Thursday, May 25, 2017

27. ගඟක් දිගේ ගිය ගමනක් 3


Canoe  
(මෙය ඇත්තෙන්ම කැනූ නොව ක’නූ  ය.)


Canoe යනු රතු ඉන්දියානුවන් ඈත අතීතයේ සිට භවිතා කල පරම්පරික යාත්‍රාවකි.මුල් කාලයේදී වේ වැල් වැනි නැමෙන සුලු රාමුවක් වටා බර්ච් ගසේ පොත්තක් ඔතා , මසා මෙය සකස් කොට ඇත .






එය අපේ රටේ ඔරුවට බොහෝ සෙයින් සමාන වන අතර  ඔරුව මෙන් නොව පැතැලි පතුලකින් යුක්ත වේ . මුළුමනින්ම  විවෘත යාත්‍රාවක් වන මෙහි ඇතුලත වාඩිවී හෝ බිම දණ ගසා සිටිමින් පැදීම සිදු කරනු ලබයි .



මේ සඳහා කෙටි හබලක් ( Paddle) භාවිතා  කරණු ලබයි . වර්ථමානයේ Pvc, ෆයිබර් ග්ලාස් ,ඇළුමීනියම් වැනි අමු ද්‍රව්‍ය  වලින් නිපදවන මේවා බොහෝවිට දෙදෙනෙකුට පැදයාමට හැකිවන අතර   තිදෙනෙකුට ගමන් පහසුව සලසා ගත හැක .



Kayak
(මෙය කයාක් නොව  ක’යිඇක් ය.)
Kayak යනු ඇස්කිමෝ වරුන් භාවිතා කල සාම්ප්‍රදායික යාත්‍රාවකි.       වර්ථමානයේ  මෙම යාත්‍රා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක.

1. Sit in top (sit kayak) යාත්‍රාව තුල අසුන් ගෙන පදින Kayak.

Sit solo kayak

2. Sit on top (sot kayak) යාත්‍රාව මතුපිට අසුන් ගෙන පදින Kayak.
Sot tandem kayak 

Sot Inflatable Triyak


Sit in top (sit kayak)
sit kayak

(sit kayak) මෙම යත්‍රාව පදින්නා එය තුල අසුන් ගත්තාට පසුව ඔහුගේ හෝ ඇගේ සිරුර  හා යාත්‍රාවේ බඳ රබර් මුද්‍රාවකින් මුද්‍රා තැබෙනවා. මෙම මුද්‍රාව හැඳින්වෙන්නේ  Skirt නමින් .මේනිසා පැදීමේදී තම ඉනෙන් පහල කොටස තෙමීමෙන් වැලකේ. 

Solo kayak with skirt

බොහෝ විට මෙවැනි kayak භාවතා කරණු ලබන්නේ Rapid (ඇළි) තරණයට. Rapid එකක් යනු ගංගා , ඇළ දොළ  සීඝ්‍ර බෑවුම් හෝ ගල් අතුරින් ගලා බසිනා විට දියෙහි  ඇතිවන අධික වේගය, කැලඹිළි සහගත තත්වය, නොහික්මුනු බව, මුරන්ඩු ස්වභාවය, පෙරයිය නොහැකි (Unpredictable) බව ලෙස දැක්විය හැක.

 තරණයේදී ඇති දුෂ්කරතාවය මත පදනම් කොට ගෙන Level 1, Level 2 යනාදී වශයෙන්; මෙම ඇළි  වර්ගීකරණය කරනු ලබයි. ගල් පර්වත අතරින්  මොහොතින් මොහොත දිශනතියන් වෙනස් කරමින්, තම සිරුර ඒ මේ අත අඹරවමින්; එමගින් යාත්‍රාව සමබර කරගනිමින්, හබල් ගැසීමේ රටාවන් මොහොතින් මොහොත වෙනස් කරමින්, විටෙක තම ශක්තියද, විටෙක තම බුද්ධියද, තවත් විටෙක තම අත් දැකීමද, තවත් විටෙක පෙරයීමද මෙහෙයවමින් කරණු ලබන Rapid තරණය සඳහා  වඩාත් ගැලපෙන්නේ One Man Sit In Top Kayak එකකි.


                                   Solo kayak action in white water


Solo kayak action in white water

 මෙහිදී  One Man Kayak නැතහොත් Solo Kayak යනු තනි පුද්ගලයෙකු පදින Kayak ය. ඔබ  නිවසේ   සිට රූපවාහිනියෙන් නරඹන ක්‍රීඩා වැඩසටහන් වලදී විශාල වේගවත් එමෙන්ම තියුනු ජල කඳ සමග පහලට පැදයන්නේ sit kayak ය යන්ය. 
මේවා දෙදෙනෙකුට පැද යා හැකි Two Man ඒවාද ඇති අතර ඒවාට  Tandem kayak යැයිද කියනු ලබයි. හදිසි අවස්ථාවකදී මෙම  sit kayak යක් පෙරළී ගියද වතුරේ ගිලී යන්නේ නැත. 
ඒ මෙම යාත්‍රා දෙකෙළවර සවිකොට හෝ පුරවා ඇති ඉපිලුම් ද්‍රව්‍ය (Buoyancy Aid) හේතු කොට ගෙනය. 
මෙම වර්ගයේ  එනම්  sit kayak පැදීමට මනා පුහුණුවක් ඇවැසිවේ. යාත්‍රාව පෙරළී ගිය හදිසි අවස්ථාවකදී  නැවත උඩු යටි කුරු කර ගැනීම විශේෂයෙන් පුහුණු විය යුතු ක්‍රියා කාරකමක් වෙනවා. Eskimo Roll නමින් හඳුන්වන්නේ මෙම සුවිශේෂී දක්ෂතාවයයි.

Eskimo Roll

Sea kayak යනුවෙන් හඳුන්වන්නේ මුහුදු රළ අතරින් පැදයාමට හැකි වනසේ සිහින්ව හා ඉදිරිපස තියුනු ලෙස සැකසූ ඒවාය. මේවා බොහෝ විට sit kayak වේ .

Sea kayak


Sit on top (sot kayak)


sot kayak යනු මුද්‍රා තබන ලද යාත්‍රාවකි. මූඩිය වසන ලද පැතැලි ප්ලස්ටික් බෝතලයක් සිහියට නගා ගන්න. එය   sot kayak යක අනුරුවක් වේ.පදවන්නා ඉඳගන්නේ ඒ මත ඇති නොගැඹුරු වලේය.පදින්නාගේ දෙපා තබා  ගත හැකි පරිදි මතුපිට නිර්මාණය කොට ඇත. විනෝදය සඳහා පදින Recreational kayak බොහෝවිට  sot kayak  ය.

Recreational kayak 

මන්ද එය පැදවීම පහසු වීම කරණ කොට ගෙනය.ඉතා ඉක්මනින් පැදවීමට ඉගෙන ගත හැකිය. හදිසි පෙරළීමකදී kayak  ය   හා එය පදවන්නා වෙන්වන අතර kayak  ය නැවත උඩු යටි කුරු කොට ඒ මතට නැගීම පහසු කටයුත්තක් වේ. 

පොදුවේ kayak පදවන හබල (Paddle) හි දෙකෙළවරෙහිම වරළ් පිහිටා ඇත .
පොළොවට සමාන්තරව හබල හිසට උඩින් තබා වැළමිට අසළින්  අංශක 90 ට නවා ඉහලට ඔසවා හබල සමබර වන සේ  රඳවා තබා ගෙන පැදීම සිදු කරයි.


Kayak පැදීමේදී  එකිනෙකට වෙනස්වූ  මූලික රටා පහක් ගෙනහැර දැක්විය හැක. නිසල ජලය මත මෙන් නොව ගලා යන ගංගාවකදී හමුවන බාදක මගහැර  Rapid තරණය කරමින් පැදීමේදී  මෙම රටා සියල්ල පාහේ ඉවහල් වේ.

1.    Forward             (ඉදිරියට)
2.    Reversing         (පසුපසට )
3.    Turning (Sweep) (හැරවීම)
4.    Rudder effect  (හැසිරවීම  )
5.    Draw          (හරස් චලනය )

Forward  stroke

වර්ථමානයේ kayak නිපදවීම සඳහා  PE- Poly Ethylene, LDPP-Low Density Poly Properline, අලුමිනියම්, Glass  Fiber වැනි අමුද්‍රව්‍ය උපයෝගී කරගනු ලැබේ . PE, වලින් නිපදවන ලද kayak සාපේක්ෂව Glass  Fiber kayak වලට වඩා සැහැල්ලු වේ. ඒ නිසාම පැදීම හා හැසිරවීම පහසු . ත ගැටීම් වලට ඔරොත්තු දේ. මිළෙන්  අධිකය! මෙහි ඇති ප්‍රධාන අඩු පාඩුව  වන්නේ අළුත්වැඩියාවට ඇති අසීරු තාවයය. එසේම නවීකරණය කිරීම (Modification) කිරීම උගහටය.


මෙරට බොහෝ  kayak නිපදවෙන්නේ Glass  Fiber වලිනි. මේවා ගාල්ලේ ONDA, මොරටුවේ දනූශා මැරයින්, කඩවත කිරිල්ලවල ඔරියන්ට් ෆයිබර්  වැනි ස්ථාන වල නිපදවනු  ලබයි.   
මාගේ kayak ය ගැනීමට පෙර කරණ ලද අද්‍යනයේදී PE/LDPP kayak යන්  විකිණීමට ලංකාවේ  ඇති එකම ස්ථානය ලෙස මුනගැසුනේ කිරුළපන පිහිටි The Edge  නම්වූ  ස්ථානය  පමනි . එහි විකිණීමට තිබුනු kayak යක්  රුපියල් 125000/- පමන විය ! මෙය  මා ගේ බජෙට්ටුවට දැරිය  නොහැකි නිසාත් හදිසි අවශ්‍යතාවයකදී අළුත්වැඩියා කිරීමේ  පහසුව නිසාත්  Glass  Fiber kayak යක් ගැනීමට මා අපහසුවෙන් උවද ඒවන විට  හිත හදාගෙන තිබුනි. 
එනිසා මා kayak ය මිළදී ගත්තේ දනූශා මැරයින් වෙතිනි . දනූශා වෙතින් එහි  මිළ නියම කොට තිබුනේ රුපියල් 55000 කටය. පසුව එය 50000 කට ලබා දීමට ඔවුන් එකඟවිය. 
කිරිල්ලවල ඔරියන්ට් ෆයිබර් අයිති නලීන් මාහට පැවසුවේ මෝල්ඩ් එකක් ඇත්නම් වඩා අඩු මුදලකට;  වඩා හොඳ  තත්වයේ එකක් සාදා දිය හැකි බවය. එවිට මම ඔහුට යෝජනා කලේ ; 50% - 50% යොදා කයාක් එකක් ගෙන ඔහුට මෝල්ඩ් එකක් නොහොත් අච්චුවක් ගන්නා ලෙසයි. 
සෑහෙන කතිකාවකින් පසු ඔහු රු: 20000/= ක් ද මා රු:30000/=ක් ද යොදා  kayak ය මිළදීගෙන  සතියක  කාලයක්  තුල මොල්ඩ් එක සාදා ගෙන kayak ය මාවෙත භාරදීමට   ඔහු  හා මා  අවසානයේ එකඟ විය .සිකුරාදා දිනයක හවස් වරුවේ ඔහු kayak ය ගෙනැවිත් තිබුනි. පසුදින උදෑසනින්ම මා ඔහුගේ නිවසට ගියෙමි . එය  නිල් පැහැති එකක් විය .  

එය මතුපිට Hatches තුනක පියන් තිබුනි. Hatch එකක් යනු kayakයේ මතුපිට සිට එතුලට සාදා ඇති වලකි. එය තුලට ආහාර, කැමරා, ෆෝන් වැනි දේ  දමා පියනකින් වසා සුරක්ශිතව තැබිය හැක. 
kayak ඔහුගේ බඩී ලොරියෙන් බිමට බා ගත් විගස  මා  උත්සාහ  කලේ Hatch එකක් ඇර බැලීමයි. මමද ,නලීන්ද බොහෝ වෙහෙස මහන්සි වි එක් පියනක් හැර බැලුවාම පෙනුනේ එම  පියන් යැයි බොරු මවා පෑමක් පමනක් බවය! 
එම  පියනට යටින් කිසිවක් නැත. තිබී තිබුනේ පියන් තුනක් පමනි. මේ පිළිබඳව එය මිළදී ගත් දනූශා මැරයින්  ආයතනයට මා ඒ පිළිබඳව පැමිණිලි  කලද ඔවුන් පැවසුවේ ඔවුන් පැවසුවේ; ඔවුන් කිසිදු තැනක Hatches තියෙන බවක් පවසා නැති අතර කළු පැහැති පියන් තුනක් සවි කොට ඇත්තේ හුදෙක් පෙනුමට පමනක් බවයි! 
ඔවුන්ගේ වංචා සහගත කථාවට මට දෙන්න පිළිතුරක් නොවූවද නලීන් වෙත තිබුනි. 
ඔහු  නොමිළේම  Hatches තුනක් kayak  මතුපිටට සවිකර දෙන්නට; නොඑසේ නම් දනූශා මැරයින් බොරුව යථාර්තයක් කර දෙන්නට පොරොන්දු විය! 

නලීන්ගේ නවීකරණයන්ගේ පිහිටෙන් මා අතට පත්වූයේ මට අවශ්‍ය ආකාරයේ kayak යකි. Hatches තුල දැමූ  Dry Bag  වල අහාර ඇදුම් මුදල් ෆෝන්, කැමරා ඔරලෝසු මුදල් පසුම්බිය වැනිදේ අසුරා   සුරක්ශිතව ගෙන යාමට අපට හැකිවිය .

බරින් කිලෝ 35 -40 ක් පමන වන  මෙම kayak  සමග ඇති මාගේ සුවිශේෂී බැඳීම වනුයේ එහි ඇති ඉහල ස්ථායි තාවයයි. හිතා මතා වත් එය පෙරළීමට අපහසුය. 
එය kayak  එකක් නොව Triyak එකකි. Triyak යනු  ඉදිරිපස හා පසුපස දෙදෙනාට අමතරව තවත් කුඩා අයෙකුහට මැද අසුන් ගැනීමට ඉඩක් ඇති kayak යකි. මේ නිසාම මෙය මත අමතර බරක් රැගෙන යාමට ඉඩකඩක් හා ඉපිලුමක් පවතී. මේ නිසාම පසු කලෙක ගං  වතුර සහනාධාර බෙදීමේදී අප එකවර බත් පාර්සල් 140 ක් පටවා පැද ඇත්තෙමු! කිලෝ 200 ක පමන බරක් එයට දැරිය හැක!


බත් පැකට් 35 බැගින් වූ Dry Bag  4 ක් දරා ගත්  kayak  කැළණි මුල්ලේ සිට කොහිලවත්තේ ගංගා තිලක විහාරය තෙක්........ - 2016 මැයි ගං වතුර !

නවීකරණයන්ගෙන් පසු එක් උදෑසනක kayak ය යටියන්තොට -හක්බෙල්ලාවකට  ගෙන ගියෙමු .  “මු” කීවේ  මෙ ගමනට මාගේ බිරිඳද  පැමිනි හෙයින්ය.  මාගේ පැරණි Land Cruiser B J 60 රථයේ හුඩ් රැක් එක  මත තබා ගැට ගසා ගත් විට kayak ය බොහෝ සෙයින් කීකරුව රථයේ  වහල මත සුවසේ වැද්හොත්ය.

හක්බෙල්ලාවක ග්‍රාමයේ සිටි බොහෝ දෙනා ඔරු පැදීමේ ප්‍රවීණයෝය. මන්ද ඔවුන් හට මෙයට කාලයකට පෙර එගොඩ මෙගොඩ යෑමට සිදුවූයේ ඔරුවක ආධාරයෙන්  වන බැවින්ය. එකල එසි සිට ගැසැනු පිරිමි ළමා ලපටි සියල්ලෝ මෙම විශයෙහි කෙළ පැමිනියෝ වූහ! ඕනෑම හැඩ පහරක; ජල මට්ටම ඔරු කටෙන් අඟල් 2 ක් තිබියදී ඔරුව නොපෙරළවා ගනිමින් එගොඩ මෙගොඩ යෑමට ඔවුනට පුළුවන! 


kayak Launching!


kayak  ට ව්ම් පසින්; ගල් තලාවට ඉහලින් ; උඩින්ම තියෙන ලොකු ගලට පහලින් ඇත්තේ මා පීනන්නට උගත්  "අහිංසක වක්කලමයි ! 

වතුර වැඩි දවසක්......!
අවුරුදු 50 ක් පුරාවට ඒ බව නිර්ණය කරන්නේ ඈත පෙනෙන ගල දියෙන් මතුවී පෙනෙන ප්‍රමාණය අනුවයි.

මේ ගමනේ අරමුන වන්නේ නමෝ විත්තියෙන් kayak ය දියට දැමීමය . කොටින්ම මෙය Ship Launching එකක්  හෝ Ship Commission කිරීමක් හා සමාන වැදගත් කමකින් යුක්ත විය . ඒ වෙන කිසිවෙකුට නොව හුදෙක්  මාහටම පමනක් විය !!! 

කවදා හෝ මා ජීවිත කථාව ලියැවුවහොත් එහි පටුනට එක් කල යුතු තවත් වචනයක් එම දිනෙන් එක්විය. ඒ අන් කිසිවක් නොව kayaking ම විය.

summery of kayaks & canoes


10 comments:

  1. Replies
    1. බොහොමත්ම ස්තූතියි . මම අමුතුවෙන් කියන්න ඔන නෑනෙ ඔයාගෙ කොමෙන්ටුව මට කොයිතරම් වැදගත්ද ඒ වගේම වටිනවාද කියලා. දිගටම කියවන්න මේක තව පොස්ට් 10ක් වත් යයි! නැවතත් බොහොමත්ම ස්තූතියි !

      Delete
  2. නියම විනෝදාංශයක් වගේ,හැබැයි වියදම වැඩි එක තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. මචන් එහෙම නෑ. කයාකින් කරන්න කායක් එකක් තියෙන්න ඕනම නෑ. ඒවා රෙන්ට් එකට ගන්න පුලුවන් තැන් තියෙනවා. පොල්හේන්ගොඩ හරියේ එහෙම තඇනක් තියෙනවා. දවසකට රු1500-2000ක් විතර වෙයි. හැබැයි ට්‍රාන්ස්පෝට් කරගන්න වෙනවා අපිට ඕන තැනට. ඊලඟට කන්න බඩු ටිකක් අරන් වැඩේට බහින එකයි තියෙන්නේ. හිතන තරම් අමරු නෑ. දිගටම කියවගෙන් යන්න. බොහොමත්ම ස්තූතියි .!
      වැදගත්ම දේ ආරක්ශාව කියන එකයි!

      Delete
    2. Hmm.. wediya amaru ne. kimbulek dennek kaala, diya ellakin pahalata wetila berunoth gedara enna puluwan :P

      Delete
  3. තෙශා, කොල්ලන්ව බය කරණ්න එපා.

    ReplyDelete
  4. අපි නොදැනම හිටපු දෙයක්

    ReplyDelete

  5. බොහොමත්ම ඉස්තූතියි මචං මම " ගඟක් දිගේ 4" රිප්ල්යි එකක් දැම්මා!

    ReplyDelete
  6. නලින් මහතා ලග මෝල්ඩ් එක තාම තියෙනවද ඔහුට කියා තවත් කායකයක් සාදාගන්න පුලුවන්ද?

    ReplyDelete
  7. අනේ මචන් අදයි දැක්කෙ මල්ලි මේ කමෙන්ට් එක. ඌ ලඟ තියෙනවා. කිරිල්ලවල කන්දකපාපු හන්දිය පහු කරගෙන නුවර පැත්තට කිලෝමීටරයක් යනකොට වම් පැත්තේ තියෙන ෆයිබර් වැඩපොල. උගෙ නම නලීන්. නොම්මරේ 0777675146 . කතා කරලා බලන්න. මූ එළ වැඩ්ඩෙක්!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...