින් පදින්නට නොහැකි වනවා සේම දණහිසේ ආබාධ ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක්ද පවතී. 
Bike එකට Water Bottle bracket එකක් තිබිය යුතුමය. ඒ වතුර ගෙනයන්නට නොව ජීවනී ගෙනියන්නටය! අවුල් වෙන්න එපා මේ හැම දේම  ගැන කතා කරනවා.
ඊලඟට Safety! මොළයක්  ඇතත් නැතත් Bike Helmet එකක් ගන්න. අපේ බොහෝ පින්වතුන් අලියා ගත්තාට හෙන්ඩුවට වියදම් කරන්නට ඇඹරෙනවාය. (මේ වාගේ ඥාතියකු මටද  ඇත. මේක කියවපු ගමන් ඌ හිතන්නේ තට්ටයා මේ කියන්නේ ඌට කියලාය. මේ ඌටත් හැදෙන්න  එක්කම තමාය !!!!!) Cycling short එකක්, පදින්න සපත්තු දෙකක් හරි Sandles දෙකක් හරි සෙට් කරගෙන වැඩේට බහින්න. Hobby එකක් නෙ මේ කරන්න යන්නේ. නැතිව භාරයක් ඔප්පු කරන්න වගේ ඔහේ තියෙන සරම හරි වලාපට ගහගෙන සෙරෙප්පුවක් වත් නැතිව Hobby එකක් කරන්න යන්න් එපා. පොඩි කලාවක්  Style එකක් තිබිය යුතුය.  
(පොඩි First Aid kit  එකක් (බෙත්ඩීන්, ගෝස් ටිකක්, බැන්ඩේජ් රෝලක්, ප්ලාස්ටර් ටිකක්, ඔය ඩිස්ප්‍රින් පැනඩොල් වගේ පෙත්තක් දෙකක් සහිත ) ලඟ තබා ගැනීම අනිවාර්‍ය සාධකයකි.
මේ වගේ Branded Bike වල බොහොමයක් කොටස් ගලවන්න ඇත්තේ Allen Key ඇණය. මේ නිසාම ඔය Allen Key  එකක් දෙකක් ඉස්කුරුප්පු නියනක් වගේ ඕනම Tool එකක් දෙකක් අරන් යන්න අමතක  කරන්න එපා. මේ සියල්ල එකට තියෙන   Compact Cycling  Tool Kit වෙළඳ පොලේ ඇත.
පිටත්වන නිසා ලයිට් එකක් නැත්නම් හෙඩ් ටෝර්ච් එකක් තිබිය යුතුමය. ඒතමන්ට පාර බලාගන්නට පාරේ ඉගිල්ලෙන අයියලාට තමාව බලා ගන්නය. පිටු පසට  සවිකල හැකි reflector හරි ලයිට් එකක් හරි ඕනේ වෙන්නේ පසුදින තමන්ගේ නම පත්තරේ වැටීම වලක්වා ගැනීමටය.
කියන්නම ඕන එකක් කියන්න බැරි උනා. තමන්ගේ ළඟ පාත මිත්තරයෙකු හරි ඇම්ම තියෙන  මෝඩ  ඥාතියකු  මුල  ඉඳන් වැඩේට යාව ජීව කර ගන්න. එතකොට කාලයත් සමග ඌටත් ටික වෙන්න ඇම්ම බෝවී තියේවි. එතකොට වැඩේට බහින කොට පාරේ තනියෙම චාටර් වීමේ අවදානමෙන් ගැලවීමට පුලුවන !
තමන් Cycling පටන් ගන්න හදන එකෙක් නම් පලවෙනියෙම්ම කිලෝ මීටර් 2-5 දුරක්  පදින්න පටන් ගන්න. ඊළඟට ඒක 5-10 ට වර්ධනය  කරගන්න. ඊළඟට කිලෝමීටර් 20 ක් යනාදී වශයෙන් ටිකින් ටික දුර පදින්න පුරුදු වන්න.




දැන් ටිකක්  දුර පදින්නට හැකියාව ඇති නිසා Cycle Tour එකක් කරන්නට පුලුවන. ගමනට එකසිය ගානට කඳු තියෙන පාරවල් තෝරා ගැනීම ඒතරම් හිතකර නොවේ. දවසක් තුල ගමන කිලෝ මීටර් 100 කට; උපරිම 150  කට සීමා කරගන්න.  100, 150 දැක්ක ගමන් අම්මෝ ! ගාන්නට අවශ්‍ය නැත. 100 km ඕනෑම කෙනෙකුට පදින්න පුලුවන් බව 100% ක් ම ෂුවර් ය. පටන් ගන්නකොට හිතන කොට ලොකුවට හිතුවාට 100 ගේමක්ම නැත !   දැන් Route එක හරිනම් මේ පාර කිලෝ මීටර් 15 -20 දුරට බෙදා ගන්න. 20; 18 උනත් 22 උනත් 15 උනත්  කම් නැත. සාමාන්‍යයෙන් මේ වගේ ගමනකදී පැයට කිලෝ මීටර් 20 ක වේගයක් ලෙහෙසියෙන්ම පවත්වා ගත හැක. මේ සෑම කිලෝ මීටර් 20 කටම විනාඩි 15 ක Brake එකක් විවේකයක්  ගන්න .
ඒ සෑම තැනකදීම පොඩි ආහාරයක් ගන්න. මේ කියන්නේ ගෙදරින් කෙහෙල් කොලයක් පුරවලා බැඳගෙන  ආපු බත් ගෙඩියක් කන්න කියන එක නම් නෙවෙයි ! සැහැල්ලු ආහාරයක් !! ඒ කියන්නේ හුලං විස්කෝතු එහෙම නෙමෙයිය !!!  ග්ලුකෝස් ඇඟට ලැබෙන ජෑම් ගාපු පාන්, වියලි මිදි, රට ඉඳි, ආනමාලු, ආනමාලු, ආනමාලු, මේ ප්‍රින්ටින් මිස්ටේක් එකක් නෙවෙයි. ආනමාලු ඒතරම්ම වැඩේට සුප්ප  සුපිරියටම ගැලපෙන නිසාය.  
ඊලඟට මොනවාද බොන්නේ? ඔය Dead Bull  අනං මනං නෙවෙයි. ජීවනී පැකට් 10 විතර අරන් යන්න. වතුර තිබහ හැදෙන හැම විටම ජීවනී  ෂොට් එකක් අර තමන්ට වගේම ගෙදර ඉන්න බැරි කැසිල්ල හැදුනු තමන්ගේ යාළුවා එක්ක හරි අන්ඳවා ගෙන එක්කගෙන ආපු මෝඩ ඥාතියා සමග “චියර්ස්” කියලා ගහන්න!
ගමනට උදේ පාන්දර 4 ට විතර පිටත් වන්න. උදෙන්ම පිටත් වෙන තරමට වැඩේ පහසුය. වියළි කාළගුණයක් පැවතීම ආශිර්වාදයකි.  ගමනෙහි මුළු දුර කිලෝ මීටර් 100 ක් නම් ගමනට පැය 5 ක් ගතවේ. සෑම කිලෝ මීටර් 20 කටම වරක් ගන්නා  විනාඩි 15 බ්‍රේක් එඅකත් සමග මුළු කාලය පැය 6 ක් පමණ වේ. පාන්දර 4 ට පිටත් වුව  හොත්  10 -11 වන විට වැඩේ අවසන් ය!   ( සිරා නේ !?)
ගමනට  ගෙනියන්න හැකි තරම් අඩු  අහාර උපාංග අනං මනං ප්‍රමානයක් එක් කර ගන්න. පිටේ එල්වා ගෙන යන Back Packs නම් වැඩේට කිසිසේත්ම  සුදුසු නොවේ. මන්ද මුලු පිට කොන්දම ඉන් ආවර්ණය වූ විට හොදින් ඩහදිය පිට නොවන නිසාය. Cycle Pannier එකක් සපයා ගන්නට හැකිනම් සුපිරිය!
 Cycle Pannier

ගමනේ ආරඹයේ සිට පලමු කිලෝ මීටර් 20-30 Hack නොවී පදින්නට වග බලාගන්න. තමන්ගේ පාදයට යාන්තමින්  හෝ බරක් දැනුනු වහාම පහත ගියර වලට මාරු කර ගෙන පදින්න. කාලය ගැටලුවක් කර නොගන්න. සයිකලයේ ඇති කොග් වීලය පොඩි උන තරමට පැදීම පහසුය. කඳු නැගිය හැක. ලොකු දැති රෝදය  මගින් චේන් එක දුව වන විට වේගය වැඩිය. පිටුපස ෆ්රී වීලයේ කටයුතු මීට  ඉඳුරාම වෙනස් ය. (හරියට යහපාලන ආණ්ඩුව හා ඒකබද්ද විපක්ෂය වාගේය ) වේගයෙන් යන්නෙ පොඩි එකේය. කඳු අදින්නේ ලොකු එකේය.
 ඕනේම තද කන්දක් නගින අතරතුරේ උවද පිටුපස ගියර මාරු කල හැකි උවද ඉදිරි පස කොග් වීලයේ එලවුම  සාර්ථකව මාරු කල හැක්කේ කන්දට ප්‍රතමය! ඒනිසා කන්දක්  දුටු සැනින් අවබෝධයකින් ඉදිරිපස ගියර මාරු කර ගෙන  කන්දට මුහුනදෙන්න.
මෙය බෙහෙවින් බල පාන්නේ තද බල කඳු වලට පමනි! මොනතරම්  ප්ලෑන් ගැහැව්වත් ශෙඩුල් හැදුවත් පදින විට කිසියම් අපහසුවක් වෙත්නම් වහාම නවතා විවේක ගන්න .
අමාරුවෙන් හරි ගමන අවසන් කලපසු සෙල්ෆි ගසා ෆේස් බුක්  දමා පොර ටෝක් ඉශූ  කලද නොකලද  මේ පෝස්ටුවට පහලින් කොමෙන්ටුවක් එල්ලන්න!
ඔබ සැමට චේන් නොපනින , අතර  මග පැච් නොයන , කෙන්ඩ නොපෙරළෙන වාසනාවන්ත් ශුභ Cycle Tour  එකක්ම වේවා .


මේ
ඔබේ ආදර
රැලේ අරච්චිලාගේ හම්බර්




7 comments:

  1. වාව්.. හෙටම අල්ලපු වත්තේ තියෙන සූරියගේ Bianchi සයිකල් කඩේට ගිහින් බයිසිකලයක් ගන්න ඕනි.. ඇඟ බැස්ස ගන්න සිට්ටම් එකක් අහු උනා.. :)

    ReplyDelete
    Replies
    1. කමි ඔයා නෙවේ අපේ ගෙදර එව්වෝ ඇරෙන්න මොකෙක්වත් පිළිගන්නෑ. මම එක පාරක් කිලෝමීටර 70 ක චාරිකාවක් කලා. අම්මට හුඩු ගෙදර ඇවිත් බලන කොට ඉන දෙපැත්තේ ( බඩේ නෙවෙයි!) තිබුනු ටයර් අතුරිදහං වෙලා! මම කඩවත පොලීසියේ ඇන්ට්‍රියකුත් දැම්මා! ඇන්ට්‍රි කොපිය තාම පර්ස් එකේ!

      පොඩි කේස් එකක්. ඔය බියන්කි වල හයිබ්‍රිඩ් බයිසිකල් නැතො! මවුන්ටන් ගන්න එපෝ!

      Delete
  2. ඔය කියන ජාතියේ hybrid සයිකල් එකක් සෙට් උනා. (නැ සෙට් කර ගත්තා) මම ඉන්න රටේ යාලුවෙක්ගෙන්. ඔබතුමා කියුවා වගෙ ලන්කවේ trek එකට කතා කරලා බලන්න ඔනෙ එ මොඩ්ල් එක ලන්කවේ තියෙනවද කියලා. හරි ගියොත් බොගෝ දුරට මෙ දෙසෙම්බර් වල ලන්කාවට ගේනවා.

    ReplyDelete
  3. fantastic article ...

    නියමෙට කියල තියෙනවා කියන්න ඕන එක ..


    ReplyDelete
    Replies
    1. රජී මහතා, මම මේක මීට අවුරුදු 5 කට පෙර ලියපු එකක්. මම තව ගිය සයිකල් චාරිකා මගේ බ්ලොග් එකේ ඇති. මම ඒ වාත් ඉදිරියේ රයිඩ් ෆො ලයිෆ් පිටිවේ දක්වන්නම්! ස්තූතියි.

      Delete
  4. මරු, මම Hybrid මොඩල් එකේ බයික් එකක් ගත්තා DSI bike එකෙන්, ඇත්තටම cycling විනෝදාංශයක් වගේම හොද ශාරීරික ක්‍රියාකාරකමක්, ඔබේ ලියවිල්ල හරිම සිත් ඇදගන්නා සුළුයි,

    ReplyDelete
  5. මා කෙතරම් වාසනාවසනාවන්තයෙක්ද ඔබගෙන් මෙවැන්නක් අසන්නට ලැබීමට තරම්. බොහොමත්ම ස්තූතියි! දිගටම කියවන්න එන්න.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...