Wednesday, May 17, 2017

23. ගඟක් දිගේ ගිය ගමනක්


"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්.


මෝබි ඩික් වෙළුම් තුන

අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය; "මෝබි ඩික්" පිළිබඳව විචාරකයින් පවසන්නේ "එය තල්මසකු තරම්ම විශාල නවකතාවක් ලෙසයි. ඒ ආභාශයෙනුයි  එහෙම කිවුවේ.

ඒ කතාව  ජීවිතේ මැදිවයසට ලං වුනු මිනිසෙකුගේ සිතේ පිළිසිඳ ගන්නා එකක් .



මෙයට හේතු පාද වන්නේ "කොන්ටිකි එක්ස්පෙඩිශන්" පොත. සිත තුල ඇතිවන කලළය ප්‍රසූත කිරීම දිනෙන් දින කල් යනවා. මේ සංචාරය ; කවදාවත් තම ජීවිත කාලය තුල කිරීමට බැරිවූ දහසකුත් දේ අතරට එක්වේදැයි සිතමින් දිනෙන් දින  කල් ගත වෙනවා. අර්නස්ට් හෙමිංවේ ගේ" මහල්ල සහ මුහුද" පොතේ එන මහල්ලාගේ චරිතයසේම අකීකරු හිටුවක්කාරයා තම සිතෙඟි ඉටු කර ගැනීම පිළිබඳ බලාපොරොත්තුව නිරන්තරයෙන් මුවහත් කරමින් සිටී.


කාලයත් එක්ක ඔහු තව තවත් වයසට යද්දී මේ සඳහා ඔහු තරුණයින්ගෙන් සමන්විත කණ්ඩායමක් එක් කර ගනී.

 ගමනට දින නියම වෙමින් පවතිද්දී කණ්ඩායම ටිකෙන්ටික අඩු වී  යන්නේ සියලු දෙනා ඉච්චා භංගත්වයට පත්කරමින් .

දහසක් බාදා මැද අවසානයේ  තම කුඩා කණ්ඩායම සමඟ ඔහු ගඟ දිගේ  යනවා !

මේ කථාව ගඟක් වගේ දිගයි කිව්වේ ඒ නිසයි. ඉතින් මේ වයසක හිතුවක්කාරයා තම අත්දැකීම පසුව පොතක අත් අකුරෙන්  ලියා තබනවා ඒක තව කෙනෙකුට "අත්පොතක්" වේ යැයි සිතා....!

මේ නිසාම මෙම දිග ලිපිය මම කොටස් වශයෙන් මෙහි ලියන්නට පටන් ගන්නම්...!

හැකි ඉක්මනින්..........!!

8 comments:

  1. ගග දිගේ ගමනක් යන්න අපිත් බලාගෙන ඉන්නවා...ජය වෙවා !!!

    ReplyDelete
  2. මල්ලි සුමියා, ඔයගෙ කොමෙන්ටුව කතරට වට දිය පොදක් වගෙයි . මුලින්ම ඒකට බොහොමත්ම ස්තූතියි .මේ පොස්ට්ටුව පටන් ගන්නකොට නම් ටිකක් නෙවෙයි එකසිය ගානට බෝරිං වෙයි . ඒත් දිගටම කියව ගෙන යන්න. මේක අපට් ටිකක් නුහුරු අත් දැකීමක්!

    ReplyDelete
  3. ඔං .... මමත් එනවා ගඟ දිගේ යන්න

    ReplyDelete
  4. මෝබිඩික් අපි කියවල තියෙනවා. ඔයා ගඟ දිගේ ගිය කතාව ලියන්න. එක එක පොත් මෙතැන ලියන්න අවශ්‍ය නෑ. අපි එන්නෙ ඔයාගෙ කතාව කියවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම පැමිණියාට!

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. තට්ටයා මහතානෙනි..මම ඔබගේ බොලොගයට නවකයෙක්මි..ගඟ දිගේ ගිය කතාව කියවිමට පැමිණියෙමි. Kayaking ගැනද දැනගනු කැමැත්තෙමි. ඔබ සමග කතාකිරිමට අවැසිය.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...